යෙදුමෙන් කියවන්න

භෙසජ‍්ජසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

භෙසජ‍්ජසික‍්ඛාපදවණ‍්ණනා

භේසජ්ජ ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති භෙසජ‍්ජසික‍්ඛාපදං. තත්‍ථ අත්‍ථො, භන‍්තෙති රාජා භික‍්ඛූ උය්‍යුත‍්තප‍්පයුත‍්තෙ ථෙරස‍්ස ලෙණත්‍ථාය පබ‍්භාරං සොධෙන‍්තෙ දිස‍්වා ආරාමිකං දාතුකාමො පුච‍්ඡි.

“තෙන සමයෙන” යනු භෙසජ්ජශික්‍ෂා පදයයි. එහි “අත්‍ථො භන්තෙ”යි රජ තෙමේ පිළින්‍දවච්ඡ තෙරුන්ට ලෙනක් කරනු පිණිස කඳු බෑවුමක් පිරිසිදු කරන එහි උත්සාහයට පැමිණි මහණුන් දැක ආරමිකයකු දෙනු කැමැතිව විචාළේය.

පාටියෙක‍්කොති විසුං එකො. මාලාකිතෙති කතමාලෙ මාලාධරෙ, කුසුමමාලාපටිමණ‍්ඩිතෙති අත්‍ථො. තිණණ‍්ඩුපකන‍්ති තිණචුම‍්බටකං. පටිමුඤ‍්චීති ඨපෙසි. සා අහොසි සුවණ‍්ණමාලාති දාරිකාය සීසෙ ඨපිතමත‍්තායෙව ථෙරස‍්ස අධිට‍්ඨානවසෙන සුවණ‍්ණපදුමමාලා අහොසි. තඤ‍්හි තිණණ‍්ඩුපකං සීසෙ ඨපිතමත‍්තමෙව “සුවණ‍්ණමාලා හොතූ”ති ථෙරො අධිට‍්ඨාසි. දුතියම‍්පි ඛො…පෙ…. තෙනුපසඞ‍්කමීති දුතියදිවසෙයෙව උපසඞ‍්කමි.

“පාටයෙක්කො”යි වෙන්ව එකෙක් “මාලාකිතෙ”යි කළ මල් ඇති මල්දම් දරන මල්මාලාවෙන් ප්‍රතිමණ්ඩිත වූයේය යන අර්‍ත්‍ථයි. “තිණ්ණඩූපක”යි තණසුඹුලක්. “පටිමුඤ්චි”යි තැබුයේය. “සා අහොසි සුවණ්ණමාලා” දැරියගේ හිසෙහි තැබූ මල ඇත්තීම, තෙරුන්ගේ ඉටීමෙන් රන්පියුම් මාලාවක්වූය. ඒ තණමසුඹුලුව හිසෙහි තැබූ ඇසිල්ලෙහිම රන්මාලාවක් වේවා’යි ස්ථවිර තෙමේ ඉටුයේය. “දුතියම්පි ඛො -පෙ- උපසඞ්කමි” දෙවන දවසෙහිම එළැඹියේය.

සුවණ‍්ණන‍්ති අධිමුච‍්චීති “සොවණ‍්ණමයො හොතූ”ති අධිට‍්ඨාසි. පඤ‍්චන‍්නං භෙසජ‍්ජානන‍්ති සප‍්පිආදීනං. බාහුලිකාති පච‍්චයබාහුලිකතාය පටිපන‍්නා. කොලම‍්බෙපි ඝටෙපීතිඑත්‍ථ කොලම‍්බා නාම මහාමුඛචාටියො වුච‍්චන‍්ති. ඔලීනවිලීනානීති හෙට‍්ඨා ච උභතොපස‍්සෙසු ච ගළිතානි. ඔකිණ‍්ණවිකිණ‍්ණාති සප‍්පිආදීනං ගන්‍ධෙන භූමිං ඛනන‍්තෙහි ඔකිණ‍්ණා, භිත‍්තියො ඛනන‍්තෙහි උපරි සඤ‍්චරන‍්තෙහි ච විකිණ‍්ණා. අන‍්තොකොට‍්ඨාගාරිකාති අබ‍්භන‍්තරෙ සංවිහිතකොට‍්ඨාගාරා.

“සුවණ්ණන්ති අධිමුච්චි” ස්වර්‍ණමය වේවා’යි ඉටූයේය. “පඤ්චන්තං භෙසජ්ජානං” ගිතෙල් ආදීන්ගේ “බාහුලිකා” ප්‍රත්‍යබහුලභාවයට පිළිපන්නාහුය. “කොළුම්ඛෙපි ඝමෙපි” මෙහි කොළම්බ නම් මහත් මුව ඇති සැළි කියනු ලැබෙත්. “ඔලීනවිලීනාති” යටද දෙපස්හිද වැගිරෙන්නාහ. “ඔකිණ්ණවිකිණ්ණා”යි ගිතෙල් ආදීන්ගේ ගඳින් බිම සාරන්නවුන්ගෙන් ගැවසුනාහ. බිත්ති සාරන්නාවූන්ගෙන්ද මතුවෙහි හැසිරෙන්නාවුන්ගෙන්ද හාත්පසින් ගැවසුනාහ. “අන්තොකොට්ඨාගාරිකා” ඇතුළත මොනවට කරනලද ගබඩාය.

පටිසායනීයානීති පටිසායිතබ‍්බානි, පරිභුඤ‍්ජිතබ‍්බානීති අත්‍ථො. භෙසජ‍්ජානීති භෙසජ‍්ජකිච‍්චං කරොන‍්තු වා මා වා, එවං ලද‍්ධවොහාරානි. “ගොසප‍්පී”තිආදීහි ලොකෙ පාකටං දස‍්සෙත්‍වා “යෙසං මංසං කප‍්පතී”ති ඉමිනා අඤ‍්ඤෙසම‍්පි මිගරොහිතසසාදීනං සප‍්පිං සඞ‍්ගහෙත්‍වා දස‍්සෙසි. යෙසඤ‍්හි ඛීරං අත්‍ථි, සප‍්පිපි තෙසං අත්‍ථියෙව, තං පන සුලභං වා හොතු දුල‍්ලභං වා, අසම‍්මොහත්‍ථං වුත‍්තං. එවං නවනීතම‍්පි.

“පටිසායනීයානි” රස විඳියයුතු වූ පරිභොග කටයුතු වූ යන අර්‍ත්‍ථයි. “භෙසජ්ජානි” බෙහෙත් කිස කෙරෙත්වා හෝ නොකෙරෙත්වා හෝ මෙසේ ලද ව්‍යවහාර ඇත්තාහු “ගොසප්පි” යනාදියෙන් ලෙව්හි ප්‍රකට දැය දක්වා ‘යෙසං මංසං කප්පති’ යන මෙයින් මුව රොහිත සා ආදීන්ගේ ගිතෙල්ද සඞ්ග්‍රහ කොට දැක්වූහ. යමකුන්ගේ කිරි ඇත්තේද ඔවුන්ට ගිතෙල්ද ඇත්තෙමය. ඒ ගිතෙල වනාහි සුලභ හෝ වේවා දුර්‍ලභ හෝ වේවා නොමුළාබව පිණිස කියනලදි. වෙඬරුද මෙසේය.

සන‍්නිධිකාරකං පරිභුඤ‍්ජිතබ‍්බානීති සන‍්නිධිං කත්‍වා නිදහිත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බානි. කථං? පාළියා ආගතසප‍්පිආදීසු සප‍්පි තාව පුරෙභත‍්තං පටිග‍්ගහිතං තදහුපුරෙභත‍්තං සාමිසම‍්පි නිරාමිසම‍්පි පරිභුඤ‍්ජිතුං වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසං පරිභුඤ‍්ජිතබ‍්බං. සත‍්තාහාතික‍්කමෙ සචෙ එකභාජනෙ ඨපිතං, එකං නිස‍්සග‍්ගියං. සචෙ බහූසු වත්‍ථුගණනාය නිස‍්සග‍්ගියානි, පච‍්ඡාභත‍්තං පටිග‍්ගහිතං සත‍්තාහං නිරාමිසමෙව වට‍්ටති. පුරෙභත‍්තං වා පච‍්ඡාභත‍්තං වා උග‍්ගහිතකං කත්‍වා නික‍්ඛිත‍්තං අජ‍්ඣොහරිතුං න වට‍්ටති; අබ‍්භඤ‍්ජනාදීසු උපනෙතබ‍්බං. සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති, අනජ‍්ඣොහරණීයතං ආපන‍්නත‍්තා. “පටිසායනීයානී”ති හි වුත‍්තං. සචෙ අනුපසම‍්පන‍්නො පුරෙභත‍්තං පටිග‍්ගහිතනවනීතෙන සප‍්පිං කත්‍වා දෙති, පුරෙභත‍්තං සාමිසං වට‍්ටති. සචෙ සයං කරොති, සත‍්තාහම‍්පි නිරාමිසමෙව වට‍්ටති. පච‍්ඡාභත‍්තං පටිග‍්ගහිතනවනීතෙන පන යෙන කෙනචි කතසප‍්පි සත‍්තාහම‍්පි නිරාමිසමෙව වට‍්ටති. උග‍්ගහිතකෙන කතෙ පුබ‍්බෙ වුත‍්තසුද‍්ධසප‍්පිනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

“සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බානි”යි තැන්පත්කොට තබා පරිභොග කටයුත්තාහ. කිසේද, යත්:- පෙළෙහි ආ ගිතෙල් ආදීන් අතුරෙහි පළමුකොට ගිතෙල් පෙරබත පිළිගන්නා ලද්දේ එදවස පෙරබත ආමිසසහිතවද ආමිස රහිතවද පරිභොග කිරීම සුදුසුය. සපුබත පටන් සත්දවසක් මුළුල්ලෙහි ආමිසරහිතව පරිභොග කටයුතුය. සත්දවස ඉකුත් කල්හි එක් බඳුනක තබන ලද්දේනම් එක් නිසගියෙක් වේ. බඳුන් බොහෝ ගණනක තබන ලද්දේ නම් වස්තු ගණනින් නිස්සග්ගියාපත්තීහු වෙත්. පසුබත පිළිගන්නා ලද්දේ සත්දවස මුළුල්ලෙහි නිරාමිසයට සුදුසු වේ. පෙරබත හෝ පසුබත හෝ පරිභොගය පිණිස තමන් විසින් පිළිගන්නා ලද්දක් කොට තමන්ම ගෙණ තබන ලද්දක් අනුභව කිරීම නොවටියි. ඇඟ ගැල්වීම් ආදියෙහි එළවිය යුතුය. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. අනුභව නොකට යුතු බවට පැමිණි බැවින් ‘පටිසායනීයානි’යි කියනලදි. අනුපසම්පන්නයෙක් තෙමේ පෙරබත පිළිගත් වෙඬුරෙන් ගිතෙල් සාදා දේද, එදවස පෙරබත ආමිසසහිතව වටියි. ඉදින් තෙමේ කෙරේද, සත්දවසක් නමුත් ආමිසරහිතවම සුදුසු වේ. පසුබත පිළිගත් වෙඬුරෙන් යම් කිසිවකු විසින් කරන ලද ගිතෙල සත්දවසක් නමුත් ආමිසරහිතවම වටියි. තමන් විසින්ම ගන්නාලද වෙඬුරෙන් කළ ගිතෙලෙහි පෙර කියූ පිරිසිදු ගිතෙල් නයින්ම විනිශ්චය දතයුතුය.

පුරෙභත‍්තං පටිග‍්ගහිතඛීරෙන වා දධිනා වා කතසප‍්පි අනුපසම‍්පන‍්නෙන කතං සාමිසම‍්පි තදහුපුරෙභත‍්තං වට‍්ටති. සයංකතං නිරාමිසමෙව වට‍්ටති . නවනීතං තාපෙන‍්තස‍්ස හි සාමංපාකො න හොති, සාමංපක‍්කෙන පන තෙන සද‍්ධිං ආමිසං න වට‍්ටති. පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය ච න වට‍්ටතියෙව. සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති, සවත්‍ථුකස‍්ස පටිග‍්ගහිතත‍්තා, “තානි පටිග‍්ගහෙත්‍වා”ති හි වුත‍්තං. පච‍්ඡාභත‍්තං පටිග‍්ගහිතෙහි කතං පන අබ‍්භඤ‍්ජනාදීසු උපනෙතබ‍්බං. පුරෙභත‍්තම‍්පි ච උග‍්ගහිතකෙහි කතං උභයෙසම‍්පි සත‍්තාහාතික‍්කමෙ අනාපත‍්ති. එසෙව නයො අකප‍්පියමංසසප‍්පිම‍්හි. අයං පන විසෙසො – යත්‍ථ පාළියං ආගතසප‍්පිනා නිස‍්සග‍්ගියං, තත්‍ථ ඉමිනා දුක‍්කටං. අන්‍ධකට‍්ඨකථායං කාරණපතිරූපකං වත්‍වා මනුස‍්සසප‍්පි ච නවනීතඤ‍්ච පටික‍්ඛිත‍්තං, තං දුප‍්පටික‍්ඛිත‍්තං, සබ‍්බඅට‍්ඨකථාසු අනුඤ‍්ඤාතත‍්තා. පරතො චස‍්ස විනිච‍්ඡයොපි ආගච‍්ඡිස‍්සති.

පෙරබත පිළිගත් කිරෙන් හෝ දියෙන් හෝ කරනලද ගිතෙල් අනුපසම්පන්නයකු විසින් කරන ලද්දේ ආමිස සහිතවද එදවස පෙරබත වටියි. තමන් විසින් කරන ලද්දේ ආමිසරහිතවම ගතහැකිය. වෙඬරු උණු කරන මහණහුට සාමංපාකය නොවේ. තමන් විසින් පිසින ලද ඒ වෙඬරු සමග ආමිසය පිළිගත නොහැකියි. පසුබත පටන්ද නොවටීමය. සත්දවසක් ඉක්මීමෙහිද ඇවැත් නොවේ. වස්තු සහිතව පිළිගත් බැවින් ‘තානි පටිග්ගහෙත්‍වා’යි කියන ලද්දේමය. පසුබත පිළිගත් කිරෙන් හා දියෙන් කරන ලද ගිතෙල් ඇඟ ගැල්වීම් ආදියෙහි එළවිය යුතුය. පෙරබතද නොපිළිගත් තමන් විසින් ගත් කිරෙන් හා දියෙන් කරන ලද ගිතෙල්, පසුබත පිළිගත් කිරෙන් හා දියෙන් කරන ලද්දා වූද, පෙරබත නොපිළිගෙන තමන් විසින් ගන්නා ලද දැයින් කරන ලද්දාවූද යන දෙකොටසටද සත්දවස ඉක්මී මෙහි ඇවැත් නොවේ. නොකැප මස් ගිතෙල්හි මේ නයමවේ. මේ වනාහි විශේෂය වේ. යම්තැනෙක පෙළෙහි දැක්වූ ගිතෙලින් නිස්සග්ගිය වේද, එහි මේ ගිතෙලින් දුක්කයටය වේ. ස්වජාතීන්ගේ ගිතෙල් බැවිනැයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කාරණ ප්‍රතිරූපකය කියා මිනිස් ගිතෙල් වෙඬරුද ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. සියලු අර්‍ත්‍ථකථාවන්හි අනුදත් බැවින් ඒ ප්‍රතික්‍ෂෙපය නොමනා ප්‍රතික්‍ෂෙපයෙක් වේ. ඉදිරියෙහිද මෙහි විනිශ්චය එන්නේය.

පාළියං ආගතං නවනීතම‍්පි පුරෙභත‍්තං පටිග‍්ගහිතං තදහුපුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය නිරාමිසමෙව. සත‍්තාහාතික‍්කමෙ නානාභාජනෙසු ඨපිතෙ භාජනගණනාය එකභාජනෙපි අමිස‍්සෙත්‍වා පිණ‍්ඩපිණ‍්ඩවසෙන ඨපිතෙ පිණ‍්ඩගණනාය නිස‍්සග‍්ගියානි. පච‍්ඡාභත‍්තං පටිග‍්ගහිතං සප‍්පිනයෙනෙව වෙදිතබ‍්බං. එත්‍ථ පන දධිගුළිකායොපි තක‍්කබින්‍දූනිපි හොන‍්ති, තස‍්මා තං ධොතං වට‍්ටතීති උපඩ‍්ඪත්‍ථෙරා ආහංසු. මහාසීවත්‍ථෙරො පන “භගවතා අනුඤ‍්ඤාතකාලතො පට‍්ඨාය තක‍්කතො උද‍්ධටමත‍්තමෙව ඛාදිංසූ”ති ආහ. තස‍්මා නවනීතං පරිභුඤ‍්ජන‍්තෙන ධොවිත්‍වා දධිතක‍්කමක‍්ඛිකාකිපිල‍්ලිකාදීනි අපනෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං. පචිත්‍වා සප‍්පිං කත්‍වා පරිභුඤ‍්ජිතුකාමෙන අධොතම‍්පි පචිතුං වට‍්ටති. යං තත්‍ථ දධිගතං වා තක‍්කගතං වා තං ඛයං ගමිස‍්සති, එත‍්තාවතා හි සවත්‍ථුකපටිග‍්ගහිතං නාම න හොතීති අයමෙත්‍ථ අධිප‍්පායො. ආමිසෙන සද‍්ධිං පක‍්කත‍්තා පන තස‍්මිම‍්පි කුක‍්කුච‍්චායන‍්ති කුක‍්කුච‍්චකා. ඉදානි උග‍්ගහෙත්‍වා ඨපිතනවනීතෙ ච පුරෙභත‍්තං ඛීරදධීනි පටිග‍්ගහෙත්‍වා කතනවනීතෙ ච පච‍්ඡාභත‍්තං තානි පටිග‍්ගහෙත්‍වා කතනවනීතෙ ච උග‍්ගහිතෙහි කතනවවීතෙ ච අකප‍්පියමංසනවනීතෙ ච සබ‍්බො ආපත‍්තානාපත‍්තිපරිභොගාපරිභොගනයො සප‍්පිම‍්හි වුත‍්තක‍්කමෙනෙව ගහෙතබ‍්බො.

