යෙදුමෙන් කියවන්න

දුතියසහසෙය්‍යසික‍්ඛාපදං

6. 1. 6.

6. 1. 6.

දුතියසහසෙය්‍යසික‍්ඛාපදං

දුතියසහසෙය්‍ය ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා අනුරුද‍්ධො කොසලෙසු ජනපදෙසු සාවත්‍ථිං ගච‍්ඡන‍්තො සායං අඤ‍්ඤතරං ගාමං උපගඤ‍්ඡි. තෙන ඛො පන සමයෙන තස‍්මිං ගාමකෙ අඤ‍්ඤතරිස‍්සා ඉත්‍ථියා ආවසථාගාරං පඤ‍්ඤත‍්තං හොති. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො යෙන සා ඉත්‍ථි තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං ඉත්‍ථිං එතදවොච: “සචෙ තෙ භගිනි අගරු වසෙය්‍යාම එකරත‍්තං ආවසථාගාරෙති”. වසෙය්‍යාථ භන‍්තෙති. අඤ‍්ඤෙපි අද‍්ධිකා යෙන සා ඉත්‍ථි තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා තං ඉත්‍ථිං එතදවොචුං: “සචෙ තෙ අය්‍යෙ අගරු වසෙය්‍යාම එකරත‍්තං ආවසථාගාරෙති”. එසො ඛො අය්‍යො සමණො පඨමං උපගතො, සචෙ සො අනුජානාති වසෙය්‍යාථාති අථ ඛො තෙ අද‍්ධිකා යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොචුං: “සචෙ තෙ භන‍්තෙ අගරු වසෙය්‍යාම එකරත‍්තං ආවසථාගාරෙ”ති. වසෙය්‍යාථ ආවුසොති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවත්හි ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ කොසොල් දනව්හි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමකට එළැඹියහ. එසමයෙහි ඒ ගම්හි එක්තරා ස්ත්‍රියක විසින් විසුම්හලෙක් පිහිටුවන ලද්දේ වෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ ස්ත්‍රිය වෙතැ එළැඹැ ඇයට මෙය කීහ: ‘ඉදින් බුහුන, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. වසනු මැනැවැ වහන්ස. අන්‍ය වූ ද මගියෝ ඇය වෙතැ එළැඹියහ. එළැඹැ ඒ ස්ත්‍රියට මෙය කීහු. ‘ඉදින් ආර්‍ය්‍යාවෙනි, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම් හ’යි. තෙල ආර්‍ය්‍ය වූ ශ්‍රමණයෝ පළමු කොට එළැඹියහ. ‘ඉදින් ඔබ අනුදනිත් නම් වසන්නහු යැයි කිවු යැ. එකල්හි ඒ මගියෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙතැ එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කීහු. ‘ඉදින් වහන්ස, තොපට බරෙක් නො වේ නම් එක් රැයක් විසුම්හල්හි වසන්නම්හ’යි. ඇවැත්නි. වසන්නහු යැ.

2. අථ ඛො සා ඉත්‍ථි ආයස‍්මන‍්තෙ අනුරුද‍්ධෙ සහදස‍්සනෙන පටිබද‍්ධචිත‍්තා අහොසි. අථ ඛො සා ඉත්‍ථි යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “අය්‍යො භන‍්තෙ ඉමෙහි මනුස‍්සෙහි ආකිණ‍්ණො න ඵාසු විහරිස‍්සති. සාධාහං භන‍්තෙ අය්‍යස‍්ස මඤ‍්චකං අබ‍්භන‍්තරං පඤ‍්ඤපෙය්‍යන‍්ති. අධිවාසෙසි ඛො ආයස‍්මා අනුරුද‍්ධො තුණ‍්හීභාවෙන. අථ ඛො සා ඉත්‍ථි ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස මඤ‍්චකං අබ‍්භන‍්තරං පඤ‍්ඤපෙත්‍වා අලඞ‍්කතප‍්පටියත‍්තා ගන්‍ධගන්‍ධිනී යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “අය්‍යො භන‍්තෙ අභිරූපො දස‍්සනීයො පාසාදිකො අහඤ‍්චම‍්හි අභිරූපා දස‍්සනීයා පාසාදිකා, සාධාහං භන‍්තෙ අය්‍යස‍්ස පජාපති භවෙය්‍ය”න‍්ති. එවං වුත‍්තෙ ආයස‍්මා අනුරුද‍්ධො තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො සා ඉත්‍ථි ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “අය්‍යො භන‍්තෙ අභිරූපො දස‍්සනීයො පාසාදිකො, අහඤ‍්චම‍්හි අභිරූපා දස‍්සනීයා පාසාදිකා, සාධු භන‍්තෙ අය්‍යො මඤ‍්චෙව පටිච‍්ඡතු, සබ‍්බඤ‍්ච සාපතෙය්‍ය”න‍්ති. තතියම‍්පි ඛො ආයස‍්මා අනුරුද‍්ධො තුණ‍්හී අහොසි.

2. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කෙරෙහි දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තී වූ යැ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මෙය කිවු යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මේ මිනිසුන් හා ගැවසුණහු පහසු සේ නො වසන්නාහ. මැනැවැ ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ඇතුළුගබැ හැඳක් පනවම් දැයි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට ඇතුළුගබැ හැඳක් පනවා අබරණ ලා සැරසුණී සුවඳින් සුවඳවත් වූවා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියා යැ. එළැඹැ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, මම ආර්‍ය්‍යයනට ප්‍රජාපතිවූම් නම් මැනැවැ”යි කිවු යැ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට ද ... තෙවනවට ද ඒ ස්ත්‍රී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ අභිරූපයහ, දර්‍ශනීයයහ, ප්‍රාසාදිකයහ, මම ද අභිරූප වෙමි දර්‍ශනීය වෙමි ප්‍රාසාදික වෙමි, ස්වාමීනි, ආර්‍ය්‍යයෝ මා ද මුළු සම්පත්තිය ද පිළිගනිත්ව”යි කිවු යැ. තෙවන වට ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ නිහඬ වූහ.

3. අථ ඛො සා ඉත්‍ථි සාටකං නික‍්ඛිපිත්‍වා ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස පුරතො චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො ඉන්‍ද්‍රියානි ඔක‍්ඛිපිත්‍වා තං ඉත්‍ථිං නෙව ඔලොකෙසි නපි ආලපි. අථ ඛො සා ඉත්‍ථි “අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, බහූ මෙ මනුස‍්සා සතෙනපි සහස‍්සෙනපි පහිණන‍්ති. අයං පන සමණො මයා සාමං යාචියමානො න ඉච‍්ඡති මඤ‍්චෙව පටිච‍්ඡිතුං සබ‍්බඤ‍්ච සාපතෙය්‍ය”න‍්ති සාටකං නිවාසෙත්‍වා ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස පාදෙසු සිරසා නිපතිත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “අච‍්චයො මං භන‍්තෙ අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යාහං එවමකාසිං. තස‍්සා මෙ භන‍්තෙ අය්‍යො අච‍්චයං අච‍්චයතො පතිගණ‍්හාතු ආයතිං සංවරායා”ති. “තග‍්ඝ තං භගිනි අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යා ත්‍වං එවමකාසි, යතො ච ඛො ත්‍වං භගිනි අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ‍්හාම. වුද‍්ධි හෙසා භගිනි අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති ආයතිං සංවරං ආපජ‍්ජතීති.

