යෙදුමෙන් කියවන්න

දුතියසෙනාසනසික‍්ඛාපදං

6. 2. 5.

6. 2. 5.

දුතියසෙනාසනසික‍්ඛාපදං

දුතිය සේනාසන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ සහායකා හොන‍්ති. තෙ වසන‍්තාපි එකතොව වසන‍්ති, පක‍්කමන‍්තාපි එකතොව පක‍්කමන‍්ති. තෙ අඤ‍්ඤතරස‍්මිං සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිංසු. න උද‍්ධරාපෙසුං. අනාපුච‍්ඡා පක‍්කමිංසු. සෙනාසනං උපචිකාහි ඛායිතං හොති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සතළොස්වගැ මහණහු යහළුවෝ වෙති. ඔහු වසන්නෝ ද එකට වෙසෙති. බැහැර යන්නෝ ද එකට බැහැරැ යෙත්. ඔහු එක්තරා සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා බැහැර යන්නාහු එය නො මැ ගෝපන කළහ. නො ද ගෝපන කැරැවූහ. නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන වේයන් විසින් කන ලද්දේ වෙයි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා.… තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිස‍්සන‍්ති න උද‍්ධරාපෙස‍්සන‍්ති, අනාපුච‍්ඡා පක‍්කමිස‍්සන‍්ති සෙනාසනං උපචිකාහි ඛායිතන‍්ති.... සච‍්චං කිර භික‍්ඛවෙ සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිංසු, න උද‍්ධරාපෙසුං, අනාපුච‍්ඡා පක‍්කමිංසු, සෙනාසනං උපචිකාහි ඛායිතන‍්ති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා…… කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිස‍්සන‍්ති න උද‍්ධරාපෙස‍්සන‍්ති අනාපුච‍්ඡා පක‍්කමිස‍්සන‍්ති සෙනාසනං උපචිකාහි ඛායිතං. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය… … එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සතෙළෙ ස්වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ යැ යි … සැබෑ ද මහණෙනි, සතළොස් වග මහණහු සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු එය නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ඒ හිස්පුරුෂයෝ සඟසතු වෙහෙරෙහි සෙනසුන් අතුරා බැහැරැ යන්නාහු නො මැ තැන්පත් කළෝ ද, නොද තැන්පත් කැරැවූවෝ ද, නො පිළිවිසැ ගියෝ ද, සෙනසුන වේයන් විසින් කන ලද්දේ දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් සඟසතු වෙහෙරෙක්හි සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො….… භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු … භික්ඛු: මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සඞ‍්ඝිකො නාම: විහාරො සඞ‍්ඝස‍්ස දින‍්නො හොති පරිච‍්චත‍්තො.

සඞ්ඝික නම්: විහාරය සඟනට දෙන ලද්දෙක් පරිත්‍යක්තයෙක් වෙයි.

සෙය්‍යං නාම: භිසි චිලිමිකා උත‍්තරත්‍ථරණං භුම‍්මත්‍ථරණං තට‍්ටිකා චම‍්මඛණ‍්ඩො නිසීදනං පච‍්චත්‍ථරණං, තිණසන්‍ථාරො පණ‍්ණසන්‍ථාරො.

සෙය්‍ය නම්: බිසි යැ චිලිමිකා යැ උතුරතුරුණු යැ බුමුතුරුණු යැ තට්ටිකා යැ සම්කඩ යැ නිසීදන යැ පසතුරුණු යැ තණඇතිරි යැ පත් ඇතිරි යි.

සන්‍ථරිත්‍වාති සයං සන්‍ථරිත්‍වා. සන්‍ථරාපෙත්‍වාති: අඤ‍්ඤං සන්‍ථරාපෙත්‍වා.

සන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා.

තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍යාති: න සයං උද‍්ධරෙය්‍ය.

තං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ තැන්පත් කරන්නේ නම්.

න උද‍්ධරාපෙය්‍යාති: න අඤ‍්ඤං උද‍්ධරාපෙය්‍ය.

න උද්ධරෙය්‍ය: අනෙකක්හු ලවා නො තැන්පත් කරවන්නේ නම්.

අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍යාති: භික‍්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච‍්ඡා පරික‍්ඛිත‍්තස‍්ස ආරාමස‍්ස පරික‍්ඛෙපං අතික‍්කමන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපරික‍්ඛිත‍්තස‍්ස ආරාමස‍්ස උපචාරං අතික‍්කමන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කරන ලද අරම්හි පිරිකෙව්ව ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ. නො පිරිකෙව් කරන ලද අරම්හි උවසර ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.

සඞ‍්ඝිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය, අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ වෙමතිකො සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ නම් එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් හෝ නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.

විහාරස‍්ස උපචාරෙ වා උපට‍්ඨානසාලායං වා මණ‍්ඩපෙ වා රුක‍්ඛමූලෙ වා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය, අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස. මඤ‍්චං වා පීඨං වා විහාරෙ වා විහාරස‍්ස උපචාරෙ වා උපට‍්ඨාන සාලායං වා මණ‍්ඩපෙ වා රුක‍්ඛමූලෙ වා සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස.

වෙහෙරැ උවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ සෙනසුන් අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඇඳක් හෝ පුටුවක් හෝ වෙහෙරෙහි හෝ වෙහෙරුවසරෙහි හෝ උවටැන්හල්හි හෝ මඬුවෙහි හෝ රුක්මුලැ හෝ අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ තැන්පත් කරන්නේ නම් නො තැන්පත් කරවන්නේ නම් නො පිළිවිසැ හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.

පුග‍්ගලිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී අඤ‍්ඤස‍්ස පුග‍්ගලිකෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. අත‍්තනො පුග‍්ගලිකෙ අනාපත‍්ති.

පුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි නම් දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල්සතුයෙහි නම් ඇවැත් නැති.

අනාපත‍්ති: උද‍්ධරිත්‍වා ගච‍්ඡති, උද‍්ධරාපෙත්‍වා ගච‍්ඡති, ආපුච‍්ඡිත්‍වා ගච‍්ඡති, කෙනචි පලිබුද‍්ධං හොති, සාපෙක‍්ඛො ගන‍්ත්‍වා තත්‍ථ ඨිතො ආපුච‍්ඡති, කෙනචි පළිබුද‍්ධො හොති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

තැන්පත් කොට යේ නම් තැන්පත් කරවා යේ නම් පිළිවිසැ යේ නම් කිසිවකිනුදු (සෙනසුනට) ගැහැටෙක් වේ නම් අපේක්‍ෂා සහිත වැ ගොස් එහි සිටියේ පිළිවිසී නම් කිසිවකිනුදු ගැහැට ඇතියෙක් වේ නම් ආපදාවෙහි ද, උම්මත්තකයහට ද ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.

දුතියසෙනාසනසික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වැනි දුතියසේනාසන ශික්‍ෂාපද යි.