අඤ්ඤවාදකසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
අඤ්ඤවාදකසික්ඛාපදවණ්ණනා
අඤ්ඤවාදක ශික්ෂාපද වර්ණනාව
දුතියසික්ඛාපදෙ – අනාචාරං ආචරිත්වාති අකාතබ්බං කත්වා; කායවචීද්වාරෙසු ආපත්තිං ආපජ්ජිත්වාති වුත්තං හොති. අඤ්ඤෙනඤ්ඤං පටිචරතීති අඤ්ඤෙන වචනෙන අඤ්ඤං වචනං පටිචරති පටිච්ඡාදෙති අජ්ඣොත්ථරති; ඉදානි තං පටිචරණවිධිං දස්සෙන්තො “කො ආපන්නො”තිආදිමාහ. තත්රායං වචනසම්බන්ධො – සො කිර කිඤ්චි වීතික්කමං දිස්වා “ආවුසො, ආපත්තිං ආපන්නොසී”ති සඞ්ඝමජ්ඣෙ ආපත්තියා අනුයුඤ්ජියමානො “කො ආපන්නො”ති වදති. “තතො ත්ව”න්ති වුත්තෙ “අහං කිං ආපන්නො”ති වදති. අථ “පාචිත්තියං වා දුක්කටං වා”ති වුත්තෙ වත්ථුං පුච්ඡන්තො “අහං කිස්මිං ආපන්නො”ති වදති. තතො “අසුකස්මිං නාම වත්ථුස්මි”න්ති වුත්තෙ “අහං කථං ආපන්නො, කිං කරොන්තො ආපන්නොම්හී”ති පුච්ඡති. අථ “ඉදං නාම කරොන්තො ආපන්නො”ති වුත්තෙ “කං භණථා”ති වදති. තතො “තං භණාමා”ති වුත්තෙ “කිං භණථා”ති වදති.
ද්විතීය ශික්‍ෂාපදයෙහි “අනාචාරං ආචරිත්වා” නොකොටයුතුකොට කායවාග්ද්වාරයන්හි ඇවැතට පැමිණැයි වදාරන ලද්දේ වේ. “අඤ්ඤෙනඤ්ඤං පටිචරති” අනික් වචනයකින් අනික් වචනයක් වසයි. යටපත් කරයි. දැන් ඒ ප්‍රතිච්ඡාදන විධිය දක්වන සේක්. “කො ආපන්නො” යනාදිය වදාළ සේක. එහි මේ වචන සම්බන්ධයයි. ඒ ඡන්නස්ථවිර තෙමේ කිසි ව්‍යතික්‍රමයක් දැක ‘ඇවැත’ ඇවැතට පැමිණියෙහිදැ’යි සඟ මැදදී ඇවතින් චොදනා කරනු ලබන්නේ ‘කවරෙක් පැමිණියේදැ’යි කියයි. ඉන්පසු ‘තෝ’යි කියන ලද්දෙහි, ‘මම කුමකට පැමිණියෙම්දැ’යි කියයි. නැවත ‘පාචිත්තියට හො දුක්කටයට හෝ, යි කියන ලද්දෙහි, වස්තුව විචාරන්නෙහි ‘මම කිනම් වස්තුවෙහි’යි කියන ලද්දෙහි, ‘මම කෙසේ පැමිණියෙම්ද, කුමක් කරන්නෙම් පැමිණියෙම්දැ’යි විචාරයි. එකල්හි ‘මෙනම් කරන්නෙහි පැමිණියෙහි’යි කියන ලද්දෙහි ‘කවරකුට කියහුදැ’යි කියයි. ඉන්පසු ‘ඔහුට කියමු’යි කියන ලද්දෙහි ‘කුමක් කියහුදැ’යි කියයි.
