පඨමසෙනාසනසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
පඨමසෙනාසනසික්ඛාපදවණ්ණනා
පඨමසේනාසන ශික්ෂාපද වර්ණනාව
චතුත්ථසික්ඛාපදෙ – හෙමන්තිකෙ කාලෙති හෙමන්තකාලෙ හිමපාතසමයෙ. කායං ඔතාපෙන්තාති මඤ්චපීඨාදීසු නිසින්නා බාලාතපෙන කායං ඔතාපෙන්තා. කාලෙ ආරොචිතෙති යාගුභත්තාදීසු යස්ස කස්සචි කාලෙ ආරොචිතෙ. ඔවට්ඨං හොතීති හිමවස්සෙන ඔවට්ඨං තින්තං හොති.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි “හෙමන්තිකෙ කාලෙ” හෙමන්ත කාලයෙහි. හිම වැටෙන කාලයෙහි “කායං ඔතාපෙන්තා” ඇඳපුටු ආදියෙහි හුන්නාහු ලහිරු රැසින් කය තවන්නාහු. “කාලෙ ආරොචිතෙ” කැඳබත් ඈ අතුරෙහි යම්කිසිවක් පිණිස කල් දැන්වූ කල්හි. “ඔවට්ඨං හොති” හිම වැස්සෙන් තෙමුනේ තෙත් වූයේ වේ.
අවස්සිකසඞ්කෙතෙති වස්සිකවස්සානමාසාති එවං අපඤ්ඤත්තෙ චත්තාරො හෙමන්තිකෙ චත්තාරො ච ගිම්හිකෙ අට්ඨ මාසෙති අත්ථො. මණ්ඩපෙ වාති සාඛාමණ්ඩපෙ වා පදරමණ්ඩපෙ වා. රුක්ඛමූලෙ වාති යස්ස කස්සචි රුක්ඛස්ස හෙට්ඨා. යත්ථ කාකා වා කුලලා වා න ඌහදන්තීති යත්ථ ධුවනිවාසෙන කුලාවකෙ කත්වා වසමානා එතෙ කාකකුලලා වා අඤ්ඤෙ වා සකුන්තා තං සෙනාසනං න ඌහදන්ති, තාදිසෙ රුක්ඛමූලෙ නික්ඛිපිතුං අනුජානාමීති. තස්මා යත්ථ ගොචරප්පසුතා සකුන්තා විස්සමිත්වා ගච්ඡන්ති, තස්ස රුක්ඛස්ස මූලෙ නික්ඛිපිතුං වට්ටති. යස්මිං පන ධුවනිවාසෙන කුලාවකෙ කත්වා වසන්ති, තස්ස රුක්ඛස්ස මූලෙ න නික්ඛිපිතබ්බං. “අට්ඨ මාසෙ”ති වචනතො යෙසු ජනපදෙසු වස්සකාලෙ න වස්සති, තෙසුපි චත්තාරො මාසෙ නික්ඛිපිතුං න වට්ටතියෙව. “අවස්සිකසඞ්කෙතෙ”ති වචනතො යත්ථ හෙමන්තෙ දෙවො වස්සති, තත්ථ හෙමන්තෙපි අජ්ඣොකාසෙ නික්ඛිපිතුං න වට්ටති. ගිම්හෙ පන සබ්බත්ථ විගතවලාහකං විසුද්ධං නභං හොති, එවරූපෙ කාලෙ කෙනචිදෙව කරණීයෙන අජ්ඣොකාසෙ මඤ්චපීඨං නික්ඛිපිතුං වට්ටති.
“අවස්සික සඞ්කෙතෙ” වැසි ලකුණු නැති, වැසි නැත්තාවූ. වස්සානමාසැයි මෙසේ නොපැනවූ හිමවැටෙන සිවු මසය, ග්රීෂ්මසහිත සිවුමසය යන අට මස්හිය යන අර්‍ත්‍ථයි. “මණ්ඩපෙවා” අතු මඩුවෙහි හෝ පුවරුමඩුවෙහි හෝ. “රුක්ඛමූලෙ” යම් කිසි ගසක් යට. “යත්ථ කාකා වා කුලලා දා න ඌහදන්ති” යම් තැනක නිත්යාවාසහෙතුවෙන් කැදලි කොට වසන්නාවූ මේ කවුඩන් හා උකුස්සෝ හෝ ඉන් අන්‍ය පක්ෂීහු හෝ ඒ සෙනසුන මල නොගවසත්ද, එබඳු රුක්මුලෙහි යට කියූ අටමස්හි තබන්නට අනුදනිමි. එහෙයින් යම් තැනක ගොදුරෙහි යෙදුනු පක්ෂීහු විඩා හැර යෙත්ද, ඒ රුක්මුල සෙනසුන තැබීම නිවැරදිය. යම් තැනක නිත්යවාසහෙතුවෙන් කැදලි කොට වසත්ද, ඒ රුක්මුල නොතැබිය යුතුය. ‘අට්ඨමාසෙ’යි කියූ බැවින් යම් ජනපදයන්හි වැසිකල නොවසීද, ඒ ජනපදයන්හිද වැසිසාර මස්හි ද සෙනසුන් තැබීම වරද සහිතමය. ‘අවස්සිකසඞ්කෙතෙ’ කියූ බැවින් යම් හෙමන්ත සෘතුවෙක්හි වැසි වසීද, ඒ හෙමන්ත සෘතුවෙහිද එලමහනෙ’හි සෙනසුන් තැබීම නොසුදුසුය. ග්‍රීෂ්ම සෘතුවෙහි වනාහි හැමතැන පහවූ වලා ඇති අහස පිරිසිදු වේද, මෙබඳු කාලයෙහි කිසියම් කරුණකින් වුවද එලිමහනෙහි ඇඳපුටු තැබීමෙහි වරදෙක් නැත්තේය.
