වස්සිකසාටිකසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
වස්සිකසාටිකසික්ඛාපදවණ්ණනා
වස්සිකසාටික ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති වස්සිකසාටිකසික්ඛාපදං. තත්ථ වස්සිකසාටිකා අනුඤ්ඤාතාති චීවරක්ඛන්ධකෙ විසාඛාවත්ථුස්මිං (මහාව· 349 ආදයො) අනුඤ්ඤාතා. පටිකච්චෙවාති පුරෙයෙව.
“තෙන සමයෙන” යනු වස්සිකසාටික ශික්‍ෂාපදයයි. එහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා”යි චීවරක්ඛන්ධකයෙහි විසාඛා වස්තුවෙහි අනුදන්නා ලද්දීය. “පටිගච්චෙව” පෙරම.
මාසො සෙසො ගිම්හානන්ති චතුන්නං ගිම්හමාසානං එකො පච්ඡිමමාසො සෙසො. කත්වාති සිබ්බනරජනකප්පපරියොසානෙන නිට්ඨපෙත්වා. කරොන්තෙන ච එකමෙව කත්වා සමයෙ අධිට්ඨාතබ්බං, ද්වෙ අධිට්ඨාතුං න වට්ටන්ති.
“මාසො සෙසො ගිම්හානං” ග්රිෂ්මමාස පිළිබඳ සිවු මාසයෙහි එක් පැසුළුමස ඉතිරිව “කත්වා” මැසීම රඳන් කිරීම කප්බිඳු තැබීම කෙළවර කොට ඇති කෘත්‍යයන් නිමකොට කරන්නහු විසින්ද එකක්ම කොට වැසි කාලයෙහි ‘ඉමං වස්සිකසාටිකං අධිට්ඨාමි’යි කියා ඉටිය යුතුය. දෙකක් ඉටිම නොවටියි.
අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙති ගිම්හානනාමකෙ අතිරෙකමාසෙ සෙසෙ.
“අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ” ගිම්හාන නම්වූ අතිරෙක මාසයක් ශෙෂව ඇති කල්හි
අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා නිවාසෙතීති එත්ථ පන ඨත්වා වස්සිකසාටිකාය පරියෙසනක්ඛෙත්තං කරණක්ඛෙත්තං නිවාසනක්ඛෙත්තං අධිට්ඨානක්ඛෙත්තන්ති චතුබ්බිධං ඛෙත්තං, කුච්ඡිසමයො පිට්ඨිසමයොති දුවිධො සමයො, පිට්ඨිසමයචතුක්කං කුච්ඡිසමයචතුක්කන්ති ද්වෙ චතුක්කානි ච වෙදිතබ්බානි.
“අතිරෙකද්ධමාසෙ සෙසෙ ගිම්හානෙ කත්වා” යන මෙහි සිට වැසි සළුව පිළිබඳ පරියෙසනක්ඛෙත්ත, කරණක්ඛෙත්ත, නිවාසනක්ඛෙත්ත, අධිට්ඨානක්ඛෙත්තයි සිවුවැදෑරුම්වූ ක්ෂෙත්රයද, කුච්ඡිසමය, පිට්ඨිසමයයි දෙවැදෑරුම්වූ සමයයද, පිට්ඨිසමයචතුක්ක, කුච්ජිසමයචතුක්කයි දෙවැදෑරුම් වූ චතුෂ්කද දතයුතුය.
තත්ථ ජෙට්ඨමූලපුණ්ණමාසියා පච්ඡිමපාටිපදදිවසතො පට්ඨාය යාව කාළපක්ඛුපොසථා, අයමෙකො අද්ධමාසො පරියෙසනක්ඛෙත්තඤ්චෙව කරණක්ඛෙත්තඤ්ච. එතස්මිඤ්හි අන්තරෙ වස්සිකසාටිකං අලද්ධං පරියෙසිතුං ලද්ධං කාතුඤ්ච වට්ටති, නිවාසෙතුං අධිට්ඨාතුඤ්ච න වට්ටති. කාළපක්ඛුපොසථස්ස පච්ඡිමපාටිපදදිවසතො පට්ඨාය යාව ආසාළ්හීපුණ්ණමා, අයමෙකො අද්ධමාසො පරියෙසනකරණනිවාසනානං තිණ්ණම්පි ඛෙත්තං. එතස්මිඤ්හි අන්තරෙ පරියෙසිතුං කාතුං නිවාසෙතුඤ්ච වට්ටති, අධිට්ඨාතුංයෙව න වට්ටති. ආසාළ්හීපුණ්ණමාසියා පච්ඡිමපාටිපදදිවසතො පට්ඨාය යාව කත්තිකපුණ්ණමා, ඉමෙ චත්තාරො මාසා පරියෙසනකරණනිවාසනාධිට්ඨානානං චතුන්නං ඛෙත්තං. එතස්මිඤ්හි අන්තරෙ අලද්ධං පරියෙසිතුං ලද්ධං කාතුං නිවාසෙතුං අධිට්ඨාතුඤ්ච වට්ටති. ඉදං තාව චතුබ්බිධං ඛෙත්තං වෙදිතබ්බං.
එහි පොසොන් මස මුල් පසළොස්වක පොහොයෙන් පැසුළු පැළවිය දින පටන් කෘෂ්ණපක්‍ෂයෙහි පොහොය දක්වා මේ එක් අඩමස පරියෙසනක්ඛෙත්තයද, කරණක්ඛෙත්තයද වේ. මේ අතර වැසි සළුව නොලද්දේ නම් සොයන්නටද, ලද්දේ නම් කරන්නටද වටියි. හඳින්නටද ඉටන්නටද නොවටියි. කෘෂණ පක්ෂපෞෂථයාගේ පෑළවිය දින පටන් ඇසළමස පසළොස්වක දක්වා මේ එක් අඩ මස සෙවීම කිරීම හැඳීම යන තුනටම ක්ෂෙත්රය වේ. මේ අතර සොයන්නටද කරන්නටද හඳින්නටද වටියි. ඉටීමම නොවටියි. ඇසළ මස පසළොස්වක පොහොයෙන් පැසුළු පෑළවිය දින පටන් ඉල් මස පුරපසළොස්වක දක්වා මේ සිවු පස සෙවීම කිරීම හිඳීම ඉටීම යන සතරටම ක්ෂෙත්රය වේ. මේ අතර නොලද්දේ නම් සොයන්නටද, ලද්දේ නම් කරන්නටද හඳින්නටද ඉටන්නටද වටියි. මේ වනාහි චතුවිධ ක්ෂෙත්රයයි දතයුතුය.
කත්තිකපුණ්ණමාසියා පන පච්ඡිමපාටිපදදිවසතො පට්ඨාය යාව ජෙට්ඨමූලපුණ්ණමා, ඉමෙ සත්ත මාසා පිට්ඨිසමයො නාම. එතස්මිඤ්හි අන්තරෙ “කාලො වස්සිකසාටිකායා”තිආදිනා නයෙන සතුප්පාදං කත්වා අඤ්ඤාතකඅප්පවාරිතට්ඨානතො වස්සිකසාටිකචීවරං නිප්ඵාදෙන්තස්ස ඉමිනා සික්ඛාපදෙන නිස්සග්ගියං පාචිත්තියං. “දෙථ මෙ වස්සිකසාටිකචීවර”න්තිආදිනා නයෙන විඤ්ඤත්තිං කත්වා නිප්ඵාදෙන්තස්ස අඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදෙන නිස්සග්ගියං පාචිත්තියං. වුත්තනයෙනෙව සතුප්පාදං කත්වා ඤාතකපවාරිතට්ඨානතො නිප්ඵාදෙන්තස්ස ඉමිනාව සික්ඛාපදෙන නිස්සග්ගියං පාචිත්තියං . විඤ්ඤත්තිං කත්වා නිප්ඵාදෙන්තස්ස අඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදෙන අනාපත්ති. වුත්තඤ්හෙතං පරිවාරෙ –
ඉල්මස පසළොස්වක පොහොයෙන් පැසුළු පෑළවිය දින පටන් පොසොන් මස මුල් පසළොස්වක දක්වා මේ සත්මස පිට්ඨිසමය නම්වේ. මේ අතර ‘වැසිසළුවට කාලය’යි යනාදි නයින් සිහි ඉපදවීම කොට නොනෑ නොපැවරූ තැනින් වැසිසළුසිවුර නිපදවන මහණහුට මේ ශික්ෂාපදය කරණ කොට නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘මට වැසිසළුසිවුර දෙවු’යි යනාදි නයින් විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. කියූලෙසින්ම සිහි ඉපදවීම කොට නෑ පැවරූ තැනින් නිපදවන මහණහුට මේ ශික්ෂාපදයෙන් නිසග්ගිය පාචිත්තිය වේ. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤති ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. මෙය පරිවාරයෙහි:
“මාතරං චීවරං යාචෙ, නො ච සඞ්ඝෙ පරිණතං; කෙනස්ස හොති ආපත්ති, අනාපත්ති ච ඤාතකෙ; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පරි· 481);
“මාතරං චීවරං යාචෙ - නො ච සඞ්ඝෙ පරිණතං තෙනස්ස හොති ආපත්ති - අනාපත්ති ච ඤාතකෙ, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා’ති”
‘සඞ්ඝයාට නො පිරිනමන ලද සිවුරක් නොඉල්ලන්නේය. ඉදින් මවගෙන් ඉල්ලන්නේය ඔහුට කවර ශික්ෂාපදයකින් ඇවැත් වේද නෑයන්ගෙන් ඉල්ලීමෙහිදී ඇවැත් නොවේ. මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතිය යුතුය’යි කියනලදී.
අයඤ්හි පඤ්හො ඉමමත්ථං සන්ධාය වුත්තොති. එවං පිට්ඨිසමයචතුක්කං වෙදිතබ්බං.
මේ ප්රශ්නය මේ අර්ත්ථය සඳහා කියන ලද්දේය. මෙසේ පිට්ඨිසමයචතුෂ්කය දතයුතුය.
ජෙට්ඨමූලපුණ්ණමාසියා පන පච්ඡිමපාටිපදදිවසතො පට්ඨාය යාව කත්තිකපුණ්ණමා, ඉමෙ පඤ්ච මාසා කුච්ඡිසමයො නාම. එතස්මිඤ්හි අන්තරෙ වුත්තනයෙන සතුප්පාදං කත්වා අඤ්ඤාතකඅප්පවාරිතට්ඨානතො වස්සිකසාටිකචීවරං නිප්ඵාදෙන්තස්ස වත්තභෙදෙ දුක්කටං. යෙ මනුස්සා පුබ්බෙපි වස්සිකසාටිකචීවරං දෙන්ති, ඉමෙ පන සචෙපි අත්තනො අඤ්ඤාතකඅප්පවාරිතා හොන්ති, වත්තභෙදො නත්ථි, තෙසු සතුප්පාදකරණස්ස අනුඤ්ඤාතත්තා. විඤ්ඤතිං කත්වා නිප්ඵාදෙන්තස්ස අඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදෙන නිස්සග්ගියං පාචිත්තියං. ඉදං පන පකතියා වස්සිකසාටිකදායකෙසුපි හොතියෙව. වුත්තනයෙනෙව සතුප්පාදං කත්වා ඤාතකපවාරිතට්ඨානතො නිප්ඵාදෙන්තස්ස ඉමිනා සික්ඛාපදෙන අනාපත්ති. විඤ්ඤත්තිං කත්වා නිප්ඵාදෙන්තස්ස අඤ්ඤාතකවිඤ්ඤත්තිසික්ඛාපදෙන අනාපත්ති. “න වත්තබ්බා දෙථ මෙ”ති ඉදඤ්හි පරියෙසනකාලෙ අඤ්ඤාතකඅප්පවාරිතෙයෙව සන්ධාය වුත්තං. එවං කුච්ඡිසමයචතුක්කං වෙදිතබ්බං.
පොසොන් මස මුල්පසළොස්වක පැසුළු පෑළවිය දින පටන් ඉල් පසළොස්වක දක්වා මේ පස්මස කුච්ඡිසමය නම්වේ. මේ අතර කියූ නයින් සිහි ඉපදවීම කොට නොනෑ නොපැවරූ තැනින් වැසිසළු සිවුර නිපදවන මහණහුට වත් බිඳීම නිමිතිකොට දුක්කටය වේ. යම් මිනිස් කෙනෙක් පෙරද වැසිසළු සිවුර දෙත්ද මොවුහු වනාහි ඉදින් තමාගේ නොනෑ නොපැවරූවෝ වෙත්ද එහෙයින් වත් බිඳීමෙක් නැත්තේය. ඔවුන් සමීපයෙහි සතුප්පාදකරණය අනුදත් බැවිනි. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතකවිඤ්ඤත්ති ශික්ෂාපදයෙන් නිස්සග්ගිය පාචිත්තිය වේ. මේ වනාහි ප්‍රකෘතියෙන් වැසිසළු දෙන්නවුන් අතුරෙහිද වේමය. කියූ නයින්ම සිහි ඉපදීමකොට නෑ පැවරූ තැනින් නිපදවන මහණහුට මේ ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. විනවීම කොට නිපදවන මහණහුට අඤ්ඤාතක විඤ්ඤත්ති ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. ‘දෙථ මෙ’ මෙය වනාහි සොයන කාලයෙහි නොනෑ නොපැවරුවක්ම සඳහා කියනලදී. කුච්ඡිසමයචතුෂ්කය මෙසේ දතයුතුය.
