යෙදුමෙන් කියවන්න

මුසාවාදසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මුසාවාදසික‍්ඛාපදවණ‍්ණනා

මුසාවාද ශික්‍ෂාපද වර්ණනාව

යෙසං නවහි වග‍්ගෙහි, සඞ‍්ගහො සුප‍්පතිට‍්ඨිතො; ඛුද‍්දකානං අයං දානි, තෙසං භවති වණ‍්ණනා.

යෙසං නවහි වග්ගෙහි - සඞ්ගහො සුප්පතිට්ඨිතො, ඛුද්දකානං අයන්‍දානි - තෙසං භවති වණ්ණනා

යම් කෙනකුන්ගේ සඞ්ග්‍රහය තෙමේ වර්‍ග නවයකින් මොනවට පිහිටියේ ද, බහු ශබ්දපර්‍ය්‍යායවූ ඒ ඛුද්දකයන්ගේ දැන් මේ වර්‍ණනා තොමෝ වන්නීය.

තත්‍ථ මුසාවාදවග‍්ගස‍්ස තාව පඨමසික‍්ඛාපදෙ හත්‍ථකොති තස‍්ස ථෙරස‍්ස නාමං. සක්‍යානං පුත‍්තොති සක්‍යපුත‍්තො. බුද‍්ධකාලෙ කිර සක්‍යකුලතො අසීති පුරිසසහස‍්සානි පබ‍්බජිංසු, තෙසං සො අඤ‍්ඤතරොති. වාදක‍්ඛිත‍්තොති “වාදං කරිස‍්සාමී”ති එවං පරිවිතක‍්කිතෙන වාදෙන පරවාදිසන‍්තිකං ඛිත‍්තො පක‍්ඛිත‍්තො පහිතො පෙසිතොති අත්‍ථො. වාදම‍්හි වා සකෙන චිත‍්තෙන ඛිත‍්තො. යත්‍ර යත්‍ර වාදො තත්‍ර තත්‍රෙව සන්‍දිස‍්සතීතිපි වාදක‍්ඛිත‍්තො. අවජානිත්‍වා අවජානාතීති අත‍්තනො වාදෙ කඤ‍්චි දොසං සල‍්ලක‍්ඛෙන‍්තො “නායං මම වාදො”ති අවජානිත්‍වා පුන කථෙන‍්තො කථෙන‍්තො නිද‍්දොසතං සල‍්ලක‍්ඛෙත්‍වා “මමෙව අයං වාදො”ති පටිජානාති. පටිජානිත්‍වා අවජානාතීති කිස‍්මිඤ‍්චිදෙව වචනෙ ආනිසංසං සල‍්ලක‍්ඛෙන‍්තො “අයං මම වාදො”ති පටිජානිත්‍වා පුන කථෙන‍්තො කථෙන‍්තො තත්‍ථ දොසං සල‍්ලක‍්ඛෙත්‍වා “නායං මම වාදො”ති අවජානාති. අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරතීති අඤ‍්ඤෙන කාරණෙන අඤ‍්ඤං කාරණං පටිචරති පටිච‍්ඡාදෙති අජ‍්ඣොත්‍ථරති, “රූපං අනිච‍්චං ජානිතබ‍්බතො”ති වත්‍වා පුන “ජාතිධම‍්මතො”තිආදීනි වදති. කුරුන්‍දියං පන “එතස‍්ස පටිච‍්ඡාදනහෙතුං අඤ‍්ඤං බහුං කථෙතී”ති වුත‍්තං. තත්‍රායං අධිප‍්පායො – යං තං පටිජානනඤ‍්ච අවජානනඤ‍්ච, තස‍්ස පටිච‍්ඡාදනත්‍ථං “කො ආහ , කිං ආහ, කිස‍්මිං ආහා”ති එවමාදි බහුං භාසතීති. පුන මහාඅට‍්ඨකථායං “අවජානිත්‍වා පටිජානන‍්තො පටිජානිත්‍වා අවජානන‍්තො එව ච අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරතී”ති වුත‍්තං. සම‍්පජානමුසා භාසතීති ජානන‍්තො මුසා භාසති. සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙතීති පුරෙභත‍්තාදීසු “අසුකස‍්මිං නාම කාලෙ අසුකස‍්මිං නාම පදෙසෙ වාදො හොතූ”ති සඞ‍්කෙතං කත්‍වා සඞ‍්කෙතතො පුරෙ වා පච‍්ඡා වා ගන‍්ත්‍වා “පස‍්සථ භො, තිත්‍ථියා න ආගතා පරාජිතා”ති පක‍්කමති.

එහි මුසාවාද වර්‍ගයාගේ පළමුකොට ප්‍රථමශික්‍ෂාපදයෙහි “හත්‍ථකො” යනු ඒ තෙරුන්ගේ නාමයයි. ශාක්‍යයන්ගේ පුත්‍රනුයි සක්‍යපුත්ත නම්වේ. බුද්ධකාලයෙහි වනාහි ශාක්‍යකුලයෙන් අසූදහසක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් අතුරෙහි ඒ ස්ථවිර තෙමේ එක්තරා එකෙක් වේ. “වාදක්‍ඛිත්තො” වාද කරන්නෙමු’යි මෙසේ පරිවිතර්‍කනය කරන ලද වාදයෙන් යුක්තව පරවාදීන් වෙතට හරින ලද්දේය. පක්‍ඛිත්තො, පහිතො, පෙසිතො යනුද එම අර්‍ත්‍ථයි. වාදයෙහිලා සිය සිතින් හෝ හරින ලද්දේය. යම් යම් තැනක වාදයෙක් වේද ඒ ඒ තැනම දක්නා ලැබේනුයි “වාදක්‍ඛිත්ත” නම. “අවජානිත්‍වා පටිජානාති” තමන්ගේ වාදයෙහි කිසි දොසක් සලකමින් ‘මේ මාගේ වාදයෙක් නොවේ’යි වසා නැවත කියමින් නිදොස් බව සලකා මාගේම මේ වාදයයි නැවත ප්‍රතිඥා කරයි. “පටිජානිත්‍වා අවජානාති” කිසියම් වචනයෙක්හි අනුසස් සලකමින් ‘මේ මාගේ වාදයයි ප්‍රකාශකොට නැවත එහි දොස් සලකා ‘මේ මාගේ වාදයෙක් නොවේ’යි වසාලයි. “අඤ්ඤෙනඤ්ඤං පටිචරති” අනික් කරුණකින් අනික් කරුණක් වසයි. යටපත් කෙරෙයි. ‘රූපය අනිත්‍යය, දැනගතයුතු හෙයිනැ’යි කියා නැවත ‘ජාතිධර්‍ම හෙයිනැ’යි කියයි. කුරුන්‍දියෙහි වනාහි එක් වාදයක් වැසීමට හෙතුවූ අන් බොහෝ කරුණු කියා’යි කියන ලද්දේය. එහි මේ අදහසය: යම් ඒ පිළිදැන්මක්, වැසීමක් වේද, ඒ ප්‍රතිජානන අවජානන වැසීම පිණිස ‘කවරෙක් කීයේද, කුමක් කීයේද, කොතැන්හිදී කීයේදැ’යි යම් ආදීවූ බොහෝ කරුණු කියායි. නැවැත මහාර්‍ත්‍ථකථාවෙහි අවජානනය කොට ප්‍රතිජානනය කරන්නේ, ප්‍රතිජානනය කොට අවජානනය කරන්නේ මෙසේද අන් කරුණකින් අන් කරුණක් වසායි කියන ලද්දේය. “සම්පජානමුසා භාසති” මැනවින් දන්නේ බොරු කියයි. “සඞ්කෙතං කත්‍වා විසංවාදෙති” පෙරබත් ආදීන් අතුරෙහි අසුවල් කාලයෙහි අසුවල් පෙදෙසෙහි දී වාදය වේයයි සලකුණු කොට, සලකුණෙන් පෙර හෝ පසුව හෝ ගොස් ‘පින්වත්නි’ බලවු, තීර්ථකයෝ නොආහ, පැරදන ලදහ’යි යයි.

සම‍්පජානමුසාවාදෙති ජානිත්‍වා ජානන‍්තස‍්ස ච මුසා භණනෙ.

“සම්පජානමුසාවාදෙ” පූර්‍වභාගයෙහිද දැන වචනක්‍ෂණයෙහිද දන්නහුට බොරුකීම නිමිතිකොට.

විසංවාදනපුරෙක‍්ඛාරස‍්සාති විසංවාදනචිත‍්තං පුරතො කත්‍වා වදන‍්තස‍්ස. වාචාති මිච‍්ඡාවාචාපරියාපන‍්නවචනසමුට‍්ඨාපිකා චෙතනා. ගිරාති තාය චෙතනාය සමුට‍්ඨාපිතසද‍්දං දස‍්සෙති. බ්‍යප‍්පථොති වචනපථො; වාචායෙව හි අඤ‍්ඤෙසම‍්පි දිට‍්ඨානුගතිමාපජ‍්ජන‍්තානං පථභූතතො බ්‍යප‍්පථොති වුච‍්චති. වචීභෙදොති වචීසඤ‍්ඤිතාය වාචාය භෙදො; පභෙදගතා වාචා එව එවං වුච‍්චති. වාචසිකා විඤ‍්ඤත‍්තීති වචීවිඤ‍්ඤත‍්ති. එවං පඨමපදෙන සුද‍්ධචෙතනා, මජ‍්ඣෙ තීහි තංසමුට‍්ඨාපිතසද‍්දසහිතා චෙතනා, අන‍්තෙ එකෙන විඤ‍්ඤත‍්තිසහිතා චෙතනා “කථිතා”ති වෙදිතබ‍්බා. අනරියවොහාරාති අනරියානං බාලපුථුජ‍්ජනානං වොහාරා.

