යෙදුමෙන් කියවන්න

රූපියසික‍්ඛාපදං

5. 2. 8.

5. 2. 8.

රූපියසික‍්ඛාපදං

රූපිය ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො රාජගහෙ අඤ‍්ඤතරස‍්ස කුලස‍්ස කුලූපකො හොති නිච‍්චභත‍්තිකො. යං තස‍්මිං කුලෙ උප‍්පජ‍්ජති ඛාදනීයං වා භොජනීයං වා තතො ආයස‍්මතො උපනන්‍දස‍්ස සක්‍යපුත‍්තස‍්ස පටිවිංසො ඨපීයති. තෙන ඛො පන සමයෙන සායං තස‍්මිං කුලෙ මංසං උප‍්පන‍්නං හොති. තතො ආයස‍්මතො උපනන්‍දස‍්ස සක්‍යපුත‍්තස‍්ස පටිවිංසො ඨපිතො හොති. තස‍්ස කුලස‍්ස දාරකො රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය රොදති: “මංසං මෙ දෙථා”ති. අථ ඛො සො පුරිසො පජාපතිං එතදවොච: “අය්‍යස‍්ස පටිවිංසං දාරකස‍්ස දෙහි, අඤ‍්ඤං චෙතාපෙත්‍වා අය්‍යස‍්ස දස‍්සාමා”ති. තස‍්ස තං අදාසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ රජගහනුවර එක්තරා කුලයක්හුගේ කුලුපගවූයේ නිච්චභත්තික වෙයි. ඒ කුලයෙහි කෑ යුතු හෝ බුදිය යුතු යමක් උපදී නම් ඉන් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබනු ලැබේ. එකල්හි ඒ කුලයෙහි සවස මසක් උපන්නේ වෙයි. එයින් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගේ කොටස තබන ලද්දේ වෙයි. එකුලෙහි දරුවෙක් රෑ අලුයම නැගිට “මට මස් දෙවයි” යි හඬයි. ඉක්බිති ඒ පුරුෂ තෙමේ බිරිඳට මෙසේ කීය. “ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස දරුහට දෙව. අන් මසක් විකොට ගෙණ ආර්‍ය්‍යයන් වහන්සේට දෙන්නෙමු” යි. ඔහුට එය දුනි.

2. අථ ඛො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන තං කුලං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො පුරිසො යෙනායස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං එතදවොච: “හිය්‍යො ඛො භන‍්තෙ සායං මංසං උප‍්පන‍්නං අහොසි, තතො අය්‍යස‍්ස පටිවිංසො ඨපිතො. අයං භන‍්තෙ දාරකො රත‍්තියා පච‍්චූසසමයං පච‍්චුට‍්ඨාය රොදති: “මංසං මෙ දෙථා”ති. අය්‍යස‍්ස පටිවිංසො දාරකස‍්ස දින‍්නො. කහාපණෙන, භන‍්තෙ කිං ආහරිය්‍යතූ”ති. “පරිච‍්චත‍්තො මෙ ආවුසො කහාපණොති?” “ආම භන‍්තෙ පරිච‍්චත‍්තො”ති. “තඤ‍්ඤෙව මෙ ආවුසො කහාපණං දෙහී”ති.

2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙමේ පෙරවරු හැඳ පොරවා පාසිවුරු ගෙණ ඒ කුලය වෙත එළඹ පැණවූ අසුන්හි හුන්නේය. ඉක්බිති ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් වෙත එළඹ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට මෙය කීය. “වහන්ස, ඊයේ සවස මසක් උපන්නේ විය. එයින් ආර්‍ය්‍යයන් වහන්සේගේ කොටස තබන ලදී. “වහන්ස, මේ දරුවා රෑ අලුයම් වේලෙහි නැගිට මට මස් දෙවයි” හඬයි. ආර්‍ය්‍යයන්ගේ කොටස දරුවාට දෙන ලදී. “කහවණුවකින් කුමක් ගෙණා යුතුදැ”යි කීය. “ඇවැත මට කහවණු පරිත්‍යාග කරණ ලදදැ”යි. “එසේය වහන්ස, පරිත්‍යාග කරණ ලදැ”යි. “ඇවැත මට ඒ කහවණුව ම දෙව”යි.

