යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤවාදකසික‍්ඛාපදං

6. 2. 2.

6. 2. 2.

අඤ‍්ඤවාදකසික‍්ඛාපදං

අඤ්ඤවාදක ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ඡන‍්නො අනාචාරං ආචරිත්‍වා සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ආයස‍්මා ඡන‍්නො සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පරිචරිස‍්සති කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති -පෙ- සච‍්චං කිර ත්‍වං ඡන‍්න සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරසි, කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරිස‍්සසි කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤවාදකං රොපෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ රොපෙතබ‍්බං බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙමේ අනාචාරයෙහි හැසිරැ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණි යෙම් ද? කෙසේ ඇවැතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු දොස් නඟති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නේ ‘කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ ඇවතට පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලී ද … කිම සැබෑ ද, ඡන්න තෙපි සඟමැද ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි ඇවතට පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙහු ද? කුමක් බෙණෙවු දැ’යි අනෙකකින් අනෙකක් වසාලවූ ද. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස්පුරුෂය, තෙපි සඟමැදහි ඇවතින් අනුයෝගවතට නංවනු ලබන්නහු ‘ කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ’යි. අනෙකකින් අනෙකක් වසාලූවහු ද, හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ. ඒ කරුණෙන් ම මහණෙනි, සඞ්ඝ තෙමේ ඡන්න භික්‍ෂූහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවාලිය යුත්තී ය, ප්‍රතිබල වූ ව්‍යක්ත වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.

2. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඡන‍්නො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤවාදකං රොපෙය්‍ය එසා ඤත‍්ති.

2. වහන්ස, සඞ්ඝයා මාගේ වචනය අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවතින් අනුයෝග වතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝයා ඡන්න මහණහට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවන්නේ යැ. මේ ඤත්තිය යි.

3. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඡන‍්නො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤවාදකං රොපෙති, යස‍්සායස‍්මතො ඛමති ඡන‍්නස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤවාදකස‍්ස රොපනා සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. රොපිතං සඞ‍්ඝෙන ඡන‍්නස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤවාදකං, ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමීති.

3. වහන්ස, සඞ්ඝයා මාගේ (වචනය) අසාවා, මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකකින් අනෙකක් වසාලයි. සඞ්ඝයා ඡන්න මහණට අඤ්ඤවාදක සම්මුතිය පිහිටුවාල යි. යම් ආයුෂ්මත් කෙනකුන්ට ඡන්න භික්‍ෂුහට අඤ්ඤවාදකා රෝපණය රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ, සංඝයා විසින් ඡන්න මහණහුට අඤ්ඤවාදකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී මෙසේ මෙය දරමි යි.

4. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ඡන‍්නං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්න මහණහු නොයෙක් කරුණෙන් ගරහා දුබර බැව්හි … මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු.

“අඤ‍්ඤවාදකෙ පාචිත‍්තිය”න‍්ති.

“අන්‍යවාදයෙහි පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සිකපදය භික්‍ෂූන් හට මෙසේත් පනවන ලද්දේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ඡන‍්නො සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරන‍්තො ආපත‍්තිං ආපජ‍්ජිස‍්සාමීති තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ආයස‍්මා ඡන‍්නො සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො තුණ‍්හී භූතො සඞ‍්ඝං විහෙසෙස‍්සතීති -පෙ- සච‍්චං කිර ත්‍වං ඡන‍්න සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙසීති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො විහෙසකං රොපෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ රොපෙතබ‍්බං. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.

5. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් වසාලමින් ඇවතට පැමිණෙන්නෙමි යි නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසී ද … සැබෑ ද ඡන්නයෙනි, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. … කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟමැද ඇවැතින් අනුයෝගවතට නංවනු ලබන්නහු නිහඬ වැ සඞ්ඝයා වෙහෙසවු ද? හිස්පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු. එසේ නම් මහණෙනි, සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාවා. මෙසේ ද මහණෙනි, පිහිටුවිය යුතු යි. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සංඝයා දැන්විය යුත්තේ යි.

6. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඡන‍්නො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො විහෙසකං රොපෙය්‍ය එසා ඤත‍්ති.

6. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවන්නේ යැ මේ ඥප්තිය යි.

7. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඡන‍්නො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති, සඞ‍්ඝො ඡන‍්නස‍්ස භික‍්ඛුනො විහෙසකං රොපෙති, යස‍්සායස‍්මාතො ඛමති ඡන‍්නස‍්ස භික‍්ඛුනො විහෙසකස‍්ස රොපනා සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. රොපිතං සඞ‍්ඝෙන ඡන‍්නස‍්ස භික‍්ඛුනො විහෙසකං, ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

7. ස්වාමීනි, සඞ්ඝයා මාගේ වචනය අසාවා. මේ ඡන්න මහණ සඟමැද ඇවැතින් අනුයෝග වතට නංවනු ලබන්නේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. සඞ්ඝයා ඡන්න මහණහට විහෙසකය පිහිටුවාලයි. ඡන්න භික්‍ෂුහට විහෙසකාරෝපණය යම් ආයුෂ්මත් කෙනකුන්ට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ සඞ්ඝයා විසින් ඡන්න මහණහට විහෙසකය පිහිටුවන ලදි. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ වී. තෙල මෙසේ දරමි යි.

8. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ඡන‍්නං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය ….. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඡන්නහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි … මෙසේ ද මහණෙනි මේ සික පදය උදෙසවු.

“අඤ‍්ඤවාදකෙ විහෙසකෙ පාචිත‍්තිය”න‍්ති.

“අනෙකක් කීමෙහි ද වෙහෙසීමෙහි ද පචිති වේ” යයි.

9. අඤ‍්ඤවාදකො නාම: සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති, එසො අඤ‍්ඤවාදකො නාම.

9. අඤ්ඤවාදක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි. මේ යැ අඤ්ඤවාදක නම්.

විහෙසකො නාම: සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති එසො විහෙසකො නාම.

විහෙසක නම්: සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසයි. මේ යැ විහෙසක නම්.

ආරොපිතෙ අඤ‍්ඤවාදකෙ සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අන්‍යවාදක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළිකරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවතට පැමිණියෙම් ද? කිනම් වස්තුවෙක්හි පැමිණියෙම් ද? කෙසේ පැමිණියෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් දුකුළා ඇවැත් වේ.

ආරොපිතෙ විහෙසකෙ සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

විහෙසක කර්‍මය නො නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් දුකුළා ඇවැත් වේ.

රොපිතෙ අඤ‍්ඤවාදකෙ සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති කො ආපන‍්නො කිං ආපන‍්නො කිස‍්මිං ආපන‍්නො කථං ආපන‍්නො කං භණථ කිං භණථාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අන්‍යවාදකකර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ “කවරෙක් අවන්නේ ද? කවර ඇවැත් අවන්නෙම් ද? කිනම් වස්තුවෙක්හි අවන්නෙම් ද? කෙසේ අවන්නෙම් ද? කවරක්හට බෙණෙවු ද? කුමක් බෙණෙවු දැ”යි අනෙකෙකින් අනෙකක් වසාලයි නම් පචිති ඇවැත් වේ.

රොපිතෙ විහෙසකෙ සඞ‍්ඝමජ‍්ඣෙ වත්‍ථුස‍්මිං වා ආපත‍්තියා වා අනුයුඤ‍්ජියමානො තං න කථෙතුකාමො තං න උග‍්ඝාටෙතුකාමො තුණ‍්හීභූතො සඞ‍්ඝං විහෙසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

විහෙසක කර්‍මය නැඟූ කල්හි සඟමැද වස්තුවෙකින් හෝ ඇවැතෙකින් හෝ අනුයෝගවතට නංවනු ලබන්නේ එය නො කියනු කැමැත්තේ එය නො හෙළි කරනු කැමැත්තේ නිහඬ වැ සඞ්ඝයා වෙහෙසා නම් පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී අඤ‍්ඤවාදකෙ විහෙසකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො අඤ‍්ඤවාදකෙ විහෙසකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී අඤ‍්ඤවාදකෙ විහෙසකෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍ම සංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙසකිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ අනෙකක් කීමෙහි වෙහෙස කිරීමෙහි පචිති ඇවැත් වේ.

16. අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

16. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

17. අනාපත‍්ති: අජානන‍්තො පුච‍්ඡති, ගිලානො වා න කථෙති, සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං වා කලහො වා විග‍්ගහො වා විවාදො වා භවිස‍්සතීති න කථෙති, සඞ‍්ඝභෙදො වා සඞ‍්ඝරාජි වා භවිස‍්සතීති න කථෙති, අධම‍්මෙන වා වග‍්ගෙන වා න කම‍්මාරහස‍්ස වා කම‍්මං කරිස‍්සතීති න කථෙති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

17. නො දන්නේ විචාරා නම්, ගිලන් වැ හෝ නො කියා නම්, සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො කියා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො කියා නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ අකර්මාර්හයාට හෝ කර්‍මය කරන්නේ යැ යි නො කියා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

අඤ‍්ඤවාදකසික‍්ඛාපදං දුතියං.

දෙවැනි අඤ්ඤවාදකශික්‍ෂාපදය යි.