යෙදුමෙන් කියවන්න

දුතියසහසෙය්‍යසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දුතියසහසෙය්‍යසික‍්ඛාපදවණ‍්ණනා

දුතියසහසෙය්‍ය ශික්‍ෂාපද වර්ණනාව

දුතියසහසෙය්‍යසික‍්ඛාපදෙ – ආවසථාගාරන‍්ති ආගන‍්තුකානං වසනාගාරං. පඤ‍්ඤත‍්තං හොතීති පුඤ‍්ඤකාමතාය කත්‍වා ඨපිතං හොති. යෙන සා ඉත්‍ථී තෙනුපසඞ‍්කමීති අසුකස‍්මිං නාම ඨානෙ ආවසථාගාරං පඤ‍්ඤත‍්තං අත්‍ථීති මනුස‍්සානං සුත්‍වා උපසඞ‍්කමි. ගන්‍ධගන්‍ධිනීති අගරුකුඞ‍්කුමාදීනං ගන්‍ධානං ගන්‍ධො ගන්‍ධගන්‍ධො, සො අස‍්සා අත්‍ථීති ගන්‍ධගන්‍ධිනී. සාටකං නික‍්ඛිපිත්‍වාති අප‍්පෙව නාමස‍්ස ඉමම‍්පි විප‍්පකාරං පස‍්සන‍්තස‍්ස රාගො උප‍්පජ‍්ජෙය්‍යාති චින‍්තෙත්‍වා එවමකාසි. ඔක‍්ඛිපිත්‍වාති අධො ඛිපිත්‍වා. අච‍්චයොති අපරාධො. මං අච‍්චගමාති මං අතික‍්කම‍්ම අභිභවිත්‍වා පවත‍්තො. සෙසං පඨමසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයමෙව හි විසෙසො – පඨමසික‍්ඛාපදෙ චතුත්‍ථදිවසෙ ආපත‍්ති ඉධ පඨමදිවසෙපි. යක‍්ඛීපෙතීහි දිස‍්සමානකරූපාහි තිරච‍්ඡානගතිත්‍ථියා ච මෙථුනධම‍්මවත්‍ථුභූතාය එව දුක‍්කටං. සෙසාහි අනාපත‍්ති. සමුට‍්ඨානාදීනි පඨමසදිසානෙවාති.

ද්විතීය සහසෙය්‍ය ශික්‍ෂාපදයෙහි “ආවසථාගාරං” ආගන්තුකයන් වසනගෙය. “පඤ්ඤත්තං හොති” පින් කැමැති බැවින් කොට තබන ලද්දේ වේ. “යෙන සා ඉත්‍ථි තෙනුපසඞ්කමි” අසුවල් නම් තැන පනවනලද ආවස්ථාගාරයක් ඇත්තේය’යි මිනිසුන්ගෙන් අසා එළැඹියේය. “ගන්‍ධගන්‍ධිනී” කලුවැල් කොකුම් ආදී ගන්‍ධයන්ගේ ගන්‍ධය තෙමේ “ගන්‍ධගන්‍ධ” නම්වේ. ඒ ගන්‍ධය තෙමේ මැයට ඇත්තේය’යි ‘ගන්‍ධගන්‍ධිනී නම. “සාටකං නික්‍ඛිපිත්‍වා” මේ විප්‍රකාරය දක්නාවූ මේ ස්ථවිරයන්ට රාගය උපදින්නේනම් ඉතා මැනැවැ’යි සිතා මෙසේ කළාය. “ඔක්‍ඛිපිත්‍වා” යටහෙළා “අච්චයො” අපරාධය “මං අච්චගමා” මා ඉක්මවා මැඩ පවත්වා පැවැත්තේය. සෙස්ස ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුත්තේය. මේ වනාහි විශේෂය වේ. ප්‍රථම ශික්‍ෂාපදයෙහි සතරවන දිනයෙහි ඇවැත් වේ. මෙහි ප්‍රථම දිනයෙහිද ඇවැත් වේ. පෙනෙන රූපයෙන් යුත් යකිනි ප්‍රෙතියන් සමගද මෛථුනධර්‍මයට වස්තුවූම තිරිසන්ගිය ස්ත්‍රියක සමගද සහසෙය්‍යාව කරන මහණහුට දුක්කටය වේ. සෙසු ස්ත්‍රීන් සමග නිදන මහණහුට ඇවැත් නොවේ. සමුත්‍ථානාදීහු ප්‍රථම ශික්‍ෂාපදය හා සමානම වෙත්.

දුතියසහසෙය්‍යසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවැනිවූ දෙවන සහසෙය්‍යාශික්‍ෂාපදයයි.

ධම‍්මදෙසනාසික‍්ඛාපදවණ‍්ණනා

ධම්මදේසනා ශික්‍ෂාපද වර්ණනාව

සත‍්තමසික‍්ඛාපදෙ – ඝරණීති ඝරසාමිනී. නිවෙසනද‍්වාරෙති නිවෙසනස‍්ස මහාද‍්වාරෙ. ඝරසුණ‍්හාති තස‍්මිං ඝරෙ සුණ‍්හා. ආවසථද‍්වාරෙති ඔවරකද‍්වාරෙ. විස‍්සට‍්ඨෙනාති සුනිග‍්ගතෙන සද‍්දෙන. විවටෙනාති සුට‍්ඨු පකාසෙන අසංවුතෙන. ධම‍්මො දෙසෙතබ‍්බොති අයං සරණසීලාදිභෙදො ධම‍්මො කථෙතබ‍්බො. අඤ‍්ඤාතුන‍්ති ආජානිතුං. විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙනාති විඤ‍්ඤුනා පුරිසෙන, පුරිසවිග‍්ගහං ගහෙත්‍වාපි ඨිතෙන න යක‍්ඛෙන න පෙතෙන න තිරච‍්ඡානගතෙන.

සප්තම ශික්‍ෂාපදයෙහි “ඝරණ” ගෙහිමිදූය. “නිවෙසනද්වාරෙ” නිවෙස්නෙහි මහදොර සමීපයෙහි. “ඝරසුණහා” ඒ ගෙයි යෙහෙළි. “ආවසථද්වාරෙ” ඇතුළු ගෙයි දොර සමීපයෙහි “විස්සට්ඨෙන” තදින් නික්මුනු ශබ්දයෙන්. “විවටෙන” මැනැවින් පවසන්නහු, විසින් නොහික්මුණහු විසින් “ධම්මො දෙසෙතබ්බො” මේ සරණ සීලාදිභෙදවූ ධර්‍මය කිය යුත්තේය. “අඤ්ඤාතුං” දැනගන්නට “විඤ්ඤුනා පුරිසවිග්ගහෙන” නුවණැති පුරුෂයකු විසින් පුරුෂ ශරීරයක් මවාගෙන සිටි යකෙකු සමග සිටි එකියකට දහම් දෙසීම නොසුදුසුය. ප්‍රෙතයකු සමග සිටි එකියකට දහම් දෙසීම නොසුදුසුය. තිරිසන්ගියකු සමග සිටි එකියකට දහම් දෙසීම නොවටියි.

අනාපත‍්ති විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙනාති විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන සද‍්ධිං ඨිතාය බහුම‍්පි ධම‍්මං දෙසෙන‍්තස‍්ස අනාපත‍්ති. ඡප‍්පඤ‍්චවාචාහීති ඡහි පඤ‍්චහි වාචාහි යො දෙසෙති, තස‍්සපි අනාපත‍්ති. තත්‍ථ එකො ගාථාපාදො එකවාචාති එවං සබ‍්බත්‍ථ වාචාපමාණං වෙදිතබ‍්බං. සචෙ අට‍්ඨකථං ධම‍්මපදං ජාතකාදිවත්‍ථුං වා කථෙතුකාමො හොති, ඡප‍්පඤ‍්චපදමත‍්තමෙව කථෙතුං වට‍්ටති. පාළියා සද‍්ධිං කථෙන‍්තෙන එකපදං පාළිතො පඤ‍්ච අට‍්ඨකථාතොති එවං ඡ පදානි අනතික‍්කාමෙත්‍වාව කථෙතබ‍්බො. පදසොධම‍්මෙ වුත‍්තප‍්පභෙදො හි ඉධාපි සබ‍්බො ධම‍්මොයෙව. තස‍්මිං දෙසෙතීති තස‍්මිං ඛණෙ දෙසෙති. සම‍්පදානත්‍ථෙ වා එතං භුම‍්මවචනං. තස‍්සා දෙසෙතීති අත්‍ථො. අඤ‍්ඤිස‍්සා මාතුගාමස‍්සාති එකිස‍්සා දෙසෙත්‍වා පුන ආගතාගතාය අඤ‍්ඤිස‍්සාපි දෙසෙතීති එවං එකාසනෙ නිසින‍්නො මාතුගාමසතසහස‍්සන‍්නම‍්පි දෙසෙතීති අත්‍ථො. මහාපච‍්චරියට‍්ඨකථායං වුත‍්තං සමං නිසින‍්නානං මාතුගාමානං “තුම‍්හාකං එකෙකිස‍්සා එකෙකං ගාථං දෙසෙස‍්සාමි, තං සුණාථාති දෙසෙති, අනාපත‍්ති. පඨමං එකෙකිස‍්සා එකෙකං ගාථං කථෙස‍්සාමීති ආභොගං කත්‍වා ජානාපෙත්‍වා කථෙතුං වට‍්ටති, න පච‍්ඡාති. පඤ‍්හං පුච‍්ඡති පඤ‍්හං පුට‍්ඨො කථෙතීති මාතුගාමො “දීඝනිකායො නාම භන‍්තෙ කිමත්‍ථං දීපෙතී”ති පුච‍්ඡති. එවං පඤ‍්හං පුට‍්ඨො භික‍්ඛු සබ‍්බං චෙපි දීඝනිකායං කථෙති, අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