3. අථ ඛො සො පුරිසො ආයස‍්මතො උපනන්‍දස‍්ස සක්‍යපුත‍්තස‍්ස කහාපණං දත්‍වා උජ‍්ඣායති ඛීයති විපාචෙති: “තථෙව මයං රූපියං පටිග‍්ගණ‍්හාම, එවමෙව ඉමෙ සමණා සක්‍යපුත‍්තියා රූපියං පටිග‍්ගණ‍්හන‍්තී’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස පුරිසස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො රූපියං පටිග‍්ගහෙස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං: “සච‍්චං කිර ත්‍වං උපනන්‍ද රූපියං පටිග‍්ගහෙසී”ති? “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා. “කථං හි නාම ත්‍වං මොඝපුරිස රූපියං පටිග‍්ගහෙස‍්සසි, නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. ඉක්බිති ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයනට කහවණුව දී අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි. “යම් සේ අපි රන් රිදී මසු කහවණු පිළිගණුමෝ ද, එමෙන් ම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ද රන් රිදී මසු කහවණු පිළිගණිති” යි. භික්‍ෂූහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ පුරුෂයාගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත් . “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ රන් රිදී මසු කහවණු පිළිගත්තහු දැ”යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑ ද, උපනන්‍දය, තෝ රන් රිදී මසු කහවණු පිළිගන්නෙහි දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. “කෙසේ නම් තුච්ඡ පුරුෂය, තෝ රන් රිදී මසු කහවණු පිළිගත්තෙහි ද, තුච්ඡ පුරුෂය, මෙය නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.”

“යො පන භික‍්ඛු ජාතරූපරජතං උග‍්ගණ‍්හෙය්‍ය වා උග‍්ගණ‍්හාපෙය්‍ය වා උපනික‍්ඛිත‍්තං වා සාදියෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති.”

“යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ” යයි.

4. යො පනාති යො යාදිසො -පෙ-

4. යො පන යනු: යමෙක් යම් බඳුවූයෙක්, ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අදහස් කරණ ලදී.

ජාතරූප නාම: සත්‍ථුවණ‍්ණො වුච‍්චති.

ජාතරූප නම්: රත්රන් කියනු ලැබේ.

රජතං නාම: කහාපණො ලොහමාසකො- දාරුමාසකො- ජතුමාසකො යෙ වොහාරං ගච‍්ඡන‍්ති.

රජත නම්: කහවණුය, ලොහොමසුය, දැවමසුය, ලහමසුයි යමෙක් ව්‍යවහාරයට යේ නම් ඒ යැ.

උග‍්ගණ‍්හෙය්‍යාති සයං ගණ‍්හාති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං

උග්ගණ්හෙය්‍ය යනු: තෙමේ ගණී නම් නිසඟිපචිති වේ.

උග‍්ගණ‍්හාපෙය්‍යාති අඤ‍්ඤං ගාහාපෙති නිස‍්සග‍්ගියං පාචිත‍්තියං

උග්ගණ්හාපෙය්‍ය යනු: අනෙකක්හු ලවා ගන්වා නම් නිසඟිපචිති වේ.

