යෙදුමෙන් කියවන්න

රාජසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

රාජසික‍්ඛාපදවණ‍්ණනා

රාජශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති රාජසික‍්ඛාපදං. තත්‍ථ උපාසකං සඤ‍්ඤාපෙත්‍වාති ජානාපෙත්‍වා, “ඉමිනා මූලෙන චීවරං කිණිත්‍වා ථෙරස‍්ස දෙහී”ති එවං වත්‍වාති අධිප‍්පායො. පඤ‍්ඤාසබන්‍ධොති පඤ‍්ඤාසකහාපණදණ‍්ඩොති වුත‍්තං හොති. පඤ‍්ඤාසං බද‍්ධොතිපි පාඨො, පඤ‍්ඤාසං ජිතො පඤ‍්ඤාසං දාපෙතබ‍්බොති අධිප‍්පායො. අජ‍්ජණ‍්හො, භන‍්තෙ, ආගමෙහීති භන‍්තෙ, අජ‍්ජ එකදිවසං අම‍්හාකං තිට‍්ඨ, අධිවාසෙහීති අත්‍ථො. පරාමසීති ගණ‍්හි. ජීනොසීති ජිතොසි.

“තෙන සමයෙන්ති” යනු රාජශික්‍ෂාපදයයි. එහි “උපාසකං සඤ්ඤාපෙත්‍වා” දන්වා. මේ මිලයෙන් සිවුරක් මිලදීගෙන තෙරහුට දෙව’යි මෙසේ කියා යන අදහසය. “පඤ්ඤාසබන්‍ධො” පණසක් කහවණු දඩැයි කියන ලද්දේ වේ. ‘පඤ්ඤාසං බන්‍ධො’යි ද පාඨය වේ. පණසක් දිනුයේ වේ. පණසක් දෙවිය යුත්තේය යන අදහසයි. “අජ්ජණ්හො භන්තෙ ආගමෙහි” ස්වාමීනි එක් දවසක් සිටිනු මැනැවි, අපට ඉවසනු මැනැව, යන අර්‍ත්‍ථයි. “පරාමසී” ගත්තේය. “ජීතොසි” දිනන ලද්දේ වෙහිය.

රාජභොග‍්ගොති රාජතො භොග‍්ගං භුඤ‍්ජිතබ‍්බං අස‍්සත්‍ථීති රාජභොග‍්ගො, රාජභොගොතිපි පාඨො, රාජතො භොගො අස‍්ස අත්‍ථීති අත්‍ථො.

“රාජභොග්ගො” රජුගෙන් භොග්ගං යූයේයි බිදිය යුත්ත මොහුට ඇත්තේනුයි රාජභොග්ගනම. ‘රාජභොගො’යි පාඨයෙක් ද වේ. රජුගෙන් බිදිය යුත්ත මොහුට ඇත්තේය යන අර්‍ත්‍ථයි.

පහිණෙය්‍යාති පෙසෙය්‍ය, උත‍්තානත්‍ථත‍්තා පනස‍්ස පදභාජනං න වුත‍්තං. යථා ච එතස‍්ස, එවං “චීවරං ඉත්‍ථන‍්නාමං භික‍්ඛු”න‍්තිආදීනම‍්පි පදානං උත‍්තානත්‍ථත‍්තායෙව පදභාජනං න වුත‍්තන‍්ති වෙදිතබ‍්බං . ආභතන‍්ති ආනීතං. කාලෙන කප‍්පියන‍්ති යුත‍්තපත‍්තකාලෙන, යදා නො අත්‍ථො හොති, තදා කප‍්පියං චීවරං ගණ‍්හාමාති අත්‍ථො.

“පහිණෙය්‍ය” යවන්නේය. ප්‍රකට අර්‍ත්‍ථ ඇති බැවින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනය නොවදාරනලදි. මේ පදය පිළිබඳ යම්සේද එසේ “චීවරං ඉත්‍ථන්නාම භික්‍ඛුං” යනාදි පදයන්ද ප්‍රකට අර්‍ත්‍ථ ඇති බැවින් පදභාජනය නොවදාරන ලදැයි දතයුතුය. “ආභතන්ති” ගෙන එන ලද්දේය. “කාලෙන කප්පියං” සුදුසු කාලයෙහි. ‘යම්කලෙක්හි අපට ප්‍රයෝජන ඇත්තේ වේද, එකල්හි කැප සිවුරක් ගණුම්හ’ යන අර්‍ත්‍ථයි.

වෙය්‍යාවච‍්චකරොති කිච‍්චකරො, කප‍්පියකාරකොති අත්‍ථො. සඤ‍්ඤත‍්තො සො මයාති ආණත‍්තො සො මයා, යථා තුම‍්හාකං චීවරෙන අත්‍ථෙ සති චීවරං දස‍්සති, එවං වුත‍්තොති අත්‍ථො. අත්‍ථො මෙ ආවුසො චීවරෙනාති චොදනාලක‍්ඛණනිදස‍්සනමෙතං, ඉදඤ‍්හි වචනං වත‍්තබ‍්බං, අස‍්ස වා අත්‍ථො යාය කායචි භාසාය; ඉදං චොදනාලක‍්ඛණං. “දෙහි මෙ චීවර”න‍්තිආදීනි පන නවත‍්තබ‍්බාකාරදස‍්සනත්‍ථං වුත‍්තානි, එතානි හි වචනානි එතෙසං වා අත්‍ථො යාය කායචි භාසාය න වත‍්තබ‍්බො.

“වෙය්‍යාවච්චකරො” කෘත්‍යය කරන්නෙක්. කැපකරුය යන අර්‍ත්‍ථයි. “සඤ්ඤත්තො සො මයා” මා විසින් ඔහු යම්සේ තොපට සිවුරකින් ප්‍රයෝජන ඇති කල්හි සිවුරක් දෙන්නේද එසේ කියන ලද්දේය යන අර්‍ත්‍ථයි. “අත්‍ථො මෙ ආවුසො චීවරෙන” මෙය චොදනාවගේ ලක්‍ෂණ දැක්වීමය. මේ වචනය හෝ වනාහි කියයුතුය. නොහොත් මොහුගේ අර්‍ත්‍ථය යම්කිසි භාෂාවකින් කියයුතුය. මේ චොදනා ලක්‍ෂණය වේ. ‘දෙහි මෙ චීවරං’ යනාදීහු නොකියයුතු අයුරු දැක්වීම පිණිස කියන ලදහ. මේ වචනද මොවුන්ගේ අර්‍ත්‍ථයද යම්කිසි භාෂාවකින් නොකිය යුතුය.

දුතියම‍්පි වත‍්තබ‍්බො තතියම‍්පි වත‍්තබ‍්බොති “අත්‍ථො මෙ ආවුසො චීවරෙනා”ති ඉදමෙව යාවතතියං වත‍්තබ‍්බොති. එවං “ද‍්වත‍්තික‍්ඛත‍්තුං චොදෙතබ‍්බො සාරෙතබ‍්බො”ති එත්‍ථ උද‍්දිට‍්ඨචොදනාපරිච‍්ඡෙදං දස‍්සෙත්‍වා ඉදානි “ද‍්වත‍්තික‍්ඛත‍්තුං චොදයමානො සාරයමානො තං චීවරං අභිනිප‍්ඵාදෙය්‍ය, ඉච‍්චෙතං කුසල”න‍්ති ඉමෙසං පදානං සඞ‍්ඛෙපතො අත්‍ථං දස‍්සෙන‍්තො “සචෙ අභිනිප‍්ඵාදෙති, ඉච‍්චෙතං කුසල”න‍්ති ආහ. එවං යාවතතියං චොදෙන‍්තො තං චීවරං යදි නිප‍්ඵාදෙති, සක‍්කොති අත‍්තනො පටිලාභවසෙන නිප‍්ඵාදෙතුං, ඉච‍්චෙතං කුසලං සාධු සුට‍්ඨු සුන්‍දරං.

“දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො” ‘අත්‍ථො මේ ආවුසො වීවරෙන’ යන මෙම තුන්යලක් කියයුතුය. මෙසේ “ද්වත්තික්‍ඛත්තුං චොදෙතබ්බො සාරෙතබ්බො” මෙහි උදෙසූ ශික්‍ෂාපදයෙහි පිරිසිඳීම දක්වා දැන් ‘ද්වත්තික්‍ඛත්තුං චොදයමානො චරයමානො තං චීවරං අභිනිප්ඵාදෙය්‍ය ඉච්චෙතං කුසලං’ යන මේ පදයන්ගේ අර්‍ත්‍ථය සැකෙවින් දක්වනුවෝ “සචෙ අභිනිප්ඵාදෙති ඉච්චෙතං කුසලං”යි කීහ. මෙසේ තුන්යල දක්වා චොදනා කරන්නේ ඒ සිවුර ඉදින් නිපදවාද, තමන්ට ප්‍රතිලාභ වශයෙන් නිපදවන්නට හැකිද, මේ අයුරින් මේ නිපදවීම මැනැවි. යහපති. සුට්ඨුසුන්‍දරං යනුද මෙයට පර්‍ය්‍යයය.

චතුක‍්ඛත‍්තුං පඤ‍්චක‍්ඛත‍්තුං ඡක‍්ඛත‍්තුපරමං තුණ‍්හීභූතෙන උද‍්දිස‍්ස ඨාතබ‍්බන‍්ති ඨානලක‍්ඛණනිදස‍්සනමෙතං. ඡක‍්ඛත‍්තුපරමන‍්ති ච භාවනපුංසකවචනමෙතං, ඡක‍්ඛත‍්තුපරමඤ‍්හි එතෙන චීවරං උද‍්දිස‍්ස තුණ‍්හීභූතෙන ඨාතබ‍්බං, න අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බං, ඉදං ඨානලක‍්ඛණං. තත්‍ථ යො සබ‍්බට‍්ඨානානං සාධාරණො තුණ‍්හීභාවො, තං තාව දස‍්සෙතුං පදභාජනෙ “තත්‍ථ ගන‍්ත්‍වා තුණ‍්හීභූතෙනා”තිආදි වුත‍්තං. තත්‍ථ න ආසනෙ නිසීදිතබ‍්බන‍්ති “ඉධ, භන‍්තෙ, නිසීදථා”ති වුත‍්තෙනාපි න නිසීදිතබ‍්බං. න ආමිසං පටිග‍්ගහෙතබ‍්බන‍්ති යාගුඛජ‍්ජකාදිභෙදං කිඤ‍්චි ආමිසං “ගණ‍්හථ, භන‍්තෙ”ති යාචියමානෙනාපි න ගණ‍්හිතබ‍්බං. න ධම‍්මො භාසිතබ‍්බොති මඞ‍්ගලං වා අනුමොදනං වා භාසථාති යාචියමානෙනාපි කිඤ‍්චි න භාසිතබ‍්බං, කෙවලං “කිං කාරණා ආගතොසී”ති පුච‍්ඡියමානෙන “ජානාසි, ආවුසො”ති වත‍්තබ‍්බො. පුච‍්ඡියමානොති ඉදඤ‍්හි කරණත්‍ථෙ පච‍්චත‍්තවචනං. අථ වා පුච‍්ඡං කුරුමානො පුච‍්ඡියමානොති එවම‍්පෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යො හි පුච‍්ඡං කරොති, සො එත‍්තකං වත‍්තබ‍්බොති ඨානං භඤ‍්ජතීති ආගතකාරණං භඤ‍්ජති.