“අනාපත්ති විඤ්ඤුනා පුරිසවිග්ගහෙන” නුවණැති මනුෂ්‍යපුරුෂයකු සමග සිටින්නියකට බොහෝ වූද, දහම් දෙසන මහණහුට ඇවැත් නොවේ. “ඡප්පඤ්චවාචාහි” වචන සයකින් හෝ වචන පසකින් හෝ යම් මහණෙක් තෙමේ නුවණැති පුරුෂයකු ලඟ නැතිව කියූ ආකාර ඇති ස්ත්‍රියකට දහම් දෙසාද, ඒ මහණහුටද ඇවැත් නොවේ. එහි “එකො ගාථා පාදො එකා වාචා” එක් ගාථාපාදයෙක් එක් වචනයෙකැ’යි මෙසේ හැම තන්හි වචන ප්‍රමාණය දතයුතුය. ඉදින් අර්‍ත්‍ථකථාවක් හෝ ධර්‍මපදයක් හෝ ජාතකාදි වස්තුවක් හෝ කියනු කැමැත්තේ වේද, සපදයක් පමණම කීම වටියි. පෙළ සමග කියන්නහු විසින් පෙළෙන් එක් පදයෙක අර්‍ත්‍ථකථාවෙන් පස් පදයෙකැයි මෙසේ සපදය නොඉක්මවාම කියයුතුය. පදසොධර්‍මශික්‍ෂාවෙහි කියූ ප්‍රභෙද සියල්ලම මෙහිද ධර්‍මැයි කියන ලද්දේමය. “තස්මිං දෙසෙති” එකෙණෙහි දෙසයි. නොහොත් මෙය සම්ප්‍රදානාර්‍ත්‍ථයෙහි සප්තමීවචනයි. ඇයට දෙසයි යන අර්‍ත්‍ථයි. “අඤ්ඤිස්සා මාතුගාමාය” එකියක්හට දෙසා නැවැත ආ ආ අන් එකියක්හට දෙසයි. මෙසේ එක් අසුනෙක හුන්නේ මාගම් සියයකටද දෙසයි යන අර්‍ත්‍ථයි. “පඤ්ඤං පුච්ඡති පඤ්හෙං පුට්ඨො කථෙති” මාගම ‘ස්වාමීනි’ දීර්‍ඝනිකාය කවර අර්‍ත්‍ථයක් දක්වාදැ’යි විචාරාද, මෙසේ ප්‍රශ්න විචාරණලද මහණ තෙමේ සියලුම දීර්‍ඝනිකාය කියා නම් ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

පදසොධම‍්මසමුට‍්ඨානං – වාචතො ච වාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

පදසොධම්ම සමුත්‍ථානිකය. වාචායෙන්ද වාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියා සමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ධම‍්මදෙසනාසික‍්ඛාපදං සත‍්තමං.

සත්වන ධර්‍මදෙශනා ශික්‍ෂාපදයයි

භූතාරොචනසික‍්ඛාපදවණ‍්ණනා

භූතාරෝචන ශික්‍ෂාපද වර්ණනාව

අට‍්ඨමසික‍්ඛාපදෙ – වත්‍ථුකථාය තාව යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං චතුත්‍ථපාරාජිකවණ‍්ණනායං වුත‍්තනයමෙව. අයමෙව හි විසෙසො – තත්‍ථ අභූතං ආරොචෙසුං, ඉධ භූතං. භූතම‍්පි පුථුජ‍්ජනා ආරොචෙසුං, න අරියා. අරියානඤ‍්හි පයුත‍්තවාචා නාම නත්‍ථි, අත‍්තනො ගුණෙ ආරොචයමානෙ පන අඤ‍්ඤෙ න පටිසෙධෙසුං, තථාඋප‍්පන‍්නෙ ච පච‍්චයෙ සාදියිංසු, තථාඋප‍්පන‍්නභාවං අජානන‍්තා.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි වස්තුකථාවෙහි පළමුකොට යමක් කියයුතු වන්නේ නම් ඒ සියල්ල සතරවන පාරාජික වර්‍ණනාවෙහි කියූ නය ඇත්තේමය. එහි මේ විශේෂය වේ: එහි අවිද්‍යාමාන ගුණය සැලකළහ. මෙහි විද්‍යමානගුණය සැලකළහ. විද්‍යමාන ගුණයත් අවිද්‍යාමන ගුණයත් පෘථග්ජනයෝ සැලකළහ. ආර්‍ය්‍යයෝ නොවෙති. ආර්‍ය්‍යයන්ගේ වනාහි ප්‍රයුක්තවචනයෙක් නම් නැත්තේය. තමන්ගේ ගුණය සැලකරන කල්හි අන්‍යයෝ නොවැළකූහ. එසේ උපන් ප්‍රත්‍යයයන්ද ඉවසූහ. එසේ උපන්බව නොදන්නාවූ

“අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසු”න‍්තිආදිම‍්හි පන යෙ උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිංසු, තෙ ආරොචෙසුන‍්ති වෙදිතබ‍්බං. “කච‍්චි පන වො භික‍්ඛවෙ භූත”න‍්ති පුච‍්ඡිතෙ පන සබ‍්බෙපි “භූතං භගවා”ති පටිජානිංසු. අරියානම‍්පි හි අබ‍්භන‍්තරෙ භූතො උත‍්තරිමනුස‍්සධම‍්මොති. අථ භගවා අරියමිස‍්සකත‍්තා “මොඝපුරිසා”ති අවත්‍වා “කථඤ‍්හි නාම තුම‍්හෙ භික‍්ඛවෙ”ති වත්‍වා “උදරස‍්ස කාරණා”තිආදිමාහ. තත්‍ථ යස‍්මා අරියා අඤ‍්ඤෙසං සුත්‍වා “අය්‍යො කිර, භන‍්තෙ, සොතාපන‍්නො”තිආදිනා නයෙන පසන‍්නෙහි මනුස‍්සෙහි පුච‍්ඡියමානා අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ අනාදීනවදස‍්සිනො සුද‍්ධචිත‍්තතාය අත‍්තනො ච පරෙසඤ‍්ච විසෙසාධිගමං පටිජානිංසු. එවං පටිජානන‍්තෙහි ච තෙහි යං අඤ‍්ඤෙ උදරස‍්ස කාරණා උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිත්‍වා පිණ‍්ඩපාතං උප‍්පාදෙසුං, තං සුද‍්ධචිත‍්තතාය සාදියන‍්තෙහිපි උදරස‍්ස කාරණා උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණො භාසිතො විය හොති. තස‍්මා සබ‍්බසඞ‍්ගාහිකෙනෙව නයෙන “කථඤ‍්හි නාම තුම‍්හෙ, භික‍්ඛවෙ, උදරස‍්ස කාරණා ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤං උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිස‍්සථා”ති ආහ. සෙසං චතුත්‍ථපාරාජිකවත්‍ථුසදිසමෙව. සික‍්ඛාපදවිභඞ‍්ගෙපි කෙවලං තත්‍ථ පාරාජිකඤ‍්චෙව ථුල‍්ලච‍්චයඤ‍්ච ඉධ භූතත‍්තා පාචිත‍්තියඤ‍්චෙව දුක‍්කටඤ‍්ච අයං විසෙසො. සෙසං වුත‍්තනයමෙව.

“අථඛො තෙ භික්‍ඛු භගවතො එතමත්‍ථං ආරොචෙසුං” යනාදියෙහි යම් කෙනෙක් තුමූ උත්තරිමනුෂ්‍ය ධර්‍මය පිළිබඳ ගුණ කියවාහුද, ඔවුහු සැල කළහයි දතයුතුය. “කච්චි පන වො භික්‍ඛවෙ භූතං” කීම, මහණෙනි, තොපගේ විද්‍යමාන වූවක්දැ’යි විචාළ කල්හි සියල්ලෝම “භූතං භගවා” භාග්‍යවතුන් වහන්ස විද්‍යාමනය’යි පිළින කළහ. ආර්‍ය්‍යයන්ගේම අභ්‍යන්තරයෙහි උත්තරිමනුෂ්‍ය ධර්‍මය විද්‍යාමානයයි එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය මිශ්‍ර බැවින් ‘තුච්ඡපුරුෂයෙනි’යි නොවදාරා “කථං හි නාම තුම්හෙ භික්‍ඛවෙ” ‘මහණෙනි’ තෙපි කෙසේ නම්’යි වදාරා “උදරස්ස කාරණා” යනාදිය වදාළ සේක. එහි යම්හෙයකින් ආර්‍ය්‍යයෝ අන්‍යයන් අතින් අසා ‘ස්වාමීනි’ ආර්‍ය්‍යය තෙමේ සෝවාන්දැ’යි යනාදි නයින් ප්‍රසන්නමනුෂ්‍යයන් විසින් විචාරනු ලබන්නාහු ශික්‍ෂාපදය නොපැනවූ කල්හි ආදීනව නොදක්නෝ පිරිසිදු සිත් ඇති බැවින් තමන්ගේද අන්‍යයන්ගේද විශේෂාධිගමය පිළින කළහ. මෙසේ පිළින කරන්නාවූද ඔවුන් විසින් අන්‍යයෝ උදරය කරුණු කොට උත්තරිමනුෂ්‍යධර්‍මයෙහි ගුණ කියා යම් පිණ්ඩපාතයක් ඉපදෙව්වාහුද, ඒ පිණ්ඩපාතය පිරිසිදු සිත් ඇති බැවින් ඉවසන්නන් විසින්ද, උදරය කරුණු කොට උත්තරමනුෂ්‍ය ධර්‍මයෙහි ගුණය කියන ලද්දක් මෙන් වේ. එහෙයින් සර්‍වසඞ්ග්‍රාහික නයින්ම ‘කථංහි නාම තුම්හෙ භික්‍ඛවෙ උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සථ’යි වදාළ සේක. සෙස්ස සතරවන පාරාජික වස්තුව සමානම වේ. ශික්‍ෂාපදවිභඞ්ගයෙහිද හුදෙක් එහි පාරාජිකයද ථුල්ලච්චයද පනවා වදාළ සේක. මෙහි විද්‍යමාන බැවින් පාචිත්තියද දුක්කටයද පනවා වදාළ සේක. මේ වෙනසයි. සෙස්ස කියන ලද නයමය.