නග්ගො කායං ඔවස්සාපෙති, ආපත්ති දුක්කටස්සාති එත්ථ උදකඵුසිතගණනාය අකත්වා න්හානපරියොසානවසෙන පයොගෙ පයොගෙ දුක්කටෙන කාරෙතබ්බො. සො ච ඛො විවටඞ්ගණෙ ආකාසතො පතිතඋදකෙනෙව න්හායන්තො. න්හානකොට්ඨකවාපිආදීසු ඝටෙහි ආසිත්තඋදකෙන වා න්හායන්තස්ස අනාපත්ති.
“නග්ගො කායං ඔවස්සාපෙති, ආපත්ති දුක්කටස්ස” යනු මෙහි දියබිඳු ගණනින් නොකොට නෑමෙහි කෙළවර වසයෙන් ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටාපත්තියෙන් කරවිය යුතුය. එදවනාහි ගස්වැල් ආදි කිසිවකින් ඇවුරුම් නැති තැනෙක අහසින් වැඩුනු ජලයෙන්ම නාන මහණතෙමේය. නාන කොටු වැව් ආදියෙහි කළයෙන් වක්කරනලද ජලයෙන් හෝ නාන මහණහුට ඇවැත් නොවේ.
වස්සං උක්කඩ්ඪියතීති එත්ථ සචෙ කතපරියෙසිතාය වස්සිකසාටිකාය ගිම්හානං පච්ඡිම මාසං ඛෙපෙත්වා පුන වස්සානස්ස පඨමමාසං උක්කඩ්ඪිත්වා ගිම්හානං පච්ඡිමමාසමෙව කරොන්ති, වස්සිකසාටිකා ධොවිත්වා නික්ඛිපිතබ්බා. අනධිට්ඨිතා අවිකප්පිතා ද්වෙ මාසෙ පරිහාරං ලභති, වස්සූපනායිකදිවසෙ අධිට්ඨාතබ්බා. සචෙ සතිසම්මොසෙන වා අප්පහොනකභාවෙන වා අකතා හොති, තෙ ච ද්වෙ මාසෙ වස්සානස්ස ච චාතුමාසන්ති ඡ මාසෙ පරිහාරං ලභති. සචෙ පන කත්තිකමාසෙ කථිනං අත්ථරීයති, අපරෙපි චත්තාරො මාසෙ ලභති, එවං දස මාසා හොන්ති. තතො පරම්පි සතියා පච්චාසාය මූලචීවරං කත්වා ඨපෙන්තස්ස එකමාසන්ති එවං එකාදස මාසෙ පරිහාරං ලභති. සචෙ පන එකාහද්වීහාදිවසෙන යාව දසාහානාගතාය වස්සූපනායිකාය අන්තොවස්සෙ වා ලද්ධා චෙව නිට්ඨිතා ච, කදා අධිට්ඨාතබ්බාති එතං අට්ඨකථාසු න විචාරිතං. ලද්ධදිවසතො පට්ඨාය අන්තොදසාහෙ නිට්ඨිතා පන තස්මිංයෙව අන්තොදසාහෙ අධිට්ඨාතබ්බා. දසාහාතික්කමෙ නිට්ඨිතා තදහෙව අධිට්ඨාතබ්බා. දසාහෙ අප්පහොන්තෙ චීවරකාලං නාතික්කමෙතබ්බාති අයං නො අත්තනොමති. කස්මා? “අනුජානාමි, භික්ඛවෙ, තිචීවරං අධිට්ඨාතුං න විකප්පෙතුං; වස්සිකසාටිකං වස්සානං චාතුමාසං අධිට්ඨාතුං, තතො පරං විකප්පෙතු”න්ති (මහාව· 358) හි වුත්තං. තස්මා වස්සූපනායිකතො පුබ්බෙ දසාහාතික්කමෙපි අනාපත්ති. “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බ”න්ති (පාරා· 462) ච වුත්තං. තස්මා එකාහද්වීහාදිවසෙන යාව දසාහානාගතාය වස්සූපනායිකාය අන්තොවස්සෙ වා ලද්ධා චෙව නිට්ඨිතා ච වුත්තනයෙනෙව අන්තොදසාහෙ වා තදහු වා අධිට්ඨාතබ්බා, දසාහෙ අප්පහොන්තෙ චීවරකාලං නාතික්කමෙතබ්බා.
“වස්සං උක්කඩ්ඪියති”යි කළ කෙළවර ඇති වැසිසළුවෙන් ග්‍රීෂ්ම සෘතුව පිළිබඳ පශ්චිම මාසය ගෙවා නැවැත වස්සාන සෘතුවගේ ප්‍රථම මාසය උඩට ඇද ග්‍රීෂ්ම සෘතුවෙහි පශ්චිම මාසයම කෙරෙත්ද, වැසිසළුව සෝදා තැබිය යුතුය. නොඉටනලදී විකපනය නොකරන ලද්දී දෙමසක් පරිහාරය ලබයි. වස් එළැඹෙන දිනයෙහි ඉටිය යුත්තීය. ඉදින් සිහි මුළා බැවින් හෝ නොපොහොනා බැවින් හෝ නොකරන ලද්දීවේද, ඒ දෙමසද වස්සාන සෘතුව පිළිබඳ ඒ සිවු මසයදැයි සමසක් පරිහාරය ලබයි. ඉදින් ඉල් මාසයෙහි කඨිනය අතුරනු ලැබේ, අනික් සිවුමසකුදු පරිහාරය ලබයි. මෙසේ දසමසෙක් වේ. එයින් පසුද චීවර ප්‍රත්‍යාශාවක් ඇති කල්හි මූලචීවරය කොට තබන්නහුට එක් මසෙක්යි මෙසේ එකොළොස් මසක් පරිහාරය ලබයි. එක් දවසක්ය දෙදවසක්ය යනාදි වසයෙන් දසදවස දක්වා වස් එළැඹෙන දිනය නො පැමිණි කල්හි හෝ වසතුළ හෝ ලදද නිමවන ලදද කවරකලෙක, ඉටිය යුතුදැයි මේ ඉටීම අර්‍ත්‍ථකථාවන්හි නොවිචාරණ ලද්දේය. ලද දින පටන් දස දවස තුළ නිමවන ලද්දී වනාහි ඒ දසදවස තුළම ඉටිය යුත්තීය. දසදවස ඉක්මීමෙහිදී නිමවන ලද්දී එදවස්හිම ඉටිය යුත්තීය. දස දවස නොපොහොනා කල්හි චීවර කාලය නොඉක්මවිය යුත්තීය. මේ අපගේ අත්තනොමතියයි. කුමක් හෙයින යත්: ‘මහණෙනි’ තුන් සිවුර ඉටන්නට විකපනය නොකරන්නට, වැසිසළුව වර්ෂාසෘතුව පිළිබඳ සිවුමස ඉටන්නට ඉන් මත්තෙහි විකපනය කරන්නට අනුදනිමි’යි වදාරන ලද්දේ ද, එබැවිනි. එහෙයින් වස් එළැඹෙන දිනෙන් පෙර දසදවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. ‘දසදවසක් පරම කොට ඇති කාලයක් අතිරෙක චීවරය දැරිය යුත්තේය’යි ද වදාරන ලදී. එහෙයින් එක් දවස දෙදවස යනාදි වසයෙන් දස දවස දක්වා වස් එළැඹෙන දිනය නොපැමිණි කල්හි වසතුළ ලදද, නිමවන ලදද කියූ නයින්ම දස දවස තුළ හෝ එදවස හෝ ඉටිය යුත්තීය. දස දවස නොපොහොනා කල්හි චීවර කාලය නොඉක්මවිය යුත්තීය.
තත්ථ සියා “වස්සානං චාතුමාසං අධිට්ඨාතු”න්ති වචනතො “චාතුමාසබ්භන්තරෙ යදා වා තදා වා අධිට්ඨාතුං වට්ටතී”ති. යදි එවං, “කණ්ඩුප්පටිච්ඡාදිං යාව ආබාධා අධිට්ඨාතු”න්ති වුත්තං සාපි, ච දසාහං අතික්කාමෙතබ්බා සියා. එවඤ්ච සති “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බ”න්ති ඉදං විරුජ්ඣති. තස්මා යථාවුත්තමෙව ගහෙතබ්බං, අඤ්ඤං වා අචලං කාරණං ලභිත්වා ඡඩ්ඩෙතබ්බං. අපිච කුරුන්දියම්පි නිස්සග්ගියාවසානෙ වුත්තං – “කදා අධිට්ඨාතබ්බා? ලද්ධදිවසතො පට්ඨාය අන්තොදසාහෙ නිට්ඨිතා පන තස්මිංයෙව අන්තොදසාහෙ අධිට්ඨාතබ්බා. යදි නප්පහොති යාව කත්තිකපුණ්ණමා පරිහාරං ලභතී”ති.
එහි ‘වර්ෂාඍතුව පිළිබඳ සිවුමස ඉටන්නටැ’යි කීමක් වන්නේය. එසේ කී බැවින් සිවු මසතුළ යම් ඒ කලෙක ඉටන්නට වටීද, ඉදින් මෙසේ නම් ‘කුෂ්ට පිළිසන ආබාධය යම්තාක්ද ඒතාක් ඉටන්නටැයි වදාරන ලදද, ඕ තොමෝත් දස දවස ඉක්මවිය යුත්තී වන්නීය. මෙසේ ඇති කල්හි ‘දස දවසක් පරම කොට ඇති කාලයක් අතිරෙක චීවරය දැරිය යුත්තේය, යන මේ කීම විරුද්ධ වේ. එහෙයින් කියන ලද්දම ගතයුතුය. අන්‍යවූ හෝ නිශ්චල කරුණක් ලැබ හැරිය යුතුය. තවද කුරුන්දියෙහි නිස්සග්ගියාවසානයෙහි ‘කවර දවසක ඉටිය යුත්තීද, ලද දින පටන් දස දවසතුළ නිමියාද, ඒ දස දවස තුළම ඉදින් නොපොහොනේ නම් ඉල් පසළොස්වක දක්වා පරිහාරය ලබාය’යි කියනලදී.
අච්ඡින්නචීවරස්සාති එතං වස්සිකසාටිකමෙව සන්ධාය වුත්තං. තෙසඤ්හි නග්ගානං කායොවස්සාපනෙ අනාපත්ති. එත්ථ ච මහග්ඝවස්සිකසාටිකං නිවාසෙත්වා න්හායන්තස්ස චොරුපද්දවො ආපදා නාම. සෙසමෙත්ථ උත්තානමෙව.
“අච්ඡින්න චීවරස්ස”යි මෙය වැසි සළුව සඳහාම කියන ලදී. නග්න වූ ඔවුන්ට කය තෙමීම නිමිත්කොට ඇවැත් නොවේ. මෙහිද මාහැඟි වැසි සළුවක් හැඳ නාන්නහුගේ චෞරොපද්රවය ආපදා නම් වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං , කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ් සමුත්‍ථානිකය. ක්රියාසමුත්ථානයි. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්රඥප්තිවෙද්යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
වස්සිකසාටිකසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
වස්සිකසාටිකශික්ෂාපද වර්ණනාව නිමි.
චීවරඅච්ඡින්දනසික්ඛාපදවණ්ණනා
චීවරඅච්ඡින්දන ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති චීවරඅච්ඡින්දනසික්ඛාපදං. තත්ථ යම්පි ත්යාහන්ති යම්පි තෙ අහං. සො කිර “මම පත්තචීවරඋපාහනපච්චත්ථරණානි වහන්තො මයා සද්ධිං චාරිකං පක්කමිස්සතී”ති අදාසි. තෙනෙවමාහ. අච්ඡින්දීති බලක්කාරෙන අග්ගහෙසි, සකසඤ්ඤාය ගහිතත්තා පනස්ස පාරාජිකං නත්ථි, කිලමෙත්වා ගහිතත්තා ආපත්ති පඤ්ඤත්තා.
“තෙන සමයෙන”යි චීවර අච්ඡින්දන ශික්‍ෂාපදයයි. එහි “යම්පි ත්යාහං”යි ‘මම තට යම් කරුණක් නිසා සිවුරක් දුන්නෙම්ද, ඒ ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍ර තෙමේ වනාහි ‘මාගේ පාසිවුරු වහන් පසුතුරුණු උසුලමින් මා සමග චාරිකාවට යන්නේය’යි දුන්නේය. එහෙයින්ම ‘මයා සද්ධිං ජනපද චාරිකං පක්කමිස්සති’යි කීයේය. “අච්ඡින්දි” බලාත්කාරයෙන් ගත්තේය. තමාගේය යන හැඟීමෙන් ගත් බැවින් මේ උපනන්ද භික්ෂුහට පරිජියෙක් නැත්තේය. වෙහෙස කොට ගත් බැවින් ඇවැත් පනවන ලදි.
