රාජසික්ඛාපදං
5. 1. 10.
5. 1. 10.
රාජසික්ඛාපදං
රාජශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස දූතෙන චීවරචෙතාපන්නං පාහෙසි: “ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා අය්යං උපනන්දං චීවරෙන අච්ඡාදෙහී’ති. අථ ඛො සො දූතො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්නන්ති.” එවං වුත්තෙ ආයස්මා උපනන්දො සක්යපුත්තො තං දූතං එතදවොච: “න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය”න්ති. එවං වුත්තෙ සො දූතො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො”ති. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං දූතං එතදවොච: “එසො ඛො ආවුසො උපාසකො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. අථ ඛො සො දූතො තං උපාසකං සඤ්ඤාපෙත්වා යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි, සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උපනන්දශාක්යපුත්රයන්ගේ උපස්ථායක වූ මහඇමැතියෙක් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට දූතයකු ලවා සිවුරුමිලයක් යැවී ය. “මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොටගෙණ සිවුරෙන් උපනන්දහිමියන් පුදව’ යි. එකල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්දශාක්යපුත්රයන්ට “වහන්ස, ආයුෂ්මතුන් උදෙසා මේ සිවුරුමිල ගෙණ එන ලද. ආයුෂ්මත්හු සිවුරුමිල පිළිගණිත්වා” යි කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත්නි, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. සුදුසු කල්හි කැප සිවුර වූ කලි ඇපි පිළිගණුම්හයි” කීහ. මෙසේ කී කල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයන්ගෙන් “ආයුෂ්මත්හට කිසි මෙහෙකරුවෙක් ඇද්දැයි” ඇසී ය. එකල්හි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් ආරාමයට ගියේ ය. එකල්හි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත, තෙල උපාසක තෙම භික්ෂූන්ගේ මෙහෙකරු යයි කීහ. ඉක්බිති ඒ දූත තෙම ඒ උපාසකයාට දන්වා ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු නම් මා විසින් හේ දන්වන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසුකල ඔහු කරා එළඹෙත්වා. සිවුරෙන් පුදන්නේ ය” යි කීය.
2. තෙන ඛො පන සමයෙන සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං. ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං උපාසකං න කිඤ්චි අවචාසි. දුතියම්පි ඛො සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං, ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති. දුතියම්පි ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො තං උපාසකං න කිඤ්චි අවචාසි. තතියම්පි ඛො සො මහාමත්තො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස සන්තිකෙ දූතං පාහෙසි: “පරිභුඤ්ජතු අය්යො තං චීවරං, ඉච්ඡාම මයං අය්යෙන තං චීවරං පරිභුත්ත”න්ති.
2. තව ද එසමයෙහි ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා, අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. දෙවනවට ද ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමැතියම්හ’ යි. දෙවනවට ද ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. තෙවනවට ද ඒ මහඇමති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් විසින් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි.
3. තෙන ඛො පන සමයෙන නෙගමස්ස සමයො හොති. නෙගමෙන ච කතිකා කතා හොති: “යො පච්ඡා ආගච්ඡති, පඤ්ඤාසං බද්ධො”ති. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො යෙන සො උපාසකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං උපාසකං එතදවොච:-
3. තවද එසමයෙහි නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම් වැසියන් විසිනුදු ‘යමෙක් පසු ව ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුනේ (කහවණු පණසක් දඩ ගෙවිය යුතු වේ’) යයි, කතිකායෙක් කරණ ලද වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයා වෙක එළඹ ඒ උපාසකයාහට මෙය කීහ:
“අත්ථො මෙ ආවුසො චීවරෙනා”ති. “අජ්ජුන්හො භන්තෙ ආගමෙහි, අජ්ජනෙගමස්ස සමයො හොති, නෙගමෙන ච කතිකා කතා හොති: “යො පච්ඡා ආගච්ඡති, පඤ්ඤාසං බද්ධො”ති. “අජ්ජෙව මෙ ආවුසො චීවරං දෙහී”ති ඔවට්ටිකාය පරාමසි. අථ ඛො සො උපාසකො ආයස්මතා උපනන්දෙන සක්යපුත්තෙන නිප්පීළියමානො ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස චීවරං චෙතාපෙත්වා පච්ඡා අගමාසි. මනුස්සා තං උපාසකං එතදවොචුං” “කිස්ස ත්වං අය්යො පච්ඡා ආගතොසි, පඤ්ඤාසං ජීතොසී”ති.
‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජනය ඇතැ’යි. “වහන්ස, අද එක් දවසක් බලව. අද නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම්වැසියන් විසිනුදු ‘යමෙක් පසුව ලා ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුණේ වේ’ යයි කතිකායෙක් කරණ ලද වෙයි. ‘අද ම ඇවැත, මට සිවුර දෙව’ යි එළියෙහි (හිඟැ) ගත්හ. ඉක්බිති ඒ උපාසක තෙම ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයන් විසින් දැඩි කොට පෙළනු ලබන්නේ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයනට සිවුරක් මිලයට ගෙණ දී පසුවැ ලා ගියේ ය. මිනිස්සු ඒ උවසුහට මෙය කීහ: “කවර හෙයින් ආර්‍ය්‍යයෙනි, තෝ පසු වැ ලා ආයෙහි ද, පනසකට පැරදුනෙහි” යයි.
4. අථ ඛො සො උපාසකො තෙසං මනුස්සානං එතමත්ථං ආරොචෙසි. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “මහිච්ඡා ඉමෙ සමණා සක්යපුත්තියා අසන්තුට්ඨා, නයිමෙසං සුකරං වෙය්යාවච්චම්පි කාතුං. කථං හි නාම ආයස්මා උපනන්දො උපාසකෙන “අජ්ජුන්හො භන්තෙ ආගමෙහී’ති වුච්චමානො නාගමෙස්සතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො උපාසකෙන “අජ්ජුන්හො භන්තෙ ආගමෙහී”ති වුච්චමානො නාගමෙස්සතී”ති. අථ ඛො තෙ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර ත්වං උපනන්ද උපාසකෙන අජ්ජුන්හො භන්තෙ ආගමෙහී”ති වුච්චමානො නාගමෙසී”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා. -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස උපාසකෙන අජ්ජුණන්හො භන්තෙ ආගමෙහී’ති වුච්චමානො නාගමෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:”
4. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මිනිසුන්ට මෙ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙහි නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය, මොවුනට මෙහෙයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් ආයුෂ්මත් උපනන්දයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’යි කියනු ලබන්නාහු නො බැලූහු දැ’ යි භික්ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නාහු නොබැලූහු දැ’ යි ඉක්බිති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. ‘සැබෑ ද උපනන්දය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි දැ? යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“භික්ඛුං පනෙව උද්දිස්ස රාජා වා රාජභොග්ගො වා බ්රාහ්මණො වා ගහපතිකො වා දූතෙන චීවරචෙතාපන්නං පහිණෙය්ය ‘ඉමිනා චීවරචෙතාපන්නෙන චීවරං චෙතාපෙත්වා ඉත්ථන්නාමං භික්ඛුං චීවරෙන අච්ඡාදෙහී”ති. සො චෙ දූතො තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය ‘ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්නන්ති”. තෙන භික්ඛුනා සො දූතො එවමස්ස වචනීයො: ‘න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය’න්ති. සො චෙ දූතො තං භික්ඛුං එවං වදෙය්ය: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො’ති චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො නිද්දිසිතබ්බො ආරාමිකො වා උපාසකො වා, ‘එසො ඛො ආවුසො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. සො චෙ දූතො තං වෙය්යාවච්චකරං සඤ්ඤාපෙත්වා තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි, සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී’ති, චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො උපසඞ්කමිත්වා ද්වත්තික්ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො: ‘අත්ථො මෙ ආවුසො චීවරෙනාති:-