“විසංවාදන පුරෙක්‍ඛාරස්ස” බොරු කියමි’යි යන සිත් පෙරදැරි කොට කියන්නහුගේ “වාචා” මිත්‍ථ්‍යාවචනයට ඇතුළත් වචනයෙන් උපදවන චෙතනා තොමෝය. “ගිරා” ඒ චේතනාවෙන් උපදවන ලද ශබ්දය දක්වයි. “ව්‍යප්පථො” වචනපථය. වාක්තොමෝම, දෘෂ්ට්‍යනුගතියට පැමිණෙන්නා වූ අන්‍යයන්ටද මාර්‍ගය බැවින් ව්‍යාප්පථ’යි කියනු ලැබේ. “වචීභෙදො” වචීසංඥිත වචනයෙහි බිදීම. ප්‍රභෙදගත වාක් තොමෝම මෙසේ කියනු ලැබේ. “වාචසිකාවිඤ්ඤත්ති” වාග්චිඤප්තියයි. මෙසේ ප්‍රථමපදයෙන් ශුද්ධචෙතනාවද මද්ධ්‍යයෙහි වූ තෙපදයෙන් එයින් නැගුණු ශබ්දසහිත චෙතනාවද කෙළවරවූ එකෙක් විඥප්තිය සහිත වූ චේතනාවද කියන ලදැයි දතයුතුය. “අනරියවොහාරා” අනාර්‍ය්‍ය වූ බාල පෘථග්ජනයන්ගේ ව්‍යවහාරයෝය.

එවං සම‍්පජානමුසාවාදං දස‍්සෙත්‍වා ඉදානි අන‍්තෙ වුත‍්තානං සම‍්පජානමුසාවාදසඞ‍්ඛාතානං අනරියවොහාරානං ලක‍්ඛණං දස‍්සෙන‍්තො “අදිට‍්ඨං දිට‍්ඨං මෙ”තිආදිමාහ. තත්‍ථ අදිට‍්ඨං දිට‍්ඨං මෙති එවං වදතො වචනං තංසමුට‍්ඨාපිකා වා චෙතනා එකො අනරියවොහාරොති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. අපිචෙත්‍ථ චක‍්ඛුවසෙන අග‍්ගහිතාරම‍්මණං අදිට‍්ඨං, සොතවසෙන අග‍්ගහිතං අසුතං, ඝානාදිවසෙන මුනිත්‍වා තීහි ඉන්‍ද්‍රියෙහි එකාබද‍්ධං විය කත්‍වා පත්‍වා අග‍්ගහිතං අමුතං, අඤ‍්ඤත්‍ර පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි සුද‍්ධෙන විඤ‍්ඤාණෙනෙව අග‍්ගහිතං අවිඤ‍්ඤාතන‍්ති වෙදිතබ‍්බං. පාළියං පන “අදිට‍්ඨං නාම න චක‍්ඛුනා දිට‍්ඨ”න‍්ති එවං ඔළාරිකෙනෙව නයෙන දෙසනා කතාති. දිට‍්ඨාදීසු ච අත‍්තනාපි පරෙනපි දිට‍්ඨං දිට‍්ඨමෙව. එවං සුතමුතවිඤ‍්ඤාතානීති අයමෙකො පරියායො. අපරො නයො යං අත‍්තනා දිට‍්ඨං දිට‍්ඨමෙව තං. එස නයො සුතාදීසු. යං පන පරෙන දිට‍්ඨං, තං අත‍්තනා සුතට‍්ඨානෙ තිට‍්ඨති. එවං මුතාදීනිපි.

මෙසේ සම්පජානමුසාවාදය දක්වා, දැන් අවසන කියූ සම්පජානමුසාවාදසඞ්ඛ්‍යාත වූ අනාර්‍ය්‍ය ව්‍යවහාරයන්ගේ ලක්‍ෂණ දක්වන සේක් “අදිට්ඨං දිට්ඨං මෙ” යනාදිය වදාළ සේක. එහි “අදිට්ඨං දිට්ඨං මෙ” මා විසින් නොදක්නා ලද්දක් දක්නා ලදැයි මෙසේ කියන්නහුගේ වචනය. එය ඉපදවූ චේතනාව හෝ එක් අනාර්‍ය්‍ය ව්‍යවහාරයෙකැයි මේ නයින් අර්‍ත්‍ථය දතයුතුය. තවද මෙහි ඇස ඇසුරු කළ විඥානයෙන් නොගත් අරමුණ අදිට්ඨ නම. කන ඇසුරු කළ විඥානයෙන් නොගන්නා ලද්ද අසුත නම. ඝාන ජීව්හා කාය විඥානදීන්ගේ වසයෙන් දැන ත්‍රිවිධ ඉන්‍ද්‍රියන් විසින් එකට බැඳුනක් මෙන් කොට පැමිණ නොගන්නා ලද්ද අමුත නම. පඤ්චෙන්‍ද්‍රියයන් හැර ශුද්ධවිඥානයෙන්ම නොගන්නා ලද්ද අවිඤ්ඤාත’යි දතයුතුය. පෙළෙහි වනාහි ‘නොදක්නා ලද්ද නම් ඇසින් නොදක්නා ලද්දේය’යි මෙසේ ඖදාරිකනයින්ම දෙශනා තොමෝ කරන ලදය. දක්නාලද ආදීන් අතුරෙහිද තමන් විසින්ද අන්හු විසින්ද දක්නා ලද්ද, දක්නා ලද්දේමය. සුත, මුත, විඤ්ඤානයෝද මෙසේය. මේ එක් ක්‍රමයෙක් වේ. අන්‍යක්‍රමයෙක්ද ඇත්තේය. තමන් විසින් දක්නාලද යමක් වේද, එය දක්නා ලද්දේමය. සුතාදීන් කෙරෙහිද, මෙම නයවේ. යමක් අන්හු විසින් දක්නා ලද්දේද, එය තමන් ඇසූ තැන සිටියි. මුතාදීහුද මෙසේය.

ඉදානි තෙසං අනරියවොහාරානං වසෙන ආපත‍්තිං ආරොපෙත්‍වා දස‍්සෙන‍්තො “තීහාකාරෙහී”තිආදිමාහ. තස‍්සත්‍ථො “තීහි ආකාරෙහි පඨමං ඣානං සමාපජ‍්ජින‍්ති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාරාජිකස‍්සා”ති එවමාදිචතුත්‍ථපාරාජිකපාළිවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලඤ‍්හි තත්‍ථ “පඨමං ඣානං සමාපජ‍්ජි”න‍්ති ඉධ “අදිට‍්ඨං දිට‍්ඨං මෙ”ති, තත්‍ථ ච “ආපත‍්ති පාරාජිකස‍්සා”ති “ඉධ ආපත‍්ති පාචිත‍්තියස‍්සා”ති එවං වත්‍ථුමත‍්තෙ ආපත‍්තිමත‍්තෙ ච විසෙසො, සෙසං එකලක‍්ඛණමෙවාති.

දැන් ඒ අනාර්‍ය්‍ය ව්‍යවහාරයන්ගේ වසයෙන් ඇවැත නගා දක්වන සේක් “තීහි ආකාරෙහි” යනාදිය වදාළ සේක. එහි අර්‍ත්‍ථය තෙමේ ‘තුන් අයුරකින් ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමි’යි දැන බොරු කියන මහණහුට ඇවැත පාරාජිකා’යි මේ ආදි වසයෙන් චතුර්‍ත්‍ථපාරාජිකා පාලි වර්‍ණනාවෙහි කියූ නයින්ම දතයුතුය. හුදෙක්ම ඒ චතුර්‍ත්‍ථ පාරාජිකපාලි වර්‍ණනාවෙහි ප්‍රථමද්ධ්‍යානයට සමවැදුනෙමි’යි ආතන්හි මේ ශික්‍ෂාපදපාලියෙහි ‘මා විසින් නොදක්නා ලද්දේ දක්නා ලද්දේය කියා නම්, එහි චතුර්‍ත්‍ථපාරාජික පාලිවර්‍ණනාවෙහි ‘ඇවැත පාරාජිකා’යි කියූ තන්හි මේ ශික්‍ෂාපදයෙහි ඇවැත පාචිත්තිය’යි මෙසේ වස්තුමාත්‍රයෙහි හා ආපත්තිමාත්‍රයෙහිද විශේෂය වේ. සෙස්ස එකලක්‍ෂණමය.

තීහාකාරෙහි දිට‍්ඨෙ වෙමතිකොතිආදීනම‍්පි අත්‍ථො “දිට‍්ඨස‍්ස හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨෙ වෙමතිකො”ති එවමාදිදුට‍්ඨදොසපාළිවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. පාළිමත‍්තමෙව හි එත්‍ථ විසෙසො, අත්‍ථෙ පන සථෙරවාදෙ කිඤ‍්චි නානාකරණං නත්‍ථි.