අබ්භොකාසිකෙනාපි වත්තං ජානිතබ්බං, තස්ස හි සචෙ පුග්ගලිකමඤ්චකො අත්ථි, තත්ථෙව සයිතබ්බං. සඞ්ඝිකං ගණ්හන්තෙන වෙත්තෙන වා වාකෙන වා වීතමඤ්චකො ගහෙතබ්බො. තස්මිං අසති පුරාණමඤ්චකො ගහෙතබ්බො. තස්මිම්පි අසති නවවායිමො වා ඔනද්ධකො වා ගහෙතබ්බො. ගහෙත්වා ච පන “අහං උක්කට්ඨරුක්ඛමූලිකො උක්කට්ඨඅබ්භොකාසිකො”ති චීවරකුටිම්පි අකත්වා අසමයෙ අජ්ඣොකාසෙ රුක්ඛමූලෙ වා පඤ්ඤපෙත්වා නිපජ්ජිතුං න වට්ටති. සචෙ පන චතුග්ගුණෙනපි චීවරෙන කතකුටි අතෙමෙන්තං රක්ඛිතුං න සක්කොති, සත්තාහවද්දලිකාදීනි භවන්ති, භික්ඛුනො කායානුගතිකත්තා වට්ටති.
අබ්හොකාසික භික්ෂූන් විසින්ද වත දැනගත යුතුය. ඒ අබ්හොකාසිකයාගේම පෞද්ගලික ඇඳක් වේද, එහිම සැතපිය යුතුය. සඞ්ඝිකයක් ගන්නහු විසින් වේවැලින් හෝ වැහැරියෙන් හෝ වියූ ඇදක් ගතයුතුය. එබදු ඇදක් නැති කල්හි පැරණි ඇඳක් ගතයුතුය. එබන්දකුදු නැති කල්හි අලුත වියූ ඇඳක් හෝ මෙට්ට සහිත ඇඳක් හෝ ගතයුතුය. ගෙණ ‘මම උත්කර්ෂවෘක්ෂමූලික වෙමි, උත්කර්ෂ අභ්යවකාශික වෙමි, සිවුරු කිළියක්ද නොකොට නොකල්හි එලිමහනෙහි හෝ රුක්මුලෙහි හෝ සෙනසුනක් නොපනවා නිදීම නොවටියි. ඉදින් සිවු ගුණවූද සිවුරෙන් කළ කිළිය නොතෙමෙන්නක් කොට රකින්නට නොහැක්කේද හද්දාවැසි ආදීහු වෙත්ද, එකල්හි මහණහු තමා කායානුගතික බැවින් වටියි.
අරඤ්ඤෙ පණ්ණකුටීසු වසන්තානං සීලසම්පදාය පසන්නචිත්තා මනුස්සා නවං මඤ්චපීඨං දෙන්ති “සඞ්ඝිකපරිභොගෙන පරිභුඤ්ජථා”ති වසිත්වා ගච්ඡන්තෙහි සාමන්තවිහාරෙ සභාගභික්ඛූනං පෙසෙත්වා ගන්තබ්බං, සභාගානං අභාවෙ අනොවස්සකෙ නික්ඛිපිත්වා ගන්තබ්බං, අනොවස්සකෙ අසති රුක්ඛෙ ලග්ගෙත්වා ගන්තබ්බං. චෙතියඞ්ගණෙ සම්මජ්ජනිං ගහෙත්වා භොජනසාලඞ්ගණං වා උපොසථාගාරඞ්ගණං වා පරිවෙණදිවාට්ඨානඅග්ගිසාලාදීසු වා අඤ්ඤතරං සම්මජ්ජිත්වා ධොවිත්වා පුන සම්මජ්ජනීමාළකෙයෙව ඨපෙතබ්බා. උපොසථාගාරාදීසු අඤ්ඤතරස්මිං ගහෙත්වා අවසෙසානි සම්මජ්ජන්තස්සාපි එසෙව නයො.
