යෙදුමෙන් කියවන්න

තතියකථිනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

තතියකථිනසික‍්ඛාපදවණ‍්ණනා

තෘතීයකඨිනශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති තතියකථිනසික‍්ඛාපදං. තත්‍ථ උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජතීති “වලීසු නට‍්ඨාසු ඉදං මහන‍්තං භවිස‍්සතී”ති මඤ‍්ඤමානො උදකෙන සිඤ‍්චිත්‍වා පාදෙහි අක‍්කමිත්‍වා හත්‍ථෙහි උස‍්සාපෙත්‍වා උක‍්ඛිපිත්‍වා පිට‍්ඨියං ඝංසති, තං ආතපෙ සුක‍්ඛං පඨමප‍්පමාණමෙව හොති. සො පුනපි තථා කරොති, තෙන වුත‍්තං – “උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජතී”ති. තං එවං කිලමන‍්තං භගවා ගන්‍ධකුටියං නිසින‍්නොව දිස‍්වා නික‍්ඛමිත්‍වා සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො විය තත්‍ථ අගමාසි. තෙන වුත‍්තං – “අද‍්දස ඛො භගවා”තිආදි.

“තෙන සමයෙන” තෘතීය කඨින ශික්‍ෂාපදයයි. එහි “උස්සාපෙත්‍වා පුනප්පුනං විමජ්ජති” යනු රැලි නැසුනු කල්හි මේ වස්ත්‍රය මහත් වන්නේය’යි සිතන්නේ දිය ඉස පයින් පාගා අතින් ඇද ඔසොවා පිටෙහි ගටාද, එය අව්වෙහි වියලුනේ පළමු පමණම වේද, හෙතෙමේ නැවතත් එසේ කෙරේද, එහෙයින් “උස්සාපෙත්‍වා පුනප්පුනං විමජ්ජති’යි වදාළසේක. මෙසේ වෙහෙසන ඔහු දැක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි හුන්සේක් නික්ම සෙනාසනචාරිකාවෙහි ඇවිදින්නකු මෙන් එහි වැඩිය සේක. ‘අද්දසා බා භගවා’ යනාදිය එහෙයින් කියන ලදී.

එකාදසමාසෙති එකං පච‍්ඡිමකත‍්තිකමාසං ඨපෙත්‍වා සෙසෙ එකාදසමාසෙ. සත‍්තමාසෙති කත‍්තිකමාසං හෙමන‍්තිකෙ ච චත‍්තාරොති පඤ‍්චමාසෙ ඨපෙත්‍වා සෙසෙ සත‍්තමාසෙ. කාලෙපි ආදිස‍්ස දින‍්නන‍්ති සඞ‍්ඝස‍්ස වා “ඉදං අකාලචීවර”න‍්ති උද‍්දිසිත්‍වා දින‍්නං, එකපුග‍්ගලස‍්ස වා “ඉදං තුය‍්හං දම‍්මී”ති දින‍්නං.

“එකාදසමාසෙ” එක් ඉල්මස හැර සෙසු එකොළොස් මාසයෙහි “සත්තමාසෙ” ඉල්මසද හෙමන්තයෙහි සිවුමසදැයි යන පස්මස හැර සෙසු සත්මසෙහි “කාලෙපි ආදිස්ස දින්නං” සඞ්ඝයාට හෝ මේ අකාලචීවරයයි උදෙසා දෙන ලද්දකි. එක් පුද්ගලයක්හට හෝ ‘මේ තට දෙමි’යි දෙන ලද්දකි.

සඞ‍්ඝතො වාති අත‍්තනො පත‍්තභාගවසෙන සඞ‍්ඝතො වා උප‍්පජ‍්ජෙය්‍ය. ගණතො වාති ඉදං සුත‍්තන‍්තිකගණස‍්ස දෙම, ඉදං ආභිධම‍්මිකගණස‍්සාති එවං ගණස‍්ස දෙන‍්ති. තතො අත‍්තනො පත‍්තභාගවසෙන ගණතො වා උප‍්පජ‍්ජෙය්‍ය.

“සඞ්ඝතො වා” තමාට පැමිණ කොටස් වසයෙන් සඞ්ඝයා කෙරෙන් හෝ උපදින්නේය. “ගණතොවා” ‘මේ වස්ත්‍රය සූත්‍රාන්තිකගණයට දෙමු, මේ වස්ත්‍රය ආභිධර්මික ගණයටය’යි මෙසේ ගණයට දෙත්ද, තමාට පැමිණි කොටස් වසයෙන් ඒ ගණයාගෙන් හෝ උපදින්නේය.

නො චස‍්ස පාරිපූරීති නො චෙ පාරිපූරී භවෙය්‍ය, යත‍්තකෙන කයිරමානං අධිට‍්ඨානචීවරං පහොති, තඤ‍්චෙ චීවරං තත‍්තකං න භවෙය්‍ය, ඌනකං භවෙය්‍යාති අත්‍ථො.