“තීහාකාරෙහි දිට්ඨෙ වෙමතිකො” යනාදීන්ගේ අර්‍ත්‍ථයද “දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො දිට්ඨෙ වෙමතිකො’යි මේ ආදි දුට්ඨදොසපාලිවර්‍ණනාවෙහි කියූ නයින් දතයුතුය. පෙළ පමණක්ම මේ ශික්‍ෂාපදයෙහි වෙනසයි. අර්‍ත්‍ථයෙහි වනාහි ස්වකීය ථෙරවාදයෙහි කිසි වෙනස් බවෙක් නැත්තේය.

සහසා භණතීති අවීමංසිත්‍වා අනුපධාරෙත්‍වා වා වෙගෙන දිට‍්ඨම‍්පි “අදිට‍්ඨං මෙ”ති භණති. අඤ‍්ඤං භණිස‍්සාමීති අඤ‍්ඤං භණතීති මන්‍දත‍්තා ජළත‍්තා පක‍්ඛලන‍්තො “චීවර”න‍්ති වත‍්තබ‍්බෙ “චීර”න‍්ති ආදිං භණති. යො පන සාමණෙරෙන “අපි භන‍්තෙ මය‍්හං උපජ‍්ඣායං පස‍්සිත්‍ථා”ති වුත‍්තො කෙළිං කුරුමානො “තව උපජ‍්ඣායො දාරුසකටං යොජෙත්‍වා ගතො භවිස‍්සතී”ති වා සිඞ‍්ගාලසද‍්දං සුත්‍වා “කස‍්සායං භන‍්තෙ සද‍්දො”ති වුත‍්තො “මාතුයා තෙ යානෙන ගච‍්ඡන‍්තියා කද‍්දමෙ ලග‍්ගචක‍්කං උද‍්ධරන‍්තානං අයං සද‍්දො”ති වා එවං නෙව දවා න රවා අඤ‍්ඤං භණති, සො ආපත‍්තිං ආපජ‍්ජතියෙව. අඤ‍්ඤා පූරණකථා නාම හොති, එකො ගාමෙ ථොකං තෙලං ලභිත්‍වා විහාරං ආගතො සාමණෙරං භණති – “ත්‍වං අජ‍්ජ කුහිං ගතො, ගාමො එකතෙලො අහොසී”ති වා පච‍්ඡිකාය ඨපිතං පූවඛණ‍්ඩං ලභිත්‍වා “අජ‍්ජ ගාමෙ පච‍්ඡිකාහි පූවෙ චාරෙසු”න‍්ති වා, අයං මුසාවාදොව හොති. සෙසං උත‍්තානමෙවාති.

“සහසා භණති” නොවිමසා හෝ නොසලකා හෝ වේගයෙන් දක්නා ලද්දේ ද, ‘මා විසින් නොදක්නා ලද්දේය’යි කියයි. “අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති” මුළා බැවින් ජඩ බැවින් පැකිළෙමින් චීවර’යි කිය යුත්තෙහි චීර’යි මේ ආදිය කියයි. යමෙක් වනාහි හෙරණකු විසින් ‘කිමෙක්ද, ස්වාමීනි’ මාගේ උපාද්ධ්‍යායයන් වහන්සේ දුටුවහුදැ’යි විචාරණා ලද්දේ සෙල්ලම් කරමින් ‘ඔබගේ උපාද්ධ්‍යාය තෙමේ දැවගුළක් යොදාගෙන එහි නැග ගියේ වන්නේය’යි කියා හෝ, කැනහිල් හඬක් අසා “ස්වාමීනි, මේ හඬ කවරකුගේදැ’යි විචාරණ ලද්දේ ‘ඔබගේ මව යානයකින් යන කල්හි මඩෙහි එරුණු ගැළ ගොඩට ගන්නවුන්ගේ මේ හඬය’යි හෝ මෙසේ නොම කෙළීම් වසයෙන්, නොරැවීම් වසයෙන් කියාද “සො ආපජ්ජති” හෙතෙමේ ඇවතට පැමිණේමය. අන්‍යවූ පුරාණකථාවක් මෙහි වේ. එක් මහණෙක් ගමෙහි තෙල් ටිකක් ලැබ විහාරයට ආයේ හෙරණක්හට ‘තෝ අද කොතැන ගියෙහිද, ගම එක්තෙල් ඇත්තෙක් වූයේ’යි හෝ පැසෙහි තැබූ පූකැබැල්ලක් දැක ‘අද ගමෙහි පැසිවලින් පූ එළවූහයි හෝ කියාද මෙය මුසාවාදයෙක්ම වේ. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

මුසාවාදසික‍්ඛාපදං පඨමං.

ප්‍රථම මුසාවාද ශික්‍ෂාපදයයි

ඔමසවාදසික‍්ඛාපදවණ‍්ණනා

ඔමසවාද ශික්‍ෂාපද වර්ණනාව

දුතියසික‍්ඛාපදෙ ඔමසන‍්තීති ඔවිජ‍්ඣන‍්ති. ඛුංසෙන‍්තීති අක‍්කොසන‍්ති. වම‍්භෙන‍්තීති පධංසෙන‍්ති.

ද්විතීය ශික්‍ෂාපදයෙහි “ඔමසන්ති” අනුන් පහත් කොට කතාකරත්. හෙලා දකිත් “ඛුංසෙන්ති” ආක්‍රොශ කරත්. “වම්හෙන්ති” අවමන් කරත්.

භූතපුබ‍්බන‍්ති ඉදං වත්‍ථුං භගවා ඔමසවාදගරහණත්‍ථං ආහරි. නන්‍දිවිසාලො නාමාති නන්‍දීති තස‍්ස බලීබද‍්දස‍්ස නාමං, විසාණානි පනස‍්ස විසාලානි, තස‍්මා “නන්‍දිවිසාලො”ති වුච‍්චති. බොධිසත‍්තො තෙන සමයෙන නන්‍දිවිසාලො නාම හොති. බ්‍රාහ‍්මණො තං යාගුභත‍්තාදීහි අතිවිය පොසෙසි. අථ සො බ්‍රාහ‍්මණං අනුකම‍්පමානො “ගච‍්ඡ ත්‍ව”න‍්තිආදිමාහ. තත්‍ථෙව අට‍්ඨාසීති අහෙතුකපටිසන්‍ධිකාලෙපි පරඛුංසනං අමනාපතොයෙව පච‍්චෙසි, තස‍්මා බ්‍රාහ‍්මණස‍්ස දොසං දස‍්සෙතුකාමො අට‍්ඨාසි. සකටසතං අතිබද‍්ධං පවට‍්ටෙසීති පටිපාටියා ඨපෙත්‍වා හෙට‍්ඨාරුක‍්ඛෙ දත්‍වා එකාබද‍්ධං කත්‍වා මුග‍්ගමාසවාලුකාදීහි පුණ‍්ණං සකටසතං පවට‍්ටෙන‍්තො, කිඤ‍්චාපි පුබ‍්බෙ පතිට‍්ඨිතාරප‍්පදෙසං පුන අරෙ පත‍්තෙ පවට‍්ටිතං හොති, බොධිසත‍්තො පන පුරිමසකටෙන පතිට‍්ඨිතට‍්ඨානෙ පච‍්ඡිමසකටං පතිට‍්ඨාපෙතුං සකටසතප‍්පමාණං පදෙසං පවට‍්ටෙසි. බොධිසත‍්තානඤ‍්හි සිථිලකරණං නාම නත්‍ථි. තෙන චත‍්තමනො අහූති තෙන බ්‍රාහ‍්මණස‍්ස ධනලාභෙන අත‍්තනො කම‍්මෙන ච සො නන්‍දිවිසාලො අත‍්තමනො අහොසි.

“භූතපුබ්බං” භාග්‍යවතුන් වහන්සේ මේ වස්තුව ඔමසවාදය ගරහනු පිණිස ගෙණහැර දැක්වූ සේක. “නන්‍දිවිසාලො නාම” නන්‍දි යනු ඒ ගොනුගේ නමයි. මේ ගොනුගේ විසාණයෝ (අං) විසාලයහ. එහෙයින් නන්‍දිවිසාලයයි කියනු ලැබේ. ඒ කාලයෙහි බෝධිසත්‍ව තෙමේ නන්‍දිවිශාල නම් වෘෂභ වූයේය. බමුණු තෙමේ ඒ වෘෂහ කැඳබත් ආදිය දී ඉතා මැනැවින් පොෂණය කෙළේය. එකල්හි ඒ නන්‍දිවිශාල තෙමේ බමුණහුට අනුකම්පා කරන්නේ, “ගච්ඡ ත්‍වං” යනාදිය කීය. ‘තත්‍ථෙව අට්ඨාසි’ අහෙතුකප්‍රතිසන්‍ධි කාලයෙහිද අන්හට ගැරහීම මන නොවඩනා බැවින්ම ‘මේ මන නොවඩායි දැන ගත්තේය. එහෙයින් බමුණුහට දොස් දක්වනු කැමැතිව සිටියේය. “සකටසතං අතිබද්ධං පවට්ටෙසි” මුං මෑ වැලි ආදියෙන් පිරුණු ගැල්සියයක් පිළිවෙළින් තබා යට රුකුල් දෙන දඬු දී එකට බැඳ ගැල්සියය පෙරළුනුයේ පළමු පිහිටි අර (රෝද) පෙදෙසට නැවත අර (රෝද) පැමිණි කල්හි පෙරළුනේ වේ. බොධිසත්‍වතෙමේ පළමු ගැළ පිහිටි තැන අන්තිම ගැළ පිහිටුවනු පිණිස ගැල් සියයක පමණ පෙදෙස පෙරළුයේය. බෝසතුන්ගේ වනාහි බුරුල් කිරීමෙක් නම් නැත්තේය. එහෙයිනි. “තෙන චත්තමනො අහුං” බමුණගේ ඒ ධනලාභය කරණකොට හා තමාගේ ක්‍රියාව කරණකොටද ඒ නන්‍දිවිශාල තෙමේ සතුටු සිත් ඇත්තේ වූයේය.