“උපසම‍්පන‍්නස‍්ස භූතං ආරොචෙතී”ති උත‍්තරිමනුස‍්සධම‍්මමෙව සන්‍ධාය වුත‍්තං. පරිනිබ‍්බානකාලෙ හි අන‍්තරා වා අතිකඩ‍්ඪියමානෙන උපසම‍්පන‍්නස‍්ස භූතං ආරොචෙතුං වට‍්ටති. සුතපරියත‍්තිසීලගුණං පන අනුපසම‍්පන‍්නස‍්සාපි ආරොචෙතුං වට‍්ටති. ආදිකම‍්මිකස‍්ස අනාපත‍්ති. “උම‍්මත‍්තකස‍්සා”ති ඉදං පන ඉධ න වුත‍්තං. කස‍්මා? දිට‍්ඨිසම‍්පන‍්නානං උම‍්මාදස‍්ස වා චිත‍්තක‍්ඛෙපස‍්ස වා අභාවාති. මහාපච‍්චරියම‍්පි හි විචාරිතං “ඣානලාභී පන පරිහීනෙ ඣානෙ උම‍්මත‍්තකො භවෙය්‍ය, තස‍්සපි භූතාරොචනපච‍්චයා අනාපත‍්ති න වත‍්තබ‍්බා, භූතස‍්සෙව අභාවතො”ති. සෙසං උත‍්තානමෙව.

“උපසම්පන්නස්ස භූතං ආරොචෙති” යනු උත්තරිමනුෂ්‍යධර්‍මය සඳහාම වදාරන ලදී. පිරිනිවන්පාන කාලයෙහි හෝ පිරිනිවන්පාන කාලයෙන් අනික් කාලයෙක හෝ ‘ස්වාමීනි’ කියනු මැනැවැ නුඹවහන්සේ විසින් කුමක් අධිගතදැයි පීඩාකරනු ලබන්නහු විසින් උපසම්පන්නයක්හට විද්‍යමාන ගුණයක් සැලකිරීම වටියි. ශ්‍රැතගුණය පර්‍ය්‍යප්ති ගුණය ශීලගුණය යන මේ ගුණයන් අනුපසම්පන්නයක්හට නමුදු කීම වටියි. ආදිකර්මිකයාහට ඇවැත් නොවේ. ‘උම්මත්තකස්ස’ මෙය වනාහි නොවදාරන ලදි. කුමක්හෙයින, යත්:- මාර්‍ගඵල දෘෂ්ටියෙන් යුක්තවූවන් අතර උමතුවූවකු හෝ විසුරුනු සිත් ඇත්තකු හෝ නොවන බැවිනි. මහාපච්චරියෙහිද ‘ධ්‍යානලාභී තෙමේ වනාහි ධ්‍යානය පිරිහුනු කල්හි උමතුවන්නේය. ඔහුටද භූතාරොචනය කරුණු කොට අනාපත්තිය නොකිය යුත්තීය, විද්‍යමානයාගේම අභාවය හෙයිනැ’යි විචාරණය කරන ලදි. සෙස්ස ප්‍රකටමය.

භූතාරොචනං නාමෙතං පුබ‍්බෙ අවුත‍්තෙහි තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති – කායතො වාචතො කායවාචතො චාති. කිරියං , නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, කුසලාබ්‍යාකතචිත‍්තෙහි ද‍්විචිත‍්තං, සුඛමජ‍්ඣත‍්තවෙදනාහි ද‍්විවෙදනන‍්ති.

භූතාරොචන නම්වූ මෙය පෙර සතරවන පාරාජිකයෙහි නොකියනලද ත්‍රිසමුත්‍ථානයෙන් කයින්ද වචනයෙන්ද කායවචායෙන්ද උපදි. ක්‍රියාසමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. කුශල ව්‍යාකෘතචිත්තයන්ගෙන් ද්විචිත්තයි. සුඛමද්ධ්‍යස්ථ වෙදනාවෙන් ද්විවෙදනයි.

භූතාරොචනසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවන භූතාරොචනශික්‍ෂාපදයයි

දුට‍්ඨුල‍්ලාරොචනසික‍්ඛාපදවණ‍්ණනා

දුට්ඨුල්ලාරෝචන ශික්‍ෂාපද වර්ණනාව

නවමසික‍්ඛාපදෙ – දුට‍්ඨුල‍්ලා නාම ආපත‍්ති චත‍්තාරි ච පාරාජිකානි තෙරස ච සඞ‍්ඝාදිසෙසාති ඉමිස‍්සා පාළියා “පාරාජිකානි දුට‍්ඨුල‍්ලසද‍්දත්‍ථදස‍්සනත්‍ථං වුත‍්තානි, සඞ‍්ඝාදිසෙසං පන ඉධ අධිප‍්පෙත”න‍්ති අට‍්ඨකථාසු වුත‍්තං. තත්‍රායං විචාරණා – සචෙ පාරාජිකං ආරොචෙන‍්තස‍්ස පාචිත‍්තියං න භවෙය්‍ය, යථා සමානෙපි භික‍්ඛු-භික‍්ඛුනීනං උපසම‍්පන‍්නසද‍්දෙ යත්‍ථ භික‍්ඛුනී අනධිප‍්පෙතා හොති, තත්‍ථ භික‍්ඛුං ඨපෙත්‍වා අවසෙසො අනුපසම‍්පන‍්නොති වුච‍්චති; එවමිධ සමානෙපි පාරාජිකසඞ‍්ඝාදිසෙසානං දුට‍්ඨුල‍්ලසද‍්දෙ යදි පාරාජිකං අනධිප‍්පෙතං, “දුට‍්ඨුල‍්ලා නාම ආපත‍්ති තෙරස සඞ‍්ඝාදිසෙසා”ති එතදෙව වත‍්තබ‍්බං සියා. තත්‍ථ භවෙය්‍ය “යො පාරාජිකං ආපන‍්නො, සො භික‍්ඛුභාවතො චුතො, තස‍්මා තස‍්ස ආපත‍්තිං ආරොචෙන‍්තො දුක‍්කටං ආපජ‍්ජතී”ති. එවං සති අක‍්කොසන‍්තොපි දුක‍්කටං ආපජ‍්ජෙය්‍ය, පාචිත‍්තියමෙව ච ආපජ‍්ජති. වුත‍්තඤ‍්හෙතං – “අසුද‍්ධො හොති පුග‍්ගලො අඤ‍්ඤතරං පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො, තඤ‍්චෙ අසුද‍්ධදිට‍්ඨි සමානො ඔකාසං කාරාපෙත්‍වා අක‍්කොසාධිප‍්පායො වදති, ආපත‍්ති ඔමසවාදස‍්සා”ති (පාරා· 389). එවං පාළියා විචාරියමානාය පාරාජිකං ආරොචෙන‍්තස‍්සාපි පාචිත‍්තියමෙව දිස‍්සති. කිඤ‍්චාපි දිස‍්සති, අථ ඛො සබ‍්බඅට‍්ඨකථාසු වුත‍්තත‍්තා අට‍්ඨකථාචරියාව එත්‍ථ පමාණං, න අඤ‍්ඤා විචාරණා. පුබ‍්බෙපි ච ආවොචුම‍්හ – “බුද‍්ධෙන ධම‍්මො විනයො ච වුත‍්තො, යො තස‍්ස පුත‍්තෙහි තථෙව ඤාතො”තිආදි (පාරා· අට‍්ඨ· 1.ගන්‍ථාරම‍්භකථා). අට‍්ඨකථාචරියා හි බුද‍්ධස‍්ස අධිප‍්පායං ජානන‍්ති.

