එළකලොමධොවාපන සික්ඛාපදං
5. 2. 7.
5. 2. 7.
එළකලොමධොවාපන සික්ඛාපදං
එළකලෝමධොවාපන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙන්තිපි රජාපෙන්තිපි විජටාපෙන්තිපි. භික්ඛුනියො එළකලොමානි ධොවන්තියො රජන්තියො විජටෙන්තියො රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤං. අථ ඛො මහාපජාපති ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො මහාපජාපතිං ගොතමිං භගවා එතදවොච: “කච්චි ගොතමි භික්ඛුනියො අප්පමත්තා ආතාපිනියො පහිතත්තා විහරන්තී”ති. “කුතො භන්තෙ භික්ඛුනීනං අප්පමාදො, අය්යා ඡබ්බග්ගියා භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙන්තිපි රජාපෙන්තිපි වීජටාපෙන්තිපි, භික්ඛුනියො එළකලොමානි ධොවන්තියො රජන්තියො විජටෙන්තියො රිඤ්චන්ති උද්දෙසං පරිපුච්ඡං අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤන්ති”.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු භික්ෂුණීන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව හැරපියති. එකල්හි මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියා ය. එකත්පස්ව සිටි මහාප්‍රජාපතී ගෝතමීයට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක: “කිමෙක් ද? ගෞතමියනි, භික්ෂුණීහු නොපමාවූවාහු, කෙලෙසුන් තවන වෙර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු වෙසෙද් ද.” “වහන්ස භික්ෂුණීන්ට අප්‍රමාදයෙක් කොයින් ද? ෂඩ්වර්ගීය ආර්‍ය්‍යයෝ මෙහෙණන් ලවා එළුලොම් දොවවති, රඳන් කරවති, නෙළවත්. භික්ෂුණීහු එළුලොම් දොවන්නාහු රඳන්නාහු නෙළන්නාහු උදෙසීම පිළිවිසීම අධිසීලය අධිචිත්තය අධිප්‍රඥාව යන මේ හැරපියති” යි.
2. අථ ඛො භගවා මහාපජාපතිං ගොතමිං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො මහාපජාපති ගොතමී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙථපි රජාපෙථපි විජටාපෙථපී”ති? “සච්චං භගවා” “ඤාතිකායො තුම්හාකං භික්ඛවෙ අඤ්ඤාතිකායො”ති. “අඤ්ඤාතිකායො භගවා”ති. “අඤ්ඤාතිකා මොඝපුරිසා අඤ්ඤාතිකානං න ජානන්ති පතිරූපං වා අප්පතිරූපං වා පාසාදිකං වා අපාසාදිකං වා. තත්ථ නාම තුම්හෙ මොඝපුරිසා අඤ්ඤාතිකාහි භික්ඛුනීහි එළකලොමානි ධොවාපෙස්සථපි රජාපෙස්සථපි විජටාපෙස්සථපි. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගෝතමීයට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. කුසල් දහම්හි සමාදන් කරවූහ. උත්සාහවත් කරවූහ. මැනවින් පැහැද වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, මැනවින් පහදවන ලද මහාප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියා ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑද මහණෙනි, තෙපි භික්ෂුණීන් ලවා එළුලොම් දොවවවු ද, රඳවවු ද, නෙළවවු ද?” යී. “සැබැව භාග්‍යවතුන් වහන්ස.” “මහණෙනි තොපගේ නෑයෝ ද නොනෑයෝ ද?” යි. “භාග්‍යවතුන් වහන්ස, නො නෑයෝ” යි. “තුච්ඡ පුරුෂයෙනි, නොනෑයෝ නො නෑයන් පිළිබඳ සුදුසු බව හෝ නුසුදුසු බව හෝ පැහැදීම හෝ නො පැහැදීම හෝ නො දනිත්. “තුච්ඡපුරුෂයෙනි, එහි නම් තෙපි නොනෑ වූ භික්ෂුණීන් ලවා එළුලොම් දෙවවූහු ය. රැඳවූවහු ය. නෙළවූවහු ය’ යි. “හිස්පුරුෂයෙනි, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. මේ සිකපදය මෙසේ උදෙසවු:”
“යො පන භික්ඛු අඤ්ඤාතිකාය භික්ඛුනියා එළකලොමානි ධොවාපෙය්ය වා රජාපෙය්ය වා විජටාපෙය්ය වා, නිස්සග්ගියං පාචිත්තියන්ති”.
“යම් මහණෙක් නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් හෝ රඳවා නම් හෝ නෙළවා නම් හෝ නිසඟි පචිති වේ” යයි.
3. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන යනු යම්බඳු වූ යමෙක් භික්ඛු’ යි ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුය යි අදහස් කරණ ලදී.
අඤ්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත්තමා පිතාමහයුගා අසම්බද්ධා.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්වන මුත්තා යුගළු දක්වා නො බැඳුනාහු.