අක‍්කොසෙනපීති එත්‍ථ පන යස‍්මා පරතො “ද‍්වෙ අක‍්කොසා – හීනො ච අක‍්කොසො උක‍්කට‍්ඨො ච අක‍්කොසො”ති විභජිතුකාමො, තස‍්මා යථා පුබ‍්බෙ “හීනෙනපි අක‍්කොසෙන ඛුංසෙන‍්තී”ති වුත‍්තං; එවං අවත්‍වා “අක‍්කොසෙන” ඉච‍්චෙවමාහ. වෙනජාතීති තච‍්ඡකජාති; වෙණුකාරජාතීතිපි වදන‍්ති. නෙසාදජාතීති මිගලුද‍්දකාදිජාති.

“අක්කොසෙනපි’ මෙහි වනාහි යම්හෙයකින් ඉදිරියෙහි හීනවූ ආක්‍රොශය උත්කෘෂ්ට වූ ආක්‍රොශය යන ආක්‍රොශ දෙක බෙදනු කැමැත්තාහුද, එහෙයින් අර්‍ත්‍ථොත්පත්තියට පෙර යම්සේද, එසේ “හීනෙනපි අක්කොසෙන ඛුංසෙන්ති”යි වදාරන ලද්දේය. මෙසේ නොවදාරා “අක්කොසෙන”යි මෙසේ වදාළ සේක. “වෙණජාති” වඩුජාතියය. කුළුපොතු ජාතියයිද කියත්. “නෙසාදජාති” මුව වැදිආදි ජාතියය.

රථකාරජාතීති චම‍්මකාරජාති. පුක‍්කුසජාතීති පුප‍්ඵඡඩ‍්ඩකජාති. අවකණ‍්ණකාදි දාසානං නාමං හොති; තස‍්මා හීනං. ඔඤ‍්ඤාතන‍්ති අවඤ‍්ඤාතං; “උඤ‍්ඤාත”න‍්තිපි පඨන‍්ති. අවඤ‍්ඤාතන‍්ති වම‍්භෙත්‍වා ඤාතං. හීළිතන‍්ති ජිගුච‍්ඡිතං . පරිභූතන‍්ති කිමෙතෙනාතිති පරිභවකතං. අචිත‍්තීකතන‍්ති න ගරුකතං.

“රථකාරජාති” සොම්වරු ජාතියය. “පුක්කුසජාති” පුප්සැඩු (කසළ ඉවත්කරන) ජාතියය. අවකණ්ණකාදී වූ දාසයන්ට නමෙක් වේ. එහෙයින් හීනය. “ඔඤාතං” අවමන් කරන ලද්දේය. “උඤ්ඤොතං”යි කියාද හදාරත්. “අවඤ්ඤතං” හෙලා දන්නා ලද්දේය. “හීළිතං” පිළිකුල් කරන ලද්දේය. “පරිභූතං” මෙයින් කිමැ’යි පරිභව කරන ලද්දේය. “අචිත්තීකතං” ගරු නොකරන ලද්දේය.

කොට‍්ඨකකම‍්මන‍්ති තච‍්ඡකකම‍්මං. මුද‍්දාති හත්‍ථමුද‍්දාගණනා. ගණනාති අච‍්ඡිද‍්දකාදිඅවසෙසගණනා. ලෙඛාති අක‍්ඛරලෙඛා. මධුමෙහාබාධො වෙදනාය අභාවතො “උක‍්කට‍්ඨො”ති වුත‍්තො. පාටිකඞ‍්ඛාති ඉච‍්ඡිතබ‍්බා. යකාරෙන වා භකාරෙන වාති යකාරභකාරෙ යොජෙත්‍වා යො අක‍්කොසො. කාටකොටචිකාය වාති “කාට”න‍්ති පුරිසනිමිත‍්තං, “කොටචිකා”ති ඉත්‍ථිනිමිත‍්තං; එතෙහි වා යො අක‍්කොසො, එසො හීනො නාම අක‍්කොසොති.

“කොට්ඨකම්මං” ගල්වඩුකම්ය. “මුද්දා” ඇඟිලි නැමීමෙන් ගිණීමය. “ගණනා” එක්තැන - දසතැන ආදීන්හි බෙල්ලන් තබා ගිණීම නම්වූ අච්ඡිද්දකාදී වූ සෙසු ගිණීමය. “ලෙඛා” අකුරු ලිවීමය. “මධුමෙහාබාධො” මධුමෙහාබාධය. වෙදනා නැති බැවින් “උක්කටඨො” උත්කෘෂ්ටයයි කියන ලද්දේය. “පාටිකඞ්ඛා” කැමැති වියයුතුය. “යකාරෙන වා භකාරෙන වා” යකාරය හෝ භකාරය යොදා යම් ආක්‍රොශයක් වේද, “කාටකොටවීකාය” කාට යනු පුරුෂනිමිත්තයි. “කොටවීකා” යනු ස්ත්‍රීනිමිත්තයි. මෙයින් හෝ යම් ආක්‍රොශයෙක් වේද, “එසො හීනො නාම අක්කොසො” මේ ආක්‍රොශය තෙමේ හීන නම් ආක්‍රොශයයි.

ඉදානි තෙසං ජාතිආදීනං පභෙදවසෙන ආපත‍්තිං ආරොපෙත්‍වා දස‍්සෙන‍්තො “උපසම‍්පන‍්නො උපසම‍්පන‍්න”න‍්තිආදිමාහ. තත්‍ථ ඛුංසෙතුකාමො වම‍්භෙතුකාමො මඞ‍්කුකත‍්තුකාමොති අක‍්කොසිතුකාමො පධංසිතුකාමො ගරහිතුකාමො නිත‍්තෙජං කත‍්තුකාමොති අත්‍ථො. හීනෙන හීනන‍්ති හීනෙන ජාතිවචනෙන හීනජාතිකං. එතෙන උපායෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් ඒ ජාති ආදීන්ගේ ප්‍රභෙද වශයෙන් ඇවැත් නගා දක්වන සේක් “උපසම්පන්නො උපසම්පන්නං” යනාදිය වදාළ සේක. එහි “ඛුංසෙතුකාමො වම්හෙතුකාමො මඞ්කුං කත්තුකාමො” ආක්‍රොශ කරනු කැමැත්තේය. යටපත් කරනු කැමැත්තේය. ගරහනු කැමැත්තේය. නිස්තෙජසක කරනු කැමැත්තේය, යන අර්‍ත්‍ථයි. “හීනෙන හීනං” හීන වූ ජාතිවචනයෙන් හීනජාතිකය. මේ උපායයෙන් සියලු පදයන්හි අර්‍ත්‍ථ දතයුත්තේය

එත්‍ථ ච හීනෙන හීනං වදන‍්තො කිඤ‍්චාපි සච‍්චං වදති, ඔමසිතුකාමතාය පනස‍්ස වාචාය වාචාය පාචිත‍්තියං. උක‍්කට‍්ඨෙන හීනං වදන‍්තො ච කිඤ‍්චාපි අලිකං භණති, ඔමසිතුකාමතාය පන ඉමිනාව සික‍්ඛාපදෙන පාචිත‍්තියං ආපජ‍්ජති, න පුරිමෙන. යොපි “අතිචණ‍්ඩාලොසි, අතිබ්‍රාහ‍්මණොසි, දුට‍්ඨචණ‍්ඩාලොසි, දුට‍්ඨබ්‍රාහ‍්මණොසී”තිආදීනි වදති, සොපි ආපත‍්තියා කාරෙතබ‍්බො.

මෙහිද හීනවූ වචනයෙන් හීනයකුට කියන්නේ සැබවක් කියයි. වචන නැමැති හුලින් විදිනු කැමැතිබව හේතුකොට මේ මහණහුට වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. උත්කෘෂ්ට ජාතිය කරණකොට හීනයකුට කියන්නේද, අසත්‍යයක් කියාද විදිනු කැමැති බව හෙතුකොට මේ ශික්‍ෂාපදයෙන් පාචිත්තියට පැමිණේ. ප්‍රථම මුසාවාද ශික්‍ෂාපදයෙන් පාචිත්තියට නොපැමිණේ. යම් මහණෙක් තෙමේ ‘අතිචණ්ඩාල වෙහි, අතිබ්‍රාහ්මණ වෙහි, දුෂ්ටචණ්ඩාල වෙහි. දුෂ්ටබ්‍රාහ්මණ වෙහි’යි යනාදිය කියාද, හෙතෙම්ද ඇවැතින් කරවිය යුත්තේමය.