නවම ශික්‍ෂාපදයෙහි “දුට්ඨුල්ලා නාම ආපත්ති චත්තාරි පාරාජිකානි තෙරස ච සඞ්ඝාදිසෙසො” යන මේ පාළියෙහි ‘පාරාජිකානි’ යනු දුට්ඨුල්ල ශබ්දයාගේ අර්‍ත්‍ථ දක්වනු පිණිස කියන ලද්දේය. සඞ්ඝාදිසෙසය මෙහි අදහස් කරන ලදැයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලදී. එහි මේ විචාරණයයි. ඉදින් අනුපසම්පන්නයක්හට පාරාජිකාපත්තියක් සැලකරන මහණහුට පාචිත්තියාපත්තිය නොවන්නීනම් භික්‍ෂු භික්‍ෂුණීන් පිළිබඳ උපසම්පන්න ශබ්දය යම්සේ සමාන කල්හි යම් තැනක භික්‍ෂුණී තොමෝ අදහස් නොකරන ලද්දීවේද, එහි භික්‍ෂූහු හැර සෙසු දෙන අනුපසම්පන්නයි කියනු ලැබෙත්. මෙසේ මෙහි පාරාජික සඞ්ඝාදිසෙසයන්ට දුට්ඨුල්ල ශබ්දය සමාන කල්හිද පාරාජිකාපත්තිය අදහස් නොකරන ලද්දී නම් ‘දුට්ඨුල්ලාපත්ති නම් තෙරස සඞ්ඝාදිසෙසයෝ’යි මේම කියයුතු වන්නේය. යම් මහණක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේ වේද, ඒ මහණතෙමේ භික්‍ෂුභාවයෙන් චුතවූයේ වේ. එහෙයින් ඒ මහණහුට ඇවැත ආරොචනය කරන්නේ දුක්කටයට පැමිණේදැයි එහි විමති වන්නේය. මෙසේ ඇති කල්හි ඔමසවාදයෙන් ආක්‍රොශ කරන්නේද දුක්කටයට පැමිණේ නම් පාචිත්තියටත් පැමිණේමය. ‘පුද්ගල තෙමේ එක්තරා පාරාජිකාපත්තියකට පැමිණියේ අපිරිසිදු වේ. අශුද්ධදෘෂ්ටි ඇතියෙක් ඔහුට ඔකාස කරවා ආක්‍රොශ කරන අදහස් ඇතිව කියා නම් ඔමසවාදපාචිත්තියාපත්තියට පැමිණීම වේය’යි මෙය වදාරන ලද්දේය. මෙසේ පාළිය විචාරනු ලබන කල්හි පාරාජිකාපත්තිය ආරොචනය කරන මහණහුටද පාචිත්තියම දන්නා ලැබේද, කිසිසේත් දක්නා ලැබේ. කුමක්හෙයින, යත්: සියලු අර්‍ත්‍ථකථාවන්හි කියූ බැවිනි. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝම මෙහි ප්‍රමාණ වෙත්. අනික් විමසීමක් නැත්තේය. පෙරද ‘බුද්ධෙන ධම්මො විනයොච වුත්තො, යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො’ යනාදිය කීම්හ. අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයෝ වනාහි බුදුරජාණන් වහන්සේගේ අදහස දනිත්,

ඉමිනාපි චෙතං පරියායෙන වෙදිතබ‍්බං. අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියාති හි වුත‍්තං. භික‍්ඛුසම‍්මුතියා ච ආරොචනං ආයතිං සංවරත්‍ථාය පුන තථාරූපං ආපත‍්තිං අනාපජ‍්ජනත්‍ථාය භගවතා අනුඤ‍්ඤාතං, න තස‍්ස භික‍්ඛුනො අවණ‍්ණමත‍්තප‍්පකාසනත්‍ථාය, සාසනෙ චස‍්ස පතිට‍්ඨානිසෙධනත්‍ථාය , න ච පාරාජිකං ආපන‍්නස‍්ස පුන තථාරූපාය ආපත‍්තියා අනාපජ‍්ජනෙන භික‍්ඛුභාවො නාම අත්‍ථි. තස‍්මා “පාරාජිකානි දුට‍්ඨුල‍්ලසද‍්දත්‍ථදස‍්සනත්‍ථං වුත‍්තානි, සඞ‍්ඝාදිසෙසං පන ඉධාධිප‍්පෙත”න‍්ති යං අට‍්ඨකථාසු වුත‍්තං, තං සුවුත‍්තමෙව.

මෙද මේ ක්‍රමයෙන් දතයුතුය. භික්‍ෂුසම්මුතිය හැරැයි කියන ලද්දේය. භික්‍ෂු සම්මුතියෙන් ආරොචනය කිරීමද මත්තෙහි සංවරය පිණිසය. නැවැත එබඳු ඇවැතකට නොපැමිණීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදී. ඒ මහණහුගේ අවර්‍ණමාත්‍රයක් පවසනු පිණිස නොවේ. ශාසනයෙහි හෝ මේ මහණහුට පිහිට වළකනු පිණිස නොවේ. පාරාජිකාපත්තියට පැමිණි මහණහුගේ, නැවැත එබඳු ඇවතට නොපැමිණීම් හේතුවෙන් භික්‍ෂුභාවයෙක් නම් නැත්තේය. එහෙයින පාරාජිකානි දුට්ඨුල්ලසද්දත්‍ථදස්සනත්‍ථං වුත්තානි සඞ්ඝාදිසෙසං ඉධ අධිප්පෙතං’යි යමක් අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේ ද, එය මනාකොට කියන ලද්දේමය.

අත්‍ථි භික‍්ඛුසම‍්මුති ආපත‍්තිපරියන‍්තාතිආදීසු පන යා අයං භික‍්ඛුසම‍්මුති වුත‍්තා, සා න කත්‍ථචි ආගතා, ඉධ වුත‍්තත‍්තායෙව පන අභිණ‍්හාපත‍්තිකං භික‍්ඛුං දිස‍්වා එවමෙස පරෙසු හිරොත‍්තප‍්පෙනාපි ආයතිං සංවරං ආපජ‍්ජිස‍්සතීති තස‍්ස භික‍්ඛුනො හිතෙසිතාය තික‍්ඛත‍්තුං අපලොකෙත්‍වා සඞ‍්ඝෙන කාතබ‍්බාති වෙදිතබ‍්බාති.

“අර්‍ත්‍ථ භික්‍ඛුසම්මුති ආපත්තිපරියන්තා” යනාදියෙහි වනාහි යම් මේ භික්‍ෂු සම්මුතියක් කියන ලදද, ඕතොමෝ කිසි තැනක නොආය. මෙහි කියූ බැවින්ම නිතර ඇවැතුනට පැමිණෙන මහණකු දැක මෙසේ මෙතෙමේ අනුන් කෙරෙහි හිරිඔතප් දෙකෙනුදු මත්තෙහි සංවරයට පැමිණෙන්නේයයි ඒ මහණහුට වැඩ සොයන බැවින් තුන් යලක් අපලොකනය කොට සඞ්ඝයා විසින් කටයුත්තීය’යි දතයුතුය.

අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ආරොචෙති ආපත‍්ති දුක‍්කටස‍්සාති පඤ‍්චපි ආපත‍්තික‍්ඛන්‍ධෙ ආරොචෙන‍්තස‍්ස දුක‍්කටං. මහාපච‍්චරියං පන පාරාජිකං ආරොචෙන‍්තස‍්සාපි දුක‍්කටමෙව වුත‍්තං. අනුපසම‍්පන‍්නස‍්ස දුට‍්ඨුල‍්ලං වා අදුට‍්ඨුල‍්ලං වා අජ‍්ඣාචාරන‍්ති එත්‍ථ ආදිතො පඤ‍්ච සික‍්ඛාපදානි දුට‍්ඨුල‍්ලො නාම අජ‍්ඣාචාරො, සෙසානි අදුට‍්ඨුල‍්ලො. සුක‍්කවිස‍්සට‍්ඨිකායසංසග‍්ගදුට‍්ඨුල‍්ලඅත‍්තකාමා පනස‍්ස අජ‍්ඣාචාරො නාමාති වුත‍්තං.

“අදුට්ඨුල්ලං ආපත්තිං ආරොචෙති ආපත්ති දුක්කටස්ස” පඤ්චවිධ ආපත්තිස්කන්‍ධයන් අනුපසම්පන්නයක්හට ආරොචනය කරන මහණහුට දුක්කටය වේ. මහාපච්චරියෙහි වනාහි පාරාජිකාපත්තියක් ආරොචනය කරන මහණහුටද දුක්කටයම කියනලදී. “අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං” යන මෙහි ආදියෙහි ප්‍රාණඝාතාදි ශික්‍ෂාපද පස දුට්ඨුල්ල නම්වූ අද්ධ්‍යාචාරය වේ. විකලභොජනාදීවූ සෙසු සිකපද අදුට්ඨුල්ල නම් අධ්‍යචාරයයි. සුක්කවිසට්ඨි - කායසංසග්ගරාග- දුට්ඨුල්ලය අත්තකාමය මේ ශික්‍ෂාපදයාගේ අද්ධ්‍යචාර නමැයි කියන ලදි.

වත්‍ථුං ආරොචෙතීති “අයං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපන‍්නො, දුට‍්ඨුල‍්ලං ආපන‍්නො, අත‍්තකාමං ආපන‍්නො” කායසංසග‍්ගං ආපන‍්නොති එවං වදන‍්තස‍්ස අනාපත‍්ති. ආපත‍්තිං ආරොචෙතීති එත්‍ථ “අයං පාරාජිකං ආපන‍්නො, සඞ‍්ඝාදිසෙසං ථුල‍්ලච‍්චයං පාචිත‍්තියං පාටිදෙසනීයං දුක‍්කටං දුබ‍්භාසිතං ආපන‍්නො”ති වදති අනාපත‍්ති. “අයං අසුචිං මොචෙත්‍වා සඞ‍්ඝාදිසෙසං ආපන‍්නො”තිආදිනා පන නයෙන වත්‍ථුනා සද‍්ධිං ආපත‍්තිං ඝටෙත්‍වා ආරොචෙන‍්තස‍්සෙව ආපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“වත්‍ථුං ආරොචෙති” මේ සුක්කවිසට්ඨියට පැමිණි මෙතෙමේ දුට්ඨුල්ලයට පැමිණියේය. අත්තකාමපාරිචරියාවට පැමිණියේය. කායසංසග්ගරාගයට පැමිණියේයයි මෙසේ කියන මහණහුට ඇවැත් නොවේ. “ආපත්තිං ආරොචෙතිං” මෙතෙමේ පාරාජිකයට පැමිණියේය, සඞ්ඝාදිසෙසයට, ථුල්ලච්චයට, පාචිත්තියට, පාටිදෙසනීයට, දුක්කටයට. දුබ්භාසිතයට පැමිණියේය’යි කියා නම් ඇවැත් නොවේ. ‘මේ මහණ ශුක්ල මුදා සඞ්ඝාදිසෙසයට පැමිණියේය, යනාදි නයින් වස්තුව සමග ඇවැත ගටා ආරොචනය කරන මහණහුටම ඇවැත් වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. දුක්‍ඛවෙදනයි.