“චතුක්‍ඛත්තුං පඤ්චක්‍ඛත්තුං ඡක්‍ඛත්තුපරමං තුණ්හිභුතෙන උද්දිස්ස ඨාතබ්බං” යනු මේ සිටීම් ලකුණු දැක්වීමය. ‘ඡක්‍ඛත්තුපරමං’ යන මෙය භාවනපුංසකවචනයි. සවරක් පරමකොට සිවුර උදෙසා මොහු විසින් තුෂ්ණිම්භූතව සිටිය යුතුය. අන්කිසිවක් නොකට යුතුය. මේ සිටීමේ ලක්‍ෂණයයි. එහි සියලු සිටීම්වලට සාධාරණවූ යම් තුෂ්ණීම්භාවයක් වේද, ඒ නොබිණීම දක්වනු පිණිස පදභාජනයෙහි “තත්‍ථ ගනත්‍වා තුණ්නීභූතෙන” යනාදිය වදාළ සේක. එහි “න ආසනෙ නිසිදිතබ්බං” ස්වාමීනි, මෙහි හිඳුනු මැනැවැ’යි කියන ලද්දහු විසින්ද, නොහිඳිය යුතුය. “න ආමිසං පටිග්ගහෙතබ්බං” කැඳ කැවිලි ආදි භෙද ඇති කිසි ආමිෂයක් ගණුව ස්වාමීනි’යි යදිනු ලබන්නහු විසින්ද නොගත යුතුය. “න ධම්මො භාසිතබ්බො” මඞ්ගලයක් හෝ අනුමොදනාවක් හෝ වදාරනු මැනැවැයි යදිනු ලබන්නහු විසින්ද කිසිවක් නොබිණිය යුතුය. හුදෙක් ‘කවර කරුණක් හේතුකොට ආයෙහිදැ’යි විචාරනු ලබන්නහු විසින් ‘ඇවැත දනිහි’ කියයුතුය. ‘පුච්ඡියමානො’ යන මෙය කරණාර්‍ත්‍ථයෙහි ප්‍රථමාවචනයි. නොහොත් විචාරීම කරනුයේ විචාරනු බලන්නේයයි මෙසේද මෙහි අර්‍ත්‍ථ දතයුතුය. යමෙක් විචාරීම කෙරේද, හෙතෙමේ මෙපමණක් කියයුත්තේය. ‘ඨානං භඤ්ජති’ ආ කරුණ විනාශ කරයි.

ඉදානි යා තිස‍්සො චොදනා, ඡ ච ඨානානි වුත‍්තානි. තත්‍ථ වුඩ‍්ඪිඤ‍්ච හානිඤ‍්ච දස‍්සෙන‍්තො “චතුක‍්ඛත‍්තුං චොදෙත්‍වා”තිආදිමාහ. යස‍්මා ච එත්‍ථ එකචොදනාවුඩ‍්ඪියා ද‍්වින‍්නං ඨානානං හානි වුත‍්තා, තස‍්මා “එකා චොදනා දිගුණං ඨාන”න‍්ති ලක‍්ඛණං දස‍්සිතං හොති. ඉති ඉමිනා ලක‍්ඛණෙන තික‍්ඛත‍්තුං චොදෙත්‍වා ඡක‍්ඛත‍්තුං ඨාතබ‍්බං, ද‍්වික‍්ඛත‍්තුං චොදෙත්‍වා අට‍්ඨක‍්ඛත‍්තුං ඨාතබ‍්බං, සකිං චොදෙත්‍වා දසක‍්ඛත‍්තුං ඨාතබ‍්බන‍්ති. යථා ච “ඡක‍්ඛත‍්තුං චොදෙත්‍වා න ඨාතබ‍්බ”න‍්ති වුත‍්තං, එවං “ද‍්වාදසක‍්ඛත‍්තුං ඨත්‍වා න චොදෙතබ‍්බ”න‍්තිපි වුත‍්තමෙව හොති. තස‍්මා සචෙ චොදෙතියෙව න තිට‍්ඨති, ඡ චොදනා ලබ‍්භන‍්ති. සචෙ තිට‍්ඨතියෙව න චොදෙති, ද‍්වාදස ඨානානි ලබ‍්භන‍්ති. සචෙ චොදෙතිපි තිට‍්ඨතිපි, එකාය චොදනාය ද‍්වෙ ඨානානි හාපෙතබ‍්බානි. තත්‍ථ යො එකදිවසමෙව පුනප‍්පුනං ගන‍්ත්‍වා ඡක‍්ඛත‍්තුං චොදෙති, සකිංයෙව වා ගන‍්ත්‍වා “අත්‍ථො මෙ, ආවුසො, චීවරෙනා”ති ඡක‍්ඛත‍්තුං වදති. තථා එකදිවසමෙව පුනප‍්පුනං ගන‍්ත්‍වා ද‍්වාදසක‍්ඛත‍්තුං තිට‍්ඨති, සකිංයෙව වා ගන‍්ත්‍වා තත්‍ර තත්‍ර ඨානෙ තිට‍්ඨති, සොපි සබ‍්බචොදනායො සබ‍්බට‍්ඨානානි ච භඤ‍්ජති. කො පන වාදො නානාදිවසෙසු එවං කරොන‍්තස‍්සාති එවමෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

දැන් යම් චොදනා තුනක් සිටීම සයක් කියන ලදද, එහි වෘද්ධියද හානියද දක්වන්නාහු “චතුක්‍ඛන්තුං චොදෙත්‍වා” යනාදිය වදාළ සේක. යම්හෙයකින් මෙහි එක් චොදනාවක්හුගේ වැඩීම පිළිබඳ සිටීම් දෙකක්හුගේ හානිය කියන ලදද, එහෙයින් චොදනාවගේ සිටීම ද ද්විගුණයයි ලක්‍ෂණ දක්වන ලද්දේවේද මෙසේ මේ ලක්‍ෂණයෙන් තෙවරක් චොදනා කොට සවරක් සිටිය යුතුය. දෙවරක් චොදනා කොට අටවරක් සිටිය යුතුය. එක්වරක් චොදනාකොට දසවරක් සිටිය යුතුය. සවරක් චොදනාකොට නොසිටිය යුතුයයි යම්සේ කියන ලදද, එසේ දොළොස් වරක් සිට චොදනා නොකොට යුත්තේයයිද කියන ලද්දේම වේ. එහෙයින් ඉදින් චොදනා කෙරේම නම් නොසිටීද, චොදනා සයක් ලැබේ. ඉදින් සිටීමට කෙරේනම්, චොදනා නොකෙරේනම් සිටීම් දොළොසක් ලැබේ. ඉදින් චොදනාත් කෙරේනම්, සිටීමත් කෙරේනම් එක් චොදනාවෙන් සිටීම් දෙකක් පිරිහෙලිය යුතුය. එහි යම් මහණෙක් එක් දවසම නැවැත නැවැත ගොස් සවරක් චොදනා කෙරේද, එක්වරක්ම ගොස් ඇවැත මට සිවුරෙන් ප්‍රයෝජන වේය’යි සවරක් කියයිද, එසේ එක් දවසක්ම නැවැත නැවැත ගොස් දොළොස් වරක් සිටීද එක්වරක්ම හෝ ගොස් ඒ ඒ තැන සිටීද, හෙතෙමේද සියලු චොදනාද සියලු සිටීම් ද විනාශ කරයි. නොයෙක් දිනයන්හි මෙසේ කරන්නහුට කියනු කවරේදැයි මෙසේ මෙහි විනිශ්චය දතයුතුය.

යතස‍්ස චීවරචෙතාපන‍්නං ආභතන‍්ති යතො රාජතො වා රාජභොග‍්ගතො වා අස‍්ස භික‍්ඛුනො චීවරචෙතාපන‍්නං ආනීතං. යත්‍වස‍්සාතිපි පාඨො. අයමෙවත්‍ථො. “යත්‍ථස‍්සා”තිපි පඨන‍්ති, යස‍්මිං ඨානෙ අස‍්ස චීවරචෙතාපන‍්නං පෙසිතන‍්ති ච අත්‍ථං කථෙන‍්ති, බ්‍යඤ‍්ජනං පන න සමෙති. තත්‍ථාති තස‍්ස රඤ‍්ඤො වා රාජභොග‍්ගස‍්ස වා සන‍්තිකෙ; සමීපත්‍ථෙ හි ඉදං භුම‍්මවචනං. න තං තස‍්ස භික‍්ඛුනො කිඤ‍්චි අත්‍ථං අනුභොතීති තං චීවරචෙතාපන‍්නං තස‍්ස භික‍්ඛුනො කිඤ‍්චි අප‍්පමත‍්තකම‍්පි කම‍්මං න නිප‍්ඵාදෙති. යුඤ‍්ජන‍්තායස‍්මන‍්තො සකන‍්ති ආයස‍්මන‍්තො අත‍්තනො සන‍්තකං ධනං පාපුණන‍්තු. මා වො සකං විනස‍්සාති තුම‍්හාකං සන‍්තකං මා විනස‍්සතු. යො පන නෙව සාමං ගච‍්ඡති, න දූතං පාහෙති, වත‍්තභෙදෙ දුක‍්කටං ආපජ‍්ජති.

“යතස්ස චීවරචෙතාපන්නං ආභතං” යම් රජකු කෙරෙන් හෝ රජ ඇමැතියෙකු කෙරෙන් හෝ මේ මහණහුට සිවුරු මිලයක් ගෙන එන ලද්දේද “යත්‍වස්ස”යි පාඨයෙක්ද වේ. මෙම අර්‍ත්‍ථයි. ‘යත්‍ථස්ස’යි ද හදාරත්. යම් තැනෙක්හිදී මොහුට සිවුරු මිලයක් එවන ලද්දේ යයිද අර්‍ත්‍ථ කියත්. බ්‍යඤ්ජනය වනාහි සම නොවේ. “තත්‍ථ” ඒ රජුගේ හෝ රජ ඇමැතියකුගේ හෝ සමීපයෙහි මෙය සමීපාර්‍ත්‍ථයෙහි භූම්මවචනයි. “න තං තස්ස භික්‍ඛුනො කිඤ්චි අත්‍ථං අනුභොති” යනු ඒ සිවුරු මිලය ඒ මහණහුගේ ස්වල්පමාත්‍රවූද කිසි කාර්‍ය්‍යක් නොනිපදවයි. “යුඤ්ජන්තායසමන්තො සකන්ති”යි ආයුෂ්මත්හු තම තමන්සතු ධනයට පැමිණෙත්වා. “මා වො සකං විනස්ස” තොපගේ සන්තකය නොනසාවා යමෙක් වනාහි තෙමේ නොමයේද, දූතයකු නොයවාද වත් බිඳීම නිමිතිකොට දුක්කටයට පැමිණේ.

කිං පන සබ‍්බකප‍්පියකාරකෙසු එවං පටිපජ‍්ජිතබ‍්බන‍්ති? න පටිපජ‍්ජිතබ‍්බං. අයඤ‍්හි කප‍්පියකාරකො නාම සඞ‍්ඛෙපතො දුවිධො නිද‍්දිට‍්ඨො ච අනිද‍්දිට‍්ඨො ච. තත්‍ථ නිද‍්දිට‍්ඨො දුවිධො – භික‍්ඛුනා නිද‍්දිට‍්ඨො, දූතෙන නිද‍්දිට‍්ඨොති. අනිද‍්දිට‍්ඨොපි දුවිධො – මුඛවෙවටික කප‍්පියකාරකො, පරම‍්මුඛකප‍්පියකාරකොති. තෙසු භික‍්ඛුනා නිද‍්දිට‍්ඨො සම‍්මුඛාසම‍්මුඛවසෙන චතුබ‍්බිධො හොති. තථා දූතෙන නිද‍්දිට‍්ඨොපි.

කිම, සියලු කැපකරුවන් කෙරෙහි මෙසේ පිළිපැදිය යුතුද, යත්:- පිළිපැදිය යුතු නොවේ. මේ කැපකරු තෙමේ නිර්දිෂ්ට තෙමේය. අනිර්දිෂ්ට තෙමේයයි සැකෙවින් දෙවැදෑරුම් වේ. එහි නිර්දිෂ්ට තෙමේද මහණහු විසින් දක්වන ලද්දේය. දූතයා විසින් දක්වන ලද්දේයයි දෙවැදෑරුම් වේ. අනිර්දිෂ්ට තෙමේද මුඛය විවෘතකොට තෙමේ කැප කරුබවට පැමිණියේය. අනභිමුඛයෙහි කැපකරුබවට පැමිණියේයයි දෙවැදෑරුම් වේ. ඔවුන් අතුරෙහි මහණහු විසින් දක්වන ලද්දේ සම්මුඛාසම්මුඛවසයෙන් සිවුවැදෑරුම් වේ. දූතයා විසින් දක්වන ලද්දේද එසේ සිවුවැදෑරුම් වේ.