සන‍්ති ඉධෙකච‍්චෙති වාරෙ පන පරිහරිත්‍වා වුත‍්තභාවෙන දුක‍්කටං. එසෙව නයො යෙ නූන…පෙ… න මයන‍්ති වාරෙසුපි. අනුපසම‍්පන‍්නෙ පන චතූසුපි වාරෙසු දුක‍්කටමෙව. චොරොසි ගණ‍්ඨිභෙදකොසීතිආදිවචනෙහි පන උපසම‍්පන‍්නෙපි අනුපම‍්පන‍්නෙපි සබ‍්බවාරෙසු දුක‍්කටමෙව. දවකම්‍යතාය පන උපසම‍්පන‍්නෙපි අනුපසම‍්පන‍්නෙපි සබ‍්බවාරෙසු දුබ‍්භාසිතං. දවකම්‍යතා නාම කෙළිහසාධිප‍්පායතා. ඉමස‍්මිඤ‍්ච සික‍්ඛාපදෙ ඨපෙත්‍වා භික‍්ඛුං භික‍්ඛුනීආදයො සබ‍්බසත‍්තා අනුපසම‍්පන‍්නට‍්ඨානෙ ඨිතාති වෙදිතබ‍්බා.

“සන්ති ඉධෙකච්චො” වාරයෙහි පරිහරණය කියූ බැවින් දුක්කටය වේ. “යෙ නූන -පෙ-න මයං” යන වාරයන්හිද මෙම නයවේ. අනුපසම්පන්නයකු කෙරෙහි සියලු වාරයන්හි දුක්කටයම වේ. “චොරොසි ගණ්ඨිභෙදකොසි” යනාදි වචනයන්ගෙන් උපසම්පන්නයකු කෙරෙහිද අනුපසම්පන්නයකු කෙරෙහිද යන සියලු වාරයන්හි දුක්කටයම වේ. කෙළි කැමැති බැවින් උපසම්පන්නයකු කෙරෙහිද අනුපසම්පන්නයකු කෙරෙහිද යන සියලු වාරයන්හි දුබ්භාසිතය වේ. “දවකම්පතා” නම් කෙළිසිනා අදහස් ඇති බවය. මේ ඔමසවාද ශික්‍ෂාපදයෙහි මහණහු හැර, මෙහෙණ ආදි සියලු සත්ත්‍වයෝ අනුපසම්පන්න ස්ථානයෙහි සිටියහ’යි දතයුත්තාහ.

අත්‍ථපුරෙක‍්ඛාරස‍්සාතිආදීසු පාළියා අත්‍ථං වණ‍්ණයන‍්තො අත්‍ථපුරෙක‍්ඛාරො; පාළිං වාචෙන‍්තො ධම‍්මපුරෙක‍්ඛාරො; අනුසිට‍්ඨියං ඨත්‍වා “ඉදානිපි චණ‍්ඩාලොසි, පාපං මා අකාසි, මා තමො තමපරායණො අහොසී”තිආදිනා නයෙන කථෙන‍්තො අනුසාසනීපුරෙක‍්ඛාරො නාමාති වෙදිතබ‍්බො. සෙසං උත‍්තානමෙව.

“අත්‍ථපුරෙක්‍ඛාරස්ස” යනාදි තන්හි පෙළෙහි අර්‍ත්‍ථවර්‍ණනා කරනුයේ අර්‍ත්‍ථය පෙරටුකොට ඇත්තේ නම. පෙළ කියවනුයේ “ධම්මපුරෙක්‍ඛාරො”. ධර්‍මය පෙරටු කොට ඇත්තේ නම. අනුශාසනාවෙහි සිට ‘දැන්ද සැඩොල් වූයෙහි, පව් නොකරව, තමො තමපරායණ නොවව, මේ ආදි ක්‍රමයෙන් කියනුයේ “අනුසාසනී පුරෙක්‍ඛාරො” නැමැයි දතයුත්තේය. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති. කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති. දුබ‍්භාසිතාපත‍්ති පනෙත්‍ථ වාචාචිත‍්තතො සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනං සුඛා ච මජ‍්ඣත‍්තා චාති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. සුඛමද්ධ්‍යස්ථතායි. ද්විවෙදනයි.

ඔමසවාදසික‍්ඛාපදං දුතියං.

ද්විතීය ඔමසවාද ශික්‍ෂාපදයයි

පෙසුඤ‍්ඤසික‍්ඛාපදවණ‍්ණනා

පෙසුඤ්ඤ ශික්‍ෂාපද වර්ණනාව

තතියසික‍්ඛාපදෙ – භණ‍්ඩනජාතානන‍්ති සඤ‍්ජාතභණ‍්ඩනානං. භණ‍්ඩනන‍්ති කලහස‍්ස පුබ‍්බභාගො, “ඉමිනා ච ඉමිනා ච ඉදං කතං; එවං වුත‍්තෙ එවං වක‍්ඛාමා”තිආදිකං සකසකපක‍්ඛෙ සම‍්මන‍්තනං. කලහොති ආපත‍්තිගාමිකො කායවාචාවීතික‍්කමො. විවාදොති විග‍්ගාහිකකථා. තං විවාදං ආපන‍්නානං විවාදාපන‍්නානං. පෙසුඤ‍්ඤන‍්ති පිසුණවාචං, පියභාවස‍්ස සුඤ‍්ඤකරණවාචන‍්ති වුත‍්තං හොති.

තෘතීය ශික්‍ෂාපදයෙහි “භණ්ඩනජාතානං” උපන් ඩබර ඇත්තවුන්ගේ. භණ්ඩන යනු කලහයෙහි පූර්‍වභාගයයි. ‘මොහු විසින් මොහු විසින් මේ කරන ලදැ’යි මෙසේ කියූ කල්හි ‘මෙසේ කියමි’යි යනාදීවූ ස්වකීය ස්වකීය පක්‍ෂයෙහි රහසිව කරන මන්ත්‍රණයයි. කලහ නම් ඇවැතට පමුණුවන කායවාග්ච්‍යතික්‍රමයයි. විවාද නම් විග්‍රහය පිණිස පවත්නා කථාය. ඒ විවාදයට පැමිණියවුන්ගේ’යි “විවාදාපන්නානං” යනුවේ. “පෙසුඤ්ඤං” යනු ප්‍රියභාවය ශුන්‍ය කරන වචනැයි කියන ලද්දේ වේ.

භික‍්ඛුපෙසුඤ‍්ඤෙති භික‍්ඛූනං පෙසුඤ‍්ඤෙ; භික‍්ඛුතො සුත්‍වා භික‍්ඛුනා භික‍්ඛුස‍්ස උපසංහටපෙසුඤ‍්ඤෙති අත්‍ථො.

“භික්‍ඛුපෙසුඤ්ඤෙ” මහණුන්ගේ පෛශූන්‍යයෙහි. මහණක්හු වෙතින් අසා මහණක්හු විසින් මහණක්හට එළවනලද පෛශුන්‍යයෙහි යන අර්‍ත්‍ථයි.

ද‍්වීහාකාරෙහීති ද‍්වීහි කාරණෙහි. පියකම්‍යස‍්ස වාති “එවං අහං එතස‍්ස පියො භවිස‍්සාමී”ති අත‍්තනො පියභාවං පත්‍ථයමානස‍්ස වා. භෙදාධිප‍්පායස‍්ස වාති “එවමයං එතෙන සද‍්ධිං භිජ‍්ජිස‍්සතී”ති පරස‍්ස පරෙන භෙදං ඉච‍්ඡන‍්තස‍්ස වා. ජාතිතොපීතිආදි සබ‍්බං පුරිමසික‍්ඛාපදෙ වුත‍්තනයමෙව. ඉධාපි භික‍්ඛුනිං ආදිං කත්‍වා සබ‍්බෙ අනුපසම‍්පන‍්නා නාම.

“ද්වීහාකාරෙහි” කරුණු දෙකකින්. “පියකම්‍යස්ස වා” ‘මම මෙසේ මොහුට ප්‍රියවන්නෙමි’යි තමාට ප්‍රියභාවය පතන්නහුට හෝ “භෙදාධිප්පායස්ස වා” ‘මෙසේ මෙතෙමේ මොහු සමග බිදෙන්නේයයි අන්‍යයාගේ අන්‍යයා හා බිඳීම කැමැති වන්නහුට හෝ “ජාතිනො වා” යනාදි සිය පළමු ශික්‍ෂාපදයෙහි කියනලද නය ඇත්තේමය. මෙහිද මෙහෙණ ආදි කොට සියල්ලෝ අනුපසම්පන්නයෝ නම් වෙත්.

න පියකම්‍යස‍්ස න භෙදාධිප‍්පායස‍්සාති එකං අක‍්කොසන‍්තං එකඤ‍්ච ඛමන‍්තං දිස‍්වා “අහො නිල‍්ලජ‍්ජො, ඊදිසම‍්පි නාම භවන‍්තං පුන වත‍්තබ‍්බං මඤ‍්ඤිස‍්සතී”ති එවං කෙවලං පාපගරහිතාය භණන‍්තස‍්ස අනාපත‍්ති. සෙසං උත‍්තානත්‍ථමෙව. තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති , කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

“න පියකම්‍යස්ස න භෙදාධිප්පායස්ස” ආක්‍රොශ කරන එකක්හුද, ඉවසන එකක්හුද දැක ‘ලජ්ජා නැත්තේ පුදුමය. මෙබන්දක් කියන්නහු නැවැත කියයුතුය’යි සිතන්නේය’යි මෙසේ හුදෙක් පාපයට ගැරහීම් වසයෙන් කියන්නහුට ඇවැත් නොවේ. සෙස්ස කියූ අර්‍ත්‍ථ ඇත්තේමය. ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන් උපදි. ක්‍රියාසමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්‍රිවෙදනයි.