සයං අච්ඡින්දති නිස්සග්ගියං පාචිත්තියන්ති එකං චීවරං එකාබද්ධානි ච බහූනි අච්ඡින්දතො එකා ආපත්ති. එකතො අබද්ධානි විසුං විසුං ඨිතානි ච බහූනි අච්ඡින්දතො “සඞ්ඝාටිං ආහර, උත්තරාසඞ්ගං ආහරා”ති එවං ආහරාපයතො ච වත්ථුගණනාය ආපත්තියො. “මයා දින්නානි සබ්බානි ආහරා”ති වදතොපි එකවචනෙනෙව සම්බහුලා ආපත්තියො.
“සයං අච්ඡින්දති නිස්සග්ගියං පාචිත්තියං” යනු එක් සිවුරක්ද එකට බැඳි බොහෝ සිවුරුද අසිඳ ගන්නා මහණහුට එක් ඇවැතක් වේ. එකට නොබැඳුනු වෙන්වෙන්ව තුබූ බොහෝ සිවුරු අසිඳ ගන්නා මහණහුට ‘සඞ්ඝාටිය ගෙණ එව, උත්තරාසඞ්ගය ගෙණ එව’යි මෙසේ ගෙන්වන මහණහුටද වස්තු ගණනින් ඇවැත්හු වෙත්. ‘මා විසින් දුන් සියල්ල ගෙණ එව’යි කියන්නහුටද එක් වචනයකින්ම බොහෝ ඇවැත්හු වෙත්.
අඤ්ඤං ආණාපෙති ආපත්ති දුක්කටස්සාති “චීවරං ගණ්හා”ති ආණාපෙති, එකං දුක්කටං. ආණත්තො බහූනි ගණ්හාති, එකං පාචිත්තියං “සඞ්ඝාටිං ගණ්හ, උත්තරාසඞ්ගං ගණ්හා”ති වදතො වාචාය වාචාය දුක්කටං. “මයා දින්නානි සබ්බානි ගණ්හා”ති වදතො එකවාචාය සම්බහුලා ආපත්තියො.
“අඤ්ඤං ආණපෙති ආපත්ති දුක්කටස්ස”යි සිවුර ගණුව’යි අණවාද, එක් දුක්කටයෙක් වේ. අණවන ලදුයේ බොහෝ සිවුරු ගණීද, එක් පාචිත්තියක් වේ. ‘සඞ්ඝාටිය ගණුව, උත්තරාසඞ්ගය ගණුව’යි කියන්නහුට වචනයක් වචනයක් පාසා දුක්කට වේ. ‘මා විසින් දෙන ලද සියලු සිවුරු ගණුව’යි කියන්නහුට එක් වචනයෙන් බොහෝ ඇවැත්හු වෙත්
අඤ්ඤං පරික්ඛාරන්ති විකප්පනුපගපච්ඡිමචීවරං ඨපෙත්වා යං කිඤ්චි අන්තමසො සූචිම්පි. වෙඨෙත්වා ඨපිතසූචීසුපි වත්ථුගණනාය දුක්කටානි. සිථිලවෙඨිතාසු එවං. ගාළ්හං කත්වා බද්ධාසු පන එකමෙව දුක්කටන්ති මහාපච්චරියං වුත්තං. සූචිඝරෙ පක්ඛිත්තාසුපි එසෙව නයො. ථවිකාය පක්ඛිපිත්වා සිථිලබද්ධ ගාළ්හබද්ධෙසු තිකටුකාදීසු භෙසජ්ජෙසුපි එසෙව නයො.
“අඤ්ඤං පරික්ඛාරං” විකප්පනයට පොහොනා පශ්චිමචීවරය තබා යම් කිසිවකි. යටත් පිරිසෙයින් හිද්දක්ද වේ. වෙළා තැබූ හිදින්හි වස්තු ගණනින් දුක්කටයෝ වෙත්. ලිහිල් කොට වෙළු හිදීන්හි මෙසේය. දැඩිකොට බඳින ලද්දවුන් කෙරෙහි වනාහි එක්ම දුක්කටයෙක් වේය’යි මහාපච්චරියෙහි කියන ලදී. හිදිතුලාවෙහි බහන ලද්දවුන් කෙරෙහිද මෙම නයවේ. පසුම්බියෙක ලා ලිහිල් කොට බැදි තද කොට බැද තිකුළු ආදීවූ බෙහෙත් හිද මෙම නයවේ.
සො වා දෙතීති “භන්තෙ, තුම්හාකංයෙව ඉදං සාරුප්ප”න්ති එවං වා දෙති, අථ වා පන “ආවුසො, මයං තුය්හං ‘වත්තපටිපත්තිං කරිස්සති, අම්හාකං සන්තිකෙ උපජ්ඣං ගණ්හිස්සති, ධම්මං පරියාපුණිස්සතී’ති චීවරං අදම්හ, සො දානි ත්වං න වත්තං කරොසි, න උපජ්ඣං ගණ්හාසි, න ධම්මං පරියාපුණාසී”ති එවමාදීනි වුත්තො “භන්තෙ, චීවරත්ථාය මඤ්ඤෙ භණථ, ඉදං වො චීවර”න්ති දෙති, එවම්පි සො වා දෙති. දිසාපක්කන්තං වා පන දහරං “නිවත්තෙථ න”න්ති භණති, සො න නිවත්තති. චීවරං ගහෙත්වා රුන්ධථාති, එවං චෙ නිවත්තති, සාධු. සචෙ “පත්තචීවරත්ථාය මඤ්ඤෙ තුම්හෙ භණථ, ගණ්හථ න”න්ති දෙති. එවම්පි සො වා දෙති, විබ්භන්තං වා දිස්වා “මයං තුය්හං ‘වත්තං කරිස්සතී’ති පත්තචීවරං අදම්හ, සො දානි ත්වං විබ්භමිත්වා චරසී”ති වදති. ඉතරො “ගණ්හථ තුම්හාකං පත්තචීවර”න්ති දෙති, එවම්පි සො වා දෙති. “මම සන්තිකෙ උපජ්ඣං ගණ්හන්තස්සෙව දෙමි, අඤ්ඤත්ථ ගණ්හන්තස්ස න දෙමි. වත්තං කරොන්තස්සෙව දෙමි, අකරොන්තස්ස න දෙමි, ධම්මං පරියාපුණන්තස්සෙව දෙමි, අපරියාපුණන්තස්ස න දෙමි, අවිබ්භමන්තස්සෙව දෙමි, විබ්භමන්තස්ස න දෙමී”ති එවං පන දාතුං න වට්ටති, දදතො දුක්කටං. ආහරාපෙතුං පන වට්ටති. චජිත්වා දින්නං අච්ඡින්දිත්වා ගණ්හන්තො භණ්ඩග්ඝෙන කාරෙතබ්බො. සෙසමෙත්ථ උත්තානමෙවාති.
“සො වා දෙති”යි ‘ස්වාමීනි’ නුඹ වහන්සේටම මෙය සරුප්යයි මෙසේ හෝ දේය. නොහොත් ඇවැත්නි අපි, තට වත් පිළිවෙත් කරන්නේය, අපගේ සමීපයෙහි උපාද්ධ්යායග්රහණය කරන්නේය, ධර්මය ප්‍රගුණ කරන්නේය’යි සිවුරක් දුනිමු. දැන් ඒ තෝ වත් නොකෙරෙහි, උපාද්ධ්යායග්රහණය නොකෙරෙහි, ධර්මය ප්‍රගුණ නොකෙරෙහි’යි මේ ආදිය කියන ලදුයේ ‘ස්වාමීනි’ සිවුර පිණිස කියයි හඟිමි, ඔබවහන්සේගේ මේ සිවුරයයි තුටුවූයේ හෝ කිපියේ හෝ දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. දිග්ගිය ලදරු ඒ මහණක්හට නවතිවු කියාද, හෙතෙමේ නොනවතීද, ‘සිවුර අල්ලා වළකාලවු’යි කියාද, ඉදින් මෙසේ නවතීනම් මැනැවි. ඉදින් ඔබවහන්සේ පාසිවුරු පිණිස කියහුයි හඟිමි, ‘ගණිවු’යි ඒ සිවුර දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. ගිහිවූවකු හෝ දැක ‘අපි තට වත් කරන්නේය’යි පාසිවුරු දුනිමු, දැන් ඒ තෝ සිවුරු හැර ගිහිව හැසිරෙහි කියාද, අන්‍යයා ‘ඔබවහන්සේගේ පාසිවුරු ගණිවු’යි දේද, මෙසේද හෙතෙමේ හෝ දෙයි. ‘මා වෙත උපාද්ධ්යායග්රහණය කරන්නාවූම තට දෙමි, අන් තැනක උපාද්ධ්‍යාය ග්‍රහණය කරන්නක්හට නොදෙමි, වත් කරන්නක්හට දෙමි, නොකරන්නක් හට නොදෙමි. ධර්මය පුහුණු කරන්නක් හටම දෙමි. පුහුණු නොකරන්නක් හට නොදෙමි. සිවුරු නොහරින්නක්හටම දෙමි. සිවුරු හරින්නක්හට නොදෙමි’යි මෙසේ දීම නොවටියි. දෙන්නහුට දුක්කටය වේ. ගෙන්වීම නොවටියි. බලාපොරොත්තු හැර ඔහුට දුන් පිරිකරක් පැහැර ගන්නේ බඩුව අගය කිරීමෙන් කරවිය යුත්තේය. මෙහි සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මවචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාවෙන් සමුත්ථානය වේ. සංඥාවිමොක්‍ෂය සචිත්තකය. ලොකවද්‍යය කායකර්මය. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
චීවරඅච්ඡින්දනසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
චීවරඅච්ඡින්දන ශික්ෂාපද වර්ණනාව නිමි.
සුත්තවිඤ්ඤත්තිසික්ඛාපදවණ්ණනා
සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති සුත්තවිඤ්ඤත්තිසික්ඛාපදං. තත්ථ ඛොමන්ති ඛොමවාකෙහි කතසුත්තං. කප්පාසිකන්ති කප්පාසතො නිබ්බත්තං. කොසෙය්යන්ති කොසියංසූහි කන්තිත්වා කතසුත්තං. කම්බලන්ති එළකලොමසුත්තං. සාණන්ති සාණවාකසුත්තං. භඞ්ගන්ති පාටෙක්කං වාකසුත්තමෙවාති එකෙ. එතෙහි පඤ්චහි මිස්සෙත්වා කතසුත්තං පන “භඞ්ග”න්ති වෙදිතබ්බං.
“තෙන සමයෙන” සුත්තවිඤ්ඤත්ති ශික්‍ෂාපදයයි. එහි “ඛොමං” යනු එනම් ගස් වැහැරියෙන් කළහුය. “කප්පාසිකං” කපුවෙන් නිපන්හුය. “කොසියං” කිහිරිහුයෙන් කැට කරන ලදහුය. “කම්බලං” එළුලොමින් කළහුය. “සාණං” හණ වැහැරියෙන් කළහුය. “භඞ්ගං” වෙන් වෙන්ව වැහැරියෙන් කළහුයයි ඇතැම්හු කියත්. මේ පස මිශ්‍ර කොට කළහු, සඞ්ගයි දත යුතුය.
වායාපෙති පයොගෙ පයොගෙ දුක්කටන්ති සචෙ තන්තවායස්ස තුරිවෙමාදීනි නත්ථි, තානි “අරඤ්ඤතො ආහරිස්සාමී”ති වාසිං වා ඵරසුං වා නිසෙති, තතො පට්ඨාය යං යං උපකරණත්ථාය වා චීවරවායනත්ථාය වා කරොති, සබ්බත්ථ තන්තවායස්ස පයොගෙ පයොගෙ භික්ඛුස්ස දුක්කටං. දීඝතො විදත්ථිමත්තෙ තිරියඤ්ච හත්ථමත්තෙ වීතෙ නිස්සග්ගියං පාචිත්තියං. මහාපච්චරියං පන “යාව පරියොසානං වායාපෙන්තස්ස ඵලකෙ ඵලකෙ නිස්සග්ගියං පාචිත්තිය”න්ති වුත්තං. තම්පි ඉදමෙව පමාණං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං. විකප්පනුපගපච්ඡිමඤ්හි චීවරසඞ්ඛ්යං ගච්ඡතීති.
“වායාපෙති පයොගෙ පයෙගෙ දුක්කටං” රෙදිවියන්නහුට හොත්කන වෙම්දඬු ආදිය නැත්තාහුද ඒ හොත්කන වෙම්දඬු වනයෙන් ගෙණ එන්නෙමි’යි වෑයක් හෝ පොරොවක් හෝ මුවහත් තමාද එතැන් පටන් උපකරණ පිණිස හෝ සිවුර පියවනු පිණිස හෝ යමක් යමක් කෙරේද, ඒ හැමතැන්හි රෙදිවියන්නහුගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. දිගින් වියතක් පමණද සරසි රියනක් පමණද වියූ කල්හි නිස්සග්ගිය පාචිත්තිය වේ. මහාපච්චරියෙහි වනාහි කෙළවර දක්වා වියවන මහණහුට පුවරුවක් පුවරුවක් පාසා නිස්සග්ගිය පාචිත්තිය වේයයි කියන ලදී. එද මෙම ප්‍රමාණය සඳහා කියන ලද්දේයයි දතයුතුය. විකපනයට පොහොනා පශ්චිමචීවරය චීවරසඞ්ඛ්යාවට යයි.
