පරිණතසික්ඛාපදං
5. 3. 10.
5. 3. 10.
පරිණතසික්ඛාපදං.
පරිණත ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං හොති: “භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමා”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන සො පූගො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා තං පූගං එතදවොචුං: “දෙථාවුසො අම්හාකං ඉමානි චීවරානී”ති. “න මයං භන්තෙ දස්සාම අම්හාකං සඞ්ඝස්ස අනුවස්සං සචීවරභික්ඛා පඤ්ඤත්තා”ති. “බහූ ආවුසො සඞ්ඝස්ස දායකා. බහූ සඞ්ඝස්ස භද්දා. මයං තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා ඉධ විහරාම. තුම්හෙ චෙ අම්හාකං න දස්සථ අථ කො චරහි අම්හාකං දස්සති? “දෙථාවුසො අම්හාකං ඉමානි චීවරානී”ති. අථ ඛො සො පූගො ඡබ්බග්ගියෙහි භික්ඛූහි නිප්පීළියමානො යථාපටියත්තං චීවරං ඡබ්බග්ගියානං භික්ඛූනං දත්වා සඞ්ඝං භත්තෙන පරිවිසි. යෙ තෙ භික්ඛූ ජානන්ති සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං, න ච ජානන්ති. ඡබ්බග්ගියානං භික්ඛූනං දින්නන්ති, තෙ එවමාහංසු:
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි සැවැත්නුවර එක්තරා සමාගමක් විසින් සඟනට වළඳවා සිවුරු දෙන්නෙමු’ යි, සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි. එකල්හි සවගමහණහු ඒ සමූහයා වෙත එළඹ ඒ සමූහයාට මෙසේ කීහ: “ඇවැත්නි, අපට මේ සිවුරු දෙව” යි. “වහන්ස, අපි නො දෙම්හ. අප විසින් සඟනට අවුරුදු පතා සිවුරු සහිත භික්ෂාව පිහිටුවන ලද්දීය.” “ඇවැත්නි, සඞ්ඝයාට දායකයෝ බොහෝ ය. සඞ්ඝයාට ලාභද්වාර බොහෝ ය. අපි තොප නිසා, තොප බලමින් මෙහි වසම්හ. ඉදින් තෙපි අපට නො දෙන්නහු නම් එකල්හි කවරෙක් අපට දෙන්නේ ද “ඇවැත්නි, මේ සිවුරු අපට දෙව” යි: එකල්හි ඒ ජනසමූහය සවග මහණුන් විසින් තර කොට කියනු ලබන්නේ පිළියෙළ කළ පරිදි සිවුරු සවග මහණුන්ට දී සඞ්ඝයා බතින් වැළඳවීය. යම් භික්ෂූ කෙනෙක් සඞ්ඝයාට සිවුරු සහිත බතක් පිළියෙළ කරණ ලදැයි දනිත් ද, සවග මහණුන්ට දෙන ලදැයි නොදනිත් ද” ඔහු මෙසේ කීහ.
2. “ඔණොජෙථාවුසො, සඞ්ඝස්ස චීවර”න්ති. “නත්ථි භන්තෙ යථාපටියත්තං චීවරං අය්යා ඡබ්බග්ගියා අත්තනො පරිණාමෙසු”න්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙථා”ති? “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ –
2. “ඇවැත්නි සඞ්ඝයාට සිවුරු පිරිකර දෙව” යි. “වහන්ස, නැත පිළියෙල කළ පරිදි සිවුරු සවග මහණහු තමන්ට පිරිණමා ගත්හ” යි. යම් අපිස් මහණහු කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිති. නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු දැන දැන පිරිණමන ලද සඟසතු ලාභය තමහට පිරිණැමූහු දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන තමහට පිරිණැමූහු ද, තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යො පන භික්ඛු ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති.
“යම් මහණෙක් දැන දැන සඟසතු පිරිණැමු ලාභය තමනට පිරිණමවන්නේ නම් නිසඟිපචිති වේ” යයි.
3. යො පනාති යො යාදිසො -පෙ-
3. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ..
භික්ඛූති -පෙ- අය ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලදී.
ජානන්ති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති.
ජානත්ති නම්: තෙමේ හෝ දනියි. අන් කෙනෙක් හෝ ඔහුට දන්වත්. හෙ තෙමේ හෝ දන්වයි.
සඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
සඞ්ඝික නම්: සඞ්ඝයාට දෙන ලද්දේ පරිභෝග කරණ ලද්දේ වෙයි.
ලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. අන්තමසො චුණ්ණපිණ්ඩොපි, දන්තකට්ඨම්පි, දසිකසුත්තම්පි.
ලාභ නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬකුදු දාවළුහුයකුදු.
පරිණතං නාම: දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති.
පරිණත නම්: දෙම්හ. කරම්හ’යි වාක් භේද කරණලද වේ.
4. අත්තනො පරිණාමෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමිතං නිස්සග්ගියං, ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, -පෙ- ආයස්මතො දම්මී”ති.