කථං? ඉධෙකච‍්චො භික‍්ඛුස‍්ස චීවරත්‍ථාය දූතෙන අකප‍්පියවත්‍ථුං පහිණති, දූතො තං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා “ඉදං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමෙන තුම‍්හාකං චීවරත්‍ථාය පහිතං, ගණ‍්හථ න”න‍්ති වදති, භික‍්ඛු “නයිදං කප‍්පතී”ති පටික‍්ඛිපති, දූතො “අත්‍ථි පන තෙ, භන‍්තෙ, වෙය්‍යාවච‍්චකරො”ති පුච‍්ඡති, පුඤ‍්ඤත්‍ථිකෙහි ච උපාසකෙහි “භික‍්ඛූනං වෙය්‍යාවච‍්චං කරොථා”ති ආණත‍්තා වා, භික‍්ඛූනං වා සන්‍දිට‍්ඨා සම‍්භත‍්තා කෙචි වෙය්‍යාවච‍්චකරා හොන‍්ති, තෙසං අඤ‍්ඤතරො තස‍්මිං ඛණෙ භික‍්ඛුස‍්ස සන‍්තිකෙ නිසින‍්නො හොති, භික‍්ඛු තං නිද‍්දිසති “අයං භික‍්ඛූනං වෙය්‍යාවච‍්චකරො”ති. දූතො තස‍්ස හත්‍ථෙ අකප‍්පියවත්‍ථුං දත්‍වා “ථෙරස‍්ස චීවරං කිණිත්‍වා දෙහී”ති ගච‍්ඡති, අයං භික‍්ඛුනා සම‍්මුඛානිද‍්දිට‍්ඨො.

කිසේය, යත්:- මේ ලෝකයෙහි ඇතැම් එකෙක් මහණහුට සිවුරු පිණිස දූතයකු ලවා අකැප වස්තුවක් යවයි. දූතයා ඒ මහණහු වෙත එළැඹ ‘ස්වාමීනි’ මෙනම් ඇත්තහු විසින් ඔබවහන්සේට සිවුරු පිණිස මේ වස්ත්‍රය එවන ලද්දේය, එය ගණු මැනැවැ’යි කියාද, මහණතෙමේ මේ කැප නොවේයයි ප්‍රතික්‍ෂෙප කෙරේද, දූතතෙමේ ‘ස්වාමීනි’ ඔබවහන්සේට වතාවත් කරන්නෙක් ඇත්තේදැයි විචාරාද පින් කැමැති උපාසකයන් විසින් භික්‍ෂූන්ගේ වතාවත් කරවු’යි අණවන ලද්දාවූ හෝ දුටු පමණින් මිත්‍ර වූ දැඩි මිත්‍ර වූ වතාවත් කරන්නා වූ කිසි කෙනෙක් වෙත්ද ඔවුන් අතුරෙන් එක්තරා එකෙක් මහණහු වෙත හුන්නේ වේද, මහණතෙමේ ‘මෙතෙමේ භික්‍ෂූන්ගේ වතාවත් කරන්නේයයි ඔහු දක්වාද, දූතතෙමේ ඔහු අතට අකැපවස්තුව දී තෙරුන්ට සිවුරක් මිලදී ගෙන දෙව’යි කියා යේද මෙතෙමේ මහණහු විසින් හමුවෙහි දක්වන ලද්දේය.

නො චෙ භික‍්ඛුස‍්ස සන‍්තිකෙ නිසින‍්නො හොති, අපිච ඛො භික‍්ඛු නිද‍්දිසති – “අසුකස‍්මිං නාම ගාමෙ ඉත්‍ථන‍්නාමො භික‍්ඛූනං වෙය්‍යාවච‍්චකරො”ති, සො ගන‍්ත්‍වා තස‍්ස හත්‍ථෙ අකප‍්පියවත්‍ථුං දත්‍වා “ථෙරස‍්ස චීවරං කිණිත්‍වා දදෙය්‍යාසී”ති ආගන‍්ත්‍වා භික‍්ඛුස‍්ස ආරොචෙත්‍වා ගච‍්ඡති, අයමෙකො භික‍්ඛුනා අසම‍්මුඛානිද‍්දිට‍්ඨො.

මහණහුගේ සමීපයෙහි හුන්නෙක් නොවේද, එහෙත් මහණතෙමේ ‘අසුවල් නම් ගමෙහි මෙනම් ඇත්තේ මහණුන්ගේ වතාවත් කරන්නේය’යි ඔහු දක්වාද, හෙතෙමේ ගොස් ඔහුගේ අතට අකැපවස්තුව දී ‘තෙරුන්ට සිවුරක් මිලදී ගෙන දෙව’යි කියා අවුත් මහණහුට සැල කොටයේද, මෙතෙමේ මහණහු විසින් නොහමුවෙහි දක්වන ලද එකෙක් වේ.

න හෙව ඛො සො දූතො අත‍්තනා ආගන‍්ත්‍වා ආරොචෙති, අපිච ඛො අඤ‍්ඤං පහිණති “දින‍්නං මයා, භන‍්තෙ, තස‍්ස හත්‍ථෙ චීවරචෙතාපන‍්නං, චීවරං ගණ‍්හෙය්‍යාථා”ති, අයං දුතියො භික‍්ඛුනා අසම‍්මුඛානිද‍්දිට‍්ඨො.

ඒ දූත තෙමේ තමා අවුත් නොම සැලකෙරේද එහෙත් ‘ස්වාමීනි’ මා විසින් ඔහුගේ අතට සිවුරුමිලය දෙන ලද්දේය. සිවුරක් ගනු මැනැවැ’යි අනිකකු යවාද, මෙතෙමේ මහණහු විසින් නොහමුවෙහි දක්වන ලද දෙවැන්නා වේ.

න හෙව ඛො අඤ‍්ඤං පහිණති, අපිච ඛො ගච‍්ඡන‍්තොව භික‍්ඛුං වදති “අහං තස‍්ස හත්‍ථෙ චීවරචෙතාපන‍්නං දස‍්සාමි, තුම‍්හෙ චීවරං ගණ‍්හෙය්‍යාථා”ති, අයං තතියො භික‍්ඛුනා අසම‍්මුඛානිද‍්දිට‍්ඨොති එවං එකො සම‍්මුඛානිද‍්දිට‍්ඨො තයො අසම‍්මුඛානිද‍්දිට‍්ඨාති ඉමෙ චත‍්තාරො භික‍්ඛුනා නිද‍්දිට‍්ඨවෙය්‍යාවච‍්චකරා නාම. එතෙසු ඉමස‍්මිං රාජසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව පටිපජ‍්ජිතබ‍්බං.

අනිකකු නොමයවාද එහෙත් යන්නේම ‘මම ඔහු අතට සිවුරු මිල දෙන්නෙමි, යුෂ්මත්හු සිවුර ගනු මැනැවැ’යි මහණහුට කියාද, මෙතෙමේ මහණහු විසින් නොහමුවෙහි දක්වන ලද තෙවැන්නා වේ. මෙසේ එක් කැපකරුවෙක් තෙමේ හමුවෙහි දක්වන ලද්දේය. තිදෙනෙක් නො හමුවෙහි දක්වන ලද්දාහයි. මේ සිවු දෙන මහණහු විසින් දක්වන ලද කැපකරුවෝ නම්වෙත්. මොවුන් අතුරෙහි මේ රාජශික්‍ෂාපදයෙහි කියූ නයින්ම පිළිපැදිය යුතුය.

අපරො භික‍්ඛු පුරිමනයෙනෙව දූතෙන පුච‍්ඡිතො නත්‍ථිතාය වා, අවිචාරෙතුකාමතාය වා “නත්‍ථම‍්හාකං කප‍්පියකාරකො”ති වදති, තස‍්මිඤ‍්ච ඛණෙ කොචි මනුස‍්සො ආගච‍්ඡති, දූතො තස‍්ස හත්‍ථෙ අකප‍්පියවත්‍ථුං දත්‍වා “ඉමස‍්ස හත්‍ථතො චීවරං ගණ‍්හෙය්‍යාථා”ති වත්‍වා ගච‍්ඡති, අයං දූතෙන සම‍්මුඛානිද‍්දිට‍්ඨො.

අන් මහණෙක් තෙමේ පෙරනයින්ම දූතයා විසින් විචාරණ ලදුයේ කැපකරුවකු නැති බැවින් හෝ මේ පක්‍ෂයෙහි අපට කැපකරුවෙක් නැත්තේයයි නොවිචාරනු කැමැත්තෙන් හෝ ‘අපට කැපකරුවෙක් නැත්තේය’යි නොවිචාරනු කැමැත්තෙන් හෝ ‘අපට කැපකරුවෙක් නැත්තේය’යි කියයි. එකෙණෙහි කිසියම් මිනිසෙක් ඒද, දූතතෙමේ ඔහු අතට අකැප වස්තුවදී ‘මොහුගේ අතින් සිවුර ගනු මැනැවැ’යි කියා යේද, මෙතෙමේ දූතයා විසින් හමුවෙහි දක්වන ලද්දේය.

අපරො දූතො ගාමං පවිසිත්‍වා අත‍්තනා අභිරුචිතස‍්ස කස‍්සචි හත්‍ථෙ අකප‍්පියවත්‍ථුං දත්‍වා පුරිමනයෙනෙව ආගන‍්ත්‍වා ආරොචෙති, අඤ‍්ඤං වා පහිණති, “අහං අසුකස‍්ස නාම හත්‍ථෙ චීවරචෙතාපන‍්නං දස‍්සාමි, තුම‍්හෙ චීවරං ගණ‍්හෙය්‍යාථා”ති වත්‍වා වා ගච‍්ඡති, අයං තතියො දූතෙන අසම‍්මුඛානිද‍්දිට‍්ඨොති එවං එකො සම‍්මුඛානිද‍්දිට‍්ඨො, තයො අසම‍්මුඛානිද‍්දිට‍්ඨාති ඉමෙ චත‍්තාරො දූතෙන නිද‍්දිට‍්ඨවෙය්‍යාවච‍්චකරා නාම. එතෙසු මෙණ‍්ඩකසික‍්ඛාපදෙ වුත‍්තනයෙන පටිපජ‍්ජිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං – “සන‍්ති, භික‍්ඛවෙ, මනුස‍්සා සද‍්ධා පසන‍්නා, තෙ කප‍්පියකාරකානං හත්‍ථෙ හිරඤ‍්ඤං උපනික‍්ඛිපන‍්ති – ‘ඉමිනා අය්‍යස‍්ස යං කප‍්පියං තං දෙථා’ති. අනුජානාමි, භික‍්ඛවෙ, යං තතො කප‍්පියං තං සාදිතුං, න ත්‍වෙවාහං, භික‍්ඛවෙ, කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ‍්බං පරියෙසිතබ‍්බන‍්ති වදාමී”ති (මහාව· 299). එත්‍ථ ච චොදනාය පමාණං නත්‍ථි, මූලං අසාදියන‍්තෙන සහස‍්සක‍්ඛත‍්තුම‍්පි චොදනාය වා ඨානෙන වා කප‍්පියභණ‍්ඩං සාදිතුං වට‍්ටති. නො චෙ දෙති, අඤ‍්ඤං කප‍්පියකාරකං ඨපෙත්‍වාපි ආහරාපෙතබ‍්බං. සචෙ ඉච‍්ඡති මූලසාමිකානම‍්පි කථෙතබ‍්බං; නො චෙ ඉච‍්ඡති න කථෙතබ‍්බං.