වනයෙහි පත්කිළියෙහි වසන්නවුන්ට ශීලසම්පත්තියෙහි පහන් සිත් ඇති මිනිස්සු ‘සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කළ මැනැවැ’යි අලුත් ඇඳපුටු දෙත්ද, එහි වැස යන්නවුන් විසින් සමීපවෙහෙරක සභාග භික්ෂූන්ට යවා යායුතුය. සභාග භික්ෂූන් නැති කල්හි නොතෙමෙන තැනක තබා යායුතුය. නොතෙමෙන තැනක් නැති කල්හි රුකෙක එල්ලා යා යුතුය. සෑමිදුලෙහි මුස්න ගෙණ බොජුන්හල මිදුල හෝ පොහෝගේ මිදුල හෝ පිරිවෙන් දිවාතැන් ගිනිහල් ආදීන් අතුරෙහි එක්තරා තැනක් හෝ හැමද මුහුණ සෝදා මුසුන් මළුවෙහිම තැබිය යුතුය. පොහෝ ගෙවල් ඈ අතුරෙහි එක් තැනක ගෙන සෙසු තැන් හමදින මහණහුට ද මෙම නය වේ.
යො පන භික්ඛාචාරමග්ගං සම්මජ්ජන්තොව ගන්තුකාමො හොති, තෙන සම්මජ්ජිත්වා සචෙ අන්තරාමග්ගෙ සාලා අත්ථි, තත්ථ ඨපෙතබ්බා. සචෙ නත්ථි, වලාහකානං අනුට්ඨිතභාවං සල්ලක්ඛෙත්වා “යාවාහං ගාමතො නික්ඛමාමි, තාව න වස්සිස්සතී”ති ජානන්තෙන යත්ථ කත්ථචි නික්ඛිපිත්වා පුන පච්චාගච්ඡන්තෙන පාකතිකට්ඨානෙ ඨපෙතබ්බා. සචෙ වස්සිස්සතීති ජානන්තො අජ්ඣොකාසෙ ඨපෙති, දුක්කටන්ති මහාපච්චරියං වුත්තං. සචෙ පන තත්ර තත්රෙව සම්මජ්ජනත්ථාය සම්මජ්ජනී නික්ඛිත්තා හොති, තං තං ඨානං සම්මජ්ජිත්වා තත්ර තත්රෙව නික්ඛිපිතුං වට්ටති. ආසනසාලං සම්මජ්ජන්තෙන වත්තං ජානිතබ්බං. තත්රිදං වත්තං – මජ්ඣතො පට්ඨාය පාදට්ඨානාභිමුඛා වාලිකා හරිතබ්බා. කචවරං හත්ථෙහි ගහෙත්වා බහි ඡඩ්ඩෙතබ්බං.
යම් මහණෙක් පිඬු සිඟා යන මග නමදින්ම යනු කැමැත්තේ වේද, අන්හු විසින් හැමඳ අතරමග ශාලාවක් ඇත්තේ නම් එහි තැබිය යුතුය. ඉදින් නැත්තීනම් වැහි පටල නොනැගිබව සලකා ‘යම්තාක් මම ගමින් නික්මෙම්ද, ඒතාක් නොවස්නේයයි දන්නහු විසින් යම්කිසි තැනක තබා නැවත පෙරළා එන්නහු විසින් තුබූ තැන තැබිය යුතුය. ඉදින් වස්නේයයි දන්නේ එළිමහනෙහි තබා නම් දුක්කටයි මහාපච්චරියෙහි කියනලදී. සෑමිදුල් ආදි ඒ ඒ තැනම හැමදිම පිණිස මුස්න තබන ලද්දේවේද, ඒ ඒ තැන හැමද ඒ ඒ තැනම තැබීම නිවරද වේ. අසුන්හල හමදින්නහු විසින් වත දතයුතුය. එහි මේ වතයි. මැද සිට හිඳින්නවුන්ගේ පා තබන තැනට අභිමුඛ වූ හෝ හමදින්නහුගේ පාදස්ථානයට අභිමුඛවූ හේ වැලි ගෙන යා යුතුය. කසළ අතින් ගෙණ පිටත දැමිය යුතුය.
මසාරකොති මඤ්චපාදෙ විජ්ඣිත්වා තත්ථ අටනියො පවෙසෙත්වා කතො. බුන්දිකාබද්ධොති අටනීහි මඤ්චපාදෙ ඩංසාපෙත්වා පල්ලඞ්කසඞ්ඛෙපෙන කතො. කුළීරපාදකොති අස්සමෙණ්ඩකාදීනං පාදසදිසෙහි පාදෙහි කතො. යො වා පන කොචි වඞ්කපාදකො, අයං වුච්චති කුළීරපාදකො. ආහච්චපාදකොති අයං පන “ආහච්චපාදකො නාම මඤ්චො අඞ්ගෙ විජ්ඣිත්වා කතො හොතී”ති එවං පරතො පාළියංයෙව වුත්තො, තස්මා අටනියො විජ්ඣිත්වා තත්ථ පාදසිඛං පවෙසෙත්වා උපරි ආණිං දත්වා කතමඤ්චො “ආහච්චපාදකො”ති වෙදිතබ්බො. පීඨෙපි එසෙව නයො. අන්තො සංවෙඨෙත්වා බද්ධං හොතීති හෙට්ඨා ච උපරි ච විත්ථතං මජ්ඣෙ සඞ්ඛිත්තං පණවසණ්ඨානං කත්වා බද්ධං හොති, තං කිර මජ්ඣෙ සීහබ්යග්ඝචම්මපරික්ඛිත්තම්පි කරොන්ති. අකප්පියචම්මං නාමෙත්ථ නත්ථි. සෙනාසනඤ්හි සොවණ්ණමයම්පි වට්ටති, තස්මා තං මහග්ඝං හොති. අනුපසම්පන්නං සන්ථරාපෙති තස්ස පලිබොධොති යෙන සන්ථරාපිතං, තස්ස පලිබොධො. ලෙඩ්ඩුපාතං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්සාති ථාමමජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතං අතික්කමන්තස්ස පාචිත්තියං.
