ඌනපඤ්චබන්ධනසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
ඌනපඤ්චබන්ධනසික්ඛාපදවණ්ණනා
ඌනපඤ්චබන්ධන ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙනාති ඌනපඤ්චබන්ධනසික්ඛාපදං. තත්ථ න යාපෙතීති සො කිර යදි අරියසාවකො නාභවිස්සා, අඤ්ඤථත්තම්පි අගමිස්සා, එවං තෙහි උබ්බාළ්හො, සොතාපන්නත්තා පන කෙවලං සරීරෙනෙව න යාපෙති, තෙන වුත්තං – “අත්තනාපි න යාපෙති, පුත්තදාරාපිස්ස කිලමන්තී”ති.
“තෙන සමයෙ”යි ඌනපඤ්චබන්ධන ශික්‍ෂාපදයයි. එහි “න යා පෙති” යනු ඒ කුඹල් තෙමේ වනාහි ඉදින් ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් නොවූයේ නම් වෙනස්බවටද යන්නේය. මෙසේ ඒ මහණුන් විසින් පීඩාකරන ලද්දේ සෝවාන් බැවින් හුදෙක් සිරුරෙන් පමණක්ම නොයැදුනේය. ‘අත්තනාපි න යාපෙති, පුත්තදාරොපිස්ස කිලමති’ යනු එහෙයින් කියනලදි.
ඌනපඤ්චබන්ධනෙනාති එත්ථ ඌනානි පඤ්ච බන්ධනානි අස්සාති ඌනපඤ්චබන්ධනො, නාස්ස පඤ්ච බන්ධනානි පූරෙන්තීති අත්ථො, තෙන ඌනපඤ්චබන්ධනෙන. ඉත්ථම්භූතස්ස ලක්ඛණෙ කරණවචනං. තත්ථ යස්මා අබන්ධනස්සාපි පඤ්ච බන්ධනානි න පූරෙන්ති, සබ්බසො නත්ථිතාය, තස්මා පදභාජනෙ “අබන්ධනො වා”තිආදි වුත්තං . “ඌනපඤ්චබන්ධනෙනා”ති ච වුත්තත්තා යස්ස පඤ්චබන්ධනො පත්තො හොති, තස්ස සො අපත්තො, තස්මා අඤ්ඤං විඤ්ඤාපෙතුං වට්ටති. බන්ධනඤ්ච නාමෙතං යස්මා බන්ධනොකාසෙ සති හොති, අසති න හොති, තස්මා තස්ස ලක්ඛණං දස්සෙතුං “අබන්ධනොකාසො නාමා”තිආදි වුත්තං.
“ඌනපඤ්චබන්ධනෙන”යි. එහි අඩුවූ පස්බැඳුමෙක් මේ පාත්රයටනුයි ඌනපඤ්චබන්ධන නම. මේ පාත්‍රයෙහි පස්බැඳුමෙක් නොපිරේය යන අර්‍ත්‍ථයි. ඒ අඩු පස් බැඳුම් ඇති පාත්‍රය කරණකොට ගෙණ. ඉත්ථම්භූත ලක්ෂණයෙහි කරණවචනයි. එහි යම්හෙයකින් මුළුමනින් නැති බැවින් බැඳුම් රහිත පාත්රයෙහිද පඤ්චබන්ධනයෝ නොපිරෙත්ද, එහෙයින් පදභාජනයෙහි ‘අබන්ධනොවා’ යනාදිය වදාරනලදි. ‘ඌනපඤ්චබන්ධනෙනයිද කියූ බැවින් යම් මහණක්හට පඤ්චබන්ධනයෙන් යුත් පාත්‍රයෙක් වේ, ඒ මහණහුගේ ඒ පාත්‍රය පුත්‍රයෙක් නොවේ. එහෙයින් අනිකක් විනවා ගැනීම වටියි. මේ බන්ධනය නම් යම්හෙයකින් බැඳීමට ඉඩ ඇති කල්හි වේද නැති කල්හි නොවේද, එහෙයින් එහි ලක්ෂණ දැක්වීම පිණිස ‘අබන්ධනොකාසො නාම’ යනාදිය කියනලදි.
