ඔමසවාදසික්ඛාපදං
6. 1. 2.
6. 1. 2.
ඔමසවාදසික්ඛාපදං
ඔමසවාද ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්ති, පෙසලෙ භික්ඛූ ඔමසන්ති; ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි හීනෙනපි අක්කොසෙන ඛුංසෙන්ති වම්භෙන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩන්තා පෙසලෙ භික්ඛූ ඔමසිස්සන්ති: ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි හීනෙනපි අක්කොසෙන ඛුංසෙස්සන්ති වම්භෙස්සන්තී”ති
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි සවග මහණහු ප්‍රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්ෂූන් (රළුබස් නමැති හුල් වලින් විනි විදිත්) විද බෙණෙත්: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කෙරෙත් ගරහත්. යම් භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔවුහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ප්‍රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්ෂූන්හට ඝටා බෙණෙත් ද, ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු හීන වූ ආක්රොශයෙනුදු ආක්‍රෝශ කෙරෙත් ද, ගරහත් දැ”යි.
2. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්තා පෙසලෙ භික්ඛූ ඔමසථ: ජාතියාපි -පෙ- හීනෙනපි අක්කොසෙන ඛුංසෙථ වම්භෙථාති.
2. එකල්හි ඒ භික්ෂූහු සවග මහණුන්හට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... සැබෑද මහණෙනි, තෙපි ප්‍රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්ෂූන්හට ඝටාබණනහු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කරවු ද, ගරහවු දැ යි.
සච්චං, භගවාති.
සැබැව භාග්‍යවතුන් වහන්ස,
විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්තා පෙසලෙ භික්ඛූ ඔමසිස්සථ: ජාතියාපි -පෙ- හීනෙනපි අක්කොසෙන ඛුංසෙස්සථ වම්භෙස්සථ. නෙතං මොඝ පුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ ..., “හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ප්‍රියශීල භික්ෂූන් සමග ඩබර කරමින් ප්‍රියශීල භික්ෂූන්හට ඝටා බෙණෙවු ද, ජාතියෙනුදු ... හීන වූ ආක්‍රෝශයෙනුදු ආක්‍රෝශ කරවු ද, ගරහවු දැ”යි. හිස්පුරුෂයෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ... නො වේ යැ යි වෙසෙසින් ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ.
3. භූතපුබ්බං භික්ඛවෙ, තක්කසිලායං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස නන්දිවිසාලො නාම බලිවද්දො අහොසි. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො තං බ්රාහ්මණං එතදවොච: “ගච්ඡ ත්වං බ්‍රාහ්මණ සෙට්ඨිනා සද්ධිං සහස්සෙන අබ්භුතං කරොහි, මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සෙට්ඨිනා සද්ධිං සහස්සෙන අබ්භුතං අකාසි, “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති. අථඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සකටසතං අතිබන්ධිත්වා නන්දිවිසාලං බලිවද්දං යොජෙත්වා එතදවොච: “අඤ්ජ කූට, වහස්සු කූටා”ති. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො තත්ථෙව අට්ඨාසි. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සහස්සෙන පරාජිතො පජ්ඣායි.
3. මහණෙනි, මේ පෙර වූ දැයෙකි: තක්සලායෙහි එක්තරා බමුණකුට නන්දිවිසාල නම් වෘෂභයෙක් විය. එකල්හි මහණෙනි, නන්දිවිශාල වෘෂභ එබමුණුහට තෙල බස කී ය. බමුණ, තෝ යා, සිටුහු සමග දහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ තෙමේ එකට බැඳි ගැල් සියයක් (පෙරැගැල තුබූ තැනට පසුගැල) අදනේ යැ”යි. ඉක්බිති මහණෙනි, එබමුණු සිටුහු සමග දහසෙකින් පරදු තැබී ය. “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ යි”. ඉක්බිති මහණෙනි, එබමුණු ගැල් සියයක් එකට බැඳ නන්දිවිසාල ගවයා යොදාලා අදු කුළ, උසුල කුළැ යි කී ය. එකල්හි මහණෙනි, නන්දිවිශාල බලීවර්ද තෙමේ එහි ම සිටියේ ය. එකල්හි මහණෙනි, එබමුණු දහසෙකින් පැරදුණේ (දොම්නසින්) සිතමින් සිටියේ ය.
4. අථඛො භික්ඛවෙ නන්දිවිසාලො බලිවද්දො තං බ්රාහ්මණං එතදවොච: “කිස්ස ත්වං බ්‍රාහ්මණ, පජ්ඣායසී”ති. තථාහි පනාහං භො තයා සහස්සෙන පරාජිතොති. කිස්ස පන මං ත්වං බ්‍රාහ්මණ අකූටං කූටවාදෙන පාපෙසි. ගච්ඡ ත්වං බ්‍රාහ්මණ සෙට්ඨිනා සද්ධිං ද්වීහි සහස්සෙහි අබ්භුතං කරොහි “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතීති. මා ච මං අකූටං කූටවාදෙන පාපෙසී”ති. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සෙට්ඨිනා සද්ධිං ද්වීහි සහස්සෙහි අබ්භුතං අකාසි. “මය්හං බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙස්සතී”ති.
4. එකල්හි නන්දිවිසාල වෘෂභ තෙමේ එබමුණුහට බමුණ, තෙපි කුමකට සිතිවිලිපර වැ සිටියාව යි. තෙල කී ය. භවත, මම තා විසින් දහසෙකින් පරදවන ලදුයෙම් ද එහෙයිනැයි කී ය. බමුණ, කුමකට තෙපි නො කුළු මා කුළෙහි යන බසින් (අවමනට) පමුණුවාලූහු ද, යව බමුණ, තෙපි සිටුහු සමග දෙදහසෙකින් පරදු තබව, “මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ”යි. නො කුළු මා කුළෙහි යන බසින් නො ද (අවමනට) පමුණුවාලව යි කී ය. එකල්හි මහණෙනි ඒ බමුණු සිටුහු සමඟ දෙදහසෙකින් පරදු තැබී ය; ‘මාගේ වෘෂභ එකට බැඳි ගැල් සියයක් අදනේ යැ’යි
5. අථ ඛො භික්ඛවෙ සො බ්රාහ්මණො සකටසතං අතිබන්ධිත්වා නන්දිවිසාලං බලිවද්දං යොජෙත්වා එතදවොච – “අඤ්ජ, භද්‍ර, වහස්සු, භද්‍රා”ති. අථ ඛො, භික්ඛවෙ, නන්දිවිසාලො බලිවද්දො සකටසතං අතිබද්ධං පවට්ටෙසි.