“මහණක්හු ම උදෙසා රජෙක් හෝ රජ ඇමැතියෙක් හෝ බමුණෙක් හෝ ගැහැවියෙක් හෝ ‘මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොට ගෙණ මෙනම් මහණහු සිවුරෙන් ආච්ඡාදනය කරව’ යි දූතයකු ලවා සිවුරුමිලයක් යවා නම්, ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරු මිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත, අපි සිවුරුමිල නො පිළිගණුම් හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගනුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි මෙහෙකරුවෙක් ඇද්දැ’යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමති මහණහු විසින් ආරාමිකයෙක් වේවයි උපාසකයෙක් වේවයි ‘අවැත, මේ තෙම භික්ෂූන්ගේ මෙහෙකරු ය’ යි මෙහෙකරු දැක්විය යුත්තේ ය. ඉදින් ඒ දූත තෙම ඒ මෙහෙකරු ඇනවා මහණහු කරා එළඹ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු ද, මා විසින් හෙතෙම ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසු කල්හි එළඹෙත්වා, සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි. මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ’ යි මෙහෙකරු තෙම දෙතුන් වරක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය.
ද්වත්තික්ඛත්තුං චොදයමානො සාරයමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය, ඉච්චෙතං කුසලං. නො චෙ අභිනිප්ඵාදෙය්ය, චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං ඡක්ඛත්තුං පරමං තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං ඡක්ඛත්තුං පරමං තුණ්හීභූතො උද්දිස්ස තිට්ඨමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය, ඉච්චෙතං කුසලං. තතො චෙ උත්තරිං වායමමානො තං චීවරං අභිනිප්ඵාදෙය්ය නිස්සග්ගියං පාචිත්තියං. නො චෙ අභිනිප්ඵාදෙය්ය යතස්ස චීවරචෙතාපන්නං ආභතං, තත්ථ සාමං වා ගන්තබ්බං දූතො වා පාහෙතබ්බො: ‘යං ඛො තුම්හෙ ආයස්මන්තො භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නං පහිණිත්ථ, න තං තස්ස භික්ඛුනො කිඤ්චි අත්ථං අනුභොති, යුඤ්ජන්තායස්මන්තො සකං මා වො සකං විනස්සා’ති. අයං තත්ථ සාමීචී”ති.
දෙතුන්යලක් සොයනු ලබන්නේ සිහි කරවනු ලබන්නේ ඒ සිවුර නිපදවා (සපයා) නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් නො නිපදවා නම්, සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටියයුතු ය. සිවුයලක් පස්යලක් සයලක් පරම කොට තුෂ්ණිම්භූත ව උදෙසා සිටිනුයේ ඒ සිවුර නිපදවා නම් මේ නිපැදවීම මැනැවි. ඉදින් එයින් මත්තෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් නිසඟිපචිති වෙයි. ඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඒ මහණහට සිවුරු මිලය ගෙණ එන ලද ද එහි තමා හෝ යායුතු ය: ‘ඇවැත්නි, තෙපි යම් මහණකු උදෙසා සිවුරුමිලයක් යැවූහු ද, එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරෙයි. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනැසේ වා’ යි දූතයකු හෝ යැවිය යුත්තේ ය. මේ එහි අනුධර්‍මතා වේ” යයි.
5. භික්ඛුං පනෙව උද්දිස්සාති භික්ඛුස්සත්ථාය භික්ඛුං ආරම්මණං කරිත්වා භික්ඛුං අච්ඡාදෙතුකාමො.
5. භික්ඛුං පනෙච උද්දිස්ස යනු: භික්ෂූහු සඳහා භික්ෂූහු අරමුණු කොට භික්ෂූහු ආච්ඡාදනය කරණු කැමැත්තේ.
රාජා නාම: යො කොචි රජ්ජං කාරෙති.