දුට‍්ඨුල‍්ලාරොචනසික‍්ඛාපදං නවමං.

නවවන දුට්ඨුල්ලාරොචන ශික්‍ෂාපදයයි.

පථවීඛණනසික‍්ඛාපදවණ‍්ණනා

පඨවිඛණන ශික්‍ෂාපද වර්ණනාව

දසමසික‍්ඛාපදෙ – ජාතා ච පථවී අජාතා ච පථවීති ඉමෙහි පදෙහි ජාතපථවිඤ‍්ච අජාතපථවිඤ‍්ච දස‍්සෙති. අප‍්පපාසාණාදීසු අප‍්පා පාසාණා එත්‍ථාති අප‍්පපාසාණාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍ථ මුට‍්ඨිප‍්පමාණතො උපරි පාසාණාති වෙදිතබ‍්බා, මුට‍්ඨිප‍්පමාණා සක‍්ඛරා. කථලාති කපාලඛණ‍්ඩානි. මරුම‍්බාති කටසක‍්ඛරා. වාලිකාති වාලුකායෙව. යෙභුය්‍යෙන පංසුකාති තීසු කොට‍්ඨාසෙසු ද‍්වෙ කොට‍්ඨාසා පංසු, එකො පාසාණාදීසු අඤ‍්ඤතරො. අදඩ‍්ඪාපීති උද‍්ධනපත‍්තපචනකුම‍්භකාරාවාපාදිවසෙන තථා තථා අදඩ‍්ඪා. සා පන විසුං නත්‍ථි, සුද‍්ධපංසුආදීසු අඤ‍්ඤතරාව වෙදිතබ‍්බා. යෙභුය්‍යෙනසක‍්ඛරාති බහුතරා සක‍්ඛරා. හත්‍ථිකුච‍්ඡියං කිර එකපච‍්ඡිපූරං ආහරාපෙත්‍වා දොණියං ධොවිත්‍වා පථවියා යෙභුය්‍යෙන සක‍්ඛරභාවං ඤත්‍වා සයං භික‍්ඛූ පොක‍්ඛරණිං ඛණිංසු. යානි පන මජ‍්ඣෙ “අප‍්පපංසු අප‍්පමත‍්තිකා”ති ද‍්වෙ පදානි, තානි යෙභුය්‍යෙනපාසාණාදිපඤ‍්චකමෙව පවිසන‍්ති තෙසංයෙව හි ද‍්වින‍්නං පභෙදදස‍්සනමෙතං. සයං ඛණති ආපත‍්ති පාචිත‍්තියස‍්සාති එත්‍ථ පහාරෙ පහාරෙ පාචිත‍්තියං වෙදිතබ‍්බං. සකිං ආණත‍්තො බහුකම‍්පි ඛණතීති සචෙපි සකලදිවසං ඛණති, ආණාපකස‍්ස එකංයෙව පාචිත‍්තියං. සචෙ පන කුසිතො හොති, පුනප‍්පුනං ආණාපෙතබ‍්බො. තං ආණාපෙත්‍වා ඛණාපෙන‍්තස‍්ස වාචාය වාචාය පාචිත‍්තියං. අයං තාව පාළිවණ‍්ණනා.

දසවන ශික්‍ෂාපදයෙහි “ජානා ච පඨවි අජාතා ච පඨවි” යන මේ පදයන්ගෙන් ජාතපඨවියත් අජාතපඨවියත් දක්වන්නේය. “අප්පපාසාණ” යනාදීන් අතුරෙහි ‘මදක් පාසාණ මෙහිනු’යි අප්පපාසාණයි. මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. එහි මිට පමණින් මත්තෙහි වූ පාසාණයෝයි දතයුතුය. මිට පමණවූ ගල්කැට “සක්‍ඛරා” නම්වෙත්. “කඨලා” කැට කැබැලිති. “මරුම්බා” කැටගල් “වාලිකා” වැලිමි. “යෙභුය්‍යෙන පංසු” තුන් කොටසින් දෙකොටසක් පස්. එක් කොටසක් පාසාණාදීන් අතුරෙහි එක්තරා කොටසෙකි. “අදඩ්ඪාපි” උඳුන් පාපිසුම් කුඹල්වප් ආදීන්ගේ වසයෙන් ඒ ඒ පරිදි නොදැවුනු බිම. ඒ බිම වෙන්ව නැත්තීය. පිරිසිදු පස් ආදීන් අතුරෙහි එක්තරා බිමක්ම දතයුත්තීය. “යෙභුය්‍යෙන සක්‍ඛරා” ඉතා බොහෝවූ මිට පමණ ගල්කැට ඇති බිම. හස්තිකුක්‍ෂි ප්‍රදෙශයෙහි එක් පැසක් පුරවා ගෙන්වා දෙණක ලා සෝදා පොළොවෙහි බොහෝ සෙයින් ගල්කැට ඇතිබව දැන භික්‍ෂූහු තුමූ පොකුණක් සෑරූහ. ‘මජෙක්‍ඛ අප්පපංසු අප්පමත්තිකා’යි යම් දෙපදකෙනෙක් වෙත්ද, ඒ දෙපදයෝ බොහෝ සෙයින් පාසාණාදිපඤ්චකයටම ඇතුළත් වෙත්. ඒ දෙපදයන්ගේම මේ ප්‍රභෙද දැක්වීමය. “සයං ඛන්ති ආපත්ති පාචිත්තියස්ස” යන මෙහි පහරක් පහරක් පාසා පාචිත්තිය දතයුතුය. “සකිං ආණනෙති බහුකම්පි ඛන්තො” මුළු දවස සාරාද, වරක් ඇණවූ මහණහුට එක්ම පාචිත්තියක් වේ. ඉදින් කුසීතවේද, නැවැත නැවැත ඇණවිය යුත්තේය. ඒ කුසීතයා අනවා සාරවන මහණහුට වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. මේ වනාහි පාලිවර්‍ණනා තොමෝය.

අයං පන පාළිමුත‍්තකවිනිච‍්ඡයො – “පොක‍්ඛරණිං ඛණා”ති වදති, වට‍්ටති. ඛතායෙව හි පොක‍්ඛරණී නාම හොති, තස‍්මා අයං කප‍්පියවොහාරො. එස නයො “වාපිං තළාකං ආවාටං ඛණා”තිආදීසුපි. “ඉමං ඔකාසං ඛණ, ඉමස‍්මිං ඔකාසෙ පොක‍්ඛරණිං ඛණා”ති වත‍්තුං පන න වට‍්ටති. “කන්‍දං ඛණ, මූලං ඛණා”ති අනියාමෙත්‍වා වත‍්තුං වට‍්ටති. “ඉමං වල‍්ලිං ඛණ, ඉමස‍්මිං ඔකාසෙ කන්‍දං වා මූලං වා ඛණා”ති වත‍්තුං න වට‍්ටති. පොක‍්ඛරණිං සොධෙන‍්තෙහි යො කුටෙහි උස‍්සිඤ‍්චිතුං සක‍්කා හොති තනුකකද‍්දමො, තං අපනෙතුං වට‍්ටති, බහලං න වට‍්ටති. ආතපෙන සුක‍්ඛකද‍්දමො ඵලති, තත්‍ර යො හෙට‍්ඨා පථවියා අසම‍්බද‍්ධො, තමෙව අපනෙතුං වට‍්ටති. උදකෙන ගතට‍්ඨානෙ උදකපප‍්පටකො නාම හොති, වාතප‍්පහාරෙන චලති, තං අපනෙතුං වට‍්ටති.

මේ වනාහි පාළිමුත්තක විනිශ්චයයි පොකුණක් සාරව’යි කියාද, වටියි. කනින ලද්දීම පොක්‍ඛරණී නම්වේද, එහෙයින් මෙය කප්පිය ව්‍යවහාරය වේ. වැවක් තටාකයක් වළක් සාරව යනාදියෙහිද මේ නයවේ. මේ අවකාශය සාරව, මේ අවකාශයෙහි පොකුනක් සාරවයි කියනු නොවටියි. අල හාරව, මුල හාරව’යි නියම නොකොට කියනු වටියි. ‘මේ වැල හාරව, මේ අවකාශයෙහි අලයක් හෝ මුලක් හෝ හාරවයි කීම නොවටියි. පොකුණ ශුද්ධ කරන්නවුන් විසින් යම් දිය මිශ්‍ර මඩක් කළවලින් ඉසින්නට හැක්කේ වේද, ඒ මඩ පහකරන්නට වටියි. ඝනවූ මඩ පහකිරීම නොවටියි. අව්වෙන් වියලුනු මඩ පැලීයයි. එහි යම් මඩක්යට පොළොව හා සම්බන්‍ධ නොවූයේද, ඒ මඩ පහකළ හැකිය. දිය ගලාගිය තැන රොන්මඩ වේ. හුළං පහරින් එය සැලෙන්නේය. එය බැහැර කිරීම වටියි.

