යෙදුමෙන් කියවන්න

පඨමසෙනාසනසික‍්ඛාපදං

6. 2. 4.

6. 2. 4.

පඨමසෙනාසනසික‍්ඛාපදං

පඨමසේනාසන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ හෙමන‍්තිකෙ කාලෙ අජ‍්ඣොකාසෙ සෙනාසනං පඤ‍්ඤාපෙත්‍වා කායං ඔතාපෙන‍්තා කාලෙ ආරොචිතෙ තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිංසු, න උද‍්ධරාපෙසුං. අනාපුච‍්ඡා පක‍්කමිංසු, සෙනාසනං ඔවට‍්ඨං හොති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම භික‍්ඛූ අජ‍්ඣොකාසෙ සෙනාසනං පඤ‍්ඤාපෙත්‍වා තං පක‍්කමන‍්තා නෙව උද‍්ධරිස‍්සන‍්ති න උද‍්ධරාපෙස‍්සන‍්ති අනාපුච‍්ඡා පක‍්කමිස‍්සන‍්ති සෙනාසනං ඔවට‍්ඨන‍්ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ අජ‍්ඣොකාසෙ -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි භික්‍ෂූහු හිමත් කල්හි එළිමහන්හි සෙනසුන් පනවා සිරිර තවන්නෝ කල් දැන්වූ කල්හි බැහැරැ යන්නාහු ඒ සෙනසුන් නොමැ ගෝපන කළහ, නොද ගෝපන කැරැවූහ, නොවිචාරා බැහැරැ ගියහ. සෙනසුන (හිමවැස්සෙන්) තෙත් වූයේ වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු එළිමහන්හි සෙනසුන් පනවා බැහැර යන්නාහු එය නොම ගෝපන කළෝ ද නො ද ගෝපන කැරැවූවෝ ද, නොවිචාරා බැහැරැ ගියෝ ද සෙනසුන (හිම වැස්සෙන්) තෙමිණැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. … සැබෑද? මහණෙනි, භික්‍ෂූහු එළිමහනෙහි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු සඞ‍්ඝිකං මඤ‍්චං වා පීඨං වා භිසිං වා කොච‍්ඡං වා අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බඳවෙළුමක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නොමැ තැම්පත් කරන්නේ නම් හෝ නොද තැන්පත් කරවන්නේ නම් හෝ නොවිචාරා යන්නේ නම් හෝ පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ සිකපදය ද භික්‍ෂූනට පනවන ලද්දේ වේ.

2. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ අජ‍්ඣොකාසෙ වසිත්‍වා කාලස‍්සෙව සෙනාසනං අභිහරන‍්ති. අද‍්දසා ඛො භගවා තෙ භික‍්ඛූ කාලස‍්සෙව සෙනාසනං අතිහරන‍්තෙ. දිස‍්වා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. අනුජානාමි භික‍්ඛවෙ අට‍්ඨමාසෙ අවස‍්සිකසඞ‍්කෙතෙ මණ‍්ඩපෙ වා රුක‍්ඛමූලෙ වා යත්‍ථ කාකා වා කුලලා වා න ඌහදන‍්ති තත්‍ථ සෙනාසනං නික‍්ඛිපිතුන‍්ති.

2. එසමයෙහි වනාහි භික්‍ෂූහු එළිමහනෙහි වැස කල්තබා මැ සෙනසුන ගෙන යති. භාග්‍යවතුන් වහන්සේ කල්තබා මැ සෙනසුන ගෙන යන ඒ භික්‍ෂූන් දුටු සේකැ. දැක මෙකරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක: “මහණෙනි, හිමත් ගිමන් නොවසින ලකුණු ඇති අටමස්හි යම් තෙනෙකැ කවුඩුවෝ හෝ උකුස්සෝ හෝ මල පහ නො කෙරෙත් නම් එවන් මඩුවෙකැ හෝ රුප්පයෙකැ හෝ සෙනසුන බහා තබන්නට අනුදනිමි” යි.

3. යො පනාති: යො යාදිසො….… භික‍්ඛූති….… අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සඞ‍්ඝිකං නාම: සඞ‍්ඝස‍්ස දින‍්නං හොති පරිච‍්චත‍්තං.

සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්‍යාගයෙක් වෙයි.

මඤ‍්චො නාම: චත‍්තාරො මඤ‍්චා මසාරකො, බුන්‍දිකාබද‍්ධො, කුළීරපාදකො, ආහච‍්චපාදකො.

මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු ඇඳෙකි.

පීඨං නාම: චත‍්තාරි පීඨානි මසාරකං, බුන්‍දිකාබද‍්ධං කුළීරපාදකං ආහච‍්චපාදකං.

පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුලීරපාදක යැ ආහච්චපාදක යැ යි සිවු පුටුවෙකි.

භිසි නාම: පඤ‍්චභිසියො උණ‍්ණාභිසි චොළභිති වාකභිසි තිණභිසි පණ‍්ණභිසි.

භිසි නම්: උණ්ණාභිසි යැ චොලභිසි යැ වාකභිසි යැ තිණභිසි යැ පණ්ණභිසි යැ යි පස් බිස්සෙකි.