අපිචෙත්ථ එවං විනිච්ඡයො වෙදිතබ්බො – සුත්තං තාව සාමං විඤ්ඤාපිතං අකප්පියං, සෙසං ඤාතකාදිවසෙන උප්පන්නං කප්පියං. තන්තවායොපි අඤ්ඤාතකඅප්පවාරිතො විඤ්ඤත්තියා ලද්ධො අකප්පියො, සෙසො කප්පියො. තත්ථ අකප්පියසුත්තං අකප්පියතන්තවායෙන වායාපෙන්තස්ස පුබ්බෙ වුත්තනයෙන නිස්සග්ගියං. තෙනෙව පන කප්පියසුත්තං වායාපෙන්තස්ස යථා පුබ්බෙ නිස්සග්ගියං, එවං දුක්කටං. තෙනෙව කප්පියං අකප්පියඤ්ච සුත්තං වායාපෙන්තස්ස යදි පච්ඡිමචීවරප්පමාණෙන එකො පරිච්ඡෙදො සුද්ධකප්පියසුත්තමයො, එකො අකප්පියසුත්තමයොති එවං කෙදාරබද්ධං විය චීවරං හොති, අකප්පියසුත්තමයෙ පරිච්ඡෙදෙ පාචිත්තියං, ඉතරස්මිං තථෙව දුක්කටං. යදි තතො ඌනපරිච්ඡෙදා හොන්ති, අන්තමසො අච්ඡිමණ්ඩලප්පමාණාපි, සබ්බපරිච්ඡෙදෙසු පරිච්ඡෙදගණනාය දුක්කටං. අථ එකන්තරිකෙන වා සුත්තෙන දීඝතො වා කප්පියං තිරියං අකප්පියං කත්වා වීතං හොති, ඵලකෙ ඵලකෙ දුක්කටං. කප්පියතන්තවායෙනපි අකප්පියසුත්තං වායාපෙන්තස්ස යථා පුබ්බෙ නිස්සග්ගියං, එවං දුක්කටං. තෙනෙව කප්පියඤ්ච අකප්පියඤ්ච සුත්තං වායාපෙන්තස්ස සචෙ පච්ඡිමචීවරප්පමාණා ඌනකා වා අකප්පියසුත්තපරිච්ඡෙදා හොන්ති, තෙසු පරිච්ඡෙදගණනාය දුක්කටං. කප්පියසුත්තපරිච්ඡෙදෙසු අනාපත්ති. අථ එකන්තරිකෙන වා සුත්තෙන දීඝතො වා කප්පියං තිරියං අකප්පියං කත්වා වීතං හොති, ඵලකෙ ඵලකෙ දුක්කටං.
තවද මෙහි විනිශ්චය මෙසේ දතයුතුය: හූ, තමන් විසින් වියවන ලද්දේ අකැප වේ. නෑ ආදීන්ගේ වසයෙන් උපන් සෙස්ස කැපවේ. රෙදි වියන්නාද නොනෑ නොපැවරුවෙක් වේද, විඥප්තියෙන් ලද්දේ අකැප වේ. සෙස්ස කැපවේ. එහි අකැප හූ අකැප පෙහෙරකු ලවා වියවන මහණහුට පෙරකියූ නයින් නිසගි වේ. ඒ අකැප පෙරෙහරකු ලවාම කැප හූ වියවන මහණහුට පෙර යම්සේද එසේ නිසගියෙක්ද දුක්කටයෙක්ද වේ. ඒ අකැප පෙහෙරහු ලවාම කැපවුද අකැපවූද හූ වියවන මහණහුට ඉදින් පශ්චිම චීවර ප්‍රමාණයෙන් එක් කොටසක් අකැප හුයින් වියන ලද්දේ වේද. මෙසේ සිවුර කෙත් දෙකක් එකට බැදීම මෙන් වේද, අකැප හුයින් වියනලද කොටස් නිමිතිකොට පාචිත්තියද අන්තන්හි එසේම දුක්කටය වේ. එයට වඩා අඩු කොටස්හු වෙත්ද, යටත් පිරිසයින් ඇස්මඬල පමණවූවාහුද, කොටස් ගණනින් දුක්කටය වේ. නැවැත එකකින් අතර ඇත්තාවූ හෝ හුයින් කැප කොට දිගින් හෝ අකැප කොට සරසින් හෝ වියන ලද්දේවේද, පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ. කැප පෙහෙරහු ලවාද නොකැප හූ වියවන මහණහුට යම්සේ පෙර නිස්සග්ගිය වේද, එසේ දුක්කටයද වේ. ඒ කැප පෙහෙරහු ලවාම කැපවූද අකැපවූද හූ වියවන මහණහුට ඉදින් පශ්චිම චීවර ප්‍රමාණ වූ හෝ ඌන වූ හෝ අකැප වූ කොටස්හු වෙත්ද, ඒ කොටස්හි කොටස් ගණනින් දුක්කටය වේ. කැප හූ කොටස්හි ඇවැත් නොවේ. නැවැත එකකින් අතර ඇත්තාවූ හෝ හුයින් කැපකොට දිගින් හෝ, අකැප කොට සරසත් හෝ, වියන ලද්දේ වේද, පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ.
යදි පන ද්වෙ තන්තවායා හොන්ති, එකො කප්පියො එකො අකප්පියො, සුත්තඤ්ච අකප්පියං, තෙ චෙ වාරෙන විනන්ති, අකප්පියතන්තවායෙන වීතෙ ඵලකෙ ඵලකෙ පාචිත්තියං, ඌනතරෙ දුක්කටං. ඉතරෙන වීතෙ උභයත්ථ දුක්කටං. සචෙ ද්වෙපි වෙමං ගහෙත්වා එකතො විනන්ති, ඵලකෙ ඵලකෙ පාචිත්තියං. අථ සුත්තං කප්පියං, චීවරඤ්ච කෙදාරබද්ධාදීහි සපරිච්ඡෙදං, අකප්පියතන්තවායෙන වීතෙ පරිච්ඡෙදෙ පරිච්ඡෙදෙ දුක්කටං, ඉතරෙන වීතෙ අනාපත්ති. සචෙ ද්වෙපි වෙමං ගහෙත්වා එකතො විනන්ති, ඵලකෙ ඵලකෙ දුක්කටං. අථ සුත්තම්පි කප්පියඤ්ච අකප්පියඤ්ච, තෙ චෙ වාරෙන විනන්ති, අකප්පියතන්තවායෙන අකප්පියසුත්තමයෙසු පච්ඡිමචීවරප්පමාණෙසු පරිච්ඡෙදෙසු වීතෙසු පරිච්ඡෙදගණනාය පාචිත්තියං. ඌනකතරෙසු කප්පියසුත්තමයෙසු ච දුක්කටං. කප්පියතන්තවායෙන අකප්පියසුත්තමයෙසු පමාණයුත්තෙසු වා ඌනකෙසු වා දුක්කටමෙව. කප්පියසුත්තමයෙසු අනාපත්ති.
ඉදින් පෙහෙරහු දෙදෙනෙක් වෙත්ද, එකෙක් කැපය. එකෙක් අකැපය. හූද අකැප වේ. ඔවුහු ඒ හූ වරින්වර වියත්නම්, අකැප පෙහෙරහු විසින් වියූ කල්හි පුවරුවක් පුවරුවක් පාසා පාචිත්තිය වේ. ඉතා ඌන වූ කල්හි දුක්කටය වේ. අනික් කැප පෙහෙරහු විසින් වියූ කල්හි දෙතැන්හි දුක්කටය වේ. ඉදින් දෙදෙනාම රෙදිවියන නඩාව ගෙණ එකතුව වියත්ද, පුවරුවක් පුවරුවක් පාසා පාචිත්තිය වේ. නැවැත හූ කැප වේද, සිවුරද කෙදාරබද්ධාදි විසින් මෙන් කොටස් ඇත්තේද අකැප පෙහෙරහු විසින් විසූ කල්හි කොටසක් කොටසක් පාසා දුක්කටය වේ. අන් කැප පෙහෙරහු විසින් වියූ කල්හි ඇවැත් නොවේ. ඉදින් දෙදෙනම රෙදිවයන නඩාව ගෙණ එකතුව වියත්ද පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ. නැවැත හූ ද කැපත් වේද අකැපත් වේද, ඒ කැප අකැපපෙරෙහු වරින්වර වියත්ද, අකැප පෙහෙරහු විසින් අකැප හූවලින් කළ පශ්චිම චීවර ප්‍රමාණ වූ කොටස් වියූ කල්හි කොටස් ගණනින් පාචිත්තිය වේ. ඉතා ඌන වූ තන්හිද කැප හුයින් විසූ චීවරයන්හිද දුක්කටය වේ. කැප පෙහෙරහු විසින් අකැප හූවලින් කරනලද පමණින් යුක්තවූ හෝ ඌන වූ හෝ සිවුරු වියූ කල්හි දුක්කටයම වේ. කැප හූවලින් කරන ලද චීවරයන්හි ඇවැත් නොවේ.
අථ එකන්තරිකෙන වා සුත්තෙන දීඝතො වා අකප්පියං තිරියං කප්පියං කත්වා විනන්ති, උභොපි වා තෙ වෙමං ගහෙත්වා එකතො විනන්ති, අපරිච්ඡෙදෙ චීවරෙ ඵලකෙ ඵලකෙ දුක්කටං, සපරිච්ඡෙදෙ පරිච්ඡෙදවසෙන දුක්කටානීති. අයං පන අත්ථො මහාඅට්ඨකථායං අපාකටො, මහාපච්චරියාදීසු පාකටො. ඉධ සබ්බාකාරෙනෙව පාකටො.
නැවැත එකෙකින් අතර ඇත්තාවූ හෝ හුයින් අකැප කොට දිගින් හෝ, කැප කොට සරසින් හෝ වියත්ද, දෙවියෙහි හෝ රෙදි වියන නඩාව ගෙණ එකතු කොට වියත්ද, අපරිච්ඡෙද චීවරය නිමිති කොට පුවරුවක් පුවරුවක් පාසා දුක්කටය වේ. පරිච්ඡෙද සහිත චීවරය නිමිතිකොට පරිච්ඡෙද වශයෙන් දුක්කටයෝ වෙත්. මේ අර්ත්ථය වනාහි මහාර්‍ත්‍ථකථාවෙහි ප්‍රකට නොවූයේය. මහාපච්චරියෙහි ප්රකටය.
සචෙ සුත්තම්පි කප්පියං, තන්තවායොපි කප්පියො ඤාතකප්පවාරිතො වා මූලෙන වා පයොජිතො, වායාපනපච්චයා අනාපත්ති. දසාහාතික්කමනපච්චයා පන ආපත්තිං රක්ඛන්තෙන විකප්පනුපගප්පමාණමත්තෙ වීතෙ තන්තෙ ඨිතංයෙව අධිට්ඨාතබ්බං. දසාහාතික්කමෙන නිට්ඨාපියමානඤ්හි නිස්සග්ගියං භවෙය්‍යාති. ඤාතකාදීහි තන්තං ආරොපෙත්වා “තුම්හාකං, භන්තෙ, ඉදං චීවරං ගණ්හෙය්යාථා”ති නිය්යාතිතෙපි එසෙව නයො.
ඉදින් හූත් කැපවේද, පෙහෙරතෙමේත් කැපවේද, නෑ පැවරූ තැනින් හෝ මිලයෙන් හෝ යොදන ලදුයේ වියවීම කරුණු කොට ඇවැත් නොවේ. දසදවස ඉක්මවීම කරුණු කොට ඇවැත රකින්නහු විසින් විකප්පනයට සෑහෙන පමණ වියූ කල්හි හූ සිටියදීම ඉටිය යුතුය. දසදවස ඉක්මීමෙන් නිමවනු ලබන්නේ නිස්සග්ගිය වන්නේය. නෑ ආදීන් විසින් හුයට නගා ‘ස්වාමීනි ඔබවහන්සේලාගේ මේ සිවුර ගණිවු’යි පාවාදුන් කල්හිද මෙම නයවේ.
සචෙ තන්තවායො එවං පයොජිතො වා සයං දාතුකාමො වා හුත්වා “අහං, භන්තෙ, තුම්හාකං චීවරං අසුකදිවසෙ නාම වායිත්වා ඨපෙස්සාමී”ති වදති, භික්ඛු ච තෙන පරිච්ඡින්නදිවසතො දසාහං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං.
ඉදින් පෙහෙරතෙමේ මෙසේ යොදන ලද්දේ හෝ තමා දෙනු කැමැතිව හෝ ‘ස්වාමීනි’ මම ඔබවහන්සේගේ සිවුර අසුවල් දිනයෙහි වියා තබන්නෙමි’යි කියාද, මහණතෙමේද ඔහු විසින් පිරිසිඳි දිනයෙන් දස දවස ඉක්මවාද, නිස්සග්ගිය පාචිත්තිය වේ.
සචෙ පන තන්තවායො “අහං තුම්හාකං චීවරං වායිත්වා සාසනං පෙසෙස්සාමී”ති වත්වා තථෙව කරොති, තෙන පෙසිතභික්ඛු පන තස්ස භික්ඛුනො න ආරොචෙති, අඤ්ඤො දිස්වා වා සුත්වා වා “තුම්හාකං, භන්තෙ, චීවරං නිට්ඨිත”න්ති ආරොචෙති, එතස්ස ආරොචනං න පමාණං. යදා පන තෙන පෙසිතොයෙව ආරොචෙති, තස්ස වචනං සුතදිවසතො පට්ඨාය දසාහං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.