පොක‍්ඛරණීආදීනං තටං භිජ‍්ජිත්‍වා උදකසාමන‍්තා පතති, සචෙ ඔමකචාතුමාසං ඔවට‍්ඨං, ඡින්‍දිතුං වා භින්‍දිතුං වා වට‍්ටති, චාතුමාසතො උද‍්ධං න වට‍්ටති. සචෙ පන උදකෙයෙව පතති, දෙවෙ අතිරෙකචාතුමාසං ඔවට‍්ඨෙපි උදකෙයෙව උදකස‍්ස පතිතත‍්තා වට‍්ටති. පාසාණපිට‍්ඨියං සොණ‍්ඩිං ඛණන‍්ති, සචෙ තත්‍ථ පඨමමෙව සුඛුමරජං පතති, තඤ‍්චෙ දෙවෙන ඔවට‍්ඨං හොති, චාතුමාසච‍්චයෙන අකප‍්පියපථවීසඞ‍්ඛ්‍යං ගච‍්ඡති. උදකෙ පරියාදිණ‍්ණෙ සොණ‍්ඩිං සොධෙන‍්තෙහි තං විකොපෙතුං න වට‍්ටති. සචෙ පඨමමෙව උදකෙන පූරති, පච‍්ඡා රජං පතති, තං විකොපෙතුං වට‍්ටති. තත්‍ථ හි දෙවෙ වස‍්සන‍්තෙපි උදකෙයෙව උදකං පතතීති. පිට‍්ඨිපාසාණෙ සුඛුමරජං හොති, දෙවෙ ඵුසායන‍්තෙ අල‍්ලීයති, තම‍්පි චාතුමාසච‍්චයෙන විකොපෙතුං න වට‍්ටති. සචෙ පන අකතපබ‍්භාරෙ වම‍්මිකො උට‍්ඨිතො හොති, යථාසුඛං විකොපෙතුං වට‍්ටති. සචෙ අබ‍්භොකාසෙ උට‍්ඨහති, ඔමකචාතුමාසං ඔවට‍්ඨොයෙව වට‍්ටති. රුක‍්ඛාදීසු ආරුළ‍්හඋපචිකාමත‍්තිකායපි එසෙව නයො. ගණ‍්ඩුප‍්පාදගූථමූසිකුක‍්කරගොකණ‍්ටකාදීසුපි එසෙව නයො.

පොකුණු ආදීන්ගේ ඉවුර බිඳ ජලයෙහි හාත්පස වැටේද, ඉදින් සිවුමසට අඩුව වැස්සෙන් තෙමුනේද, සිඳ හෑරීම හෝ බිඳහෑරීම වටියි. සිවුමසට වැඩිකලක් තෙමුනේද සිඳහෑරීම හා බිඳහෑරීම නොවටියි. ඉදින් ජලයෙහිම වැටේද, සිවුමසට වැඩියක් වැසි වට කල්හිද ජලයෙහිම ජලය වැටුනු බැවින් සිඳීම හා බිඳීම කළ හැකිය. ගල්පිට ගම්පොකුණක් සාරත්ද, ඉදින් එහි පළමු කොටම සියුම් රජස් වැටේද, එය වැස්සෙන් තෙමුනේද, සිවුමස ඇවෑමෙන් අකප්පිය පඨවි සඞ්ඛ්‍යාවට යන්නේය. ජලය සිඳීගිය කල්හි ගම්පොකුණ ශුද්ධ කරන මහණුන් විසින් එය සිඳීම බිඳීම නොවටියි. ඉදින් පළමු කොටම ජලයෙන් පිරීයේද, ඉන්පසු රජස් වැටේද, එකල්හි ඒ රජස් සිඳ බිඳ හැරීම සුදුසුය. එහි වැසි වස්නා කල්හිද ජලයෙහිම ජලය වැටේ’යි, ගලපිට සියුම් රජස් වේද, එය වැසි වැටෙන කල්හි ඇලීයේද, එද සිවුමසක ඇවෑමෙන් විකොපනය කිරීම නොවටියි. පරිභොග නොකළ ඉදිරියට නැවීසිටි පෙදෙසෙහි තුඹසක් නැගී සිටියේවේද, රුචිසේ විකොපනය කළ හැකිය. අභ්‍යවකාශයෙහි නගීද, සිවුමසට අඩුකලක් තෙමුනේම සිඳ බිඳ හැරීම කළ හැකිය. ගස්වැල් ආදියෙහි නැගුණු, වේතුඹස් ආදියෙහිද මේ නයම වේ.

ගොකණ‍්ටකො නාම ගාවීනං ඛුරච‍්ඡින‍්නකද‍්දමො වුච‍්චති. සචෙ පන හෙට‍්ඨිමතලෙන භූමිසම‍්බන්‍ධො හොති, එකදිවසම‍්පි න වට‍්ටති. කසිතට‍්ඨානෙපි නඞ‍්ගලච‍්ඡින‍්නමත‍්තිකාපිණ‍්ඩං ගණ‍්හන‍්තස‍්ස එසෙව නයො. පුරාණසෙනාසනං හොති අච‍්ඡදනං වා විනට‍්ඨච‍්ඡදනං වා, අතිරෙකචාතුමාසං ඔවට‍්ඨං ජාතපථවීසඞ‍්ඛ්‍යමෙව ගච‍්ඡති. තතො අවසෙසං ඡදනිට‍්ඨකං වා ගොපානසීආදිකං උපකරණං වා “ඉට‍්ඨකං ගණ‍්හාමි ගොපනසිං භිත‍්තිපාදං පදරත්‍ථරණං පාසාණත්‍ථම‍්භං ගණ‍්හාමී”ති සඤ‍්ඤාය ගණ‍්හිතුං වට‍්ටති. තෙන සද‍්ධිං මත‍්තිකා පතති, අනාපත‍්ති. භිත‍්තිමත‍්තිකං ගණ‍්හන‍්තස‍්ස පන ආපත‍්ති. සචෙ යා යා අතින‍්තා තං තං ගණ‍්හාති, අනාපත‍්ති.

ගැඩවිල් මලමීයන් බල්ලන් නැගුපස ගවකූරෙන් නැගි මැටි යනාදියෙහිද මේ නයම වේ. ගොකණ්ටක නම් දෙනුන්ගේ කුරයෙන් සිදුනු මඩ’යි කියනු ලැබේ. ඉදින් යටි පැත්තෙන් භූමිය හා සම්බන්‍ධ වේ නම් එක් දවසකුත් වැස්සෙන් සිඳීම බිඳීම නොවටියි. සීසෑතන්හිදු නගුලෙන් සිඳුනු මැටිපිඬ ගන්නා මහණහුට මේ නයම වේ. පැරණි සෙනසුනක්, සෙවිල්ලක් නැත්තේ හෝ වේද, නැසුනු පලය ඇත්තේ හෝ වේද, සිවු මසට වැඩිකලක් තෙමුනේ ජාතපඨවිසඞ්ඛ්‍යාවටම යන්නේය. එයින් සෙසු සෙවෙනි උළු හෝ පරාල ආදීවූ උපකරණයක් හෝ ‘උළු ගණිමි, පරාල බිතුපා අතුළලෑලි ගල්ටැම් ගණිමි’යි යන හැඟීමෙන් ගැනීම වටියි. ඒ පරාල ආදිය සමග මැටි ඇද වැටේද, ඇවැත් නොවේ. බිතුමැටි ගන්නා මහණහුට ඇවැත් වේ. ඉදින් යම් යම් මැටියක් නොතෙමුනීද, ඒ ඒ මැටි ගණීද ඇවැත් නොවේ.

අන‍්තොගෙහෙ මත‍්තිකාපුඤ‍්ජො හොති, තස‍්මිං එකදිවසං ඔවට‍්ඨෙ ගෙහං ඡාදෙන‍්ති, සචෙ සබ‍්බො තින‍්තො චාතුමාසච‍්චයෙන ජාතපථවීයෙව. අථස‍්ස උපරිභාගොයෙව තින‍්තො, අන‍්තො අතින‍්තො, යත‍්තකං තින‍්තං තං කප‍්පියකාරකෙහි කප‍්පියවොහාරෙන අපනාමෙත්‍වා සෙසං යථාසුඛං වළඤ‍්ජෙතුං වට‍්ටති. උදකෙන තෙමෙත්‍වා එකාබද‍්ධායෙව හි ජාතපථවී හොති, න ඉතරාති.

ගෙයතුළ මැටි ගොඩක් වේද, ඒ මැටිගොඩ එක් දවසක් තෙමුනු කල්හි ඒ ගෙය සෙවිලි කරත්ද, සියල්ල තෙමුනේ සිවුමස ඇවෑමෙන් ජාතපඨවියම වේ. මේ මැටිගොඩෙහි මතුභාගයම තෙමුනේ ඇතුළත නොතෙමුනේ යම්පමණ තෙමුනේද ඒ තෙමුණු මැටි කැපකරුවන් ලවා කැපවහරින් පහකරවා ඉතිරිය රුචිසේ පරිභොග කිරීම වටියි. අහස් දියෙන් තෙමී මැටි බිම හා ඒකාබද්ධ වීද ජාතපඨවියම වේ. අහස් දියෙන් නොතෙමී ඒකාබද්ධ නොවූ අන් මැටි ජාතපඨවිය නොවේ.

