යෙදුමෙන් කියවන්න

ධම‍්මදෙසනාසික‍්ඛාපදං

6. 1. 7.

6. 1. 7.

ධම‍්මදෙසනාසික‍්ඛාපදං

ධම්මදේසනා ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී සාවත්‍ථියං කුලූපගො හොති. බහුකානි කුලානි උපසඞ‍්කමති. අථ ඛො ආයස‍්මා උදායී පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙනඤ‍්ඤතරං කුලං තෙනුපසඞ‍්කමි. තෙන ඛො පන සමයෙන ඝරණී නිවෙසනද‍්වාරෙ නිසින‍්නා හොති. ඝරසුණ‍්හා ආවසථද‍්වාරෙ නිසින‍්නා හොති. අථ ඛො ආයස‍්මා උදායී යෙන ඝරණී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ඝරණියා උපකණ‍්ණකෙ ධම‍්මං දෙසෙති. අථ ඛො ඝරසුණ‍්හාය එතදහොසි කින‍්නු ඛො සො සමණො සස‍්සුයා ජාරො උදාහු ඔභාසතීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සැවැතෙහි කුලයන් කරා එළැඹෙනු වෙති. බොහෝ කුලවලට එළැඹෙති. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරැවැ පා සිවුරු ගෙන එක්තරා කුලයකට එළැඹියහ. එසමයෙහි ගෙඅඹුව ගෙහි මහදොරැ හුන්නී වෙයි. ගෙහි ලෙහෙළිය ගබඩා දොරැ හුන්නී වෙයි. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුව වෙත එළැඹියහ. එළැඹැ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසති. එකල්හි ගෙහි ලෙහෙළියට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ නැඳියගේ සොරසැමියෙක් ද නැතහොත් නොමනා බසක් බෙණේ දැ යි.

2. අථ ඛො ආයස‍්මා උදායී ඝරණියා උපකණ‍්ණකෙ ධම‍්මං දෙසෙත්‍වා යෙන ඝරසුණ‍්හා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ඝරසුණ‍්හාය උපකණ‍්ණකෙ ධම‍්මං දෙසෙති. අථ ඛො ඝරණියා එතදහොසි. කින‍්නු ඛො සො සමණො ඝරසුණ‍්හාය ජාරො උදාහු ඔභාසතීති.

2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙරණුවෝ ගෙඅඹුවගේ කන්මුලැ දහම් දෙසා ගෙහි ලෙහෙළිය වෙත එළැඹියහ. එළැඹ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසති. එකල්හි ගෙඅඹුවට මෙසිත විය. කිමෙක් ද තෙල මහණ ගෙහි ලෙහෙළියගේ සොරසැමියෙක් ද නැතහොත් නො මනා බසක් බෙණේ දැ යි.

3. අථ ඛො ආයස‍්මා උදායී ඝරසුණ‍්හාය උපකණ‍්ණකෙ ධම‍්මං දෙසෙත්‍වා පක‍්කාමි. අථ ඛො ඝරණී ඝරසුණ‍්හං එතදවොච: “හෙ ජෙ, කිං තෙ සො සමණො අවොචා”ති. ධම‍්මං මෙ අය්‍යො දෙසෙසි. අය්‍යාය පන කිං අවොචාති. මය‍්හම‍්පි ධම‍්මං දෙසෙසීති. තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම අය්‍යො උදායී මාතුගාමස‍්ස උපකණ‍්ණකෙ ධම‍්මං දෙසෙස‍්සති, නනු නාම විස‍්සට‍්ඨෙන විවටෙන ධම‍්මො දෙසෙතබ‍්බොති.

3. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ගෙහි ලෙහෙළියගේ කන්මුලැ දම් දෙසා නික්මගියහ. එකල්හි ගෙඅඹුව ගෙහි ලෙහෙළියට මෙය කිවු යැ. එම්බල කෙල්ල, තෙල මහණ තිට කුමක් කීයේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, මට දහම් දෙසී ය. ආර්‍ය්‍යාවට වැළිත් කුමක් කීයේ ද? මට ද දහම් දෙසී ය. එව්හු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය උදායී තෙරණුවෝ කන්මුලැ දහම් දෙසූ දැයි මොනවට නික්මුණු හඬින් විවෘත හඬින් යුතු වැ දහම් දෙසියයුතු නො වේ දැ” යි.