ඉදින් පෙහෙර තෙමේ ‘මම ඔබවහන්සේගේ සිවුර වියා හසුනක් එවන්නෙමි’යි කියා එසේම කෙරේද, ඔහු විසින් එවූ මහණතෙමේ ඒ මහණහට එය නොදන්වාද, අන් මහණෙක් දැක හෝ අසා හෝ ‘ස්වාමීනි’ ඔබ වහන්සේගේ සිවුර නිමවන ලද්දේය’යි සැල කෙරේද, ඒ මහණහුගේ සැලකිරීම පමණ නොවේ. යම්කලෙක ඔහු විසින් එවන ලදුයේම සැලකෙරේද, ඔහුගේ වචනය ඇසූ දින පටන් දස දවසක් ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේ.
සචෙ තන්තවායො “අහං තුම්හාකං චීවරං වායිත්වා කස්සචි හත්ථෙ පහිණිස්සාමී”ති වත්වා තථෙව කරොති, චීවරං ගහෙත්වා ගතභික්ඛු පන අත්තනො පරිවෙණෙ ඨපෙත්වා තස්ස න ආරොචෙති, අඤ්ඤො කොචි භණති “අපි, භන්තෙ, අධුනා ආභතං චීවරං සුන්දර”න්ති? “කුහිං, ආවුසො, චීවර”න්ති? “ඉත්ථන්නාමස්ස හත්ථෙ පෙසිත”න්ති. එතස්සපි වචනං න පමාණං. යදා පන සො භික්ඛු චීවරං දෙති, ලද්ධදිවසතො පට්ඨාය දසාහං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං. සචෙ පන වායාපනමූලං අදින්නං හොති, යාව කාකණිකමත්තම්පි අවසිට්ඨං, තාව රක්ඛති.
ඉදින් පෙහෙර තෙමේ ‘මම ඔබවහන්සේගේ සිවුර වියා කිසිවකුගේ අත එවන්නෙමි’යි කියා එසේම කෙරේද, සිවුර ගෙනගිය මහණතෙමේ තමන්ගේ පිරිවෙණෙහි තබා ඔහුට ආරොචනය නොකෙරේද, අන් කිසිවෙක් ‘ස්වාමිනි’ කිම, අලුත ගෙණ සිවුර යහපත්දැ’යි විචාරාද හෙතෙමේ ‘ඇවැත’ සිවුර කොතැනදැයි විචාරාද මෙනම් ඇත්තහුගේ අත එවන ලදැයි හෙතෙමේ කියාද, මොහුගේ මේ වචනයද ප්‍රමාණ නොවේ. යම්කලෙක ඒ මහණතෙමේ සිවුර දේද, ලද දින පටන් දසදවස ඉක්මවන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. වියැවූ මිල නොදෙන ලද්දේවේද, යම්තාක් දෙවියැට සමරකුදු ඉතිරිවූයේ වේද, ඒතාක් රකියි.
අනාපත්ති චීවරං සිබ්බෙතුන්ති චීවරසිබ්බනත්ථාය සුත්තං විඤ්ඤාපෙන්තස්ස අනාපත්තීති අත්ථො. ආයොගෙතිආදීසුපි නිමිත්තත්ථෙ භුම්මවචනං, ආයොගාදිනිමිත්තං විඤ්ඤාපෙන්තස්ස අනාපත්තීති වුත්තං හොති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
“අනාපත්ති චීවරං සිබ්බෙතු” සිවුර මසනු පිණිස හූ විනවන මහණහුට ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. ‘ආයොගෙ” යනාදි තන්හි නිමිත්තර්ත්ථයෙහි සප්තමී වචනයි. ආයොගාදිය නිමිතිකොට විනවන මහණහුට ඇවැත් නොවේය’යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකයි. ප්‍රඥාප්ති වද්‍යය. කායකර්මය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සුත්තවිඤ්ඤත්තිසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
සුත්තවිඤ්ඤත්ති ශික්ෂාපද වර්ණනාව නිමි.
මහාපෙසකාරසික්ඛාපදවණ්ණනා
මහාපෙසකාර ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති මහාපෙසකාරසික්ඛාපදං. තත්ථ සුත්තං ධාරයිත්වාති සුත්තං තුලෙත්වා පලපරිච්ඡෙදං කත්වා. අප්පිතන්ති ඝනං. සුවීතන්ති සුට්ඨු වීතං, සබ්බට්ඨානෙසු සමං කත්වා වීතං. සුප්පවායිතන්ති සුට්ඨු පවායිතං සබ්බට්ඨානෙසු සමං කත්වා තන්තෙ පසාරිතං. සුවිලෙඛිතන්ති ලෙඛනියා සුට්ඨු විලිඛිතං. සුවිතච්ඡිතන්ති කොච්ඡෙන සුට්ඨු විතච්ඡිතං, සුනිද්ධොතන්ති අත්ථො. පටිබද්ධන්ති වෙකල්ලං . තන්තෙති තන්තෙ දීඝතො පසාරණෙයෙව උපනෙත්වාති අත්ථො.
“තෙන සමයෙන”යි මහාපෙසකාරශික්ෂාපදයයි. එහි “සුත්තං ධාරයිත්වා” හූ ප්‍රමාණ කොට ප්‍රමාණය පිරිසිඳීම කොට “අප්පිතං” ඝන වූවක් “සුවීනං” මනාකොට වියනලද සියලු තන්හි සමකොට වියන ලද්දක්. “සුප්පවායිතං” මනාකොට වියනලද. සැමතැන සම කොට නූල් දිගුකරන ලද්දක්. “සුවිලෙඛිතං” කටුමලින් මනාකොට කටු මල දෙන ලද්දක් “සුවිතච්ඡිතං” කොස්සෙන් මනාකොට මදින ලද්දක්. මනාකොට දෝනා ලද්දක්ය යන අර්‍ත්‍ථයි. “පටිබද්ධං” විකලබව. “තන්තෙ” හූ දිගින් දිගලැමෙහිම එළවා යන අර්‍ත්‍ථයි.
තත්ර චෙ සො භික්ඛූති යත්ර ගාමෙ වා නිගමෙ වා තෙ තන්තවායා තත්ර. විකප්පං ආපජ්ජෙය්යාති විසිට්ඨං කප්පං අධිකවිධානං ආපජ්ජෙය්ය. පාළියං පන යෙනාකාරෙන විකප්පං ආපන්නො හොති, තං දස්සෙතුං “ඉදං ඛො, ආවුසො”තිආදි වුත්තං.
“තත්ර චෙ සො භික්ඛු” යම් ගමෙක හෝ නියම් ගමෙක හෝ ඒ පෙහෙකරුවෝ වෙත්ද, එහි “විකප්පං ආපජ්ජෙය්ය” විශිෂ්ට කල්පයට අධික විධානයට පැමිණෙන්නේය. පෙළෙහි වනාහි යම් අයුරකින් අධික විධානයට පැමිණියේවේද, එය දක්වනු පිණිස ‘ඉදං ඛො ආවුසො’ යනාදිය වදාළ සේක.
ධම්මම්පි භණතීති ධම්මකථම්පි කථෙති, “තස්ස වචනෙන ආයතං වා විත්ථතං වා අප්පිතං වා”ති සුත්තවඩ්ඪනආකාරමෙව දස්සෙති.
“ධම්මම්පි භණති” ධර්මකථාද කියයි. ඒ මහණහුගේ වචනයෙන් දිග හෝ පුළුල් හෝ ඝන හෝ යන මෙයින් හූ වඩන අයුරම දක්වාලන්නේය.
පුබ්බෙ අප්පවාරිතොති චීවරසාමිකෙහි පුබ්බෙ අප්පවාරිතො හුත්වා. සෙසං උත්තානත්ථමෙවාති.
“පුබ්බෙ අප්පවාරිතො” සිවුරු හිමියන් විසින් පෙර නොපවරන ලද්දෙක්ව, සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාවෙන් උපදී නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්මය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
මහාපෙසකාරසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
මහාපෙසකාර ශික්ෂාපදවර්ණනාව නිමි.
අච්චෙකචීවරසික්ඛාපදවණ්ණනා
අච්චෙකචීවර ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති අච්චෙකචීවරසික්ඛාපදං. තත්ථ දසාහානාගතන්ති දස අහානි දසාහං, තෙන දසාහෙන අනාගතා දසාහානාගතා, දසාහෙන අසම්පත්තාති අත්ථො, තං දසාහානාගතං, අච්චන්තසංයොගවසෙන භුම්මත්ථෙ උපයොගවචනං, තෙනෙවස්ස පදභාජනෙ “දසාහානාගතායා”ති වුත්තං. පවාරණායාති ඉදං පන යා සා දසාහානාගතාති වුත්තා, තං සරූපතො දස්සෙතුං අසම්මොහත්ථං අනුපයොගවචනං.
“තෙන සමයෙන” අච්චෙකචීවර ශික්‍ෂාපදයයි. “දසාහානාගතං” දස දවස්හු දසාග නමි. ඒ දස දවසින් නොපැමිණියා දසාහානාගතා නම. දසදවසින් නොපැමිණියා යන අර්‍ත්‍ථයි. ‘තං දසානානාගතං’ අත්‍යන්ත සංයොග වශයෙන් සප්තමී අර්‍ත්‍ථයෙහි ද්විතීයාවචනයි. එහෙයින්ම මේ ශික්ෂාපදය පිළිබඳ පදභාජනයෙහි ‘දසාහානාගතාය’යි වදාරන ලද්දේය. “පවාරණාය” යම් ඒ පවාරණයක් ‘දසාහානාගතා’යි කියන ලදී. ඒ දසදවසින් නොපැමිණියහු ස්වරූප වශයෙන් දක්වන්නට දසාහානාගත පදයෙහි නොමුළාබව පිණිස අනුප්රයොගවචනය කියනලදී.
කත්තිකතෙමාසිකපුණ්ණමන්ති පඨමකත්තිකතෙමාසිකපුණ්ණමං. ඉධාපි පඨමපදස්ස අනුපයොගත්තා පුරිමනයෙනෙව භුම්මත්ථෙ උපයොගවචනං. ඉදං වුත්තං හොති – “‘යතො පට්ඨාය පඨමමහාපවාරණා දසාහානාගතා’ති වුච්චති, සචෙපි තානි දිවසානි අච්චන්තමෙව භික්ඛුනො අච්චෙකචීවරං උප්පජ්ජෙය්ය, ‘අච්චෙකං ඉද’න්ති ජානමානෙන භික්ඛුනා සබ්බම්පි පටිග්ගහෙතබ්බ”න්ති. තෙන පවාරණාමාසස්ස ජුණ්හපක්ඛපඤ්චමිතො පඨාය උප්පන්නස්ස චීවරස්ස නිධානකාලො දස්සිතො හොති. කාමඤ්චෙස “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බ”න්ති ඉමිනාව සිද්ධො, අත්ථුප්පත්තිවසෙන පන අපුබ්බං විය අත්ථං දස්සෙත්වා සික්ඛාපදං ඨපිතං.
“කත්තික තමාසිකපුණ්ණමං” වප්මස මැදිපොහොයෙහි. මෙහිද පඨම පදයාගේ අනුප්රයොග බැවින් පෙරනයින්ම සප්තම්යර්ත්ථයෙහි ද්විතීයාවචනයි. මෙය කියන ලද්දේ වේ. යම් කලක්පටන් ප්‍රථම මහාපවාරණය දසදවසින් නොපැමිණියායි කියනු ලැබේ, ඉදිනුදු ඒ දිනයන්හි නිරන්තරයෙන්ම මහණහුට සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ සෘජුව අතිරෙක චීවරයක් උපන්නේ නම් ඒ අතිරෙකචීවරයයි දන්නා වූ මහණහු විසින් සියල්ලම පිළිගත යුත්තේය’යි එයින් පවාරණ මාසයෙහි ශුක්ලපක්ෂපංචමිය පටන් උපන් චීවරයාගේ තබන කාලය දක්වන ලද්දේ වේ. එකාන්තයෙන් දසදවසක් පරම කොට ඇති කාලයක් අතිරෙකචීවරය දැරිය යුතුය යන මේ කාලය මෙයින් සිද්ධය. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් පෙර නොවූවක් මෙන් අර්ත්ථ දක්වා ශික්ෂාපදය තබන ලද්දේය.
අච්චෙකචීවරන්ති අච්චායිකචීවරං වුච්චති, තස්ස පන අච්චායිකභාවං දස්සෙතුං “සෙනාය වා ගන්තුකාමො හොතී”තිආදි වුත්තං. තත්ථ සද්ධාති ඉමිනා සද්ධාමත්තකමෙව දස්සිතං. පසාදොති ඉමිනා සුප්පසන්නා බලවසද්ධා. එතං අච්චෙකචීවරං නාමාති එතං ඉමෙහි කාරණෙහි දාතුකාමෙන දූතං වා පෙසෙත්වා සයං වා ආගන්ත්වා “වස්සාවාසිකං දස්සාමී”ති එවං ආරොචිතං චීවරං අච්චෙකචීවරං නාම හොතී. ඡට්ඨිතො පට්ඨාය පන උප්පන්නං අනච්චෙකචීවරම්පි පච්චුද්ධරිත්වා ඨපිතචීවරම්පි එතං පරිහාරං ලභතියෙව.