“මසාරකො” ඇඳ පා වද එහි විට්ටම ප්රවෙශකොට කරන ලද්දේය. “ඛුන්දිකාබද්ධො” විට්ටමෙන් ඇද පා ඩැහැගන්වා පර්ය්යඞ්කසඞ්ක්ෂෙපයෙන් කරන ලද්දේය. “කුළීරපාදකො” අස්, බැටළු ආදීන්ගේ හා සමාන පාදයෙන් කරන ලද්දේය. වක් පා ඇති යම්කිසි ඇඳක් වේද, මෙය කුළීරපාදකැයි කියනු ලැබේ. “ආභච්චපාදකො” මේ ආහච්චපාදක නම් ඇඳ අවයවයන් විද කරන ලද්දේ වේයයි මෙසේ පසුභාගයෙහි පෙළෙහිම කියන ලද්දේය. එහෙයින් විට්ටම් විද එහි පාමුදුන ඇතුල්කොට මත්තෙහි ඇණ ගසා කරනලද ඇඳ ආහච්චපාදකැයි දතයුතුය. පුටුවෙහිද මෙම නයයි “අන්තො සංවෙඨෙත්වා බද්ධං හොති” යටද උඩද පළල් කොට මැද කෙටි කොට මිහිඟු බෙර සටහන් කොට බඳින ලද්දේ වේ. එය මැද සී වගසමින් වටකොටද කරත්. මෙහි අකැප සමෙක් නම් නැත්තේය. සෙනසුන රන්මුවා වූයේද වටියි. එහෙයින් එය මහැඟි වේ. “අනුපසම්පන්නං සන්ථරාපෙති තස්ස පළිබොධො” යමකු විසින් අතුරුවන ලද්දේ ද, ඒ මහණහුට පළිබොධය වේ. ‘ලෙඩ්ඩුපාතං අතික්කමන්තස්ස ආපත්ති පාචිත්තියස්ස” බලමැදුම් පුරුෂයකුගේ ලෙඩ්ඩුපාතයක් ඉක්මවන මහණහුට පාචිත්තිය වේ.
අයං පනෙත්ථ විනිච්ඡයො – ථෙරො භොජනසාලායං භත්තකිච්චං කත්වා දහරං ආණාපෙති “ගච්ඡ දිවාට්ඨානෙ මඤ්චපීඨං පඤ්ඤපෙහී”ති. සො තථා කත්වා නිසින්නො. ථෙරො යථාරුචිං විචරිත්වා තත්ථ ගන්ත්වා ථවිකං වා උත්තරාසඞ්ගං වා ඨපෙති, තතො පට්ඨාය ථෙරස්ස පලිබොධො. නිසීදිත්වා සයං ගච්ඡන්තො නෙව උද්ධරති, න උද්ධරාපෙති, ලෙඩ්ඩුපාතාතික්කමෙ පාචිත්තියං. සචෙ පන ථෙරො තත්ථ ථවිකං වා උත්තරාසඞ්ගං වා අට්ඨපෙත්වා චඞ්කමන්තොව දහරං “ගච්ඡ ත්ව”න්ති භණති, තෙන “ඉදං භන්තෙ මඤ්චපීඨ”න්ති ආචික්ඛිතබ්බං. සචෙ ථෙරො වත්තං ජානාති “ත්වං ගච්ඡ, අහං පාකතිකං කරිස්සාමී”ති වත්තබ්බං. සචෙ බාලො හොති අනුග්ගහිතවත්තො “ගච්ඡ, මා ඉධ තිට්ඨ, නෙව නිසීදිතුං න නිපජ්ජිතුං දෙමී”ති දහරං තජ්ජෙතියෙව. දහරෙන “භන්තෙ සුඛං සයථා”ති කප්පං ලභිත්වා වන්දිත්වා ගන්තබ්බං. තස්මිං ගතෙ ථෙරස්සෙව පලිබොධො. පුරිමනයෙනෙව චස්ස ආපත්ති වෙදිතබ්බා.