අබ‍්භොකාසෙ මත‍්තිකාපාකාරො හොති, අතිරෙකචාතුමාසං චෙ ඔවට‍්ඨො ජාතපථවීසඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තත්‍ථ ලග‍්ගපංසුං පන අල‍්ලහත්‍ථෙන ඡුපිත්‍වා ගහෙතුං වට‍්ටති. සචෙ ඉට‍්ඨකපාකාරො හොති, යෙභුය්‍යෙනකථලට‍්ඨානෙ තිට‍්ඨති, යථාසුඛං විකොපෙතුං වට‍්ටති. අබ‍්භොකාසෙ ඨිතමණ‍්ඩපත්‍ථම‍්භං ඉතො චිතො ච සඤ‍්චාලෙත්‍වා පථවිං විකොපෙන‍්තෙන ගහෙතුං න වට‍්ටති, උජුකමෙව උද‍්ධරිතුං වට‍්ටති. අඤ‍්ඤම‍්පි සුක‍්ඛරුක‍්ඛං වා සුක‍්ඛඛාණුකං වා ගණ‍්හන‍්තස‍්ස එසෙව නයො. නවකම‍්මත්‍ථං පාසාණං වා රුක‍්ඛං වා දණ‍්ඩකෙහි උච‍්චාලෙත්‍වා පවට‍්ටෙන‍්තා ගච‍්ඡන‍්ති, තත්‍ථ පථවී භිජ‍්ජති, සචෙ සුද‍්ධචිත‍්තා පවට‍්ටෙන‍්ති, අනාපත‍්ති. අථ පන තෙන අපදෙසෙන පථවිං භින්‍දිතුකාමායෙව හොන‍්ති, ආපත‍්ති. සාඛාදීනි කඩ‍්ඪන‍්තානම‍්පි පථවියං දාරූනි ඵාලෙන‍්තානම‍්පි එසෙව නයො.

අභ්‍යවකාශයෙහි මැටියෙන් කළ පවුරෙක්වේද, සිවුමසකට වැඩි කලක් තෙමුනේද ජාතපඨවිසඞ්ඛ්‍යාවට යන්නේය. එහි ඇලුනු පස් තෙත් අතින් පහසාගත හැකිය. ඉදින් ගඩොලින් කළ පවුරෙක්වේද, එය බොහෝසෙයින් මිට පමණවූ කැබැලිති තන්හි සිටියි. එහෙයින් රිසිසේ විකොපනය කළ හැකිය. අභ්‍යවකාශයෙහි සිටුවා තිබූ මඩු ටැඹ ඔබ මොබ සොලොවා පෘථිවිය විකොපනය කරන්නහු විසින් ගැනීම නොවටියි. සෘජුවම ඉදිරීම දොසක් නොවේ. අන් වියලි රුකක් හෝ වියලි කණුවක් හෝ ගන්නාවූ මහණහුට මෙම නය වේ. නවකර්‍මාන්ත පිණිස ටැඹක් හෝ ගලක් හෝ රුකක් හෝ දණ්ඩෙන් ඔසොවා පෙරළමින් යෙත්ද, එහි පොළොව බිඳීයේද, එහෙත් පොළොව නොබිඳිමියි පිරිසිදු සිත් ඇත්තාහු පෙරළත්ද ඇවැත් නොවේ. නැවැත ඒ කරණකොට පොළොව බිඳිනු කැමැත්තාහුම වෙත්ද, ඇවැත් වේ. අතු ආදිය කඩන මහණුන්ටද පොළොවෙහිලා දැව පලන මහණුන්ටද මෙම නයය.

පථවියං අට‍්ඨිසූචිකණ‍්ටකාදීසුපි යංකිඤ‍්චි ආකොටෙතුං වා පවෙසෙතුං වා න වට‍්ටති. පස‍්සාවධාරාය වෙගෙන පථවිං භින්‍දිස‍්සාමීති එවං පස‍්සාවම‍්පි කාතුං න වට‍්ටති, කරොන‍්තස‍්ස භිජ‍්ජති, ආපත‍්ති. විසමභූමිං සමං කරිස‍්සාමීති සම‍්මුඤ‍්ජනියා ඝංසිතුම‍්පි න වට‍්ටති, වත‍්තසීසෙනෙව හි සම‍්මජ‍්ජිතබ‍්බං. කෙචි කත‍්තරයට‍්ඨියා භූමිං කොට‍්ටෙන‍්ති, පාදඞ‍්ගුට‍්ඨකෙන විලිඛන‍්ති, “චඞ‍්කමිතට‍්ඨානං දස‍්සෙස‍්සාමා”ති පුනප‍්පුනං භූමිං භින්‍දන‍්තා චඞ‍්කමන‍්ති, සබ‍්බං න වට‍්ටති. වීරියසම‍්පග‍්ගහත්‍ථං පන සමණධම‍්මං කරොන‍්තෙන සුද‍්ධචිත‍්තෙන චඞ‍්කමිතුං වට‍්ටති, “හත්‍ථං ධොවිස‍්සාමා”ති පථවියං ඝංසන‍්ති, න වට‍්ටති. අඝංසන‍්තෙන පන අල‍්ලහත්‍ථං පථවියං ඨපෙත්‍වා රජං ගහෙතුං වට‍්ටති. කෙචි කණ‍්ඩුකච‍්ඡුආදීහි ආබාධිකා ඡින‍්නතටාදීසු අඞ‍්ගපච‍්චඞ‍්ගානි ඝංසන‍්ති න වට‍්ටති.

පොළොවෙහි ගොමහිෂාදි ඇට ඉදිකටු රුක්කටු ආදීන් අතුරෙහි යම් කිසිවක් එක් කොණක් බිම ඇතුල්වන සේ තළන්නට හෝ ඇතුල් කරන්නට හෝ නොවටියි. මුත්‍ර ධාරාවේගයෙන් පොළොව බිඳින්නෙමි’යි මෙසේ සිතා මුත්‍ර කිරීමද වරද සහිතය. පොළොව සෑරෙන සේ මුත්‍ර කරන මහණහුට ඇවැත් වේ. විසමබිම සමකරන්නෙමියි මුස්නෙන් ගැටීමද නොසුදුසුය. වත්හිසින්ම හැමන්ද යුතුය. සමහර කෙනෙක් සැරයටියෙන් බිම කොටත්ද, පා ඇහිල්ලෙන් ඉරිගසත්ද, සක්මන් කළ තැන දක්වන්නෙමු’යි නැවැත නැවැත පොළොව බිඳිමින් සක්මන් කෙරෙත්ද, මේ සියල්ල නොවටනේය. වීර්‍ය්‍යයට රුකුල් දෙනු පිණිස ශ්‍රමණධර්‍මය කරන්නහු විසින් පිරිසිදු සිතින් සක්මන් කිරීමෙහි දොසක් නැත්තේය. එසේ සක්මන් කරන්නහුට පොළොව බිඳී ගියේද, ඇවැත් නොවේ. අත සෝදන්නෙමි, පොළොවෙහි ගටත්ද, එද දොස් සහිතය. අත පොළොවෙහි නොගටන්නහු විසින්, තෙත් අත පොළොවෙහි තබා රජස් ගෙණ අත සේදීම වටියි. ඇතැම් කෙනෙක් කණ්ඩුකච්ඡු ආදියෙන් පීඩිත වූවාහු සිඳුනු තටාදියෙහි සිරුරු අවයව ගටත්ද එද දොස් සහිතය.

ඛණති වා ඛණාපෙති වාති අන‍්තමසො පාදඞ‍්ගුට‍්ඨකෙනපි සම‍්මජ‍්ජනීසලාකායපි සයං වා ඛණති, අඤ‍්ඤෙන වා ඛණාපෙති. භින්‍දති වා භෙදාපෙති වාති අන‍්තමසො උදකම‍්පි ඡඩ‍්ඩෙන‍්තො සයං වා භින්‍දති, අඤ‍්ඤෙන වා භින්‍දාපෙති. දහති වා දහාපෙති වාති අන‍්තමසො පත‍්තම‍්පි පචන‍්තො සයං වා දහති, අඤ‍්ඤෙන වා දහාපෙති. යත‍්තකෙසු ඨානෙසු අග‍්ගිං දෙති වා දාපෙති වා තත‍්තකානි පාචිත‍්තියානි. පත‍්තං පචන‍්තෙනපි හි පුබ‍්බෙ පක‍්කට‍්ඨානෙයෙව හි පචිතබ‍්බො. අදඩ‍්ඪාය පථවියා අග‍්ගිං ඨපෙතුං න වට‍්ටති. පත‍්තපචනකපාලස‍්ස පන උපරි අග‍්ගිං ඨපෙතුං වට‍්ටති. දාරූනං උපරි ඨපෙති , සො අග‍්ගි තානි දහන‍්තො ගන‍්ත්‍වා පථවිං දහති, න වට‍්ටති. ඉට‍්ඨකකපාලාදීසුපි එසෙව නයො.

“ඛනති වා ඛනාපෙති වා” යටත් පිරිසෙයින් පාඇඟිල්ලෙනුදු, මුසුන් ඉරටකිනුදු තෙමේ හෝ සාරාද, අනිකකු ලවා හෝ සාරවාද, “භින්‍දති වා භින්‍දාපෙතිවා” යටත් පිරිසයින් ජලයද දමන්නේ තෙමේ හෝ බිඳීද, අනිකකු ලවා හෝ බින්දවාද, “දහති වා දහාපෙති වා” යටත් පිරිසයින් පාත්‍රයකුදු පුළුස්සනුයේ තෙමේ හෝ දවාද, අනිකකු ලවා හෝ දවවාද, යම් පමණ තැනෙක්හි ගිනි දෙන්නේ හෝ දෙවවන්නේ හෝ එපමණ පාචිත්තියාපත්තීහු වෙත්, පා පුළුස්සන්නහු විසින්, පෙර පිළිස්සූ තැනෙක්හිම පිළිස්සිය යුතුය. නොදැ පොළොවෙහි ගිනි තැබීම නොවටියි. පා පුළුස්සන කබල මතුයෙහි ගිනි තැබීමෙහි දොසක් නැත්තේය. දැව මතුවෙහි ගිනි තබාද ඒ තැබූ ගින්න ඒ දැව දවමින් ගොස් පොළොව දවාද නොවටියි. ගඩොල්කබල් ආදියෙහිද මෙම නයයි.

