යෙදුමෙන් කියවන්න

පත‍්තසික‍්ඛාපදං

5. 3. 1.

5. 3. 1.

පත‍්තසික‍්ඛාපදං.

පත්ත ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බහූ පත‍්තෙ සන‍්නිචයං කරොන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා බහූ පත‍්තෙ සන‍්නිචයං කරිස‍්සන‍්ති, පත‍්තවාණිජ‍්ජං වා සමණා සක්‍යපුත‍්තියා කරිස‍්සන‍්ති, ආමත‍්තිකාපණං වා පසාරෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිරෙකපත‍්තං ධාරෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අතිරෙකපත‍්තං ධාරෙථා”ති? “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා: කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අතිරෙකපත‍්තං ධාරෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වාසය කරණ සේක. එසමයෙහි සවගමහණහු බොහෝ පාත්‍ර රැස් කෙරෙති. විහාරචාරිකාවෙහි හැසිරෙන මිනිස්සු දැක හෙලා දකිති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ බොහෝ පාත්‍ර රැස් කෙරෙද්ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පාත්‍ර වෙළෙඳාම හෝ කෙරෙද් ද, අමත්අවුණක් හෝ විවෘත කෙරෙත් දැ”යි. භික්‍ෂූහු හෙලා දකින, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු හෙලා දකිත්, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අතිරේකපාත්‍ර දරද් දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි අතිරේක පාත්‍ර දරවු ද? තුච්ඡපුරුෂයෙනි, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු අතිරෙකපත‍්තං ධාරෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”

“යම් මහණෙක් අතිරේකපාත්‍ර දරා නම් නිසඟිපචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් මේ සිකපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.

[මූලපඤ‍්ඤත‍්ති.]

[මුල්පැණවීමයි.]

2. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො ආනන්‍දස‍්ස අතිරෙකපත‍්තො උප‍්පන‍්නො හොති. ආයස‍්මා ච ආනන්‍දො තං පත‍්තං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස දාතුකාමො හොති. ආයස‍්මා ච සාරිපුත‍්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස‍්මතො ආනන්‍දස‍්ස එතදහොසි: භගවතා සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං “න අතිරෙකපත‍්තො ධාරෙතබ‍්බො”ති. අයඤ‍්ච මෙ අතිරෙකපත‍්තො උප‍්පන‍්නො, අහඤ‍්චිමං පත‍්තං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස දාතුකාමො. ආයස‍්මා ච සාරිපුත‍්තො සාකෙතෙ විහරති. කථන‍්නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති.” අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි.

2. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරුන්ට අතිරේක පාත්‍රයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ ඒ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වෙයි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සාකේතනුවර වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට මේ සිත විය: අතිරේක පාත්‍රයක් නො දැරියයුතු ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. මට මේ අතිරේක පාත්‍රයෙක් උපන. මම ද මේ පාත්‍රය ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සාකේතනුවර වෙසෙති. ම විසින් කෙසේ පිළිපැදිය යුතු දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ.

3. “කීව චිරං පනානන්‍ද, සාරිපුත‍්තො ආගච‍්ඡිස‍්සතී”ති? “නවමං වා භගවා දිවසං දසමං වා”ති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ දසාහපරමං අතිරෙකපත‍්තං ධාරෙතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. “ආනන්‍දය, ශාරීපුත්‍ර තෙමේ කොපමණ කලකින් එන්නේ දැ?”යි. “භාග්‍යවතුන් වහන්ස, නවවැනි හෝ දසවැනි දවසැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දස දිනක් පරම කොට අතිරේක පාත්‍රයක් දරන්නට අනුදනිමි”. “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”

“දසාහපරමං අතිරෙකපත‍්තො ධාරෙතබ‍්බො. තං අතික‍්කාමයතො, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”

“දස දිනක් පරම කොට ඇති කල් අතිරේක පාත්‍රයක් දැරිය යුතුයි. එය ඉක්මවන්නහුට නිසඟිපචිති වේ” යයි.

[දුතියපඤ‍්ඤති.]

[දෙවන පැණවීමයි.]

