යෙදුමෙන් කියවන්න

මුසාවාදසික‍්ඛාපදං

6. 1. 1.

6. 1. 1.

මුසාවාදසික‍්ඛාපදං

මුසාවාද ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන හත්‍ථකො සක්‍යපුත‍්තො වාදක‍්ඛිත‍්තො හොති. සො තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානාති. පටිජානිත්‍වා අවජානාති, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති. සම‍්පජානමුසා භාසති. සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙති. තිත්‍ථියා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම හත්‍ථකො සක්‍යපුත‍්තො අම‍්හෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානිස‍්සති පටිජානිත්‍වා අවජානිස‍්සති, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරිස‍්සති, සම‍්පජානමුසා භාසිස‍්සති, සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙස‍්සතී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැහැදරු වූ හත්‍ථක මහණ වාදයෙන් (පරවාදීන් වෙත) මෙහෙයන ලදුයේ වෙයි. හේ තොටුවන් සමග සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිසගනියි. ගිවිසගෙන අවමන් කරයි, අනෙකෙකින් අනෙකක් වසාදමයි. දැන දැන ම මුසා බෙණෙයි. සලකුණු කොට වරද්දාපියයි. තොටුවෝ ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: කෙසේ නම් සැහැදරු හත්‍ථක මහණ අප හා සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිස ගත්තේ ද, ගිවිසගෙන අවමන් කෙළේ ද, අනෙකෙකින් අනෙකක් වසා දැම්මේ ද, දැන දැන බොරු කීවේ ද, සලකුණු කොට වරද්දාපී දැ”යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං තිත්‍ථියානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං අථ ඛො තෙ භික‍්ඛූ යෙන හත්‍ථකො සක්‍යපුත‍්තො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා හත්‍ථකං සක්‍යපුත‍්තං එතදවොචුං. “සච‍්චං කිර ත්‍වං ආවුසො හත්‍ථක, තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානාසි, පටිජානිත්‍වා අවජානාසි, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරසි, සම‍්පජානමුසා භාසසි, සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙසී”ති. එතෙ ඛො ආවුසො තිත්‍ථියා නාම යෙන කෙනචි ජෙතබ‍්බා, නෙව තෙසං ජයො දාතබ‍්බොති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා, තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම හත්‍ථකො සක්‍යපුත‍්තො තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානිස‍්සති, පටිජානිත්‍වා අවජානිස‍්සති, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරිස‍්සති, සම‍්පජානමුසා භාසිස‍්සති, සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙස‍්සතී”ති.

2. භික්‍ෂූහු ලමුකොට සිතන්නා වූ නුගුණ කියන්නා වූ දොස් පතුරුවන්නා වූ ඒ තොටුවන්ගේ (වචනය) ඇසූහ. එකල්හි ඒ භික්‍ෂූහු සැහැදරු හත්‍ථක මහණ තෙම යම්තැනෙක ද එතෙනට එළැඹියාහු යැ. එළැඹැ හත්‍ථක මහණහට තෙල වචනය කීහු: “සැබෑද ඇවැත්නි හත්‍ථකයෙනි, තෙපි තොටුවන් හා සමග කතාබහ කරනුවහු අවමන් කොට ගිවිසගනිවු ද, ගිවිසගෙන අවමන් කරවු ද අනෙකෙකින් අනෙකක් වසා දමවු ද, දන්නේ ම බොරු කියවු ද, සලකුණු කොට වරද්දාපියවු දැ යි. ඇවැත්නි, තෙල තොටුවෝ වනාහි යම්කිසි අයුරෙකින් දිනිය යුතු වෙත්, ඔවුනට දිනුමෙක් නො දිය යුතු මැ යි යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු සතොස්ගුණ ඇත්තාහු ලජ්ජී වූවාහු කුකුස් ඇත්තාහු ශික්‍ෂාකාමීහු වෙද්ද, ඔවුහු ලමු කොට සිතති. නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් සැහැදරු හත්‍ථක මහණ තොටුවන් හා සමග සල්ලාප කරනුයේ අවමන් කොට ගිවිස ගත්තේ ද, ගිවිසගෙන අවමන් කෙළේ ද, අනෙකෙකින් අනෙකක් වසා දැම්මේ ද දැන දැන බොරු කීවේ ද, සලකුණු කොට වරද්දා පී දැ”යි.

