ඡබ්බස්සසික්ඛාපදං
5. 2. 4.
5. 2. 4.
ඡබ්බස්සසික්ඛාපදං.
ඡබ්බස්ස ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙන්ති, තෙ යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති, යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. අම්හාකං පන සකිං කතානි සන්ථතානි පඤ්චපි ඡපි වස්සානි හොන්ති, යෙසං නො දාරකා ඌහදන්තිපි උම්මිහන්තිපි උන්දූරෙහිපි ඛජ්ජන්ති. ඉමෙ පන සමණා සක්යපුත්තියා අනුවස්සං සන්ථතං කාරාපෙන්ති, යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති. තවද එසමයෙහි භික්ෂූහු වසක් පාසා ඇතිරි කරවති. ඔහු ‘එළුලොම් දෙව එළුලොමින් අර්ත්ථ ඇතැ’යි යැදීම බහුල ව විනැවීම් බහුල ව වෙසෙති. මිනිස්සු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් අර්ත්ථ ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් ද, අපගේ වැලිත් වරක් කරණ ලද ඇතිරි පස්වසකුදු සවසකුදු පවතිත්. එහි අපගේ දරුවෝ මලමූ ද කෙරෙති (ඔහු) මීයන් විසිනිදු කනු ලැබෙත්. එතෙකුදුවත් මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ වසක් පාසා ඇතිරි කරවති. ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙති” යි.
2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “සච්චං කිර භික්ඛවෙ භික්ඛූ අනුවස්සං සන්ථතං කාරාපෙන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා. කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා අනුවස්සං සන්ථතං කාරාපෙස්සන්ති. යාචනබහුලා විඤ්ඤත්තිබහුලා විහරිස්සන්ති: “එළකලොමානි දෙථ එළකලොමෙහි අත්ථො”ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. භික්ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් භික්ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද, ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ”යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “සැබෑද මහණෙනි, භික්ෂූහු වසක් පාසා ඇතිරි කරවත් ද “එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ”යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වෙසෙත් දැ’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ වසක් පාසා ඇතිරි කරවත් ද ‘එළුලොම් දෙව එළුලොමින් ප්‍රයෝජන ඇතැ’යි යැදීම් බහුල ව විනැවීම් බහුල ව වාසය කෙරෙත් දැ”යි වෙසෙසින් ගර්හා කළහ. මහණෙනි, තෙල නො පහන් වූවන්ගේ පැහැදීමට නො වැටෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:”
“නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බං. ඔරෙන චෙ ඡන්නං වස්සානං තං සන්ථතං විස්සජ්ජෙත්වා වා අවිස්සජ්ජෙත්වා වා අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“මහණහු විසින් නව ඇතිරිය කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් සවසකින් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ අනිත් නවඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මෙසේත් මේ ශික්ෂාපදය පණවන ලද වේ.
[මූලපඤ්ඤත්ති.]
[මුල් පැණවීමයි]
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කොසම්බියං ගිලානො හොති. ඤාතකා තස්ස භික්ඛුනො සන්තිකෙ දූතං පාහෙසුං: “ආගච්ඡතු භදන්තො, මයං උපට්ඨහිස්සාමා”ති. භික්ඛූපි එවමාහංසු: “ගච්ඡාවුසො, ඤාතකා තං උපට්ඨහිස්සන්තී”ති. සො එවමාහ: “භගවතා ආවුසො සික්ඛාපදං පඤ්ඤත්තං: “නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බ”න්ති. “අහඤ්චම්හි ගිලානො න සක්කොමි සන්ථතං ආදාය පක්කමිතුං, මය්හඤ්ච විනා සන්ථතා න ඵාසු හොති, නාහං ගමිස්සාමී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං.
3. තවද එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ‘වහන්සේ පැමිණෙත්වා අපි උපස්ථාන කරම්හ’ යි ඒ මහණහු වෙත දූතයකු යැවූහ. භික්ෂූහු ද ‘යා ඇවැත, නෑයෝ තොපට උවැටන් කරන්නාහ’යි මෙසේ කීහ. හේ මෙසේ කී ය: “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් සිකපද පණවන ලද. ‘මහණහු නවඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු’ යයි. මම් වූ කලි ගිලන් වෙමි. ඇතිරිය ගෙණ නික්ම යන්නට නො හැක්කෙමි. මට ද ඇතිරිය නැති ව සුවයෙක් නො වෙයි. මම් නො යෙමි” යි. භාග්‍යවතුන් වහන්සේට එපවත් දැන්වූහ.
4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දාතුං. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බ: තෙන ගිලානෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “අහං භන්තෙ ගිලානො න සක්කොමි සන්ථතං ආදාය පක්කමිතුං, සොහං භන්තෙ සඞ්ඝං සන්ථතසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො, තතියම්පි යාචිතබ්බො. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි ගිලන් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට පෙරව මහලු භික්ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම් ගිලන් වෙමි. සන්‍ථතය ගෙණ යන්නට නො හැක්කෙමි. වහන්ස, මම් සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය අයදිමි. දෙවනවට ද යැදියයුතු තෙවනවට ද යැදියයුතු. ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති සන්ථතං ආදාය පක්කමිතුං, සො සඞ්ඝං සන්ථතසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.”