මෙහි මේ විනිශ්චයයි. ස්ථවිර තෙමේ බොජුන්හලෙහි බත්කිස කොට ලදරු හෙරක්හට ‘යව දිවාතන්හි ඇඳපුටු පනවා’යි අණවයිද, හෙතෙමේ එසේ කොට හුන්නේය. ස්ථවිර තෙමේ කැමති සේ හැසිර එහි ගොස් ථවිකයක් හෝ උතුරු සඟ සිවුර හෝ තබාද, එතැන් පටන් තෙරහුට පළිබොධය වේ. හිඳ තෙමේ යන්නේ නොම උදුරාද, නොඋදුරුවාද, ලෙඩ්ඩුපාතය ඉක්මීම නිමිති කොට පාචිත්තිය වේ. ස්ථවිර තෙමේ එහි ථවිකයක් හෝ උතුරුසඟ සිවුර හෝ නොතබා සක්මන් කරමින්ම ලදරු හෙරණහුට ‘තෝ යවයි කියා නම්, ඔහු විසින් ‘ස්වාමීනි’ මේ ඇඳපුටුයයි කිය යුතුය. ස්ථවිර තෙමේ වත දනී නම්, ‘තෝ යව, මම ප්‍රකෘතිමත් කරන්නෙමියි කිය යුතුය. ඉදින් බාලයෙක් වේ නම්, නොඋගත් වත් ඇත්තේ ‘යව, මෙහි නොසිටුව, හිඳින්නට නොම දෙව, නිදන්නට නොම දෙව’යි ලදරු හෙරණහුට තර්ජනය කෙරේමය. ලදරු හෙරණහු විසින් ‘ස්වාමීනි’ සැපයේ සයන කරවු’යි, මෙහි නොසිටුවයි කියූ වචනය ලැබ වැඳ යායුතුය. ඔහු ගියකල්හි තෙරහුටම පළිබොධය වේ. පෙර කියූනයින්ම මේ මහණහුට ආපත්තිය දතයුත්තීය.
අථ පන ආණත්තික්ඛණෙයෙව දහරො “මය්හං භන්තෙ භණ්ඩකධොවනාදි කිඤ්චි කරණීයං අත්ථී”ති වදති, ථෙරො ච නං “ත්වං පඤ්ඤපෙත්වා ගච්ඡාහී”ති වත්වා භොජනසාලතො නික්ඛමිත්වා අඤ්ඤත්ථ ගච්ඡති, පාදුද්ධාරෙන කාරෙතබ්බො. සචෙ තත්ථෙව ගන්ත්වා නිසීදති පුරිමනයෙනෙව චස්ස ලෙඩ්ඩුපාතාතික්කමෙ ආපත්ති. සචෙ පන ථෙරො සාමණෙරං ආණාපෙති , සාමණෙරෙ තත්ථ මඤ්චපීඨං පඤ්ඤපෙත්වා නිසින්නෙපි භොජනසාලතො අඤ්ඤත්ථ ගච්ඡන්තො පාදුද්ධාරෙන කාරෙතබ්බො. ගන්ත්වා නිසින්නො පුන ගමනකාලෙ ලෙඩ්ඩුපාතාතික්කමෙ ආපත්තියා කාරෙතබ්බො. සචෙ පන ආණාපෙන්තො මඤ්චපීඨං පඤ්ඤපෙත්වා තත්ථෙව නිසීදාති ආණාපෙති, යත්රිච්ඡති තත්ර ගන්ත්වා ආගන්තුං ලභති. සයං පන පාකතිකං අකත්වා ගච්ඡන්තස්ස ලෙඩ්ඩුපාතාතික්කමෙ පාචිත්තියං. අන්තරසන්නිපාතෙ මඤ්චපීඨානි පඤ්ඤපෙත්වා නිසින්නෙහි ගමනකාලෙ ආරාමිකානං ඉමං පටිසාමෙථාති වත්තබ්බං, අවත්වා ගච්ඡන්තානං ලෙඩ්ඩුපාතාතික්කමෙ ආපත්ති.
එකල්හි ඇණ වූ කෙණෙහිම ලදරු හෙරණ තෙමේ ‘ස්වාමීනි’ මට බඩු සේදීම් ආදීවූ කිසි කටයුත්තෙක් ඇත්තේය’යි කියාද, ස්ථවිර තෙමේද, ‘තෝ ඒ සෙනසුන පනවා යව’යි කියා බොජුන්හලින් නික්ම අන් තැනක යේද, පා ඉදිරීම හෙතුකොට කරවිය යුතුය. ලෙඩ්ඩුපාතොපචාරයෙන් පිටත සිටි බැවින් පාදුද්ධාරය හේතුකොට කරවිය යුත්තේයයි කියනලදී. අන් තැනකට යන මහණහුට පළමු පය ඉදිරීම නිමිතිකොට පාචිත්තිය යන අර්‍ත්‍ථයි. ඉදින් එහිම ගොස් හිඳීද, පළමුකී නයින්ම ඔහුට ලෙඩ්ඩුපාතය ඉක්මවීම නිමිතිකොට ඇවැත් වේ. ස්ථවිර තෙමේ හෙරණහුට අණවා නම්, හෙරණහු එහි ඇඳපුටු පනවා හුන් කල්හිද, බොජුන් හලින් අන් තැනක යන්නේද පය ඉදිරීම හෙතුකොට කරවිය යුතුය. ගොස් හුන්නේ නැවත යන කල්හි ලෙඩ්ඩුපාතය ඉක්මීම නිමිතිකොට වන ඇවතින් කරවිය යුතුය. අණවනුයේ ඇඳපුටු පනවා එහිම හිඳුවයි අණවාද, යම් තැනක කැමැති වේද, එහි ගොස් එන්නට ලබන්නේය. තමන් ප්‍රකෘතිමත් නොකොට යන මහණහුට ලෙඩ්ඩුපාතය නිමිතිකොට පාචිත්තිය වේ. අතර අතර රැස්වීමෙහි ඇඳපුටු පනවා හුන්නහු විසින් යන කල්හි ආරාමිකයන්ට ‘මේ සෙනසුන තැත්පත් කරවු’යි කිය යුතුය. නොකියා යන්නවුන්ට ලෙඩ්ඩුපාතය ඉක්මීම නිමිතිකොට ඇවැත් වේ.