පෙසුඤ‍්ඤසික‍්ඛාපදං තතියං.

තෘතීය පෙසුඤ්ඤශික්‍ෂාපදයයි

පදසොධම‍්මසික‍්ඛාපදවණ‍්ණනා

පදසෝධම්ම ශික්‍ෂාපද වර්ණනාව

චතුත්‍ථසික‍්ඛාපදෙ – අප‍්පතිස‍්සාති අප‍්පතිස‍්සවා. උපාසකාති වුත‍්තෙ වචනම‍්පි න සොතුකාමා; අනාදරාති අත්‍ථො. අප‍්පතිස‍්සයා වා අනීචවුත‍්තිනොති අත්‍ථො. අසභාගවුත‍්තිකාති විසභාගජීවිකා, යථා භික‍්ඛූසු වත‍්තිතබ‍්බං; එවං අප‍්පවත‍්තවුත‍්තිනොති අත්‍ථො.

චතුර්‍ත්‍ථශික්‍ෂාපදයෙහි - “අප්පතිස්සා” යටත් පහත් පැවැතුම් නැත්තාහ. උපාසකයහ’යි කියූ කල්හි වචනයකුදු නොඅසනු කැමැත්තාහුය. ආදර රහිතයහ යන අර්‍ත්‍ථයි. ‘අප්පතිස්සායා වා’ යටත් පැවැතුම් නැත්තාහුය යනු අර්‍ත්‍ථයි. “අසභාගවුත්තිකා” විසභාග ජීවිකා ඇත්තාහ. මහණුන් කෙරෙහි යම්සේ පැවැතිය යුතුද, එසේ නොපැවැතිය යුතු පැවතුම් ඇත්තාහුය යන අර්‍ත්‍ථයි.

පදසො ධම‍්මං වාචෙය්‍යාති එකතො පදං පදං ධම‍්මං වාචෙය්‍ය; කොට‍්ඨාසං කොට‍්ඨාසං වාචෙය්‍යාති අත්‍ථො. යස‍්මා පන තං කොට‍්ඨාසනාමකං පදං චතුබ‍්බිධං හොති, තස‍්මා තං දස‍්සෙතුං “පදං අනුපදං අන්‍වක‍්ඛරං අනුබ්‍යඤ‍්ජන”න‍්ති පදභාජනං වුත‍්තං. තත්‍ථ පදන‍්ති එකො ගාථාපාදො අධිප‍්පෙතො. අනුපදන‍්ති දුතියපාදො. අන්‍වක‍්ඛරන‍්ති එකෙකමක‍්ඛරං. අනුබ්‍යඤ‍්ජනන‍්ති පුරිමබ්‍යඤ‍්ජනෙන සදිසං පච‍්ඡාබ්‍යඤ‍්ජනං. යං කිඤ‍්චි වා එකමක‍්ඛරං අන්‍වක‍්ඛරං, අක‍්ඛරසමූහො අනුබ්‍යඤ‍්ජනං, අක‍්ඛරානුබ්‍යඤ‍්ජනසමූහො පදං. පඨමපදං පදමෙව, දුතියං අනුපදන‍්ති එවමෙත්‍ථ නානාකරණං වෙදිතබ‍්බං.

“පදසො ධම්මං වාචෙය්‍ය” අනුපසම්පන්නයකු සමග පදයක් පදයක් වසයෙන් ධර්‍මය කියන්නේ නම්, කොටස් කොටස් වසයෙන් කියන්නේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් කොට්ඨාස යන නාමය ඇති ඒ පදය සිවුවැදෑරුම් වේද, එහෙයින් ඒ දක්වනු පිණිස “පදං අනුපදං අන්‍වක්‍ඛරං අනුබ්‍යඤ්ජනං” පදභාජනයෙහි වදාරන ලදි. එහි ‘පදං’ යන මෙයින් එක් ගාථාපාදයෙක් අදහස් කරන ලද්දේය. “අනුපදං” යනු දෙවන පාදයයි. “අන්‍වක්‍ඛරං” යනු එක් එක් අකුරෙකි. “අනුඛ්‍යඤ්ජනං” යනු පූර්‍ව්‍යඤ්ජනය සමාන වූ පශ්චාත් ව්‍යඤ්ජනයයි. යම්කිසි එක් අකුරක් වේද, එය අන්‍වක්‍ඛරයි. අවිභක්තික අක්‍ෂර සමූහය අනුඛ්‍යඤ්ජනයි. අක්‍ෂර අනුව්‍යඤ්ජන සමූහය පද නම. විභක්ත්‍යන්ත ප්‍රථම පදය පදයම වේ. දෙවන පදය අනුපද නමැයි මෙහි වෙනස මෙසේ දතයුතුය.

ඉදානි පදං නාම එකතො පට‍්ඨපෙත්‍වා එකතො ඔසාපෙන‍්තීති ගාථාබන්‍ධං ධම‍්මං වාචෙන‍්තො “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති එකමෙකං පදං සාමණෙරෙන සද‍්ධිං එකතො ආරභිත්‍වා එකතොයෙව නිට‍්ඨාපෙති. එවං වාචෙන‍්තස‍්ස පදගණනාය පාචිත‍්තියා වෙදිතබ‍්බා. අනුපදං නාම පාටෙක‍්කං පට‍්ඨපෙත්‍වා එකතො ඔසාපෙන‍්තීති ථෙරෙන “මනොපුබ‍්බඞ‍්ගමා ධම‍්මා”ති වුත‍්තෙ සාමණෙරො තං පදං අපාපුණිත්‍වා “මනොසෙට‍්ඨා මනොමයා”ති දුතියපදං එකතො භණති, ඉමෙ පාටෙක‍්කං පට‍්ඨපෙත්‍වා එකතො ඔසාපෙන‍්ති නාම. එවං වාචෙන‍්තස‍්සාපි අනුපදගණනාය පාචිත‍්තියා. අන්‍වක‍්ඛරං නාම රූපං අනිච‍්චන‍්ති වුච‍්චමානො “රූ”ති ඔපාතෙතීති “රූපං අනිච‍්චන‍්ති භණ සාමණෙරා”ති වුච‍්චමානො රූකාරමත‍්තමෙව එකතො වත්‍වා තිට‍්ඨති. එවං වාචෙන‍්තස‍්සාපි අන්‍වක‍්ඛරගණනාය පාචිත‍්තියා. ගාථාබන්‍ධෙපි ච එස නයො ලබ‍්භතියෙව. අනුබ්‍යඤ‍්ජනං නාම රූපං අනිච‍්චන‍්ති වුච‍්චමානො වෙදනා අනිච‍්චාති සද‍්දං නිච‍්ඡාරෙතීති “රූපං, භික‍්ඛවෙ, අනිච‍්චං, වෙදනා අනිච‍්චා”ති ඉමං සුත‍්තං වාචයමානො ථෙරෙන “රූපං අනිච‍්ච”න‍්ති වුච‍්චමානො සාමණෙරො සීඝපඤ‍්ඤතාය “වෙදනා අනිච‍්චා”ති ඉමං අනිච‍්චපදං ථෙරස‍්ස “රූපං අනිච‍්ච”න‍්ති එතෙන අනිච‍්චපදෙන සද‍්ධිං එකතො භණන‍්තො වාචං නිච‍්ඡාරෙති. එවං වාචෙන‍්තස‍්සාපි අනුබ්‍යඤ‍්ජනගණනාය පාචිත‍්තියා. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – ඉමෙසු පදාදීසු යං යං එකතො භණති තෙන තෙන ආපත‍්තිං ආපජ‍්ජතීති.

දැන් “පදං නාම එකතො පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” ගාථා ලෙසින් බැදුනු ධර්‍මයක් කියනුයේ ‘මනො පුබ්බඞ්ගමා ධම්මා’යි මෙසේ එක් එක් පදය හෙරණහු සමග එක්ව පටන් ගෙණ එක්වම අවසන් කෙරේද, මෙසේ කියන්නට පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්’යි දතයුතුය. “අනුපදං නාම පාටෙක්කං පට්ඨපෙත්‍වා එකතො ඔසාපෙන්ති” තෙරුන් විසින් ‘මනොපුබ්බඞ්ගමා ධම්මා’යි කියූ කල්හි හෙරණ තෙමේ ඒ පදය එකට නොකියා ‘මනොසෙට්ඨො මනොමයා’යි දෙවනපදය එකට කියාද, මොවුහු වෙන්ව පටන්ගෙන එකට අවසාන කෙරෙත් නම. මෙසේ කියන මහණහුටද දෙවන පදගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. “අන්‍වක්‍ඛරං නාම රූපං අනිච්චන්ති වුච්චමානො රුන්ති ඔතාපෙති” ‘හෙරණ’ ‘රූපං අනිච්චං’යි කියව, කියනු ලබන්නේ රුකාරය පමණක්ම එකට කියා සිටීද, මෙසේ කියන මහණහුටද එක් එක් අකුරු ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. ගාථාබන්‍ධයෙහිද මෙම නය ලැබේමය. “අනුබ්‍යඤ්ජනං නාම රූපං අනිච්චන්ති වුච්චමානො වෙදනා අනිච්චාති සද්දං නිච්ඡාරෙති” ‘රූපං භික්‍ඛවෙ අනිච්චං වෙදනා අනිච්චා’ යන මේ සූත්‍රය කියවනු ලබන්නේ. තෙරුන් විසින් ‘රූපං අනිච්චං’යි කියනු ලබන්නේ හෙරණ තෙමේ වේගවත් ප්‍රඥා ඇති බැවින් ‘වෙදනා අනිච්චා’ යන මේ අනිච්චපදය, තෙරුන්ගේ ‘රූපං අනිච්චං’ යන මේ අනිච්ච පදය සමග එකට වචන නිකුත් කෙරේද, මෙසේ කියන මහණහුටද අක්‍ෂර සමූහගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපයයි. මේ පදාදීන් අතුරෙහි යම් යම් පදයක් එකට කියාද, ඒ ඒ පදයෙන් ඇවැතට පැමිණේයයි දතයුතුය.