අන් දූතයෙක් තෙමේ ගමට වැද තමන් කැමැතිවූ යම්කිසිවකු අතට අකැප වස්තුව දී පෙර කියූ නයින්ම අවුත් හෝ සැලකෙරේද, අනිකකු හෝ යවාද, ‘මම අසුවලාගේ අතට සිවුරු මිලයක් දෙන්නෙමි, නුඹවහන්සේ සිවුර ගනු මැනැවැයි කියා හෝ යේද, මෙතෙමේ දූතයා විසින් නොහමුවෙහි දක්වන ලද තෙවැන්නාව වේ. මෙසේ එකෙක් හමුවෙහි දක්වන ලද්දේය. තිදෙනෙක් නොහමුවෙහි දක්වන ලදහයි මොවුහු සිවුදෙන දූතයා විසින් දක්වන ලද කැපකරුවෝ නම් වෙති. මොවුන් අතුරෙහි මෙණ්ඩක ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම පිළිපැදිය යුතුය. මෙය මෙසේ වදාරන ලද්දේය. ‘මහණෙනි’ සැදැහැති පහන් වූ මිනිස්සු ඇත්තාහ. ඔවුහු කැපකරුවන්ගේ අතෙහි මෙයින් යමක් ආර්‍ය්‍යයන් වහන්සේට කැපවේද, එය ගෙන දෙවුයි අමුරන් තබත්ද, මහණෙනි එයින් යමක් කැපද, එය ඉවසන්නට අනුදනිමි. මහණෙනි මම මොන ලෙසකිනුත් රන්රිදී මසු කහවණු ඉවසිය යුතුය. සෙවිය යුතුය’යි නොකියමියි. මේ රන්රිදී ආදිය ඉවසීමෙහි සෙවීමෙහි චොදනාවගේ ප්‍රමාණයක් නැත්තේය. මිල නොඉවසන්නහු විසින් දහස්වර නමුදු චොදනාවෙන් හෝ සිටීමෙන් හෝ කැප බඩු ඉවසන්නට වටියි. නොදේ නම්, අන් කැපකරුවකු තබාද ගෙන්විය යුතුය. ඉදින් කැමැත්තේ නම් මිලහි මියන්ටද කියයුතුය. නොකැමැත්තේ නම් නොකිය යුතුය.

අපරො භික‍්ඛු පුරිමනයෙනෙව දූතෙන පුච‍්ඡිතො “නත්‍ථම‍්හාකං කප‍්පියකාරකො”ති වදති, තදඤ‍්ඤො සමීපෙ ඨිතො සුත්‍වා “ආහර භො අහං අය්‍යස‍්ස චීවරං චෙතාපෙත්‍වා දස‍්සාමී”ති වදති. දූතො “හන්‍ද භො දදෙය්‍යාසී”ති තස‍්ස හත්‍ථෙ දත්‍වා භික‍්ඛුස‍්ස අනාරොචෙත්‍වාව ගච‍්ඡති, අයං මුඛවෙවටිකකප‍්පියකාරකො. අපරො භික‍්ඛුනො උපට‍්ඨාකස‍්ස වා අඤ‍්ඤස‍්ස වා හත්‍ථෙ අකප‍්පියවත්‍ථුං දත්‍වා “ථෙරස‍්ස චීවරං දදෙය්‍යාසී”ති එත‍්තොව පක‍්කමති, අයං පරම‍්මුඛකප‍්පියකාරකොති ඉමෙ ද‍්වෙ අනිද‍්දිට‍්ඨකප‍්පියකාරකා නාම. එතෙසු අඤ‍්ඤාතකඅප‍්පවාරිතෙසු විය පටිපජ‍්ජිතබ‍්බං. සචෙ සයමෙව චීවරං ආනෙත්‍වා දදන‍්ති, ගහෙතබ‍්බං. නො චෙ, කිඤ‍්චි න වත‍්තබ‍්බා. දෙසනාමත‍්තමෙව චෙතං “දූතෙන චීවරචෙතාපන‍්නං පහිණෙය්‍යා”ති සයං ආහරිත්‍වාපි පිණ‍්ඩපාතාදීනං අත්‍ථාය දදන‍්තෙසුපි එසෙව නයො. න කෙවලඤ‍්ච අත‍්තනොයෙව අත්‍ථාය සම‍්පටිච‍්ඡිතුං න වට‍්ටති, සචෙපි කොචි ජාතරූපරජතං ආනෙත්‍වා “ඉදං සඞ‍්ඝස‍්ස දම‍්මි, ආරාමං වා කරොථ චෙතියං වා භොජනසාලාදීනං වා අඤ‍්ඤතර”න‍්ති වදති, ඉදම‍්පි සම‍්පටිච‍්ඡිතුං න වට‍්ටති. යස‍්ස කස‍්සචි හි අඤ‍්ඤස‍්සත්‍ථාය සම‍්පටිච‍්ඡන‍්තස‍්ස දුක‍්කටං හොතීති මහාපච‍්චරියං වුත‍්තං.

අන් මහණෙක් තෙමේ පෙර කියූ නයින්ම දූතයා විසින් විචාරණ ලදුයේ ‘අපට කැපකරුවෙක් නැත්තේයයි කියයි. එයින් අනිකෙක් වෙත සිටියේ අසා ‘පින්වත’ ගෙණ එව, මම ආර්‍ය්‍යයන් වහන්සේට සිවුරක් මිලදී ගෙණ දෙන්නෙමි’යි කියයි. දූත තෙමේ ‘පින්වත’ එසේනම් දෙන්නෙහියයි ඔහු අතට දී මහණහුට නොදන්වාම යේද, මෙතෙමේ මුඛවට්ටික කප්පිය කාරක නම, අන් මහණෙක් තෙමේ මහණහුගේ උපස්ථායකුගේ හෝ අනෙකකුගේ හෝ අතට අකැප වස්තුවක් දී තෙරුන්ට සිවුරක් දෙව’යි කියා මෙයින්ම බැහැරයේද, මෙතෙමේ පරාම්මුඛ කප්පිය කාරකය. මේ දෙදෙන නොදක්වනලද කැපකරුවෝ නම් වෙත්. ඔවුන් අතුරෙහි නොනෑ නොපැවරුවන් කෙරෙහි මෙන් පිළිපැදිය යුතුය. ඉදින් තුමුම ගෙණවුත් දෙත්ද, ගතයුතුය. නොදෙත් නම් කිසිවක් නොකිය යුතුය. ‘දූතෙන චීවරචෙතාපන්නං පහිණෙය්‍ය’ යන මෙය දෙශනා මාත්‍රයෙක්මය. තමන් ගෙණවුත් පිණ්ඩපාතාදිය පිණිස දෙන්නවුන් කෙරෙහිද මේනයම වේ. හුදෙක් තමාගේ ප්‍රයෝජනය පිණිස පමණක්ම පිළිගැනීම නොවටින්නේ නොවේ. ඉදිනුදු කිසිවෙක් රන්රිදී මසු කහවණු ගෙණවුත් ‘මෙය සඞ්ඝයාට දෙමි, ආරාමයක් හෝ චෛත්‍යයක් හෝ භොජනසාලාදීන් අතුරෙහි එක්තරා එකක් හෝ කරවු’යි කියාද මෙද පිළිගන්නට නොවටියි. යම් කිසි අනිකක්හුගේ ප්‍රයෝජනය පිණිස පිළිගන්නහුට දුක්කටය වේයයි මහාපච්චරියෙහි කියන ලදී.

සචෙ පන “නයිදං භික‍්ඛූනං සම‍්පටිච‍්ඡිතුං වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තෙ “වඩ‍්ඪකීනං වා කම‍්මකරානං වා හත්‍ථෙ භවිස‍්සති, කෙවලං තුම‍්හෙ සුකතදුක‍්කටං ජානාථා”ති වත්‍වා තෙසං හත්‍ථෙ දත්‍වා පක‍්කමති, වට‍්ටති. අථාපි “මම මනුස‍්සානං හත්‍ථෙ භවිස‍්සති මය‍්හමෙව වා හත්‍ථෙ භවිස‍්සති, කෙවලං තුම‍්හෙ යං යස‍්ස දාතබ‍්බං, තදත්‍ථාය පෙසෙය්‍යාථා”ති වදති, එවම‍්පි වට‍්ටති.

ඉදින් ‘මේ දෙය මහණුන්ට පිළිගන්නට නොවටීය’යි ප්‍රතික්‍ෂෙප කළ කල්හි ‘වඩුවන්ගේ හෝ කම්කරුවන්ගේ හෝ අතෙහි වන්නේය. හුදෙක් නුඹවහන්සේලා සුකෘත දුශ්කෘතය දනිවු’යි කියා ඔවුන්ගේ අතට දීයේද, වටියි. යලිදු ‘මාගේ මිනිසුන්ගේ අතෙහි වන්නේය, මාගේම හෝ අතෙහි වන්නේය. හුදෙක් නුඹ වහන්සේලා යමක් යමක්හට දියයුතුද ඒ පිණිස කියා එවන්නාහුයි කියාද මෙසේද වටියි.

සචෙ පන සඞ‍්ඝං වා ගණං වා පුග‍්ගලං වා අනාමසිත්‍වා “ඉදං හිරඤ‍්ඤසුවණ‍්ණං චෙතියස‍්ස දෙම, විහාරස‍්ස දෙම, නවකම‍්මස‍්ස දෙමා”ති වදන‍්ති, පටික‍්ඛිපිතුං න වට‍්ටති. “ඉමෙ ඉදං භණන‍්තී”ති කප‍්පියකාරකානං ආචික‍්ඛිතබ‍්බං. “චෙතියාදීනං අත්‍ථාය තුම‍්හෙ ගහෙත්‍වා ඨපෙථා”ති වුත‍්තෙන පන “අම‍්හාකං ගහෙතුං න වට‍්ටතී”ති පටික‍්ඛිපිතබ‍්බං.

ඉදින් සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා හෝ නොඋදෙසා මේ හිරණ්‍ය ස්වර්‍ණයසෑයට දෙමු, වෙහෙරට දෙමු’යි නවකර්‍මාන්තය. පිණිස දෙමු’යි කියත්ද, ප්‍රතික්‍ෂෙප කිරීම නොවටියි. ‘මොවුහු මෙය කියත්’යි කැපකරුවන්ට කිය යුතුය. චෛත්‍යාදීන්ට ප්‍රයෝජනය පිණිස නුඹවහන්සේලා ගෙණ තබවුයි කියූ කල්හි ‘අපට ගන්නට නොවටීය’යි ප්‍රතික්‍ෂෙප කටයුතුය.

සචෙ පන කොචි බහුං හිරඤ‍්ඤසුවණ‍්ණං ආනෙත්‍වා “ඉදං සඞ‍්ඝස‍්ස දම‍්මි, චත‍්තාරො පච‍්චයෙ පරිභුඤ‍්ජථා”ති වදති, තං චෙ සඞ‍්ඝො සම‍්පටිච‍්ඡති, පටිග‍්ගහණෙපි පරිභොගෙපි ආපත‍්ති. තත්‍ර චෙ එකො භික‍්ඛු “නයිදං කප‍්පතී”ති පටික‍්ඛිපති, උපාසකො ච “යදි න කප‍්පති, මය‍්හමෙව භවිස‍්සතී”ති ගච‍්ඡති. සො භික‍්ඛු “තයා සඞ‍්ඝස‍්ස ලාභන‍්තරායො කතො”ති න කෙනචි කිඤ‍්චි වත‍්තබ‍්බො. යො හි තං චොදෙති, ස‍්වෙව සාපත‍්තිකො හොති, තෙන පන එකෙන බහූ අනාපත‍්තිකා කතා. සචෙ පන භික‍්ඛූහි “න වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තෙ “කප‍්පියකාරකානං වා හත්‍ථෙ භවිස‍්සති, මම පුරිසානං වා මය‍්හං වා හත්‍ථෙ භවිස‍්සති, කෙවලං තුම‍්හෙ පච‍්චයෙ පරිභුඤ‍්ජථා”ති වදති, වට‍්ටති.

