නිසීදනසන්ථතසික්ඛාපදං
5. 2. 5.
5. 2. 5.
නිසීදනසන්ථතසික්ඛාපදං
නිසීදනසන්‍ථත ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ තෙමාසං පටිසල්ලීයිතුං, නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. තෙන ඛො පන සමයෙන සාවත්ථියා සඞ්ඝෙන කතිකා කතා හොති. “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං, න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවත්හු භික්ෂූන් ඇමැතූහ: ‘මහණෙනි, මම් තුන්මසක් විවික්ත ව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාත එළවන එක් මහණක්හු හැර කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය එළවන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙයි. යළි එසමයෙහි සැවැත්නුවර සඞ්ඝයා විසින් කතිකාවක් කරණ ලද වෙයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් මුළුල්ලෙහි විවික්ත ව වාසය කරන්නට කැමති වන සේක. පිණ්ඩපාත එළවන එක් මහණකු විනා කිසිවක්හු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි.
2. අථ ඛො ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං භගවා එතදවොච: “කච්චි වො උපසෙන ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිත්ථ අප්පකිලමථෙන අද්ධානං ආගතා”ති. “ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන ච මයං භන්තෙ අද්ධානං ආගතා”ති.
2. එකල්හි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේන තෙමේ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන්නාවූ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ: ‘කිම උපසේනය, තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම නො වෙහෙසින් දිගුමඟැ ආවාහු දැ’යි. ඉවැසිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක භාග්‍යවතුන් වහන්ස, වහන්ස අපි නො වෙහෙසින් දිගුමඟැ ආම්හ’යි.
3. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස සද්ධිවිහාරිකො භික්ඛු භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “මනාපානි තෙ භික්ඛු පංසුකූලානී”ති. “න ඛො මෙ භන්තෙ මනාපානි පංසුකූලානී”ති. “කිස්ස පන ත්වං භික්ඛු පංසුකූලිකො”ති. “උපජ්ඣායො මෙ භන්තෙ පංසුකූලිකො, එවං අහම්පි පංසුකූලිකො”ති. අථ ඛො භගවා ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොච: “පාසාදිකා ඛො ත්යායං උපසෙන පරිසා, කථං ත්වං උපසෙන පරිසං විනෙසී”ති. “යො මං භන්තෙ උපසම්පදං යාචති, තාහං එවං වදාමි: “අහං ඛො ආවුසො ආරඤ්ඤිකො පිණ්ඩපාතිකො පංසුකූලිකො, සචෙ ත්වම්පි ආරඤ්ඤිකො භවිස්සසි පිණ්ඩපාතිකො පංසුකූලිකො, එවාහන්තං උපසම්පාදෙස්සාමී”ති. සචෙ මෙ පටිසුණාති උපසම්පාදෙමි. නො චෙ මෙ පටිසුණාති, න උපසම්පාදෙමි. යො මං නිස්සයං යාචති, තාහං එවං වදාමි: “අහං ඛො ආවුසො ආරඤ්ඤිකො පිණ්ඩපාතිකො පංසුකූලිකො, සචෙ ත්වම්පි ආරඤ්ඤිකො භවිස්සසි පිණ්ඩපාතිකො පංසුකූලිකො, එවාහන්තෙ නිස්සයං දස්සාමීති. සචෙ මෙ පටිසුණාති නිස්සයං දෙමි. නො චෙ මෙ පටිසුණාති, න නිස්සයං දෙමි. එවං ඛො අහං භන්තෙ පරිසං විනෙමී”ති. “සාධු සාධු උපසෙන, සාධු ඛො ත්වං උපසෙන පරිසං විනෙසි. ජානාසි පන ත්වං උපසෙන, සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “න ඛො අහං භන්තෙ ජානාමි සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. සාවත්ථියා ඛො උපසෙන සඞ්ඝෙන කතිකා කතා: “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං, න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති. “පඤ්ඤායිස්සති භන්තෙ සාවත්ථියා සඞ්ඝො සකාය කතිකාය “න මයං අපඤ්ඤත්තං පඤ්ඤාපෙස්සාම, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිස්සාම, යථා පඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සාමා”ති. “සාධු සාධු උපසෙන, අපඤ්ඤත්තං න පඤ්ඤාපෙතබ්බං, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිතබ්බං, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිතබ්බං”. “අනුජානාමි උපසෙන යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති.
