ඌනපඤ්චබන්ධන සික්ඛාපදං
5. 3. 2.
5. 3. 2.
ඌනපඤ්චබන්ධන සික්ඛාපදං
ඌනපඤ්චබන්ධන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන කුම්භකාරෙන භික්ඛූ පවාරිතා හොන්ති: “යෙසං අය්යානං පත්තෙන අත්ථො අහං පත්තෙනා”ති. තෙන ඛො පන සමයෙන භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙන්ති. යෙසං ඛුද්දකා පත්තා තෙ මහන්තෙ පත්තෙ විඤ්ඤාපෙන්ති. යෙසං මහන්තා පත්තා තෙ ඛුද්දකෙ පත්තෙ විඤ්ඤාපෙන්ති. අථ ඛො සො කුම්භකාරො භික්ඛූනං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං, අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. -
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි එක්තරා කුඹල්කරුවකු විසින් භික්ෂූහු පවරණ ලද්දාහු වෙත්. “යම් ආර්‍ය්‍යයන් වහන්සේ කෙනකුන්ට පාත්‍රයෙන් ප්‍රයෝජන වේ නම් මම පාත්‍රයෙන් පවරමි’යි. එසමයෙහි මහණහු පමණ නො දැන බොහෝ පා විනවත්. යම් කෙනෙකුන්ගේ කුඩා පාත්‍රයෝ වෙද්ද, ඔහු මහත් පා විනවත්. යම් කෙනෙකුන්ගේ මහත් පාත්‍රයෝ වෙද්ද, ඔහු කුඩා පා විනවත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්ෂූන්ට බොහෝ පාත්‍ර ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙති. මිනිස්සු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැන බොහෝ පා විනවද්ද
අයං ඉමෙසං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්තී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්තී”ති.
මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අනිත් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසෙතැ’යි. මහණහු හෙලා දකින නුගුණ පවසන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිත්, නුගුණ පවසත්, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් මහණහු පමණ නො දැන බොහෝ පා විනවුහුදැ’යි.
2. “අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙන්තීති?” “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “න භික්ඛවෙ පත්තො විඤ්ඤාපෙතබ්බො, යො විඤ්ඤාපෙය්ය, ආපත්ති දුක්කටස්සාති.”
2. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑද, මහණෙනි, භික්ෂූහු පමණ නො දැන බොහෝ පා විනවද්දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ, පමණ නො දැන බොහෝ පා විනවූහු ද, මහණෙනි, එය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පාත්‍රයෙක් විනවා නො ගත යුතුය. යමෙක් විනවා නම් දුකුළා ඇවැත් වේ” යයි.
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පත්තො භින්නො හොති. අථ ඛො සො භික්ඛු “භගවතා පටික්ඛිත්තං පත්තං විඤ්ඤාපෙතුන්ති” කුක්කුච්චායන්තො න විඤ්ඤාපෙති. හත්ථෙසු පිණ්ඩාය චරති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා හත්ථෙසු පිණ්ඩාය චරිස්සන්ති, සෙය්යථාපි අඤ්ඤතිත්ථියා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ නට්ඨපත්තස්ස වා භින්නපත්තස්ස වා පත්තං විඤ්ඤාපෙතුන්ති”.
3. එසමයෙහි එක්තරා මහණක්හුගේ පාත්‍රය බිඳුනේ වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ විසින් පාත්‍රය විනවා ගැනීම පිළිකෙව් කරණ ලදැ’යි කුකුස් කරන්නේ නො විනවයි. අතින් පිඬුසිඟා යෙයි. මිනිස්සු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අන් තොටුවන් සේ අතින් පිඬු සිඟා හැසිරෙත් දැ”යි. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. ඉක්බිති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළාහු ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදනිමි” යි.
4. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ “භගවතා අනුඤ්ඤාතං නට්ඨපත්තස්ස වා භින්නපත්තස්ස වා පත්තං විඤ්ඤාපෙතුන්ති,” තෙ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙන්ති. අථ ඛො සො කුම්භකාරො භික්ඛූනං තථෙව බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්ති. මනුස්සා තථෙව උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා න මත්තං ජානිත්වා බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්ති. අයං ඉමෙසං බහූ පත්තෙ කරොන්තො න සක්කොති අඤ්ඤං වික්කායිකං භණ්ඩං කාතුං. අත්තනාපි න යාපෙති. පුත්තදාරාපිස්ස කිලමන්තී”ති.