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වෙයි. සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් සන්‍ථතසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දෙන්නේ ය. මේ ‘ඤත්ති’ යයි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු ගිලානො න සක්කොති සන්ථතං ආදාය පක්කමිතුං, සො සඞ්ඝං සන්ථතසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතිං දෙති, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුතියා දානං, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ ගිලන් වූයේ සන්‍ථතය ගෙණ යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයාගෙන් ‘සන්‍ථතසම්මුතිය’ යදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙයි. මෙනම් මහණහට සන්‍ථතසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණීම්භූත වන්නේය. යමක්හට රිසි වේ නම් හේ බණන්නේ ය.
දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමස්ස භික්ඛුනො සන්ථතසම්මුති. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙනම් මහණහට ‘සන්‍ථතසම්මුතිය’ දෙන ලද, සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තුෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි” යි.
5. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
5. තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“නවං පන භික්ඛුනා සන්ථතං කාරාපෙත්වා ඡබ්බස්සානි ධාරෙතබ්බං, ඔරෙන චෙ ඡන්නං වස්සානං තං සන්ථතං විස්සජ්ජෙත්වා වා අවිස්සජ්ජෙත්වා වා අඤ්ඤං නවං සන්ථතං කාරාපෙය්ය, අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා, නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“මහණක්හු විසින් අලුත් ඇතිරියක් කරවා සවසක් ධැරිය යුතු ය. ඉදින් මහණහු විසින් සාවුරුද්දක් මෙපිට ඒ ඇතිරිය විසජා හෝ නො විසජා හෝ භික්ෂුසම්මති නැති ව අනිත් අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ” යයි.
[දුතියපඤ්ඤත්ති.]
[දෙවන පැණවීමයි.]
6. නවං නාම: කරණං උපාදාය වුච්චති.
6. නව නම්: කිරීම උදෙසා කියනු ලැබෙයි.
සන්ථතං නාම: සන්ථරිත්වා කතං හොති අවායිමං.
සන්ථත යනු: නො වියූ අතුරා කරණ ලද්දෙක් වෙයි.
කාරාපෙත්වාති කරිත්වා වා කාරාපෙත්වා වා.
කාරාපෙත්වා යනු: කොට හෝ කරවා හෝ.
ඡබ්බස්සානි ධාරෙතබ්බන්ති ඡබ්බස්සපරමතා ධාරෙතබ්බං.
ඡබ්බස්ස ධාරෙතබ්බං යනු: සාවුරුද්දක් පරම කොට ධැරිය යුතු ය.
ඔරෙන චෙ ඡන්නං වස්සානන්ති ඌනකඡබ්බස්සානි.
ඔරෙන චෙ ඡන්නං වස්සානං යනු: උනු සාවුරුද්දක්.
තං සන්ථතං විස්සජ්ජෙත්වාති අඤ්ඤෙසං දත්වා.
තං සන්ථතං විස්සජ්ජෙත්වා යනු: අනුනට දී.
අවිස්සජ්ජෙත්වාති න කස්සචි දත්වා.
අවිස්සජ්ජෙත්වා යනු: කිසිවක්හට නො දී.
අඤ්ඤත්ර භික්ඛුසම්මුතියාති ඨපෙත්වා භික්ඛුසම්මුතිං.
අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා යනු: භික්ෂුසම්මති තබා.
7. අඤ්ඤං නවං සන්ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: “ඉදං මෙ භන්තෙ සන්ථතං ඌනකඡබ්බස්සානි කාරාපිතං අඤ්ඤත්ර භික්ඛුසම්මුතියා නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමීති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
7. අනිත් නව ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ ප්‍රයෝගයෙහි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. මහණෙනි, මෙසේත් නිසැජිය යුතු: “වහන්ස, මේ මාගේ ඇතිරිය භික්ෂුසම්මති නැති ව උනු සාවුරුද්දක් ඇති ව කරවන ලද්දේ නිසඟි විය. මම් මෙය සඟනට නිසජමි’යි . ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.
8. අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති, නිස්සග්ගියං පාචිත්තියං.
8. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි.
9. අනාපත්ති ඡබ්බස්සානි කරොති, අතිරෙකඡබ්බස්සානි කරොති, අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා, අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති, විතානං වා භුම්මත්ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ්බොහනං වා කරොති, භික්ඛුසම්මුතියා, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
9. සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අයිරා සාවුරුද්දක් පිරුණු කල්හි කරවා නම්, අනෙකක්හු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කරවා නම්, භික්ෂුසම්මති ඇති කල්හි, උම්මතකයාහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
ඡබ්බස්සසික්ඛාපදං නිට්ඨිතං.
ඡබ්බස්ස ශික්ෂාපදය නිමි.