අපිචෙත්ථ අයං පාළිමුත්තකොපි අඤ්ඤෙනඤ්ඤං පටිචරණවිධි – භික්ඛූහි “තව සිපාටිකාය කහාපණො දිට්ඨො, කිස්සෙවමසාරුප්පං කරොසී”ති වුත්තො “සුදිට්ඨං, භන්තෙ, න පනෙසො කහාපණො; තිපුමණ්ඩලං එත”න්ති භණන්තො වා “ත්වං සුරං පිවන්තො දිට්ඨො, කිස්සෙවං කරොසී”ති වුත්තො “සුදිට්ඨො , භන්තෙ, න පනෙසා සුරා, භෙසජ්ජත්ථාය සම්පාදිතං අරිට්ඨ”න්ති භණන්තො වා “ත්වං පටිච්ඡන්නෙ ආසනෙ මාතුගාමෙන සද්ධිං නිසින්නො දිට්ඨො, කිස්සෙවමසාරුප්පං කරොසී”ති වුත්තො “යෙන දිට්ඨං සුදිට්ඨං, විඤ්ඤූ පනෙත්ථ දුතියො අත්ථි, සො කිස්ස න දිට්ඨො”ති භණන්තො වා, “ඊදිසං තයා කිඤ්චි දිට්ඨ”න්ති පුට්ඨො “න සුණාමී”ති සොතමුපනෙන්තො වා, සොතද්වාරෙ පුච්ඡන්තානං චක්ඛුං උපනෙන්තො වා, අඤ්ඤෙනඤ්ඤං පටිචරතීති වෙදිතබ්බො. අඤ්ඤවාදකං රොපෙතූති අඤ්ඤවාදකං ආරොපෙතු; පතිට්ඨාපෙතූති අත්ථො. විහෙසකං රොපෙතූති එතස්මිම්පි එසෙව නයො.
අනිකෙකුදු ඇත්තේය. මෙහි මේ පෙළින් මිදුනු අනික වචනයකින් අනික් වචනයක් වසාලන විධියයි මහණුන් විසින් තාගේ පසුම්බියෙහි කහවණුවෙක් දක්නා ලද්දේය. කුමක් හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි ‘ස්වාමීනි’ දක්නා ලද්දේ මැනැවැ, මෙය කහවණුවෙක් නොවේ. මේ ඊයම් ගුළියෙකැ’යි කියන්නේ හෝ ‘තෝ සුරා බොන්නේ දක්නා ලද්දෙහිය, කුමක් හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි, ‘ස්වාමීනි’ දක්නා ලද්දේ මැනැවැ, මේ සුරා නොවේ, බෙහෙත් පිණිස සපයන ලද අරිෂ්ටයෙකැ’යි කියන්නේ හෝ ‘තෝ ප්‍රතිච්ඡන්න ආසනයෙක්හි මාගමක සමග හුන්නෙහි දක්නා ලද්දෙහිය, කුමක්හෙයින් මෙසේ නොසුදුස්සක් කෙරෙහිදැ’යි කියන ලද්දෙහි ‘යමකු විසින් දක්නා ලද්දේ මනාකොට දක්නා ලද්දේය. මෙහි නුවණැති දෙවැන්නෙක් ඇත්තේය, කුමක් හෙයින් හෙතෙමේ නොදක්නා ලද්දේදැ’යි කියන්නේ හෝ ‘තා විසින් මෙබඳු වූ කිසිවක් දක්නා ලද්දේදැ’යි විචාරණ ලද්දෙහි, ‘නොඅසමි’යි කණ එළවන්නේ හෝ, ශ්‍රොත ද්වාරයෙහි විචාරන්නන්ට ඇස එළවන්නේ හෝ අනික් වචනයකින් අනික් වචනයක් වසාලන්නේයයි දතයුතුය.
අඤ්ඤවාදකෙ විහෙසකෙ පාචිත්තියන්ති එත්ථ අඤ්ඤං වදතීති අඤ්ඤවාදකං; අඤ්ඤෙනඤ්ඤං පටිචරණස්සෙතං නාමං. විහෙසෙතීති විහෙසකං; තුණ්හීභූතස්සෙතං නාමං, තස්මිං අඤ්ඤවාදකෙ විහෙසකෙ. පාචිත්තියන්ති වත්ථුද්වයෙ පාචිත්තියද්වයං වුත්තං.
