පඨවීඛණනසික්ඛාපදං
6. 1. 10.
6. 1. 10.
පඨවීඛණනසික්ඛාපදං
පඨවිඛණන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික්ඛූ නවකම්මං කරොන්තා පඨවිං ඛණන්තිපි ඛණාපෙන්තිපි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා පඨවිං ඛණිස්සන්තිපි ඛණාපෙස්සන්තිපි, එකින්ද්රියං සමණා සක්යපුත්තියා ජීවං විහෙඨෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු පුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි අළවු පුරැ නිවැසි භික්ෂූහු නවාම් කරනුවෝ පොළොව කැණීම ද කෙරෙති, කැණවීම ද කෙරෙත්, මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පොළොව කැණූහු ද? කැණවූහු ද? ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ඒකින්ද්රිය ජීවය පෙළූහු”දැ යි ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) භික්ෂූහු ඇසූහු.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආළවකා භික්ඛූ පඨවිං ඛණිස්සන්තිපි ඛණාපෙස්සන්තිපීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පඨවිං ඛණථාපි ඛණාපෙථාපීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පඨවිං ඛණිස්සථපි ඛණාපෙස්සථාපි ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා පඨවියා. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් අළවුපුරැ නිවැසි භික්ෂූහු පොළොව කැණූහු ද? කැණවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පොළොව කණිවු ද? කණවවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පොළොව කැණූහු ද? කැණවූහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු පොළොවෙහි ජීවසංඥා ඇතියෝ යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු පඨවිං ඛණෙය්ය වා ඛණාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් හෝ පචිති වේ” ය යි.
3. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
පඨවී නාම ද්වෙ පඨවියො ජාතා ච පඨවී අජාතා ච පඨවී, ජාතා නාම පඨවී සුද්ධපංසු සුද්ධමත්තිකා අප්පපාසාණා අප්පසක්ඛරා අප්පකඨලා අප්පමරුම්බා අප්පවාලිකා යෙභුය්යෙන පංසු යෙභුය්යෙන මත්තිකා. අදඩ්ඪාපි වුච්චති ජාතා පඨවී, යොපි පංසුපුඤ්ජො වා මත්තිකාපුඤ්ජො වා අතිරෙකචාතුමාසං ඔවට්ඨො සොපි වුච්චති ජාතා පඨවී. අජාතා නාම පඨවී සුද්ධපාසාණා සුද්ධසක්ඛරා සුද්ධකඨලා සුද්ධමරුම්බා සුද්ධවාලිකා අප්පපංසු අප්පමත්තිකා යෙභුය්යෙන පාසාණා යෙභුය්යෙන සක්ඛරා යෙභුය්යෙන කඨලා යෙභුය්යෙන මරුම්බා යෙභුය්යෙන වාලිකා දඩ්ඪාපි වුච්චති අජාතා පඨවී. යොපි පංසුපුඤ්ජො වා මත්තිකාපුඤ්ජො වා ඔමකචාතුමාසං ඔවට්ඨො සොපි අයම්පි වුච්චති අජාතා පඨවී.
පඨවි නම් ජාත පෘථිවිය ද අජාත පෘථිවිය දැ යි පෘථිවීහු දෙදෙනෙකි. ජාතපෘථිවි නම්: හුදු පස් ඇති හුදු මැටි ඇති මඳ පහණැති මඳ හකුරැති මඳකැබිලිති ඇති මඳ කැටහකුරැති මඳ වැලි ඇති බෙහෙවින් පස් ඇති බෙහෙවින් මැටි ඇති නොදැවුණු ද පොළොව ජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටිරැසෙක් හෝ අයිරා සිවුමසක් මුළුල්ලෙහි වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙද ජාතපෘථිවි යයි කියනු ලැබේ. අජාතපෘථිවි නම්: හුදුපහණැති හුදුහකුරැති හුදුකැබිලිති ඇති හුදු කැටහකුරැති හුදුවැලි ඇති මඳපස් ඇති මඳ මැටි ඇති බෙහෙවින් පහණැති බොහෙවින් හකුරැති බෙහෙවින් කැබිලිති ඇති බෙහෙවින් කැටහකුරැති බෙහෙවින් වැලි ඇති දැවුණුදු පොළොව අජාතපඨවි යයි කියනු ලැබේ. යම් පස් රැසෙක් හෝ මැටි රැසෙක් හෝ අඩු සිවුමසක් වැස්සෙන් තෙමීගියේ වේ ද, හෙ ද අජාතපෘථිවි යයි කියනු ලැබේ.
ඛණෙය්යාති සයං ඛණති ආපත්ති පාචිත්තියස්ස. ඛණාපෙය්යාති අඤ්ඤං ආණාපෙති, ආපත්ති පාචිත්තියස්ස. සකිං ආණත්තො බහුකම්පි ඛණති ආපත්ති පාචිත්තියස්ස.
ඛණෙය්ය: තෙමේ කණී ද, පචිති ඇවැත් වේ. ඛණාපෙය්ය: අනෙකකු අණවා ද පචිති ඇවැත් වේ. වරක් ඇණවූයේ බොහෝ වරක් කණී ද පචිති ඇවැත් වේ.
පඨවියා පඨවිසඤ්ඤී ඛණති වා ඛණාපෙති වා, භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති පාචිත්තියස්ස. පඨවියා වෙමතිකො ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා ආපත්ති දුක්කටස්ස. පඨවියා අපඨවිසඤ්ඤී ඛණති වා ඛණාපෙති වා භින්දති වා භෙදාපෙති වා දහති වා දහාපෙති වා අනාපත්ති.
පොළොවෙහි පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, පචිති ඇවැත් වේ. පොළොවෙහි විමති ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, දුකුළා ඇවැත් වේ. පොළොවෙහි නො පොළෝ සන් ඇතියේ කණී ද කණවා ද බිඳී ද බිඳුවා ද දවා ද දවවා ද, ඇවැත් නැති.
අපඨවියා පඨවිසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අපඨවියා වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අපඨවියා අපඨවිසඤ්ඤී අනාපත්ති.
නො පොළොවෙහි පොළෝසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නො පොළොවෙහි නො පොළෝසන් ඇති යේ නම් ඇවැත් නැති.
අනාපත්ති: “ඉමං ජාන, ඉමං දෙහි, ඉමං ආහර, ඉමිනා අත්ථො, ඉමං කප්පියං කරොහීති භණති, අසඤ්චිච්ච අසතියා, අජානන්තස්ස උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
මෙය දනු ව, මෙය දෙව, මෙය ගෙනෙව, මෙයින් වැඩෙකි, මෙය කැප කරවයි බෙණේ ද, නො සිතා (බිඳින්නහුට) නො සිහියෙන් (අනෙකක් කරන්නාහට), නො දන්නාහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඨවීඛණනසික්ඛාපදං
දසවැනි පඨවිඛණන ශික්ෂාපද යි
මුසාවාදවග්ගො පඨමො.
ප්‍රථම මුසාවාද වර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
මුසා ඔමසපෙසුඤ්ඤං, පදසෙය්යාය වෙ දුවෙ, අඤ්ඤත්ර විඤ්ඤුනා භූතා දුට්ඨුල්ලාපත්ති ඛණෙනචා’ති.
මුසාවාද යැ ඔමසවාද යැ පෙසුඤ්ඤ යැ පදසෝධම්ම යැ සහසෙය්‍ය දෙක යැ විඥයක්හු නැති වැ ධම්ම දේසනා යැ භූතාරෝචන යැ දුට්ඨුල්ලාරෝචන යැ පඨවිඛණන යි.