පෙළෙහි කියනලද වෙඬරුද පෙරබත පිළිගන්නා ලද්දේ එදවස පෙරබත ආමිස සහිතවද වටියි. පසුබත පටන් ආමිස රහිතවම වටියි. සත්දවසක් ඉක්මීමෙහි නන් වැදෑරුම් බඳුන්හි තැබූ කල්හි බඳුන් ගණනින්ද එක් බඳුනෙකද මිශ්‍ර නොකොට පිඩු පිඩු වසයෙන් තැබූ කල්හිද පිඩු ගණනින් නිසගීහු වෙත්. පසුබත පිළිගන්නා ලද්දේ ගිතෙල් ලෙසින්ම දත යුතුය. මේ වෙඩුරෙහි දී ගුළිය මෝරු බින්දුද වෙත්. එහෙයින් දෝනාලද්ද පිළිගන්නුට වටීයයි උපාදධ්‍ය ස්ථවිරයෝ කීහ. මහාසීව ස්ථවිරයන් වහන්සේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදත් කාලයෙහි පටන් මෝරුවෙන් නගාගත් ඇතියක්මම කෑවාහුයි කීහ. එහෙයින් වෙඬරු වළඳන්නහු විසින් සෝදා දී මෝරු වැකුණු මැසි හිනි ආදීන් පහකොට වැළදිය යුතුය. පිස ගිතෙල්කොට වළඳනු කැමැත්තේ නොසෝදන ලද්දක්ද පිසන්නට වටියි. ඒ වෙඬුරෙහි යම් දීයක් හෝ මෝරුවක් හෝ වේද එය නැසී යන්නේය. නිරාමිස වේ. එහෙයින් විකාලයෙහිද වටීය යන අර්‍ත්‍ථයි. මෙපමණකින්ම ආමිසසඞ්ඛ්‍යාත වස්තුව සහිතව පිළිගන්නා ලද්දේ නම් නොවේය, යනු මෙහි අදහස වේ. ආමිසය සමග පැසුනු බැවින් නිරාමිසයෙහිද කුකුස් කරනුවෝ කුකුස් කෙරෙත්. දැන් තමන්ම ගෙණ තබනලද වෙඬුරෙහිද පෙරබත කිරි දී පිළිගෙණ කළ වෙඬුරෙහිද පසුබත ඒ කිරි දී පිළිගෙණ කළ වෙඬුරෙහිද නොපිළිගෙණ තමන් විසින් ගන්නා ලද්දේ කරනලද වෙඬුරෙහිද අකප්පිය මාංසසත්‍වයන්ගේ වෙඬුරෙහිද සියලු ආපත්ති අනාපත්ති පරිභොග අපරිභොග නය තෙමේ ගිතෙලෙහි කියූ ක්‍රමයෙන්ම ගතයුතුය.

තෙලභික‍්ඛාය පවිට‍්ඨානං පන භික‍්ඛූනං තත්‍ථෙව සප‍්පිම‍්පි නවනීතම‍්පි පක‍්කතෙලම‍්පි අපක‍්කතෙලම‍්පි ආකිරන‍්ති, තත්‍ථ තක‍්කදධිබින්‍දූනිපි භත‍්තසිත්‍ථානිපි තණ‍්ඩුලකණාපි මක‍්ඛිකාදයොපි හොන‍්ති. ආදිච‍්චපාකං කත්‍වා පරිස‍්සාවෙත්‍වා ගහිතං සත‍්තාහකාලිකං හොති, පටිග‍්ගහෙත්‍වා ඨපිතභෙසජ‍්ජෙහි සද‍්ධිං පචිත්‍වා නත්‍ථුපානම‍්පි කාතුං වට‍්ටති. සචෙ වද‍්දලිසමයෙ ලජ‍්ජි සාමණෙරො යථා තත්‍ථ පතිතතණ‍්ඩුලකණාදයො න පච‍්චන‍්ති, එවං සාමිසපාකං මොචෙන‍්තො අග‍්ගිම‍්හි විලීයාපෙත්‍වා පරිස‍්සාවෙත්‍වා පුන පචිත්‍වා දෙති, පුරිමනයෙනෙව සත‍්තාහං වට‍්ටති.

තෙල් සීඟීමට ගිය මහණුන්ගේ පාත්‍රයන්හිම ගිතෙල්ද වෙඬරුද පැසවූ තෙල්ද වක්කරත්. එහිදී ගිතෙල් බින්දු ද බත් උලුද සහල් කඩසහල්ද මැසි ආදීහුද වෙත්. හිරු රැසින් පිසීමකොට පෙරා ගන්නා ලද ගිතෙල සත්තාහකාලික වේ. කිරි හා දී පිළිගෙණ තැබූ බෙහෙත් සමග පිස නස්‍ය කරන්නටද සුදුසුය. ඉදින් වැසි කල්හි ලජ්ජිසාමණේරයෙක් තෙමේ, එහි වැටුනු සුන්සහල් ආදීහු යම්සේ නොපැසෙත්ද, එසේ ගින්නෙහි කකියවා පෙරා නැවැත පිස දේද පෙර නයින්ම සත් දවසක් වටියි.

තෙලෙසු තිලතෙලං තාව පුරෙභත‍්තං පටිග‍්ගහිතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය නිරාමිසමෙව. සත‍්තාහාතික‍්කමෙ පනස‍්ස භාජනගණනාය නිස‍්සග‍්ගියභාවො වෙදිතබ‍්බො. පච‍්ඡාභත‍්තං පටිග‍්ගහිතං සත‍්තාහං නිරාමිසමෙව වට‍්ටති. උග‍්ගහිතකං කත්‍වා නික‍්ඛිත‍්තං අජ‍්ඣොහරිතුං න වට‍්ටති, සීසමක‍්ඛනාදීසු උපනෙතබ‍්බං, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති. පුරෙභත‍්තං තිලෙ පටිග‍්ගහෙත්‍වා කතතෙලං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය අනජ‍්ඣොහරණීයං හොති, සීසමක‍්ඛනාදීසු උපනෙතබ‍්බං, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති. පච‍්ඡාභත‍්තං තිලෙ පටිග‍්ගහෙත්‍වා කතතෙලං අනජ‍්ඣොහරණීයමෙව, සවත්‍ථුකපටිග‍්ගහිතත‍්තා, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති, සීසමක‍්ඛනාදීසු උපනෙතබ‍්බං. පුරෙභත‍්තං වා පච‍්ඡාභත‍්තං වා උග‍්ගහිතකතිලෙහි කතතෙලෙපි එසෙව නයො.

තෙල් අතුරෙහි, තලතෙල් වනාහි පෙරබත පිළිගන්නා ලද්දේ පෙරබත ආමිසසහිතවද වටියි. පසුබත පටන් ආමිස රහිතවම වටියි. සත් දවස ඉක්මීමෙහි මේ තෙල් පිළිබඳ බඳුන් ගණනින් නිසගිබව දතයුතුය. පසුබත පිළිගන්නා ලද තලතෙල සත් දවසක් ආමිසරහිතවම වටියි. නොපිළිගෙන තමන් විසින්ම ගන්නා ලද්දක් කොට තබනලද්දේ අනුභව කරන්නට නොවටියි. හිසැ ගෑම් ආදියට එලවිය. යුතුය. සත් දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. පෙරබත බැදීම් ආදිය නොකොට තල පිළිගෙණ කළ තෙල එදවස පෙරබත ආමිස සහිතවද වටියි. තමන් විසින් කරන ලද්ද පසුබත පටන් අනුභව නොකටයුත්තේ වේ. හිසැ ගෑම් ආදියෙහි එළවිය යුතුය. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. පසුබත තල පිළිගෙන කළ තෙල අනුභව නොකට යනුතේමය. සවස්තුකව පිළිගත් බැවිනි. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. හිසැ ගෑම් ආදියෙහි එළවිය යුතුය. පෙරබත හෝ පසුබත හෝ නොපිළිගෙන තමන් විසින් ගන්නා ලද තලවලින් කරන ලද තෙලෙහිද මෙම නයවේ.

පුරෙභත‍්තං පටිග‍්ගහිතකතිලෙ භජ‍්ජිත්‍වා වා තිලපිට‍්ඨං වා සෙදෙත්‍වා උණ‍්හොදකෙන වා තෙමෙත්‍වා කතතෙලං සචෙ අනුපසම‍්පන‍්නෙන කතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති. අත‍්තනා කතතෙලං පන නිබ‍්බට‍්ටිතත‍්තා පුරෙභත‍්තං නිරාමිසමෙව වට‍්ටති. සාමංපක‍්කත‍්තා සාමිසං න වට‍්ටති, සවත්‍ථුකපටිග‍්ගහිතත‍්තා පන පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය උභයම‍්පි අනජ‍්ඣොහරණීයං, සීසමක‍්ඛනාදීසු උපනෙතබ‍්බං, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති. යදි පන අප‍්පං උණ‍්හොදකං හොති අබ‍්භුක‍්කිරණමත‍්තං, අබ‍්බොහාරිකං හොති, සාමපාකගණනං න ගච‍්ඡති. සාසපතෙලාදීසුපි අවත්‍ථුකපටිග‍්ගහිතෙසු අවත්‍ථුකතිලතෙලෙ වුත‍්තසදිසොව විනිච‍්ඡයො.

පෙරබත පිළිගත් තල බැද තලපිටි පිරිසිදුකොට හෝ උණුදියෙන් හෝ තෙමා කළ තෙල ඉදින් අනුපසම්පත්තයකු විසින් කරන ලද්දේ නම්, පෙරබත ආමිස සහිතයද වටියි. තමන් විසින් කරන ලද්දේ තාවකාලික වස්තුවෙන් වෙන්කළ බැවින් පෙරබත ආමිස රහිතවම වටියි. තමන් විසින් පැසවූ බැවින් ආමිස සහිතය. නොවටියි. සවස්තුකව පිළිගත් බැවින් පසුබත පටන් තමන් විසින් හා අන්හු විසින් කරන ලද දෙකම අනුභව නොකටයුතුය. හිසැ ගෑම් ආදියෙහි එළවිය යුතුය. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. ඉදින් උණුදිය මඳවේද, ඉසන ලද පමණක්වේද, අව්‍යවහාරික වේ. සමාපාක සඞ්ඛ්‍යාවට නොයයි. වහා රහිතව පිළිගන්නා ලද අබතෙල් ආදියෙහිද වස්තුරහිත තලතෙලෙහි කියන ලද සමානවූම විනිශ්චය වේ.

සචෙ පන පුරෙභත‍්තං පටිග‍්ගහිතානං සාසපාදීනං චුණ‍්ණෙහි ආදිච‍්චපාකෙන සක‍්කා තෙලං කාතුං, තං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය නිරාමිසමෙව, සත‍්තාහාතික‍්කමෙ නිස‍්සග‍්ගියං. යස‍්මා පන සාසපමධුකචුණ‍්ණාදීනි සෙදෙත්‍වා එරණ‍්ඩකට‍්ඨීනි ච භජ‍්ජිත්‍වා එව තෙලං කරොන‍්ති, තස‍්මා තෙසං තෙලං අනුපසම‍්පන‍්නෙහි කතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති. වත්‍ථූනං යාවජීවිකත‍්තා පන සවත්‍ථුකපටිග‍්ගහණෙ දොසො නත්‍ථීති. අත‍්තනා කතං සත‍්තාහං නිරාමිසපරිභොගෙනෙව පරිභුඤ‍්ජිතබ‍්බං. උග‍්ගහිතකෙහි කතං අනජ‍්ඣොහරණීයං බාහිරපරිභොගෙ වට‍්ටති, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති.