ද්වඞ්ගුලා රාජි න හොතීති මුඛවට්ටිතො හෙට්ඨා ද්වඞ්ගුලප්පමාණා එකාපි රාජි න හොති. යස්ස ද්වඞ්ගුලා රාජි හොතීති යස්ස පන තාදිසා එකා රාජි හොති, සො තස්සා රාජියා හෙට්ඨිමපරියන්තෙ පත්තවෙධකෙන විජ්ඣිත්වා පචිත්වා සුත්තරජ්ජුක-මකචිරජ්ජුකාදීහි වා තිපුසුත්තකෙන වා බන්ධිතබ්බො, තං බන්ධනං ආමිසස්ස අලග්ගනත්ථං තිපුපට්ටකෙන වා කෙනචි බද්ධසිලෙසෙන වා පටිච්ඡාදෙතබ්බං. සො ච පත්තො අධිට්ඨහිත්වා පරිභුඤ්ජිතබ්බො, සුඛුමං වා ඡිද්දං කත්වා බන්ධිතබ්බො. සුද්ධෙහි පන මධුසිත්ථකලාඛාසජ්ජුලසාදීහි බන්ධිතුං න වට්ටති. ඵාණිතං ඣාපෙත්වා පාසාණචුණ්ණෙන බන්ධිතුං වට්ටති. මුඛවට්ටිසමීපෙ පන පත්තවෙධකෙන විජ්ඣියමානො කපාලස්ස බහලත්තා භිජ්ජති, තස්මා හෙට්ඨා විජ්ඣිතබ්බො. යස්ස පන ද්වෙ රාජියො එකායෙව වා චතුරඞ්ගුලා, තස්ස ද්වෙ බන්ධනානි දාතබ්බානි. යස්ස තිස්සො එකායෙව වා ඡළඞ්ගුලා, තස්ස තීණි. යස්ස චතස්සො එකායෙව වා අට්ඨඞ්ගුලා, තස්ස චත්තාරි. යස්ස පඤ්ච එකායෙව වා දසඞ්ගුලා, සො බද්ධොපි අබද්ධොපි අපත්තොයෙව, අඤ්ඤො විඤ්ඤාපෙතබ්බො. එස තාව මත්තිකාපත්තෙ විනිච්ඡයො.
“ද්වඞ්ගුල රාජි න හොති”යි මුවවිටින් යට දැඟුල් පමණවූ එකද රෙඛාවක් නොවේද, “යස්ස ද්වඞ්ගුලා රාජී හොති” යම් පත්‍රයක එබඳු එක් රෙඛාවක් වේද, ඒ පාත්‍රය ඒ රෙඛාවෙහි යට කෙළවර පාවිදින කටුවකින් විද පිස හූරැහන් නියද වැහැරි රැහැන් ආදියකින් හෝ ඊයම් හුයකින් හෝ බැඳිය යුතුය. ඒ බැදුම ආමිස නො ඇලෙනු පිණිස ඊයම් පටකින් හෝ බැඳී සිටුනා කිසි ලහටුවකින් හෝ වැසිය යුතුය. ඒ පාත්‍රයද ඉටා පරිභොග කටයුතුය. සියුම් සිදුරක් හෝ කොට බැදිය යුතුය. පිරිසිදුවූ මීඉටි ලාකඩ දුම්මල ආදියෙන් බැඳීම නොවටියි. පැණි දවා ගල්කුඩු වලින් බැඳීම වටියි. මුවවිට සමීපයෙහි පාවිදින කටුවෙන් විදිනු ලබන්නේ කබල ඝන බැවින් බිඳී යේද එහෙයින් මුවවිටින් යට විදිය යුතුය. යම් පාත්රයක්හුගේ රෙඛා දෙකක් හෝ එකක්ම හෝ සතරඟුල් වීද, ඒ පාත්‍රයට ඇඳුම් දෙකක් දියයුතුය. යම්පාත්රයක රෙඛාතුනක් හෝ වේද එකක්ම සයඟුල් ඇත්තීද ඒපාත්රයට ඇඳුම් තුනෙකි. යම් පාත්‍රයක රෙඛා සතරක් හෝ එකක්ම අඟුල් පමණ වේද, ඒ පාත්‍රයට බැඳුම් සතරෙක් වේ. යම් පාත්‍රයක පස් රෙඛාවක් හෝ එකක්ම හෝ දසඟුල් පමණවේද, ඒ පාත්‍රය බඳින ලද්දේද නොබඳින ලද්දේද පාත්‍රයෙක් නොවේමය. අනික් පාත්‍රයෙක් තෙමේ ඉල්ලා ගතයුතුය. මේ වනාහි මැටියෙන් කළ පාත්‍රයෙහි විනිශ්චයයි.