3. තවද එසමයෙහි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනගේ සද්ධිවිහාරික මහණෙක් භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ තට පසුල්සිවුරු මනාප දැ’යි. ‘වහන්ස, මට පසුල්සිවුරු මනාප නො වෙති’යි. ‘කවර හෙයින් මහණ, තෝ පංශුකූලිකයෙහි දැ’යි. ‘වහන්ස, මාගේ උපාධ්‍යායයෝ පාංශුකූලිකයහ. එසෙයින් මම ද පාංශුකූලිකයෙමි’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනහට මෙය වදාළහ: ‘උපසේනය, තාගේ මේ පිරිස ප්‍රසාදික ය, උපසේනය, කිසෙයින් තෝ පිරිස හික්මවූයෙහි දැ’යි. ‘වහන්ස, යමෙක් මා උපසම්පදාව ඉල්වා නම්, ඔහුට මම මෙසේ කියමි: ඇවැත්නි, මම ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම් තා උපසපන් කරන්නෙමි’යි ඉදින් මට පිළින කෙරේ නම් උපසපන් කරමි. ඉදින් මට පිළින නො කෙරේ නම් උපසපන් නො කෙරෙමි. යමෙක් මා නිස ඉල්වා නම් ඔහුට මම් මෙසේ කියමි. ‘ඇවැත්නි, මම් ආරණ්‍යකයෙමි, පිණ්ඩපාතිකයෙමි, පාංශුකූලිකයෙමි, ඉදින් තො ද ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වන්නෙහි නම් මෙසේ මම තට නිස දෙන්නෙමි’යි. ඉදින් මට පිළින කෙරේ නම් නිස දෙමි, ඉදින් මට පිළින නො කෙරේ නම් නිස නො දෙමි. වහන්ස, මෙසේ මම් පිරිස හික්මවමි”යි. “මැනව මැනව උපසේනය, උපසේනය තෝ මැනැවින් පිරිස හික්මවූයෙහි. තවද ‘උපසේනය’ තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දනී දැ”යි. වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වසන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හේ පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලද ය. ‘වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. අපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත වූ ශික්ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’යි. මැනව මැනැව උපසේනය, නො පණවන ලද්දක් නො පැණවිය යුතුය, පණවන ලද්ද හෝ නො සිඳිය යුතුය. යථාප්‍රඥප්ත ශික්ෂාපදයන්හි සමාදන් ව පැවැතිය යුතු. උපසේනය, යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදනිමි.
4. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ බහිද්වාරකොට්ඨකෙ ඨිතා හොන්ති: “මයං ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං පාචිත්තියං දෙසාපෙස්සාමා”ති . අථ ඛො ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං උපසෙනං වඞ්ගන්තපුත්තං එතදවොචුං “ජානාසි ත්වං ආවුසො උපසෙන සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “භගවාපි මං ආවුසො එවමාහ: “ජානාසි පන ත්වං උපසෙන සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. “න ඛො අහං භන්තෙ ජානාමි සාවත්ථියා සඞ්ඝස්ස කතික”න්ති. සාවත්ථියා ඛො උපසෙන සඞ්ඝෙන කතිකා කතා: “ඉච්ඡතාවුසො භගවා තෙමාසං පටිසල්ලීයිතුං න භගවා කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. යො භගවන්තං උපසඞ්කමති, සො පාචිත්තියං දෙසාපෙතබ්බො”ති. “පඤ්ඤායිස්සති භන්තෙ සාවත්ථියා සඞ්ඝො සකාය කතිකාය, “න මයං අපඤ්ඤත්තං පඤ්ඤපෙස්සාම, පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිස්සාම, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සාමා”ති. අනුඤ්ඤාතාවුසො භගවතා යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති.