ඉදින් පෙරබත පිළිගත් අබ ආදීන්ගේ සුණුවලින් හිරුරැස් පාකයෙන් තෙල් පිසන්නට හැකිවේද, ඒ තෙල එදවස පෙරබත ආමිස සහිතවද වටියි. එදවස පසුබත පටන් ආමිසරහිතවම වටියි. සත්දවස ඉක්මීමෙහි නිසගි වේ. යම්හෙයකින් වනාහි අබ මීබිජු පිරිසිදු කොට එරඬු ඇටද බැද මෙසේ තෙල් සාදත්ද, එහෙයින් මොවුන්ගේ තෙල අනුපසම්පන්නයන් විසින් කරන ලද්දේ එදවස පෙරබත ආමිස සහිතවද වටියි. වස්තුව තබා යාවජීවක බැවින් වස්තු සහිතව පිළිගැණීමෙහි දොසක් නැත්තේය. තමන් විසින් කරන ලද්දේ සත් දවසක් නිරාමිස පරිභොගයෙන්ම පරිභොග කටයුතුය. නොපිළිගත් තමන් විසින් ගන්නා ලද්දෙන් කරන ලද්දේ අනුභව නොකටයුත්තේ බාහ්‍යපරිභොගයෙන් වටියි. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ.

තෙලකරණත්‍ථාය සාසපමධුකඑරණ‍්ඩකට‍්ඨීනි වා පටිග‍්ගහෙත්‍වා කතං තෙලං සත‍්තාහකාලිකං. දුතියදිවසෙ කතං ඡාහං වට‍්ටති. තතියදිවසෙ කතං පඤ‍්චාහං වට‍්ටති. චතුත්‍ථ-පඤ‍්චම-ඡට‍්ඨසත‍්තාමදිවසෙ කතං තදහෙව වට‍්ටති. සචෙ යාව අරුණස‍්ස උග‍්ගමනා තිට‍්ඨති, නිස‍්සග‍්ගියං. අට‍්ඨමෙ දිවසෙ කතං අනජ‍්ඣොහරණීයං. අනිස‍්සග‍්ගියත‍්තා පන බාහිරපරිභොගෙ වට‍්ටති. සචෙපි න කරොති, තෙලත්‍ථාය ගහිතසාසපාදීනං සත‍්තාහාතික‍්කමනෙ දුක‍්කටමෙව. පාළියං පන අනාගතානි අඤ‍්ඤානිපි නාළිකෙරනිම‍්බකොසම‍්බකකරමන්‍දඅතසීආදීනං තෙලානි අත්‍ථි, තානි පටිග‍්ගහෙත්‍වා සත‍්තාහං අතික‍්කාමයතො දුක‍්කටං හොති. අයමෙතෙසු විසෙසො. සෙසං යාවකාලිකවත්‍ථුං යාවජීවිකවත්‍ථුඤ‍්ච සල‍්ලක‍්ඛෙත්‍වා සාමංපාකසවත්‍ථුකපුරෙභත‍්තපච‍්ඡාභත‍්තපටිග‍්ගහිතඋග‍්ගහිතකවත්‍ථුවිධානං සබ‍්බං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

තෙල් කිරීම පිණිස අබ මී ඇට එරඬු ඇට හෝ පිළිගෙණ කරනලද තෙල සත්තාහකාලික වේ. පිළිගත් දියෙන් දෙවන දිනයෙහි කරන ලද්දේ සදවසක් වටියි. පිළිගත් දිනයෙන් තෙවන දිනයෙහි කරන ලද්දේ පස් දවසක් වටියි. සිවුවන පස්වන සවන සත්වන දිනයෙහි කරන ලද්දේ එදවසම වටියි. ඉදින් සත්වන දිනයෙහි කරන ලද තෙල අරුණ නැගීම දක්වා තිබේ, නිසගි වේ. පිළිගත් දිනයෙන් අටවන දිනයෙහි කරන ලද්දේ අනුභව කටයුතු නොවේ. නිසගි නොවූ බැවින් බාහිර පරිභොගයෙලා ගැණීම වටියි. ඉදිනුදු තෙල නොකෙරේනම් තෙල් පිණිස ගත් අබ ආදීන්ගේ සත්දවස ඉක්මීමෙහිදී දුක්කටය වේ. පෙළෙහි නොදැක්වූ අන්‍යවූද පොල් කොහොඹ කොහොන් කරඹ යොහොඹු ආදීන්ගේ තෙල් ඇත්තේය. ඒ තෙල් පිළිගුණ සත්දවස ඉක්මවන මහණහුට දුක්කටය වේ. මේ මොවුන් අතුරෙහි වෙනසයි. සෙසු යාවකාලික වස්තුවද යාවජීවික වස්තුවද සලකා සියලු සමපාක සවස්තුකවූද පෙරබත පසුබත පටිග්ගහිත උග්ගහිත වස්තුකවූද මොවුන්ගේ විධානය කියූ නයින්ම දතයුතුය.

වසාතෙලන‍්ති “අනුජානාමි, භික‍්ඛවෙ, වසානි භෙසජ‍්ජානි, අච‍්ඡවසං, මච‍්ඡවසං, සුසුකාවසං, සූකරවසං, ගද්‍රභවස”න‍්ති (මහාව· 262) එවං අනුඤ‍්ඤාතවසානං තෙලං. එත්‍ථ ච “අච‍්ඡවස”න‍්ති වචනෙන ඨපෙත්‍වා මනුස‍්සවසං සබ‍්බෙසං අකප‍්පියමංසාන වසා අනුඤ‍්ඤාතා. මච‍්ඡග‍්ගහණෙන ච සුසුකාපි ගහිතා හොන‍්ති, වාළමච‍්ඡත‍්තා පන විසුං වුත‍්තං. මච‍්ඡාදිග‍්ගහණෙන චෙත්‍ථ සබ‍්බෙසම‍්පි කප‍්පියමංසානං වසා අනුඤ‍්ඤාතා. මංසෙසු හි දසමනඋස‍්ස-හත්‍ථි-අස‍්ස-සුනඛ-අහි-සීහ-බ්‍යග‍්ඝ-දීපි-අච‍්ඡ-තරච‍්ඡානං මංසානි අකප‍්පියානි. වසාසු එකා මනුස‍්සවසාව. ඛීරාදීසු අකප‍්පියං නාම නත්‍ථි.

“වසාතෙලං” යනු මහණෙනි’ වලස් මස්තෙල, මත්ස්‍ය මස්තෙල, කිඹුල් මස්තෙල, ඌරු මස්තෙල, කොටලු මස්තෙල යන පස් වැදෑරුම් මස්තෙල් අනුදනිමි’යි මෙසේ අනුදැන වදාළ මස් තෙල්ය. මෙහිද “අච්ඡවසං” යන වචනයෙන් මිනිස්මස් තෙල් හැර සියලු අකප්පිය මාංසයන්ගේ තෙල් අනුදන්නා ලද්දේය. මත්ස්‍ය ග්‍රහණයෙන් කිඹුල්ලුද ගන්නා ලද්දහුවෙත්. රෞද්‍ර මත්ස්‍යයකු බැවින් වෙන්ව කියනලදී. මත්සාදීන්ගේ ගැණීමෙන්ද මෙහි සියලු කප්පිය මාංසයන්ගේ තෙල් අනුදන්නා ලදි. මස් අතුරෙහි මනුෂ්‍ය හස්ති අශ්ව සුනඛ නාග සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්, කලුහිස් වලස් යන මොවුන්ගේ දශමාංසයෝ අකැපවෙත්. මස්තෙල් අතුරෙහි එක් මිනිස්මස් තෙල් අකැපය. කිරි ආදීන් අතුරෙහි අකැප කිරෙක්නම් නැත්තේය.

අනුපසම‍්පන‍්නෙහි කතනිබ‍්බට‍්ටිතවසාතෙලං පුරෙභත‍්තං පටිග‍්ගහිතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති. පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසමෙව වට‍්ටති. යං පන තත්‍ථ සුඛුමරජසදිසං මංසං වා න‍්හාරු වා අට‍්ඨි වා ලොහිතං වා හොති, තං අබ‍්බොහාරිකං. සචෙ පන වසං පටිග‍්ගහෙත්‍වා සයං කරොති, පුරෙභත‍්තං පටිග‍්ගහෙත්‍වා පචිත්‍වා පරිස‍්සාවෙත්‍වා සත‍්තාහං නිරාමිසපරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බං . නිරාමිසපරිභොගඤ‍්හි සන්‍ධාය ඉදං වුත‍්තං – “කාලෙ පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං කාලෙ සංසට‍්ඨං තෙලපරිභොගෙන පරිභුඤ‍්ජිතු”න‍්ති (මහාව· 262). තත්‍රාපි අබ‍්බොහාරිකං අබ‍්බොහාරිකමෙව. පච‍්ඡාභත‍්තං පන පටිග‍්ගහිතුං වා කාතුං වා න වට‍්ටතියෙව. වුත‍්තඤ‍්හෙතං –

