සහසෙය්යසික්ඛාපදං
6. 1. 5.
6. 1. 5.
සහසෙය්යසික්ඛාපදං
සහසෙය්‍ය ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන උපාසකා ආරාමං ආගච්ඡන්ති ධම්මසවණාය. ධම්මෙ භාසිතෙ ථෙරා භික්ඛූ යථාවිහාරං ගච්ඡන්ති. නවකා භික්ඛූ තත්ථෙව උපට්ඨානසාලායං උපාසකෙහි සද්ධිං මුට්ඨස්සතී අසම්පජානා නග්ගා විකූජමානා කාකච්ඡමානා සෙය්යං කප්පෙන්ති. උපාසකා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භදන්තා මුට්ඨස්සතී අසම්පජානා නග්ගා විකූජමානා කාකච්ඡමානා සෙය්යං කප්පෙස්සන්තීති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං උපාසකානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම භික්ඛූ අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙස්සන්තීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවුපුරැ අග්ගාළව සෑයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි උවසුවෝ බණ ඇසීමට ආරාමයට පැමිණෙති. බණ දෙසූ කල්හි ස්ථවිර භික්ෂූහු තමන්තමන්ගේ විහාරයට යෙති. නවක භික්ෂූහු එහි මැ උවටන්හල්හි උවසුවන් හා සමග මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කෙරෙත්. උවසුවෝ ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් වහන්දෑ මුළාසිහි ඇති වැ මනා නුවණ නැති වැ නග්න වැ නන් දොඩමින් නැහැ හඬවමින් ශයනය කොළෝ”දැ යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යැ. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝදැ”යි.
2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ, මොඝපුරිසා අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන් වූහ ... සැබෑ ද මහණෙනි, භික්ෂූහු අනුපසපනක්හු සමග එක් වැ ශයනය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අනුපසපනක්හු සමග එක් වැ ශයනය කොළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙ යි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු අනුපසම්පන්නෙන සහසෙය්යං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් අනුපසපනක්හු සමග එක් වැ ශයනය කරන්නේ නම් පචිති වේ” යැයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. අථ ඛො භගවා ආළවියං යථාභිරන්තං විහරිත්වා යෙන කොසම්බී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන කොසම්බි තදවසරි. තත්ර සුදං භගවා කොසම්බියං විහරති බදරිකාරාමෙ. භික්ඛූ ආයස්මන්තං රාහුලං එතදවොචුං භගවතා ආවුසො රාහුල සික්ඛාපදං පඤ්ඤත්තං න අනුපසම්පන්නෙන සහසෙය්යා කප්පෙතබ්බාති, සෙය්යං, ආවුසො රාහුල ජානාහීති. අථ ඛො ආයස්මා රාහුලො සෙය්යං අලභමානො වච්චකුටියං සෙය්යංකප්පෙසි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන වච්චකුටි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උක්කාසි. ආයස්මාපි රාහුලො උක්කාසි. කො එත්ථාති අහං භගවා රාහුලොති. කිස්ස ත්වං රාහුල ඉධ නිසින්නොසීති. අථ ඛො ආයස්මා රාහුලො භගවතො එතමත්ථං ආරොචෙසි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අළවුපුරැ කැමැති තාක් කල් වැස කොසඹෑ නුවරට චාරිකාවෙහි නික්මුණු සේක. පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවර යම් තැනෙක ද එතනට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹෑපුරැ ඩෙබර අරමෙහි වසන සේක. භික්ෂූහු ආයුෂ්මත් රාහුලයනට මේ කීහු: ‘ඇවැත්නි, රාහුලයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපසපනක්හු සමඟ එක් වැ ශයනය නො කළයුතු යැ යි සිකපද පනවන ලද. ඇවැත්නි, රාහුලයෙනි, හෝනා තැනක් දනුව යි. එකල්හි ආයුෂ්මත් රාහුල හෝනා තැනක් නොලබන්නේ වස්කිළියෙහි ශයනය කෙළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟී සිට වස්කිළියට එළැඹි සේක. එළැඹැ උකැසිසේක. ආයුෂ්මත් රාහුල ද උකැසී ය. මෙහි කවරෙක්දැ යි? භාග්‍යවතුන් වහන්ස, මම රහල්මි. රාහුල කුමකට තෙපි මෙහි හුන්නවු ද? එකල්හි ආයුෂ්මත් රාහුල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වී ය.