3. අථ ඛො තෙ භික‍්ඛූ හත්‍ථකං සක්‍යපුත‍්තං අනෙකපරියායෙන විගරහිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා හත්‍ථකං සක්‍යපුත‍්තං පටිපුච‍්ඡි. “සච‍්චං කිර ත්‍වං හත්‍ථක, තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානාසි, පටිජානිත්‍වා අවජානාසි, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරසි, සම‍්පජානමුසා භාසසි, සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙසී”ති. සච‍්චං භගවාති. විගරහි බුද‍්ධො භගවා අනනුච‍්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං කථං හි නාම ත්‍වං මොඝපුරිස, තිත්‍ථියෙහි සද‍්ධිං සල‍්ලපන‍්තො අවජානිත්‍වා පටිජානිස‍්සසි, පටිජානිත්‍වා අවජානිස‍්සසි, අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරිස‍්සසි, සම‍්පජානමුසා භාසිස‍්සසි, සඞ‍්කෙතං කත්‍වා විසංවාදෙස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය අථඛ‍්වෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානං ච එකවචානං අඤ‍්ඤථත‍්තායාති.

3. එකල්හි ඒ භික්‍ෂූහු සැහැදරු හත්‍ථක මහණහට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟුන් රැස් කරවා සැහැදරු හත්‍ථක මහණහු පුළුවුත්සේක: “සැබෑද හත්‍ථකයෙනි, තෙපි තොටුවන් හා සමග සල්ලාප කරනුවහු අවමන් කොට ගිවිසගනිවු ද, ගිවිසගෙන අවමන් කරවු ද, අනෙකෙකින් අනෙකක් වසාපියවු ද, දැන දැන බොරු කියවු ද, සලකුණු කොට වරද්දාපියවු දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්සැයි. භාග්‍යවත් බුදුහු (කුලුණු සිතින්) වෙසෙසින් ගැරහූහ: හිස් පුරුෂය, (තොප විසින් මේ කරන ලද්ද) නොනිසි යැ නො අනුලොම් යැ නුසුදුසු යැ, නොමහණකම් යැ නො කැප යැ නො කළයුතු මැ යි. “හිස්පුරුෂය, කෙසේ නම් තෙපි තොටුවන් හා සමග කතාබහ කරනුවහු අවමන් කොට ගිවිසගත්හු ද, ගිවිසපියා අවමන් කළහු ද, අනෙකෙකින් අනෙකක් වසාපියවු ද දැන දැන බොරු කිවූ ද, සලකුණු කොට වරද්දාපීහු ද, හිස් පුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදයට හෝ නො වේ මැ යි. හිස් පුරුෂය, මෙකරුණු වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටේ මැ යි.

4. අථ ඛො භගවා තං භික‍්ඛුං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය දුප‍්පොසතාය මහිච‍්ඡතාය අසන‍්තුට‍්ඨියා සඞ‍්ගණිකාය කොසජ‍්ජස‍්ස අවණ‍්ණං භාසිත්‍වා අනෙකපරියායෙන සුභරතාය සුප‍්පොසතාය අප‍්පිච‍්ඡස‍්ස සන‍්තුට‍්ඨස‍්ස සල‍්ලෙඛස‍්ස ධුතස‍්ස පාසාදිකස‍්ස අපචයස‍්ස විරියා රම‍්හස‍්ස වණ‍්ණං භාසිත්‍වා භික‍්ඛූනං තදනුච‍්ඡවිකං තදනුලොමිකං ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි, තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච: සඞ‍්ඝසුට‍්ඨුතාය සඞ‍්ඝඵාසුතාය, දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය, දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, අප‍්පසන‍්නානං පසාදාය පසන‍්නානං භිය්‍යොභාවාය, සද‍්ධම‍්මට‍්ඨිතියා, විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එමහණහට නොයෙක් කරුණෙන් වෙසෙසින් ගරහා දුබරබැව්හි දුපුස්නා බැව්හි මහිස් බැව්හි නොසතුටු බැව්හි මුළුබැඳගැනුම්හි අලසබැව්හි නුගුණ වදාරා නොයෙක් කරුණෙන් සුබරබැව්හි සුපුස්නාබැව්හි අපිස්බැව්හි සතුටුබැව්හි සලේපැවැතුම්හි කෙලෙස් කැපුම්හි පැහැදුම්හි නිවනෙහි වැරඇරැඹුම්හි ගුණ වදාරා මහණුන්හට එයට සරිලන එයට අනුලොම් වන දැහැමි බණ වදාරා මහණුන් අමතා වදාළසේක. එකරුණෙන් මහණෙනි, මහණුන්හට කරුණු දසයක් පිණිස සිකපද පනවන්නෙමි. (එනම්) සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසු බව, දුසිල් පුඟුලනට නිගැන්ම, සුසිල් මහණුන් ගේ පහසු විසුම, මෙලෝ ගැහැට වැළකීම, පරලෝ ගැහැට වැනැසීම, නො පැහැදුණවුන්ගේ පැහැදීම, පැහැදුණවුන්ගේ අයිරා පැහැදීම, සසුන් පැවැත්ම, විනයට රැකුල්දීම පිණිස යැ. මෙසේත් මහණෙනි, මේ ශික්‍ෂාපදය උදෙසවු

