යෙදුමෙන් කියවන්න

උජ‍්ඣාපනකසික‍්ඛාපදං

6. 2. 3.

6. 2. 3.

උජ‍්ඣාපනකසික‍්ඛාපදං

උජ්ඣාපන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො සඞ‍්ඝස‍්ස සෙනාසනඤ‍්ච පඤ‍්ඤාපෙති භත‍්තානි ච උද‍්දිසති. තෙන ඛො පන සමයෙන මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ නවකා චෙව හොන‍්ති අප‍්පපුඤ‍්ඤා ච යානි සඞ‍්ඝස‍්ස ලාමකානි සෙනාසනානි තානි තෙසං පාපුණන‍්ති ලාමකානි ච භත‍්තානි. තෙ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං භික‍්ඛූ උජ‍්ඣාපෙන‍්ති, ඡන්‍දාය දබ‍්බො මල‍්ලපුත‍්තො සෙනාසනං පඤ‍්ඤාපෙති ඡන්‍දාය ච භත‍්තානි උද‍්දිසතීති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං භික‍්ඛූ උජ‍්ඣාපෙස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ දබ‍්බං මල‍්ලපුත‍්තං භික‍්ඛූ උජ‍්ඣාපෙථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා දබ‍්බං මල‍්ලපුත‍්තං භික‍්ඛූ උජ‍්ඣාපෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවෝ සඞ්ඝයාට සෙනසුන් ද පනවති. බත් උදෙසීම ද කරති. එකල්හි මෙත්තිය භුම්මජක භික්‍ෂූහු නවක ද මඳපිනැති ද වෙති. සඞ්ඝයාගේ යම්බඳු ලමුසෙනසුන් වෙත් නම් ඒ සෙනසුන් ද ලමුබත් ද ඔවුනට පැමිණෙත්. එව්හු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍ර තෙරණුවනට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ල පුත්‍ර තෙරණුවෝ සෙනසුන් පනවති. ඡන්‍දාගතියෙන් බත් ද උදෙසති’ යි භික්‍ෂූන් ලවා ලමු කොට සිතවත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන් භික්‍ෂූන් ලවා ලමු කොට සිතවූහු දැ යි … සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලමු කොට සිතවහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ල පුත්‍රයහට භික්‍ෂූන් ලවා ලාමක කොට සිතවූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සික පදය උදෙසවු:

“උජ‍්ඣාපනකෙ පාචිත‍්තිය”න‍්ති.

“ලමු කොට සිතැවීමෙහි පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට පනවන ලද්දේ වෙයි.

2. තෙන ඛො පන සමයෙන මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ භගවතා උජ‍්ඣාපනකං පටික‍්ඛිත‍්තන‍්ති. එත‍්තාවතා භික‍්ඛූ සොස‍්සන‍්තීති භික‍්ඛූනං සාමන‍්තා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං ඛීයන‍්ති ‘ඡන්‍දාය දබ‍්බො මල‍්ලපුත‍්තො සෙනාසනං පඤ‍්ඤාපෙති, ඡන්‍දාය ච භත‍්තානි උද‍්දිසතී’ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං ඛීයිස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ දබ‍්බං මල‍්ලපුත‍්තං ඛීයථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා දබ‍්බං මල‍්ලපුත‍්තං ඛීයිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. එසමයෙහි මෙත්තියභුම්මජක භික්‍ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ලමු කොට සිතැවීම පිළිකෙව් කරන ලදැ යි මෙපමණකින් භික්‍ෂූහු අසන්නාහ’යි භික්‍ෂූන්ගේ වැළතෙහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට ‘ඡන්‍දාගතියෙන් දබ්බමල්ලපුත්‍ර තෙමේ සෙනසුන් පැනවීම ද බත් උදෙසීම ද කෙරේ’යයි නුගුණ පවසති. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර තෙරණුවන්ට නුගුණ පැවසූහු දැ යි, ... සැබෑ ද මහණෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රහට නුගුණ පවසහු දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ලපුත්‍රයහට නුගුණ පැවැසූවහු දැ? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“උජ‍්ඣාපනකෙ ඛීයනකෙ පාචිත‍්තිය”න‍්ති.

“ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති වේ” යයි.

3. උජ‍්ඣාපනකං නාම: උපසම‍්පන‍්නං සඞ‍්ඝෙන සම‍්මතං සෙනාසනපඤ‍්ඤාපකං වා භත‍්තුද‍්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ‍්ජභාජකං වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකං වා අවණ‍්ණං කත‍්තුකාමො අයසං කත‍්තුකාමො මඞ‍්කුකත‍්තුකාමො උපසම‍්පන‍්නං උජ‍්ඣාපෙති වා ඛීයති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. උජ්ඣාපනක නම්: සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද උපසපනක්හු යැ. ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකුකරනු කැමැතියේ උපසපන්නක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී උජ‍්ඣාපනකෙ ඛීයනකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො උජ‍්ඣාපනකෙ ඛීයනකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී උජ‍්ඣාපනකෙ ඛීයනකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැහැමිකම්හි ධර්‍මකර්‍මසංඥා ඇති යේ ලමු කොට සිතවාලීමෙහි නුගුණ පැවැසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි විමති ඇතියේ ලමු කොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ. දැහැමිකම්හි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ලමුකොට සිතැවීමෙහි නුගුණ පැවසීමෙහි පචිති ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නං උජ‍්ඣාපෙති වා ඛීයති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. උපසම‍්පන‍්නං සඞ‍්ඝෙන අසම‍්මතං සෙනාසනපඤ‍්ඤාපකං වා භත‍්තුද‍්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ‍්ජභාජකං වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකං වා අවණ‍්ණං කත‍්තුකාමො අයසං කත‍්තුකාමො මඞ‍්කුකත‍්තුකාමො උපසම‍්පන‍්නං වා අනුපසම‍්පන‍්නං වා උජ‍්ඣාපෙති වා ඛීයති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හු ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මඳදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත නො කරන ලද උපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නං සඞ‍්ඝෙන සම‍්මතං වා අසම‍්මතං වා සෙනාසනපඤ‍්ඤාපකං වා භත‍්තුද‍්දෙසකං වා යාගුභාජකං වා ඵලභාජකං වා ඛජ‍්ජභාජකං වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකං වා අවණ‍්ණං කත‍්තුකාමො අයසං කත‍්තුකාමො මඞ‍්කුකත‍්තුකාමො උපසම‍්පන‍්නං වා අනුපසම‍්පන‍්නං වා උජ‍්ඣාපෙති වා ඛීයති වා ආපත‍්ති දුක‍්කටස‍්ස.

සෙනසුන් පනවන්නකු කොට හෝ බත් උදෙසන්නකු කොට හෝ හඹු බෙදන්නකු කොට හෝ පලතුරු බෙදන්නකු කොට හෝ කැවිලි බෙදන්නකු කොට හෝ මදදැයක් බෙදාලන්නකු කොට හෝ සඟහු විසින් සම්මත කරන ලද්දා වූ හෝ සම්මත නො කරන ලද්දාවූ හෝ අනුපසපනක්හු ගරහනු කැමැතියේ අයස දනවනු කැමැතියේ මකු කරනු කැමැතියේ උපසපනක්හු ලවා හෝ අනුපසපනක්හු ලවා හෝ ලමු කොට සිතවා නම් හෝ නුගුණ පවසා නම් හෝ දුකුළා ඇවැත් වේ.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

නො දැහැමිකම්හි දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පකතියා ඡන්‍දා දොසා මොහා භයා කරොන‍්තං උජ‍්ඣාපෙති වා ඛීයති වා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් භයෙන් මෝහයෙන් කරන්නහු ලමු කොට සිතවා නම් හෝ (ඔහුගේ) නුගුණ පවසා නම් හෝ (ඇවැත් නැති) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

උජ‍්ඣාපනසික‍්ඛාපදං තතියං.

තෙවන උජ්ඣාපනක ශික්‍ෂාපදයි.