කොසියසික‍්ඛාපදං
5. 2. 1.
5. 2. 1.
කොසියසික‍්ඛාපදං
කෝසිය ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කොසියකාරකෙ උපසඞ‍්කමිත්‍වා එවං වදෙන‍්ති: “බහු ආවුසො කොසකාරකෙ පචථ අම‍්හාකම‍්පි දස‍්සථ. මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතු”න‍්ති. තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා අම‍්හෙ උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛන‍්ති, බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම‍්හාකම‍්පි දස‍්සථ, මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතුන‍්ති. අම‍්හාකම‍්පි අලාභා අම‍්හාකම‍්පි දුල‍්ලද‍්ධං, යෙ මයං ආජීවස‍්ස හෙතු පුත‍්තදාරස‍්ස කාරණා බහූ ඛුද‍්දකෙ පාණකෙ සඞ‍්ඝාතං ආපාදෙමා”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කොසියකාරකෙ උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛන‍්ති: බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම‍්හාකම‍්පි දස‍්සථ, මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතුන‍්ති.” අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ කොසියකාරකෙ උපසඞ‍්කමිත්‍වා එවං වදෙථ: බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම‍්හාකම‍්පි දස‍්සථ, මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතු”න‍්ති “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා: කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා කොසියකාරකෙ උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛථ, බහූ ආවුසො කොසකාරකෙ පචථ, අම‍්හාකම‍්පි දස‍්සථ, මයම‍්පි ඉච‍්ඡාම කොසියමිස‍්සකං සන්‍ථතං කාතු”න‍්ති. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
1. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අසල අග්ගාළව දෙවොලෙහි වැඩ වසන සේක. එසමයෙහි වූ කලි සවගමහණහු තිහිරිහූ නිපදවන්නන් වෙත එළඹ “ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි ද තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි මෙසේ කියත්. ඒ මිනිස්සු “ශාක්‍යපුත්‍රීය මහණහු අප වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපි දු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියත් ද? යම් බඳු අපි ජීවිකා හේතුයෙන් අඹුදරුවන් රක්නා කරුණින් බොහෝ කුඩා පණුවන් මරණයට පමුණුවමෝ ද ඒ අපට ද අලාභයෙකි: අපගේ ද අභාග්‍යයෙකි.” යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් අපිස් මහණ කෙනෙක් වෙත් ද? ඔහු “කෙසේ නම් සවග මහණහු තිහිරිහූ නිපදවන්නවුන් වෙත එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ” යි කියත් දැ’ යි යී අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැළ කළහ ... “සැබව, භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ. භාග්‍යවතුන් වහන්සේ ගැරහූ සේක. “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් තිහිරිහූ නිපදවන්නවුන් කරා එළඹ ‘ඇවැත්නි, බොහෝ තිහිරි පණුවන් පිසවු. අපට ද දෙවු. අපිදු තිහිරිහූ මුසු ඇතිරියක් කරන්නට කැමැත්තම්හ’ යි කෙසේ නම් කියවු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද ... නො වෙයි. මහණෙනි, මේ සිකපදය මෙසේ ද උදෙසවු:
“යො පන භික‍්ඛු කොසියමිස‍්සකං සන්‍ථතං කාරාපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.
“යම් මහණෙක් තිහිරිහූ මුසු ඇතිරියක් කරවන්නේ නම් නිසඟි පචිති වේ.”
2. යො පනාති යො යාදිසො -පෙ-
2. යො පන යනු යම්, යම් බඳු
භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.
භික්ඛු (මහණෙක්) යනු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂු යයි අභිප්‍රේතය.
සන්‍ථතං නාම: සන්‍ථරිත්‍වා කතං හොති අවායිමං.
සන්‍ථත (ඇතිරිය) නම්: අතුරා වියුම් රහිත කොට කරණ ලද්ද වෙයි.
කාරාපෙය්‍යාති එකෙනපි කොසියංසුනා - මිස‍්සෙත්‍වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක‍්කටං: පටිලාභෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජිතබ‍්බං: “ඉදං මෙ භන‍්තෙ කොසියමිස‍්සකං සන්‍ථතං කාරාපිතං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජාමීති, දදෙය්‍යාති, දදෙය්‍යුන‍්ති, ආයස‍්මතො දම‍්මී’ති.
කාරාපෙය්‍ය (කරවන්නේ නම්) යනු එක් තිහිරි කෙන්දකිනු දු මුසු කොට කෙරෙයි නම් හෝ කරවයි නම් හෝ පියාවෙහි දුකුළා වේ. ලබා ගැන්මෙන් නිසඟි වේ. සඟනට හෝ ගණයා හට හෝ පුඟුල් හට හෝ නිසජිය යුතු “වහන්ස, මා විසින් තිහිරිහූ මුසු මේ නිසජිය යුතු ඇතිරියෙක් කරවන ලද්දේ ය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි” යි නිසජිය යුතු.
3. අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා, ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස.
3. තමා විසින් කොට අඩාළ (ඇතිරිය) තෙමේ නිමවා ද, නිසඟිපචිති වේ. තමා විසින් කොට අඩාළ දැය අනුන් ලවා නිමවා ද, මෙරමා විසින් කොට අඩාළ දැය තෙමේ නිමවා ද නිසැඟි පචිති වේ. මෙරමා කොට අඩාළ දැය මෙරමා ලවා නිමවා ද නිසැඟි පචිති වේ. අනෙකක්හු පිණිස කෙරේ ද කරවා ද, දුකුළාඇවැත් වේ. අනෙකකු කළ ඇතිරියක් ලැබගෙන පරිභෝග කෙරේ ද, දුකුළාඇවැත් වන්නේ ය.
4. අනාපත‍්ති විතානං වා භුම‍්මත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.
4. වියනක් හෝ බුමුතුරුණක් හෝ වටතිරයක් හෝ බිස්සක් හෝ කන්වයිනක් හෝ කෙරේ ද, ඔහුට ද උමතුවාහට ද ආදිකාර්මිකහට ද ඇවැත් නො වේ.
කොසියසික‍්ඛාපදං නිට‍්ඨිතං.
කෝසිය ශික්‍ෂාපදය නිමි.