එළකලොමසික්ඛාපදං
5. 2. 6.
5. 2. 6.
එළකලොමසික්ඛාපදං
එළකලෝම ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො කොසලෙසු ජනපදෙ සාවත්ථිං ගච්ඡන්තස්ස අන්තරා මග්ගෙ එළකලොමානි උප්පජ්ජිංසු. අථ ඛො සො භික්ඛු තානි එළකලොමානි උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා අගමාසි. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා උප්පණ්ඩෙසුං: “කිත්තකෙන තෙ භන්තෙ කීතානි, කිත්තකො උදයො භවිස්සතී”ති. සො භික්ඛු තෙහි මනුස්සෙහි උප්පණ්ඩියමානො මඞ්කු අහොසි. අථ ඛො සො භික්ඛු සාවත්ථිං ගන්ත්වා තානි එළකලොමානි ඨිතකොව ආසුම්භි. භික්ඛූ තං භික්ඛුං එතදවොචුං: “කිස්ස පන ත්වං ආවුසො ඉමානි එළකලොමානි ඨිතකොව ආසුම්භසී”ති. “තථා හි පනාහං ආවුසො ඉමෙසං එළකලොමානං කාරණා මනුස්සෙහි උප්පණ්ඩිතො”ති. “කීව දූරතො පන ත්වං ආවුසො ඉමානි එළකලොමානි ආහරී”ති. “අතිරෙකතියොජනං ආවුසො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම භික්ඛු අතිරෙකතියොජනං එළකලොමානි ආහරිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර ත්වං භික්ඛු අතිරෙකතියොජනං එළකලොමානි ආහරී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස අතිරෙකතියොජනං එළකලොමානි ආහරිස්සි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි කොසොල් දනව්හි සිට සැවැත්නුවරට යන එක්තරා මහණක්හට අතරමගදී එළුලොම් උපන. ඉක්බිති ඒ මහණ තෙමේ ඒ එළුලොම් උතුරුසඟින් පොදියක් බැඳගෙණ ගියේ ය. මිනිස්සු ඒ මහණ දැක වෙළපූහ: “වහන්ස, ඔබ විසින් කොපමණකින් මිලයට ගන්නා ලද ද. කෙතෙක් ලාබ වන්නේ දැ?” යි. ඒ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු වූයේ ය. ඉක්බිති ඒ මහණ සැවැත්නුවරට ගොස් ඒ එළුලොම් සිටි වන ම බිම හෙළී ය. භික්ෂූහු ඒ මහණහට මෙසේ කීහ: “ඇවත තෝ කුමක් හෙයින් මේ එළුලොම් සිටි වන ම බිම හෙළුයෙහි ද?” යි. “ඇවැත්නි, මම මේ එළුලොම් නිසා මිනිසුන් විසින් වෙළපන ලද්දෙමි. එහෙයිනි” යි. “ඇවැත්නි, තෝ කෙතෙක් දුර සිට මේ එළුලොම් ගෙණ ආයෙහි දැ?”යි. “ඇවැත්නි, අයිරා තුන් යොදුනකි” යි. යම් අපිස් වූ මහණ කෙනෙක් වෙත් ද, ඔහු අවමන් කෙරෙති, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් මහණෙක් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි දැ”යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑ ද මහණ? තෝ අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙන අයි දැ”යි. “සැබැව, භාග්‍යවතුන් වහන්ස” යි. භාග්‍යවත් බුදුහු ගැරැහූහ. “තුච්ඡපුරුෂය, තෝ කෙසේ නම් අයිරා තුන් යොදුනක් එළුලොම් ගෙණ අයි ද? තුච්ඡපුරුෂය, තෙල නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි.” ... “මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”
“භික්ඛුනො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස එළකලොමානි උප්පජ්ජෙය්යුං, ආකඞ්ඛමානෙන භික්ඛුනා පටිග්ගහෙතබ්බානි. පටිග්ගහෙත්වා තියොජනපරමං සහත්ථා හරිතබ්බානි අසන්තෙ හාරකෙ. තතො චෙ උත්තරිං හරෙය්ය අසන්තෙපි හාරකෙ නිස්සග්ගියං පාචිත්තියන්ති”.
“අදන්මගට පිළිපන් මහණකුහට එළුලොම් උපනේ නම් කැමැති මහණහු විසින් පිළිගත යුතු යි. පිළිගෙණ ගෙණ යන්නකු නැතිකල්හි තුන් යොදුනක් පරම කොට සියතින් ගෙණ යා යුතු යි. ඉදින් ගෙණ යන්නකු නැති කල්හිදු ඉන් මත්තෙහි ගෙණ යන්නේ නම් නිසැඟිපචිති වේ.”
2. භික්ඛුනො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්සාති පථං ගච්ඡන්තස්ස.
2. භික්ඛු නො පනෙව අද්ධානමග්ගප්පටිපන්නස්ස යනු: මග යන්නහුට.
එළකලොමානි උප්පජ්ජෙය්යුන්ති උප්පජ්ජෙය්යුං සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා පංසුකූලං වා අත්තනො වා ධනෙන.