4. දසාහපරමන‍්ති දසාහපරමතා ධාරෙතබ‍්බො.

4. දසාහපරමං යනු: දසදවසක් පරම කොට ඇති කල් දැරිය යුත්තේ ය.

අතිරෙකපත‍්තො නාම: අනධිට‍්ඨිතො අවිකප‍්පිතො.

අතිරේක පත්ත නම්: නො ඉටන ලදුයේ නො විකපන ලදුයේ යැ.

පත‍්තො නාම: ද‍්වෙ පත‍්තා: අයොපත‍්තො මත‍්තිකාපත‍්තොති. තයො පත‍්තස‍්ස වණ‍්ණා: උක‍්කට‍්ඨො පත‍්තො මජ‍්ඣිමො පත‍්තො ඔමකො පත‍්තො. උක‍්කට‍්ඨො නාම පත‍්තො අඩ‍්ඪාළ‍්හකොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්‍යඤ‍්ජනං. මජ‍්ඣිමො නාම පත‍්තො නාළිකොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්‍යඤ‍්ජනං. ඔමකො නාම පත‍්තො පත්‍ථොදනං ගණ‍්හාති චතුභාගං ඛාදනං තදුපියං ව්‍යඤ‍්ජනං. තතො උක‍්කට‍්ඨො අපත‍්තො. ඔමකො අපත‍්තො.

පත්ත නම්: පාත්‍ර දෙකෙකි: අයස්පාත්‍ර යැ මාත්තිකාපාත්‍ර යි. පාත්‍රයාගේ ප්‍රමාණයෝ තිදෙනෙකි: උත්කෘෂ්ටපාත්‍ර යැ මධ්‍යමපාත්‍ර යැ අවමකපාත්‍ර යි. උත්කෘෂ්ටපාත්‍රය නම්: සහල් දෙනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. මධ්‍යමපාත්‍රය නම්: සහල් නැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වූ ව්‍යඤ්ජන ද ගණී. අවමකපාත්‍රය නම්: සහල් අඩනැළියක බත් ද බතින් සතරභාගයක ඛාද්‍ය ද ඊට අනුරූප වු ව්‍යඤ්ජන ද ගණී. එයින් උත්කෘෂ්ට වූයේ පාත්‍ර නො වෙයි. අවමක වූයේ පාත්‍ර නො වේ.

තං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියං හොතීති [එකාදසෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියො හොති.] නිස‍්සජිතබ‍්බො සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බො: තෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අයං මෙ භන‍්තෙ පත‍්තො දසාහාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා, නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො.

තං අතික්කයමාතො නිස්සග්ගියං පාචිත්තියං හොති යනු: එකොළොස් වන අරුණ නැගෙන කල්හි නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජියයුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැජිය යුත්තේ ය: ඒ මහණහු විසින් සඟුන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුලු වා හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: ‘වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මෙය මම සඟනට නිසජමි’යි නිසජා ඇවැත් දෙසිය යුතු ය. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් ඇවැත් පිළිගතයුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං පත‍්තො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො නිස‍්සග‍්ගියො සඞ‍්ඝස‍්ස නිස‍්සට‍්ඨො, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉමං පත‍්තං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දදෙය්‍යා”ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ සඟනට නිසදන ලද්දේ ය. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් වේ නම් සඞ්ඝ තෙමේ මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නේය”යි.

තෙන භික‍්ඛුනා සම‍්බහුලෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්සු වචනීයා: “අයං මෙ භන‍්තෙ පත‍්තො දසාහාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො. ඉමාහං ආයස‍්මන‍්තානං නිස‍්සජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා, නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො.

ඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තාහ. “වහන්ස, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු ය. නිසජන ලද පාත්‍රය දියයුත්තේ යි.

“සුණන‍්තු මෙ ආයස‍්මන‍්තා. අයං පත‍්තො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො නිස‍්සග‍්ගියො ආයස‍්මන‍්තානං නිස‍්සට‍්ඨො. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, ආයස‍්මන‍්තා ඉමං පත‍්තං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දදෙය්‍යු”න‍්ති.