භික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුණී නම්, උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
4. “ධොවා”ති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. ධොතානි නිස්සග්ගියානි හොන්ති. රජාති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. රත්තානි නිස්සග්ගියානි හොන්ති. “විජටෙහී”ති ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. විජටිතානි නිස්සග්ගියානි හොන්ති. නිස්සජිතබ්බානි සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බානි: “ඉමානි මෙ භන්තෙ එළකලොමානි අඤ්ඤාතිකාය භික්ඛුනියා ධොවාපිතානි නිස්සග්ගියානි, ඉමානාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, -පෙ- ආයස්මතො දම්මීති.”
4. ‘දොවව’ යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. දෝනාලද්දාහු නිසජිය යුත්තාහු වෙති. රඳන් කරවයි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. නෙළව යි ඇණවා නම් දුකුළාඇවැත් වෙයි. නෙළන ලද්දාහු නිසජිය යුත්තාහු වෙත්. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුත්තාහ. තවද “මහණෙනි මෙසේ නිසජිය යුත්තාහුය.” “වහන්ස, නො නෑ මෙහෙණක ලවා දොවවන ලද මගේ මේ එළුලොම් නිසඟි විය. මම මේවා සඟනට නිසජමියි ... දෙන්නේයයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත් හට දෙමි” යි:
5. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති විජටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි ධොවාපෙති රජාපෙති විජටාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
5. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් නෙළවා නම් නිසඟියක් හා දුකුළාඇවැත් වෙයි. නො නෑ සන් ඇතියාව, නො නෑ මෙහෙණක ලවා එළුලොම් දොවවා නම් රඳන් කරවා නම් නෙළවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
6. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි රජාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි රජාපෙති විජටාපෙති, -පෙ- රජාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස. -පෙ- රජාපෙති විජටාපෙති ධොවාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
6. නො නෑ මෙහෙණක ලවා නො නෑ ය යන සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ මෙහෙණක ලවා නො නෑ සන් ඇති ව එළුලොම් රඳන් කරවා නම් නෙළවා නම් ... රඳන් කරවා නම් දොවවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... රඳන් කරවා නම් නෙළවා නම් දොවවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැත් වේ.
7. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි විජටාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී එළකලොමානි විජටාපෙති ධොවාපෙති, -පෙ- විජටාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති දුක්කටස්ස . -පෙ- විජටාපෙති ධොවාපෙති රජාපෙති, නිස්සග්ගියෙන ආපත්ති ද්වින්නං දුක්කටානං.
7. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් නිසඟිපචිති වෙයි. නො නෑ සන් ඇතියාව නො නෑ මෙහෙණක ලවා එළුලොම් නෙළවා නම් දොවවා නම් ... නෙළවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දුකුළාඇවැත් වෙයි ... නෙළවා නම් දොවවා නම් රඳන් කරවා නම් නිසඟියක් සමග දෙ දුකුළාඇවැතෙක් වේ.
8. අඤ්ඤාතිකාය වෙමතිකො -පෙ- අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී -පෙ- අඤ්ඤස්ස එළකලොමානි ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නාය ධොවාපෙති, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඤාතිකාය ඤාතිකසඤ්ඤී, අනාපත්ති.
8. විමති ඇත්තේ නො නෑ මෙහෙණක ලවා ... නෑය යන සන් ඇතියේ නො නෑ මෙහෙණක ලවා ... අනෙකක්හුගේ එළුලොම් දොවවා නම් දුකුළාඇවැත් වෙයි. භික්ෂුණීන් වෙත උපසපන් වූ මෙහෙණක ලවා දොවවා නම් දුකුළාඇවැත් වෙයි. නො නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. විමති ඇත්තේ නෑ මෙහෙණක ලවා (දොවවා නම්) දුකුළාඇවැත් වෙයි. නෑය යන සන් ඇතියේ නෑ මෙහෙණක ලවා දොවවා නම් ඇවැත් නැති.
9. අනාපත්ති ඤාතිකාය ධාවන්තියා අඤ්ඤාතිකා දුතියා හොති, අවුත්තා ධොවති, අපරිභුත්තං කතභණ්ඩං ධොවාපෙති, සික්ඛමානාය සාමණෙරියා උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
9. නෑ මෙහෙණක දෝනා කල්හි නො නෑ මෙහෙණක් දෙවැන්න වේ නම්, නො කියන ලද්දී දොවා නම්, පරිභෝග නො කරණ ලද එළුලොමින් කළ භාණ්ඩයක් දොවවා නම්, සික්ඛමානාවක ලවා (දොවවා නම්), හෙරණක ලවා (දොවවා නම්), උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලොමධොවාපනසික්ඛාපදං නිට්ඨිතං.
එළකලෝමධොවාපන ශික්ෂාපදය නිමි.