කයවික්කයසික්ඛාපදං
5. 2. 10.
5. 2. 10.
කයවික්කයසික්ඛාපදං
කයවික්කය ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො පට්ටො හොති චීවරකම්මං කාතුං. සො පටපිලොතිකානං සඞ්ඝාටිං කරිත්වා සුරත්තං සුපරිකම්මකතං කත්වා පාරුපි. අථ ඛො අඤ්ඤතරො පරිබ්බාජකො මහග්ඝං පටං පාරුපිත්වා යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “සුන්දරා ඛො ත්යායං ආවුසො සඞ්ඝාටි, දෙහි මෙ පටෙනා”ති. “ජානාහි ආවුසො”ති? “ආමාවුසො ජානාමී”ති. “හන්දාවුසො”ති, අදාසි. අථ ඛො සො පරිබ්බාජකො තං සඞ්ඝාටිං පාරුපිත්වා පරිබ්බාජකාරාමං අගමාසි. පරිබ්බාජකා තං පරිබ්බාජකං එතදවොචුං: “සුන්දරා ඛො ත්යායං ආවුසො සඞ්ඝාටි, කුතො තයා ලද්ධා”ති “තෙන මෙ ආවුසො පටෙන පරිවත්තිතා”ති. “කතීහිපි ත්යායං ආවුසො සඞ්ඝාටි භවිස්සති, සො යෙව තෙ පටො වරො”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙමේ සිවුරුකම් කරන්නට සමත් වූයේ වෙයි. හේ මහලු පටකඩින් සඟළක් කොට මොනොවට රඳන ලද්දක් මොනොවට රඳා පිරියම් කරණ ලද්දක් කොට පෙරෙවි ය. ඉක්බිති එක්තරා පිරිවැජියෙක් මහඟු පිළියක් පෙරෙව ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ උපනන්‍දශාක්‍යපුත්‍රයනට මෙය කීය. “ඇවත, තොපගේ මේ සඟළ සොඳුරුය. මගේ පිළියෙන් පෙරළි කොට දෙව” යි. “ඇවත විමසා ගණැ”යි. එසේය “ඇවත දනිමි” යි “එසේ නම් ගණැ”යි දුන්නේය. එකල්හි ඒ පිරිවැජි තෙමේ ඒ සඟළ පෙරව පිරිවැජිඅරමට ගියේය. පිරිවැජියෝ ඒ පිරිවැජියාහට මෙය කීහ. “ඇවැත, තාගේ මේ සඟළ සොඳුරූය. කොයින් ලබන ලදදැ”යි. “ඇවැත්නි, මා විසින් ඒ පිළියෙන් පෙරළි කොට ගන්නා ලදැ”යි. “තාගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද? තාගේ ඒ වස්ත්‍රය ම උතුමැ’ යි.
2. අථ ඛො සො පරිබ්බාජකො “සච්චං ඛො පරිබ්බාජකා ආහංසු. කතීහිපි ම්යායං සඞ්ඝාටි භවිස්සති, සො යෙව මෙ පටො වරො”ති යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “හන්ද තෙ ආවුසො සඞ්ඝාටි, දෙහි මෙ පට”න්ති. “නනු ත්වං ආවුසො මයා වුත්තො ජානාහි ආවුසොති, නාහ දස්සාමී”ති.
2. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ පිරිවැජියෝ සැබවක් කීහ. “මගේ මේ සඟළ කී දවසක් පවත්නේ ද, මගේ ඒ වස්ත්‍රය ම උතුමැ”යි. ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත එළඹ මෙය කීය. “ඇවැත්නි, තාගේ සඟළ ගණුව මගේ වස්ත්‍රය දෙව” යි. “ඇවැත්නි, තෝ මා විසින් විමසා ගණැ”යි කියන ලද්දේ නො වෙහි ද?” “මම නො දෙමි”යි.
3. අථ ඛො සො පරිබ්බාජකො උජ්ඣායති ඛීයති විපාචෙති: ගිහීපි නං ගිහිස්ස විප්පටිසාරිස්ස දෙති, කිං පන පබ්බජිතො පබ්බජිතස්ස න දස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පරිබ්බාජකස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජ්ජිස්සතී”ති. “අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං උපනන්ද පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජ්ජසී”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස පරිබ්බාජකෙන සද්ධිං කයවික්කයං සමාපජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
3. ඉක්බිති ඒ පිරිවැජි තෙමේ අවඥා කෙරෙයි නුගුණ කියයි දොස් පහළ කෙරෙයි: ගිහියා පවා පසුතැවිලි වන ගිහියාට එය දෙයි. “කුමක්හෙයින් පැවිද්දෙක් පැවිද්දාට නොදෙන්නේද” යි භික්ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පිරිවැජියාගේ තෙපුල් ඇසූහ. යම් අපිස්වූ මහණ කෙනෙක් වෙද්ද ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ පිරිවැජියකු සමග කයවික්කයට ගණුදෙනුවට පැමිණියාහු දැ?යි”. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද, උපනන්දය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි දැ”යි. “සැබව භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ පිරිවැජියකු සමග ගණුදෙනුවට පැමිණියෙහි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි”. ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යො පන භික්ඛු නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජෙය්ය, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
“යම් මහණෙක් නන්වැදෑරුම් ගණුදෙනුවටට පැමිණේ නම් නිසඟිපචිති වේ” යයි.