“සම‍්පජාන මුසාවාදෙ පාචිත‍්තිය”න‍්ති.

“දැන දැන මුසා බිණීමෙහි පචිති ඇවැත් වේ” යයි.

5. සම‍්පජාන මුසාවාදො නාම: විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස වාචා ගිරා, ව්‍යප‍්පථො, වචීභෙදො, වාචසිකා විඤ‍්ඤත‍්ති, අට‍්ඨ අනරියවොහාරා: අදිට‍්ඨං දිට‍්ඨං මෙති, අසුතං සුතං මෙති, අමුතං මුතං මෙති, අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතං මෙති, දිට‍්ඨං අදිට‍්ඨං මෙති, සුතං අසුතං මෙති , මුතං අමුතං මෙති, විඤ‍්ඤාතං අවිඤ‍්ඤාතං මෙති.

5. සම්පජාන මුසාවාද නම්: රැවටීම පෙරටු කොට ඇතියහුගේ වාචා යැ ගිරා යැ වාක්පථ යැ වාග්භේද යැ වාග්විඥප්ති යැ. අදිට්ඨය මා විසින් දිට්ඨ (දක්නා ලද යැ) අසුතය මා විසින් සුත (අසන ලද) යැ, අමුතය මා විසින් මුත (විඳුනා ලද) යැ අවිඤ්ඤාත ය මා විසින් විඤ්ඤාත (දන්නා ලද) යැ දිට්ඨය මා විසින් අදිට්ඨ (නොදක්නා ලද) යැ සුතය මා විසින් අසුත (නො අසන ලද) යැ මුතය මා විසින් අමුත (නො විඳුනා ලද) යැ විඤ්ඤාතය මා විසින් අවිඤ්ඤාත (නොදන්නා ලද) ය යන අට අනරිය බැවහරහු යි.

අදිට‍්ඨං නාම: න චක‍්ඛුනා දිට‍්ඨං. අස‍්සුතං නාම: න සොතෙන සුතං. අමුතං නාම: න ඝානෙන ඝායිතං, න ජිව‍්හාය සායිතං, න කායෙන ඵුට‍්ඨං. අවිඤ‍්ඤාතං නාම: න මනසා විඤ‍්ඤාතං. දිට‍්ඨං නාම: චක‍්ඛුනා දිට‍්ඨං. සුතං නාම: සොතෙන සුතං. මුතං නාම: ඝානෙන ඝායිතං, ජිව‍්හාය සායිතං, කායෙන ඵුට‍්ඨං. විඤ‍්ඤාතං නාම: මනසා විඤ‍්ඤාතං.

අදිට්ඨ නම්: ඇසින් නො දක්නා ලද යැ. අසුත නම්: කනින් නො අසන ලද යැ. අමුත නම්: නැහැයෙන් ඉව කොට නො ගන්නා ලද යැ, දිවෙන් රස නො විඳින ලද යැ කයින් නො පහස්නා ලද යැ. අවිඤ්ඤාත නම්: මනසින් නො දන්නා ලද යැ. දිට්ඨ නම්: ඇසින් දක්නා ලද යැ. සුත නම්: කනින් අසන ලද යැ. මුත නම්: නැහැයෙන් ඉව කොට ගන්නා ලද යැ දිවෙන් රසවිඳින ලද යැ කයින් පහස්නා ලද යැ. විඤ්ඤාත නම්: මනසින් දන්නාලද යැ.

තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති.

අදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි; පළමු කොට ම ඒ පුඟුල්හට බොරු කියන්නෙමැ යි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

චතූහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං.

අදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සතර අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

පඤ‍්චහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස, පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං.

අදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට පස් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය පිහිටුවා ඉවසීම තබා, බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

ඡහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨං මෙති සම‍්පජාන මුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං.

අදෘෂ්ටය මා විසින් දෘෂ්ටයැ යි දැන දැන බොරු කියන්නාහට සඅයුරෙකින් පචිති වෙයි; පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමි යි සිත් වෙයි, කීවහුට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

සත‍්තහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.

අදෘෂ්ටය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය පිහිටුවා ඉවසීම තබා රුචිය තබා, අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි, කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.

තීහාකාරෙහි අස‍්සුතං සුතං මෙති -පෙ- අමුතං මුතං මෙති -පෙ- අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස, පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති.

අශ්‍රැතය මා විසින් ශ්‍රැත යැ යි ... අමුතය මා විසින් මුත යැ යි ... අවිඥාතය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

චතූහාකාරෙහි -පෙ- පඤ‍්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත‍්තහාකාරෙහි අසුතං සුතං මෙති -පෙ- අමුතං මුතං මෙති -පෙ- අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතං මෙති සම‍්පජාන මුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.

සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... ස අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත යැ යි, අමුතය මා විසින් මුත යැ යි ... අවිඥාතය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි: පළමු කොට ම ඒ පුඟුල්හට ලබ්ධිය බහාතබා, ඉවසීම තබා, රුචිය පිහිටුවා අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමියි සිත් වෙයි, කීවා හට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.

තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: -පෙ- තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්ච මුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අදිට‍්ඨං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්ච මුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්චාති සම‍්පජාන මුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-

අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නා හට තුන් අයුරෙකින් පචිති වෙයි: ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නා හට තුන් අයුරෙකින් පචිති වෙයි ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැයි තුන් අයුරෙකින් ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අදෘෂ්ටය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත ද විඥාත දැයි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ.

තීහාකාරෙහි අස‍්සුතං සුතඤ‍්ච මෙ මුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස. -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ‍්ච මෙ මුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ‍්ච මෙ මුතඤ‍්ච දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අසුතං සුතඤ‍්ච මෙ මුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්ච දිට‍්ඨඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-

අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද දෘෂ්ට දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි. අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අශ්‍රැතය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත ද දෘෂ්ට ද යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ...

තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ සුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්ච දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්ච සුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අමුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්ච දිට‍්ඨඤ‍්ච සුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-

අමුතය මා විසින් මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද දෘෂ්ට දැයි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි ... අමුතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද විඥාත ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... අමුතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ...

තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ සුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච මුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි අවිඤ‍්ඤාතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්ච මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: -පෙ-

අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද ශ්‍රැත දැයි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වෙයි. ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද මුත දැ යි තුන් අයුරෙකින් ... අවිඥාතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ ...

තීහාකාරෙහි දිට‍්ඨං අදිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති. චතූහාකාරෙහි -පෙ- පඤ‍්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත‍්තහාකාරෙහි දිට‍්ඨං අදිට‍්ඨති මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.

දෘෂ්ටය මා විසින් අදෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ: පළමුකොට ම ඒ පුඟුල් හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි. සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... ස අයුරෙකින් .. දෘෂ්ටය මා විසින් අදෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට සත් අයුරෙකින් පචිති වෙයි. පළමුකොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා, අදහස තබා බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.

තීහාකාරෙහි සුතං අසුතං මෙති -පෙ- මුතං අමුතං මෙති -පෙ- විඤ‍්ඤාතං අවිඤ‍්ඤාතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති. චතූහාකාරෙහි -පෙ- පඤ‍්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත‍්තහාකාරෙහි සුතං අසුතං මෙති -පෙ- මුතං අමුතං මෙති -පෙ- විඤ‍්ඤාතං අවිඤ‍්ඤාතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.