අයොපත්තෙ පන සචෙපි පඤ්ච වා අතිරෙකානි වා ඡිද්දානි හොන්ති, තානි චෙ අයචුණ්ණෙන වා ආණියා වා ලොහමණ්ඩලකෙන වා බද්ධානි මට්ඨානි හොන්ති, ස්වෙව පත්තො පරිභුඤ්ජිතබ්බො, න අඤ්ඤො විඤ්ඤාපෙතබ්බො. අථ පන එකම්පි ඡිද්දං මහන්තං හොති, ලොහමණ්ඩලකෙන බද්ධම්පි මට්ඨං න හොති, පත්තෙ ආමිසං ලග්ගති, අකප්පියො හොති, අයං අපත්තො. අඤ්ඤො විඤ්ඤාපෙතබ්බො.
යකඩින් කළ පාත්‍රයෙහි පසක් හෝ එයට වැඩියක් හෝ සිදුරුවේද, ඒ සිදුරුදු යකඩ කුඩුවලින් හෝ ඇණයෙන් හෝ ලොහොමඩුල්ලෙන් හෝ බඳින ලද්දේ මට කරන ලද්දේවේද, එම පාත්‍රය පරිභොග කටයුතුය. නැවත එක් සිදුරෙක් මහත්වේද, ලොහොමඩුල්ලෙන් බදින ලද්දේත් මට නොවේ, පාත්‍රයෙහි ආමිස ඇලේද, මේ පාත්‍රය නොකැපවේ. අනික් පාත්‍රයෙන් ඉල්ලා ගත යුතුය.
ථෙරො වත්තබ්බොති පත්තෙ ආනිසංසං දස්සෙත්වා “අයං, භන්තෙ, පත්තො පමාණයුත්තො සුන්දරො ථෙරානුරූපො, තං ගණ්හථා”ති වත්තබ්බො. යො න ගණ්හෙය්යාති අනුකම්පාය න ගණ්හන්තස්ස දුක්කටං. යො පන සන්තුට්ඨියා “කිං මෙ අඤ්ඤෙන පත්තෙනා”ති න ගණ්හාති, තස්ස අනාපත්ති. පත්තපරියන්තොති එවං පරිවත්තෙත්වා පරියන්තෙ ඨිතපත්තො.
“ථෙරො වත්තබ්බො”යි ස්වාමීනි මේ පාත්‍රය පමණින් යුක්තය. සොදුරුය, තෙරුන්ට සුදුසුය’යි නිසදනලද පාත්‍රයෙහි අනුසස් දක්වා ‘එය ගණු මැනැවැ’යි තෙරුන්ට කිය යුතුය. “යො න ගණ්හෙය්ය” අනුකම්පාවෙන් නොගන්නා මහණහුට දුක්කටය වේ. යම් මහණෙක් වනාහි සතුටින් ‘මට අනික්න පාත්රයකින් කිමැ’යි නොගනීද, ඒ මහණහුට ඇවැත් නොවේ. “පත්තපරියන්තො” එසේ කියූ කල්හි ස්ථවිර තෙමේ ඒ පාත්‍රය ගන්නේ නම්, ස්ථවිරයන්ගේ පාත්‍රය දෙවන ස්ථවිරයන්ට දියයුතුය. ස්ථවිර තෙමේ මට පාත්‍රයෙක් තිබේයි කියා අනුකම්පාවෙන් නොගන්නේ නම් ඒ නිසදනලද පාත්‍රයම දෙවන ස්ථවිරයන්ට දිය යුතුය. මේ පිළිවෙළින් කෙළවර සිටි මහණහු දක්වා ඒ කෙළවර සිටි පාත්‍රය සම්මතලද මහණහු විසින් මේ පාත්‍රය බිදීම දක්වා පරිහරණය කරවායි කියා පාත්‍රය නිසදූ මහණහුට දියයුතුයයි මෙසේ පෙළෙහි කියූ නයින් පෙරළා කෙළවර සිටි පාත්‍රය
න අදෙසෙති මඤ්චපීඨඡත්තනාගදන්තකාදිකෙ අදෙසෙ, න නික්ඛිපිතබ්බො. යත්ථ පුරිමං සුන්දරං පත්තං ඨපෙති, තත්ථෙව ඨපෙතබ්බො. පත්තස්ස හි නික්ඛිපනදෙසො “අනුජානාමි, භික්ඛවෙ, ආධාරක”න්තිආදිනා නයෙන ඛන්ධකෙ වුත්තොයෙව.