“අච්චෙකචීවරං” යන මෙයින් ඉක්මන් සිවුර කියනු ලැබේ. ඒ ඉක්මන් සිවුරෙහි ඉක්මන්බව දක්වනු පිණිස “සෙනාය වා ගන්තුකාමො හොති” යනාදිය වදාළ සේක. එහි “සද්ධා” යන මෙයින් ධර්මශ්රවණාදියෙන් එකෙණෙහි උපන් ශ්‍රද්ධා මාත්‍රයක්ම දක්වන ලද්දේය. “පසාදො” යන මෙයින් සුප්‍රසන්න වූ බලවත් ශ්‍රද්ධාතොමෝ දක්වන ලදී. “එතං අච්චෙකචීවරං” මේ කරුණු හෙතුකොට මේ අතිරෙකචීවරය දෙනු කැමැත්තහු විසින් දූතයකු හෝ යවා තමා හෝ අවුත් වස්සාවාසිකය දෙන්නෙමි’යි මෙසේ සැල කළ කොට දුන් චීවරය, අච්චෙකචීවර නම්වේ. සයවක පටන් උපන් අනතිරෙක චීවරයද පසුදුරාතැබූ චීවරයද මේ පරිහාරය ලබාමය.
සඤ්ඤාණං කත්වා නික්ඛිපිතබ්බන්ති කිඤ්චි නිමිත්තං කත්වා ඨපෙතබ්බං. කස්මා එතං වුත්තං? යදි හි තං පුරෙ පවාරණාය විභජන්ති. යෙන ගහිතං, තෙන ඡින්නවස්සෙන න භවිතබ්බං. සචෙ පන හොති, තං චීවරං සඞ්ඝිකමෙව හොති. තතො සල්ලක්ඛෙත්වා සුඛං දාතුං භවිස්සතීති.
“සඤ්ඤං කත්ථා නික්ඛිපිතබ්බං” කිසි සලකුණක් කොට තැබිය යුතුය. කුමක් හෙයින් මෙය කියන ලද්දේ ද, යත්:- ඒ සලකුණු කොට තැබූ සිවුර පවාරණයෙන් පෙර බෙදත්ද, යමකු විසින් ගන්නා ලද්දේ ද, ඔහු සුන්වස් ඇතියකු නොවිය යුතුය. ඉදින් සුන්වස් ඇත්තේවේද, ඒ සිවුර සඞ්ඝිකම වේ. එයින් සලකා සුවසේ දීම වන්නේයයි.
අච්චෙකචීවරෙ අච්චෙකචීවරසඤ්ඤීති එවමාදි විභජිත්වා ගහිතමෙව සන්ධාය වුත්තං. සචෙ පන අවිභත්තං හොති, සඞ්ඝස්ස වා භණ්ඩාගාරෙ, චීවරසමයාතික්කමෙපි අනාපත්ති. ඉති අතිරෙකචීවරස්ස දසාහං පරිහාරො. අකතස්ස වස්සිකසාටිකචීවරස්ස අනත්ථතෙ කථිනෙ පඤ්ච මාසා, වස්සෙ උක්කඩ්ඪිතෙ ඡ මාසා, අත්ථතෙ කථිනෙ අපරෙ චත්තාරො මාසා. හෙමන්තස්ස පච්ඡිමෙ දිවසෙ මූලචීවරාධිට්ඨානවසෙන අපරොපි එකො මාසොති එකාදස මාසා පරිහාරො. සතියා පච්චාසාය මූලචීවරස්ස එකො මාසො, අච්චෙකචීවරස්ස අනත්ථතෙ කථිනෙ එකාදසදිවසාධිකො මාසො, අත්ථතෙ කථිනෙ එකාදසදිවසාධිකා පඤ්ච මාසා, තතො පරං එකදිවසම්පි පරිහාරො නත්ථීති වෙදිතබ්බං.
“අච්චෙකචීවරො අච්චෙකචීවරසඤ්ඤී” යන මේ ආදිය බෙදා ගන්නාලද සිවුර සඳහාම වදාරන ලදී. නොබෙදන ලද්දක් වේනම් සඞ්ඝයාගේ හෝ භාණ්ඩාගාරයෙහි වූ සිවුරුද චීවර සමය ඉක්ම ගිය කල්හිද ඇවැත් නොවේ. මේ අයුරෙන් අතිරෙක චීවරයට දසදවසක් පරිහාරය වේ. නොකළ වැසිසළු සිවුරට කඨිනය නොඅතුළ කල්හි පස්මසක්ද වස්සුක්කඩ්ඪනය කළ කල්හි සමසක්ද කඨිනය අතුළ කල්හි අන් සිවුමසක්ද හෙමන්තසෘතුවෙහි පශ්චිමදිනයෙහි මූලචීවරාධිෂ්ඨාන වශයෙන් අනිකුදු එක් මසක්දැයි එකොළොස් මසක් පරිහාරය වේ. චීවරප්රත්යශාවක් ඇති කල්හි මුල් සිවුරට එක් මසක්ද අච්චෙකචීවරයට කඨිනය නොඅතුළ කල්හි එකොළොස් දිනක් අධිකකොට ඇති මසක්ද කඨිනය අතුළ කල්හි එකොළොස් දිනක් අධික කොට ඇති පස්මසක්ද පරිහාරය වේ. එයින් මත්තෙහි එක් දවසකුදු පරිහාරයෙක් නැත්තේයයි දතයුතුය.
අනච්චෙකචීවරෙති අච්චෙකචීවරසදිසෙ අඤ්ඤස්මිං. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
“අනච්චෙක චීවරෙ” අච්චෙකචීවරය සමාන අන්සිවුරෙක්හි මෙහි සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
කථිනසමුට්ඨානං – අකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
තෙවන සවන සමුත්ථානයෙන් උපදින බැවින් කඨින සමුත්‍ථානිකය. අක්‍රිය සමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. ප්රඥාප්තිවද්යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
අච්චෙකචීවරසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
අච්චෙකචීවර ශික්ෂාපදවර්ණනාව නිමි.
සාසඞ්කසික්ඛාපදවණ්ණනා
සාසඞ්ක ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති සාසඞ්කසික්ඛාපදං. තත්ථ වුත්ථවස්සා ආරඤ්ඤකෙසූති තෙ පුබ්බෙපි අරඤ්ඤෙයෙව විහරිංසු. දුබ්බලචීවරත්තා පන පච්චයවසෙන ගාමන්තසෙනාසනෙ වස්සං වසිත්වා නිට්ඨිතචීවරා හුත්වා “ඉදානි නිප්පලිබොධා සමණධම්මං කරිස්සාමා”ති ආරඤ්ඤකෙසු සෙනාසනෙසු විහරන්ති. කත්තිකචොරකාති කත්තිකමාසෙ චොරා. පරිපාතෙන්තීති උපද්දවන්ති, තත්ථ තත්ථ ආධාවිත්වා උත්තාසෙන්ති පලාපෙන්ති. අන්තරඝරෙ නික්ඛිපිතුන්ති අන්තොගාමෙ නික්ඛිපිතුං. භගවා යස්මා පච්චයා නාම ධම්මෙන සමෙන දුල්ලභා, සල්ලෙඛවා හි භික්ඛු මාතරම්පි විඤ්ඤාපෙතුං න සක්කොති. තස්මා චීවරගුත්තත්ථං අන්තරඝරෙ නික්ඛිපිතුං අනුජානාති. භික්ඛූනං පන අනුරූපත්තා අරඤ්ඤවාසං න පටික්ඛිපි.
“තෙන සමයෙන” සාසඞ්ක ශික්‍ෂාපදයයි එහි “වුත්ථවස්සා ආරඤ්ඤකෙසු” යනු ඒ භික්ෂූහු පෙරද අරණ්‍යයෙහිම වාසය කළහ. දුබල සිවුරු ඇති බැවින් ප්‍රත්‍යය වශයෙන් ග්රාමාන්තසෙනාසනයෙහි වස් වැස නිමවනලද සිවුරු ඇතිව දැන් පළිබොධ විරහිතව මහණදම් කරන්නෙමු’යි අරණ්යසෙනාසනයන්හි වාසය කරත්. “කත්තිකචොරකා” ඉල්මස හැසිරෙන සොරු. “පරිපාතෙන්ති” උවදුරු කෙරෙත්. ඒ ඒ තැන දුවපැන බිය ගන්වත්. පලවා හරිත්. “අන්තරඝරෙ නික්ඛිපිතුං” තුන් සිවුරෙන් එක් සිවුරක් ඇතුළුගම්හි තබන්නට භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් ප්‍රත්‍යයෝ නම් දැහැමෙන් සෙමෙන් දුර්ලභ වෙත්ද, සැහැල්ලු පැවැතුම් ඇති මහණ තෙමේ මවද විනවන්නට අපොහොසත් වේද, එහෙයින් චීවරගොපනය පිණිස ගොදුරුගමෙහි තබන්නට අනුදැන වදාළ සේක. භික්ෂූන්ට සුදුසු බැවින් අරණ්‍යවාසය ප්රතික්ෂෙප නොකළහ.
උපවස්සං ඛො පනාති එත්ථ උපවස්සන්ති උපවස්ස; උපවසිත්වාති වුත්තං හොති. උපසම්පජ්ජන්තිආදීසු විය හි එත්ථ අනුනාසිකො දට්ඨබ්බො. වස්සං උපගන්ත්වා වසිත්වා චාති අත්ථො. ඉමස්ස ච පදස්ස “තථාරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරන්තො”ති ඉමිනා සම්බන්ධො. කිං වුත්තං හොති? වස්සං උපගන්ත්වා වසිත්වා ච තතො පරං පච්ඡිමකත්තිකපුණ්ණමපරියොසානකාලං යානි ඛො පන තානි ආරඤ්ඤකානි සෙනාසනානි සාසඞ්කසම්මතානි සප්පටිභයානි; තථාරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරන්තො ආකඞ්ඛමානො තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපෙය්යාති. යස්මා පන යො වස්සං උපගන්ත්වා යාව පඨමකත්තිකපුණ්ණමං වසති, සො වුට්ඨවස්සානං අබ්භන්තරො හොති, තස්මා ඉදං අතිගහනං බ්යඤ්ජනවිචාරණං අකත්වා පදභාජනෙ කෙවලං චීවරනික්ඛෙපාරහං පුග්ගලං දස්සෙතුං “වුට්ඨවස්සාන”න්ති වුත්තං. තස්සාපි “භික්ඛු සෙනාසනෙසු විහරන්තො”ති ඉමිනා සම්බන්ධො. අයඤ්හි එත්ථ අත්ථො “වුට්ඨවස්සානං භික්ඛු සෙනාසනෙසු විහරන්තො”ති එවරූපානං භික්ඛූනං අබ්භන්තරෙ යො කොචි භික්ඛූති වුත්තං හොති.
“උපවස්සං ඛො පන” යන මෙහි ‘උපවස්සං’ යනු පෙරවස් වැස. පෙරවස් වැසයයි කියන ලද්දේ වේ. ‘උපසම්පජ්ජ’ යනාදියෙහි මෙන්ම මෙහි අනුනාසිකය දතයුතුය. වස් එළැඹ, නොකඩ කොට වැස’යිද අර්‍ත්‍ථයි. ‘තථාරූපෙසු භික්ඛු සෙනාසනෙසු විහරත්තෙ’ යන මේ හා මේ පදයාගේ සම්බන්ධය වේ. කුමක් කියන ලද්දේ ද, යත්:- වස් එළැඹැද, නොකඩව වැසද, එයින් මත්තෙහි ඉල්මස පුරපසළොස්වක කෙළවර කොට ඇති කාලය ‘සැකසහිතයයි සම්මත කරන ලද ප්‍රතිභය සහිතවූ යම් ආරණ්‍යක සෙනාසනයෝ වෙත්ද, මහණ තෙමේ එබඳු සෙනසුන්හි වාසය කරන්නේ කැමැති වනුයේ තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ගොදුරු ගමෙහි තබන්නේය’යි (මෙපමණකින් පෙරවස් එළැඹැ නොකඩ කොට වැසූ වස් ඇති ආරණ්‍යක සෙනසුන්හි වසන්නහු විසින් සියලු කාර්තික මාසය මුළුල්ලෙහි තුන් සිවුරෙන් වෙන්ව වසන්නට අනුදන්නා ලද්දේවේය’යි සේයි) යම්හෙයකින් යම් මහණෙක් තෙමේ පෙරවස් එළැඹ වප්මස පුරපසළොස්වක දක්වා වෙසේද, ඒ මහණ තෙමේ පෙර විසූවන්ට ඇතුළත් වේද, එහෙයින් මේ අධිකග්රහණය පෙරවස් එළැඹ නොකඩ කොට වැස, යනාදි ව්‍යඤ්ජන විචාරණය නොකොට පදභාජනයෙහි හුදෙක් සිවුර තැබීමට සුදුසුවූ පුද්ගලයා දක්වනු පිණිස ‘වුත්ථවස්සානං’ යනු වදාරන ලදි. ‘වුත්ථවස්සානං’ යන ඒ විභඞ්ග පදයද “භික්ඛු සෙනාසනෙසු විහරන්තෙ’ යන මේ හා සම්බන්ධ වේ. මේ මෙහි අර්ත්ථයයි:- පෙරවස් වැසූ භික්ෂූන් අතුරෙහි යම් කිසි භික්ෂු නමක් සෙනසුන්හි වසන්නේය මෙබඳු වූ භික්ෂූන් අතුරෙහි යම් කිසි භික්ෂු නමකැයි කියන ලද්දේ වේ.