රාජ නම්: යම් කිසිවෙක් රාජ්‍යය කෙරේ ද හෙතෙම.
රාජභොග්ගො නාම: යො කොචි රඤ්ඤො භත්තවෙතනාහාරො.
රාජභොග්ග නම්: රජහුගේ බත්වැටුම් බුදින යම් කිමිවෙක්.
බ්රාහ්මණො නාම: ජාතියා බ්රාහ්මණො.
බ්‍රාහ්මණ නම්: ජාතියෙන් බමුණු වූයේ.
ගහපතිකො නාම: ඨපෙත්වා රාජානං රාජභොග්ගං බ්රාහ්මණං අවසෙසො ගහපතිකො නාම.
ගහපතික නම්: රජ, රාජභෝග්යයා. බ්‍රාහ්මණයා ගබා ශේෂ වූයේ ගෘහපතික නම්.
චීවරචෙතාපන්නං නාම: හිරඤ්ඤං වා සුවණ්ණං වා මුත්තා වා මණි වා.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ.
ඉමිනා චීවරචෙතාපන්නෙනාති පච්චුපට්ඨිතෙන.
ඉමිනා චීවරචේතාපන්නෙන යනු: එළඹසිටියෙන්.
චෙතාපෙත්වාති පරිවත්තෙත්වා.
චෙතාපෙත්වා යනු: පිරිවටා.
අච්ඡාදෙහීති දජ්ජෙහි.
අච්ඡාදේහි යනු : දෙව.
සො චෙ දූතො තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “ඉදං ඛො භන්තෙ ආයස්මන්තං උද්දිස්ස චීවරචෙතාපන්නං ආභතං. පතිගණ්හාතු ආයස්මා චීවරචෙතාපන්න”න්ති, තෙන භික්ඛුනා සො දූතො එවමස්ස වචනීයො: “න ඛො මයං ආවුසො චීවරචෙතාපන්නං පතිගණ්හාම, චීවරඤ්ච ඛො මයං පතිගණ්හාම කාලෙන කප්පිය”න්ති. සො චෙ දූතො තං භික්ඛුං එවං වදෙය්ය: “අත්ථි පනායස්මතො කොචි වෙය්යාවච්චකරො”ති. චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො නිද්දිසිතබ්බො, ආරාමිකො වා උපාසකො වා: “එසො ඛො ආවුසො භික්ඛූනං වෙය්යාවච්චකරො”ති. න වත්තබ්බො “තස්ස දෙහී”ති වා සො වා නික්ඛිපිස්සති, සො වා පරිවත්තෙස්සති, සො වා චෙතාපෙස්සතී”ති.
ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරුමිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි. මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය: ‘ඇවැත, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගණුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි කැපකරුවෙක් ඇද්දැ’ යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් ආරාමික වේවයි උපාසක වේවයි ඇවැත, මේ තෙමේ භික්ෂූන්ගේ කැපකරු’ යයි කැපකරු දැක්විය යුත්තේ ය. “ඔහුට දෙව යි හෝ හෙතෙම බහා තබන්නේ ය හෝ හෙතෙම පිරිවටන්නේ ය හෝ හෙතෙම විකොටගන්නේ ය හෝ” යි නොකියයුත්තේ ය.
සො චෙ දූතො තං වෙය්යාවච්චකරං සඤ්ඤාපෙත්වා තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: “යං ඛො භන්තෙ ආයස්මා වෙය්යාවච්චකරං නිද්දිසි සඤ්ඤත්තො සො මයා, උපසඞ්කමතු ආයස්මා කාලෙන, චීවරෙන තං අච්ඡාදෙස්සතී”ති, චීවරත්ථිකෙන භික්ඛවෙ භික්ඛුනා වෙය්යාවච්චකරො උපසඞ්කමිත්වා ද්වත්තික්ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො: “අත්ථො මෙ ආවුසො චීවරෙනා”ති. න වත්තබ්බො: “දෙහි මෙ චීවරං, ආහර මෙ චීවරං, පරිවත්තෙහි මෙ චීවරං, චෙතාපෙහි මෙ චීවර”න්ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ අභිනිප්ඵාදෙති ඉච්චෙතං කුසලං.