මහාධම්මසවනං නාම හොති තත්ථ උපොසථාගාරතොපි භොජනසාලතොපි ආහරිත්වා මඤ්චපීඨානි පඤ්ඤපෙන්ති. ආවාසිකානංයෙව පලිබොධො. සචෙ ආගන්තුකා “ඉදං අම්හාකං උපජ්ඣායස්ස ඉදං ආචරියස්සා”ති ගණ්හන්ති, තතො පට්ඨාය තෙසංයෙව පලිබොධො. ගමනකාලෙ පාකතිකං අකත්වා ලෙඩ්ඩුපාතං අතික්කමන්තානං ආපත්ති. මහාපච්චරියං පුන වුත්තං – “යාව අඤ්ඤෙ න නිසීදන්ති, තාව යෙහි පඤ්ඤත්තං, තෙසං භාරො. අඤ්ඤෙසු ආගන්ත්වා නිසින්නෙසු නිසින්නකානං භාරො. සචෙ තෙ අනුද්ධරිත්වා වා අනුද්ධරාපෙත්වා වා ගච්ඡන්ති, දුක්කටං. කස්මා? අනාණත්තියා පඤ්ඤපිතත්තා”ති. ධම්මාසනෙ පඤ්ඤත්තෙ යාව උස්සාරකො වා ධම්මකථිකො වා නාගච්ඡති, තාව පඤ්ඤාපකානං පලිබොධො, තස්මිං ආගන්ත්වා නිසින්නෙ තස්ස පලිබොධො. සකලං අහොරත්තං ධම්මසවනං හොති, අඤ්ඤො උස්සාරකො වා ධම්මකථිකො වා උට්ඨහති, අඤ්ඤො නිසීදති, යො යො ආගන්ත්වා නිසීදති, තස්ස තස්ස භාරො. උට්ඨහන්තෙන පන “ඉදමාසනං තුම්හාකං භාරො”ති වත්වා ගන්තබ්බං. සචෙපි ඉතරස්මිං අනාගතෙයෙව පඨමං නිසින්නො උට්ඨාය ගච්ඡති, තස්මිඤ්ච අන්තොඋපචාරට්ඨෙයෙව ඉතරො ආගන්ත්වා නිසීදති, උට්ඨාය ගතො ආපත්තියා න කාරෙතබ්බො. සචෙ පන ඉතරස්මිං අනාගතෙයෙව පඨමං නිසින්නො උට්ඨායාසනා ලෙඩ්ඩුපාතං අතික්කමති, ආපත්තියා කාරෙතබ්බො. සබ්බත්ථ ච “ලෙඩ්ඩුපාතාතික්කමෙ පඨමපාදෙ දුක්කටං, දුතියෙ පාචිත්තිය”න්ති අයං නයො මහාපච්චරියං වුත්තො.
මහාධර්මශ්රවණයෙක් වේ. එහි පොහෝගෙයින්ද බොජුන් හලින්ද ගෙණ අවුත් ඇඳපුටු පනවත්ද, ආවාසිකයන්ටම පළිබොධය වේ. ආගන්තුකයෝ ‘මේ අසුන අපගේ උපාද්ධ්යායාහට මේ අසුන ආචාර්ය්යයාහටැයි ගණිත් නම් එතැන් පටන් ඒ ආගන්තුක මහණුන්ටම පළිබොධය වේ. යන කල්හි තැන්පත් නොකොට ලෙඩ්ඩුපාතය ඉක්මවන මහණුන්ට ඇවැත් වේ. මහාපච්චරියෙහි වනාහි යම්තාක් අන් මහණහු නොහිඳිත්ද, ඒතාක් යම් කෙනකුන් පනවන ලද්දේ ද ඔවුන්ට භාරය, අන්‍යයන් අවුත් හුන් කල්හි හුන් මහණුන්ට භාරය. ඒ මහණහු නොඋදුරා හෝ නොඋදුරවා හෝ යෙත්ද, දුක්කටය වේ. කුමක්හෙයින්ද යත්:- නොඇණවීමෙන් පැනවූ බැවිනැයි කියන ලදී. ධර්මාසනය පැනවූ කල්හි යම්තාක් මතුමතු පාලිපාඨය පවත්වන්නෙක් හෝ ධර්මකථිකයෙක් හෝ නොවේද, නොඒද, ඒතාක් සෙනසුන පැනවූවන්ට පළිබොධය වේ. සියලු රෑ දාවල ධර්මශ්රවණය වේද, අනික් ස්වරභාණකයෙක් හෝ ධර්මකථිකයෙක් හෝ නැගී සිටීද, අනිකෙක් හිඳීද, යමෙක් යමෙක් අවුත් හිඳීද, ඒ ඒ මහණහුට භාර වේ. නැගිටින්නහු විසින් මේ අසුන තොපට භාරැ’යි කියාම යායුතුය. අනිකකු නො ආකල්හිම පළමුකොට හුන් මහණ නැගිට යේද, ඔහුද උපචාරය තුළ සිටියදීම අන් මහණෙක් අවුත් හිඳීද, නැගිට ගිය මහණ තෙමේ ඇවතින් නොකරවිය යුතුය. ‘අන් මහණකු නො ආකල්හිම පළමුකොට හුන් මහණ තෙමේ හුනස්නෙන් නැගිට ලෙඩ්ඩුපාතය ඉක්මවාද, ඇවැතින් කරවිය යුතුය. හැම තන්හිද ලෙඩ්ඩුපාත ඉක්මීම නිමිතිකොට පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ. මේ ක්‍රමය මහාපච්චරියෙහි කියන ලද්දේය.
