යෙදුමෙන් කියවන්න

රූපියසංවොහාරසික‍්ඛාපදං

5. 2. 9.

5. 2. 9.

රූපියසංවොහාරසික‍්ඛාපදං

රූපියසංවෝහාර ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජිස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජිස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජථා’ති. “සච‍්චං භගවා”. විගරහි බුද‍්ධො භගවා “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එසමයෙහි සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට (රන් රිදී මසු කහවණු ගණුදෙනුවට) පැමිණෙත්. මිනිස්සු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් නන්වැදෑරුම් වූ රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන් බස් ඇසූහ: යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුන් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණෙද්දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... “සැබෑ ද මහණෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස,” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “කෙසේ නම් තුච්ඡපුරුෂයෙනි, තෙපි නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියවු ද, “තුච්ඡපුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... “මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු.”

“යො පන භික‍්ඛු නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”

“යම් මහණෙක් නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණේ නම් හෝ නිසඟිපචිති වේ” යයි.

2. යො පනාති යො යාදිසො -පෙ-

2. යෝපන යනු: යමෙක් යම් බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.

නානප‍්පකාරකං නාම: කතම‍්පි අකතම‍්පි කතාකතම‍්පි. කතං නාම සීසූපගං ගීවූපගං හත්‍ථූපගං පාදූපගං කටූපගං. අකතං නාම: ඝනකතං වුච‍්චති. කතාකතං නාම: තදුභයං.

නානප්පකාරක නම්: කෘතය ද අකෘතය ද කෘතාකෘතය ද වෙයි. කත නම්: ශීර්‍ෂාභරණ යැ ගීවාභරණ යැ හස්තාභරණ යැ පාදාභරණ යැ කට්‍යාභරණ යි. අකත නම්: පිඬු කළ අමුරන් කියනු ලැබේ. කතාකත නම්: ඒ දෙක යි.

රූපියං නාම: සත්‍ථුවණ‍්ණො කහාපණො, ලොහමාසකො දාරුමාසකො ජතූමාසකො යෙ වොහාරං ගච‍්ඡන‍්ති.

රූපිය නම්: රත්රන් ය, කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුය, යමක් ගණුදෙනුවට පැමිණේ නම් ඒ යැ.

සමාපජ‍්ජෙය්‍යාති කතෙන කතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං කතෙන අකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. කතෙන කතාකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අකතෙන කතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අකතෙන අකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අකතෙන කතාකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. කතාකතෙන කතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. කතාකතෙන අකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. කතාකතෙන කතාකතං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. සඞ‍්ඝමජ‍්ඣෙ නිස‍්සජිතබ‍්බං. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: තෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො:

සමාපජ්ජෙය්‍ය යනු: කෘතයෙන් කෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් අකෘතය ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතයෙන් කෘතාකෘතය විකොට ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. අකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. අකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් අකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වෙයි. කෘතාකෘතයෙන් කෘතාකෘතය මිල දී ගණී නම් නිසඟිපචිති වේ. (නිසඟි වූ වත) සඟමැද නිසැජියයුතු. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය. ඒ මහණහු විසින් සඟ වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය.

“අහං භන‍්තෙ නානප‍්පකාරකං රූපියසංවොහාරං සමාපජ‍්ජිං, ඉදං මෙ නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. සචෙ තත්‍ථ ආගච‍්ඡති ආරාමිකො වා උපාසකො වා, සො වත‍්තබ‍්බො: “ආවුසො ඉමං ජානාහී”ති. සචෙ සො භණති: “ඉමිනා කිං ආහරිය්‍යතූ”ති. න වත‍්තබ‍්බො “ඉමං වා ඉමං වා ආහරා”ති. කප‍්පියං ආචික‍්ඛිතබ‍්බං: සප‍්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා. සචෙ සො තෙන පරිවත‍්තෙත්‍වා කප‍්පියං ආහරති. රූපියචෙතාපකං ඨපෙත්‍වා සබ‍්බෙහෙව පරිභුඤ‍්ජිතබ‍්බං. එවඤ‍්චෙතං ලභෙථ ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො වත‍්තබ‍්බො: “ආවුසො ඉමං ඡඩ‍්ඩෙති. සචෙ සො ඡඩ‍්ඩෙති, ඉච‍්චෙතං කුසලං. නො චෙ ඡඩ‍්ඩෙති, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු රූපියඡඩ‍්ඩකො සම‍්මන‍්නිතබ‍්බො: යො න ඡන්‍දාගතිං ගච‍්ඡෙය්‍ය න දොසාගතිං ගච‍්ඡෙය්‍ය න මොහාගතිං ගච‍්ඡෙය්‍ය න භයාගතිං ගච‍්ඡෙය්‍ය ඡඩ‍්ඩිතාඡඩ‍්ඩිතඤ‍්ච ජානෙය්‍ය. එවඤ‍්ච පන භික‍්ඛවෙ සම‍්මන‍්නිතබ‍්බො: පඨමං භික‍්ඛු යාචිතබ‍්බො. යාචිත්‍වා බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