ඉදින් ඒ දූත තෙම ඒ කැපකරු ඇනවා ඒ මහණහු වෙත පැමිණ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත් හු යම් කැපකරුවකු දැක්වූහු නම්, හෙතෙම මා විසින් ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සිවුරෙන් ප්‍රයෝජන ඇති කල්හි එළඹෙත්වා සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි . මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ යි කැපකරු තෙම දෙතුන්යලක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය, ‘මට සිවුරක් දෙව, මට සිවුරක් ගෙණෙව, මට සිවුරක් පිරවටව, මට සිවුරක් විකොට ගණැ’ යි නො කියයුත්තේ ය. දෙවනවට ද කියයුතු ය. තෙවනවට ද කියයුතු. ඉදින් නිපදවා නම් මේ නිපදවීම මැනැව.
නො චෙ අභිනිප්ඵාදෙති, තත්ථ ගන්ත්වා තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං. න ආසනෙ නිසීදිතබ්බං, න ආමිසං පටිග්ගහෙතබ්බං න ධම්මො භාසිතබ්බො. “කිං කාරණා ආගතොසී”ති පුච්ඡියමානො “ජානාහි ආවුසොති වත්තබ්බො: සචෙ ආසනෙ වා නිසීදති, ආමිසං වා පතිගණ්හාති, ධම්මං වා භාසති, ඨානං භඤ්ජති. දුතියම්පි ඨාතබ්බං. තතියම්පි ඨාතබ්බං. චතුක්ඛත්තුං චොදෙත්වා චතුක්ඛත්තුං ඨාතබ්බං. පඤ්චක්ඛතුං චොදෙත්වා ද්වික්ඛත්තුං ඨාතබ්බං. ඡක්ඛත්තුං චොදෙත්වා න ඨාතබ්බං. තතො චෙ උත්තරි වායමමානො තං චීවරං අභිනිප්ඵාදෙති, පයොගෙ දුක්කටං. පටිලාභෙන නිස්සග්ගියං හොති. නිස්සජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජිතබ්බං: -පෙ- “ඉදං මෙ භන්තෙ චීවරං අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන අභිනිප්ඵාදිතං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජාමී”ති -පෙ- දදෙය්යාති -පෙ- දදෙය්යුන්ති -පෙ- ආයස්මතො දම්මී”ති.
ඉදින් නො නිපදවා නම් එහි ගොස් තුෂ්ණිම්භූත වූවහු විසින් උදෙසා සිටිය යුතු ය. අසුනෙක නො හින්ද යුතු ය. අහර නො පිළිගත යුතු ය. දහම් නොකිය යුතු ය. ‘කවර කරුණෙන් ආයෙහි දැ’ යි විචාරණු ලබන්නේ ‘ඇවැත් දනැ’යි කිය යුතු ය. ඉදින් අසුනෙහි හිදි නම් හෝ අහර පිළිගණී නම් හෝ දහම් කියා නම් හෝ සිටීම බිඳෙයි. දෙවනවට ද සිටිය යුතු ය තෙවනවට ද සිටිය යුතු ය. සතරවරක් චෝදනා කොට සතරවරක් සිටිය යුතු ය. පස්වරක් චෝදනා කොට දෙවරක් සිටිය යුතු ය. සවරක් චෝදනා කොට නො සිටිය යුතු ය. ඉදින් එයින් මතුයෙහි වෑයම් කරන්නේ ඒ සිවුර නිපදවා නම් පියොව්හි දුකුළා වෙයි. ලැබීමෙන් නිසඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසජිය යුතු ය. ‘වහන්ස, මෙ මාගේ සිවුර අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් නිපදවන ලද්දේ නිසඟි විය. මෙය මම් සඟනට නිසජමි යි ... දෙන්නේ ය යි ... දෙන්නාහ යි ... ආයුෂ්මත්හට දෙමි’ යි.