ඉදින් වනාහි කිසිවෙක් බොහෝ හිරණ්‍යස්වර්‍ණ ගෙණවුත් ‘මේ හිරණ්‍යස්වර්‍ණ සඞ්ඝයාට දෙමි, සිවුපසය පරිභොග කළ මැනැවැ’යි කියාද, සඞ්ඝතෙමේ ඒ හිරණ්‍යස්වර්‍ණ පිළිගණී නම් පිළිගැණීම නිමිති කොටද පරිභොගය නිමිති කොටද ඇවැත් වේ. පිළිගැණීමෙහි පාචිත්තිය හා පරිභොගයෙහි දුක්කටයයි. එහි එක් මහණෙක් තෙමේ ‘මේ හිරණ්‍ය ස්වර්‍ණ කැප නොවේය’යි ප්‍රතික්‍ෂෙප කෙරේනම් උපාසක තෙමේද නොකැප නම් මටම වන්නේය’යි කියායේද, ඒ මහණතෙමේ ‘තා විසින් සඞ්ඝයාගේ ලාභයට අන්තරාය කරන ලදැයි කිසිවකු විසින් නොකිය යුතුය. යමෙක් වනාහි ඔහුට චොදනා කෙරේද, හෙතෙමේම දුක්කටාපත්තිසහිත වේ. ඒ එක් මහණහු විසින් බොහෝ දෙන නිරාපත්තිකයෝ කරන ලදහ. ඉදින් වනාහි මහණුන් විසින් නොවටීයයි ප්‍රතික්‍ෂෙප කල කල්හි කැපකරුවන්ගේ හෝ අතෙහි වන්නේය. මාගේ පුරුෂයන්ගේ හෝ මාගේ හෝ අතෙහි වන්නේය. හුදෙක් නුඹ වහන්සේලා ප්‍රත්‍යය වළදනු මැනැවැ’යි කියාද වටියි.

චතුපච‍්චයත්‍ථාය ච දින‍්නං යෙන යෙන පච‍්චයෙන අත්‍ථො හොති, තදත්‍ථං උපනෙතබ‍්බං, චීවරත්‍ථාය දින‍්නං චීවරෙයෙව උපනෙතබ‍්බං. සචෙ චීවරෙන තාදිසො අත්‍ථො නත්‍ථි, පිණ‍්ඩපාතාදීහි සඞ‍්ඝො කිලමති, සඞ‍්ඝසුට‍්ඨුතාය අපලොකෙත්‍වා තදත්‍ථායපි උපනෙතබ‍්බං. එස නයො පිණ‍්ඩපාතගිලානපච‍්චයත්‍ථාය දින‍්නෙපි, සෙනාසනත්‍ථාය දින‍්නං පන සෙනාසනස‍්ස ගරුභණ‍්ඩත‍්තා සෙනාසනෙයෙව උපනෙතබ‍්බං. සචෙ පන භික‍්ඛූසු සෙනාසනං ඡඩ‍්ඩෙත්‍වා ගතෙසු සෙනාසනං විනස‍්සති, ඊදිසෙ කාලෙ සෙනාසනං විස‍්සජ‍්ජෙත්‍වාපි භික‍්ඛූනං පරිභොගො අනුඤ‍්ඤාතො, තස‍්මා සෙනාසනජග‍්ගනත්‍ථං මූලච‍්ඡෙජ‍්ජං අකත්‍වා යාපනමත‍්තං පරිභුඤ‍්ජිතබ‍්බං.

සිවුපසය පිණිසද දෙනලද්ද යම් යම් ප්‍රත්‍යයකින් ප්‍රයෝජන ඇත්තේවේද ඒ පිණිස එළවිය යුතුය. සිවුරු පිණිස දෙනලද්ද සිවුරෙහිම එළවිය යුතුය. ඉදින් සිවුරෙන් එබඳු වැඩක් නැත්තේද, සඞ්ඝතෙමේ පිණ්ඩපාතාදියෙන් ක්ලාන්තවේද, සඞ්ඝයාගේ පහසුව පිණිස අපලොකනය කොට ඒ පිණිසද එළවිය යුතුය. පිණ්ඩපාත ගිලානප්‍රත්‍යය පිණිස දෙනලද්දෙහිද මේ නයවේ. සෙනසුන් පිණිස දෙනලද්ද වනාහි සෙනසුන තමා ගරු භාණ්ඩ බැවින් සෙනසුනෙහිම එළවිය යුතුය. ඉදින් මහණුන් සෙනසුන හැර දමා ගිය කල්හි සෙනසුන එබඳු කාලයෙහි සෙනසුන හැරද මහණුන්ට පරිභොගය අනුදන්නා ලද්දේය. එහෙයින් සෙනසුන් දැගීම පිණිස මුල් සිදීම නොකොට යැපෙන පමණක් පරිභොග කටයුතුය.

න කෙවලඤ‍්ච හිරඤ‍්ඤසුවණ‍්ණමෙව, අඤ‍්ඤම‍්පි ඛෙත‍්තවත්‍ථාදි අකප‍්පියං න සම‍්පටිච‍්ඡිතබ‍්බං. සචෙ හි කොචි “මය‍්හං තිසස‍්සසම‍්පාදනකං මහාතළාකං අත්‍ථි, තං සඞ‍්ඝස‍්ස දම‍්මී”ති වදති, තං චෙ සඞ‍්ඝො සම‍්පටිච‍්ඡති, පටිග‍්ගහණෙපි පරිභොගෙපි ආපත‍්තියෙව. යො පන තං පටික‍්ඛිපති, සො පුරිමනයෙනෙව න කෙනචි කිඤ‍්චි වත‍්තබ‍්බො. යො හි තං චොදෙති, ස‍්වෙව සාපත‍්තිකො හොති, තෙන පන එකෙන බහූ අනාපත‍්තිකා කතා.

හුදෙක් හිරණ්‍යස්වර්‍ණම නොවේ. අන්‍යවූද කෙත්වත් ඈ ඇකැපය. නොපිළිගත යුතුය. ඉදින් කිසිවෙක් ‘මාගේ සස්‍යසම්පාදනය කරන මහත් තටාගයෙක් ඇත්තේය. ඒ තටාගය සඞ්ඝයාට දෙමි’යි කියාද ඒ තටාගය සඞ්ඝ තෙමේ පිළිගණීනම් පිළිගැනීම නිමිති කොටද පරිභොගය නිමිති කොටද, ඇවැත්වේමය. යම් මහණෙක් තෙමේ ඒ තටාගය ප්‍රතික්‍ෂෙප කෙරේද හෙතෙමේ පෙර කියූ නයින්ම කිසිවකු විසින් කිසිවක් නොකිය යුතුය. යමෙක් ඔහුට චොදනා කෙරේද, හෙතෙමේම සාපත්තික වේ. ඒ එක් මහණක්හු විසින් බොහෝ මහණෝ නිරාපත්තික කරන ලදහ.

යො පන “තාදිසංයෙව තළාකං දම‍්මී”ති වත්‍වා භික‍්ඛූහි “න වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තො වදති “අසුකඤ‍්ච අසුකඤ‍්ච සඞ‍්ඝස‍්ස තළාකං අත්‍ථි, තං කථං වට‍්ටතී”ති. සො වත‍්තබ‍්බො – “කප‍්පියං කත්‍වා දින‍්නං භවිස‍්සතී”ති. කථං දින‍්නං කප‍්පියං හොතීති? “චත‍්තාරො පච‍්චයෙ පරිභුඤ‍්ජථා”ති වත්‍වා දින‍්නන‍්ති. සො සචෙ “සාධු, භන‍්තෙ, චත‍්තාරො පච‍්චයෙ සඞ‍්ඝො පරිභුඤ‍්ජතූ”ති දෙති, වට‍්ටති. අථාපි “තළාකං ගණ‍්හථා”ති වත්‍වා “න වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තො “කප‍්පියකාරකො අත්‍ථී”ති පුච‍්ඡිත්‍වා “නත්‍ථී”ති වුත‍්තෙ “ඉදං අසුකො නාම විචාරෙස‍්සති, අසුකස‍්ස වා හත්‍ථෙ, මය‍්හං වා හත්‍ථෙ භවිස‍්සති, සඞ‍්ඝො කප‍්පියභණ‍්ඩං පරිභුඤ‍්ජතූ”ති වදති, වට‍්ටති. සචෙපි “න වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තො “උදකං පරිභුඤ‍්ජිස‍්සති, භණ‍්ඩකං ධොවිස‍්සති, මිගපක‍්ඛිනො පිවිස‍්සන‍්තී”ති වදති, එවම‍්පි වට‍්ටති. අථාපි “න වට‍්ටතී”ති පටික‍්ඛිත‍්තො වදති “කප‍්පියසීසෙන ගණ‍්හථා”ති. “සාධු, උපාසක, සඞ‍්ඝො පානීයං පිවිස‍්සති, භණ‍්ඩකං ධොවිස‍්සති, මිගපක‍්ඛිනො පිවිස‍්සන‍්තී”ති වත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති.

යමෙක් වනාහි එබඳුවූම තටාගයක් දෙමි’යි කියා මහණුන් විසින් නොවටීයයි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ ‘සඞ්ඝයාගේ අසුවල් අසුවල් තටාකයෙක් ඇත්තේය. ඒ කෙසේ වටීදැයි කියාද, එකල්හි කැප කොට දෙන ලද්දේයයි හෙතෙමේ කියයුතු වන්නේය. කෙසේ දෙනලද්ද කැප වේදැ. යත්:- සිවුපසය පරිභොග කළ මැනැවැයි කියා දෙන ලද්දය. හෙතෙමේ ‘මැනැවැ ස්වාමීනි’ සිවුපසය පරිභොග කළ මැනැව’යි දේද, ඒ වටියි. නැවැතද තටාගය ගණුව’යි කියා නොවටීයයි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ කැපකරුවෙක් ඇත්තේදැයි විචාරා නැතැයි කීකල්හි ‘අසුවලා මේ තටාකය විචාරන්නේය. අසුවලාගේ හෝ අතෙහි මාගේ හෝ අතෙහි වන්නේය. සඞ්ඝ තෙමේ කැප භාණ්ඩයක් පරිභොග කෙරේවා’යි කියා නම් වටියි. ඉදිනුදු නොවටීයයි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ ජලය පරිභොග කරන්නේය. භාණ්ඩය ධොවනය කරන්නේය. මෘග පක්‍ෂීහුද බොන්නාහයි කියාද මෙසේද වටියි. නැවැතද නොවටීය’යි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේ ‘කැපහිසින් ගනු මැනැවැ’යි කියාද ‘මැනැව, උපාසක සඞ්ඝතෙමේ පැන් වළඳන්නේය. භාණ්ඩ ධොවනය කරන්නේය, මෘගපක්‍ෂීහුද බොන්නාහයි කියා පරිභොග කරන්නට වටියි.

අථාපි “මම තළාකං වා පොක‍්ඛරණිං වා සඞ‍්ඝස‍්ස දම‍්මී”ති “වුත‍්තෙ, සාධු, උපාසක, සඞ‍්ඝො පානීයං පිවිස‍්සතී”තිආදීනි වත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටතියෙව. යදි පන භික‍්ඛූහි හත්‍ථකම‍්මං යාචිත්‍වා සහත්‍ථෙන ච කප‍්පියපථවිං ඛනිත්‍වා උදකපරිභොගත්‍ථාය තළාකං කාරිතං හොති, තං චෙ නිස‍්සාය සස‍්සං නිප‍්ඵාදෙත්‍වා මනුස‍්සා විහාරෙ කප‍්පියභණ‍්ඩං දෙන‍්ති, වට‍්ටති. අථ මනුස‍්සා එව සඞ‍්ඝස‍්ස උපකාරත්‍ථාය සඞ‍්ඝිකභූමිං ඛනිත්‍වා තං නිස‍්සාය නිප‍්ඵන‍්නසස‍්සතො කප‍්පියභණ‍්ඩං දෙන‍්ති, එවම‍්පි වට‍්ටති. “අම‍්හාකං එකං කප‍්පියකාරකං ඨපෙථා”ති වුත‍්තෙ ච ඨපෙතුම‍්පි ලබ‍්භති. අථ පන තෙ මනුස‍්සා රාජබලිනා උපද‍්දුතා පක‍්කමන‍්ති, අඤ‍්ඤෙ පටිපජ‍්ජන‍්ති, න ච භික‍්ඛූනං කිඤ‍්චි දෙන‍්ති, උදකං වාරෙතුං ලබ‍්භති. තඤ‍්ච ඛො කසිකම‍්මකාලෙයෙව, න සස‍්සකාලෙ. සචෙ තෙ වදන‍්ති “නනු, භන‍්තෙ, පුබ‍්බෙපි මනුස‍්සා ඉමං නිස‍්සාය සස‍්සං අකංසූ”ති . තතො වත‍්තබ‍්බා – “තෙ සඞ‍්ඝස‍්ස ඉමඤ‍්ච ඉමඤ‍්ච උපකාරං අකංසු, ඉදඤ‍්චිදඤ‍්ච කප‍්පියභණ‍්ඩං අදංසූ”ති. සචෙ වදන‍්ති – “මයම‍්පි දස‍්සාමා”ති, එවම‍්පි වට‍්ටති.