“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා” මේ මෙනම් මහණහුගේ පාත්‍රය නිසඟි වූයේ ආයුෂ්මතුන්ට නිසඳන ලදී. ඉදින් ආයුෂ්මතුන්හට පැමිණි කල් වේ නම් ආයුෂ්මත්හු මේ පාත්‍රය මෙනම් මහණහට දෙන්නාහ” යි.

5. තෙන භික‍්ඛුනා එකං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අයං මෙ ආවුසො පත‍්තො දසාහාතික‍්කන‍්තො නිස‍්සග‍්ගියො. ඉමාහං ආයස‍්මතො නිස‍්සජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. තෙන භික‍්ඛුනා ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. නිස‍්සට‍්ඨපත‍්තො දාතබ‍්බො: “ඉමං පත‍්තං ආයස‍්මතො දම‍්මී”ති.

5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුත්තේය. “ඇවැත්නි, මේ මාගේ පාත්‍රය දස දවසක් ඉක්මගියේ නිසඟි විය. මම මෙය ආයුෂ්මතුන්හට නිසඳමි” යි නිසදා ඇවැත් දෙසිය යුතුයි. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු ය. “මේ පාත්‍රය ආයුෂ්මත්හට දෙමි”යි නිසදූ පය (ඔහුට) දියයුතු.

6. දසාහාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. දසාහාතික‍්කන‍්තෙ වෙමතිකො, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. දසාහාතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අනධිට‍්ඨිතෙ අධිට‍්ඨිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිකප‍්පිතෙ විකප‍්පිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤී නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිනට‍්ඨෙ විනට‍්ඨසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං . අභින‍්නෙ භින‍්නසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අවිලුත‍්තෙ විලුත‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. නිස‍්සග‍්ගියං පත‍්තං අනිස‍්සජ‍්ජිත්‍වා පරිභුඤ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස. දසාහානතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. දසාහානතික‍්කන‍්තෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. දසාහානතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී, අනාපත‍්ති.

6. දස දිනක් ඉක්ම ගියෙහි ඉක්මගිය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි විමති ඇතියේ නිසඟිපචිති වෙයි. දස දින ඉක්ම ගියෙහි නො ඉක්මිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නො ඉටන ලදුයෙහි ‘ඉටන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විකපන ලදුයෙහි ‘විකපන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොනටුයෙහි ‘නටැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නොවැනැසුනෙහි ‘වැනැසිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො බිඳුනෙහි ‘බිඳිනැ’යි සන් ඇතියේ නිසඟිපචිති වෙයි. නො පැහැරගන්නා ලදුයෙහි ‘පැහැරගන්නා ලදැ’යි සන් ඇතියේ නිසඟිපචිති වේ. නිසඟි වූ පාත්‍රය නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. දසදවසක් නොඉක්මගියෙහි ‘ඉක්මිණැ’යි සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. දසදවසක් නො ඉක්මගියෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. දස දවසක් නොඉක්මගියෙහි ‘නො ඉක්මිණැ’යි සන් ඇතියේ ඇවැත් නැති.

7. අනාපත‍්ති අන‍්තොදසාහං අධිට‍්ඨාති, විකප‍්පෙති, විස‍්සජ‍්ජෙති, නස‍්සති, විනස‍්සති, භිජ‍්ජති, අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හන‍්ති, විස‍්සාසං ගණ‍්හන‍්ති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

7. ඇතුළු දසදවසැ ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, බිඳේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි වැ ගණිත් නම් උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

8. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නිස‍්සට‍්ඨපත‍්තං න දෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “න භික‍්ඛවෙ නිස‍්සට‍්ඨපත‍්තො න දාතබ‍්බො. යො න දදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති.

8. තවද එසමයෙහි සවගමහණහු නිස්සජනය කළ පාත්‍රය නො දෙති. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ. “මහණෙනි, නිස්සජනය කළ පාත්‍රය නො දියයුත්තේ නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත්වේ” යයි.

පත‍්තසික‍්ඛාපදං නිට‍්ඨිතං.

පත්ත ශික්‍ෂාපදය නිමි.