ශ්‍රැතය මා විසින් අශ්‍රැත යැ යි ... මුතය මා විසින් අමුත යැ යි ... විඥාතය මා විසින් අවිඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. පළමු කොට ඒ පුඟුල්හට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි. සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... සඅයුරෙකින් ... ශ්‍රැතය මා විසින් අශ්‍රැත යැ යි ... මුතය මා විසින් අමුත යැ යි ... විඥාතය මා විසින් අවිඥාත යැ යි දැන දැන බොරු කියන්නා හට සත් අයුරෙකින් පචිති ඇවැත් වෙයි: පළමුකොට ම ඒ පුඟුල්හට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය තබා අදහස තබා බොරු කියන්නෙ මැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියනලදැයි සිත් වෙයි.

තීහාකාරෙහි දිට‍්ඨං සුතං මෙති -පෙ- තීහාකාරෙහි දිට‍්ඨං මුතං මෙති -පෙ- තීහාකාරෙහි දිට‍්ඨං විඤ‍්ඤාතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: -පෙ- තීහාකාරෙහි දිට‍්ඨං සුතඤ‍්ච මෙ මුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි දිට‍්ඨං සුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි දිට‍්ඨං සුතඤ‍්ච මෙ මුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්චාති සම‍්පජාන මුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: -පෙ-

දෘෂ්ටය මා විසින් ශ්‍රැත යැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් මුත යැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් විඥාත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත දැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ: ...

තීහාකාරෙහි සුතං මුතං මෙති -පෙ- තීහාකාරෙහි සුතං විඤ‍්ඤාතං මෙති -පෙ- තීහාකාරෙහි සුතං දිට‍්ඨං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස: -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි සුතං මුතඤ‍්ච මෙ විඤ‍්ඤාතඤ‍්ච දිට‍්ඨඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-.

ශ්‍රැතය මා විසින් මුත යැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් විඥාත යැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් දෘෂ්ට යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... ශ්‍රැතය මා විසින් මුත ද විඥාත දැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් මුත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... ශ්‍රැතය මා විසින් මුත ද විඥාත ද දෘෂ්ට දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ ...

තීහාකාරෙහි මුතං විඤ‍්ඤාතං මෙති -පෙ- තීහාකාරෙහි මුතං දිට‍්ඨං මෙති -පෙ- තීහාකාරෙහි මුතං සුතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි මුතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති -පෙ- තීහාකාරෙහි මුතං විඤ‍්ඤාතඤ‍්ච මෙ සුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි මුතං විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්ච සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-.

මුතය මා විසින් විඥාත යැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් දෘෂ්ට යැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් ශ්‍රැත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි. ... මුතය මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් විඥාත ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... මුතය මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ ...

තීහාකාරෙහි විඤ‍්ඤාතං දිට‍්ඨං මෙති -පෙ- තීහාකාරෙහි විඤ‍්ඤාතං සුතං මෙති -පෙ- තීහාකාරෙහි මුතං මෙති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- තීහාකාරෙහි විඤ‍්ඤාතං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි විඤ‍්ඤාතං දිට‍්ඨඤ‍්ච මෙ මුතඤ‍්චාති -පෙ- තීහාකාරෙහි විඤ‍්ඤාතං දිට‍්ඨඤ‍්ච මෙ සුතඤ‍්ච මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ-

විඥාතය මා විසින් දෘෂ්ට යැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් ශ්‍රැත යැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් මුත යැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වෙයි ... විඥාතය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත දැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් දෘෂ්ට ද මුත දැ යි තුන් අයුරෙකින් ... විඥාතය මා විසින් දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ. ...

තීහාකාරෙහි දිට‍්ඨෙ වෙමතිකො දිට‍්ඨං නො කප‍්පෙති, දිට‍්ඨං නස‍්සරති, දිට‍්ඨං පමුට‍්ඨො හොති දිට‍්ඨං මෙ සුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- දිට‍්ඨං මෙ සුතඤ‍්ච මුතඤ‍්ච විඤ‍්ඤාතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප‍්පෙති සුතං නස‍්සරති සුතං පමුට‍්ඨො හොති -පෙ- මුතෙ වෙමතිකො මුතං නො කප‍්පෙති මුතං නස‍්සරති මුතං පමුට‍්ඨො හොති -පෙ- තීහාකාරෙහි විඤ‍්ඤාතෙ වෙමතිකො විඤ‍්ඤාතං නො කප‍්පෙති විඤ‍්ඤාතං නස‍්සරති විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්චාති -පෙ- විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ සුතඤ‍්චාති -පෙ- විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ මුතඤ‍්චාති -පෙ- විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්චාති -පෙ- විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්ච මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස, පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති.