නැවැතද ‘මාගේ තටාගය හෝ පොකුණ හෝ සඞ්ඝයාට දෙමි’යි කියූ කල්හි ‘මැනැවැ’ උපාසක, ‘සඞ්ඝ තෙමේ පැන් පානය කරන්නේය. යනාදිය කියා පරිභොග කරන්නට වටීමය. ඉදින් වනාහි මහණුන් විසින් අත්කම් ඉල්ලා සියතින්ද කැප පොළොව කැණ ජල පරිභොගය පිණිස තටාගයක් කරවන ලද්දේවේද, ඒ තටාගය නිසා මනුෂ්‍යයෝ සස්‍ය නිපදවා විහාරයට කැප භාණ්ඩයක් දෙත්නම් වටියි. යලි මනුෂ්‍යයෝ මෙසේ සඞ්ඝයාහට උපකාර පිණිස සඟසතු බිමක් කැණ ඒ නිසා උපන් සස්‍යයෙන් කැප භාණ්ඩයක් දෙත්ද, මෙසේද වටියි. ‘අපට එක් කැපකරුවකු තබවු’යි කියූ කල්හිද තබන්නටද ලැබේ. නැවැත ඒ මනුෂ්‍යයෝ රජබලිය කරණකොට පෙළුනාහු බැහැරයෙත් අන්‍යයෝ එයට පිළිපදිත්. මහණුන්ට කිසිවක් නොදෙත්. ජලය වළකාලන්නට ලබයි. එද සීසාන කාලයෙහිමය. සස්‍ය කාලයෙහි නොවේ. ඉදින් ඔවුහු ‘ස්වාමීනි’ පෙරද මිනිස්සු මේ ජලය නිසා සස්‍ය කළාහු නොවෙත්ද’යි කියත්ද, ඉන්පසු ඒ මිනිස්සු සඞ්ඝයාහට මේ මේ උපකාර කළහ. මේ මේ කප්පියභාණ්ඩ දුන්හයි කිය යුත්තාහ. ඉදින් ‘අපිත් දෙන්නෙමු’යි මෙසේ කියත්ද වටියි.

සචෙ පන කොචි අබ්‍යත‍්තො අකප‍්පියවොහාරෙන තළාකං පටිග‍්ගණ‍්හාති වා කාරෙති වා, තං භික‍්ඛූහි න පරිභුඤ‍්ජිතබ‍්බං, තං නිස‍්සාය ලද‍්ධං කප‍්පියභණ‍්ඩම‍්පි අකප‍්පියමෙව. සචෙ භික‍්ඛූහි පරිච‍්චත‍්තභාවං ඤත්‍වා සාමිකො වා තස‍්ස පුත‍්තධීතරො වා අඤ‍්ඤො වා කොචි වංසෙ උප‍්පන‍්නො පුන කප‍්පියවොහාරෙන දෙති, වට‍්ටති. පච‍්ඡින‍්නෙ කුලවංසෙ යො තස‍්ස ජනපදස‍්ස සාමිකො, සො අච‍්ඡින්‍දිත්‍වා පුන දෙති, චිත‍්තලපබ‍්බතෙ භික‍්ඛුනා නීහටඋදකවාහකං අළනාගරාජමහෙසී විය, එවම‍්පි වට‍්ටති.

කිසි අව්‍යාක්තයෙක් අකැපවහරින් තටාගය පිළිගනියි හෝ කරවාලයි හෝ එම තටාකය මහණුන් විසින් පරිභොග නොකටයුතුය. ඒ තටාකය නිසා ලද කප්පියභාණ්ඩය අකැපම වේ. මහණුන් විසින් අත්හළ බව දැන හිමියා හෝ ඔහුගේ දූපුත්හු හෝ වංශයෙහි උපන් අන් කිසිවෙක් හෝ නැවැත කැපවහරින් දේනම් වටියි. කුලවංශය සිඳීගිය කල්හි ඒ ජනපදයට යමෙක් හිමියාවේද හෙතෙමේ අසිඳගෙණ නැවැත දේද සිතුල්පව්වෙහි මහණහු විසින් බැහැර කරනලද කුඩාදිය ඇල අළනාගරද මෙහෙසිය මෙනි. මෙසේද වටියි.

කප‍්පියවොහාරෙපි උදකවසෙන පටිග‍්ගහිතතළාකෙ සුද‍්ධචිත‍්තානං මත‍්තිකුද‍්ධරණපාළිබන්‍ධනාදීනි ච කාතුං වට‍්ටති. තං නිස‍්සාය පන සස‍්සං කරොන‍්තෙ දිස‍්වා කප‍්පියකාරකං ඨපෙතුං න වට‍්ටති. යදි තෙ සයමෙව කප‍්පියභණ‍්ඩං දෙන‍්ති, ගහෙතබ‍්බං. නො චෙ දෙන‍්ති, න චොදෙතබ‍්බං, න සාරෙතබ‍්බං. පච‍්චයවසෙන පටිග‍්ගහිතතළාකෙ කප‍්පියකාරකං ඨපෙතුං වට‍්ටති. මත‍්තිකුද‍්ධරණපාළිබන්‍ධනාදීනි පන කාතුං න වට‍්ටති. සචෙ කප‍්පියකාරකා සයමෙව කරොන‍්ති, වට‍්ටති. අබ්‍යත‍්තෙන පන ලජ‍්ජිභික‍්ඛුනා කාරාපිතෙසු කිඤ‍්චාපි පටිග‍්ගහණෙ කප‍්පියං, භික‍්ඛුස‍්ස පයොගපච‍්චයා උප‍්පන‍්නෙන මිස‍්සකත‍්තා විසගතපිණ‍්ඩපාතො විය අකප‍්පියමංසරසමිස‍්සකභොජනං විය ච දුබ‍්බිනිබ‍්භොගං හොති, සබ‍්බෙසං අකප‍්පියමෙව.

කැපවහරෙහිද ජලය වසයෙන් පිළිගත් තටාකයෙහි සියලු අයුරින් ජලපරිභොගය පිණිසය යන පිරිසිදු සිත් ඇතියවුන් විසින් මැටි ඉදිරීම් නියර බැදීම ආදියද කරන්නට වටියි. ඒ තටාකය නිසා සස්‍ය කරන්නවුන් දැක කැපකරුවකු තබන්නට නොවටියි. ඔවුහු තුමූම කැප භාණ්ඩයක් දෙත්නම් ගතයුතුය. නොදෙත්නම් චොදනා නොකටයුතුය. සිහි නොකරවිය යුතුය. ප්‍රත්‍යය වශයෙන් පිළිගත් තටාකයෙහි කැපකරුවකු තැබීම වටියි. මැටිඉදිරීම් නියර බැදීම් ආදිය කිරීම නොවටියි. කැපකරුවෝ තුමුම කරත් නම් වටියි. අව්‍යක්ත ලජ්ජී භික්‍ෂූහු විසින් කරවනලද තටාකයන්හි පිළිගැණීම කැපවේ. මහණහුගේ ප්‍රයොග හෙතුවෙන් උපන් ද්‍රව්‍යයන් හා මිශ්‍රබැවින් විෂමිශ්‍ර පිණ්ඩපාතය මෙන්ද, අකැප මස් රස මුසු බොජුන් මෙන්ද නින්‍දිත වූ හැරදැමිය යුතු පරිභොගය ඇත්තේ සියල්ලන්ට අකැප වේ.

සචෙ පන “උදකස‍්ස ඔකාසො අත්‍ථි, තළාකස‍්ස පාළි ථිරා, යථා බහුං උදකං ගණ‍්හාති, එවං කරොහි, තීරසමීපෙ උදකං කරොහී”ති එවං උදකමෙව විචාරෙති, වට‍්ටති. උද‍්ධනෙ අග‍්ගිං න පාතෙන‍්ති, “උදකකම‍්මං ලබ‍්භතු උපාසකා”ති වත‍්තුං වට‍්ටති. “සස‍්සං කත්‍වා ආහරථා”ති වත‍්තුං පන න වට‍්ටති. සචෙ පන තළාකෙ අතිබහුං උදකං දිස‍්වා පස‍්සතො වා පිට‍්ඨිතො වා මාතිකං නීහරාපෙති, වනං ඡින්‍දාපෙත්‍වා කෙදාරෙ කාරාපෙති, පොරාණකෙදාරෙසු වා පකතිභාගං අග‍්ගහෙත්‍වා අතිරෙකං ගණ‍්හාති, නවසස‍්සෙ වා අකාලසස‍්සෙ වා අපරිච‍්ඡින‍්නභාගෙ “එත‍්තකෙ කහාපණෙ දෙථා”ති කහාපණෙ උට‍්ඨාපෙති, සබ‍්බෙසං අකප‍්පියං.

ඉදින් ජලයට ඉඩකඩ ඇත්තේද, තටාකයෙහි ඉවුර ස්ථිරවේද, බොහෝ ජලය ගණීද, ‘මෙසේ කරව, ඉවුර සමීපයෙහි ජලය කරව’යි මෙසේ ජලයම විචාරාද වටියි. ‘උපාසකයෙනි’ උදුනෙහි ගිනි නොහෙලත්, ජලය මාගෙන් ලබාවා’යි කීම වටියි. ‘සස්‍යකොට ගෙණ එවු’යි කීම සුදුසු නොවේ. ඉදින් තටාකයෙහි ඉතා බොහෝ ජලය දැක පසකින් හෝ පිටින් හෝ දියඇල හරවාද, වනය සඳහා කුඹුරු කරවාද, පැරණි කුඹුරුවල හෝ සිවු අමුණක් පමණ වූ පියවි කොටස නොගෙණ වැඩියක් ගනීද, පෙර නොකළ කෙතෙහි අලුත් සස්‍යයෙහිද අකාලසස්‍යයෙහිද මෙපමණ බිම් කොටසෙක්හි මෙපමණ කොටසක් දියයුතුයයි මෙසේ නොපිරිසිඳ කොටසෙහි මෙපමණ කහවණු දෙවුයි කහවණු නගාද, සියල්ලන්ට අකැප වේ.

යො පන “කස‍්සථ වපථා”ති අවත්‍වා “එත‍්තකාය භූමියා, එත‍්තකො නාම භාගො”ති එවං භූමිං වා පතිට‍්ඨපෙති, “එත‍්තකෙ භූමිභාගෙ අම‍්හෙහි සස‍්සං කතං, එත‍්තකං නාම භාගං ගණ‍්හථා”ති වදන‍්තෙසු කස‍්සකෙසු භූමිප‍්පමාණග‍්ගහණත්‍ථං රජ‍්ජුයා වා දණ‍්ඩෙන වා මිනාති, ඛලෙ වා ඨත්‍වා රක‍්ඛති, ඛලතො වා නීහරාපෙති, කොට‍්ඨාගාරෙ වා පටිසාමෙති, තස‍්සෙව තං අකප‍්පියං.

යමෙක් කසිවු, වපුරවු’යි නොකියා මෙපමණ බිමින් මෙපමණ කොටසෙක්යයි මෙසේ බිම හෝ පිහිටුවාද, මෙපමණ බිම් කොටසෙක්හි අප විසින් සස්‍ය කරන ලද්දේය. මෙපමණ කොටසක් ගණිවු’යි සීසාන්නන් කියන කල්හි බිම් පමණ ගැණීම පිණිස රැහණින් හෝ දඬුවෙන් හෝ මනීද සොරකම් කරන්නවුන් දැක නොගණිවු’යි කියමින් කලවිට හෝ සිට රකීද, කලවිටින් පිටතට ගන්වාද කොටුගුල්හි හෝ තැන්පත් කෙරේද ඔහුටම එය අකැප වේ.