4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ අනුපසම්පන්නෙන දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙතුං”, එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා දැහැමි බණ වදාරා මහණුන් ඇමතූසේක. මහණෙනි, අනුපසපනක්හු සමග දෙතුන් රැයක් එක් වැ ශයනය කරන්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“යො පන භික්ඛු අනුපසම්පන්නෙන උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙය්ය, පාචිත්තිය”න්ති.
යම් මහණෙක් අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කරන්නේ නම් පචිති වේ.
5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අනුපසම්පන්නො නාම: භික්ඛුං ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම. උත්තරිං දිරත්තතිරත්තන්ති අතිරෙකදිරත්තතිරත්තං. සහාති: එකතො. සෙය්යා නාම: සබ්බච්ඡන්නා සබ්බපරිච්ඡන්නා යෙභුය්යෙනච්ඡන්නා යෙභුය්යෙන පරිච්ඡන්නා. සෙය්යං කප්පෙය්යාති චතුත්ථෙ දිවසෙ අත්ථඞ්ගතෙ සූරියෙ, අනුපසම්පන්නෙ නිපන්නෙ, භික්ඛු නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිපන්නෙ අනුපසම්පන්නො නිපජ්ජති ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස. උට්ඨහිත්වා පුනප්පුනං නිපජ්ජන්ති ආපත්ති පාචිත්තියස්ස.
5. යෝපන: යම් යම්බඳු ..... භික්ඛු ........... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: භික්ෂූහු තබා අවශේෂ වූයේ අනුපසපන් නම් වේ. උත්තරිං දිරත්තතිරත්තං යනු: අයිරා දෙතුන් රැයක්. සහ යනු: එක් වැ. සෙය්යා නම්: හැම පිළිසන් යැ, හැම පසින් පිළිසන් යැ, බෙහෙවින් පිළිසන් යැ, බෙහෙවින් හැම පසින් පිළිසන් යැ. සෙය්යං කප්පෙය්ය යනු: සතර වන දිනයෙහි හිරු අස්තයට ගිය කල්හි අනුපසපනක්හු හොත් කල්හි මහණ නිදා නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි අනුපසපන නිදා නම් පචිති ඇවැත් වෙයි. දෙදෙනා මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී උත්තරිං දිරත්තතිරත්තං සහසෙය්යං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක්වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ දෙතුන් රැයකින් මත්තෙහි එක් වැ ශයනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපඩ්ඪච්ඡන්නෙ උපඩ්ඪපරිච්ඡන්නෙ, ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
අඩක් පිළිසන් වූයෙහි, අඩක් අවටින් පිළිසන් වූයෙහි, දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපනැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි උපසපනැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ද්වෙ තිස්සො රත්තියො වසති, ඌනකද්වෙතිස්සො රත්තියො වසති, ද්වෙ රත්තියො වසිත්වා තතියාය රත්තියා පුරාරුණා නික්ඛමිත්වා පුන වසති, සබ්බඅච්ඡන්නෙ සබ්බඅපරිච්ඡන්නෙ යෙභුය්යෙන අච්ඡන්නෙ, යෙභුය්යෙන අපරිච්ඡන්නෙ, අනුපසම්පන්නෙ නිපන්නෙ භික්ඛු නිසීදති, භික්ඛු නිපන්නෙ අනුපසම්පන්නො නිසීදති උභො වා නිසීදන්ති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන් රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැයෙහි අරුණට පෙරැ නික්ම නැවත වෙසේ නම්, හැම නොසන් වූයෙහි, හැම නො පිළිසන් වූයෙහි, බෙහෙවින් නො සන් වූයෙහි, බෙහෙවින් නොපිළිසන් වූයෙහි නම්, අනුපසපනක්හු හොත් කල්හි භික්ෂුතෙමේ හිඳී නම්, භික්ෂූහු හොත් කල්හි අනුපසපන් වූයේ හිඳී නම්, දෙදෙනාම හෝ හිඳිත් නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඨමසහසෙය්යසික්ඛාපදං පඤ්චමං.
පස්වැනි පඨමසහසෙය්යශික්ෂාපද යි.