ඒකලෝමානි උප්පජ්ජෙය්යුං යනු: සඞ්ඝයාකෙරෙන් හෝ ගණයාකෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ පංසුකූල ව හෝ සිය ධනයෙන් හෝ උපදනාහු ය.
ආකඞ්ඛමානෙනාති ඉච්ඡමානෙන
ආකඞ්ඛමානෙන යනු: කැමැතිවන්නහු විසින්
පටිග්ගහෙතබ්බානි, පටිග්ගහෙත්වා තියොජනපරමං සහත්ථා හරිතබ්බානීති, තියොජනපරමතා සහත්ථා හරිතබ්බානි.
පටිග්ගහෙතබ්බානි පටිග්ගහෙත්වා තියෝජනපරමං සහත්ථා හරිතබ්බානි යනු: තුන් යොදුන් පරම තැන් ගෙණ යෑ යුත්තාහ.
අසන්තෙ හාරකෙති නාඤ්ඤො කොචි හාරකො හොති ඉත්ථි වා පුරිසො වා ගහට්ඨො වා පබ්බජිතො වා.
අසන්තෙ හාරකෙ යනු: ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි ගෙණ යන අන් කිසිවෙක් නැත්තේ වෙයි.
තතො චෙ උත්තරි හරෙය්ය අසන්තෙපි හාරකෙති පඨමං පාදං තියොජනං අතික්කාමෙති, ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං අන්තො තියොජනෙ ඨිතො බහි තියොජනං පාතෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්ස යානෙ වා භණ්ඩෙ වා අජානන්තස්ස පක්ඛිපිත්වා තියොජනං අතික්කාමෙති, නිස්සග්ගියානි හොන්ති. නිස්සජිතබ්බානි සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බානි: “ඉමානි මෙ භන්තෙ එළකලොමානි තියොජනං අතික්කාමිතානි නිස්සග්ගියානි, ඉමානාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති. -පෙ-
තතො චෙ උත්තරිං හරෙය්ය අසන්තෙ’පි හාරකෙ යනු: පළමු පිය තුන් යොදුන ඉක්මවා නම් දුකුළාඇවැත් වෙයි. දෙවෙනි පිය ඉක්මවා නම් නිසඟිපචිති වෙයි. තුන්යොදුන ඇතුළත සිටියේ තුන්යොදුනෙන් පිටත හෙළා නම් නිසඟිපචිති වෙයි. නො දන්නා වූ අනෙකක්හුගේ යානයෙහි හෝ බැඬියෙහි හෝ බහා තුන් යොදුන ඉක්මවා නම් නිසඟි වේ. සඟනට හෝ ගණයාහට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු. තවද “මහණෙනි, මෙසේ නිසජිය යුත්තාහ: “වහන්ස, තුන් යොදුනක් ඉක්මවන ලද මගේ මේ එළුලොම් නිසැඟි විය. මම් මෙය සඟනට නිසජමි යි, ... දෙන්නේ යි ... දෙන්නහු යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
3. අතිරෙකතියොජනෙ අතිරෙකසඤ්ඤී අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතියොජනෙ වෙමතිකො අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතියොජනෙ ඌනකසඤ්ඤී අතික්කාමෙති, නිස්සග්ගියං පාචිත්තියං. ඌනකතියොජනෙ අතිරෙකසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. ඌනකතියොජනෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. ඌනකතියොජනෙ ඌනකසඤ්ඤී, අනාපත්ති.
3. අතිරේක අයිරා තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි විමති ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන් යොදුනෙහි උනු ය යන සන් ඇතියේ ඉකුම්වා නම් නිසඟිපචිති වේ. උනු තුන් යොදුනෙහි අයිරා සන් ඇතියේ දුකුළාඇවැත් වෙයි. උනු තුන් යොදුනෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙ’යි. උනුතුන් යොදුනෙහි උනුය යන සන් ඇතියේ ඇවැත් නැති.
4. අනාපත්ති තියොජනං හරති, ඌනකතියොජනං හරති, තියොජනං හරතිපි, පච්චාහරතිපි, තියොජනං වාසාධිප්පායො ගන්ත්වා තතො පරං හරති, අච්ඡින්නං පටිලභිත්වා හරති, නිස්සට්ඨං පටිලභිත්වා හරති, අඤ්ඤං හරාපෙති, කටභණ්ඩං හරති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
4. තුන්යොදුනක් තැන් ගෙණ යේ නම්, උනුතුන් යොදුනක් තැන් ගෙණ යේ නම්, තුන් යොදුනක් තැන් ගෙණ යේ ද පෙරළා ගෙණ ඒ ද, තුන් යොදුනක් තැන් විසියැටි වූයේ ගොස් ඉන් මත්තෙහි ගෙණ යේ නම්, අසිඳැ ගන්නා ලදුව නැවත ලැබ ගෙණ යේ නම්, නිසජන ලද්දක් ලැබගෙණ යේ නම් අනෙකක්හු ලවා ගෙන්වා යේ නම්, එළුලොමින් කළ බඩුවක් ගෙණ යේ නම් (ඔහුට ද), උමතු වූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
එළකලොමසික්ඛාපදං නිට්ඨිතං.
එළකලෝම ශික්ෂාපදය නිමි.