සචෙ කස‍්සකා කහාපණෙ ආහරිත්‍වා “ඉමෙ සඞ‍්ඝස‍්ස ආහටා”ති වදන‍්ති, අඤ‍්ඤතරො ච භික‍්ඛු “න සඞ‍්ඝො කහාපණෙ ඛාදතී”ති සඤ‍්ඤාය “එත‍්තකෙහි කහාපණෙහි සාටකෙ ආහර, එත‍්තකෙහි යාගුආදීනි සම‍්පාදෙහී”ති වදති. යං තෙ ආහරන‍්ති, සබ‍්බෙසං අකප‍්පියං. කස‍්මා? කහාපණානං විචාරිතත‍්තා.

ඉදින් ගොවියෝ කහවණු ගෙණ අවුත් ‘මේ කහවණු සඞ්ඝයාහට ගෙන එන ලදහයි කියත්ද එක්තරා මහණෙක් තෙමේද ‘සඞ්ඝතෙමේ කහවණු නොකාය’ යන හැඟීමෙන් ‘මෙපමණ කහවණුයෙන් සළු ගෙණ එව, මෙපමණකින් කැඳ ආදිය සම්පාදනය කරවු’යි කියාද, ඒ ගොවියෝ යමක් ගෙණ එත්ද සියල්ලන්ට අකැප වේ. කුමක්හෙයින්ද, යත්:- කහවණු විචාරය කළ බැවිනි.

සචෙ ධඤ‍්ඤං ආහරිත්‍වා ඉදං සඞ‍්ඝස‍්ස ආහටන‍්ති වදන‍්ති, අඤ‍්ඤතරො ච භික‍්ඛු පුරිමනයෙනෙව “එත‍්තකෙහි වීහීහි ඉදඤ‍්චිදඤ‍්ච ආහරථා”ති වදති. යං තෙ ආහරන‍්ති, තස‍්සෙව අකප‍්පියං. කස‍්මා? ධඤ‍්ඤස‍්ස විචාරිතත‍්තා.

ධාන්‍යය ගෙණවුත් ‘මේ ධාන්‍යය සඞ්ඝයාහට ගෙණෙන ලදැයි කියත්ද, එක්තරා මහණෙක් තෙමේද, පෙර කියූ නයින්ම මෙපමණ වීයෙන් මේ මෙය ගෙණ එවු’යි කියාද, ඔවුහු යමක් ගෙණ එත්ද, ඔහුටම අකැප වේ. කුමක් හෙයින, යත්:- ධාන්‍යය තමා විචාරය කළ බැවිනි.

සචෙ තණ‍්ඩුලං වා අපරණ‍්ණං වා ආහරිත්‍වා “ඉදං සඞ‍්ඝස‍්ස ආහට”න‍්ති වදන‍්ති, අඤ‍්ඤතරො ච භික‍්ඛු පුරිමනයෙනෙව “එත‍්තකෙහි තණ‍්ඩුලෙහි ඉදඤ‍්චිදඤ‍්ච ආහරථා”ති වදති. යං තෙ ආහරන‍්ති, සබ‍්බෙසං කප‍්පියං. කස‍්මා? කප‍්පියානං තණ‍්ඩුලාදීනං විචාරිතත‍්තා. කයවික‍්කයෙපි අනාපත‍්ති, කප‍්පියකාරකස‍්ස ආචික‍්ඛිතත‍්තා.

ඉදින් සහල් හෝ මුද්ගාදි අපරාන්නය හෝ ගෙණ අවුත් ‘මේ දෙය සඞ්ඝයාහට ගෙණ එන ලදැයි කියත්ද, එහි එක්තරා මහණෙක් තෙමේ පෙර කියූ නයින්ම මෙපමණ සහලින් මේ මේ දෙය ගෙණ එවු’යි කියාද, ඔවුහු යමක් ගෙන එත්ද, සියල්ලන්ට ඒ ගෙණ ආ දෙය කැප වේ. කුමක් හෙයින, යත්: කැපසහල් ආදිය විචාරය කළ බැවිනි. කැපකරුහට කියූ බැවින් ගණුදෙනු කිරීමෙහිද ඇවැත් නොවේ.

පුබ‍්බෙ පන චිත‍්තලපබ‍්බතෙ එකො භික‍්ඛු චතුසාලද‍්වාරෙ “අහො වත ස‍්වෙ සඞ‍්ඝස‍්ස එත‍්තකප‍්පමාණෙ පූවෙ පචෙය්‍යු”න‍්ති ආරාමිකානං සඤ‍්ඤාජනනත්‍ථං භූමියං මණ‍්ඩලං අකාසි, තං දිස‍්වා ඡෙකො ආරාමිකො තථෙව කත්‍වා දුතියදිවසෙ භෙරියා ආකොටිතාය සන‍්නිපතිතෙ සඞ‍්ඝෙ පූවං ගහෙත්‍වා සඞ‍්ඝත්‍ථෙරං ආහ – “භන‍්තෙ, අම‍්හෙහි ඉතො පුබ‍්බෙ නෙව පිතූනං න පිතාමහානං එවරූපං සුතපුබ‍්බං, එකෙන අය්‍යෙන චතුස‍්සාලද‍්වාරෙ පූවත්‍ථාය සඤ‍්ඤා කතා, ඉතො දානි පභුති අය්‍යා අත‍්තනො අත‍්තනො චිත‍්තානුරූපං වදන‍්තු, අම‍්හාකම‍්පි ඵාසුවිහාරො භවිස‍්සතී”ති. මහාථෙරො තතොව නිවත‍්ති, එකභික‍්ඛුනාපි පූවො න ගහිතො. එවං පුබ‍්බෙ තත්‍රුප‍්පාදම‍්පි න පරිභුඤ‍්ජිංසු. තස‍්මා –

පෙර සිතුල්පව්වෙහි එක් මහණෙක් තෙමේ බොජුන්හල්දොර ‘එකාන්තයෙන් හෙට සඞ්ඝයාහට මෙපමණ කැවුම් පිසන්නාහු නම් මැනැවැ’යි ආරාමිකයන්ට හැඟීම උපදවනු පිණිස බිම මඩුල්ලක් කෙළේය. එදැක දක්‍ෂ කැපකරුවෙක් එසේම කොට දෙවන දිනයෙහි බෙරය ගැසූ කල්හි සඞ්ඝයා රැස්වූ කල්හි කැවුම් ගෙන සඞ්ඝස්ථවිරයන්හට ‘ස්වාමීනි’ අප විසින් මෙයින් පෙර මවුපියන් අතින් මෙබන්දක් නොඅසන ලද්දේය. මුත්තනි මුත්තනුවන් අතින් මෙබන්දක් නොඅසන ලද්දේය, එක් ආර්‍ය්‍යයකු විසින් බොජුන්හල්දොර කැවුම් පිණිස හැඟීමක් කරන ලද්දේය. දැන් මෙතැන් පටන් ආර්‍ය්‍යයෝ තමතමන්ගේ සිතට අනුරූපවූවක් කියත්වා. අපටද එය සැපවිහරණය වන්නේයයි කීයේය. මහාස්ථවිර තෙමේ එයින්ම නැවතුනේය. එක් මහණකු විසිනුදු කැවුම් නොගන්නා ලද්දේය. මෙසේ පෙර එයින් උපන් දෙය නොවැළදූහ. එහෙයින්

සල‍්ලෙඛං අච‍්චජන‍්තෙන, අප‍්පමත‍්තෙන භික‍්ඛුනා; කප‍්පියෙපි න කාතබ‍්බා, ආමිසත්‍ථාය ලොලතාති.

‘සැහැල්ලුබව නොහරින්නාවූ අප්‍රමත්ත මහණහු විසින් කැපයෙහිද ආමිෂය පිණිස ලොල්බව නොකටයුතුය.

යො චායං තළාකෙ වුත‍්තො, පොක‍්ඛරණී-උදකවාහකමාතිකාදීසුපි එසෙව නයො.

තටාකයෙහි යම් මේ ක්‍රමයක් කියන ලද්දේ ද, පොකුණුදිය උසුලා සිටින ඇල් ආදියෙහිද මෙම නය වේ.

පුබ‍්බණ‍්ණාපරණ‍්ණඋච‍්ඡුඵලාඵලාදීනං විරුහනට‍්ඨානං යං කිඤ‍්චි ඛෙත‍්තං වා වත්‍ථුං වා දම‍්මීති වුත‍්තෙපි “න වට‍්ටතී”ති පටික‍්ඛිපිත්‍වා තළාකෙ වුත‍්තනයෙනෙව යදා කප‍්පියවොහාරෙන “චතුපච‍්චයපරිභොගත්‍ථාය දම‍්මී”ති වදති, තදා සම‍්පටිච‍්ඡිතබ‍්බං, “වනං දම‍්මි, අරඤ‍්ඤං දම‍්මී”ති වුත‍්තෙ පන වට‍්ටති. සචෙ මනුස‍්සා භික‍්ඛූහි අනාණත‍්තායෙව තත්‍ථ රුක‍්ඛෙ ඡින්‍දිත්‍වා අපරණ‍්ණාදීනි සම‍්පාදෙත්‍වා භික‍්ඛූනං භාගං දෙන‍්ති, වට‍්ටති; අදෙන‍්තා න චොදෙතබ‍්බා. සචෙ කෙනචිදෙව අන‍්තරායෙන තෙසු පක‍්කන‍්තෙසු අඤ‍්ඤෙ කරොන‍්ති, න ච භික‍්ඛූනං කිඤ‍්චි දෙන‍්ති, තෙ වාරෙතබ‍්බා. සචෙ වදන‍්ති – “නනු, භන‍්තෙ, පුබ‍්බෙපි මනුස‍්සා ඉධ සස‍්සානි අකංසූ”ති, තතො තෙ වත‍්තබ‍්බා – “තෙ සඞ‍්ඝස‍්ස ඉදඤ‍්චිදඤ‍්ච කප‍්පියභණ‍්ඩං අදංසූ”ති. සචෙ වදන‍්ති – “මයම‍්පි දස‍්සාමා”ති එවං වට‍්ටති.

හැලි ආදිය හා මුං ආදියද උක් ඵලාඵලාදියෙහි හටගැනීමට ස්ථානවූ යම්කිසි කෙතක් හෝ වත්තක් හෝ දෙමියි කියූ කල්හිද නොවටීයයි ප්‍රතික්‍ෂෙපකොට තටාකයෙහි කියනලද නයින්ම යම්කලෙක්හි කැපවහරින් සිවුපස පරිභොගය පිණිස දෙමියි කියාද එකල්හි පිළිගත යුතුය. ‘වනය දෙමි, අරණ්‍යය දෙමි’යි කියූ කල්හි වටියි. ඉදින් මිනිස්සු මහණුන් විසින් නොඅණවන ලද්දාහුම එහි රුක් සිඳ මුං ආදිය සපයා මහණුන්ගේ කොටස දෙත්නම් වටියි. නොදෙන්නාහු චොදනා නොකොට යුත්තාහ. කිසි අනතුරකින් ඔවුන් ගිය කල්හි අන්‍යයෝ කෙරෙත්ද, මහණුන්ට කිසිවක් නොදෙත්ද, ඔවුහු වැළකිය යුත්තාහ. ‘ස්වාමීනි’ පෙරද මිනිස්සු මෙහි සස්‍යයන් කළාහු නොවෙත්දැ’යි කියත්ද, අනතුරුව ඒ මිනිස්සු සඞ්ඝයාහට මේ මේ කැප භාණ්ඩය දුන්හ’යි කියයුත්තාහ. අපිදු දෙන්නෙමුයි කියත්ද, මෙසේ ඇති කල්හි වටියි.

කඤ‍්චි සස‍්සුට‍්ඨානකං භූමිප‍්පදෙසං සන්‍ධාය “සීමං දෙමා”ති වදන‍්ති, වට‍්ටති. සීමා පරිච‍්ඡෙදනත්‍ථං පන ථම‍්භා වා පාසාණා වා සයං න ඨපෙතබ‍්බා. කස‍්මා? භූමි නාම අනග‍්ඝා අප‍්පකෙනාපි පාරාජිකො භවෙය්‍ය, ආරාමිකානං පන වත‍්තබ‍්බං – “ඉමිනා ඨානෙන අම‍්හාකං සීමා ගතා”ති. සචෙපි හි තෙ අධිකං ගණ‍්හන‍්ති, පරියායෙන කථිතත‍්තා අනාපත‍්ති. යදි පන රාජරාජමහාමත‍්තාදයො සයමෙව ථම‍්භෙ ඨපාපෙත්‍වා “චත‍්තාරො පච‍්චයෙ පරිභුඤ‍්ජථා”ති දෙන‍්ති, වට‍්ටතියෙව.