4. තවද එසමයෙහි බොහෝ භික්ෂූහු “අපි වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන් ලවා පචිතිඇවැත් දෙසවම්හ’ යි බිහිදොර කොටුවෙහි සිටියාහු වෙති. ඉක්බිති වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයෝ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ. ඉක්බිති ඒ භික්ෂූහු වඞ්ගන්තපුත්‍ර වූ ආයුෂ්මත් උපසේනයන්ට මෙ පවත් කීහ: ‘ඇවැත්නි, උපසේනයෙනි, තෙපි සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නහු දැ’යි. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ද මට මෙසේ වදාළහ: උපසේනය, තෝ සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව දන්නෙහි දැ’යි. ‘වහන්ස, මම් සැවැත්නුවර සඞ්ඝයාගේ කතිකාව නො දනිමි’යි. “උපසේනය, සැවැත්නුවර සඞ්ඝයා විසින් ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ තෙමසක් විවික්ත ව වාසය කරන්නට රිසි වෙති. පිණ්ඩපාත එළවන එක් මහණක්හු තබා කිසිවකු විසින් භාග්‍යවතුන් වහන්සේ නො එළඹිය යුත්තාහ. යමෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹේ නම් හෙතෙම පචිතිඇවැත් දෙසැවිය යුත්තේ’ යයි කතිකාවක් කරණ ලදැ’යි. “වහන්ස, සැවැත්නුවර සඞ්ඝ තෙම සිය කතිකායෙන් පැනෙන්නේ ය. ‘ඇපි නො පණවන ලද්දක් නො පණවම්හ. පණවන ලද්ද හෝ නො සිඳුම්හ. යථාප්‍රඥප්ත ශික්ෂාපදයන්හි සමාදන් ව පවතුම්හ’ යි. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා’ යි අනුදන්නා ලද” යයි.
5. අථ ඛො තෙ භික්ඛූ “සච්චං ඛො ආයස්මා උපසෙනො ආහ. න අපඤ්ඤත්තං පඤ්ඤාපෙතබ්බං පඤ්ඤත්තං වා න සමුච්ඡින්දිතබ්බං, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිතබ්බ”න්ති. අස්සොසුං ඛො භික්ඛූ අනුඤ්ඤාතා කිර භගවතා යෙ තෙ භික්ඛූ ආරඤ්ඤිකා පිණ්ඩපාතිකා පංසුකූලිකා යථාසුඛං මං දස්සනාය උපසඞ්කමන්තූ”ති. තෙ භගවන්තං දස්සනං පිහෙන්තා සන්ථතානි උජ්ඣිත්වා ආරඤ්ඤිකඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං පංසුකූලිකඞ්ගං සමාදියිංසු. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො අද්දස සන්ථතානි තහිං තහිං උජ්ඣිතානි, පස්සිත්වා භික්ඛූ ආමන්තෙසි: “කස්සිමානි භික්ඛවෙ සන්ථතානි තහිං තහිං උජ්ඣිතානී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච සඞ්ඝසුට්ඨුතාය සඞ්ඝඵාසුතාය -පෙ- “එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
5. ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් උපසේනයෝ සැබවක් ම කියති: ‘නො පණවන ලද්දක් නො පැණවියයුතු ය, පණවන ලද්ද හෝ නො සින්ද යුතු ය. යථාප්‍රඥප්ත ශික්ෂාපදයන්හි සමාදන් ව පැවැතියයුතු’ යයි. භික්ෂූහු ‘යම් මහණ කෙනෙක් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වෙත් නම් ඔහු සුවසේ මා දක්නට එළඹෙත්වා යි අනුදන්නා ලදැ’යි ඇසූහ. ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට කැමැත්තාහු ඇතිරි හැරපියා ආරණ්‍යකාඞ්ගය, පිණ්ඩපාතිකාඞ්ගය, පාංශුකූලිකාඞ්ගය සමාදන් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා සමග සේනාසන චාරිකායෙහි වඩනාහු ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි දුටහ. දැක ‘මහණෙනි, මේ ඒ ඒ තැන්හි හැරපියන ලද ඇතිරි කවරක්හුගේ දැ’යි භික්ෂූන් ඇමැතූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූහ: “එසේ වී නම් මහණෙනි, කරුණු දශයක් නිසා භික්ෂූන් ට ශික්ෂාපද පනවන්නෙමි. සඞ්ඝසුට්ඨුතා පිණිස ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“නිසීදනසන්ථතං පන භික්ඛුනා කාරයමානෙන පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණාය, අනාදා චෙ භික්ඛු පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“නිසදුන් ඇතිරියක් කරණ මහණහු විසින් දුර්වර්ණකිරීමට පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් ගතයුතු ය. ඉදින් මහණ තෙම පුරාණ සන්‍ථතයාගේ හාත්පසින් සුගත්වියතක් නො ගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
6. නිසීදනං නාම: සදසං වුච්චති.