බුද‍්ධභාසිතොති සකලං විනයපිටකං අභිධම‍්මපිටකං ධම‍්මපදං චරියාපිටකං උදානං ඉතිවුත‍්තකං ජාතකං සුත‍්තනිපාතො විමානවත්‍ථු පෙතවත්‍ථු බ්‍රහ‍්මජාලාදීනි ච සුත‍්තානි. සාවකභාසිතොති චතුපරිසපරියාපන‍්නෙහි සාවකෙහි භාසිතො අනඞ‍්ගණසම‍්මාදිට‍්ඨිඅනුමානසුත‍්තචුළවෙදල‍්ලමහාවෙදල‍්ලාදිකො. ඉසිභාසිතොති බාහිරපරිබ‍්බාජකෙහි භාසිතො සකලො පරිබ‍්බාජකවග‍්ගො, බාවරියස‍්ස අන‍්තෙවාසිකානං සොළසන‍්නං බ්‍රාහ‍්මණානං පුච‍්ඡාති එවමාදි. දෙවතාභාසිතොති දෙවතාහි භාසිතො; සො දෙවතාසංයුත‍්තදෙවපුත‍්තසංයුත‍්තමාරසංයුත‍්තබ්‍රහ‍්මසංයුත‍්තසක‍්කසංයුත‍්තාදිවසෙන වෙදිතබ‍්බො.

“ඛුද්ධභාසිතො” සියලු විනයපිටකය අභිධර්‍මපිටකය ධම්මපදය චරියාපිටකය උදානය ඉතිවුත්තකය ජාතකය සුත්තනිපාතය විමානවත්‍ථුය. පෙතවත්‍ථුය. බ්‍රහ්මජාලාදි සූත්‍රහයි යන මොවුහුය. “සාවකභාසිතො” සිවු පිරිසට ඇතුළත් වූ ශ්‍රාවකයන් විසින් කියනලද අනඞ්ගන සම්මාදිට්ඨි අනුමානසුත්ත චුල්ලවෙදල්ල මහාවෙදල්ල ආදි සූත්‍ර. “ඉසිභාසිතො” බාහිර පරිව්‍රාජකයන් විසින් කියන ලද සියලු පරිබ්බාජකවර්‍ගය බාවාරිහුගේ අතැවැසිවූ සොළොසක් බ්‍රාහ්මණයන්ගේ ප්‍රවජාය යන මේ ආදියයි. “දෙවභාසිතො” දෙවියන් විසින් කියන ලද්දය. එය දෙවතා සංයුත්ත ද්වෙපුත්ත සංයුත්ත මාරසංයුත්ත බ්‍රහ්මසංයුත්ත සක්කසංයුත්ත යනාදීන්ගේ වසයෙන් දතයුතුය.

අත්‍ථූපසඤ‍්හිතොති අට‍්ඨකථානිස‍්සිතො. ධම‍්මූපසඤ‍්හිතොති පාළිනිස‍්සිතො; උභයෙනාපි විවට‍්ටූපනිස‍්සිතමෙව වදති. කිඤ‍්චාපි විවට‍්ටූපනිස‍්සිතං වදති, තිස‍්සො සඞ‍්ගීතියො ආරුළ‍්හධම‍්මංයෙව පන පදසො වාචෙන‍්තස‍්ස ආපත‍්ති . විවට‍්ටූපනිස‍්සිතෙපි නානාභාසාවසෙන ගාථාසිලොකබන්‍ධාදීහි අභිසඞ‍්ඛතෙ අනාපත‍්ති. තිස‍්සො සඞ‍්ගීතියො අනාරුළ‍්හෙපි කුලුම‍්බසුත‍්තං රාජොවාදසුත‍්තං තික‍්ඛින්‍ද්‍රියං චතුපරිවට‍්ටං නන්‍දොපනන්‍දන‍්ති ඊදිසෙ ආපත‍්තියෙව. අපලාලදමනම‍්පි වුත‍්තං, මහාපච‍්චරියම‍්පන පටිසිද‍්ධං. මෙණ‍්ඩකමිලින්‍දපඤ‍්හෙසු ථෙරස‍්ස සකපටිභානෙ අනාපත‍්ති, යං රඤ‍්ඤො සඤ‍්ඤාපනත්‍ථං ආහරිත්‍වා වුත‍්තං, තත්‍ථ ආපත‍්ති. වණ‍්ණපිටකඅඞ‍්ගුලිමාලපිටකරට‍්ඨපාලගඅජතආළවකගජ‍්ජිතගුළ‍්හමග‍්ගගුළ‍්හවෙස‍්සන‍්තරගුළ‍්හවිනයවෙදල‍්ලපිටකානි පන අබුද‍්ධවචනානියෙවාති වුත‍්තං. සීලූපදෙසො නාම ධම‍්මසෙනාපතිනා වුත‍්තොති වදන‍්ති, තස‍්මිං ආපත‍්තියෙව. අඤ‍්ඤානිපි මග‍්ගකථාආරම‍්මණකථාබුද‍්ධිකදණ‍්ඩක ඤාණවත්‍ථුඅසුභකථාදීනි අත්‍ථි, තෙසු සත‍්තතිංස බොධිපක‍්ඛියධම‍්මා විභත‍්තා, ධුතඞ‍්ගපඤ‍්හෙ පටිපදා විභත‍්තා; තස‍්මා තෙසු ආපත‍්තීති වුත‍්තං. මහාපච‍්චරියාදීසු පන සඞ‍්ගීතිං අනාරුළ‍්හෙසු රාජොවාදතික‍්ඛින්‍ද්‍රියචතුපරිවට‍්ටනන්‍දොපනන්‍දකුලුම‍්බසුත‍්තෙසුයෙව ආපත‍්තීති වත්‍වා අවසෙසෙසු යං බුද‍්ධවචනතො ආහරිත්‍වා වුත‍්තං, තදෙව ආපත‍්තිවත්‍ථු හොති, න ඉතරන‍්ති අයමත්‍ථො පරිග‍්ගහිතො.

“අත්‍ථූපසංහිතො” අර්‍ත්‍ථකථාවන් ඇසුරු කරන ලද්දය. “ධම්මූපසංහිතො” පාළිය ඇසුරු කරන ලද්දය. අත්‍ථූපසංහිත ධම්මූපසංහිත දෙකින්ම නිවන ඇසුරු කරන ලද්දම කියයි. කිසිසේත් නිවන ඇසුරු කරන ලද්දක් කියාද, ත්‍රිවිධ සඞ්ගීතයට නැගු ධර්‍මයක්ම අනුපසම්පන්නයකු සමග පදවසයෙන් කියන මහණහුට ඇවැත් වේ. නිවන ඇසුරු කරන ලද්දෙහිද නොයෙක් භාෂා වශයෙන් ගාථාශ්ලොක බන්‍ධනාදියෙන් පිළියෙල කරන ලද්දෙහි ඇවැත් නොවේ. ත්‍රිවිධසඞ්ගීතියට නොනැගූ කුලුම්බසුත්ත රාජොවාදසුත්ත තික්‍ඛින්‍ද්‍රිය චතුපරිවට්ට නන්‍දොපනන්‍ද යන මෙබන්දෙහි ඇවැත්මය. මහාපච්චරියෙහි ප්‍රතිෂෙධ කරනලද අපලාල දමනයද කියනලදී. මෙණ්ඩකමිලින්‍දප්‍රශ්නයන්හි නාගසෙන තෙරුන්ගේ ස්වකීය ප්‍රතිභාණයෙහි ඇවැත් නොවේ. රජුට හඟවනු පිණිස යමක් ගෙන හැර දක්වා කියන ලද්දේ ද, එහි ඇවැත් වේ. වණ්ණපිටක අඞ්ගුලිමාලපිටක රට්ඨපාල ගජ්ජිත ආලවකගජ්ජිත ගුළහුම්මග්ග ගුළ්හ වෙස්සන්තර ගුළ්හවිනය වෙදල්ලපිටක යනාදීහු අබුද්ධවචනයෝමය’යි කියන ලදහ. සීලූපදෙසය නම් ධම්මසේනාපතිහු විසින් කියන ලද්දේයයි කියත්. එහි ඇවැත්මය. අන්‍යවූද මග්ගකථා ආරම්මණකථා බුද්ධිකරණ්ඩකඤාණවත්‍ථු අසුභකථා යනාදීහුද ඇත්තාහුය. එහි සත්තතිංසබොධිපක්‍ඛිය ධර්‍මයෝ බෙදා දක්වන ලදහ. ධුතාඞ්ග ප්‍රශ්නයෙහි ප්‍රතිපදාවෝ විභාග කරන ලදහ. එහෙයින් එහි ඇවැත්’යි කියනලදි. මහාපච්චරි ආදියෙහි වනාහි සඞ්ගීතියට නොනැගු රාජොවාද තික්‍ඛින්‍ද්‍රිය චතුපරිවට්ට නන්‍දොපනන්‍ද කුලුම්බ සූත්‍රයන්හිම ඇවැත්’යි කියා සෙසුතන්හි බුද්ධවචනයෙන් යමක් ගෙනහැර දක්වා කියන ලදද, එයම ආපත්ති වස්තු වේ. අනිකක් ඇවැතට වස්තු නොවේය, යන මේ අර්‍ත්‍ථය පිළිගන්නා ලද්දේය.

