යෙදුමෙන් කියවන්න

ද‍්වෙභාගසික‍්ඛාපදං

5. 2. 3.

5. 2. 3.

ද‍්වෙභාගසික‍්ඛාපදං

ද්වේභාග ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භගවතා පටික‍්ඛිත‍්තං සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙතුන‍්ති තෙ ථොකං යෙව ඔදාතං අන‍්තෙ ආදියිත්‍වා තථෙව සුද‍්ධකාළකානං සන්‍ථතං කාරාපෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ථොකං යෙව ඔදාතං අන‍්තෙ ආදියිත්‍වා තථෙව සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ ථොකංයෙව ඔදාතං අන‍්තෙ ආදියිත්‍වා තථෙව සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙථා”ති. “සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා. කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා ථොකංයෙව ඔදාතං අන‍්තෙ ආදියිත්‍වා තථෙව සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ-” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:-

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි සවග මහණහු “භාග්‍යවතුන්වහන්සේ විසින් හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවීම පිළිකෙවිනැ” යි තුමූ මඳක් ම සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත්. යම් අපිස් මහණහු වෙද්ද ඔහු “කෙසේ නම් සවග මහණහු මඳක් සුදු එළුලොම් දාවලුයෙහි යොදා පෙර සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවත් දැ”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට එ පවත් සැළ කළහ. “සැබෑ ද? මහණෙනි, තෙපි සුදු එළුලොම් මඳක් ම දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරි කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුරජානන්වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් සුදු එළුලොම් මඳක් දාවලුයෙහි යොදා පළමු සේ ම හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“නවං පන භික‍්ඛුනා සන්‍ථතං කාරයමානෙන ද‍්වෙ භාගා සුද‍්ධකාළකානං එළකලොමානං ආදාතබ‍්බා, තතියං ඔදාතානං, චතුත්‍ථං ගොචරියානං. අනාදා චෙ භික‍්ඛු ද‍්වෙ භාගෙ සුද‍්ධකාළකානං එළකලොමානං තතියං ඔදාතානං, චතුත්‍ථං ගොචරියානං, නවං සන්‍ථතං කාරාපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“අලුත් ඇතිරියක් කරවන මහණහු විසින් හුදු කළු එළුලොම් දෙකොටසක් ගත යුතු. තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල් වන් එළුලොම් ද ගත යුතු. ඉදින් මහණ තෙම දෙකොටසක් හුදු කළුපැහැ එළුලොම් ද තෙවෙනි කොටස සුදුපැහැ එළුලොම් ද සිවුවන කොටස කිඹුල්වන් එළුලොම් ද නොගෙණ අලුත් ඇතිරියක් කරවා නම් නිසඟිපචිති වේ.”

2. නවං නාම: කරණං උපාදාය වුච‍්චති.

2. නවං යනු: කිරීම් වශයෙන් අලුත් බව ඇරැබැ කියනු ලැබේ.

සන්‍ථතං නාම: සන්‍ථරිත්‍වා කතං හොති අවායිමං.

සන‍්ථතං යනු: අතුරා කරණ ලද්දෙක් වෙයි, නොවියන ලද්දෙක් වෙයි.

කාරයමානෙනාති කරොතා වා කාරාපෙතා වා.

කාරයමානෙන යනු: කරණ හෝ කරවන හෝ.

ද‍්වෙ භාගා සුද‍්ධකාළකානං එළකලොමානං. ආදාතබ‍්බාති ධාරයිත්‍වා ද‍්වෙ තුලා ආදාතබ‍්බා.

දෙව භාගා සුද්ධකාළකානං එළකලෝමානං ආදාතබ්බා යනු: මැන තුලා දෙකක් ගත යුතු.

තතියං ඔදාතානන‍්ති තුලං ඔදාතානං.

තතියං ඕදාතානං යනු: සුදුපැහැ එළුලොම් තුලාවක්.

චතුත්‍ථං ගොචරියානන‍්ති තුලං ගොචරියානං.

චතුත‍්ථං ගෝචරියානං යනු: කිඹුල්වන් එළුලොම් තුලාවක්.

අනාදා චෙ භික‍්ඛු ද‍්වෙ භාගෙ සුද‍්ධකාළකානං එළකලොමානං තතියං ඔදාතානං චතුත්‍ථං ගොචරියානන‍්ති. අනාදියිත්‍වා ද‍්වෙ තුලා සුද‍්ධකාළකානං එළකලොමානං, තූලං ඔදාතානං, තුලං ගොචරියානං නවං සන්‍ථතං කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක‍්කටං. පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: “ඉදම‍්මෙ භන‍්තෙ නවං සන්‍ථතං අනාදියිත්‍වා [ද‍්වෙ තුලා සුද‍්ධකාළකානං එළකලොමානං,] තුලං ඔදාතානං, තුලං ගොචරියානං කාරාපිතං නිස‍්සග‍්ගියං. ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

අනාදා චෙ භික්ඛු ද්වෙ භාගෙ සුද්ධකාළකානං එළකලෝමානං තතියං ඕදාතානං චතුත‍්ථං ගෝචරියානං යනු: හුදු කළුපැහැ එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්පැහැ එළුලොම් තුලාවක් ද නො ගෙණ අලුත් ඇතිරියක් කෙරේ නම් හෝ කරවා නම් හෝ පියොවෙහි දුකුළා වේ. ලබා ගැණීමෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයාට හෝ පුඟුලාට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, හුදු කළුවන් එළුලොම් තුලා දෙකක් ද සුදුපැහැ එළුලොම් තුලාවක් ද කිඹුල්වන් එළුලොම් තුලාවක් ද නොගෙණ මා විසින් කරවන ලද මේ අලුත් ඇතිරිය නිසඟි වේ, මෙය මම් සඟනට නිසජමි ... දෙන්නේය ... දෙන්නාහු ය ... ආයුෂ්මත්හට දෙමි” යි මෙසේ නිසජිය යුතු.

3. අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා, ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. තමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. තමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා නම් නිසඟිපචිති වෙයි. මෙරමා විසින් අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් නිසඟිපචිති වෙයි. අනෙකකු සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළාඇවැත් වෙයි. අනෙකකු විසින් කරණ ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ.

4. අනාපත‍්ති තුලං ඔදාතානං තුලං ගොචරියානං ආදියිත්‍වා කරොති, බහුතරං ඔදාතානං බහුතරං ගොචරියානං ආදියිත්‍වා කරොති, සුද‍්ධං ඔදාතානං සුද‍්ධං ගොචරියානං ආදියිත්‍වා කරොති, විතානං වා භුම‍්මත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති. උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

4. සුදු එළුලොම් සම ව කිඹුල්වන් එළුලොම් සම ව ගෙණ කෙරේ නම්, සුදු එළුලොම් බහුතර ව කිඹුල්වන් එළුලොම් බහුතර ව ගෙණ කෙරේ නම්, නො මුසු සුදු එළුලොම් නො මුසු කිඹුල්වන් එළුලොම් ගෙණ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ සෙණිපවුරක් හෝ බිස්සක් හෝ බිම්බොහනයක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති යි.

ද‍්වෙභාගසික‍්ඛාපදං නිට‍්ඨිතං.

ද්වේභාග ශික්‍ෂාපදය නිමි.