සස්‍ය උපදින කිසි බිම් පෙදෙසක් සඳහා සීමාවක් දෙමුයි කියත්ද වටියි. සීමාව පිරිසිඳීම පිණිස ටැම් හෝ පහන් හෝ තමන් විසින් නොතැබිය යුත්තාහ. කුමක් හෙයින, යත්:- භූමිය අනර්‍ත්‍ථ වන්නීය. ස්වල්පයකිනුදු පාරාජික වන්නේය. ‘අපගේ සීමාතොමෝ මෙතැනින් ගියා’යි ආරාමිකයන්ට කියයුතුය. ඒ ආරාමිකයෝ වැඩියක් ගණිත්නම්, ගණිවු නොකියා සීමාව ගියා’යි පර්‍ය්‍යායයෙන් කියූ බැවින් ඇවැත් නොවේ. රාජරාජ මහාමාත්‍යාදීහු තුමූම ටැම් තබ්බවා සිවුපසය පරිභොග කළ මැනවයි කියා දෙත්නම් පිළිගැණීම සුදුසුය.

සචෙ කොචි අන‍්තොසීමාය තළාකං ඛනති, විහාරමජ‍්ඣෙන වා මාතිකං නෙති, චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණාදීනි දුස‍්සන‍්ති, වාරෙතබ‍්බො. සචෙ සඞ‍්ඝො කිඤ‍්චි ලභිත්‍වා ආමිසගරුකතාය න වාරෙති, එකො භික‍්ඛු වාරෙති, සොව භික‍්ඛු ඉස‍්සරො. සචෙ එකො භික‍්ඛු න වාරෙති, “නෙථ තුම‍්හෙ”ති තෙසංයෙව පක‍්ඛො හොති, සඞ‍්ඝො වාරෙති, සඞ‍්ඝොව ඉස‍්සරො. සඞ‍්ඝිකෙසු හි කම‍්මෙසු යො ධම‍්මකම‍්මං කරොති, සොව ඉස‍්සරො. සචෙ වාරියමානොපි කරොති, හෙට‍්ඨා ගහිතං පංසුං හෙට‍්ඨා පක‍්ඛිපිත්‍වා, උපරි ගහිතං පංසුං උපරි පක‍්ඛිපිත්‍වා පූරෙතබ‍්බා.

කිසිවෙක් සීමාව තුළ තටාකයක් හෝ කණීද, වෙහෙරෙ මැදින් ඇලක් ගෙණයේද, චෛත්‍යාඞ්ගන බොධ්‍යඞ්ගනාදිය දූෂිත කෙරේද, වැළකිය යුතුය. සඞ්ඝතෙමේ කිසිවක් ලැබ ආමිසගරුක බැවින් නොවළකාද එක් මහණෙක් වළකාද, ඒ මහණතෙමේ එහි ඊශ්වර වේ. එක් මහණෙක් ‘තෙපි නොම කරවු’යි නොවළකාද තෙපි ගෙණයවු’යි ඔවුන්ටම පක්‍ෂවේද, සඞ්ඝතෙමේ වළකාද එකල්හි සඞ්ඝ තෙමේම ඊශ්වර වේ. සඞ්ඝික කර්‍මාන්තයන්හි යමෙක් ධාර්මික කර්‍මාන්ත කෙරේද හෙතෙමේ ඊශ්චර වේ. වළකාලනු ලබන්නේත් කෙරේද, යටින් ගත් පස් යට බහා උඩින් ගත් පස් උඩ බහා පිරවිය යුතුය.

සචෙ කොචි යථාජාතමෙව උච‍්ඡුං වා අපරණ‍්ණං වා අලාබුකුම‍්භණ‍්ඩාදිකං වා වල‍්ලිඵලං දාතුකාමො “එතං සබ‍්බං උච‍්ඡුඛෙත‍්තං අපරණ‍්ණවත්‍ථුං වල‍්ලිඵලාවාටං දම‍්මී”ති වදති, සහ වත්‍ථුනා පරාමට‍්ඨත‍්තා “න වට‍්ටතී”ති මහාසුමත්‍ථෙරො ආහ. මහාපදුමත්‍ථෙරො පන “අභිලාපමත‍්තමෙතං සාමිකානංයෙව හි සො භූමිභාගො තස‍්මා වට‍්ටතී”ති ආහ.

කිසිවෙක් හටගත් පරිදිම වූ උක් හෝ උඳු මුං ආදියක් හෝ ලබා කොමඩු ආදීවූ වැල් ඵලයක් හෝ දෙනු කැමැතිව මේ සියලු උක්කෙත හෝ උඳුමුං ආදි වත්තක් හෝ වැල්ඵලා වත්තක් හෝ දෙමියි කියාද, වස්තුව සමග පරාමර්‍ෂණය කළ බැවින් නොවටීයයි මහා සුම්මස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ ‘මේ වචනමාත්‍රයෙක්මය. ඒ භූමිභාගය හිමියන්ගේම වේද, එහෙයින් වරද නැතැ’යි කීහ.

“දාසං දම‍්මී”ති වදති, න වට‍්ටති. “ආරාමිකං දම‍්මි, වෙය්‍යාවච‍්චකරං දම‍්මි, කප‍්පියකාරකං දම‍්මී”ති වුත‍්තෙ වට‍්ටති. සචෙ සො ආරාමිකො පුරෙභත‍්තම‍්පි පච‍්ඡාභත‍්තම‍්පි සඞ‍්ඝස‍්සෙව කම‍්මං කරොති, සාමණෙරස‍්ස විය සබ‍්බං භෙසජ‍්ජපටිජග‍්ගනම‍්පි තස‍්ස කාතබ‍්බං. සචෙ පුරෙභත‍්තමෙව සඞ‍්ඝස‍්ස කම‍්මං කරොති, පච‍්ඡාභත‍්තං අත‍්තනො කම‍්මං කරොති, සායං නිවාපො න දාතබ‍්බො. යෙපි පඤ‍්චදිවසවාරෙන වා පක‍්ඛවාරෙන වා සඞ‍්ඝස‍්ස කම‍්මං කත්‍වා සෙසකාලෙ අත‍්තනො කම‍්මං කරොන‍්ති, තෙසම‍්පි කරණකාලෙයෙව භත‍්තඤ‍්ච නිවාපො ච දාතබ‍්බො. සචෙ සඞ‍්ඝස‍්ස කම‍්මං නත්‍ථි, අත‍්තනොයෙව කම‍්මං කත්‍වා ජීවන‍්ති, තෙ චෙ හත්‍ථකම‍්මමූලං ආනෙත්‍වා දෙන‍්ති, ගහෙතබ‍්බං. නො චෙ දෙන‍්ති, න කිඤ‍්චි වත‍්තබ‍්බා. යං කිඤ‍්චි රජකදාසම‍්පි පෙසකාරදාසම‍්පි ආරාමිකනාමෙන සම‍්පටිච‍්ඡිතුං වට‍්ටති.

‘දාසයකු දෙමි’යි කියාද, පිළිගැනීම සුදුසු නොවේ. ‘ආරාමිකයකු දෙමි, වතාවත් කරන්නකු දෙමි. කැපකරුවකු දෙමි’යි කියූකල්හි පිළිගැණීම කළයුතුය. ඒ ආරාමික තෙමේ පෙරබතද පසුබතද සඞ්ඝයාගේම කර්‍ම කෙරේද, හෙරණහට මෙන් ඔහුගේ සියලු බෙහෙත් පිළිදැගුම්ද කටයුතුය. පෙරබතම සඞ්ඝයාගේ කර්‍ම කෙරේද, පසුබත තමන්ගේ කර්‍ම කෙරේද, එහෙයින් සවස වැටුප නොදිය යුතුය. යම්කෙනෙක් පස් දවස් වාරයෙන් හෝ පක්‍ෂදින වාරයෙන් හෝ සඞ්ඝයාගේ කර්‍මකොට සෙසු කාලයෙහි තමන්ගේ කර්‍ම කෙරෙත්ද, ඔවුන්ටද කර්‍ම කරන කාලයෙහිම බත්ද වැටුප්ද දියයුතුය. සඞ්ඝයාගේ කර්‍මයෙක් නැත්තේ නම් තමන්ගේම කර්‍මකොට ජීවත් වෙත්ද, ඒ ආරාමිකාදීහු අත්කම් මිල ගෙණ අවුත් දෙත් නම් ගතයුතුය. නොදෙත්නම් කිසිවක් නොකිය යුතුය. යම්කිසි රදාදාසයකු නමුදු පෙසකාරදාසයකු නමුදු ආරාමික නාමයෙන් පිළිගත හැකිය.

සචෙ “ගාවො දෙමා”ති වදන‍්ති, “න වට‍්ටතී”ති පටික‍්ඛිපිතබ‍්බා. ඉමා ගාවො කුතොති පණ‍්ඩිතෙහි පඤ‍්ච ගොරසපරිභොගත්‍ථාය දින‍්නාති, “මයම‍්පි පඤ‍්චගොරසපරිභොගත්‍ථාය දෙමා”ති වුත‍්තෙ වට‍්ටති. අජිකාදීසුපි එසෙව නයො. “හත්‍ථිං දෙම, අස‍්සං මහිසං කුක‍්කුටං සූකරං දෙමා”ති වදන‍්ති, සම‍්පටිච‍්ඡිතුං න වට‍්ටති. සචෙ කෙචි මනුස‍්සා “අප‍්පොස‍්සුක‍්කා, භන‍්තෙ, තුම‍්හෙ හොථ, මයං ඉමෙ ගහෙත්‍වා තුම‍්හාකං කප‍්පියභණ‍්ඩං දස‍්සාමා”ති ගණ‍්හන‍්ති, වට‍්ටති. “කුක‍්කුටසූකරා සුඛං ජීවන‍්තූ”ති අරඤ‍්ඤෙ විස‍්සජ‍්ජෙතුං වට‍්ටති. “ඉමං තළාකං, ඉමං ඛෙත‍්තං, ඉමං වත්‍ථුං, විහාරස‍්ස දෙමා”ති වුත‍්තෙ පටික‍්ඛිපිතුං න ලබ‍්භතීති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

‘ගවයන් දෙමු’යි කියත්ද ඒ නොවටීයි වැළක්විය යුතුය. ‘මේ ගවයෝ කොයින්දැ’යි විචාළ කල්හි නුවණැතියන් විසින් පස්ගෝරස වළදනු පිණිස දෙන ලදහ. කීකල්හි අපිදු පස්ගෝරස වැළඳීම පිණිස දෙමුයි කියූකල්හි වටිත්. එළු ආදීන් කෙරෙහිද මෙම නයවේ. ඇතකු දෙමු, අසකු දෙමු, කුකුළකු දෙමු, ඌරකු දෙමු’යි කියත්ද පිළිගැනීම නොවටියි. ඇතැම් මිනිස්සු ‘ස්වාමීනි’ ඔබවහන්සේලා අල්පොත්සාහ ඇත්තාහු වවු, අපි මොවුන් ගෙණ නුඹවහන්සේලාට කැප භාණ්ඩ දෙන්නෙමු’යි ගණීත් නම් වටියි. කුකුළෝ ඌරෝ සුවසේ ජීවත් වෙත්වා’යි වනයෙහි හැරලෑම සුදුසුය. මේ පළාත මේ කෙත මේ වත්ත විහාරයට දෙමු’යි කියූ කල්හි වළකාලීමට නොලැබෙන්නේය. මෙහි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීසු ඉදම‍්පි ඡසමුට‍්ඨානං කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං , තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදයද ෂඩ්සමුත්‍ථානිකය ක්‍රියාය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

රාජසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

රාජශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

නිට‍්ඨිතො චීවරවග‍්ගො පඨමො.

ප්‍රථම චීවර වර්‍ගයද නිමියේය.