උපනික‍්ඛිත‍්තං වා සාදියෙය්‍යාති “ඉදං අය්‍යස‍්ස හොතූ’ති උපනික‍්ඛිත‍්තං සාදියති, නිස‍්සග‍්ගියං හොති. සඞ‍්ඝමජ‍්ඣෙ නිස‍්සජිතබ‍්බං. එවඤ‍්ච පන, භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: තෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ රූපියං පටිග‍්ගහෙසිං. ඉදං මෙ නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති. නිස‍්සජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. සචෙ තත්‍ථ ආගච‍්ඡති ආරාමිකො වා උපාසකො වා. සො වත‍්තබ‍්බො: “ආවුසො ඉමං ජානාහී”ති. සචෙ සො භණති “ඉමිනා කිං ආහරිය්‍යතූ”ති, න වත‍්තබ‍්බො “ඉමං වා ඉමං වා ආහරා”ති. කප‍්පියං ආචික‍්ඛිතබ‍්බං: සප‍්පි වා තෙලං වා මධු වා ඵාණිතං වා. සචෙ සො තෙන පරිවත‍්තෙත්‍වා කප‍්පියං ආහරති, රූපියප‍්පටිග‍්ගාහකං ඨපෙත්‍වා සබ‍්බෙහෙව පරිභුඤ‍්ජිතබ‍්බං. එවඤ‍්චෙතං ලභෙථ, ඉච‍්චෙතං කුසලං. නො චෙ ලභෙථ, සො වත‍්තබ‍්බො: “ආවුසො ඉමං ඡඩ‍්ඩෙහී”ති. සචෙ සො ඡඩ‍්ඩෙති, ඉච‍්චෙතං කුසලං. නො චෙ ඡඩ‍්ඩෙති, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතො භික‍්ඛු රූපියඡඩ‍්ඩකො සම‍්මන‍්නිතබ‍්බො: යො න ඡන්‍දාගතිං ගච‍්ඡෙය්‍ය, න දොසාගතිං ගච‍්ඡෙය්‍ය, න මොහාගතිං ගච‍්ඡෙය්‍ය, න භයාගතිං ගච‍්ඡෙය්‍ය, ඡඩ‍්ඩීතාඡඩ‍්ඩිතඤ‍්ච ජානෙය්‍ය. එවඤ‍්ච පන භික‍්ඛවෙ සම‍්මන‍්නිතබ‍්බො: පඨමං භික‍්ඛු යාචිතබ‍්බො, යාචිත්‍වා බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

උපනික්ඛිත්තං වා සාදියෙය්‍ය යනු: “මෙය ආර්‍ය්‍යයන් වහන්සේට වේවා” යි ලඟ තබන ලද්දක් ඉවසා නම් නිසඟි වේ. සඟමැද නිසජිය යුතුයි. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුතුයි. ඒ මහණ විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරෙව මහලු භික්‍ෂූන් පා වැඳ අඩදැණිව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුත්තේය. “වහන්ස, මම රන් රිදී මසු කහවණු පිළිගත්තෙමි. මාගේ මෙය නිසඟි විය. මම මෙය සඟනට නිසජමි” යි, නිසජා ඇවැත් දෙසිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතුයි. ඉදින් එහි ආරාමිකයෙක් හෝ උපාසකයෙක් හෝ පැමිණේ නම් හේ මෙසේ කිය යුත්තේ ය. ඇවැත මෙය දනැයි. ඉදින් හේ “මෙයින් කුමක් ගෙණ ආයුතුදැ”යි බෙණේ නම් මෙය හෝ මෙය හෝ ගෙණෙවයි නො කිය යුත්තේය. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ කැපවතක් පැවසිය යුතුයි. ඉදින් හේ එයින් පෙරළි කොට කැපවතක් එළවා නම් රූපිය ප්‍රතිග්‍රාහකයා තබා සියල්ලන් විසින් පරිභෝග කටයුතුයි. ඉදින් මෙසේ ලැබේ නම් එය මැනවි. ඉදින් නො ලැබේ නම් හේ මෙසේ කියයුත්තේ ය. ඇවැත මෙය ඉවත ලවයි. ඉදින් හේ ඉවත ලා නම් තෙල ඉවතලීම මැනවි. ඉදින් ඉවත නොලා නම් පසඟකින් සමන්‍විත වූ මහණ තෙමේ ‘රූපිය ඡඩ්ඩකය’ යි සම්මත කටයුත්තේ ය: යමෙක් ඡන්‍දයෙන් අගතියට නො යේ නම්, ද්වේෂයෙන් අගතියට නො යේ නම්, මෝහයෙන් අගතියට නො යේ නම්, බියෙන් අගතියට නො යේ නම්, ඉවත ලූ නො ලූ දැය දනී නම්, හෙතෙමේ යි. තවද මහණෙනි, මෙසේ සම්මත කටයුත්තේ ය: පළමුකොට මහණ තෙමේ යැදිය යුත්තේ ය. යැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ ය.”