4. එසමයෙහි සවග මහණහු ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නට පා ඇතියහුට හෝ බුන් පා ඇතියහුට හෝ පයක් විනවා ගන්නට අනුදන්නා ලදැ’යි ඒ මහණහු මඳක් බුන් පමණකිනුදු, මඳක් කැඩුනු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනුදු, බොහෝ පා විනවා ගණිත්. ඉක්බිති ඒ කුඹල්කරු තෙමේ භික්ෂූන්ට එසේ ම් බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණියයුතු බඩුවක් කරන්නට නොහැකි වෙයි. තෙමේ ද නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝ ද වෙහෙසත්. මිනිස්සු එසේ ම හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්යපුත්රීයෝ පමණ නො දැන බොහෝ පා විනවා ගණිත් ද, මේ තෙමේ මොවුනට බොහෝ පා ඉදිකරන්නේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් වෙහෙසෙතැ”යි.
5. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙථා”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අප්පමත්තකෙනපි භින්නෙන අප්පමත්තකෙනපි ඛණ්ඩෙන විලිඛිතමත්තෙනපි බහූ පත්තෙ විඤ්ඤාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
5. භික්ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පහළ කරණ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු හෙලා දකිති, නුගුණ පවසති, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් සවග මහණහු මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවද්දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවු ද?” යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි මඳක් බුන් පමණින් මඳක් කැඩුනු පමණින් ඉරි ගැසුනු පමණින් බොහෝ පා විනවවුද?” “තුච්ඡපුරුෂයෙනි, තෙල නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යො පන භික්ඛු ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තියං. තෙන භික්ඛුනා සො පත්තො භික්ඛුපරිසාය නිස්සජිතබ්බො. යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො සො තස්ස භික්ඛුනො පදාතබ්බො ‘අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො’ති. අයං තත්ථ සාමීචී”ති.
“යම් මහණෙක් උනුපස්බාන් පා ඇතියාව අනිත් අලුත් පයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ. ඒ මහණහු විසින් ඒ විනවූ පය මහණපිරිස්හි නිසජිය යුතුය. ඒ මහණපිරිසෙහි පර්‍ය්‍යන්තයෙහි ලද යම් පාත්‍රයෙක් වේ ද එය එ මහණහට දියයුතු: මහණ තා විසින් මේ පාත්‍රය බිඳීම දක්වා දැරිය යුත්තේ’ යයි. මේ එහි වත” යි.
6. යො පනාති යො යාදිසො -පෙ-
6. යො පන යනු: යමෙක්, යම්බඳු වූයෙක් ...
භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ෂු’ යි අදහස් කරණ ලදී.
ඌනපඤ්චබන්ධනො නාම පත්තො: අබන්ධනො වා එකබන්ධනො වා ද්විබන්ධනො වා තිබන්ධනො වා චතුබන්ධනො වා. අබන්ධනොකාසො නාම පත්තො: යස්ස ද්වඞ්ගුලා රාජි න හොති. බන්ධනොකාසො නාම පත්තො: යස්ස ද්වඞ්ගුලා රාජි හොති. නවො නාම පත්තො: විඤ්ඤත්තිං උපාදාය වුච්චති.
ඌනපඤ්චබන්ධනපත්ත නම්: බැඳුම් නැතියේ හෝ එක් බැඳුමක් ඇතියේ හෝ දෙබැඳුමක් ඇතියේ හෝ තුන්බැඳුමක් ඇතියේ හෝ සතර බැඳුමක් ඇතියේ හෝ යි. අබන්ධනෝකාසපත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් නො වේ ද ඒ යැ. බන්ධනොකාස පත්ත නම්: යමක්හුගේ දැගුල්හිරෙක් වේ ද ඒ යැ. නවපත්ත නම්: වීඤ්ඤතතිය සඳහා කියනු ලැබේ.
චෙතාපෙය්යාති විඤ්ඤාපෙති, පයොගෙ දුක්කටං, පටිලාභෙන නිස්සග්ගියො හොති. සඞ්ඝමජ්ඣෙ නිස්සජ්ජිතබ්බො. සබ්බෙහෙව අධිට්ඨිතපත්තං ගහෙත්වා සන්නිපතිතබ්බං. න ලාමකො පත්තො අධිට්ඨාතබ්බො “මහග්ඝං පත්තං ගහෙස්සාමී”ති. සචෙ ලාමකං පත්තං අධිට්ඨෙති “මහග්ඝං පත්තං ගහෙස්සාමී”ති, ආපත්ති දුක්කටස්ස.