“අඤ්ඤවාදකෙ විහෙසකෙ පාචිත්තියං” මෙහි අනිකක් කියානුයි ‘අඤ්ඤවාදක’ නමි. අනික් වචනයකින් අනික් වචනයක් වසන්නහුට මේ නමකි. වෙහෙසානුයි ‘විහෙසක’ නමි. නොබණින්නහුට මේ නමකි. ඒ අන්යවාදකය නිමිති කොටද නොබිණීම නිමිති කොටද “පාචිත්තියං”යි වස්තු දෙක නිමිති කොට පාචිත්තිය දෙකක් වදාරන ලදී. “අඤ්ඤවාදකං රොපෙතු” අන්යවාදකත්වය ආරොපණය කෙරේවා. ඥප්තිද්විතීය කර්මයෙන් පිහිටුවාවා යන අර්‍ත්‍ථයි. “විහෙසකං රොපෙතු” මෙහිද මෙම නයවේ.
අරොපිතෙ අඤ්ඤවාදකෙති කම්මවාචාය අනාරොපිතෙ අඤ්ඤවාදකෙ. අරොපිතෙ විහෙසකෙති එතස්මිම්පි එසෙව නයො.
“ආරොපිතෙ අඤ්ඤවාදකෙ” කර්මවාක්යයෙන් අන්යවාදකය ආරොපණය නොකළ කල්හි අන්යවාදකයෙහි පාචිත්තිය වේ. “ආරොපිතෙ විහෙසකෙ” යන මෙහිද මෙම නය වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤීතිආදීසු යං තං අඤ්ඤවාදකවිහෙසකරොපනකම්මං කතං, තඤ්චෙ ධම්මකම්මං හොති, සො ච භික්ඛු තස්මිං ධම්මකම්මසඤ්ඤී අඤ්ඤවාදකඤ්ච විහෙසකඤ්ච කරොති, අථස්ස තස්මිං අඤ්ඤවාදකෙ ච විහෙසකෙ ච ආපත්ති පාචිත්තියස්සාති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යනාදියෙහි යම් ඒ අන්යවාදකවිහෙසකාරොපණකර්මය කරන ලද්දේ ද, එය ධර්‍මකර්‍මය වේනම් ඒ මහණතෙමේ එහි ධර්මකර්ම යන හැඟීම් ඇත්තේ අන්යවාදකත්වය හා විහෙසකත්වය කෙරේද, එසේ ඇති කල්හි මේ මහණහුට ඒ අන්යවාදකත්වය නිමිති කොටද, විහෙසකත්වය නිමිති කොටද පාචිත්තියාපත්තිය වන්නීයයි යන මේ නයින් අර්ත්ථ දතයුත්තේය.
අජානන්තො පුච්ඡතීති ආපත්තිං වා ආපන්නභාවං අජානන්තොයෙව “කිං තුම්හෙ භණථ, අහං න ජානාමී”ති පුච්ඡති. ගිලානො වා න කථෙතීති මුඛෙ තාදිසො බ්යාධි හොති, යෙන කථෙතුං න සක්කොති. සඞ්ඝස්ස භණ්ඩනං වාතිආදීසු සඞ්ඝමජ්ඣෙ කථිතෙ තප්පච්චයා සඞ්ඝස්ස භණ්ඩනං වා කලහො වා විවාදො වා භවිස්සති, සො මා අහොසීති මඤ්ඤමානො න කථෙතීති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො. සෙසං උත්තානමෙවාති.