5. ඉක්බිති මහණෙනි, ඒ බමුණු ගැල් සියයක් එකට බැඳ නන්දිවිසාල ගවයා යොදාලා “අදු භද්‍රය, උසුල භද්‍රය”යි මෙසේ කී ය. එකල්හි ම මහණෙනි, නන්දිවිසාල වෘෂභ එකට බැඳි ගැල් සියය ඇදලී ය.
6. “මනාපමෙව භාසෙය්ය නාමනාපං කුදාචනං මනාපං භාසමානස්ස ගරුම්භාරං උදබ්බහී, ධනඤ්ච නං අලාභෙසි, තෙන චත්තමනො අහූ”ති.
6. මනවඩන බස් ම කියන්නේ ය, කිසි කලෙක අමනාපබස් නො කියන්නේ ය, මනාප බස් බණන්නහුගේ මහත් බර ඉසිලී ය, ඔහු ලවා ධනය ද ලබවාලී ය, එයින් සතුටු සිතැත්තේ ද වී”යැයි.
“තදාපි මෙ භික්ඛවෙ අමනාපා ඛුංසනා වම්භනා. කිමඞ්ග පන එතරහි මනාපා භවිස්සති ඛුංසනා වම්භනා නෙතං, භික්ඛවෙ, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
එදවස් මහණෙනි, හෙළා දැකීම ගැරහීම මට අමනාප වී යැ. දැන් හෙළාදැකීම ගැරහීම මනාප වෙතියි කියනු කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ... නො වේ. මහණෙනි, මෙසේ මේ සිකපදය ද උදෙසවු:
“ඔමසවාදෙ පාචිත්තිය”න්ති.
ඔමසවාදයෙහි පචිති වේයයි.
7. ඔමසවාදො නාම: දසහි ආකාරෙහි ඔමසති: ජාතියාපි නාමෙනපි ගොත්තෙනපි කම්මෙනපි සිප්පෙනපි ආබාධෙනපි ලිඞ්ගෙනපි කිලෙසෙනපි ආපත්තියාපි අක්කොසෙනපි.
7. ඔමසවාද නම්: දස අයුරෙකින් ඝටා බෙණෙයි: ජාතියෙනුදු නාමයෙනුදු ගෝත්‍රයෙනුදු කර්‍මයෙනුදු ශිල්පයෙනුදු ආබාධයෙනුදු ලිඞ්ගයෙනුදු ක්ලේශයෙනුදු ආපත්තියෙනුදු ආක්රෝශයෙන දැ යි.
ජාති නාම: ද්වෙ ජාතියො, හීනා ච ජාති උක්කට්ඨා ච ජාති, හීනා නාම ජාති: චණ්ඩාලජාති වෙණජාති නෙසාදජාති රථකාරජාති, පුක්කුසජාති. එසා හීනා නාම ජාති. උක්කට්ඨා නාම ජාති: ඛත්තියජාති බ්රාහ්මණජාති. එසා උක්කට්ඨා නාම ජාති.
ජාති නම්: හීන ජාති ද උත්කෘෂ්ට ජාති දැ යි ජාති දෙකෙකි. හීන ජාති නම්; සැඬොල් ජාති යැ කුළුපොතු ජාති යැ වැදි ජාති යැ සොම්මර ජාති යැ පුප්සඩු ජාති යි. තෙල හීන ජාති වෙයි. උත්කෘෂ්ට ජාති නම්: ක්ෂත්රිය ජාති යැ බ්‍රාහ්මණ ජාති යි. තෙල උත්කෘෂ්ට ජාති නම.
නාමං නාම: ද්වෙ නාමානි, හීනඤ්ච නාමං උක්කට්ඨඤ්ච නාමං . හීනං නාම නාමං: අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම නාමං. උක්කට්ඨං නාම නාමං: බුද්ධප්පටිසඤ්ඤූත්තං ධම්මපටිසඤ්ඤුත්තං සඞ්ඝපටිසඤ්ඤුත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම නාමං.
නාම නම්: හීන නාම හා උත්කෘෂ්ටනාම හා නාම දෙකෙකි. හීන නාම නම්: අවකණ්ණක යැ ජවකණ්ණක යැ, ධනිට්ඨක යැ, සවිට්ඨක යැ, කුලවඩ්ඩක යි. ඒ ඒ දනවු හි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නො කරන ලද හෝ නාම යි. තෙල හීන නාම වෙ යි. උත්කෘෂ්ට නාම නම්: බුද්ධ ප්‍රතිසංයුක්ත වූ ධර්‍මප්‍රතිසංයුක්ත වූ සඞ්ඝප්රතිසංයුක්ත වූ නාම හෝ ඒ ඒ දනවුහි පහත් කොට නොදන්නාලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරනලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ නාම යි. තෙල උත්කෘෂ්ටනාම නම.
10. ගොත්තං නාම: ද්වෙ ගොත්තානි, හීනඤ්ච ගොත්තං උක්කට්ඨඤ්ච ගොත්තං. හීනං නාම ගොත්තං: කොසියගොත්තං භාරද්වාජගොත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම ගොත්තං. උක්කට්ඨං නාම ගොත්තං: ගොතමගොත්තං මොග්ගල්ලානගොත්තං කච්චානගොත්තං, වාසෙට්ඨගොත්තං, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤ්ඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම ගොත්තං.
10. ගොත්ත නම්: හීන ගෝත්‍රය හා උත්කෘෂ්ට ගෝත්‍රය හා ගෝත්‍ර දෙකෙකි. හීන ගෝත්‍ර නම්: කෝසිය ගෝත්‍ර යැ භාරද්වාජ ගෝත්‍ර යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නොකරන ලද හෝ ගෝත්‍ර යි, තෙල හීන ගෝත්‍ර නම් වෙයි. උත්කෘෂ්ට ගෝත්‍ර නම්: ගොතම ගෝත්‍ර යැ මොග්ගල්ලාන ගෝත්‍ර යැ කච්චාන ගෝත්‍ර යැ වාසෙට්ඨ ගෝත්‍ර යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නොදන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරන ලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ ගෝත්‍ර යි. තෙල උත්කෘෂ්ට ගෝත්‍ර නම් වෙයි.
11. කම්මං නාම: ද්වෙ කම්මානි: හීනඤ්ච කම්මං උක්කට්ඨඤ්ච කම්මං. හීනං නාම කම්මං: කොට්ඨකකම්මං පුප්ඵඡඩ්ඩකකම්මං, තෙසු තෙසු වා පන ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං, එතං හීනං නාම කම්මං. උක්කට්ඨං නාම කම්මං: කසි වණිජ්ජා, ගොරක්ඛා, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං. එතං උක්කට්ඨං නාම කම්මං.