අනුපසම්පන්නයන් විසින් කරන ලද යාවකාලික වස්තුවෙන් වෙන්කරනලද මස්තෙල් පෙරබත පිළිගන්නා ලද්දේ එදවස පෙරබත ආමිස සහිතවද වටියි. පසුබත පටන් සත්දවසක් නිරාමිසම වටියි. එහි සියුම් රජස් සමානවූ යම් මසක් හෝ නහරක් හෝ ඇටයක් හෝ රුධිරයක් හෝ වේද, එය අව්‍යවහාරික වේ. ඉදින් මස්තෙල් පිළිගෙණ තෙමේ කෙරේද, පෙරබත පිළිගෙණ පිස පෙර සත් දවසක් නිරාමිස පරිභොගයෙන් පරිභොග කටයුතුය. නිරාමිසපරිභොගයම සඳහා ‘කාලයෙහි පිළිගන්නා ලද්දේ කාලයෙහි පැසවන ලද්දේ කාලයෙහි පෙරන ලද්දේ තෙලපරිභොගයෙන් පරිභොග කරන්නට වටීයයි කියන ලද්දේය. එහිද අව්‍යාවහාරිකය අව්‍යවහාරිකම වේ. පසුබත පිළිගන්නට හෝ කරන්නට හෝ නොවටීමය. මෙය මෙසේ වදාළ සේක:-

“විකාලෙ චෙ, භික‍්ඛවෙ, පටිග‍්ගහිතං විකාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසට‍්ඨං, තං චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති තිණ‍්ණං දුක‍්කටානං. කාලෙ චෙ, භික‍්ඛවෙ, පටිග‍්ගහිතං විකාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසට‍්ඨං, තං චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං. කාලෙ චෙ, භික‍්ඛවෙ, පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං විකාලෙ සංසට‍්ඨං, තං චෙ පරිභුඤ‍්ජෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ චෙ, භික‍්ඛවෙ, පටිග‍්ගහිතං කාලෙ නිප‍්පක‍්කං කාලෙ සංසට‍්ඨං, තං චෙ පරිභුඤ‍්ජෙය්‍ය, අනාපත‍්තී”ති.

‘මහණෙනි’ පස්වරු කාලයෙහි පිළිගත් පස්වරු කාලයෙහි පැසවූ පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම් දුක්කටා පත්ති තුනක් වේ. මහණෙනි ‘පෙරවරු කාලයෙහි පිළිගත් පෙරවරු කාලයෙහි පැසවූ පස්වරු කාලයෙහි පෙරූ එය වළදන්නේ නම් දුක්කටාපත්තියක් දෙකක් වේ. මහණෙනි පෙරවරු කාලයෙහි පිළිගත් පෙරවරු කාලයෙහි පැසවූ පස්වරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම් දුක්කටාපත්තියක් වේ. මහණෙනි’ පෙරවරු කාලයෙහි පිළිගත් පෙරවරු කාලයෙහි පැසවූ පෙරවරු කාලයෙහි පෙරූ එය වළඳන්නේ නම් ඇවැත් නොවේයි.

උපතිස‍්සත්‍ථෙරං පන අන‍්තෙවාසිකා පුච‍්ඡිංසු – “භන‍්තෙ, සප‍්පිනවනීතවසානි එකතො පචිත්‍වා නිබ‍්බට‍්ටිතානි වට‍්ටන‍්ති, න වට‍්ටන‍්තී”ති? “න වට‍්ටන‍්ති, ආවුසො”ති. ථෙරො කිරෙත්‍ථ පක‍්කතෙලකසටෙ විය කුක‍්කුච‍්චායති. තතො නං උත‍්තරි පුච‍්ඡිංසු – “භන‍්තෙ, නවනීතෙ දධිගුළිකා වා තක‍්කබින්‍දු වා හොති, එතං වට‍්ටතී”ති? “එතම‍්පි, ආවුසො, න වට‍්ටතී”ති. තතො නං ආහංසු – “භන‍්තෙ, එකතො පචිත්‍වා සංසට‍්ඨානි තෙජවන‍්තානි හොන‍්ති, රොගං නිග‍්ගණ‍්හන‍්තී”ති? “සාධාවුසො”ති ථෙරො සම‍්පටිච‍්ඡි.

අතවැස්සෝ ‘ස්වාමීනි’ ගිතෙල් වෙඬරු වුරුණු තෙල් එකට පිස යාව කාලික වස්තුවෙන් වෙන් කරන ලද්දේ වටීදැයි උපතිස්ස ස්ථවිරයන් වහන්සේ අතින් විචාළාහුය. ‘නොවටිත්ය ඇවැත්නි’යි කීහ. ස්ථවිරයන් වහන්සේ මෙහි පැසවනලද තෙල් කාඩියෙහි මෙන් කුකුස් කෙරෙත්. නැවත ‘ස්වාමීනි’ වෙඬරුවෙහි දීගුළි හෝ මෝරු බිඳුවක් හෝ වේනම් මෙය වටීදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ‘ඇවැත්නි’ මෙද නොවටීයයි කීහ. ඉක්බිති ඔවුහු උන්වහන්සේට ‘ස්වාමීනි’ එකට පිස පෙරන ලද්දාවහු තෙදවත් වූවාහු වෙත්. රෝගයට නිග්‍රහ කෙරෙත්’යි කීහ. ස්ථවිරයන් වහන්සේ ‘මැනැවැ ඇවැත්නි’යි පිළිගත්හ.

මහාසුමත්‍ථෙරො පනාහ – “කප‍්පියමංසවසා සාමිසපරිභොගෙ වට‍්ටති, ඉතරා නිරාමිසපරිභොගෙ වට‍්ටතී”ති. මහාපදුමත්‍ථෙරො පන “ඉදං කි”න‍්ති පටික‍්ඛිපිත්‍වා “නනු වාතාබාධිකා භික‍්ඛූ පඤ‍්චමූලකසාවයාගුයං අච‍්ඡසූකරතෙලාදීනි පක‍්ඛිපිත්‍වා යාගුං පිවන‍්ති, සා තෙජුස‍්සදත‍්තා රොගං නිග‍්ගණ‍්හාතී”ති වත්‍වා “වට‍්ටතී”ති ආහ.

මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කැපමස් වුරුණුතෙල් ආමිස සහිතවූ පරිභොගයෙහිලා වටියි. අනික් වුරුණුතෙල් ආමිසරහිත පරිභොගයෙන් වටීය’යි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ ‘මේ කිමැ’යි ප්‍රතික්‍ෂෙපකොට වාතාබාධ ඇති භික්‍ෂූහු පඤ්චමූල කසට යාගුවෙහි වලස් ඌරු තෙල් ආදිය බහා යාගුපානය කරන්නෝ නොවෙත්ද, ඒ යාගුව තෙද බලවත් බැවින් රොග නිග්‍රහ කෙරෙති’යි කියා එය වටීය’යි කීහ.

මධු නාම මක‍්ඛිකාමධූති මධුකරීහි නාම මධුමක‍්ඛිකාහි ඛුද‍්දකමක‍්ඛිකාහි භමරමක‍්ඛිකාහි ච කතං මධු. තං පුරෙභත‍්තං පටිග‍්ගහිතං පුරෙභත‍්තං සාමිසපරිභොගම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසපරිභොගමෙව වට‍්ටති. සත‍්තාහාතික‍්කමෙ සචෙ සිලෙසසදිසං මහාමධුං ඛණ‍්ඩං ඛණ‍්ඩං කත්‍වා ඨපිතං, ඉතරං වා නානාභාජනෙසු, වත්‍ථුගණනාය නිස‍්සග‍්ගියානි. සචෙ එකමෙව ඛණ‍්ඩං, එකභාජනෙ වා ඉතරං එකමෙව නිස‍්සග‍්ගියං. උග‍්ගහිතකං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං, අරුමක‍්ඛනාදීසු උපනෙතබ‍්බං. මධුපටලං වා මධුසිත්‍ථකං වා සචෙ මධුනා අමක‍්ඛිතං පරිසුද‍්ධං, යාවජීවිකං. මධුමක‍්ඛිතං පන මධුගතිකමෙව. චීරිකා නාම සපක‍්ඛා දීඝමක‍්ඛිකා, තුම‍්බලනාමිකා ච අට‍්ඨිපක‍්ඛා කාළමහාභමරා හොන‍්ති, තෙසං ආසයෙසු නිය්‍යාසසදිසං මධු හොති, තං යාවජීවිකං.

“මධු නාම මක්‍ඛිකාමධු”යි මීමැස්සන් විසින්ද කුඩා මීමැස්සන් විසින්ද, මහබමරමීමැස්සන් විසින්ද කරනලද මීයය. එය පෙරබත පිළිගන්නා ලද්දේ පෙරබත ආමිස සහිත පරිභොගයටද වටියි. පසුබත පටන් සත් දවසක් නිරාමිස පරිභොගයටම වටියි. සත්දවස ඉක්මීමෙහි ලහටු සමානවූ මහාමීයක් කඩකඩ කොට තබන ලද්දේද අනික් තුනී මීයක් හෝ නොයෙක් බඳුන්හි තබන ලද්දේද වස්තු ගණනින් නිසගීහු වෙත්. ඉදින් එක්ම කඩක් එක් බඳුනෙක හෝ අනික් තුනී මීයක් එක් බඳුනක හෝ වේද, එමම නිසගියක් වේ. උග්ගහිතකයද කියූ ලෙසින්ම දතයුතුය. වණලෙපාදියෙහි එළවිය යුතුය. මීවදයක් හෝ මීඉටි හෝ ඉදින් මීයෙන් නොතැවරුනේ පිරිසිදු වූයේ යාවජීවික වේ. මීයෙන් තැවරුනේ මධුගතිකාම වේ. චීරිකා නම් පියාපත් සහිතවූ දිග් මැස්සෝය. තුම්බල නම් ඇත්තෝද ඇටපියාපත් ඇති කලුමහ බමරුය. ඒ මැස්සන්ගේ ආශ්‍රයස්ථානයහි මැලියම් සමාන වූ මී ඇත්තේය. ඒ මී යාවජීවික වේ.