3. එකල්හි ඒ ස්ත්‍රී සළුව බහා තබා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පෙරටුයෙහි සක්මන් කරයි. සිටියි, හිඳියි, ශයනය ද කරයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් පහතට හෙළා එ මාගම නො මැ බැලූහ. නො ද බිණූහ. එකල්හි ඒ ස්ත්‍රී “භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකැ, භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකැ, බොහෝ වූ මේ මිනිස්සු මට සියයෙනුදු දහසිනුදු පඬුරු එවත්: මේ ශ්‍රමණයෝ කලි මා විසින් තමා මැ යදිනු ලබන්නාහු මා ද මුළු සම්පත්තියද පිළිගන්නට නො කැමැති වෙති”යි සළුව හැඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් පා මුල්හි හිසින් වැටී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හට මෙය කිවු යැ. “ස්වාමීනි, යම්බඳු මම් මෙසේ කළම් ද බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ මා ඉක්ම ගියේ වන. ස්වාමීනි, ඒ මාගේ වරද වරද විසින් මතු සංවරය පිණිස ආර්‍ය්‍යයෝ පිළිගනිත්ව’යි. බුහුන, යම්බඳු තෙපි මෙසේ කළවුද, එකැනින් බාලබවට අනුරූප වැ මූඪබවට අනුරූප වැ අදක්‍ෂබවට අනුරූප වැ වරද ඒ තොප ඉක්ම ගියේ වන. යම් හෙයකින් බුහුන, තෙපි වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කරවු ද, තොප ගේ ඒ වරද ඇපි පිළිගනුම්හ. බුහුන, යමෙක් වරද වරද විසින් දැක ධර්‍ම වූ පරිද්දෙන් පිළියම් කෙරේ ද, මතු සංවරයට පැමිණේ ද, මේ වනාහි ශාසනයෙහි වැඩීමෙක් මැ යි.

4. අථ ඛො සා ඉත්‍ථි තස‍්සා රත‍්තියා අච‍්චයෙන ආයස‍්මන‍්තං අනුරුද‍්ධං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං භුත‍්තාවිං ඔනීතපත‍්තපාණිං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො තං ඉත්‍ථිං ආයස‍්මා අනුරුද‍්ධො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙසි සමාදපෙසි සමුත‍්තෙජෙසි සම‍්පහංසෙසි. අථ ඛො සා ඉත්‍ථි ආයස‍්මතා අනුරුද‍්ධෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච. අභික‍්කන‍්තං භන‍්තෙ අභික‍්කන‍්තං භන‍්තෙ සෙය්‍යථාපි භන‍්තෙ නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය, පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛන‍්තීති එවමෙවං අය්‍යෙන අනුරුද‍්ධෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එසාහං භන‍්තෙ තං භගවන‍්තං සරණං ගච‍්ඡාමි ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසිකං මං අය්‍යො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

4. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ එරැය ඉක්මීමෙන් පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ප්‍රණීත වූ කෑයුතු දෙයින් බිදිය යුතු දෙයින් සියතින් සතප්වා මොනවට පවරා වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සකසා වැඳ එකත්පස් වැ හින. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ එකත්පස් වැ හුන් එ මාගමට දැහැමි බණින් මොනවට කරුණු දැක්වූහ. මොනවට කරුණු ගැන්වූහ. මොනවට තෙද ගැන්වූහ. මොනවට සතුටු කැරැවූහ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් දැහැමි බණින් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුනට මෙය කිවු යැ, “ඉතා මැනවැ ස්වාමීනි, ඉතා මැනැවැ ස්වාමීනි. යම්සේ යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන්වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවකුට මඟ කියාපාන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිත්ව යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසේ මැ ආර්‍ය්‍ය අනුරුද්ධයන් විසින් නොයෙක් කරුණෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ වෙයි. ස්වාමීනි, මම බුදුන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යමි. ආර්‍ය්‍ය තෙමේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවැසියක කොට මා දරාව”යි කිවු යැ.

5. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ආයස‍්මා අනුරුද‍්ධො මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැතට ගොස් මෙ කරුණ භික්‍ෂූන්හට දැන්වූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පැතුරුවත්.”කෙසේ නම් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයෝ මාගමක හා සමඟ ශයනය කළෝ ද”යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු.

-පෙ- සච‍්චං කිර ත්‍වං අනුරුද‍්ධ මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම ත්‍වං අනුරුද‍්ධ මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙස‍්සසි. නෙතං අනුරුද‍්ධ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

... සැබෑ ද අනුරුද්ධයෙනි, තෙපි මාගමක හා සමඟ ශයනය කළවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් අනුරුද්ධයෙනි, තෙපි මාගමක හා සමග ශයනය කළවු ද? අනුරුද්ධයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු.