දෘෂ්ටයෙහි විමති ඇතියේ දෘෂ්ටය නො ද අදහයි. දෘෂ්ටය නො සිහි කරයි. දෘෂ්ටයෙහි ප්‍රමෘෂ්ට වෙයි. දෘෂ්ටය මා විසින් ශ්‍රැත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති වේ. ... දෘෂ්ටය මා විසින් ශ්‍රැත ද මුත ද විඥාත දැ යි දැන දැන බොරු කියන්නාහට තුන් අයුරෙකින් පචිති ඇවැත් වේ. ... ශ්‍රැතයෙහි විමති ඇතියේ ශ්‍රැතය නො ද අදහයි. ශ්‍රැතය නො සිහි කරයි. ශ්‍රැතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. ... මුතයෙහි විමති ඇතියේ මුතය නො ද අදහයි. මුතය නො සිහි කරයි. මුතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. ... තුන් අයුරෙකින් විඥාතයෙහි විමති ඇතියේ විඥාතය නො ද අදහයි. විඥාතය නො සිහි කරයි. විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද ශ්‍රැත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද මුත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත දැ යි ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට පචිති ඇවැත් වේ: කැලම ඔහුට බොරු කියන්නෙමැයි සිත් වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි. කීවාහට මා විසින් බොරු කියන ලදැ යි සිත් වෙයි.

චතූහාකාරෙහි -පෙ- පඤ‍්චහාකාරෙහි -පෙ- ඡහාකාරෙහි -පෙ- සත‍්තහාකාරෙහි -පෙ- විඤ‍්ඤාතං පමුට‍්ඨො හොති විඤ‍්ඤාතඤ‍්ච මෙ දිට‍්ඨඤ‍්ච සුතඤ‍්ච මුතඤ‍්චාති සම‍්පජානමුසා භණන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස, පුබ‍්බෙවස‍්ස හොති මුසා භණිස‍්සන‍්ති, භණන‍්තස‍්ස හොති මුසා භණාමීති, භණිතස‍්ස හොති මුසා මයා භණිතන‍්ති, විනිධාය දිට‍්ඨිං, විනිධාය ඛන‍්තිං, විනිධාය රුචිං, විනිධාය භාවං.

සතර අයුරෙකින් ... පස් අයුරෙකින් ... සඅයුරෙකින් ... සත් අයුරෙකින් ... විඥාතයෙහි ප්‍රමෘෂ්ට වෙයි. මා විසින් විඥාත ද දෘෂ්ට ද ශ්‍රැත ද මුත දැ යි දැන දැන බොරු කියන්නාහට පචිති ඇවැත් වේ: කැල ම ඔහුට ලබ්ධිය තබා, ඉවසීම තබා, රුචිය පිහිටුවා අදහස තබා බොරු කියන්නෙමැයි සිත්වෙයි. කියන්නාහට බොරු කියමැයි සිත් වෙයි, කීවාහට මා විසින් බොරු කියන ලදැයි සිත් වෙයි.

අනාපත‍්ති: දවා භණති, රවා භණති. දවා භණති නාම: සහසා භණති. රවා භණති නාම: අඤ‍්ඤං භණිස‍්සාමීති අඤ‍්ඤං භණති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

ලාහෙළා බෙණේ නම්, පැකිල බෙණේ නම්, ඇවැත් නැති: ලාහෙළා බිණීම නම් යුහුවැ කීම යි. පැකිලැ බිණීම නම් අනෙකක් කියන්නෙමැයි අනෙකක් කීම යි. උන්මත්තකයහුට ද, ආදිකාර්මිකයහුට ද ඇවැත් නැති.

මුසාවාදසික‍්ඛාපදං පඨමං.

පළමුවැනි මුසාවාද ශික්‍ෂාපද යි.