අරඤ්ඤලක්ඛණං අදින්නාදානවණ්ණනායං වුත්තං. අයං පන විසෙසො – සචෙ විහාරො පරික්ඛිත්තො හොති, පරික්ඛිත්තස්ස ගාමස්ස ඉන්දඛීලතො අපරික්ඛිත්තස්ස පරික්ඛෙපාරහට්ඨානතො පට්ඨාය යාව විහාරපරික්ඛෙපා මිනිතබ්බං. සචෙ විහාරො අපරික්ඛිත්තො හොති, යං සබ්බපඨමං සෙනාසනං වා භත්තසාලා වා ධුවසන්නිපාතට්ඨානං වා බොධිවා චෙතියං වා දූරෙ චෙපි සෙනාසනතො හොති, තං පරිච්ඡෙදං කත්වා මිනිතබ්බං. සචෙපි ආසන්නෙ ගාමො හොති, විහාරෙ ඨිතෙහි ඝරමානුසකානං සද්දො සූයති, පබ්බතනදීආදීහි පන අන්තරිතත්තා න සක්කා උජුං ගන්තුං, යො චස්ස පකතිමග්ගො හොති, සචෙපි නාවාය සඤ්චරිතබ්බො, තෙන මග්ගෙන ගාමතො පඤ්චධනුසතිකං ගහෙතබ්බං. යො ආසන්නගාමස්ස අඞ්ගසම්පාදනත්ථං තතො තතො මග්ගං පිදහති, අයං “ධුතඞ්ගචොරො”ති වෙදිතබ්බො.
අරණ්යලක්ෂණ අදින්නාදාන වර්ණනාවෙහි කියනලදි. මේ වනාහි විශෙෂය වේ. ඉදින් විහාරය තෙමේ යමකින් වට කරන ලද්දේ වේද, වටකළ ගමෙහි ඉන්ද්‍රඛීලය පටන් නොවටකළ ගමෙහි වටකිරීමට සුදුසු තැන පටන් විහාරපරික්ෂෙපය දක්වා මැනිය යුතුය. ඉදින් විහාරය තෙමේ නොවටකරන ලද්දේ වේද, ගමට අභිමුඛ වූ දිසාභාගයෙන් සියල්ලට ප්‍රථම වූ යම් සෙනසුනක් හෝ බත්හලක් හෝ නිතර රැස්වන තැනක් හෝ බොධියක් හෝ චෛත්‍යයක් හෝ සෙනසුනෙන් දුර නමුදු වේද, ඒ පළමු සෙනසුන් ආදිය පරිච්ඡෙද කොට මැනිය යුතුය. ඉදින් ආසන්නයෙහි ගමවේද, විහාරයෙහි සිටියවුන් විසින් ගෙවල මිනිසුන්ගේ ශබ්දය අසනු ලැබේ, පර්වත ගඞ්ගා ආදියෙන් අතර කළ බැවින් සෘජුව යන්නට නොහැකිවේද, මේ සෙනසුනට යෑමට යම් පියවි මගෙක් වේද, ඉදින් නැවෙන් ඒ මගින් ගමින් නැගු ඇදුරු දුන්නෙන් පන්සියයක් දුනු ගතයුතුය. යම් මහණෙක් තෙමේ අසල ගමෙහි අඞ්ගසම්පාදනය පිණිස ඒ ඒ තන්හි මග වසාද, මෙතෙමේ, ‘දුහඟසොරු’යි දතයුතුය.
සාසඞ්කසම්මතානීති “සාසඞ්කානී”ති සම්මතානි; එවං සඤ්ඤාතානීති අත්ථො. පදභාජනෙ පන යෙන කාරණෙන තානි සාසඞ්කසම්මතානි, තං දස්සෙතුං “ආරාමෙ ආරාමූපචාරෙ”තිආදි වුත්තං.
“සාසඞ්කසම්මතානි” සොරුන් වසන තැන් ආදීවූ අවකාශයන් දැක සැක සහිතයයි සම්මත කරනලද මෙසේ දන්නා ලද්දාවූ, යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි යම් කරුණක් හේතුකොට ඒ සෙනසුන් සැකසහිතයයි සම්මත කරන ලදද, ඒ දක්වනු පිණිස “ආරාමෙ ආරාමූපචාරෙ” යනාදිය වදාළ සේක.
සහ පටිභයෙන සප්පටිභයානි, සන්නිහිතබලවභයානීති අත්ථො. පදභාජනෙ පන යෙන කාරණෙන තානි සප්පටිභයානි; තං දස්සෙතුං “ආරාමෙ ආරාමූපචාරෙ”තිආදි වුත්තං.
ප්‍රතිභය සහිත වූවාහු “සප්පටිභයානි” නම්. ලංව තුබු ව්යාලභය ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. එහෙයින් පදභාජනයෙහි යම් කරුණක් හේතුකොට සෙනාසනයෝ ප්‍රතිභය සහිත වූවාහුද, ඒ දක්වනු පිණිස ‘ආරාමෙ ආරාමූපචාරෙ’ යනාදිය වදාරනලදී.
සමන්තා ගොචරගාමෙ නික්ඛිපෙය්යාති ආරඤ්ඤකස්ස සෙනාසනස්ස සමන්තා සබ්බදිසාභාගෙසු අත්තනා අභිරුචිතෙ ගොචරගාමෙ සතියා අඞ්ගසම්පත්තියා නික්ඛිපෙය්ය.
“සමන්තා ගොචරගාමෙ නික්ඛිපෙය්ය” වන සෙනසුනෙහි හාත්පස සියලු දිසාභාගයන්හි තමන් විසින් කැමැති වනලද ගොදුරුගමෙහි අඞ්ගසම්පත්තිය ඇති කල්හි බහා තබන්නේය.
තත්රායං අඞ්ගසම්පත්ති – පුරිමිකාය උපගන්ත්වා මහාපවාරණාය පවාරිතො හොති, ඉදමෙකං අඞ්ගං. සචෙ පච්ඡිමිකාය වා උපගතො හොති ඡින්නවස්සො වා, නික්ඛිපිතුං න ලභති. කත්තිකමාසොයෙව හොති, ඉදං දුතියං අඞ්ගං. කත්තිකමාසතො පරං න ලභති, පඤ්චධනුසතිකං පච්ඡිමමෙව පමාණයුත්තං සෙනාසනං හොති, ඉදං තතියං අඞ්ගං. ඌනප්පමාණෙ වා ගාවුතතො අතිරෙකප්පමාණෙ වා න ලභති, යත්ර හි පිණ්ඩාය චරිත්වා පුන විහාරං භත්තවෙලායං සක්කා ආගන්තුං, තදෙව ඉධ අධිප්පෙතං. නිමන්තිතො පන අද්ධයොජනම්පි යොජනම්පි ගන්ත්වා වසිතුං පච්චෙති, ඉදමප්පමාණං. සාසඞ්කසප්පටිභයමෙව හොති, ඉදං චතුත්ථං අඞ්ගං. අනාසඞ්කඅප්පටිභයෙ හි අඞ්ගයුත්තෙපි සෙනාසනෙ වසන්තො නික්ඛිපිතුං න ලභතීති.
මේ එහි අඞ්ගසම්පත්තියයි:- පෙරවස් එළැඹ මහා පවුරුනෙන් පැවරූයේ වේද, මේ එක් අඞ්ගයෙකි. පසුවස් එළැඹියේ වේද, සුන්වස් ඇත්තේ හෝ වේද, ඇතුළු ගම්හි සිවුර තබන්නට නොලබයි. කාර්තිකමාසයම වේද, මේ දෙවන අඞ්ගයයි. කාර්තික මාසයෙන් පසු නොලබයි. පන්සියයක් දුනු ඇත්තාවූ පශ්චිමවූ ප්‍රමාණයෙන් යුත් සෙනස්නක්ම වේද, මේ තෙවන අඞ්ගයයි. අඩු පමණෙහි හෝ ගව්වෙන් වැඩිපමණෙහි හෝ නොලබයි. යම් තැනක පිඬු පිණිස හැසිර නැවැත බත්වේලාවෙහි වෙහෙරට එන්නට හැක්කේද, එයම මෙහි අදහස් කරන ලදී. නිමන්ත්‍රණය කරන ලද්දේ වනාහි අඩ යොත්තක්ද යොත්තක්ද ගොස් විසීමට පෙරළා ඒද, මෙද ප්‍රමාණ නොවේ. සැකසහිත ප්‍රතිභය සහිතම වේ. මේ සිවුවන අඞ්ගයයි. සැක රහිත ප්‍රතිභය රහිත අඞ්ගයෙන් යුක්ත වූද සෙනසුනෙහි වසන්නේ ඇතුළු ගමෙහි සිවුර තබන්නට නොලබයි.
අඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති යා උදොසිතසික්ඛාපදෙ කොසම්බකසම්මුති (පාරා· 475) අනුඤ්ඤාතා තස්සා සම්මුතියා අඤ්ඤත්ර; සචෙ සා ලද්ධා හොති, ඡාරත්තාතිරෙකම්පි විප්පවසිතුං වට්ටති.
“අඤ්ඤත්ර භික්ඛු සම්මුතියා” උද්දෙසිත ශික්‍ෂාපදයෙහි යම් කොසම්බකසම්මුතියක් අනුදන්නා ලදද, ඒ කොසම්බක සම්මුතිය හැර ඉදින් ඒ සම්මුති තොමෝ ලද්දී වේද, සරැයට වැඩියක් නමුදු වෙන්ව වසන්නට වටියි.
පුන ගාමසීමං ඔක්කමිත්වාති සචෙ ගොචරගාමතො පුරත්ථිමාය දිසාය සෙනාසනං; අයඤ්ච පච්ඡිමදිසං ගතො හොති, සෙනාසනං ආගන්ත්වා සත්තමං අරුණං උට්ඨාපෙතුං අසක්කොන්තෙන ගාමසීමම්පි ඔක්කමිත්වා සභායං වා යත්ථ කත්ථචි වා වසිත්වා චීවරප්පවත්තිං ඤත්වා පක්කමිතුං වට්ටතීති අත්ථො. එවං අසක්කොන්තෙන තත්ථෙව ඨිතෙන පච්චුද්ධරිතබ්බං, අතිරෙකචීවරට්ඨානෙ ඨස්සතීති. සෙසං උත්තානමෙව.
“පුන ගාමසීමං ඔක්කමිත්වා” ගොදුරු ගමින් පෙරදිග සෙනසුන වේද, මේ මහණ තෙමේද පැසුළුදිගට ගියේ වේද, විසූ සෙනසුනට අවුත් සත්වන අරුණ ඉක්මවා සිවුරෙහි තොරතුරු දැන යෑම වටීය’යි යන අර්‍ත්‍ථයි. මෙසේ නොහැකි වන්නහු විසින් අතිරෙකචීවර ස්ථානයෙහි සිටින්නේයයි ඒ ගියතන්හිම සිටියහු පච්චුද්ධරණය කටයුතුය. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, අකිරියා, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨින සමුත්‍ථානිකය. කාය වාචායෙන් කාය වාචාචිත්තයෙන්ද උපදි. අක්‍රිය සමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සාසඞ්කසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
සාසඞ්ක ශික්ෂාපදවර්ණනාව නිමි.
පරිණතසික්ඛාපදවණ්ණනා
පරිණත ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති පරිණතසික්ඛාපදං. තත්ථ පූගස්සාති සමූහස්ස; ධම්මගණස්සාති අත්ථො. පටියත්තන්ති පටියාදිතං. බහූ සඞ්ඝස්ස භත්තාති සඞ්ඝස්ස බහූනි භත්තානි අනෙකානි ලාභමුඛානි; න සඞ්ඝස්ස කෙනචි පරිහානීති දීපෙන්ති. ඔණොජෙථාති දෙථ. කිං පනෙවං වත්තුං වට්ටතීති කස්මා න වට්ටති? අයඤ්හි අභිහටභික්ඛා අභිහරිත්වා එකස්මිං ඔකාසෙ සඞ්ඝස්සත්ථාය පටියත්තා අභිහටපටියත්තෙ ච උද්දිස්ස ඨපිතභාගෙ ච පයුත්තවාචා නාම නත්ථි.
