පදසොධම්මසික්ඛාපදං
6. 1. 4.
6. 1. 4.
පදසොධම්මසික්ඛාපදං
පදසෝධම්ම ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උපාසකෙ පදසොධම්මං වාචෙන්ති. උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උපාසකෙ පදසොධම්මං වාචෙස්සන්ති, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරිස්සන්තීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්හි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු උවසුවනට පද විසින් එක් වැ ධර්මය කියවති. උවසුවෝ භික්ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙති. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු උවසුවනට පද විසින් ධර්මය කියැවූහු ද, උවසුවෝ භික්ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහ” යි.
2. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උපාසකෙ පදසොධම්මං වාචෙථ, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උපාසකෙ පදසොධම්මං වාචෙස්සථ, උපාසකා භික්ඛූසු අගාරවා අප්පතිස්සා අසභාගවුත්තිකා විහරිස්සන්ති. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... සැබෑ ද මහණෙනි, තෙපි උවසුවනට පද විසින් එක් වැ ධර්මය කියවහු ද උවසුවෝ භික්ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවතුම් ඇති වැ වෙසෙන්නාහයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ ... “කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි උවසුවනට පද විසින් ධර්මය කියවූහු ද උවසුවෝ භික්ෂූන් කෙරෙහි ගරු නැති වැ බුහුමන් නැති වැ විසම පැවැතුම් ඇති වැ වෙසෙන්නාහ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නොවේ ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් අනුපසපනක්හට පද විසින් ධර්මය කියවා නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. අනුපසම්පන්නො නාම: භික්ඛුඤ්ච භික්ඛුනිඤ්ච ඨපෙත්වා අවසෙසො අනුපසම්පන්නො නාම.
3. යෝපන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙම මෙ අරුතෙහි ලා අදහස් කරනලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශේෂ වූයේ අනුපසම්පන්න නම් වේ.
පදසො නාම: පදං අනුපදං අන්‍වක්‍ඛරං අනුබ්‍යඤ්ජනං. පදං නාම: එකතො පට්ඨපෙත්වා එකතො ඔසාපෙන්ති. අනුපදං නාම: පාටෙක්කං පට්ඨපෙත්වා එකතො ඔසාපෙන්ති. අන්‍වක්‍ඛරං නාම: රූපං අනිච්චන්ති වුච්චමානො රූති ඔපාතෙති. අනුබ්‍යඤ්ජනං නාම: රූපං අනිච්චන්ති වුච්චමානො වෙදනා අනිච්චාති සද්දං නිච්ඡාරෙති. යඤ්ච පදං යඤ්ච අනුපදං යඤ්ච අන්‍වක්‍ඛරං යඤ්ච අනුබ්‍යඤ්ජනං සබ්බමෙතං පදසො නාම.
පදසො නම්: පද යැ අනුපද යැ අන්වක්ෂර යැ අනුව්‍යඤ්ජන යි. පද නම්: එක් වැ පටන් ගෙනැ එක් වැ නිමවති. අනුපද නම්: වෙන වෙන පටන් ගෙනැ එක් වැ නිමවති. අන්වක්ඛර නම්: “රූපං අනිච්චං”යී කියනු ලබන්නේ ‘රූ’ යි එක් වැ කියා නිමව යි. අනුබ්‍යඤ්ජන නම්: “රූපං අනිච්චං” යි කියනු ලබන්නේ ‘වේදනා අනිච්චා’යි ශබ්දය නිකුත් කෙරෙයි, යම් පදයෙකුදු යම් අනුපදයෙකුදු යම් අන්වක්ෂරයෙකුදු යම් අනුව්යඤ්ජනයෙකුදු වේ ද මේ හැම පදසො නම් වේ.
ධම්මො නාම: බුද්ධභාසිතො සාවකභාසිතො ඉසිභාසිතො දෙවතාභාසිතො අත්ථූපසංහිතො, ධම්මූපසංහිතො.
ධම්ම නම්: බුද්ධභාෂිත යැ ශ්‍රාවකභාෂිත යැ ඍෂිභාෂිත යැ දේවභාෂිත යැ අර්‍ත්‍ථොපසංහිත යැ ධර්මොපසංහිත යි.
වාචෙය්යාති පදෙන වාචෙති, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස. අක්ඛරාය වාචෙති, අක්ඛරක්ඛරාය ආපත්ති පාචිත්තියස්ස.
වාචෙය්ය නම්: පදයෙන් කියවා නම් පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්ෂරයෙන් කියවා නම් අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී පදසොධම්මං වාචෙති ආපත්ති පාචිත්තියස්ස.
අනුපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ පද විසින් ධර්මය කියවා නම් පචිති ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ පද විසින් ධර්මය කියවා නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස, උපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
උපසපනක්හු කෙරෙහි අනුපසපනැ යි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි උපසපනැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: එකතො උද්දිසාපෙන්තො, එකතො සජ්ඣායං කරොන්තො, යෙභුය්යෙන පගුණං ගන්ථං භණන්තං ඔපාතෙති, ඔසාරෙන්තං ඔපාතෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
එක් වැ උදෙසවා ගනුයේ නම්, එක් වැ හදාරනුයේ නම්, බෙහෙවින් පුහුණු ග්රන්ථයක් කියන්නහු අනු වැ කියා නම්, උසුරුවන්නහු අනු වැ කියා නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පදසොධම්මසික්ඛාපදං චතුත්ථං.
සිව්වැනි පදසෝධම්මශික්ෂාපද යි.