එකතො උද‍්දිසාපෙන‍්තොති අනුපසම‍්පන‍්නෙන සද‍්ධිං එකතො උද‍්දෙසං ගණ‍්හන‍්තොපි එකතො වදති අනාපත‍්තීති අත්‍ථො.

“එකතො උද්දිසාපෙන්තො” අනුපසම්පන්නයකු සමග එකට උදෙසීම් ගන්නේද, එකට කියාද අනාපත්තිය යන අර්‍ත්‍ථයි.

තත්‍රායං විනිච‍්ඡයො – උපසම‍්පන‍්නො ච අනුපසම‍්පන‍්නො ච නිසීදිත්‍වා උද‍්දිසාපෙන‍්ති. ආචරියො නිසින‍්නානං භණාමීති තෙහි සද‍්ධිං එකතො වදති, ආචරියස‍්ස ආපත‍්ති. අනුපසම‍්පන‍්නෙන සද‍්ධිං ගණ‍්හන‍්තස‍්ස අනාපත‍්ති. ද‍්වෙපි ඨිතා ගණ‍්හන‍්ති, එසෙව නයො. දහරභික‍්ඛු නිසින‍්නො, සාමණෙරො ඨිතො, නිසින‍්නස‍්ස භණාමීති භණතො අනාපත‍්ති. සචෙ දහරො තිට‍්ඨති, ඉතරො නිසීදති, ඨිතස‍්ස භණාමීති භණතොපි අනාපත‍්ති. සචෙ බහූනං භික‍්ඛූනං අන‍්තරෙ එකො සාමණෙරො නිසින‍්නො හොති, තස‍්මිං නිසින‍්නෙ පදසො ධම‍්මං වාචෙන‍්තස‍්ස ආචරියස‍්ස අචිත‍්තකාපත‍්ති. සචෙ සාමණෙරො උපචාරං මුඤ‍්චිත්‍වා ඨිතො වා නිසින‍්නො වා හොති, යෙසං වාචෙති, තෙසු අපරියාපන‍්නත‍්තා එකෙන දිසාභාගෙන පලායනකගන්‍ථං නාම ගණ‍්හාතීති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති, තස‍්මා අනාපත‍්ති. එකතො සජ‍්ඣායං කරොන‍්තොපි අනුපසම‍්පන‍්නෙන සද‍්ධිං උපසම‍්පන‍්නො එකතො සජ‍්ඣායං කරොන‍්තො තෙන සද‍්ධිංයෙව භණති, අනාපත‍්ති. අනුපසම‍්පන‍්නස‍්ස සන‍්තිකෙ උද‍්දෙසං ගණ‍්හන‍්තස‍්සපි තෙන සද‍්ධිං එකතො භණන‍්තස‍්ස අනාපත‍්ති. අයම‍්පි හි එකතො සජ‍්ඣායං කරොතිච‍්චෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති.

එහි මේ විනිශ්චයයි. උපසම්පන්නයෙක්ද අනුපසම්පන්නයෙක්ද හිඳ උදෙසවා ගණිත්. ආචාර්‍ය්‍ය තෙමේ හුන්නවුන්ට කියමි’යි ඔවුන් සමග එකට කියාද, ආචාර්‍ය්‍යයා හටම ඇවැත් වේ. අනුපසම්පන්නයකු සමග උදෙසීම් විසින් කියවා ගන්නහුට ඇවැත් නොවේ. දෙදෙනම සිටියාහු කියවා ගණිත්ද මේ නයමවේ. ලදරු මහණක් හුන්නේය. හෙරණෙක් සිටියේය. හුන්නහුට කියමි’යි කියන මහණහුටද ඇවැත් නොවේ. ඉදින් ලදරු මහණ තෙමේ සිටීද, අනික් මහණ තෙමේ හිදීද සිටියහුට කියමි’යි කියන්නහුටද ඇවැත් නොවේ. ඉදින් බොහෝ මහණුන් අතුරෙහි එක් හෙරණෙක් හුන්නේ වේද, ඒ හුන්නහු කෙරෙහි පදවසයෙන් ධර්‍මය කියවන්නාවූ ආචාර්‍ය්‍යයාහට අචිත්තකාපත්ති වේ. ඉදින් හෙරණ තෙමේ උපචාරය මුදා සිටියේ හෝ හුන්නේ හෝ වේද, යම් කෙනකුන්ට කියවාද ඔවුන් කෙරෙහි ඇතුළත් නොවූ බැවින් එක් දිසාභාගයකින් පලා යන ග්‍රන්‍ථයක් ගණීය යන සඞ්ඛ්‍යාවට යන්නේද, එහෙයින් ඇවැත් නොවේ. ‘එකතො සජ්ඣායං කරොන්තෙපි, යන මෙහි අනුපසම්පන්නයකු සමග උපසම්පන්නයෙක් එකට හදාරමින් ඔහු සමගම කියාද, ඇවැත් නොවේ. අනුපසම්පන්නයකු වෙත උද්දෙස ගන්නා මහණහුටද, ඔහු සමග එකට කියන මහණහුටද ඇවැත් නොවේ. මෙතෙමේද එකට හැදෑරීම කෙරේය යන සඞ්ඛ්‍යාවට යන්නේය.

යෙභුය්‍යෙන පගුණං ගන්‍ථං භණන‍්තං ඔපාතෙතීති සචෙ එකගාථාය එකො පාදො න ආගච‍්ඡති, සෙසං ආගච‍්ඡති, අයං යෙභුය්‍යෙන පගුණගන්‍ථො නාම. එතෙන නයෙන සුත‍්තෙපි වෙදිතබ‍්බො. තං ඔපාතෙන‍්තස‍්ස එවං භණාහීති එකතොපි භණන‍්තස‍්ස අනාපත‍්ති. ඔසාරෙන‍්තං ඔපාතෙතීති සුත‍්තං උච‍්චාරෙන‍්තං පරිසමජ‍්ඣෙ පරිසඞ‍්කමානං එවං වදෙහීති තෙන සද‍්ධිං එකතොපි වදන‍්තස‍්ස අනාපත‍්ති. යං පන මහාපච‍්චරියාදීසු “මයා සද‍්ධිං මා වදා”ති වුත‍්තො යදි වදති, “අනාපත‍්තී”ති වුත‍්තං, තං මහාඅට‍්ඨකථායං නත්‍ථි, නත්‍ථිභාවොයෙව චස‍්ස යුත‍්තො. කස‍්මා? කිරියසමුට‍්ඨානත‍්තා. ඉතරථා හි කිරියාකිරියං භවෙය්‍ය. සෙසං උත‍්තානත්‍ථමෙව.

“යෙභූය්‍යෙන පගුණං ගන්‍ථං භණන්තං ඔපාතෙති” ඉදින් එක් ගාථාවක පෙර පුහුණුව තුබූ පසුව සිහි නොකරන එක් පදයෙක් නොඒද, සෙස්ස පැමිණේද මේ වනාහි බොහෝසෙයින් ප්‍රගුණ ග්‍රන්‍ථය නම්වේ. මේ නයින් සූත්‍රයද දතයුත්තේය. ඒ ප්‍රගුණ ග්‍රන්‍ථය එකට කියන මහණහුටද ‘මෙසේ කියව’යි එකට කියන මහණහුටද ඇවැත් නොවේ. ‘ඔසාරෙන්තං ඔපාතෙති” සූත්‍රයක් කියන පිරිස් මැද සැක කරන්නහුට ‘මෙසේ කියව’යි ඔහු සමග එකටද කියන මහණහුට ඇවැත් නොවේ. මහාපච්චරියාදියෙහි ‘මා සමග නො කියව’යි කියන ලද්දේ ඉදින් කියා නම් අනාපත්ති’යි යමක් කියන ලද්දේ ද, එය මහාඅර්‍ත්‍ථකථාවෙහි නැත්තේය. මෙය නැතිබවම යුක්තිය වේ. කුමක් හෙයින, යත්: ක්‍රියාසමුත්‍ථාන බැවිනි. අන් අයුරකින් වනාහි ක්‍රියා ක්‍රියසමුත්‍ථානික වේ. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

පදසොධම‍්මසමුට‍්ඨානං – වාචතො ච වාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

පදසොධම්මසමුත්‍ථානයයි. වචනයෙන්ද වාචාචිත්තයෙන්ද උපදියි. ක්‍රියා සමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාකකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පදසොධම‍්මසික‍්ඛාපදං චතුත්‍ථං.

චතුර්‍ත්‍ථ පදසොධර්‍ම ශික්‍ෂාපදයයි