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං රූපියඡඩ‍්ඩකං සම‍්මන‍්නෙය්‍ය, එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. ඉදින් සඟනට පැමිණි කල් වේ නම් සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කරන්නේය. මේ ඤත්තිය” යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං රූපියඡඩ‍්ඩකං සම‍්මන‍්නති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො රූපියඡඩ‍්ඩකස‍්ස සම‍්මුති, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

“වහන්ස, සඞ්‍ඝ තෙමේ මා කියන්නක් අසාවා. සඞ්‍ඝ තෙමේ මෙනම් මහණහු රූපියඡඩ්ඩක කොට සම්මත කෙරෙයි. මෙනම් මහණහුගේ රූපියඡඩ්ඩක සම්මතිය යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ කියන්නේ ය.

සම‍්මතො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො භික‍්ඛු රූපියඡඩ‍්ඩකො. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්‍ඝයා විසින් මෙනම් මහණ තෙමේ ‘රූපියඡඩ්ඩක’ යයි සම්මත කරණ ලද්දේ ය. එය සඞ්‍ඝයාට රිසි වෙයි. එහෙයින් තුෂ්ණිම්භාවය යි. මෙය මෙසේ දරමි” යි.

5. තෙන සම‍්මතෙන භික‍්ඛුනා අනිමිත‍්තං කත්‍වා පාතෙතබ‍්බං. සචෙ නිමිත‍්තං කත්‍වා පාතෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. රූපියෙ රූපියසඤ‍්ඤී රූපියං පටිග‍්ගණ‍්හාති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රූපියෙ වෙමතිකො රූපියං පටිග‍්ගණ‍්හාති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. රූපියෙ අරූපියසඤ‍්ඤී රූපියං පටිග‍්ගණ‍්හාති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අරූපියෙ රූපියසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අරූපියෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අරූපියෙ අරූපියසඤ‍්ඤී, අනාපත‍්ති.

5. සම්මතය ලත් ඒ මහණහු විසින් සලකුණු නො කොට ඉවත ලිය යුතුයි. ඉදින් සලකුණු කොට ඉවත ලා නම් දුකුළාඇවැත් වේ. රූපියෙහි රූපිය යන සන් ඇතියේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි විමති ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟි පචිති වෙයි. රූපියෙහි අරූපිය ය යන සන් ඇත්තේ රූපියවතක් පිළිගණී නම් නිසඟිපචිති වේ. අරූප්‍යයෙහි රූප්‍යසංඥී වූයේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අරූප්‍යයෙහි අරූප්‍ය ය යන සන් ඇත්තේ ඇවැත් නැති.

6. අනාපත‍්ති අජ‍්ඣාරාමෙ වා අජ‍්ඣාවසථෙ වා උග‍්ගහෙත්‍වා වා උග‍්ගහාපෙත්‍වා වා නික‍්ඛිපති, “යස‍්ස භවිස‍්සති සො හරිස‍්සතී”ති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

6. ඇතුළුඅරමැ හෝ ඇතුළුඅවසැ හෝ ‘යමක්හුගේ වේ නම් හේ ගෙණ යන්නේ’ යයි ගෙණ හෝ ගන්වා හෝ බහා තබා නම්,උම්මත්තකයාහට, ආදිකම්මිකයාහට ඇවැත් නැති.

රූපියසික‍්ඛාපදං නිට‍්ඨිතං.

රූපිය ශික්‍ෂාපදය නිමි.