“නො චස්ස පාරිපූරී” පරිපූර්‍ණ නොවන්නේ නම්, යම්පමණකින් කරනු ලබන්නේ අධිෂ්ඨාන චීවරයට පොහොනේද, ඒ සිවුර එපමණ නොවන්නේ නම්, අඩු වන්නේ නම් යන අර්‍ත්‍ථයි.

පච‍්චාසා හොති සඞ‍්ඝතො වාතිආදීසු අසුකදිවසං නාම සඞ‍්ඝො චීවරානි ලභිස‍්සති, ගණො ලභිස‍්සති, තතො මෙ චීවරං උප‍්පජ‍්ජිස‍්සතීති එවං සඞ‍්ඝතො වා ගණතො වා පච‍්චාසා හොති. ඤාතකෙහි මෙ චීවරත්‍ථාය පෙසිතං, මිත‍්තෙහි පෙසිතං, තෙ ආගතා චීවරෙ දස‍්සන‍්තීති එවං ඤාතිතො වා මිත‍්තතො වා පච‍්චාසා හොති. පංසුකූලං වාති එත්‍ථ පන පංසුකූලං වා ලච‍්ඡාමීති එවං පච‍්චාසා හොතීති යොජෙතබ‍්බං. අත‍්තනො වා ධනෙනාති අත‍්තනො කප‍්පාසසුත‍්තාදිනා ධනෙන, අසුකදිවසං නාම ලච‍්ඡාමීති එවං වා පච‍්චාසා හොතීති අත්‍ථො.

“පච්චාසා හොති සඞ්ඝතො වා” යනාදි තන්හි ‘අසුවල් දවසෙහි සඞ්ඝතෙමේ සිවුරු ලබන්නේය, ගණ තෙමේ සිවුරු ලබන්නේය, එයින් මට සිවුරක් ලැබෙන්නේය’යි මෙසේ සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් ප්‍රත්‍යාශාවක්වේද, ‘මට සිවුරු පිණිස නෑයන් විසින් එවන ලද්දේය, මිතුරන් විසින් එවන ලද්දේය, ඔවුහු ආවාහු සිවුරු දෙන්නාහ’යි මෙසේ නෑයන් කෙරෙන් හෝ මිතුරන් කෙරෙන් හෝ ප්‍රත්‍යාශාවක් වේ. “පංසුකුල වා” මෙහි පංසුකූලයක් හෝ ලබමි’යි මෙසේ ප්‍රත්‍යශාවක් වේ’යයි යෙදිය යුතුය. “අත්තනො වා ධනෙන” තමන්ගේ කපු නූල් ආදි ධනයෙන් අසුවල් දවසෙහි වනාහි ලබමි’යි මෙසේ හෝ ප්‍රත්‍යශාව වේය යන අර්‍ත්‍ථයි.

තතො චෙ උත‍්තරි නික‍්ඛිපෙය්‍ය සතියාපි පච‍්චාසායාති මාසපරමතො චෙ උත‍්තරි නික‍්ඛිපෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති අත්‍ථො. එවං පන අවත්‍වා යස‍්මා අන‍්තරා උප‍්පජ‍්ජමානෙ පච‍්චාසාචීවරෙ මූලචීවරස‍්ස උප‍්පන‍්නදිවසතො යාව වීසතිමො දිවසො තාව උප‍්පන‍්නං පච‍්චාසාචීවරං මූලචීවරං අත‍්තනො ගතිකං කරොති, තතො උද‍්ධං මූලචීවරං පච‍්චාසාචීවරං අත‍්තනො ගතිකං කරොති. තස‍්මා තං විසෙසං දස‍්සෙතුං “තදහුප‍්පන‍්නෙ මූලචීවරෙ”තිආදිනා නයෙන පදභාජනං වුත‍්තං, තං උත‍්තානත්‍ථමෙව.

“තතො චෙ උත්තරිං නික්‍ඛිපෙය්‍ය සතියාපි පච්චාසාය” මසකට වැඩියෙන් තබන්නේ නම් නිසගිපචිතිය යන අර්‍ත්‍ථයි. මෙසේ වනාහි ‘තතො උත්තරිං’යිද, ‘ඉමස්ස මාසපරමතො උත්තරිං’ ද පදභාජනය නොකියා යම්හෙයකින් අතර උපදින ප්‍රත්‍යාශාචීවරයෙහි මූලචීවරය උපන්දින පටන් දිනය යම්තාක්ද ඒතාක් උපන් ප්‍රත්‍යාශාචීවරය මාසපරම මූලචීවරය කොට තම ගතික කෙරේද, ඉන් මත්තෙහි මූලචීවරගතික කෙරේද, එහෙයින් ඒ විශෙෂය දක්වන්නට “තදහුප්පන්නෙ මූලචීවරෙ” යනාදි නයින් පදභාජනය වදාරන ලදී. එය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