6. නිසීදන නම්: දාවලු සහිතයෙක් කියනු ලැබේ.
සන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
සන්ථත නම්: නො වියූ අතුට කරණ ලද්දක් වෙයි.
කාරයමානෙනාති කරොන්තො වා කාරාපෙන්තො වා.
කාරයමානෙන යනු කරන්නේ හෝ කරවන්නේ හෝ.
පුරාණසන්ථතං නාම: සකිං නිව්ත්ථම්පි සකිං පාරුතම්පි.
පුරාණසන්ථත නම්: වරක් හැන්ද හෝ වරක් පෙරවූවකි.
සාමන්තා සුගතවිදත්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණායාති ථිරභාවාය වට්ටං වා චතුරස්සං වා ඡින්දිත්වා එකදෙසෙ වා සන්ථරිතබ්බං, විජටෙත්වා වා සන්ථරිතබ්බං.
සාමන්තා සුගතවිදත්ථි ආදාතබ්බා දුබ්බණ්ණකරණාය යනු වට කොට හෝ සිවුරැස් කොට හෝ සිඳ එක්පසෙක හෝ ඇතිරිය යුතු යි. නෙලා හෝ ඇතිරිය යුතු යි.
අනාදා චෙ භික්ඛු පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථින්ති අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං නවං නිසීදනසන්ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදම්මෙ භන්තෙ නිසීදනසන්ථතං අනාදියිත්වා පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං කාරාපිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති. -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති, ආයස්මතො දම්මී”ති.
අනාදා චෙ භික්ඛු පුරාණ සන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං යනු පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් පමණ නොගෙණ අලුත් නිසඳුන් ඇතිරියක් කෙරේ හෝ කරවා හෝ පියෝහි දුකුළා වෙයි. ලබා ගැනීමෙන් නිසැඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසජිය යුතු යි. තවද මහණෙනි, මෙසේ නිසජිය යුතු යි. “වහන්ස, පැරණි ඇතිරියක පසකින් සුගත් වියතක් නො ගෙණ කරවන ලද මේ මගේ හිඳිනා ඇතිරිය නිසගි විය. මම් මෙය සඟනට නිසජමි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි.
7. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, ආපත්ති දුක්කටස්ස.
7. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරෙයි හෝ කරවා හෝ දුකුළාඇවැත් වේ.
8. අනාපත්ති පුරාණසන්ථතස්ස සාමන්තා සුගතවිදත්ථිං ආදියිත්වා කරොති. අලභන්තො ථොකතරං ආදියිත්වා කරොති, අලභන්තො අනාදියිත්වා කරොති, අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
8. පැරණි ඇතිරියක පසකින් සුගත්වියතක් පමණ ගෙණ කෙරේ නම්, නොලැබෙන්නේ ඉතා මඳක් ගෙණ කෙරේ නම්, නො ලැබෙන්නේ නො ගෙණ කෙරේ නම්, අනෙකක්හු විසින් කරණ ලද්ද ලැබී පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම්, ඔහුට ද, උමතුවූවහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නැති.
නිසීදනසන්ථතසික්ඛාපදං නිට්ඨිතං.
නිසීදනසන්‍ථත ශික්ෂාපදය නිමි.