“අජානන්තො පුච්ඡති” ඇවැත හෝ ඇවතට පැමිණි බව හෝ නොදන්නේම ‘තෙපි කුමක් බෙණෙවුද, මම නොදනිමි’යි විචාරාද, එහි ඇවැත් නොවේ. “ගිලානො වා න කථෙති” යම් ව්‍යාධියක් කරණකොට කියන්නට නොහැක්කේද, මුඛයෙහි එබඳු ව්‍යාධියෙක් වේද, එකල්හි නොකියන්නහුට ඇවැත් නොවේ. “සඞ්ඝස්ස භණ්ඩනං වා” යනාදි තන්හි සඟමැදදී කියූ කල්හි ඒ හේතුවෙන් සඞ්ඝයාගේ දබරයෙක් හෝ -පෙ- විවාදයෙක් හෝ නොවන්නේද, ඒ භණ්ඩනාදිය නොවේවායි හඟිමින් නොකියාද එහිද ඇවැත් නොවේ යන මේ නයින් අර්ත්ථ දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, සියා කිරියං , සියා අකිරියං, අඤ්ඤෙනඤ්ඤං පටිචරන්තස්ස හි කිරියං හොති, තුණ්හීභාවෙන විහෙසන්තස්ස අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. කිසි කලෙක ක්‍රියාසමුත්‍ථානිකය. කිසිකලෙක අක්රියසමුත්ථානිකය අනික් වචනයකින් අනික් වචනයක් වසාලන මහණහුට ක්රියාසමුත්ථාන වේ. තුෂ්ණීම්භාවයෙන් වෙහෙසන මහණහුට අක්රියාසමුත්ථාන වේ. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අඤ්ඤවාදකසික්ඛාපදං දුතියං.
ද්විතීය අඤ්ඤවාදක ශික්‍ෂාපදයයි
උජ්ඣාපනකසික්ඛාපදවණ්ණනා
උජ්ඣාපන ශික්ෂාපද වර්ණනාව
තතියසික්ඛාපදෙ – දබ්බං මල්ලපුත්තං භික්ඛූ උජ්ඣාපෙන්තීති “ඡන්දාය දබ්බො මල්ලපුත්තො”තිආදීනි වදන්තා තං ආයස්මන්තං තෙහි භික්ඛූහි අවජානාපෙන්ති, අවඤ්ඤාය ඔලොකාපෙන්ති, ලාමකතො වා චින්තාපෙන්තී”ති අත්ථො. ලක්ඛණං පනෙත්ථ සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බං. ඔජ්ඣාපෙන්තීතිපි පාඨො. අයමෙවත්ථො . ඡන්දායාති ඡන්දෙන පක්ඛපාතෙන; අත්තනො අත්තනො සන්දිට්ඨසම්භත්තානං පණීතානි පඤ්ඤපෙතීති අධිප්පායො. ඛිය්යන්තීති “ඡන්දාය දබ්බො මල්ලපුත්තො”තිආදීනි වදන්තා පකාසෙන්ති.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “දබ්බං මල්ලපුත්තං භික්ඛු උජ්ඣාපෙන්ති” ‘ඡන්දය දබ්බො මල්ලපුත්තො’ යනාදිය කියන්නෝ ඒ ආයුෂ්මත්හට ඒ භික්ෂූන් ලවා අවමන් කරවත්. අවඥාවෙන් බලවත්. ලාමක වසයෙන් හෝ සිතවත් යන අර්‍ත්‍ථයි. මෙහි ලක්ෂණය ශබ්දශාස්ත්රානුසාරයෙන් දතයුතුය. ‘ඔජ්ඣාපෙන්ති’යි ද පාඨයෙක් වේ. මේ අර්ත්ථමය. “ඡන්දාය” ඡන්දයෙන්. පක්ෂපාතයෙන් තමතමන්ගේ සන්දිට්ඨ සම්භත්ත මිත්‍රයන්ට ප්‍රණීත ප්රණීතයන් පනවා යන අදහස වේ. “ඛීයන්ති” ‘ඡන්දාය දබ්බො මල්ලපුත්තො’ යනාදිය කියමින් ප්‍රකාශ කෙරෙත්.
උජ්ඣාපනකෙ ඛිය්යනකෙ පාචිත්තියන්ති එත්ථ යෙන වචනෙන උජ්ඣාපෙන්ති, තං උජ්ඣාපනකං. යෙන ච ඛිය්යන්ති තං ඛිය්යනකං. තස්මිං උජ්ඣාපනකෙ ඛිය්යනකෙ. පාචිත්තියන්ති වත්ථුද්වයෙ පාචිත්තියද්වයං වුත්තං.