නො චෙ අභිනිප්ඵාදෙය්ය, යතස්ස චීවරචෙතාපන්නං ආභතං තත්ථ සාමං වා ගන්තබ්බං, දූතො වා පාහෙතබ්බො. “යං ඛො තුම්හෙ ආයස්මන්තො භික්ඛුං උද්දිස්ස චීවරචෙතාපන්නං පහිණිත්ථ, න තං තස්ස භික්ඛුනො කිඤ්චි අත්ථං අනුභොති, යුඤ්ජන්තායස්මන්තො සකං, මා වො සකං විනස්සා”ති.
ඉදින් නො නිපදවා නම් යමක්හු කෙරෙන් ඔහුට සිවුරුමිල ගෙණ එන ලද ද එහි තමා හෝ යා යුතු ය. ‘ඇවැත්නි, තෙපි යම් මහණක්හු උදෙසා සිවුරු මිලයක් යැවූහු ද එය ඒ මහණහට කිසි අර්‍ත්‍ථයක් සිදු නො කෙරේ. ආයුෂ්මත්හු ස්වකීය ධනය ලබත්වා. තොප සතු ධනය නහමක් වැනසේවා’ යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය.
අයං තත්ථ සාමීචීති. අයං තත්ථ අනුධම්මතා.
අයං තත්ථ සාමීචි යනු: මේ එහි අනුධර්‍මතා යි.
6. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන අතිරෙකසඤ්ඤී අභිනිප්ඵාදෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන වෙමතිකො අභිනිප්ඵාදෙති, නිස්සග්ගියං පාචිත්තියං. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙකඡක්ඛත්තුං ඨානෙන ඌනකසඤ්ඤී අභිනිප්ඵාදෙති නිස්සග්ගියං පාචිත්තියං. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන අතිරෙකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන වෙමතිකො ආපත්ති දුක්කටස්ස. ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන ඌනකසඤ්ඤී අනාපත්ති.
6. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් අතිරේකය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් විමති ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වෙයි. අයිරා තුන්යලක් චෝදනායෙන් අයිරා සයලක් සිටීමෙන් ඌන ය යන සංඥා ඇත්තේ නිපදවා නම් නිසඟිපචිති වේ. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් අතිරේක ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් ඌනය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
7. අනාපත්ති තික්ඛත්තුං චොදනාය ඡක්ඛත්තුං ඨානෙන, ඌනකතික්ඛත්තුං චොදනාය ඌනකඡක්ඛත්තුං ඨානෙන. අචොදියමානො දෙති, සාමිකා චොදෙත්වා දෙන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
7. තුන්යලක් චෝදනායෙන් සයලක් සිටීමෙන් උනුතුන්යලක් චෝදනායෙන් උනුසයලක් සිටීමෙන් දේ නම්, නො සොයනු ලබන්නේ දේ නම්, හිමියෝ සොයා දෙත් නම් ඇවැත් නැති. උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති යි.
රාජසික්ඛාපදං නිට්ඨිතං.
රාජශික්‍ෂාපදය නිමි.
චීවරවග්ගො පඨමො.
පළමු වැනි චීවරවර්ගය යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
උබ්භතං කඨිනං තීණි ධොවනඤ්ච පටිග්ගහො, අඤ්ඤාතකානි තීණෙව උභින්නං දූතකෙන ච.
උබ්භත කඨින සිකපදය, උද්දෝසිත (දෙවන කඨින) සිකපදය, තෙවන කඨින සිකපදය යන තුණ ද, ධෝවන සිකපදය, පටිග්ගහණ සිකපදය යි පසෙකි. තතුත්තරිය උපක්ඛට දෙක ය යන අඤ්ඤාතක සිකපද තුණ ය, දූතක සිකපද දෙකය යි සියල්ල දශයෙකි.