ඵාණිතං නාම උච‍්ඡුම‍්හා නිබ‍්බත‍්තන‍්ති උච‍්ඡුරසං උපාදාය අපක‍්කා වා අවත්‍ථුකපක‍්කා වා සබ‍්බාපි අවත්‍ථුකා උච‍්ඡුවිකති ඵාණිතන‍්ති වෙදිතබ‍්බා. තං ඵාණිතං පුරෙභත‍්තං පටිග‍්ගහිතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසමෙව වට‍්ටති. සත‍්තාහාතික‍්කමෙ වත්‍ථුගණනාය නිස‍්සග‍්ගියං. බහූ පිණ‍්ඩා චුණ‍්ණෙත්‍වා එකභාජනෙ පක‍්ඛිත‍්තා හොන‍්ති ඝනසන‍්නිවෙසා, එකමෙව නිස‍්සග‍්ගියං. උග‍්ගහිතකං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං, ඝරධූපනාදීසු උපනෙතබ‍්බං. පුරෙභත‍්තං පටිග‍්ගහිතෙන අපරිස‍්සාවිතඋච‍්ඡුරසෙන කතඵාණිතං සචෙ අනුපසම‍්පන‍්නෙන කතං, සාමිසම‍්පි වට‍්ටති. සයංකතං නිරාමිසමෙව වට‍්ටති. පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය පන සවත්‍ථුකපටිග‍්ගහිතත‍්තා අනජ‍්ඣොහරණීයං, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති. පච‍්ඡාභත‍්තං අපරිස‍්සාවිතපටිග‍්ගහිතෙන කතම‍්පි අනජ‍්ඣොහරණීයමෙව, සත‍්තාහාතික‍්කමෙපි අනාපත‍්ති. එස නයො උච‍්ඡුං පටිග‍්ගහෙත්‍වා කතඵාණිතෙපි. පුරෙභත‍්තං පන පරිස‍්සාවිතපටිග‍්ගහිතකෙන කතං සචෙ අනුපසම‍්පන‍්නෙන කතං පුරෙභත‍්තං සාමිසම‍්පි වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසමෙව. සයංකතං පුරෙභත‍්තම‍්පි නිරාමිසමෙව. පච‍්ඡාභත‍්තං පරිස‍්සාවිතපටිග‍්ගහිතෙන කතං පන නිරාමිසමෙව සත‍්තාහං වට‍්ටති. උග‍්ගහිතකකතං වුත‍්තනයමෙව. “ඣාමඋච‍්ඡුඵාණිතං වා කොට‍්ටිතඋච‍්ඡුඵාණිතං වා පුරෙභත‍්තමෙව වට‍්ටතී”ති මහාඅට‍්ඨකථායං වුත‍්තං.

“ඵාණිතං නාම උච්ඡුමහා නිබ්බත්තං”යි උක්පැණි පටන් නොපැසවූ හෝ ද්‍රව්‍ය විරහිතව පැසවූ හෝ සියලුම ද්‍රව්‍ය විරහිත උක් විකෘති තොමෝ ඵාණිතයි දතයුතුය. ඒ ඵාණිතය පෙරබත පිළිගන්නා ලද්දේ එදවස පෙරබත සාමිසයද වටියි. පසුබත පටන් සත් දවසක් නිරාමිසවම වටියි. සත්දවස ඉක්මීමෙහි වස්තුගණනින් නිසගි වේ. බොහෝ පිඬු සුණු කොට එක් බඳුනෙක දමන ලද්දාහු ඝන පැවැතුම් ඇත්තාහු වෙත්ද එක්ම නිසගියෙක් වේ. උග්ගහිතකය කියූ නයින්ම දතයුත්තේය. කෙවල දුම්දීම් ආදියෙහි එළවිය යුතුය. පෙරබත පිළිගත් නොපෙරූ උක්පැණියෙන් කළ හකුරු අනුපසම්පන්නයකු විසින් කරන ලද්දේ නම් සාමිසයද වටියි. තමන් විසින් කරන ලද්දේ නම් නිරාමිසයම වටියි. පසුබත පටන් ද්‍රව්‍ය සහිතව පිළිගත් බැවින් අනුභව නොකටයුතුය. සත්දවස ඉක්මීමෙහිදී ඇවැත් වේ. සපුබත නොපෙරනලදුව පිළිගන්නා ලද්දෙන් කරන ලද්දේද අනුභව නොකටයුතුම වේ. සත්දවස ඉක්මීමෙහිද ඇවැත් නොවේ. උක් පිළිගෙන කළ හකුරෙහිද මෙම නයවේ. පෙරබත පෙරනලදුව පිළිගත් හකුරෙන් කරන ලද්දේ, අනුපසපන්නයකු විසින් කරන ලද්දේ නම් පෙරබත සාමිසයද වටියි. පසුබත පටන් සත්දවසක් නිරාමිසයම වටියි. තමන් විසින් කරන ලද සකුරු පෙරබතද නිරාමිසයම වටියි. පසුබත පෙරන ලදුව පිළිගත් උක් පැණියෙන් කරනලද්ද වනාහි නිරාමිසම සත්දවසක් වටියි. උග්ගහිතකයෙන් කරන ලද්ද කියූනය ඇත්තේමය. ගින්නෙහිලා තැවූ ද්‍රව්‍ය රහිත උක්පැණි හෝ කුඩා කුඩා කොට උක් සිඳ කොටා පෙළා පැසවූ බොහෝ සෙයින් කසට සහිතවූ සකුරු හෝ පෙරබතම වටීය’යි මහාර්‍ත්‍ථකථාවෙහි කියන ලදී.

මහාපච‍්චරියං පන “එතං සවත්‍ථුකපක‍්කං වට‍්ටති, නො වට‍්ටතී”ති පුච‍්ඡං කත්‍වා “උච‍්ඡුඵාණිතං පච‍්ඡාභත‍්තං නොවට‍්ටනකං නාම නත්‍ථී”ති වුත‍්තං, තං යුත‍්තං. සීතුදකෙන කතං මධුකපුප‍්ඵඵාණිතං පුරෙභත‍්තං සාමිසං වට‍්ටති, පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සත‍්තාහං නිරාමිසමෙව. සත‍්තාහාතික‍්කමෙ වත්‍ථුගණනාය දුක‍්කටං. ඛීරං පක‍්ඛිපිත්‍වා කතං මධුකඵාණිතං යාවකාලිකං. ඛණ‍්ඩසක‍්ඛරං පන ඛීරජල‍්ලිකං අපනෙත්‍වා සොධෙන‍්ති, තස‍්මා වට‍්ටති. මධුකපුප‍්ඵං පන පුරෙභත‍්තං අල‍්ලං වට‍්ටති, භජ‍්ජිතම‍්පි වට‍්ටති. භජ‍්ජිත්‍වා තිලාදීහි මිස‍්සං වා අමිස‍්සං වා කත්‍වා කොට‍්ටිතම‍්පි වට‍්ටති. යදි පන තං ගහෙත්‍වා මෙරයත්‍ථාය යොජෙන‍්ති, යොජිතං බීජතො පට‍්ඨාය න වට‍්ටති. කදලී-ඛජ‍්ජූරී-අම‍්බ-ලබුජ-පනස-චිඤ‍්චාදීනං සබ‍්බෙසං යාවකාලිකඵලානං ඵාණිතං යාවකාලිකමෙව. මරිචපක‍්කෙහි ඵාණිතං කරොන‍්ති, තං යාවජීවිකං.

මහාපච්චරියෙහි වනාහි ‘ද්‍රවසහිතව පැසවූ මේ උක්හකුරු වටීද, නොවටීදැ’යි විචාරීම කොට ‘උක්හකුරු පසුබත නොවටින්නක් නම් නැත්තේය’යි කියන ලදි. එබඳු කසටය අව්‍යවහරික බැවින් ඒ යුතුයයි කියන ලදී. සිහිල් දියෙන් මැඩ පෙරා කරනලද මීමලින් කළ හකුරු එදවස පෙරබත සාමිසව වටියි. පසුබත පටන් සත්දවසක් නිරාමිසවම වටියි. සත්දවස ඉක්මීමෙහි වස්තු ගණනින් දුක්කටය වේ. කිරි බහා කළ මීපැණිය යාවකාලික වේ. කඩසකුරු කිරිපෙණ බැහැර කොට පිරිසිදු කෙරෙත්. එහෙයින් වටියි. තෙත් මීපුප් පෙරබතද වටියි. බදින ලද්දේද වටියි. බැද තල ආදිය සමග මිශ්‍රකොට හෝ අමිශ්‍රකොට හෝ කොටන ලද්දේද වටියි. ඉදින් ඒ මීමල් ගෙණ මේරය පිණිස යොදත් නම් යොදන ලද්ද බීජය පටන් නොවටියි. කෙසෙල් ඉඳි අඹ, දෙල්, කොස්, සියඹලා සියලු යාව කාලිකඵලයන්ගේ පැණි යාවකාලිකම වේ. ඉදිනු මිරිස්පලයෙන් පැණි සාදත්ද එද යාවජීවික වේ.

තානි පටිග‍්ගහෙත්‍වාති සචෙපි සබ‍්බානිපි පටිග‍්ගහෙත්‍වා එක ඝටෙ අවිනිබ‍්භොගානි කත්‍වා නික‍්ඛිපති , සත‍්තාහාතික‍්කමෙ එකමෙව නිස‍්සග‍්ගියං. විනිභුත‍්තෙසු පඤ‍්ච නිස‍්සග‍්ගියානි. සත‍්තාහං පන අනතික‍්කාමෙත්‍වා ගිලානෙනපි අගිලානෙනපි වුත‍්තනයෙනෙව යථාසුඛං පරිභුඤ‍්ජිතබ‍්බං. සත‍්තවිධඤ‍්හි ඔදිස‍්සං නාම – බ්‍යාධිඔදිස‍්සං, පුග‍්ගලොදිස‍්සං, කාලොදිස‍්සං, සමයොදිස‍්සං, දෙසොදිස‍්සං, වසොදිස‍්සං, භෙසජ‍්ජොදිස‍්සන‍්ති.