කොච‍්ඡං නාම: වාකමයං වා උසීරමයං වා මුඤ‍්ජමයං වා බබ‍්බජමයං වා අන‍්තො සංවෙඨෙත්‍වා බද‍්ධං හොති.

කොච්ඡ නම්: වැහැරිමුවා හෝ සුවඳහොටමුවා හෝ මුදු තණමුවා හෝ බබුස්තණමුවා හෝ ඇතුළතැ මොනවට වෙළා බඳනා ලද්දෙක් වෙයි.

සන්‍ථරිත්‍වාති: සයං සන්‍ථරිත්‍වා. සන්‍ථරාපෙත්‍වාති: අඤ‍්ඤං සන්‍ථරාපෙත්‍වා අනුපසම‍්පන‍්නං සන්‍ථරාපෙති තස‍්ස පලිබොධො, උපසම‍්පන‍්නං සන්‍ථරාපෙති, සන්‍ථතස‍්ස පළිබොධො.

සන්‍ථරිත්‍වා: තෙමේ අතුරා. සන්‍ථරාපෙත්‍වා: අනෙකක්හු ලවා අතුරුවා අනුපසපනක්හු ලවා අතුරුවා නම් ඔහුට පළිබෝධ වෙයි. උපසපනක්හු ලවා අතුරුවා නම් අතුරනලද්දහුට පළිබෝධ වෙයි.

තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍යාති: න සයං උද‍්ධරෙය්‍ය: න උද‍්ධරාපෙය්‍යාති: න අඤ‍්ඤං උද‍්ධරාපෙය්‍ය. අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍යාති: භික‍්ඛුං වා සාමණෙරං වා ආරාමිකං වා අනාපුච‍්ඡා මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතං අතික‍්කමන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තං පක්කමන්තෝ නේව උද්ධරෙය්‍ය: තෙමේ නො මැ ගෝපන කරන්නේ නම්. න උද්ධරාපෙය්‍ය: අනෙකක්හු ලවා නො ද ගෝපන කරවන්නේ නම්. අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො විචාරා මැදුම් පිරිම්නියක්හු කැටක් දමා ලන තන් ඉක්මවන්නාහට පචිති ඇවැත් වේ.

4. සඞ‍්ඝිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡා වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඞ‍්ඝිකෙ වෙමතිකො -පෙ- සඞ‍්ඝිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. සඟසතුයෙහි සඟසතුසන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ. සඟසතුයෙහි විමති ඇතියේ … සඟසතුයෙහි පුඟුල්සන් ඇතියේ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැරැ යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් පචිති ඇවැත් වේ.

චිලිමිකං වා උත‍්තරත්‍ථරණං වා භුම‍්මත්‍ථරණං වා තට‍්ටිකං වා චම‍්මඛණ‍්ඩං වා පාදපුඤ‍්ඡනිං වා ඵලකපීඨං වා අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා තං පක‍්කමන‍්තො නෙව උද‍්ධරෙය්‍ය න උද‍්ධරාපෙය්‍ය අනාපුච‍්ඡං වා ගච‍්ඡෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස.

චිලිමිකාවක් හෝ උතුරතුරුණක් හෝ බුමුතුරුණක් හෝ තට්ටිකාවක් හෝ සම්කඩක් හෝ පාපිස්නක් හෝ පුවරුපුටුවක් හෝ එළිමහනෙහි අතුරා හෝ අතුරුවා හෝ බැහැර යන්නේ එය නො මැ ගෝපන කරන්නේ නම් නො ද ගෝපන කරවන්නේ නම් නො විචාරා හෝ යන්නේ නම් දුකුළා ඇවැත් වේ.

පුග‍්ගලිකෙ සඞ‍්ඝිකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පුග‍්ගලිකෙ පුග‍්ගලිකසඤ‍්ඤී අඤ‍්ඤස‍්ස පුග‍්ගලිකෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. අත‍්තනො පුග‍්ගලිකෙ අනාපත‍්ති.

පුඟුල් සතුයෙහි සඟසතුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පුඟුල්සතුයෙහි පුඟුල්සතුසන් ඇතියේ නම් අනෙකක්හුගේ පුඟුල්සතුයෙහි දුකුළා ඇවැත් වේ. තමාගේ පුඟුල් සතුයෙහි ඇවැත් නැති.

අනාපත‍්ති: උද‍්ධරිත්‍වා ගච‍්ඡති, උද‍්ධරාපෙත්‍වා ගච‍්ඡති, ආපුච‍්ඡිත්‍වා ගච‍්ඡති, ඔතාපෙන‍්තො ගච‍්ඡති, කෙනචි පළිබුද‍්ධං හොති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

උදුරා යේ නම් උදුරුවා යේ නම් විචාරා යේ නම් වියැළෙන්නට තබමින් යේ නම් කිසිවකිනුදු ගැහැටක් වේ නම් ඔහට ඇවැත් නැත, ආපදාවෙහි ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.

පඨමසෙනාසනසික‍්ඛාපදං චතුත්‍ථං.

සිවුවැනි පඨම සේනාසනශික්‍ෂාපද යි.