“තෙන සමයෙන”යි පරිණත ශික්‍ෂාපදයයි. එහි “පූගස්ස” සමූහයට. ධර්මසමූහයකටය, යන අර්‍ත්‍ථයි. “පටියත්තං” පිළියෙල කරනලද. “බහූ සඞ්ඝස්ස භද්දා”යි සඞ්ඝයාහට නන්වැදෑරුම් වූ යහපත්වූ ලාභමුඛයෝ බොහෝය. සඞ්ඝයාහට කිසිවකින් පරිහානියක් නැතැයි දක්වත්. ‘ඔනොජෙථ’ දෙවු. කිම මෙසේ කියනු වටීද, කුමක් හෙයින් නොවටීද, යත්: මේ එළවන ලද භික්ෂා තොමෝ එළවා එක් අවකාශයෙක්හි සඞ්ඝයාහට ප්‍රයොජනය පිණිස පිළියෙල කරන ලද එළවන ලද්දෙහි හා පිළියෙල කරන ලද්දෙහිද තමන්ගේ ගෙයි නමුදු උදෙසා වෙන්ව තැබූ කොටසෙහිද ප්රයුක්තවවනයෙක් නම් නැත්තේය.
සඞ්ඝිකන්ති සඞ්ඝස්ස සන්තකං. සො හි සඞ්ඝස්ස පරිණතත්තා හත්ථං අනාරූළ්හොපි එකෙන පරියායෙන සඞ්ඝස්ස සන්තකො හොති, පදභාජනෙ පන “සඞ්ඝිකං නාම සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්ත”න්ති එවං අත්ථුද්ධාරවසෙන නිප්පරියායතොව සඞ්ඝිකං දස්සිතං. ලාභන්ති පටිලභිතබ්බවත්ථුං ආහ. තෙනෙවස්ස නිද්දෙසෙ “චීවරම්පී”තිආදි වුත්තං. පරිණතන්ති සඞ්ඝස්ස නින්නං සඞ්ඝස්ස පොණං සඞ්ඝස්ස පබ්භාරං හුත්වා ඨිතං. යෙන පන කාරණෙන සො පරිණතො හොති, තං දස්සෙතුං “දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොතී”ති පදභාජනං වුත්තං.
‘සඞ්ඝිකං’ සඞ්ඝසන්තකය. එය වනාහි සඞ්ඝයාහට පිරිනැමු බැවින් අතට නොපැමිණියේද එක් ආකාරයකින් සඞ්ඝයාගේ සන්තකය වේ. පදභාජනයෙහි වනාහි “සඞ්ඝිකං නාම සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං”යි මෙසේ අර්ත්ථොද්ධාර වශයෙන් නිෂ්පර්‍ය්‍යාය විසින් සඞ්ඝිකය දක්වන ලද්දේය. “ලාභං” ලැබිය යුතු වස්තුවැයි කීයේය. එහෙයින්ම මෙයට නිර්දෙශයෙනි ‘චීවරම්පි’ යනාදිය කියනලදි. “පරිණතං” සඞ්ඝයාහට බරවූවක්ව සිටි. යම් කාරයක් හෙතුකොට එය පිරිනැමුනේ වේද, එය දක්වනු පිණිස “දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති”යි පදභාජනයෙහි වදාරන ලදී.
පයොගෙ දුක්කටන්ති පරිණතලාභස්ස අත්තනො පරිණාමනපයොගෙ දුක්කටං, පටිලාභෙන තස්මිං හත්ථං ආරූළ්හෙ නිස්සග්ගියං. සචෙ පන සඞ්ඝස්ස දින්නං හොති, තං ගහෙතුං න වට්ටති, සඞ්ඝස්සෙව දාතබ්බං. යොපි ආරාමිකෙහි සද්ධිං එකතො ඛාදති, භණ්ඩං අග්ඝාපෙත්වා කාරෙතබ්බො. පරිණතං පන සහධම්මිකානං වා ගිහීනං වා අන්තමසො මාතුසන්තකම්පි “ඉදං මය්හං දෙහී”ති සඞ්ඝස්ස පරිණතභාවං ඤත්වා අත්තනො පරිණාමෙත්වා ගණ්හන්තස්ස නිස්සග්ගියං පාචිත්තියං. “ඉමස්ස භික්ඛුනො දෙහී”ති එවං අඤ්ඤස්ස පරිණාමෙන්තස්ස සුද්ධිකපාචිත්තියං. එකං පත්තං වා චීවරං වා අත්තනො, එකං අඤ්ඤස්ස පරිණාමෙති, නිස්සග්ගියං පාචිත්තියඤ්චෙව සුද්ධිකපාචිත්තියඤ්ච. එසෙව නයො බහූසු. වුත්තම්පි චෙතං –
“පයොගෙ දුක්කටං” පිරිනමන ලද ලාභය තමාට පිරිනමවා ගැණීමේ ප්‍රයොගය නිමිතිකොට දුක්කටය වේ. ප්‍රතිලාභයෙන් එය අතට පැමිණි කල්හි නිස්සග්ගිය වේ. ඉදින් සඞ්ඝයාහටම දියයුතුය. යමෙක් තෙමේ ආරාමිකයන් සමග එක්ව කාද, බඩුව අගය කරවා ඇවැත හෙතුකොට කරවිය යුතුය පිරිනමන ලද්ද වනාහි පස්සහ දැහැමියන්ගේ හෝ ගිහියන්ගේ හෝ සන්තකයක් යටත් පිරිසයින් මව සතුවුවක් නමුදු යම් දෙයක් මට දෙව’යි සඞ්ඝයාහට පිරිනැමූ බව දැන තමාට පිරිනම්මවා ගන්නහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. ‘මේ මහණහුට දෙව’යි මෙසේ අන් මහණක්හට පිරිනම්මවන්නහුට සුද්ධිකපාචිත්තිය වේ. එක් පාත්‍රයක් හෝ එක් සිවුරක් හෝ තමන්හටද, එකක් අන්හටද පිරිනමවාද නිස්සග්ගිය පාචිත්තියක්ද සුද්ධිකපාචිත්තියක්ද වේ. බොහෝ පාත්රචීවරයන්හි මෙම නයවේ. පරිවාරයෙපි.
“නිස්සග්ගියෙන ආපත්තිං, සුද්ධිකෙන පාචිත්තියං; ආපජ්ජෙය්ය එකතො; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පරි· 480);
“නිස්සග්ගියෙන ආපත්තිං ඛුද්දකෙන පාචිත්තියං, ආපජ්ජෙය්ය එකතො පඤ්හාමෙසා කුසලෙහි වින්තිතා”
නිස්සග්ගිය පාචිත්තියටද, සුද්ධිකපාචිත්තියටද එකවර පැමිණෙන්නේය. ප්රශ්නය දක්ෂයන් විසින් සිතිය යුතුය’යි මෙය කියනලදී.
අයඤ්හි පරිණාමනං සන්ධාය වුත්තො. යොපි වස්සිකසාටිකසමයෙ මාතුඝරෙපි සඞ්ඝස්ස පරිණතං වස්සිකසාටිකං ඤත්වා අත්තනො පරිණාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරස්ස පරිණාමෙති, සුද්ධිකපාචිත්තියං. මනුස්සා “සඞ්ඝභත්තං කරිස්සාමා”ති සප්පිතෙලාදීනි ආහරන්ති, ගිලානො චෙපි භික්ඛු සඞ්ඝස්ස පරිණතභාවං ඤත්වා කිඤ්චි යාචති, නිස්සග්ගියං පාචිත්තියමෙව. සචෙ පන සො “තුම්හාකං සප්පිආදීනි ආභටානි අත්ථී”ති පුච්ඡිත්වා “ආම, අත්ථී”ති වුත්තෙ “මය්හම්පි දෙථා”ති වදති, වට්ටති. අථාපි නං කුක්කුච්චායන්තං උපාසකා වදන්ති – “සඞ්ඝොපි අම්හෙහි දින්නමෙව ලභති; ගණ්හථ, භන්තෙ”ති එවම්පි වට්ටති.
මේ වනාහි පිරිනැම්මවීම සඳහා කියනලදී. යම් මහණෙක් තෙමේ වැසිසළුවක් දැන තමාට පිරිනමවාද නිස්සග්ගිය වේ. අන්හට පිරිනම්මවාද සුද්ධිකපාචිත්තිය වේ. මිනිස්සු ‘සඟබතක් කරන්නෙමු’යි ගිතෙල් තලතෙල් ආදිය ගෙණ එත්ද, ගිලන් මහණෙක් තෙමේද සඞ්ඝයාහට පිරිනැමූබව දැන කිසිවක් ඉල්ලානම් නිස්සග්ගිය පාචිත්තියම වේ. ඉදින් ‘ගෙන එන ලද ගිතෙල් ආදිය තොප වෙත ඇත්තේදැ’යි විචාරා ‘එසේය ඇත්තේය’යි කියූ කල්හි ‘මටත් දෙවු’යි කියාද වටියි. තවද උපාසකයෝ කුකුස් කරන ඔහුට ‘ස්වාමීනි’ සඞ්ඝතෙමේද අප විසින් දුන් දෙයක්ම ලබන්නේය. ගනු මැනැවැ’යි කියත්නම්. මෙසේද වටියි.
සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්සාති එකස්මිං විහාරෙ සඞ්ඝස්ස පරිණතං අඤ්ඤං විහාරං උද්දිසිත්වා “අසුකස්මිං නාම මහාවිහාරෙ සඞ්ඝස්ස දෙථා”ති පරිණාමෙති .
“සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස” එක් වෙහෙරක වැසි සඞ්ඝයාහට පිරිනැමූ දෙයක්. අන් වෙහෙරක් උදෙසා අසුවල් විහාරයෙහි සඞ්ඝයාහට පිරිනැමූ දෙයක් අන් වෙහෙරක් උදෙසා අසුවල් විහාරයෙහි සඞ්ඝයාහට දෙවු’යි පිරිනම්මවයි.
චෙතියස්ස වාති “කිං සඞ්ඝස්ස දින්නෙන, චෙතියස්සපූජං කරොථා”ති එවං චෙතියස්ස වා පරිණාමෙති.
“චෙතියස්සවා” සඞ්ඝයාහට දීමෙන් කිම, සැයට පුද කරවු’යි. මෙසේ සෑයට හෝ පිරිනමවයි.
චෙතියස්ස පරිණතන්ති එත්ථ නියමෙත්වා අඤ්ඤචෙතියස්සත්ථාය රොපිතමාලාවච්ඡතො අඤ්ඤචෙතියම්හි පුප්ඵම්පි ආරොපෙතුං න වට්ටති. එකස්ස චෙතියස්ස පන ඡත්තං වා පටාකං වා ආරොපෙත්වා ඨිතං දිස්වා සෙසං අඤ්ඤස්ස චෙතියස්ස දාපෙතුං වට්ටති.
‘චෙතියස්ස පරිණතං’ මෙහි නියම කොට අන් සෑයක් පිණිස කිසිවකු විසින් රොපනය කරන ලද මල් රුකෙන් අන් සෑයෙක්හි මලකුදු නගාගන්නට නොවටියි. එක් සෑයකට ඡත්රයක් හෝ පතාකාවක් නගා සිටියකු දැකි සෙස්ස අන් සෑයකට දෙවීම වටියි.
පුග්ගලස්ස පරිණතන්ති අන්තමසො සුනඛස්සාපි පරිණතං “ඉමස්ස සුනඛස්ස මා දෙහි, එතස්ස දෙහී”ති එවං අඤ්ඤපුග්ගලස්ස පරිණාමෙති, දුක්කටං. සචෙ පන දායකා “මයං සඞ්ඝස්ස භත්තං දාතුකාමා, චෙතියස්ස පූජං කාතුකාමා, එකස්ස භික්ඛුනො පරික්ඛාරං දාතුකාමා, තුම්හාකං රුචියා දස්සාම; භණථ, කත්ථ දෙමා”ති වදන්ති. එවං වුත්තෙ තෙන භික්ඛුනා “යත්ථ ඉච්ඡථ, තත්ථ දෙථා”ති වත්තබ්බා. සචෙ පන කෙවලං “කත්ථ දෙමා”ති පුච්ඡන්ති, පාළියං ආගතනයෙනෙව වත්තබ්බං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
“පුග්ගලස්ස පරිණතං” යටත් පිරිසයින් බල්ලකුහටද පිරිනැමූ දෙයක් ‘මේ බල්ලාට නොදේවා’යි අර බල්ලාට දෙව’යි මෙසේ අන්යපුද්ගලයක්හට පිරිනමවාද දුක්කටය වේ. හුදෙක් දායකයෝ ‘අපි සඟබත් දෙනු කැමැත්තම්හ, සෑ පුදනු කැමැත්තම්හ, එක් මහණක්හට පිරිකරක් දෙනු කැමැත්තම්හ. යුෂ්මතුන්ගේ කැමැත්තෙන් දෙම්හ. කොතැන දෙමුදැයි කියවූයි කියත්ද, මෙසේ කියූ කල්හි ඒ මහණහු විසින් ‘යම් තැනෙක කැමැත්තහු නම් එහි දෙවු’යි කියයුතුය. ඉදින් හුදෙක් ‘කොතැනක දෙමුදැ’යි විචාරත්ද පෙළෙහි ආ නයින් කියයුතුයි. මෙහි සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මවචීකම්මං, අකුසලචිත්තං, තිවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියා සමුත්‍ථානිකය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්‍රිවෙදනයි.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය පරිණතසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි පරිණත ශික්ෂාපද වර්ණනාව නිමි.
නිට්ඨිතො පත්තවග්ගො තතියො.
නිස්සග්ගියවණ්ණනා නිට්ඨිතා.
තිංසකවර්ණනාව නිමි.
පාරාජිකකණ්ඩ-අට්ඨකථා නිට්ඨිතා.