“යො පන භික‍්ඛු මාතුගාමෙන සහසෙය්‍යං කප‍්පෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

යම් මහණෙක් මාගමක හා සමග සයනය කරන්නේ නම් පචිති වේ යයි.

6. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. මාතුගාමො නාම: මනුස‍්සිත්‍ථි, න යක‍්ඛී න පෙතී, න තිරච‍්ඡානගතා, අන‍්තමසො තදහුජාතාපි දාරිකා පගෙව මහත‍්තරි. සහාති: එකතො, සෙය්‍යා නාම: සබ‍්බච‍්ඡන‍්නා, සබ‍්බපරිච‍්ඡන‍්නා යෙභුය්‍යෙනච‍්ඡන‍්නා යෙභුය්‍යෙන පරිච‍්ඡන‍්නා.

6. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. මාතුගාම නම්: මිනිස් ඉතිරියකැ, යකින්නක් නොවෙයි. ප්‍රේතියක් නො වෙයි, තිරිසන්ගිය මාගමක් නොවෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය කැ. මහත් වූවක කියනුම කවරේද. සහ: එක් වැ සෙය්‍යා නම්: හැම පිරිසන් හැමපසින් පිරිසන් බෙහෙවින් පිරිසන් බෙහෙවින් හැම පසින් පිරිසන් වූ ශයනය යි.

සෙය්‍යං කප‍්පෙය්‍යාති: අත්‍ථඞ‍්ගතෙ සූරියෙ මාතුගාමෙ නිපන‍්නෙ භික‍්ඛු නිපජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු නිපන‍්නෙ මාතුගාමො නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උට‍්ඨහිත්‍වා පුනප‍්පුනං නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සෙය්‍යං කප්පෙය්‍ය: හිරු අවරට යත් මාගම හොත් කල්හි මහණ තෙමේ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි මාගම නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනාම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.

මාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී සහසෙය්‍යං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ වෙමතිකො සහසෙය්‍යං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී සහසෙය්‍යං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මාගම කෙරෙහි මාගමකැයි සන් ඇතියේ සමඟ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ සමඟ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නොමාගම්සන් ඇතියේ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.

උපඩ‍්ඪච‍්ඡන‍්නෙ උපඩ‍්ඪපරිච‍්ඡන‍්නෙ ආපත‍්ති දුක‍්කටස‍්ස. යක‍්ඛියා වා පෙතියා වා පණ‍්ඩකෙන වා තිරච‍්ඡානගතිත්‍ථියා වා සහසෙය්‍යං කප‍්පෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී අනාපත‍්ති.

අඩක් පිරිසන් වූ අඩක් අවටින් පිරිසන් වූ ශයනයෙහි දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන්ගිය මාගමක හෝ සමග ශයනය කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. නොමාගම කෙරෙහි නො මාගම්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සබ‍්බච‍්ඡන‍්නෙ සබ‍්බඅපරිච‍්ඡන‍්නෙ, යෙභුය්‍යෙන අච‍්ඡන‍්නෙ යෙභුය්‍යෙන අපරිච‍්ඡන‍්නෙ මාතුගාමෙ නිපන‍්නෙ භික‍්ඛු නිසීදති, භික‍්ඛු නිපන‍්නෙ මාතුගාමො නිසීදති, උභො වා නිසීදන‍්ති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

හැම නොපිරිසන් වූයෙහි, හැමපසින් නො පිරිසන් වූයෙහි, බෙහෙවින් නොපිරිසන් වූයෙහි, බෙහෙවින් හැමපසින් නොපිරිසන් වූයෙහි, මාගම හොත් කල්හි මහණ තෙමේ හිඳී නම්, මහණ හොත් කල්හි මාගම හිඳී නම් දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකය හට, ආදිකම්මිකය හට ඇවැත් නැති.

දුතියසහසෙය්‍යසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවැනි දුතියසහසෙය්‍යශික්‍ෂාපද යි