4. අස‍්සොසුං ඛො භික‍්ඛූ තාසං ඉත්‍ථීනං උජ‍්ඣායන‍්තීනං ඛීයන‍්තීනං විපාචෙන‍්තීනං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම ආයස‍්මා උදායී මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙස‍්සතීති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ-

4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ස්ත්‍රීන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් උදායී මාගමකට දහම් දෙසා”දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: ...

සච‍්චං කිර ත්‍වං උදායි මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙසීති.

සැබෑ ද උදායි, තෝ මාගමකට දහම් දෙසහි දැ යි?

සච‍්චං, භගවා.

සැබැවැ භාග්‍යවතුන් වහන්ස,

විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙස‍්සසි. නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ මාගමකට දහම් දෙසහි ද? හිස් පුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

“යම් මහණෙක් මාගමකට දහම් දෙසන්නේ නම් පචිති ඇවැත් වේ” යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන උපාසිකා භික‍්ඛූ පස‍්සිත්‍වා එතදවොචුං: “ඉඞ‍්ඝය්‍යා ධම‍්මං දෙසෙථා”ති. න භගිනී කප‍්පති මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙතුන‍්ති. ඉඞ‍්ඝය්‍යා ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙථ, සක‍්කා එත‍්තකෙනපි අඤ‍්ඤාතුන‍්ති. න භගිනී කප‍්පති මාතුගාමස‍්ස ධම‍්මං දෙසෙතුන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න දෙසෙසුං. උපාසිකායො උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම අය්‍යා අම‍්හෙහි යාචියමානා ධම‍්මං න දෙසෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තාසං උපාසිකානං උජ‍්ඣායන‍්තීනං ඛීයන‍්තීනං විපාචෙන‍්තීනං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ මාතුගාමස‍්ස ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. එසමයෙහි උවැසියෝ භික්‍ෂූන් දැක වහන්ස, දහම් දෙසන්නහු නම් මැනැවැයි කීහු. නැඟණියෙනි, මාගමට දහම් දෙසන්නට නො වටී. එසේ නම් වහන්ස, සපෙදෙකින් පස්පෙදෙකින් දහම් දෙසන්නහු නම් එතෙකිනුදු අවබෝධ කරන්නට හැක්ක, නැඟණියනි, මාගමට දහම් දෙසන්නට නො කැප යැ යි කුකුස් කරනුවෝ (දහම්) නො දෙසූහු. උවැසියෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යයන් වහන්සේ අප විසින් යදිනු ලබන්නාහු දහම් නො දෙසත් දැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවැසියන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමැතූ සේකැ: “මහණෙනි, මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් දහම් දෙසන්නට අනුදනිමි. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

යො පන භික‍්ඛූ මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

“යම් මහණෙක් මාගමකට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි දෙසන්නේ නම් පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

6. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භගවතා අනුඤ‍්ඤාතං මාතුගාමස‍්ස ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙතුන‍්ති, තෙ අවිඤ‍්ඤුං පුරිසවිග‍්ගහං උපනිසීදාපෙත්‍වා මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අවිඤ‍්ඤුං පුරිසවිග‍්ගහං උපනිසීදාපෙත්‍වා මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙස‍්සන‍්තීති.

6. එසමයෙහි සවග මහණහු මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් ධම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලදැ යි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස් පෙදෙකින් මත්තෙහි ධම් දෙසූහු දැ”යි.

7. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අවිඤ‍්ඤුං පුරිසවිග‍්ගහං උපනිසීදාපෙත්‍වා මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අවිඤ‍්ඤුං පුරිසවිග‍්ගහං උපනිසීදාපෙත්‍වා මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

7. ඉක්බිති ඒ භික්‍ෂූහු තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ ... සැබෑ ද මහණෙනි, තෙපි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙන මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසවු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් සිස් පුරුෂයෙනි, තෙපි දැනුම් නැති පිරිම්නියක්හු වෙතැ හිඳුවාගෙනැ මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසුවහු ද? මෝඝපුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු මාතුගාමස‍්ස උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙය්‍ය, අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන, පාචිත‍්තියන‍්ති.

“යම් මහණෙක් මාගමට සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි දැනුමැති පිරිම්නියක්හු නැති වැ දම් දෙසන්නේ නම් පචිති වේ” යයි.

8. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. මාතුගාමො නාම: මනුස‍්සිත්‍ථි න යක‍්ඛී න පෙතී න තිරච‍්ඡානගතා විඤ‍්ඤූ පටිබලා හොති සුභාසිතදුබ‍්භාසිතං දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආජානිතුං. උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහීති: අතිරෙකඡප‍්පඤ‍්චවාචාහි. ධම‍්මො නාම: බුද‍්ධභාසිතො සාවකභාසිතො ඉසිභාසිතො දෙවතාභාසිතො අත්‍ථූපසඤ‍්හිතො ධම‍්මූපසඤ‍්හිතො. දෙසෙය්‍යාති: පදෙන දෙසෙති පදෙ පදෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අක‍්ඛරාය දෙසෙති, අක‍්ඛරක‍්ඛරාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙනාති: ඨපෙත්‍වා විඤ‍්ඤුං පුරිසවිග‍්ගහං විඤ‍්ඤූ නාම: පුරිසවිග‍්ගහො පටිබලො හොති සුභාසිතදුබ‍්භාසිතං දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආජානිතුං.

8. යෝපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කළ භික්‍ෂු යි. මාතුගාම නම් මිනිස් ඉතිරි යැ. යකිනි නො වෙයි, ප්‍රේතිය නො වෙයි, තිරිසන්ගිය මාගම නො වේ. සුබැසි දුබැසි දුළුල් නොදුළුල් තෙපුල් දන්නට සමත් නුවණැති මාගම යි. උත්තරිං ඡප්පඤ්චවාචාහි: අයිරා සපෙදෙකින් පස්පෙදෙකින්. ධම්ම නම් බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිතයැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි. දේසෙය්‍ය: පදයෙන් දෙසා නම් පෙදෙහි පෙදෙහි පචිති අවැත් වෙයි. අක්‍ෂරයෙන් දෙසා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ. අඤ්ඤත්‍ර විඤ්ඤනා පුරිසවිග්ගහෙන: දැනුමැති මිනිස් පිරිම්නියක්හු හැරැපියා. සුබැසි දුබැසි දුළුල් නොදුළුල් තෙපුල් දැනගන්නට ප්‍රතිබලයා දැනුමැති පිරිම්නි නම් වේ.

මාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ වෙමතිකො උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති, අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මාගම කෙරෙහි මාගම් සන් ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් වැඩියක් ධම් දෙසා නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් වැඩියක් ධම්‍ දෙසා නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නොමාගම් සන් ඇතියේ දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ සපෙදෙකින් පස්පෙදෙකින් මත්තෙහි ධම් දෙසා නම් පචිති ඇවැත් වේ.

යක‍්ඛියා වා පෙතියා වා පණ‍්ඩකස‍්ස වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහිත්‍ථියා වා උත‍්තරිං ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති අඤ‍්ඤත්‍ර විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී අනාපත‍්ති.

දැනුමැති මිනිස් පිරිම්නියක්හු නැති වැ යකින්නකට හෝ ප්‍රේතියකට හෝ පණ්ඩකයකුට හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි ඇති ඉතිරියකට හෝ සපෙදෙකින් පස් පෙදෙකින් මතුයෙහි ධම් දෙසා නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම් කෙරෙහි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම් කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නොමාගම් කෙරෙහි නොමාගම්සන් ඇතියේ ඇවැත් නැති.

අනාපත‍්ති: විඤ‍්ඤුනා පුරිසවිග‍්ගහෙන ඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති, ඌනකඡප‍්පඤ‍්චවාචාහි ධම‍්මං දෙසෙති, උට‍්ඨහිත්‍වා පුන නිසීදිත්‍වා දෙසෙති, මාතුගාමො උට‍්ඨහිත්‍වා පුන නිසීදති තස‍්මිං දෙසෙති, අඤ‍්ඤස‍්ස මාතුගාමස‍්ස දෙසෙති, පඤ‍්හං පුච‍්ඡති, පඤ‍්හං පුට‍්ඨො කථෙති, අඤ‍්ඤස‍්සත්‍ථාය භණන‍්තං මාතුගාමො සුණාති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

දැනුමැති මිනිස් පිරිම්නියක්හු ඇති වැ සපෙදෙකින් පස්පෙදෙකින් ධම් දෙසා නම්, උනු සපෙදෙකින් පස්පෙදෙකින් ධම් දෙසා නම් නැඟිට යළි හිඳ දෙසා නම්, මාගම නැඟිට යළි හිඳී ද, ඇයට දෙසා නම් අන් මාගමකට දෙසා නම්, පැන විචාරා නම්, පැන විචාරන ලද්දේ කියා නම් අනෙකක්හු සඳහා කියන්නහුගෙන් මාගම අසා නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

ධම‍්මදෙසනාසික‍්ඛාපදං සත‍්තමං.

සත්වැනි ධම්මදේසනාශික්‍ෂාපද යි