චිමිලිකං වාතිආදීසු චිමිලිකා නාම සුධාදිපරිකම්මකතාය භූමියා වණ්ණානුරක්ඛණත්ථං කතා හොති , තං හෙට්ඨා පත්ථරිත්වා උපරි කටසාරකං පත්ථරන්ති. උත්තරත්ථරණං නාම මඤ්චපීඨානං උපරි අත්ථරිතබ්බකං පච්චත්ථරණං. භූමත්ථරණං නාම භූමියං අත්ථරිතබ්බා කටසාරකාදිවිකති. තට්ටිකං නාම තාලපණ්ණෙහි වා වාකෙහි වා කතතට්ටිකා. චම්මඛණ්ඩො නාම සීහබ්යග්ඝදීපිතරච්ඡචම්මාදීසුපි යංකිඤ්චි චම්මං. අට්ඨකථාසු හි සෙනාසනපරිභොගෙ පටික්ඛිත්තචම්මං නාම න දිස්සති, තස්මා සීහචම්මාදීනං පරිහරණෙයෙව පටික්ඛෙපො වෙදිතබ්බො. පාදපුඤ්ඡනී නාම රජ්ජුකෙහි වා පිලොතිකාහි වා පාදපුඤ්ඡනත්ථං කතා. ඵලකපීඨං නාම ඵලකමයං පීඨං. අථ වා ඵලකඤ්චෙව දාරුමයපීඨඤ්ච; එතෙන සබ්බම්පි දාරුභණ්ඩාදි සඞ්ගහිතං. මහාපච්චරියං පන විත්ථාරෙනෙව වුත්තං – “ආධාරකං පත්තපිධානං පාදකථලිකං තාලවණ්ටං බීජනීපත්තකං යංකිඤ්චි දාරුභණ්ඩං අන්තමසො පානීයඋළුඞ්කං පානීයසඞ්ඛං අජ්ඣොකාසෙ නික්ඛිපිත්වා ගච්ඡන්තස්ස දුක්කට”න්ති. මහාඅට්ඨකථායං පන එස නයො දුතියසික්ඛාපදෙ දස්සිතො. අජ්ඣොකාසෙ රජනං පචිත්වා රජනභාජනං රජනඋළුඞ්කො රජනදොණිකාති සබ්බං අග්ගිසාලාය පටිසාමෙතබ්බං. සචෙ අග්ගිසාලා නත්ථි, අනොවස්සකෙ පබ්භාරෙ නික්ඛිපිතබ්බං. තස්මිම්පි අසති යත්ථ ඔලොකෙන්තා භික්ඛූ පස්සන්ති, තාදිසෙ ඨානෙ ඨපෙත්වාපි ගන්තුං වට්ටති.
“චිලිමිකං වා” යනාදියෙහි චිලිමිකා නම් සුණු පිරියම් කළ බීම පැහැය රකිනු පිණිස කරන ලද්දීය. ඒ චිලිමිකාව යටට එළා ඒ මතුවෙහි කළාල එළත්. උත්තරත්ථරණ නම් ඇඳපුටු මතුවෙහි ඇතිරිය යුතු පසතුරුණය. භුම්මත්ථරණ නම් බිම ඇතිරිය යුතු වූ කළල් ආදි විකෘතිය. තට්ටික නම් තල්පතින් හෝ වැහැරියෙන් හෝ කළ තටුවය. චම්මඛණ්ඩ නම් සී වග දිවි වලස් සම් ආදීන් අතුරෙහි යම්කිසි සමෙක. අර්‍ත්‍ථකථාවන්හි වනාහි සෙනාසන පරිභොගයෙහි වැළකූ සමක් නම් නොපෙනේ. එහෙයින් සිංහ චර්මාදිය පරිහරණය කිරීමෙහිම ප්රතික්ෂෙපය දතයුතුය. පාදපුඤ්ඡනී නම් රැහණින් හෝ කඩවැටියෙන් හෝ පාපිස්නා පිණිස කරන ලද්දීය. ඵලකපීඨ නම් පුවරුයෙන් කළ පුටුවය. නොහොත් පුවරුවද දැවමුවා පුටුවද. මෙයින් සියලුම දැවබඩු ආදිය සඞ්ග්‍රහ කරන ලද්දේය. මහාපච්චරියෙහි වනාහි පාත්රදරණුව පාත්රපියන පාසෝදන දඬුකඩ තල්වැට විජනපත යන යම් කිසි දැවබඩුවක් යටත් පිරිසයින් පැන්කිණිස්ස පැන්සක එළිමහනෙහි තබා යන මහණහුට දුක්කටැයි කියනලදී. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි මේ නය ද්විතීය ශික්‍ෂාපදයෙහි දක්වන ලද්දේය. එළිමහනෙහි පඬුපිස පඬුබඳුන පඬුකිණිස්ස පඬුඔරුව යන සියල්ල ගිනිහලෙහි තැන්පත් කටයුතුය. ගිනිහලක් නැත්තේනම් නොතෙමෙන කඳුතොල්ලෙක තැන්පත් කටයුතුය. එද නැතිකල්හි යම් තැනෙක්හි බලන්නාවූ භික්ෂූහු දකිත්ද එබඳු තැනක තබාද යායුතුය.