11. කම්ම නම්: හීන කර්මය හා උත්කෘෂ්ට කර්මය හා කර්ම දෙකෙකි. හීන කර්ම නම්: තක්ෂක කර්ම යැ, පුප්සඩු කර්ම යැ හෝ ඒ ඒ දනවුහි පහත් කොට දන්නා ලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද ගරු නො කරන ලද හෝ කර්ම යි. තෙල හීන කර්ම නම් වෙයි. උත්කෘෂ්ට කර්ම නම්; කෘෂි වණික් ගෝරක්ෂ යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නො දන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නොකරන ලද පරිභව නොකරන ලද ගරුකරන ලද හෝ කර්ම යි. තෙල උත්කෘෂ්ට කර්ම නම් වෙයි.
12. සිප්පං නාම: ද්වෙ සිප්පානි, හීනඤ්ච සිප්පං උක්කට්ඨඤ්ච සිප්පං හීනං නාම සිප්පං: නළකාරසිප්පං කුම්භකාරසිප්පං පෙසකාරසිප්පං චම්මකාරසිප්පං නහාපිතසිප්පං, තෙසු තෙසු වා ජනපදෙසු ඔඤාතං අවඤ්ඤාතං හීළිතං පරිභූතං අචිත්තීකතං. එතං හීනං නාම සිප්පං. උක්කට්ඨං නාම සිප්පං. මුද්දා ගණනා ලෙඛා, තෙසු තෙසු වා පන ජනපදෙසු අනොඤාතං අනවඤ්ඤාතං අහීළිතං අපරිභූතං චිත්තීකතං, එතං උක්කට්ඨං නාම සිප්පං.
12. සිප්ප නම්: හීන ශිල්ප හා උත්කෘෂ්ට ශිල්ප හා ශිල්ප දෙකෙකි. හීනශිල්ප නම්: නළකාර ශිල්ප යැ, කුම්භකාර ශිල්ප යැ පෙෂකාර ශිල්ප යැ, චම්මකාර ශිල්ප යැ, නහාපිත ශිල්ප යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට දන්නාලද අවමන් කොට දන්නා ලද පිළිකුල් කරන ලද පරිභව කරන ලද, ගරු නොකරන ලද හෝ ශිල්ප යි. තෙල හීන ශිල්ප වෙයි. උත්කෘෂ්ට ශිල්ප නම්: මුද්‍රා යැ ගණනා යැ ලේඛා යැ හෝ ඒ ඒ දනව්හි පහත් කොට නොදන්නා ලද අවමන් කොට නොදන්නා ලද පිළිකුල් නො කරන ලද පරිභව නො කරන ලද ගරු කරන ලද හෝ ශිල්ප යි. තෙල උත්කෘෂ්ට ශිල්ප වෙයි.
13. සබ්බෙපි ආබාධා හීනා, අපි ච මධුමෙහො ආබාධො උක්කට්ඨො.
13. සියලු ම ආබාධයෝ හීනයහ. එහෙත් මධුමෙහාබාධය උත්කෘෂ්ට යි.
14. ලිඞ්ගං නාම: ද්වෙ ලිඞ්ගානි, හීනඤ්ච ලිඞ්ගං උක්කට්ඨඤ්ච ලිඞ්ගං. හීනං නාම ලිඞ්ගං: අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං, එතං හීනං නාම ලිඞ්ගං. උක්කට්ඨං නාම ලිඞ්ගං: නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං, නාච්චොදාතං, එතං උක්කට්ඨං නාම ලිඞ්ගං.
14. ලිඞ්ග නම්: හීනලිඞ්ගය හා උත්කෘෂ්ට ලිඞ්ගය හා ලිඞ්ග දෙකෙකි. හීන ලිඞ්ග නම්: ඉතා දිගු යැ ඉතා මිටි යැ ඉතා කළු යැ ඉතා සුදු යැ තෙල හීන ලිඞ්ග වෙයි. උත්කෘෂ්ට ලිඞ්ග නම්: ඉතා නොදිගු යැ ඉතා නොමිටි යැ ඉතා නොකළු යැ ඉතා නොසුදු යැ. තෙල උත්කෘෂ්ට ලිඞ්ග වෙයි.
15. සබ්බෙපි කිලෙසා හීනා.
15. සියලු ම ක්ලේශයෝ හීනයහ.
16. සබ්බාපි ආපත්තියො හීනා. අපි ච සොතාපත්තිසමාපත්ති උක්කට්ඨා.
16. සියලු ම ආපත්තතීහු හීනයහ. එහෙත් සෝතාපත්ති සමාපත්ති උත්කෘෂ්ට යි.
17. අක්කොසො නාම: ද්වෙ අක්කොසා හීනො ච අක්කොසො උක්කට්ඨො ච අක්කොසො. හීනො නාම අක්කොසො: ඔට්ඨොසි, මෙණ්ඩොසි, ගොණොසි, ගද්රභොසි, තිරච්ඡානගතොසි, නෙරයිකොසි; නත්ථී තුය්හං සුගති, දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛාති, යකාරෙන වා භකාරෙන වා, කාටකොටචිකාය වා, එසො හීනො නාම අක්කොසො. උක්කට්ඨො නාම අක්කොසො: පණ්ඩිතොසි, ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛාති, එසො උක්කට්ඨො නාම අක්කොසො.
17. අක්කෝස නම් : හීනාක්රෝශය හා උත්කෘෂ්ටාක්රෝශය හා ආක්‍රෝශ දෙකෙකි. හීනාක්‍රෝශ නම්: ඔටුයෙහි, මැඬයෙහි, ගොන්හි, ගදුබුයෙහි තිරිසන්ගියෙහි, නිරිසත්හි තට සුගතියෙක් නැත, තා විසින් දුගතිය ම කැමැති විය යුතු, යකාරයෙන් ද හකාරයෙන් ද යුතු කොට කරන ආක්‍රෝශ යැ. කාටකෝටචිකායෙන් (ස්ත්‍රී පුරුෂ නිමිත් සූචක වචනයෙන්) කරන ආක්‍රෝශ යි. තෙල හීනාක්‍රෝශ වෙයි. උත්කෘෂ්ටාක්‍රෝශ නම්: පණ්ඩිතයෙහි, ව්‍යක්තයෙහි, මේධාවියෙහි, බහුශ්‍රැතයෙහි, ධර්ම කථිකයෙහි, තට දුගතියෙක් නැති. තා විසින් සුගතිය ම කැමැති විය යුතු, තෙල උත්කෘෂ්ටාක්‍රෝශ වෙයි.
18. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි, රථකාරොසි, පුක්කුසොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
18. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනජාතියෙන් හීනජාතිකයකුහට (මෙසේ) කියයි. සැඬොලකුට, කුළුපොත්තකුට වැද්දකුට සොම්මරයකුට, පුප්සඬුවකුට ‘සැඩොලෙහි, කුළුපොත්තෙහි, වැද්දෙහි, සොම්මරයෙහි, පුප්සඬුවෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
19. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, ඛත්තියං බ්රාහ්මණං “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි රථකාරොසි පුක්කුසොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
19. උපසපනෙක්, උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ජාතියෙන් උත්කෘෂ්ට ජාතිකයකුට (මෙසේ) කියයි: ක්‍ෂත්‍රියකුට, බ්‍රාහ්මණයකුට, සැඬොලෙහි, කුළුපොත්තෙහි, වැද්දෙහි, සොම්වරයෙහි, පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
20. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “ඛත්තියොසි, බ්රාහ්මණොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
20. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ජාතියෙන් හීන ජාතිකයකු හට (මෙසේ) කියයි; සැඬොලකුට, කුළුපොත්තකුට, වැද්දකුට, සොම්මරයකුට, පුප්සඬුවකුට ‘ක්‍ෂත්‍රියෙහි බ්රාහ්මණයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
21. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, ඛත්තියං බ්රාහ්මණං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
21. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ තෙද රහිත කරනු කැමැත්තේ උත්කෘෂ්ට ජාතියෙන් උත්කෘෂ්ට ජාතිකයකුට (මෙසේ) කියයි: ක්‍ෂත්‍රියකුට බ්‍රාහ්මණයකුට ‘ක්‍ෂත්‍රියෙහි, බ්රාහ්මණයෙහි’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
22. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, “අවකණ්ණකොසි ජවකණ්ණකොසි ධනිට්ඨකොසි සවිට්ඨකොසි කුලවඩ්ඪකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
22. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ, ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන නාමයෙන් හීනනාමියකුහට (මෙසේ) කියයි. අවකනකුට ජවකනකුට දනිටුවකුට සවිටුවකුට, කුලවඩුවකුට ‘අවකනහි, ජවකනහි, දනිටුහි, සවිටුයෙහි, කුලවඩුයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
23. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති බුද්ධරක්ඛිතං ධම්මරක්ඛිතං සඞ්ඝරක්ඛිතං “අවකණ්ණකොසි, ජවකණ්ණකොසි ධනිට්ඨකොසි සවිට්ඨකොසි, කුලවඩ්ඪකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
23. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීන නාමයෙන් උත්කෘෂ්ට නාමිකයකුට (මෙසේ) කියයි: බුදුරැකියකුට, දම්රැකියකුට, සඟරැකියකුට ‘අවකනහි, ජවකනහි දනිටුයෙහි, සවිටුයෙහි, කුලවඩුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
24. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති අවකණ්ණකං ජවකණ්ණකං ධනිට්ඨකං සවිට්ඨකං කුලවඩ්ඪකං, “බුද්ධරක්ඛිතොසි, ධම්මරක්ඛිතොසි සඞ්ඝරක්ඛිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
24. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකුකරනු කැමැත්තේ උත්කෘෂ්ට නාමයෙන් හීනනාමිකයකුට (මෙසේ) කියයි: අවකනකුට, ජවකනකුට දනිටුවකුට සවිටුවකුට, කුලවඩුවකුට ‘බුදුරැකියෙහි, දම්රැකියෙහි, සඟරැකියෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
25. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උකට්ඨං වදෙති බුද්ධරක්ඛිතං ධම්මරක්ඛිතං සඞ්ඝරක්ඛිතං, “බුද්ධරක්ඛිතොසි, ධම්මරක්ඛිතොසි සඞ්ඝරක්ඛිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
25. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, උත්කෘෂ්ට නාමයෙන් උත්කෘෂ්ට නාමිකයකුහට (මෙසේ) කියයි: බුදුරැකියකුට, දම්රැකියකුට, සඟරැකියකුට ‘බුදුරැකියෙහි, දම්රැකියෙහි, සඟරැකියෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
26. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කොසියං භාරද්වාජං, “කොසියොසි භාරද්වාජොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
26. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ගෝත්‍රයෙන් හීනගෝත්රිකයකුට (මෙසේ) කියයි: කෝසියකුට, භාරද්වාජයකුට, ‘කෝසියයෙහි, භාරද්වාජයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
27. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති ගොතමං මොග්ගල්ලානං කච්චානං වාසෙට්ඨං “කොසියොසි භාරද්වාජොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
27. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීන ගෝත්‍රයෙන් උත්කෘෂ්ට ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: ගෝතමයකුට මොග්ගල්ලානයකුට කච්චායනයකුට වාසෙට්ඨයකුට ‘කෝසියයෙහි භාරද්වාජයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
28. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, කොසියං භාරද්වාජං “ගොතමොසි මොග්ගල්ලානොසි කච්චානොසි වාසිට්ඨොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
28. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ගෝත්‍රයෙන් හීන ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: කෝසියකුට භාරද්වාජයකුට ‘ගෝතමයෙහි මොග්ගල්ලානයෙහි කච්චායනයෙහි වාසෙට්ඨයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
29. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, ගොතමං මොග්ගල්ලානං කච්චානං වාසෙට්ඨං “ගොතමොසි මොග්ගල්ලානොසි කච්චානොසි වාසෙට්ඨොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
29. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ගෝත්‍රයෙන් උත්කෘෂ්ට ගෝත්‍රිකයකුට (මෙසේ) කියයි: ගෝතමයකුට, මොග්ගල්ලානයකුට, කච්චායනයකුට වාසෙට්ඨයකුට ‘ගෝතමයෙහි, මොග්ගල්ලානයෙහි, කච්චානයෙහි වාසෙට්ඨයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
30. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කොට්ඨකං පුප්ඵඡඩ්ඩකං “කොට්ඨකොසි, පුප්ඵඡඩ්ඩකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
30. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ, හීනකර්මයෙන් හීනකාර්මිකයකුහට (මෙසේ) කියයි: තක්ෂකයකුට, පුප්සඬුවකුට ‘තක්ෂකයෙහි පුප්සඬුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
31. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, කස්සකං වාණිජං ගොරක්ඛං “කොට්ඨකොසි, පුප්ඵඡඩ්ඩකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
31. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනකර්මයෙන් උත්කෘෂ්ට කාර්මිකයකුහට (මෙසේ) කියයි: ගොවියකුට, වෙළෙඳකුට, ගෙරිරක්නකුට ‘තක්ෂකයෙහි පුප්සඬුවෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
32. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, කොට්ඨකං පුප්ඵඡඩ්ඩකං “කස්සකොසි වාණිජොසි ගොරක්ඛොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
32. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට කර්මයෙන් හීන කාර්මිකයකුහට (මෙසේ) කියයි: තක්ෂකයකුට පුප්සඬුවකුට, ‘ගොවියෙහි, වෙළෙඳෙහි, ගෙරිරක්නෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
33. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති කස්සකං වාණිජං ගොරක්ඛං “කස්සකොසි වාණිජොසි ගොරක්ඛොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
33. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට කර්මයෙන් උත්කෘෂ්ට කාර්මිකයකුහට (මෙසේ) කියයි: ගොවියකුට වෙළෙඳකුට ගෙරිරක්නකුට ‘ගොවියෙහි වෙළෙඳෙහි ගෙරිරකිනෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
34. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති නළකාරං කුම්භකාරං පෙසකාරං චම්මකාරං නහාපිතං “නළකාරොසි කුම්භකාරොසි පෙසකාරොසි චම්මකාරොසි නහාපිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
34. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ශිල්පයෙන් හීන ශිල්පියකුහට (මෙසේ) කියයි: කුළුපොතුවකුට කුඹලකුට පෙහෙරකුට සොම්මරකුට කරනැවෑමියකුට ‘කුළුපොත්තෙහි කුඹලෙහි පෙහෙරෙහි සොම්මරෙහි කරනැවෑමියෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
35. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති මුද්දිකං ගණකං ලෙඛකං “නළකාරොසි කුම්භකාරොසි පෙසකාරොසි චම්මකාරොසි නහාපිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
35. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ශිල්පයෙන් උත්කෘෂ්ට ශිල්පියකුහට (මෙසේ) කියයි: මුද්රිකයකුට ගණකයකුට ලේඛකයකුට ‘කුළුපොත්තෙහි, කුඹලෙහි පෙහෙරෙහි සොම්මරෙහි කරනැවෑමියෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
36. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති නළකාරං කුම්භකාරං පෙසකාරං චම්මකාරං නහාපිතං “මුද්දිකොසී ගණකොසි ලෙඛකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
36. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ශිල්පයෙන් හීන ශිල්පියකුහට (මෙසේ) කියයි: කුළුපොත්තකුට, කුඹලකුට, පෙහෙරකුට සොම්මරකුට කරනැවෑමියකුට ‘මුද්රිකයෙහි ගණකයෙහි ලේඛකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
37. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති: මුද්දිකං ගණකං ලෙඛකං “මුද්දිකොසි ගණකොසි ලෙඛකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
37. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ශිල්පයෙන් උත්කෘෂ්ට ශිල්පියකුහට (මෙසේ) කියයි: මුද්රිකයකුට ගණකයකුට ලේඛකයකුට ‘මුද්රිකයෙහි ගණකයෙහි ලේඛකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
38. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති කුට්ඨිකං ගණ්ඩිකං කිලාසිකං සොසිකං අපමාරිකං “කුට්ඨිකොසි ගණ්ඩිකොසි කිලාසිකොසි සොසිකොසි අපමාරිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
38. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාබාධයෙන් හීනා බාධිකයකුහට (මෙසේ) කියයි: කුෂ්ටිකයකුට ගණ්ඩිකයකුට කිලාසිකයකුට ශ්වාසිකයකුට අපස්මාරිකයකුට ‘කුෂ්ටිකයෙහි ගණ්ඩිකයෙහි කිලාසිකයෙහි ශ්වාසිකයෙහි අපස්මාරිකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
39. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති මධුමෙහිකං “කුට්ඨිකොසි ගණ්ඩිකොසි කිලාසිකොසි සොසිකොසි අපමාරිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
39. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාබාධයෙන් උත්කෘෂ්ටාබාධිකයකුහට (මෙසේ) කියයි: මධුමෙහිකයකුට, ‘කුෂ්ටිකයෙහි, ගණ්ඩිකයෙහි, කිලාසිකයෙහි ශ්වාසිකයෙහි අපස්මාරිකයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
40. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති කුට්ඨිකං ගණ්ඩිකං කිලාසිකං සොසිකං අපමාරිකං “මධුමෙහිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
40. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ටාබාධයෙන් හීනාබාධිකයකුහට (මෙසේ) කියයි: කුෂ්ඨිකයකුට ගණ්ඩිකයකුට කිලාසිකයකුට ශ්වාසිකයකුට අපස්මාරිකයකුට ‘මධුමෙහිකයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
41. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති මධුමෙහිකං “මධුමෙහිකොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
41. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකුකරනු කැමැත්තේ උත්කෘෂ්ටාබාධයෙන් උත්කෘෂ්ටාබාධිකයකුහට (මෙසේ) කියයි: මධුමෙහිකයකුට ‘මධුමෙහිකයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
42. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං “අතිදීඝොසි අතිරස්සොසි අතිකණ්හොසි අච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
42. උපසපනෙක් උපසපනක්හු හෙළාදකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනලිඞ්ගයෙන් හීනලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතාදිගුවකුට, ඉතා මිට්ටකුට, ඉතා කළුවකුට ඉතා සුද්දකුට ‘ඉතා දිගුයෙහි ඉතා මිටියෙහි ඉතා කළුයෙහි ඉතා සුදුයෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
43. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං නාච්චොදාතං “අතිදීඝොසි අතිරස්සොසි අතිකණ්හොසි අච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
43. උපසපනෙක් උපසපනක්හු හෙළාදකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනලිඞ්ගයෙන් උත්කෘෂ්ටලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා නොදිගුවකුට ඉතා නොමිටියකුට ඉතා නොකළුවකුට ඉතා නොසුදුවකුට ‘ඉතා දිගුයෙහි ඉතා මිටියෙහි ඉතා කළුයෙහි ඉතා සුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
44. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති අතිදීඝං අතිරස්සං අතිකණ්හං අච්චොදාතං “නාතිදීඝොසි නාතිරස්සොසි නාතිකණ්හොසි, නාච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
44. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ලිඞ්ගයෙන් හීනලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා දිගුවකුට ඉතා මිටියකුට ඉතා කළුවකුට ඉතා සුදුවකුට ‘ඉතා නොදිගුයෙහි ඉතා නොමිටියෙහි ඉතා නොකළුයෙහි ඉතා නොසුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති වෙයි.
45. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති, නාතිදීඝං නාතිරස්සං නාතිකණ්හං නාච්චොදාතං “නාතිදීඝොසි නාතිරස්සොසි නාතිකණ්හොසි නාච්චොදාතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
45. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ලිඞ්ගයෙන් උත්කෘෂ්ට ලිඞ්ගිකයකුහට (මෙසේ) කියයි: ඉතා නොදිගුවකුට ඉතා නොමිටියකුට ඉතා නො කළුවකුට ඉතා නොසුදුවකුට ‘ඉතා නොදිගුයෙහි ඉතා නොමිටියෙහි ඉතා නොකළුයෙහි ඉතා නොසුදුයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
46. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති, රාගපරියුට්ඨිතං දොසපරියුට්ඨිතං මොහපරියුට්ඨිතං “රාගපරියුට්ඨිතොසි දොසපරියුට්ඨිතොසි මොහපරියුට්ඨිතොසී”ති භණති, ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
46. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ක්ලේශයෙන් හීන ක්ලේශිකයකුහට (මෙසේ) කියයි: රාගයෙන් මඩනා ලද්දකුට ද්වේෂයෙන් මඩනා ලද්දකුට මෝහයෙන් මඩනා ලද්දකුට ‘රාගයෙන් මඩනා ලද්දෙහි ද්වේෂයෙන් මඩනා ලද්දෙහි මෝහයෙන් මඩනා ලද්දෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
47. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති වීතරාගං වීතදොසං වීතමොහං “රාගපරියුට්ඨිතොසි දොසපරියුට්ඨිතොසි මොහපරියුට්ඨිතොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
47. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන ක්ලේශයෙන් උත්කෘෂ්ට නික්ලේශිකයකුහට (මෙසේ) කියයි: වීතරාගියකුට වීතද්වේශිකයකුට වීතමෝහියකුට ‘රාගයෙන් මඩනා ලද්දෙහි ද්වේෂයෙන් මඩනා ලද්දෙහි, මෝහයෙන් මඩනා ලද්දෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
48. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති රාගපරියුට්ඨිතං දොසපරියුට්ඨිතං මොහපරියුට්ඨිතං “වීතරාගොසි වීතදොසොසි වීතමොහොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
48. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට නික්ලේශ භාවයෙන් හීන ක්ලේශිකයකුහට (මෙසේ) කියයි: රාගයෙන් මඩනා ලද්දකුට ද්වේෂයෙන් මඩනා ලද්දකුට මෝහයෙන් මඩනා ලද්දකුට ‘වීතරාගියෙහි වීතද්වේෂියෙහි වීතමෝහයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
49. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති වීතරාගං වීතදොසං වීතමොහං, “වීතරාගොසි වීතදොසොසි, වීතමොහොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
49. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ටභාවයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: වීතරාගියකුට වීතද්වේෂිකයකුට වීතමෝහියකුට ‘වීතරාගියෙහි වීතද්වේෂියෙහි වීතමෝහියෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
50. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති පාරාජිකං අජ්ඣාපන්නං සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නං ථුල්ලච්චයං අජ්ඣාපන්නං පාචිත්තියං අජ්ඣාපන්නං පාටිදෙසනීයං අජ්ඣාපන්නං දුක්කටං අජ්ඣාපන්නං දුබ්භාසිතං අජ්ඣාපන්නං “පාරාජිකං අජ්ඣාපන්නොසි සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොසි ථුල්ලච්චයං අජ්ඣාපන්නොසි පාචිත්තියං අජ්ඣාපන්නොසි පාටිදෙසනීයං අජ්ඣාපන්නොසි දුක්කටං අජ්ඣාපන්නොසි දුබ්භාසිතං අජ්ඣාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
50. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාපත්තියෙන් හීනාපත්තිකයකුහට (මෙසේ) කියයි: පරිජි අවනකුට සඟවෙසෙස් අවනකුට තුලැසි අවනකුට පචිති අවනකුට පිළිදෙස්නී අවනකුට දුකුළා අවනකුට දුබැසි අවනකුට ‘පරිජි අවන්හි සඟ වෙසෙස් අවන්හි තුලැසි අවන්හි පචිති අවන්හි පිළිදෙස්නී අවන්හි දුකුළා අවන්හි දුබැසි අවන්හි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
51. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති, සොතාපන්නං “පාරාජිකං අජ්ඣාපන්නොසි -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
51. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනාපත්තියෙන් උත්කෘෂ්ටාපත්තිකයකුහට (මෙසේ) කියයි: සෝවන් වූවකුට ‘පරිජි අවන්හි ... දුබැසි අවන්හි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
52. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති පාරාජිකං අජ්ඣාපන්නං -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නං, “සොතාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
52. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට සෝතාපත්තියෙන් හීනාපත්තිකයකුහට (මෙසේ) කියයි: පරිජි අවනකුට ... දුබැසි අවනකුට ‘සෝවන් වෙහි’යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
53. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති සොතාපන්නං “සොතාපන්නොසී”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
53. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට ආපත්තියෙන් උත්කෘෂ්ට ආපත්තිකයකුහට (මෙසේ) කියයි: සෝවන් වූවකුට ‘සෝවන් වෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
54. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති ඔට්ඨං මෙණ්ඩං ගොණං ගද්රභං තිරච්ඡානගතං නෙරයිකං “ඔට්ඨොසි මෙණ්ඩොසි ගොණොසි ගද්රභොසි තිරච්ඡානගතොසි නෙරයිකොසි නත්ථි තුය්හං සුගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
54. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ තෙද රහිත කරනු කැමැත්තේ හීනාක්රෝෂයෙන් හීන වූවකුහට (මෙසේ) කියයි: ඔටුවකුට බැටළුවකුට ගොනකුට ගදුබුවකුට තිරිසන්ගියකුට නිරිසතකුට ‘ඔටුයෙහි බැටළුයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියහි නිරිසත්හි තට සුගති නැති තට දුගතිය මැ කැමැති විය යුතු’යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
55. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං “ඔට්ඨොසි මෙණ්ඩොසි ගොණොසි ගද්රභොසි තිරච්ඡානගතොසි නෙරයිකොසි, නත්ථි තුය්හං සුගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
55. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීන වූ ආක්‍රෝෂයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “ඔටුයෙහි බැටළුයෙහි ගොන්හි ගදුබුයෙහි තිරිසන්ගියහි නිරිසත්හි තට සුගති නැති තට දුගතිය මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
56. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන හීනං වදෙති, ඔට්ඨං මෙණ්ඩං ගොණං ගද්රභං තිරච්ඡානගතං නෙරයිකං “පණ්ඩිතොසි ව්යත්තොසි, මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
56. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට වූ ආක්‍රෝෂයෙන් හීනයකු හට, (මෙසේ) කියයි: ඔටුවකුට මැඬකුට ගොනකුට ගදුබුවකුට තිරිසන්ගියකුට නිරිසතකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු යැ” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
57. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං “පණ්ඩිතොසි බ්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛාති භණති ආපත්ති වාචාය වාචාය පාචිත්තියස්ස.
57. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ උත්කෘෂ්ට වූ ආක්‍රෝශයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති. තට සුගතිය මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි පචිති ඇවැත් වෙයි.
58. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
58. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඬුවෝ වෙති’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
59. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ ඛත්තියා බ්රාහ්මණා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
59. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් ක්ෂත්රියයෝ බ්‍රාහ්මණයෝ වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
60. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති: “සන්ති ඉධෙකච්චෙ අවකණ්ණකා ජවකණ්ණකා ධනිට්ඨකා සවිට්ඨකා කුලවඩ්ඪකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ බුද්ධරක්ඛිතා ධම්මරක්ඛිතා සඞ්ඝරක්ඛිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කොසියා භාරද්වාජා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ ගොතමා මොග්ගල්ලානා කච්චානා වාසිට්ඨා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කොට්ඨකා පුප්ඵඡඩ්ඩකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කස්සකා වාණිජා ගොරක්ඛා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ නළකාරා කුම්භකාරා පෙසකාරා චම්මකාරා නහාපිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ මුද්දිකා ගණකා ලෙඛකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ කුට්ඨිකා ගණ්ඩිකා කිලාසිකා සොසිකා අපමාරිකා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ මධුමෙහිකා”ති භණති -පෙ-
60. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් අවකණ්ණ ජවකණ්ණ දනිටු සවිටු කුලවඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් බුදුරැකි දම්රැකි සඟරැකි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කෝසිය භාරද්වාජ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගෞතම මෞද්ගල්‍යාන කාත්‍යායන වාශිට්ඨ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් තක්ෂක පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ගොවියෝ වෙළෙඳෝ ගෙරිරක්නෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුළුපොතු කුඹල් පෙහෙර සොම්මරු නැහැවි වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මුද්‍රික ගණක ලේඛක වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් කුෂ්ට ගණ්ඩ කිලාස ශ්වාස අපස්මාර ඇත්තෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් මධුමෙහික වෙති”යි බෙණේ නම් ...
“සන්ති ඉධෙකච්චෙ අතිදීඝා අතිරස්සා අතිකණ්හා අච්චොදාතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ නාතිදීඝා නාතිරස්සා නාතිකණ්හා නාච්චොදාතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ රාගපරියුට්ඨිතා දොසපරියුට්ඨිතා මොහපරියුට්ඨිතා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ වීතරාගා වීතදොසා වීතමොහා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පාරාජිකං අජ්ඣාපන්නාති භණති -පෙ- දුබ්භාසිතං අජ්ඣාපන්නා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ සොතාපන්නා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ ඔට්ඨා මෙණ්ඩා ගොණා ගද්රභා තිරච්ඡානගතා නෙරයිකා, නත්ථි තෙසං සුගති දුග්ගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
“මෙහි ඇතැම් කෙනෙක් ඉතා උස් ඉතා මිටි ඉතා කළු ඉතා සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඉතා නො උස් ඉතා නො මිටි ඉතා නො කළු ඉතා නො සුදු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් රාගයෙන් මැඩුණෝ ද්වේෂයෙන් මැඩුණෝ මෝහයෙන් මැඩුණෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් වීතරාගී වීතද්වේෂී වීතමෝහී වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පරිජි අවන්හු ... දුබැසි අවන්හු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් සෝවන් වූවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් ඔටු බැටළු ගොන් ගදුබු තිරිසන් නිරිසත් වෙති. ඔවුනට සුගති නැති ඔවුනට දුගති මැ කැමැති විය යුතු”යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
61. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති, සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
61. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති, ඔවුනට දුගති නැති ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
62. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
62. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති” යි බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි.
63. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
63. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ (මෙසේ) කියයි: “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති” යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
64. උපසම්පන්නො උපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
64. උපසපනෙක් උපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “ඇපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති අපට සුගති මැ කැමැති විය යුතු” යැයි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
65. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං බ්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, පණ්ඩිතොසි ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
65. උපසපනෙක් අනුපසනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ හීනභාවයෙන් හීනයකුහට කියයි ... හීනභාවයෙන් උත්කෘෂ්ටයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් හීනයකුහට කියයි ... උත්කෘෂ්ටභාවයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි, තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
66. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
66. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති, ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
67. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
67. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඩොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඬු වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
68. උපසම්පන්නො අනුපසම්පන්නං ඛුංසෙතුකාමො වම්භෙතුකාමො මඞ්කුකත්තුකාමො එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුක්කටස්ස.
68. උපසපනෙක් අනුපසපනක්හු හෙළා දකිනු කැමැත්තේ ගරහනු කැමැත්තේ මකු කරනු කැමැත්තේ මෙසේ කියයි: “අපි සැඩොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරු පුප්සඬුවෝ නො වම්හ’යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුකුළා ඇවැත් වෙයි.
69. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා හීනෙන හීනං වදෙති චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං, “චණ්ඩාලොසි, වෙණොසි, නෙසාදොසි, රථකාරොසි, පුක්කුසොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
69. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් හීනයකුහට (මෙසේ) කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘සැඬොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
70. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යාතා හීනෙන උක්කට්ඨං වදෙති ඛත්තියං බ්රාහ්මණං, “චණ්ඩාලොසි වෙනොසි නෙසාදොසි රථකාරොසි පුක්කුසොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
70. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනජාතිවචනයෙන් උත්කෘෂ්ට ජාතිකයකුහට මෙසේ කියයි: ක්ෂත්රියයකුට බ්‍රාහ්මණයකුට ‘සැඩොලෙහි කුළුපොත්තෙහි වැද්දෙහි සොම්මරයෙහි පුප්සඬුයෙහි’යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
71. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා උක්කට්ඨෙන හීනං වදෙති චණ්ඩාලං වෙණං නෙසාදං රථකාරං පුක්කුසං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
71. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ට ජාතිවචනයෙන් හීන ජාතිකයකුහට මෙසේ කියයි: සැඬොලකුට කුළුපොත්තකුට වැද්දකුට සොම්මරකුට පුප්සඬුවකුට ‘ක්ෂත්රියයෙහි බ්රාහ්මණයෙහි’ යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
72. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති ඛත්තියං බ්රාහ්මණං “ඛත්තියොසි බ්රාහ්මණොසී”ති භණති. ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
72. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් උත්කෘෂ්ටජාතිවචනයෙන් උත්කෘෂ්ටජාතිකයකුහට මෙසේ කියයි; ක්‍ෂත්‍රියකුට බ්‍රාහ්මණයකුට ‘ක්‍ෂත්‍රියෙහි බ්රාහ්මණයෙහි’ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
73. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යාතා හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, “පණ්ඩිතොසි ව්යත්තොසි මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි නත්ථි තුය්හං දුග්ගති, සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
73. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනත්වයෙන් හීනයකුහට මෙසේ කියයි ... හීනත්වයෙන් උත්කෘෂ්ටයකුහට (මෙසේ) කියයි; ... උත්කෘෂ්ටත්වයෙන් හීනයකුහට (මෙසේ) කියයි; … උත්කෘෂ්ටත්වයෙන් උත්කෘෂ්ටයකුහට මෙසේ කියයි; පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති තට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
74. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
74. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ වෙති. ඔවුනට දුගති නැති, ඔවුනට සුගති මැ කැමැති විය යුතු”යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
75. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
75. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ වෙති”යි බෙණේ නම් ... යම් කෙනෙක් එකැතින් පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ වෙති” යී බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
76. උපසම්පන්නො උපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො, දවකම්යතා එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථම්හාකං දුග්ගති, සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
76. උපසපනෙක් උපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... ඇපි පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ නො වම්හ. අපට දුගති නැති, අපට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
77. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා හීනෙන හීනං වදෙති -පෙ- හීනෙන උක්කට්ඨං වදෙති -පෙ- උක්කට්ඨෙන හීනං වදෙති -පෙ- උක්කට්ඨෙන උක්කට්ඨං වදෙති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං, “පණ්ඩිතොසි ව්යත්තොසි, මෙධාවීසි බහුස්සුතොසි ධම්මකථිකොසි, නත්ථි තුය්හං දුග්ගති. සුගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
77. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් හීනයකුට හීනත්වයෙන් (මෙසේ) කියයි: ... උත්කෘෂ්ටයකුහට හීනත්වයෙන් (මෙසේ) කියයි ... හීනයකුහට උත්කෘෂ්ටත්වයෙන් (මෙසේ) කියයි ... උත්කෘෂ්ටයකුහට උත්කෘෂ්ටත්වයෙන් (මෙසේ) කියයි: පණ්ඩිතයකුට ව්‍යක්තයකුට නැණැතියකුට බහුශ්‍රැතයකුට ධර්‍මකථිකයකුට “පණ්ඩිතයෙහි ව්‍යක්තයෙහි නැණැතියෙහි බහුශ්‍රැතයෙහි ධර්‍මකථිකයෙහි තට දුගති නැති, තට සුගති මැ කැමැති විය යුතු යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
78. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “සන්ති ඉධෙකච්චෙ චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “සන්ති ඉධෙකච්චෙ පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා, නත්ථි තෙසං දුග්ගති සුගතියෙව තෙසං පාටිකඞ්ඛාති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
78. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “මෙහි ඇතැම් කෙනෙක් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “මෙහි ඇතැම් කෙනෙක් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති. ඔවුනට දුගති නැති. ඔවුනට සුගති මැ කැමැති විය යුතු” යැ යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
79. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “යෙ නූන චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “යෙ නූන පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
79. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකුකරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “යම් කෙනෙක් එකැතින් සැඬොල් කුළුපොතු වැදි සොම්මර පුප්සඩු වෙති”යි බෙණේ නම් ... “යම් කෙනෙක් එකැතින් පණ්ඩිත ව්‍යක්ත නැණැති බහුශ්‍රුත ධර්මකථික වෙති”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වෙයි.
80. උපසම්පන්නො අනුපසම්පන්නං න ඛුංසෙතුකාමො න වම්භෙතුකාමො න මඞ්කුකත්තුකාමො දවකම්යතා එවං වදෙති, “න මයං චණ්ඩාලා වෙණා නෙසාදා රථකාරා පුක්කුසා”ති භණති -පෙ- “න මයං පණ්ඩිතා ව්යත්තා මෙධාවිනො බහුස්සුතා ධම්මකථිකා නත්ථම්හාකං දුග්ගති සුගතියෙව අම්හාකං පාටිකඞ්ඛා”ති භණති ආපත්ති වාචාය වාචාය දුබ්භාසිතස්ස.
80. උපසපනෙක් අනුපසපනක්හු නො හෙළා දකිනු කැමැත්තේ නො ගරහනු කැමැත්තේ නො මකු කරනු කැමැත්තේ කෙලි රිසියෙන් මෙසේ කියයි: “ඇපි සැඬොල්හු කුළුපොත්තෝ වැද්දෝ සොම්මරහු පුප්සඩුවෝ නො වම්හ”යි බෙණේ නම් ... “ඇපි පණ්ඩිතයෝ ව්යක්තයෝ නැණැතියෝ බහුශ්‍රැතයෝ ධර්මකථිකයෝ නො වම්හ, අපට දුගති නැති. අපට සුගති මැ කැමැති විය යුතු යැ”යි බෙණේ නම් තෙපුලෙහි තෙපුලෙහි දුබැසි ඇවැත් වේ.
81. අනාපත්ති: අත්ථපුරෙක්ඛාරස්ස ධම්මපුරෙක්ඛාරස්ස අනුසාසනිපුරෙක්ඛාරස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස ආදිකම්මිකස්සාති.
81. අර්ත්ථය පෙරටු කොට කියන්නහුට, ධර්මය පෙරටු කොට කියන්නහුට, අනුශාසනය පෙරටු කොට කියන්නහුට, උම්මත්තකහට වික්ෂිප්තචිත්තහට වේදනාර්ත්තහට ආදිකාර්මිකහට ඇවැත් නැති.
ඔමසවාදසික්ඛාපදං දුතියං.
දෙවෙනි ඔමසවාද ශික්ෂාපද යි.