“තානි පටිග්ගහෙත්‍වා”යි ගිතෙල් ආදීවූ පස්වැදෑරුම් සියලු බෙහෙත් පිළිගෙන කළයෙක වෙනස් නොකොට තබාද, සත්දවස ඉක්මීමෙහි එක්ම නිසගියෙක් වේ. පස් වැදෑරුම් බෙහෙත් පිළිගෙණ කළයෙක වෙනස් නොකොට තබාද, සත්දවස ඉක්මීමෙහි එක්ම නිසගියෙක් වේ. පස්වැදෑරුම් බෙහෙත් වෙන්කළ කල්හි සත් දවස නොඉක්මවා ගිලනහු විසින්ද, නොගිලනහු විසින්ද, කියූ නයින්ම සැපසේ වැළඳිය යුතුය.

තත්‍ථ බ්‍යාධිඔදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, අමනුස‍්සිකාබාධෙ ආමකමංසං ආමකලොහිත”න‍්ති (මහාව· 264) එවං බ්‍යාධිං උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතං, තං තෙනෙව ආබාධෙන ආබාධිකස‍්ස වට‍්ටති, න අඤ‍්ඤස‍්ස. තඤ‍්ච ඛො කාලෙපි විකාලෙපි කප‍්පියම‍්පි අකප‍්පියම‍්පි වට‍්ටතියෙව.

ව්‍යාධිඔදිස්ස - පුග්ගලොදිස්ස - කාලොදිස්ස - සමයොදිස්ස - දෙසොදිස්ස - වසොදිස්ස - භෙසජ්ජොදිස්ස යි ඔදිස්සය සත් වැදෑරුම් වේ. එහි ව්‍යාධිඔදිස්ස නම් ‘මහණෙනි’ අමනුෂ්‍යකාබාධයෙහි අමුමස් අමුලේ අනුදනිමි’යි මෙසේ ව්‍යාධීන් උදෙසා අනුදන්නා ලද්දේය. ඒ අමුමස් අමුලේ ඒ ආබාධයෙන්ම පෙළීම් ඇත්තහුට වටියි. අන්හට නොසුදුසය. එද කාලයෙහි හා විකාලයෙහිද කැපයද අකැපයද ගැනීම වරද නොවේ.

පුග‍්ගලොදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, රොමන්‍ථකස‍්ස රොමන්‍ථනං. න ච, භික‍්ඛවෙ, බහිමුඛද‍්වාරං නීහරිත්‍වා අජ‍්ඣොහරිතබ‍්බ”න‍්ති (චූළව· 273) එවං පුග‍්ගලං උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතං, තං තස‍්සෙව වට‍්ටති, න අඤ‍්ඤස‍්ස.

පුග්ගලොදිස්ස නම් ‘මහණෙනි’ මහණහුට අනුදනිමි. මහණෙනි’, මුවදොරින් පිටතට ගෙණ අනුභව නොකටයුතුය’යි මෙසේ පුද්ගලයා උදෙසා අනුදන්නා ලද්දේය. ඒ ගොමන්‍ථය ඒ මහණහුටම සුදුසු වේ. අන්හට සුදුසු නොවේ.

කාලොදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, චත‍්තාරි මහාවිකටානි දාතුං – ගූථං, මුත‍්තං, ඡාරිකං, මත‍්තික”න‍්ති (මහාව· 268) එවං අහිනා දට‍්ඨකාලං උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතං, තං තස‍්මිංයෙව කාලෙ අප‍්පටිග‍්ගහිතකම‍්පි වට‍්ටති, න අඤ‍්ඤස‍්මිං.

කාලොදිස්ස නම්, ගුථ, මුත්‍ර, අලු, මැටි යන සිවුවැදෑරුම් වූ මහාවිකටයන් අනුදනිමි’යි මෙසේ සර්‍පයන් දෂ්ටකළ කාලය උදෙසා අනුදන්නා ලද්දේය. ඒ චතුර්විධ මහාවිකටය ඒ කාලයෙහිම නොපිළිගන්නා ලද්දේ ද වටියි. අන්කලෙක ගැණීම සුදුසු නොවේ.

සමයොදිස‍්සං නාම – “ගණභොජනෙ අඤ‍්ඤත්‍ර සමයා”තිආදිනා (පාචි· 217) නයෙන තං තං සමයං උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතා අනාපත‍්තියො, තා තස‍්මිං තස‍්මිංයෙව සමයෙ අනාපත‍්තියො හොන‍්ති, න අඤ‍්ඤදා.

සමසොදිස්ස නම් ‘ගණභොජනෙ අඤ්ඤත්‍ර සමයා’ යනාදි නයින් ඒ ඒ සමය උදෙසා අනුදත් අනාපත්තීහුය. ඒ අනුදන්නා ලද්දාහු ඒ ඒ කාලයෙහිම අනාපත්තීහු වෙත්. අන්කලෙක්හි නොවෙත්.

දෙසොදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, එවරූපෙසු පච‍්චන‍්තිමෙසු ජනපදෙසු විනයධරපඤ‍්චමෙන ගණෙන උපසම‍්පද”න‍්ති (මහාව· 259) එවං පච‍්චන‍්තදෙසෙ උද‍්දිස‍්ස අනුඤ‍්ඤාතානි උපසම‍්පදාදීනි, තානි තත්‍ථෙව වට‍්ටන‍්ති, න මජ‍්ඣිමදෙසෙ.

දෙසොදිස්ස නම්, ‘මහණෙනි’ මෙබඳු පසල් දනවුහි විනයධරයා පස්වන කොට ඇති ගණයා විසින් උපසම්පදාව අනුදනිමි’යි මෙසේ පසල් දනවු උදෙසා අනුදත් උපසම්පදාදීහුය. ඒ උපසම්පදාදීහු එහිම වටිත්. මද්ධ්‍යම දෙශයෙහි නොවටිත්.

වසොදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, වසානි භෙසජ‍්ජානී”ති (මහාව· 262) එවං වසානාමෙන අනුඤ‍්ඤාතං , තං ඨපෙත්‍වා මනුස‍්සවසං සබ‍්බෙසං කප‍්පියාකප‍්පියවසානං තෙලං තංතදත්‍ථිකානං තෙලපරිභොගෙන පරිභුඤ‍්ජිතුං වට‍්ටති.

වසොදිස්ස නම්, ‘මහණෙනි’ වුරුණු බෙහෙත් අනුදනිමි’යි මෙසේ වුරුණු නාමයෙන් අනුදන්නා ලද්දය. මිනිස් වුරුණු හැර සියලු කැප අකැප වුරුණු තෙලක් වේද, ඒ වුරුණු එය ප්‍රයොජනකොට ඇත්තන්ට තෙලපරිභොගයෙන් පරිභොග කිරීම වටියි.

භෙසජ‍්ජොදිස‍්සං නාම – “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්ච භෙසජ‍්ජානී”ති (මහාව· 260-261) එවං භෙසජ‍්ජනාමෙන අනුඤ‍්ඤාතානි ආහාරත්‍ථං ඵරිතුං සමත්‍ථානි සප‍්පිනවනීතතෙලමධුඵාණිතන‍්ති. තානි පටිග‍්ගහෙත්‍වා තදහුපුරෙභත‍්තං යථාසුඛං පච‍්ඡාභත‍්තතො පට‍්ඨාය සති පච‍්චයෙ වුත‍්තනයෙනෙව සත‍්තාහං පරිභුඤ‍්ජිතබ‍්බානි.

මෙය භෙසජ්ජොදිස්ස නම්, ‘මහණෙනි’ පස්වැදෑරුම් බෙහෙත් අනුදනිමි’යි මෙසේ භෛෂජ්‍ය නාමයෙන් අනුදත් ආහාර පිණිස ගැනීමට සමර්‍ත්‍ථ වූ ගිතෙල්, වෙඬරු, තල, තෙල්, මී, හකුරුය. ඒ පංචවිධ භෛෂජ්‍යයන් පිළිගෙණ එදවස පෙරබත සැපයේද පසුබත පටන් ප්‍රත්‍යය ඇති කල්හි කියූ නයින්ම, සත්දවසක් පරිභොග කටයුතුය.

සත‍්තාහාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති සචෙපි සාසපමත‍්තං හොති සකිං වා අඞ‍්ගුලියා ගහෙත්‍වා ජිව‍්හාය සායනමත‍්තං නිස‍්සජ‍්ජිතබ‍්බමෙව, පාචිත‍්තියඤ‍්ච දෙසෙතබ‍්බං.

“සත්තාහානික්කන්තෙ අතික්කන්තසඤ්ඤී නිස්සග්ගියං පාචිත්තියං” ඉදින් අබැටක් පමණවේද, වරක් හෝ ඇඟිල්ලෙන් ගෙණ දිවින් ලෙවින පමණ වේද, නිස දිය යුතුමය. පාචිත්තියද දෙසිය යුතුය.

න කායිකෙන පරිභොගෙන පරිභුඤ‍්ජිතබ‍්බන‍්ති කායො වා කායෙ අරු වා න මක‍්ඛෙතබ‍්බං. තෙහි මක‍්ඛිතානි කාසාවකත‍්තරයට‍්ඨිඋපාහනපාදකථලිකමඤ‍්චපීඨාදීනිපි අපරිභොගානි. “ද‍්වාරවාතපානකවාටෙසුපි හත්‍ථෙන ගහණට‍්ඨානං න මක‍්ඛෙතබ‍්බ”න‍්ති මහාපච‍්චරියං වුත‍්තං. “කසාවෙ පන පක‍්ඛිපිත්‍වා ද‍්වාරවාතපානකවාටානි මක‍්ඛෙතබ‍්බානී”ති මහාඅට‍්ඨකථායං වුත‍්තං.

