යෙදුමෙන් කියවන්න

සුද‍්ධකාළකසික‍්ඛාපදං

5. 2. 2.

5. 2. 2.

සුද‍්ධකාළකසික‍්ඛාපදං

ශුද්ධකාලක ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛු සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙස‍්සන‍්තී”ති? අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙථා”ති? “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා. “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්. මිනිස්සු විහාරචාරිකායෙහි හැසිරෙන්නාහු එය දැක, “කෙසේ නම් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ කාමභෝගී ගිහියන් මෙන් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවද්දැ”යි අවමන් කරත්, අයුණු කියත්, දොස් පතුරුවත්. භික්‍ෂුහු අවමන් කරණ, අයුණු කියන, නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙද්ද, ඔහු “කෙසේ නම් සවග මහණහු හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවත්දැ!”යි අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළහ. “සැබෑද, මහණෙනි, තෙපි හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු දැ?” යි භාග්‍යවතුන්වහන්සේ අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඒ මහණහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූසේක: “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවවු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නොවෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:”

“යො පන භික‍්ඛු සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් හුදු කළු එළුලොම්මුවා ඇතිරියක් කරවා නම් නිසැඟි පචිති වෙයි.”

2. යො පනාති යො යාදිසො -පෙ-

2. යො පන යනු යමෙක්, යම්බඳු වූ ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු ය යි අදහස් කරණ ලදී.

කාළකං නාම: ද‍්වෙ කාළකානි ජාතියා කාළකං වා රඤ‍්ජනකාළකං වා.

කාළක නම්: උත්පත්තියෙන් කළු වූයේ රඳන් පෙවීමෙන් කළු වූයේ දැ යි කළු පැහැය දෙවැදෑරුම් වෙයි.

සන්‍ථතං නාම: සන්‍ථරිත්‍වා කතං හොති අවායිමං.

සන්‍ථත නම්: අතුරා කරණ ලද, නොවියන ලද.

කාරාපෙය්‍යාති කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක‍්කටං පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: “ඉදම‍්මෙ භන‍්තෙ සුද‍්ධකාළකානං එළකලොමානං සන්‍ථතං කාරාපිතං නිස‍්සග‍්ගියං ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමී”ති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

කාරාපෙය්‍ය යනු කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් නිසඟි වේ. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයකුට හෝ නිසජිය යුතු. මහණෙනි, මෙසේ වනාහි නිසජිය යුතු: “වහන්ස, මා විසින් කරවන ලද හුදු කළු එළුලොම්මුවා මේ ඇතිරිය නිසඟි වෙයි. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යයි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.

3. අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් අඩාළ කරණ ලද්ද අනුන් ලවා නිමවා ද, නිසඟිපචිති වේ, අනුන් විසින් අඩාළ කරණ ලද්ද තෙමේ නිමවා ද නිසඟිපචිති වේ. අනෙකකු පිණිස කෙරේ ද කරවා ද දුකුළාඇවැත් වේ. අනෙකකු විසින් කරණ ලද්දක් ලැබ පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.

4. අනාපත‍්ති විතානං වා භුම‍්මත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද ඇවැත් නො වේ. උමතුවාහට ද ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.

සුද‍්ධකාළකසික‍්ඛාපදං නිට‍්ඨිතං.

ශුද්ධකාලක ශික්‍ෂාපදය නිමි.