4. තමහට පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතුය. “මහණෙනි, මෙසේ නිසැජිය යුතු “වහන්ස, මවිසින් සඟනට පිරිනැමූ සඟසතු ලාභය දැන දැන තමහට පිරිණමන ලද්දේ නිසඟි විය. “මම් මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
5. පරිණතෙ පරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරිණතෙ වෙමතිකො අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පරිණතෙ අපරිණතසඤ්ඤී අත්තනො පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. පුග්ගලස්ස පරිණතං අඤ්ඤස්ස පුග්ගලස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා චෙතියස්ස වා පරිණාමෙති, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ පරිණතසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ අපරිණතසඤ්ඤී, අනාපත්ති.
5. පිරිණමන ලද්දෙහි පිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් නිසැඟි පචිති වෙයි. පිරිණමන ලද්දෙහි විමති ඇත්තේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පිරිණමන ලද්දෙහි නොපිරිණැමි සන් ඇතියේ තමහට පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සඞ්ඝයාට පිරිණමන ලද්ද අන් සඟනට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. සෑයකට පිරිණමන ලද්ද අන් සෑයකට හෝ සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. පුඟුලක්හට පිරිණමන ලද්ද අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයකට හෝ පිරිණමා නම් දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි පිරිණැමු සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. නොපිරිණමන ලද්දෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. නො පිරිණමන ලද්දෙහි නො පිරිණමන ලදැයි සන් ඇතියේ ඇවැත් නැති.
6. අනාපත්ති කත්ථ දෙමාති පුච්ඡියමානො යත්ථ තුම්හාකං දෙය්යධම්මො පරිභොගං වා ලභෙය්ය පටිසඞ්ඛාරං වා ලභෙය්ය චිරට්ඨිතිකො වා අස්ස යත්ථ වා පන තුම්හාකං චිත්තං පසීදති තත්ථ දෙථාති භණති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
6. කොතැන්හි දෙන්නමෝදැ යි විචාරණු ලබන්නේ, යම් තැනක තොපගේ දේයධර්‍මය පරිභෝගය හෝ ලබන්නේ නම්, පිළිසකර හෝ ලබන්නේ නම්, කල් පවත්නේ හෝ වන්නේ නම්, යම් තැනක හෝ තොපගේ සිට පහදී නම්, එහි දෙව’යි කියා නම්, උමතුවූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
පරිණතසික්ඛාපදං නිට්ඨිතං.
පරිණත ශික්ෂාපදය නිමි.
පත්තවග්ගො තතියො.
පාත්‍ර වර්ගයයි.
තස්සුද්දානං:
එහි උද්දානය:
ද්වෙ ච පත්තානි භෙසජ්ජං වස්සිකාදානපඤ්චමං, සාමං වායාපනච්චෙකො, සාසඞ්කං සඞ්ඝිකෙන චාති.
පාත්රසිකපද දෙකය, භේසජ්ජ, වස්සික සහ පස්වැනි අච්ඡින්දන ශික්ෂාපදය ද, සුත්ත විඤ්ඤත්ති, මහාපෙසකාර, අච්චෙකචීවර, සාසඞ්ක, සඞ්ඝික පරිණතය යන පසදැ යි දස ශික්ෂාපද කෙනෙක් වෙත්.
උද්දිට්ඨා ඛො ආයස්මන්තො තිංසනිස්සග්ගියා පාචිත්තියා ධම්මා. තත්ථායස්මන්තෙ පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි: කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
ඇවැත්නි, තිස් නිසඟිපචිති දහම්හු උදෙසන ලද්දාහ. එහිලා ආයුෂ්මතුන් විචාරමි: කිම පිරිසිදුවවු ද? දෙවනවට ද විචාරමි: කිම පිරිසිදුවවු ද? තෙවනවට ද විචාරමි: කිම පිරිසිදුවවු ද? එහිලා ආයුෂ්මත්හු පිරිසිදුවවු. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මෙසේ තෙල තුෂ්ණීම්භාවය දරමි”යි.
[අතිරෙකකරත්තඤ්ච අකාලපොරාණධොවනං, පටිග්ගහඤ්ච තඤ්චෙව විඤ්ඤත්ති ච තතුත්තරි, ද්වෙ අප්පවාරිතා චෙව තික්ඛත්තුං චොදනාය චාති.
මිස්සකං සුද්ධකඤ්චෙව තුලඤ්ච අනුවස්සකං, පුරාණසන්ථතඤ්චෙව ලොමානං හරණෙන ච, ධොවනං රුජිය්ඤචෙව ද්වෙ ච නානප්පකාරකාති.
අතිරෙකඤ්ච පත්තඤ්ච ඌනෙන බන්ධනෙන ච, භෙසජ්ජං සාටකඤ්චෙව කුපිතෙන අච්ඡින්දනං,
ද්වෙ තන්තවායා චෙව අච්චෙකචීවරෙන ච, ඡාරත්තං විප්පවාසෙන අත්තනො පරිණාමනාති.]
තිංසකං නිට්ඨිතං.
තිසංකය නිමි.
පාරාජිකපාළි නිට්ඨිතා.
පාරාජිකපාළිය නිමි.