යෙදුමෙන් කියවන්න

භූතගාමසික‍්ඛාපදං

6. 2. 1.

6. 2. 1.

භූතගාමසික‍්ඛාපදං

භූතගාම ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා රුක‍්ඛං ඡින්‍දන‍්තිපි ඡෙදාපෙන‍්තිපි. අඤ‍්ඤතරොපි ආළවකො භික‍්ඛු රුක‍්ඛං ඡින්‍දති. තස‍්මිං රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා තං භික‍්ඛුං එතදවොච. “මා භන‍්තෙ අත‍්තනො භවනං කත‍්තුකාමො මය‍්හං භවනං ඡින්‍දීති. සො භික‍්ඛු අනාදියන‍්තො ඡින්‍දියෙව තස‍්සා ච දෙවතාය දාරකස‍්ස බාහුං ආකොටෙසි. අථ ඛො තස‍්ස, දෙවතාය එතදහොසි. ‘යංන‍්නූනාහං ඉමං භික‍්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්‍ය’න‍්ති. අථ ඛො තස‍්සා දෙවතාය එතදහොසි. න ඛො මෙතං පතිරූපං යාහං ඉමං භික‍්ඛුං ඉධෙව ජීවිතා වොරොපෙය්‍යං, යන‍්නූනාහං භගවතො එතමත්‍ථං ආරොචෙය්‍ය’න‍්ති. අථ ඛො සා දෙවතා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩ වෙසෙති. එසමයෙහි අළවු රට වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ රුක් සිඳීම ද සිඳු වීම ද කෙරෙති. එක්තරා අළවු වැසි මහණෙක් ද රුකක් සිඳියි. එරුක්හි අරක්ගත් දේවතා තොමෝ එමහණහට මෙය කිවුය: වහන්ස, තමාට නිවෙස්නක් කරනු කැමැති වැ මාගේ නිවෙස්න නහමක් සිඳිනු මැනැවැ යි. එ මහණ (ඇයගේ බස) නො ගන්නේ සින්දේ යැ. එදෙව්දූගේ දරුවාගේ බාහුව ද සින්දේ යි. එකල්හි ඒ දෙව්දුවට තෙල සිත විය: “යම් හෙයෙකින් මම් මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් යෙහෙකැ යි” එකෙණෙහි ම ඇයට තෙල සිත වී: “යම් හෙයෙකින් මම මේ මහණහු මෙහි දී මැ දිවියෙන් තොර කරන්නෙම් නම් තෙල කරුණ මට නුසුදුසු මැ යි. මම තෙල කරුණ භාග්‍යවතුන්හට දන්වන්නෙම් නම් යෙහෙකැ යි. එකල්හි ඒ දෙව්දූ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එතැනට එළැඹියා ය. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූ ය.

“සාධු සාධු දෙවතෙ සාධු ඛො ත්‍වං දෙවතෙ තං භික‍්ඛුං ජීවිතා න වොරොපෙසි. සචජ‍්ජ ත්‍වං දෙවතෙ, තං භික‍්ඛුං ජීවිතා වොරොපෙය්‍යාසි බහුඤ‍්ච ත්‍වං දෙවතෙ අපුඤ‍්ඤං පසවෙය්‍යාසි. ගච‍්ඡ ත්‍වං දෙවතෙ අමුකස‍්මිං ඔකාසෙ රුක‍්ඛො විවිත‍්තො තස‍්මිං උපගච‍්ඡාති.”

මැනැවි මැනැවි දෙව්දුව, තෙපි එමහණහු දිවියෙන් තොර නො කළහු මනා මැ යි. ඉදින් දෙව්දුව, තෙපි අද එමහණහු දිවියෙන් තොර කරවු නම් බොහෝ පව් උපදවා ගන්නහු ය. යා දෙව්දුව, තෙපි අසුවල් පෙදෙසෙහි හිස් රුකෙක් වෙයි එහි එළැඹෙව යි.

2. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා රුක‍්ඛං ඡින්‍දිස‍්සන‍්ති පි ඡෙදාපෙස‍්සන‍්ති පි එකින්‍ද්‍රියං සමණා සක්‍යපුත‍්තියා ජීවං විහෙඨෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ආළවකා භික‍්ඛූ රුක‍්ඛං ඡින්‍දිස‍්සන‍්තිපි ඡෙදාපෙස‍්සන‍්තිපීති -පෙ-

2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ රුක් සිඳීමත් සිඳවීමත් කරන්නාහු ද, ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ ඒකින්‍ද්‍රියජීවය පෙළන්නාහු දැ යි. ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්‍ෂූහු ඇසූහු ය. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමුකොට සිතති නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් අළවු වැසි භික්‍ෂූහු රුක් සිඳීමත් සිඳවීමත් කොළෝ ද, …

අථ ඛො භගවා -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ රුක‍්ඛං ඡින්‍දථාපි ඡෙදාපෙථාපීති’. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා රුක‍්ඛං ඡින්‍දිස‍්සථාපි ඡෙදාපෙස‍්සථාපි, ජීවසඤ‍්ඤිනො හි මොඝපුරිසා මනුස‍්සා රුක‍්ඛස‍්මිං. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ “සැබෑ ද මහණෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කරවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූසේක. … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි රුක් සිඳීමත් සිඳවීමත් කළහු ද, හිස් පුරුෂයෙනි, මිනිස්සු රුක්හි ජීවය ඇතැ යි යන හැඟීම් ඇතියෝ යි. එහෙයින් හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“භූතගාම පාතබ්‍යතාය පාචිත‍්තිය”න‍්ති.