අඤ්ඤස්ස පුග්ගලිකෙති යස්මිං විස්සාසග්ගාහො න රුහති, තස්ස සන්තකෙ දුක්කටං. යස්මිං පන විස්සාසො රුහති, තස්ස සන්තකං අත්තනො පුග්ගලිකමිව හොතීති මහාපච්චරියාදීසු වුත්තං.
“අඤ්ඤස්ස පුග්ගලිකෙ” යමකු කෙරෙහි විශ්වාසයෙන් ගැනීම නොහටගණීද, ඔහු වෙත තැබීම නිමිතිකොට දුක්කටය වේ. යමකු කෙරෙහි විශ්වාසය හටගැණේද, ඔහු සතු දැය තමන්ගේ පුද්ගලිකයන් මෙන් වේයයි මහාපච්චරි ආදියෙහි කියන ලද්දේය.
ආපුච්ඡං ගච්ඡතීති යො භික්ඛු වා සාමණෙරො වා ආරාමිකො වා ලජ්ජී හොති, අත්තනො පලිබොධං විය මඤ්ඤති, යො තථාරූපං ආපුච්ඡිත්වා ගච්ඡති, තස්ස අනාපත්ති. ඔතාපෙන්තො ගච්ඡතීති ආතපෙ ඔතාපෙන්තො ආගන්ත්වා උද්ධරිස්සාමීති ගච්ඡති; එවං ගච්ඡතො අනාපත්ති. කෙනචි පලිබුද්ධං හොතීති සෙනාසනං කෙනචි උපද්දුතං හොතීති අත්ථො. සචෙපි හි වුඩ්ඪතරො භික්ඛු උට්ඨාපෙත්වා ගණ්හාති, සචෙපි යක්ඛො වා පෙතො වා ආගන්ත්වා නිසීදති, කොචි වා ඉස්සරො ආගන්ත්වා ගණ්හාති, සෙනාසනං පලිබුද්ධං හොති, සීහබ්යග්ඝාදීසු වා පන තං පදෙසං ආගන්ත්වා ඨිතෙසුපි සෙනාසනං පලිබුද්ධං හොතියෙව. එවං කෙනචි පලිබුද්ධෙ අනුද්ධරිත්වාපි ගච්ඡතො අනාපත්ති. ආපදාසූති ජීවිතබ්රහ්මචරියන්තරායෙසු. සෙසං උත්තානමෙවාති.
“ආපුච්ඡිත්වා ගච්ඡති” යම් මහණෙක් හෝ හෙරණෙක් හෝ ආරාමිකයෙක් හෝ ලජ්ජියෙක්වේද, තමාට පළිබොධයක් මෙන් සලකාද යමෙක් එබන්දකු විචාරයේද, ඔහුට ඇවැත් නොවේ. “ඔතාපෙන්තො ගච්ඡති” අව්වෙහිලා වියලනේ අවුත් උදුරන්නෙමි’යි යේද, මෙසේ යන මහණහුට ඇවිත් නොවේ. “කෙනචි පළිබුද්ධං හොති” සෙනසුන කිසිවකු විසින් උපද්‍රව කරන ලද්දේවේය යන අර්‍ත්‍ථයි. ඉතා මහලු මහණෙක් තෙමේ නැගිටුවා ගණී නම්, යකෙක් හෝ ප්‍රෙතයෙක් හෝ අවුත් හිඳී, නම් කිසි ඉසුරෙක් අවුත් ගණී නම්, සෙනසුන උපද්‍රැත වේ. සිංහව්යාඝ්රාදීන් හෝ ඒ ප්‍රදේශයට අවුත සිටි කල්හිද සෙනසුන උපද්රෘතම වේ. මෙසේ කිසිවකු විසින් උපද්‍රැත කල්හි නොඋදුරා යන මහණහුටද ඇවැත් නොවේ. “ආපදාසු” ජීවිතයට හා බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායයක් ඇති කල්හිය. එහිද ඇවැත් නොවේයයි දන්නේය. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන් උපදී. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමසෙනාසනසික්ඛාපදං චතුත්ථං.
චතුර්ත්ථ වූ ප්රථමසෙනාසන ශික්‍ෂාපදයයි.