“උජ්ඣාපනකෙ ඛීයනකෙ පාචිත්තියං” මෙහි යම් වචනයකින් ලාමක කොට සිතවත්ද, ඒ ‘උජ්ඣාපනක’ නම. යම් වචනයකින් නුගුණ කියත්ද, ඒ ‘ඛීයනක’ නම. ඒ ලාමක කොට සිතවීමද, නුගුණ කීමද නිමිති කොට, ‘පාචිත්තියං’ වස්තු දෙකනිමිති කොට පාචිත්තිය දෙකක් වදාරන ලදී.
උජ්ඣාපනකං නාම උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං සෙනාසනපඤ්ඤාපකං වා…පෙ… අප්පමත්තකවිස්සජ්ජනකං වාති එතෙසං පදානං “මඞ්කුකත්තුකාමො”ති ඉමිනා සම්බන්ධො. අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමොති ඉමෙසං පන වසෙන උපසම්පන්නන්තිආදීසු “උපසම්පන්නස්සා”ති එවං විභත්තිවිපරිණාමො කාතබ්බො. උජ්ඣාපෙති වා ඛිය්යති වා ආපත්ති පාචිත්තියස්සාති එත්ථ පන යස්මා “ඛිය්යනකං නාමා”ති එවං මාතිකාපදං උද්ධරිත්වාපි “උජ්ඣාපනකං නාමා”ති ඉමස්ස පදස්ස වුත්තවිභඞ්ගොයෙව වත්තබ්බො හොති, අඤ්ඤවාදකසික්ඛාපදෙ විය අඤ්ඤො විසෙසො නත්ථි, තස්මා තං විසුං අනුද්ධරිත්වා අවිභජිත්වා නිගමනමෙව එකතො කතන්ති වෙදිතබ්බං. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤීතිආදීසු යං තස්ස උපසම්පන්නස්ස සම්මුතිකම්මං කතං තඤ්චෙ ධම්මකම්මං හොති, සො ච භික්ඛු තස්මිං ධම්මකම්මසඤ්ඤී උජ්ඣාපනකඤ්ච ඛිය්යනකඤ්ච කරොති, අථස්ස තස්මිං උජ්ඣාපනකෙ ච ඛිය්යනකෙ ච ආපත්ති පාචිත්තියස්සාති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
“උජ්ඣාපනකං නාම උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං සෙනාසනපඤ්ඤාපකං වා -පෙ- අප්පමත්තතවිස්සජ්ජකං වා” යන මේ පද “මඞ්කුං කත්තුකාමො” යන මේ හා සම්බන්ධ වේ. “අවණ්ණං කත්තුකාමො අයසං කත්තුකාමො” යන මොවුන්ගේ වසයෙන් “උපසම්පන්නං” යනාදි තන්හි “උපසම්පන්නස්ස”යි විභක්ති විපර්‍ය්‍යාසය කටයුතුය. “උජ්ඣාපෙති වා ඛීයති වා ආපත්ති පාචිත්තියස්ස” යන මෙහි යම්හෙයකින් ‘ඛීයනකං නාම’යි මාතෘකාපදය උදුරාද, ‘උජ්ඣාපනකං නාම’ යන මේ පදය පිළිබද වදාළ විභඞ්ගයම කියයුත්තේ වේ. අඤ්ඤවාදකශික්ෂාපදයෙහි මෙන් අනික් වෙහෙසක් නැත්තේය. එහෙයින් එය වෙන්කොට නොඋදුරා විභාග නොකොටම නිගමනයම එක්ව කරන ලද්දේයයි දතයුතුය. “ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යනාදිතන්හි ඒ උපසම්පන්නයක්හට යම් සම්මුතිකර්මයක් කරන ලදද, ඉදින් ඒ සම්මුති කර්මය ධර්මකර්ම වේද, ඒ මහණතෙමේද, එහි ධර්මකර්මැයි හැඟීම් ඇත්තේ ලාමක කොට සිතවීමද නුගුණ පහළ කිරීමද කෙරේනම්, නැවැත මොහුට ඒ ලාමකකොට සිතවීම නිමිතිකොටද නුගුණ පහළ කිරීමද නිමිතිකොටද පාචිත්තියාපත්තිය වන්නීයයි. මේ නයින් අර්ත්ථ දතයුතුය.