තත්‍රාපි හි ඉට‍්ඨකාදීනංයෙව උපරි ඨපෙතුං වට‍්ටති. කස‍්මා? තෙසං අනුපාදානත‍්තා. න හි තානි අග‍්ගිස‍්ස උපාදානසඞ‍්ඛ්‍යං ගච‍්ඡන‍්ති. සුක‍්ඛඛාණුසුක‍්ඛරුක‍්ඛාදීසුපි අග‍්ගිං දාතුං න වට‍්ටති. සචෙ පන පථවිං අප‍්පත‍්තමෙව නිබ‍්බාපෙත්‍වා ගමිස‍්සාමීති දෙති, වට‍්ටති. පච‍්ඡා නිබ‍්බාපෙතුං න සක‍්කොති, අවිසයත‍්තා අනාපත‍්ති. තිණුක‍්කං ගහෙත්‍වා ගච‍්ඡන‍්තො හත්‍ථෙ ඩය‍්හමානෙ භූමියං පාතෙති, අනාපත‍්ති. පතිතට‍්ඨානෙයෙව උපාදානං දත්‍වා අග‍්ගිං කාතුං වට‍්ටතීති මහාපච‍්චරියං වුත‍්තං. දඩ‍්ඪපථවියා ච යත‍්තකං ඨානං උසුමාය අනුගතං, සබ‍්බං විකොපෙතුං වට‍්ටතීති තත්‍ථෙව වුත‍්තං. යො පන අජානනකො භික‍්ඛු අරණීසහිතෙන අග‍්ගිං නිබ‍්බත‍්තෙත්‍වා හත්‍ථෙන උක‍්ඛිපිත්‍වා “කිං කරොමී”ති වදති, “ජාලෙහී”ති වත‍්තබ‍්බො, “හත්‍ථො ඩය‍්හතී”ති වදති, “යථා න ඩය‍්හති තථා කරොහී”ති වත‍්තබ‍්බො. “භූමියං පාතෙහී”ති පන න වත‍්තබ‍්බො. සචෙ හත්‍ථෙ ඩය‍්හමානෙ පාතෙති “පථවිං දහිස‍්සාමී”ති අපාතිතත‍්තා අනාපත‍්ති. පතිතට‍්ඨානෙ පන අග‍්ගිං කාතුං වට‍්ටතීති කුරුන්‍දියං වුත‍්තං.

එහිදු ගඩොල් ආදීන්ගේම මතුපිට තැබීම වටියි. කුමක් හෙයින, යත්: ඔවුන් ගිනිගන්නා දර නොවන බැවිනි. ඒ ගඩොල් ගින්නගේ උපාදානසඞ්ඛ්‍යාවට හෙවත් දර ගණනට නොයත්. වියලිකණු වියලිරුක් ආදියෙහි ගිනි දීම නොවටියි. පොළොවට නොපැමිණියක්ම නිවා යන්නෙමි’යි දේනම් වටියි. නිවන්නට නොහැකි වන බැවින් පසුව නිවන්නට නොහැකිවේද, ඇවැත් නොවේ. තණහුලක් ගෙන යන්නේ අත දවනු ලබන කල්හි බිම හෙළාද, ඇවැත් නොවේ. වැටුනු තැනම දර දමා ගිනි දැල්වීම වටීය’යි මහාපච්චරියෙහි කියන ලදී. දැවුනු පොළොවෙහිද යම් පමණ තැන උණුසුමෙන් යුක්තවේද, සියල්ල විකොපනය කිරීම වටීය’යි එහිම කියනලදී. නොදන්නාවූ යම් මහණෙක් තෙමේ ගිනි ගානා දඬු සහිත යමකින් ගිනි උපදවා අතින් ඔසොවා ‘කුමක් කෙරෙම්දැ’යි විචාරාද, එකල්හි ‘දල්වවයි’, කිය යුතුය. ‘අත දනු ලැබේයයි කියා නම්, ‘යම්සේ නොදැවේද, එසේ කරව’යි කිය යුතුය. ‘බිම පොළව’යි නොකිය යුතුය. අත දනු ලබන කල්හි හෙළාද, ‘පොළොව දවන්නෙමි’ නොදැමු බැවින් ඇවැත් නොවේ. වැටුනු තැන ගිනි දැල්වීම වටීය’යි කුරුන්‍දියෙහි කියනලදී.

අනාපත‍්ති ඉමං ජානාතිආදීසු “ඉමස‍්ස ථම‍්භස‍්ස ආවාටං ජාන, මහාමත‍්තිකං ජාන, ථුසමත‍්තිකං ජාන, මහාමත‍්තිකං දෙහි, ථුසමත‍්තිකං දෙහි, මත‍්තිකං ආහර, පංසුං ආහර, මත‍්තිකාය අත්‍ථො, පංසුනා අත්‍ථො, ඉමස‍්ස ථම‍්භස‍්ස ආවාටං කප‍්පියං කරොහි, ඉමං මත‍්තිකං කප‍්පියං කරොහි, ඉමං පංසුං කප‍්පියං කරොහී”ති එවමත්‍ථො වෙදිතබ‍්බො.

“අනාපත්ති ඉමං ජානානි” යනාදි තන්හි ‘මේ ටැඹට වළක් දනුව, මහමැටිය දනුව, කටුමැටිය දනුව, මහමැටිය දෙව, කටුමැටිය දෙව, මැටි ගෙණ එව. පස් ගෙණ එව, මැටියෙන් ප්‍රයෝජන ඇත්තේය. පසින් ප්‍රයෝජන ඇත්තේය. මේ ටැඹට වළ කැප කරව, මේ මැටි කැප කරව, මේ පස් කැප කරව’යි මෙසේ අර්‍ත්‍ථය දතයුත්තේය.

අසඤ‍්චිච‍්චාති පාසාණරුක‍්ඛාදීනි වා පවට‍්ටෙන‍්තස‍්ස කත‍්තරදණ‍්ඩෙන වා ආහච‍්ච ආහච‍්ච ගච‍්ඡන‍්තස‍්ස පථවී භිජ‍්ජති, සා “තෙන භින්‍දිස‍්සාමී”ති එවං සඤ‍්චිච‍්ච අභින‍්නත‍්තා අසඤ‍්චිච‍්ච භින‍්නා නාම හොති. ඉති අසඤ‍්චිච‍්ච භින්‍දන‍්තස‍්ස අනාපත‍්ති. අසතියාති අඤ‍්ඤවිහිතො කෙනචි සද‍්ධිං කිඤ‍්චි කථෙන‍්තො පාදඞ‍්ගුට‍්ඨකෙන වා කත‍්තරයට‍්ඨියා වා පථවිං විලිඛන‍්තො තිට‍්ඨති, එවං අසතියා විලිඛන‍්තස‍්ස වා භින්‍දන‍්තස‍්ස වා අනාපත‍්ති. අජානන‍්තස‍්සාති අන‍්තොගෙහෙ ඔවට‍්ඨං ඡන‍්නං පථවිං “අකප‍්පියපථවී”ති න ජානාති, “කප‍්පියපථවී”ති සඤ‍්ඤාය විකොපෙති, “ඛණාමි භින්‍දාමි දහාමී”ති වා න ජානාති , කෙවලං සඞ‍්ගොපනත්‍ථාය ඛණිත‍්තාදීනි වා ඨපෙති, ඩය‍්හමානහත්‍ථො වා අග‍්ගිං පාතෙති, එවං අජානන‍්තස‍්ස අනාපත‍්ති. සෙසං උත‍්තානමෙව.

“අසඤ්චිච්ච” ගල්රුක් ආදිය හෝ පෙරළන මහණහුටද, සැරයටියෙන් හෝ හපා යන මහණහුටද, පොළොව බිඳේද, ‘එයින් පොළොව බිඳින්නෙමි’යි මෙසේ දැන සිතා නොබින්ද බැවින් ඒ පොළොව නොදැන බිඳින ලද්දී නම්වේ. මෙසේ නොදැන බිඳින්නහුට ඇවැත් නොවේ. “අසතියා’ අන්තන්හි යැවූ සිත් ඇත්තේ, කිසිවකු හා කිසිවක් කථා කරමින් පා ඇඟිල්ලෙන් හෝ සැරයටියෙන් පොළොවෙහි ඉරි අඳින්නහුටද, පොළොව බිඳින්නහුටද ඇවැත් නොවේ. ඇතුළුගෙයි වැසිදියෙන් තෙමුනු වැසුනු පොළොව අකප්පියපඨවි’යි නොදනියි. කැපපොළොව යන හැඟීමෙන් විකොපනය කරයි. සාරමි, බිඳිමි, දවමි’යි හෝ නොදනියි. හුදෙක් රැකීම පිණිස කුන්තානි ආදිය හෝ තබයි. දවනු ලබන අත් ඇත්තේ හෝ ගිනි හෙළයි. මෙසේ නොදන්නහුට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති. කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද උපදියි. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පථවීඛණනසික‍්ඛාපදං දසමං.

දසවන පඨවිඛන්න ශික්‍ෂාපදයයි.

සමත‍්තො වණ‍්ණනාක‍්කමෙන මුසාවාදවග‍්ගො පඨමො.

වර්‍ණනා ක්‍රමයෙන් ප්‍රථම මුසාවාදවර්‍ගය සමාප්තය.