“න කායිකෙත පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං”යි කය හෝ කයෙහි හටගත් වණය හෝ ආලෙප නොකට යුතුය. ඒ ගිතෙල් ආදියෙන් ආලෙප කළ කසාවත් සැරයටි වහන් පාතබන පුවරු ඇඳ පුටු පරිභොග නොකටයුත්තාහ. දොරජනෙල්, කවුළුවල අතින් ගන්නා ආලෙප නොකටයුත්තේයයි මහාපච්චරියෙහි කියන ලද්දේය. කසටෙහි බහා දොර ජනෙල් කවුළු ආලෙප කටයුතුය’යි මහාර්‍ත්‍ථකථාවෙහි කියනලදී.

අනාපත‍්ති අන‍්තොසත‍්තාහං අධිට‍්ඨෙතීති සත‍්තාහබ‍්භන‍්තරෙ සප‍්පිඤ‍්ච තෙලඤ‍්ච වසඤ‍්ච මුද‍්ධනිතෙලං වා අබ‍්භඤ‍්ජනං වා මධුං අරුමක‍්ඛනං ඵාණිතං ඝරධූපනං අධිට‍්ඨෙති, අනාපත‍්ති. සචෙ අධිට‍්ඨිතතෙලං අනධිට‍්ඨිතතෙලභාජනෙ ආකිරිතුකාමො හොති, භාජනෙ චෙ සුඛුමං ඡිද‍්දං පවිට‍්ඨං පවිට‍්ඨං තෙලං පුරාණතෙලෙන අජ‍්ඣොත්‍ථරීයති, පුන අධිට‍්ඨාතබ‍්බං. අථ මහාමුඛං හොති, සහසාව බහුතෙලං පවිසිත්‍වා පුරාණතෙලං අජ‍්ඣොත්‍ථරති, පුන අධිට‍්ඨානකිච‍්චං නත්‍ථි. අධිට‍්ඨිතගතිකමෙව හි තං හොති, එතෙන නයෙන අධිට‍්ඨිතතෙලභාජනෙ අනධිට‍්ඨිතතෙලාකිරණම‍්පි වෙදිතබ‍්බං.

“අනාපත්ති අන්නො සත්තාහං අධිට්ඨෙති” යනු සත්දවසතුල ගිතෙල්ද තලතෙල්ද වුරුණුද මුදුනෙහි ගාන තෙලට හෝ ඇඟ ගෑමට හෝ, මී වණලෙපයට ඵාණිතය. ගෘහධූපනයට ඉටාද ඇවැත් නොවේ. ඉටූ තෙල් නොඉටූ තෙල් බඳුනෙක වක්කරනු කැමැත්තේ වේද, බඳුනෙහිවූ සියුම් සිදුර වක්කළ වක්කළ තෙල් පරණ තෙලින් යටපත් කරනු ලැබේද නැවත ඉටිය යුතුය. තවද මහාමුඛයෙක් වේද, ඉක්මන්වම බොහෝ තෙල් ඇතුල්ව පරණතෙල් යට කෙරේද, නැවත ඉටීම් කිසෙක් නැත්තේය. ඒ තෙල ඉටූගත ඇත්තේම වේ. මේ නයින් ඉටූ තෙල්බඳුනෙහි නොඉටූතෙල් වැක්කිරීමද දතයුතුය.

විස‍්සජ‍්ජෙතීති එත්‍ථ සචෙ ද‍්වින‍්නං සන‍්තකං එකෙන පටිග‍්ගහිතං අවිභත‍්තං හොති, සත‍්තාහාතික‍්කමෙ ද‍්වින‍්නම‍්පි අනාපත‍්ති, පරිභුඤ‍්ජිතුං පන න වට‍්ටති. සචෙ යෙන පටිග‍්ගහිතං, සො ඉතරං භණති – “ආවුසො, ඉමං තෙලං සත‍්තාහමත‍්තං පරිභුඤ‍්ජ ත්‍ව”න‍්ති. සො ච පරිභොගං න කරොති, කස‍්ස ආපත‍්ති? න කස‍්සචිපි ආපත‍්ති . කස‍්මා? යෙන පටිග‍්ගහිතං තෙන විස‍්සජ‍්ජිතත‍්තා, ඉතරස‍්ස අප‍්පටිග‍්ගහිතත‍්තා.

“වියෙජ්ජෙති”යි මෙහි දෙදෙනකු සන්තකය එකතු විසින් පිළිගන්නා ලද්දේ නොබෙදන ලද්දේවේද සත්දවස ඉක්මීමෙහි දෙදෙනාහටම ඇවැත් නොවේ. නිසගි නොවේය යන අදහසය. මහණක්හු විසින් පිළිගත් බැවින් සත් දවස ඉක්මීමෙහි යම්කිසි මහණක්හට පරිභොග කිරීම සුදුසු නොවේ. යමකු විසින් පිළිගන්නා ලද්දේ ද, හෙතෙමේ ‘ඇවැත’ මේ තෙල ඔබ සත්දහසක් පමණ පරිභොග කරහු’යි අන් මහණක්හට කියයිද, හෙතෙමේද පරිභොගය නොකෙරේ’යි. එකල්හි කවරක්හට ඇවැත්වේද, යත්: කිසිවකු හටත් ඇවැත් නොවේ. කුමක් හෙයින, යත්: යමක්හු විසින් පිළිගන්නා ලද්දේ ද, ඔහු විසින් හළබැවිනි. අන් මහණහු නොපිළිගත් බැවිනි.

විනස‍්සතීති අපරිභොගං හොති. චත‍්තෙනාතිආදීසු යෙන චිත‍්තෙන භෙසජ‍්ජං චත‍්තඤ‍්ච වන‍්තඤ‍්ච මුත‍්තඤ‍්ච හොති, තං චිත‍්තං චත‍්තං වන‍්තං මුත‍්තන‍්ති වුච‍්චති. තෙන චිත‍්තෙන පුග‍්ගලො අනපෙක‍්ඛොති වුච‍්චත‍්ති, එවං අනපෙක‍්ඛො සාමණෙරස‍්ස දත්‍වාති අත්‍ථො. ඉදං කස‍්මා වුත‍්තං? “එවං අන‍්තොසත‍්තාහෙ දත්‍වා පච‍්ඡා ලභිත්‍වා පරිභුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්තිදස‍්සනත්‍ථ”න‍්ති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පනාහ – “නයිදං යාචිතබ‍්බං, අන‍්තොසත‍්තාහෙ දින‍්නස‍්ස හි පුන පරිභොගෙ ආපත‍්තියෙව නත්‍ථි. සත‍්තාහාතික‍්කන‍්තස‍්ස පන පරිභොගෙ අනාපත‍්තිදස‍්සනත්‍ථමිදං වුත‍්ත”න‍්ති. තස‍්මා එවං දින‍්නං භෙසජ‍්ජං සචෙ සාමණෙරො අභිසඞ‍්ඛරිත්‍වා වා අනභිසඞ‍්ඛරිත්‍වා වා තස‍්ස භික‍්ඛුනො නත්‍ථුකම‍්මත්‍ථං දදෙය්‍ය, ගහෙත්‍වා නත්‍ථුකම‍්මං කාතබ‍්බං. සචෙ බාලො හොති, දාතුං න ජානාති, අඤ‍්ඤෙන භික‍්ඛුනා වත‍්තබ‍්බො – “අත්‍ථි තෙ, සාමණෙර, තෙල”න‍්ති “ආම, භන‍්තෙ, අත්‍ථී”ති. “ආහර, ථෙරස‍්ස භෙසජ‍්ජං කරිස‍්සාමා”ති. එවම‍්පි වට‍්ටති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“විනස්සති”යි අපරිභොගය වේ. “චත්තෙන” යනු යනාදි තන්හි පරිත්‍යාග කරන කැමැති සිතින් බෙහෙත හරන ලද්දේවේද, වමනය කරන ලද්දේවේද, මුදන ලද්දේවේද, ඒ සිත චත්තය. වන්තය, මුක්තයයි කියනු ලැබේ. ඒ සිතින් පුද්ගල තෙමේ අපෙක්‍ෂා රහිතයයි කියනු ලැබේ. මෙසේ අපෙක්‍ෂා රහිතව හෙරණක්හට දානය කොට යන අර්‍ත්‍ථයි. මේ කාරණය කුමක් හෙයින් කියන ලද්දේ ද, යත්: මෙසේ සත් දවස තුළ දානය කොට නැවත ලබා පරිභොග කරන මහණහුට ඇවැත් නොවේයයි දක්වනු පිණිසැයි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ අපෙක්‍ෂාරහිතව දෙනලද මෙය නොඉල්ලිය යුතුය. සත් දවස තුළ දුන් මහණහුට නැවත පරිභොගයෙහි ඇවැතක් නැත්තේමය. සත් දවස ඉක්මවන මහණහුට පරිභොගයෙහි අනාපත්ති දක්වනු පිණිස මෙය කියන ලදැයි කීහ. එහෙයින්ම දෙන ලද බෙහෙත ඉදින් හෙරණෙක් තෙමේ සකස්කොට හෝ සකස් නොකොට හෝ ඒ මහණහුට නස්‍ය කිරීම පිණිස දෙන්නේ නම් ගෙණ නස්‍ය කර්‍මය කටයුතුය. ඉදින් බාලයෙක් වේනම් දෙන්නට නොදනීනම් අන් මහණක්හු විසින් ‘හෙරණ’ තෙල් තිබේදැ’යි විචාළ යුතුය. ‘ස්වාමීනි’ එසේය, ඇත්තේයයි කියූ කල්හි ‘ගෙණ එව, තෙරුන්ට බෙහෙත් කරන්නෙමුයි මෙසේද වටියි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

කථිනසමුට‍්ඨානං, අකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

කඨිනසමුත්‍ථානිකය. අක්‍රියා සමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

භෙසජ‍්ජසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

භෙසජ්ජශික්‍ෂාපද වර්‍ණනාව නිමි.