“න අදෙසෙ” ඇඳ පුටු සත් බිතුයෙහි ගැසූ නාදත් ආදීවූ නොතැන්හි නොතැබිය යුතුය. යම් තැනක පළමුකොට සොඳුරු පාත්‍රයක් තබාද, එහිම තැබිය යුතුය. පාත්‍රය තබන පෙදෙස “අනුජානාමි භික්ඛවෙ ආධාරකං” යනාදි නයින් ඛන්ධකයෙහි කියන ලද්දේමය.
න අභොගෙනාති යාගුරන්ධනරජනපචනාදිනා අපරිභොගෙන න පරිභුඤ්ජිතබ්බො. අන්තරාමග්ගෙ පන බ්යාධිම්හි උප්පන්නෙ අඤ්ඤස්මිං භාජනෙ අසති මත්තිකාය ලිම්පෙත්වා යාගුං වා පචිතුං උදකං වා තාපෙතුං වට්ටති.
“න අභොගෙන” කැඳ පිසීම් ආදීවූ අයුතු පරිභොගයෙන් නොවැළඳිය යුතුය. අතරමගදී ව්‍යාධියක් උපන් කල්හි අන් බඳුනක් නැති කල්හි මැටියෙන් ආලෙප කොට කැඳ හෝ උයන්නට වතුර හෝ උණු කරන්නට වටියි.
න විස්සජ්ජෙතබ්බොති අඤ්ඤස්ස න දාතබ්බො. සචෙ පන සද්ධිවිහාරිකො වා අන්තෙවාසිකො වා අඤ්ඤං වරපත්තං ඨපෙත්වා “අයං මය්හං සාරුප්පො, අයං ථෙරස්සා”ති ගණ්හාති, වට්ටති. අඤ්ඤො වා තං ගහෙත්වා අත්තනො පත්තං දෙති, වට්ටති. “මය්හමෙව පත්තං ආහරා”ති වත්තබ්බකිච්චං නත්ථි.
“න විස්සජ්ජෙතබ්බො” අනිකක්හට නොදිය යුත්තේය. සද්ධිවිහාරිකයෙක් හෝ අන්තෙවාසිකයෙක් හෝ අනික් සොඳුරු පාත්‍රයක් තබා ‘මේ පාත්‍රය මට සුදුසුය. මේ පාත්‍රය තෙරුන්ට සුදුසුය’යි ගනී නම් වටියි. අන් මහණෙක් හෝ ඒ පාත්‍රය ගෙන තමන්ගේ පාත්‍රය දේ නම් වටියි. ‘මාගේම පාත්‍රය ගෙණ එවු’යි කියයුතු කෘත්‍යයෙක් නැත්තේය.
පවාරිතානන්ති එත්ථ සඞ්ඝවසෙන පවාරිතට්ඨානෙ පඤ්චබන්ධනෙනෙව වට්ටති. පුග්ගලවසෙන පවාරිතට්ඨානෙ ඌනපඤ්චබන්ධනෙනාපි වට්ටතීති කුරුන්දියං වුත්තං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
“පවාරිතානං” මෙහි සඞ්ඝයාගේ වසයෙන් පැවැරූ තන්හි පඤ්චබන්ධනයෙන්ම සුදුසුවේයයි කුරුන්දියෙහි කියනලදි. මෙහි සෙස්ස ප්‍රකටමය.
ඡසමුට්ඨානං , කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මවචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාවෙන් උපදී. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්රිමවෙදනයි.
ඌනපඤ්චබන්ධනසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
ඌනපඤ්චබන්ධන ශික්ෂාපද වර්ණනාව නිමි.