4. යො පනාති යො යාදිසො -පෙ-
4. යෝපන යනු: යමෙක් යම්බඳු වූයෙක් ..
භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ෂු’යි අදහස් කරණ ලදී.
නානප්පකාරකං නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරා, අන්තමසො චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි.
නානප්පකාරක නම්: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරය. යටත් පිරිසෙයින් සුණුපිඬකුදු දැහැටි දඬුකුදු දාවලු හුයකුදු.
කයවික්කයං සමාපජ්ජෙය්යාති ‘ඉමිනා ඉමං දෙහි, ඉමිනා ඉමං ආහර, ඉමිනා ඉමං පරිවත්තෙහි, ඉමිනා ඉමං චෙතාපෙහී’ති. අජ්ඣාචරති, ආපත්ති දුක්කටස්ස. යතො කයිතඤ්ච හොති වික්කයිතඤ්ච, අත්තනො භණ්ඩං පරහත්ථගතං පරභණ්ඩං, අත්තනො හත්ථගතං, නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “අහං භන්තෙ නානප්පකාරකං කයවික්කයං සමාපජ්ජිං. ඉදං මෙ නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මීති”
කායවීක්කයං සමාපජ්ජෙය්ය යනු: මෙයින් මෙය දෙව. මෙයින් මෙය ගෙණෙව. මෙයින් මෙය පෙරළි කරව. මෙයින් මෙය විකොට ගෙණෙව’යි සිකපද මඩී නම්, දුකුළාඇවැත් වේ. යම් කලෙක දෙනු ලදත් ගන්නා ලදත් වේ ද තමන් අයත් බඩු පර අත් ගියේ ද මෙරමා අයත් බඩු තමා අතට ගියේ ද, එකල්හි නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයාට හෝ නිසැජිය යුතුය. තවද මහණෙනි, මෙසේ නිසැජිය යුතු: “වහන්ස, මම නන්වැදෑරුම් කයවික්කයට පැමිණියෙමි. මාගේ මෙය නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි ... දෙන්නේය යි ... දෙන්නාහ’ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
5. කයවික්කයෙ කයවික්කයසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. කයවික්කයෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. කයවික්කයෙ න කයවික්කයසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. න කයවික්කයෙ කයවික්කයසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. න කයවික්කයෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. න කයවික්කයෙ න කයවික්කයසඤ්ඤී, අනාපත්ති.
5. විනිමයෙහි විනිමය සන් ඇතියේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විමති ඇත්තේ නිසඟිපචිති වෙයි. විනිමයෙහි විනිමය සන් නැතියේ නිසඟිපචිති වේ. විනිමය නො වූයෙහි විනිමය ය යන සන් ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. විනිමය නො වූයෙහි විනිමය නො වූයේය යන සන් ඇතියේ ඇවැත් නැති.
6. අනාපත්ති අග්ඝං පුච්ඡති, කප්පියකාරකස්ස ආචික්ඛති, “ඉදං අම්හාකං අත්ථි අම්හාකඤ්ච ඉමිනා ච ඉමිනා ච අත්ථොති භණති. උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
6. අගය විචාර නම්, කැපකරුහට කියා නම්, මෙනම් දෙයක් අපට ඇත, අපට මේ මේ දෙයින් ප්‍රයෝජනයයි කියා නම්, උමතු වූවහුට, ආදිකම්මිකයාට ඇවැත් නැති.
කයවික්කයසික්ඛාපදං නිට්ඨිතං.
කායවික්කය ශික්ෂාපදය නිමි.
කොසියවග්ගො දුතියො.
දෙවන කෝසිය වගයි.
තස්සුද්දානං:
එහි උද්දානය:
කොසියා සුද්ධද්වෙභාගා ඡබ්බස්සානි නිසීදනං, ද්වෙ ච ලොමානි උග්ගණ්හෙ, උභො නානප්පකාරකාති.
කෝසිය සිකපදය, සුද්ධකාලක සිකපදය, ද්වේභාග සිකපදය, ඡබ්බස්ස සිකපදය, නිසීදන සිකපදය, සන්ථත සිකපදය, එළකලෝම ධෝවන සිකපද දෙකය, රූපිය, රූපියසංවෝහාර සිකපද දෙකය, කයවික්කය සිකපදයයි දසයකි.