චේතාපෙය්‍ය යනු: විනවා නම් පියෝගී දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟමැද නිසැජියයුතු. සියල්ලන් විසින් මැ ඉටූ පාත්‍රය ගෙණ රැස්වියයුතු. (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’ යි) ලාමක පාත්‍රයක් නො ඉටියයුතු. ඉදින් (මාහැඟි පාත්‍රයක් ගන්නෙමි’යි) ලාමක පාත්‍රයක් ඉටා නම් දුකුළාඇවැත් වෙයි.
එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බො: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අයං මෙ භන්තෙ පත්තො ඌනපඤ්චබන්ධනෙන පත්තෙන චෙතාපිතො නිස්සග්ගියො. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. නිස්සජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා.
තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය උනුපස්බානින් යුක්ත වැ විනවා ගන්නා ලදුයේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි. නිසජා ඇවැත් දෙසියයුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු.
පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු පත්තග්ගාහාපකො සම්මන්නිතබ්බො. යො න ඡන්දාගතිං ගච්ඡෙය්ය, න දොසාගතිං ගච්ඡෙය්ය, න මොහාගතිං ගච්ඡෙය්ය, න භයාගතිං ගච්ඡෙය්ය, ගාහිතාගාහිතඤ්ච ජානෙය්ය. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: “පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:”
පසඟකින් යුත් පත්තගාහාපක මහණ තෙම සම්මත කළයුත්තේ ය: යමෙක් ඡන්‍දාගතියට නො යේ ද දෝසාගතියට නො යේ ද මෝහාගතියට නොයේ ද භයාගතියට නො යේ ද ගත් නො ගත් බව දනී ද හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය: පළමු කොට මහණ තෙම අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කරන්නේ ය. මේ ‘ඤත්ති’යැ,
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං පත්තගාහාපකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො පත්තගාහාපකස්ස සම්මුති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා සඞ්ඝ තෙම මෙනම් මහණහු පත්තගාහාපක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ පත්තගාහාපක සම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.
“සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු පත්තගාහාපකො. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් පත්තගාහාපක වූ මෙනම් මහණ තෙම සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ තෙල තුෂ්ණිම්භාවය ධරමි” යි.
තෙන සම්මතෙන භික්ඛුනා පත්තො ගාහෙතබ්බො. ථෙරො වත්තබ්බො: “ගණ්හාතු භන්තෙ ථෙරො පත්ත”න්ති. සචෙ ථෙරො පත්තං ගණ්හාති, ථෙරස්ස පත්තො දුතියස්ස ගාහෙතබ්බො. න ච තස්ස අනුද්දයතාය න ගහෙතබ්බො. යො න ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්ස. අපත්තකස්ස න ගාහෙතබ්බො. එතෙනෙව උපායෙන යාව සඞ්ඝනවකා ගාහෙතබ්බා. යො ච තස්සා භික්ඛුපරිසාය පත්තපරියන්තො, සො තස්ස භික්ඛුනො පදාතබ්බො: “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බො”ති. තෙන භික්ඛුනා සො පත්තො න අදෙසෙ නික්ඛිපිතබ්බො, න අභොගෙන භුඤ්ජිතබ්බො, න විස්සජ්ජෙතබ්බො, ‘කථායං පත්තො නස්සෙය්ය වා විනස්සෙය්ය වා භිජ්ජෙය්ය වා’ති. සචෙ අදෙසෙ වා නික්ඛිපති අභොගෙන වා භුඤ්ජති විස්සජ්ජෙති වා, ආපත්ති දුක්කටස්ස.
ඒ සම්මත මහණහු විසින් පාත්‍රය ගැන්වියයුතු. ‘වහන්ස, තෙරණුවෝ පාත්‍රය ගණිත්වා’ යි ස්ථවිර මහණහට කියයුතු ය. ඉදින් තෙරහු පාත්‍රය ගණිත් නම් තෙරුන්ගේ පාත්‍රය දෙවැන්නාට ගැන්වියයුතු ය. ඔහුට දයා ඇති බැවින් නො ද නො ගතයුත්තේ ය. යමෙක් නොගණී නම් දුකුළාඇවැත් වෙයි. පාත්‍රයක් නැත්තහුට නො ගැන්වියයුතු ය. මෙනයින් සඞ්ඝනවකයා තෙක් ගැන්වියයුතු ය. ඒ මහණපිරිසෙහි යම් පයර්ය්යන්තපාත්රයෙක් වේ නම් එය ඒ මහණහට දියයුතුය. ‘මහණ මේ පය තා විසින් බිඳීම තෙක් දැරියයුතු’ යයි. ඒ මහණහු විසින් ඒ පාත්‍රය ‘කෙසේ නම් මේ පාත්‍රය නැසේ හෝ වැනසේ හෝ බිඳේ හෝ යැ’යි නුසුදුසු තන්හි නො තැබියයුතු ය. නුසුදුසු පරිභෝගයෙන් නො වැළඳිය යුතුය. නො විසජියයුතු. ඉදින් නුසුදුසු තන්හි තබා නම් හෝ නුසුදුසු පරිභෝගයෙන් වළඳා නම් හෝ විසජා නම් හෝ දුකුළාඇවැත් වේ.
අයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
අයං තත්ථ සාමීචි යනු: එහිලා මේ ලොවුතුරු දහම් අනුව ගිය මඟ යි.
7. අබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අබන්ධනෙන පත්තෙන එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
7. බන්ධන නැති පාත්‍රයෙන් යුක්ත ව බන්ධන නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිතිඇවැත් වෙයි. බන්ධන නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්ධනයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
8. එකබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
8. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
9. ද්විබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
9. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
10. තිබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
10. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
11. චතුබන්ධනෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
11. සතර බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බැඳුම් නැති පාත්‍රයක් ... එක් බැඳුමක් ඇති පාත්‍රයක් ... දෙ බැඳුමක් ඇති පාත්‍රයක් ... තුන් බැඳුමක් ඇති පාත්‍රයක් ... සතර බැඳුමක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
12. අබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං චෙතාපෙති, පාචිත්තියං. අබන්ධනෙන පත්තෙන එකබන්ධනොකාසං පත්තං නිස්සග්ගියං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
12. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වෙයි. බැඳුම් නැති පාත්‍රයෙන් යුක්ත ව එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
13. එකබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
13. එක් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
14. ද්විබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
14. දෙ බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
15. තිබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
15. තුන් බැඳුමක් ඇති පාත්‍රයෙන් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... විනවා ගණී නම් නිසඟිපචිති වේ.
16. චතුබන්ධනෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
16. සතර බැඳුමක් ඇති පාත්රයකින් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
17. අබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- ද්විබන්ධනං පත්තං -පෙ- තිබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං -පෙ- එකබන්ධනොකාසෙන පත්තෙන -පෙ- ද්විබන්ධනොකාසෙන පත්තෙන -පෙ- තිබන්ධනොකාසෙන පත්තෙන -පෙ- චතුබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනං පත්තං -පෙ- එකබන්ධනං පත්තං -පෙ- චතුබන්ධනං පත්තං -පෙ- අබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
17. බන්ධනාවකාශ නැති පාත්රයකින් යුක්ත ව බන්ධන නැති පාත්‍රයක් ... එක් බන්ධනයක් ඇති පාත්‍රයක් ... ද්විබන්ධනයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනයක් ඇති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව ... ද්විබන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව බන්ධන නැති පාත්‍රයක් ... එක් බන්ධනයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනයක් ඇති පාත්‍රයක් ... බන්ධනාවකාශ නැති පාත්රයකින් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... ද්විබන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
18. එකබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
18. එක් බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
19. ද්විබන්ධනොකාසෙන පත්තෙන -පෙ- තිබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
19. දෙ බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
20. චතුබන්ධනොකාසෙන පත්තෙන අබන්ධනොකාසං පත්තං -පෙ- එකබන්ධනොකාසං පත්තං -පෙ- ද්විබන්ධනොකාසං පත්තං -පෙ- තිබන්ධනොකාසං පත්තං -පෙ- චතුබන්ධනොකාසං පත්තං චෙතාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
20. සතර බන්ධනාවකාශයක් ඇති පාත්රයකින් යුක්ත ව බන්ධනාවකාශ නැති පාත්‍රයක් ... එක් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... දෙ බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... තුන් බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් ... සතර බන්ධනාවකාශයක් ඇති පාත්‍රයක් විනවා ගණී නම් නිසඟිපචිති වේ.
21. අනාපත්ති නට්ඨපත්තස්ස, භින්නපත්තස්ස, ඤාතකානං පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
21. නට පා ඇතියහට, බුන් පා ඇතියහට, නෑයනට, පවරණ ලදුවනට, අනෙකක්හු සඳහා තමාගේ ධනයෙන්, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැතියි.
ඌනපඤ්චබන්ධනසික්ඛාපදං නිට්ඨිතං.
ඌනපඤ්චබන්ධන ශික්ෂාපදය නිමි.