“වහන්ස, මම නන්වැදෑරුම් රූපියසංවෝහාරයට පැමිණියෙමි. මගේ මේ රූපියය (රන් රිදී මසු කහවණු) නිසඟි විය: මම මෙය සඟනට නිසජමි” යි. නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුය. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් “ඇවැත මෙය දනැ” යි හේ කියයුත්තේ ය. ඉදින් හෙතෙමේ ‘මින් කුමක් ගෙණ ආ යුතු දැ’යි කියා නම් ‘මෙනම් මෙනම් දැය ගෙණෙව’යි නො කියයුත්තේ ය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී පැණි හෝ කැපවූවක් කියයුතුය. ඉදින් හෙතෙම ඒ රූපියයෙන් පෙරළි කොට කැප දෙයක් ගෙණේ නම් රූපියය ගණුදෙනු කළහු තබා සියල්ලන් විසින් ම වැළඳිය යුතුය. මෙසේ මෙය ලැබේ නම්, ඒ ලැබීම මැනව. ඉදින් නො ලැබේ නම්, හෙතෙමේ “ඇවත මෙය බැහැර ලව” යි හේ කිය යුත්තේ ය. ඉදින් හෙතෙමේ එය බැහැර ලා නම් තෙල බැහැර ලීම මැනවි. ඉදින් බැහැර නො ලා නම් පසඟින් සමන්‍විත රූපියඡඩ්ඩක මහණ සම්මත කළ යුත්තේ ය. “යමෙක් ඡන්‍දාගතියට නොයේ නම්, දෝසාගතියට නො යේ නම්, මෝහාගතියට නො යේ නම්, භයාගතියට නො යේ නම් බැහැර ලූ නො ලූ දැය දනී නම් එබන්දෙකි.” තවද මහණෙනි, මෙසේ සම්මත කළයුත්තේ ය. පළමුව මහණ තෙම යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය:”

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං රූපියඡඩ‍්ඩකං සම‍්මන‍්නෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. ඉදින් සඞ්‍ඝයාට පැමිණි කල් ඇත් නම් සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ‘ඤත්ති’යයි.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං රූපියඡඩ‍්ඩකං සම‍්මන‍්නති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො රූපියඡඩ‍්ඩකස‍්ස සම‍්මුති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්‍ඝ තෙම මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙම මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට රූපියඡඩ්ඩකසම්මතිය රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.

“සම‍්මතො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො භික‍්ඛු රූපියඡඩ‍්ඩකො. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්‍ඝයා විසින් මෙනම් මහණ රූපියඡඩ්ඩක කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. තෙල මෙසේ ධරමි” යි.

3. තෙන සම‍්මතෙන භික‍්ඛුනා අනිමිත‍්තං කත්‍වා පාතෙතබ‍්බං. සචෙ නිමිත‍්තං කත්‍වා පාතෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. සම්මතය ලත් මහණහු විසින් නිමිති රහිත කොට ඉවත ලියයුතු ය. ඉදින් නිමිති කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ.

4. රූපියෙ රූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රූපියෙ වෙමතිකො රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රූපියෙ අරූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අරූපියෙ රූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අරූපියෙ වෙමතිකො රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අරූපියෙ අරූපියසඤ‍්ඤී රූපියං චෙතාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අරූපියෙ රූපියසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අරූපියෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අරූපියෙ අරූපියසඤ‍්ඤී, අනාපත‍්ති.

4. රූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ (කෘතාකෘත) රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. රූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි විමති ඇතියේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සංඥා ඇත්තේ රූප්‍යය ව්‍යවහාර කෙරේ නම් නිසඟිපචිති වෙයි. අරූප්‍යයෙහි රූප්‍ය ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍යය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.

5. අනාපත‍්ති උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

5. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

රූපියසංවොහාරසික‍්ඛාපදං නිට‍්ඨිතං.

රූපියසංවෝහාර ශික්‍ෂාපදය නිමි.