අනුපසම්පන්නං උජ්ඣාපෙති වා ඛිය්යති වාති එත්ථ උපසම්පන්නං සඞ්ඝෙන සම්මතං අඤ්ඤං අනුපසම්පන්නං උජ්ඣාපෙති අවජානාපෙති, තස්ස වා තං සන්තිකෙ ඛිය්යතීති අත්ථො. උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතන්ති කම්මවාචාය අසම්මතං කෙවලං “තවෙසො භාරො”ති සඞ්ඝෙන ආරොපිතභාරං භික්ඛූනං වා ඵාසුවිහාරත්ථාය සයමෙව තං භාරං වහන්තං, යත්ර වා ද්වෙ තයො භික්ඛූ විහරන්ති, තත්ර වා තාදිසං කම්මං කරොන්තන්ති අධිප්පායො. අනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වාති එත්ථ පන කිඤ්චාපි අනුපසම්පන්නස්ස තෙරස සම්මුතියො දාතුං න වට්ටන්ති. අථ ඛො උපසම්පන්නකාලෙ ලද්ධසම්මුතිකො පච්ඡා අනුපසම්පන්නභාවෙ ඨිතො, තං සන්ධාය “සඞ්ඝෙන සම්මතං වා”ති වුත්තං. යස්ස පන බ්යත්තස්ස සාමණෙරස්ස කෙවලං සඞ්ඝෙන වා සම්මතෙන වා භික්ඛුනා “ත්වං ඉදං කම්මං කරොහී”ති භාරො කතො, තාදිසං සන්ධාය “අසම්මතං වා”ති වුත්තං. සෙසමෙත්ථ උත්තානමෙවාති.
“අනුපසම්පන්නං උජ්ඣාපෙති වා ඛීයති වා” යන මෙහි සඞ්ඝයා විසින් සම්මත කරන ලද උපසම්පන්නයක්හට අනික් අනුපසම්පන්නයකු ලවා ලාමකකොට සිතවවයි. අවමන් කරවයි. ඒ අනුපසම්පන්නයාගේ හෝ සමීපයෙහි ඒ උපසම්පන්නයාගේ නුගුණ ප්‍රකාශ කෙරේ යන අර්‍ත්‍ථයි. “උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං” කර්මවාක්යයෙන් සම්මත නොකරනලද හුදෙක් ‘තම මේ භාරයයි සඞ්ඝයා විසින් නගන ලද භාරය ඇති මහණුන්ගේ පහසු විහරණය පිණිස තමන්ම ඒ භාරය උසුලන යම් තැනෙක හෝ මහණහු දෙතුන් නමක් වෙසෙත්ද, එහි හෝ එබඳු කර්ම කරන්නා වූ යන අදහස වේ. “අනුපසම්පන්නං සඞ්ඝෙන සම්මතං වා අසම්මතං වා” යන මෙහි අනුපසම්පන්නයක්හට තෙරසසම්මුති දීම කිසිසේත් නොවටියි. එහෙත් උපසපන් කාලයෙහි ලද සම්මුති ඇත්තේ පසුව අනුපසම්පන්නභාවයෙහි සිටියේද, ඒ සඳහා ‘සඞ්ඝෙන සම්මතං වා’ යනු වදාළ සේක. යම් ව්‍යක්ත ශ්රාමණෙරයක්හට හුදෙක් සඞ්ඝයා විසින් සම්මත කරන ලද්දා වූ හෝ මහණක්හු විසින් ‘තෝ මේ කර්මය කරව’යි භාර කරන ලද්දේ ද, එබඳු හෙරණහු සඳහා ‘අසම්මතං වා’යි වදාරන ලදී. මෙහි සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි, වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
උජ්ඣාපනකසික්ඛාපදං තතියං.
තෘතීය උජ්ඣාපන ශික්‍ෂාපදයයි.