“භූතගාමපාතව්‍යාතායෙහි පචිති වේ” යයි

3. භූතගාමො නාම: පඤ‍්ච බීජජාතානි- මූලබීජං ඛන්‍ධබීජං ඵළුබීජං අග‍්ගබීජං බීජබීජමෙව පඤ‍්චමං.

3. භූතගාම නම්: පඤ්චබීජජාතයෝ යි. මූලබීජ යැ, ඛන්‍ධබීජ යැ, එළුබීජ යැ, අග්ගබීජ යැ හා පස්වැනි බීජබීජ යි.

මූලබීජං නාම: හලිද‍්දි සිඞ‍්ගිවෙරං වචං වචත්‍ථං අතිවිසං කටුකරොහිණී උසීරං භද‍්දමූත‍්තකං යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි මූලෙ ජායන‍්ති මූලෙ සඤ‍්ජායන‍්ති එතං මූලබීජං නාම.

මූලබීජ නම්: කහ යැ ඉඟුරු යැ වදකසා යැ හෙළවදකසා යැ ඉවද යැ කුළුරෑණ යැ සුවඳහොට යැ වම්මුතු යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් මුලෙහි උපදී ද මුලෙහි හටගනී ද මේ (හැම) මූලබීජ නම් වෙයි.

ඛන්‍ධබීජං නාම: අස‍්සත්‍ථො නිග්‍රොධො පිලක‍්ඛො උදුම‍්බරො කච‍්ඡකො කපිත්‍ථනො, යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි ඛන්‍ධෙ ජායන‍්ති ඛන්‍ධෙ සඤ‍්ජායන‍්ති, එතං ඛන්‍ධබීජං නාම.

ඛන්‍ධබීජ නම්: ඇහැටු යැ නුග යැ පුලිල යැ දිඹුල් යැ කලහ යැ ගිවුළු යැ, තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් කඳෙහි උපදී ද කඳෙහි හටගනී ද මේ (හැම) ඛන්‍ධබීජ නම් වෙයි.

ඵළුබීජං නාම: උච‍්ඡු වෙළු නළො යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි පබ‍්බෙ ජායන‍්ති පබ‍්බෙ සඤ‍්ජායන‍්ති එතං ඵළුබීජං නාම.

එළුබීජ නම්: උගු යැ හුණ යැ බට යැ, තව ද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් පුරුකෙහි උපදී ද පුරුකෙහි හටගනී ද මේ (හැම) එළුබීජ නම් වෙයි.

අග‍්ගබීජං නාම: අජ‍්ජකං ඵණිජ‍්ජකං හිරිවෙරං යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි අග‍්ගෙ ජායන‍්ති අග‍්ගෙ සඤ‍්ජායන‍්ති එතං අග‍්ගබීජං නාම.

අග්ගබීජ නම්: අඳුතලා යැ මුරුවා යැ හිරිවේරි යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් අගෙහි (කරටියෙහි) උපදී ද අගෙහි හටගනී ද මේ (හැම) අග්ගබීජ නම් වෙයි.

බීජබීජං නාම: පුබ‍්බණ‍්ණං අපරණ‍්ණං යානි වා පනඤ‍්ඤානිපි අත්‍ථි බීජෙ ජායන‍්ති බීජෙ සඤ‍්ජායන‍්ති එතං බීජබීජං නාම.

බීජබීජ නම්: හැල් වී ඈ පුබ්බන්න යැ මුඟු උඳු ඈ අපරන්න යැ තවද අන්‍ය වූ ද යම්බඳු බීජජාතයෙක් ඇටයෙහි උපදී ද ඇටයෙහි හටගනී ද මේ (හැම) බීජබීජ නම් වේ.

බීජෙ බීජසඤ‍්ඤී ඡින්‍දති වා ඡෙදාපෙති වා භින්‍දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. බීජෙ වෙමතිකො ඡින්‍දති වා ඡෙදාපෙති වා භින්‍දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. බීජෙ අබීජසඤ‍්ඤී ඡින්‍දති වා ඡෙදාපෙති වා, භින්‍දති වා භෙදාපෙති වා පචති වා පචාපෙති වා අනාපත‍්ති.

බීජයෙහි බීජසංඥා ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ පචිති ඇවැත් වෙයි. බීජයෙහි විමති ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ දුකුළා ඇවැත් වේ. බීජයෙහි නො බීජුසන් ඇතියේ සිඳුනේ හෝ සිඳුවන්නේ හෝ බිඳුනේ හෝ බිඳුවන්නේ හෝ පිසන්නේ හෝ පිසවන්නේ හෝ ඇවැත් නැති.

අබීජෙ බීජසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අබීජෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අබීජෙ අබීජසඤ‍්ඤී අනාපත‍්ති.

බීජ නොවූයෙහි බීජසංඥා ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වේ. බීජ නොවූයෙහි අබීජසංඥා ඇතියේ ඇවැත් නැති.

අනාපත‍්ති: ඉමං ජාන ඉමං දෙහි, ඉමං ආහර ඉමිනා අත්‍ථො ඉමං කප‍්පියං කරොහීති භණති අසඤ‍්චිච‍්ච අස‍්සතියා අජානන‍්තස‍්ස උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

මෙය දනුව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැපකරව යි බෙණේ නම් ඔහුට ද නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදි කම්මිකයාහට ද ඇවැත් නැති.

භූතගාමසික‍්ඛාපදං පඨමං.

පළමුවැනි භූතගාම ශික්‍ෂාපදය යි.