විසභාගෙ උප‍්පන‍්නෙ මූලචීවරෙති යදි මූලචීවරං සණ‍්හං, පච‍්චාසාචීවරං ථූලං, න සක‍්කා යොජෙතුං. රත‍්තියො ච සෙසා හොන‍්ති, න තාව මාසො පූරති , න අකාමා නිග‍්ගහෙන චීවරං කාරෙතබ‍්බං. අඤ‍්ඤං පච‍්චාසාචීවරං ලභිත්‍වායෙව කාලබ‍්භන‍්තරෙ කාරෙතබ‍්බං. පච‍්චාසාචීවරම‍්පි පරික‍්ඛාරචොළං අධිට‍්ඨාතබ‍්බං. අථ මූලචීවරං ථූලං හොති, පච‍්චාසාචීවරං සණ‍්හං, මූලචීවරං පරික‍්ඛාරචොළං අධිට‍්ඨහිත්‍වා පච‍්චාසාචීවරමෙව මූලචීවරං කත්‍වා ඨපෙතබ‍්බං. තං පුන මාසපරිහාරං ලභති, එතෙනුපායෙන යාව ඉච‍්ඡති තාව අඤ‍්ඤමඤ‍්ඤං මූලචීවරං කත්‍වා ඨපෙතුං වට‍්ටතීති. සෙසං උත‍්තානමෙව.

“විසභාගෙ උප්පන්නෙ මූලචීවරෙ” ඉදින් මූලචීවරය සියුම්වේද, ප්‍රත්‍යාශාචීවරය දළවේද, එක්කොට මසන්නට නොහැකිවේද, රාත්‍රීහුද ඉතිරි වෙත්ද, ඒ තාක් මාසය නොපිරේද, නොකැමැත්තෙන් නිග්‍රහ වශයෙන් සිවුර නොකරවිය යුතුය. අන්‍යවූ ප්‍රත්‍යාශාචීවරයක් ලැබම නියම කාලය තුළම කරවිය යුතුය. දළවූ ප්‍රත්‍යාශාචීවරය පරිෂ්කාචොලය කොට ඉටිය යුතුයි. නැවත මුලචීවරය දළවේද, ප්‍රත්‍යශාචීවරය සියුම්වේද, මූලචීවරය පරිෂ්කාරචොලය කොට ඉටා ප්‍රත්‍යාශාචීවරයම මූලචීවරය කොට තැබිය යුතුය. ප්‍රත්‍යාශාචීවරය නැවැත මසක් පරිහාරය ලබයි. මේ උපායයෙන් යම්තාක් කල් කැමැත්තේද, ඒතාක් කල් ඔවුනොවුන් මූලචීවරය කොට තබන්නට සුදුසුය. සෙස්ස ප්‍රකටමය.

සමුට‍්ඨානාදීනි පඨමකථිනසදිසානෙවාති.

සමුත්‍ථානාදීහු ප්‍රථම කඨින ශික්‍ෂාපදය සමානම වෙත්.

තතියකථිනසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

තෘතීය කඨින ශික්‍ෂාපදවර්‍ණනාව නිමි.

පුරාණචීවරසික‍්ඛාපදවණ‍්ණනා

පුරාණචීවරශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති පුරාණචීවරසික‍්ඛාපදං. තත්‍ථ යාව සත‍්තමා පිතාමහයුගාති පිතුපිතා පිතාමහො, පිතාමහස‍්ස යුගං පිතාමහයුගං. යුගන‍්ති ආයුප‍්පමාණං වුච‍්චති. අභිලාප මත‍්තමෙව චෙතං. අත්‍ථතො පන පිතාමහොයෙව පිතාමහයුගං. තතො උද‍්ධං සබ‍්බෙපි පුබ‍්බපුරිසා පිතාමහග‍්ගහණෙනෙව ගහිතා. එවං යාව සත‍්තමො පුරිසො තාව යා අසම‍්බද‍්ධා සා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධාති වුච‍්චති. දෙසනාමුඛමෙව චෙතං. “මාතිතො වා පිතිතො වා”තිවචනතො පන පිතාමහයුගම‍්පි පිතාමහියුගම‍්පි මාතාමහයුගම‍්පි මාතාමහියුගම‍්පි තෙසං භාතුභගිනීභාගිනෙය්‍යපුත‍්තපපුත‍්තාදයොපි සබ‍්බෙ ඉධ සඞ‍්ගහිතා එවාති වෙදිතබ‍්බා.

“තෙන සමයෙන” පුරාණචීවරශික්‍ෂාපදයයි. එහි “යාව සත්තමා පිතාමභයුගා” පියහුගේ පියතෙමේ පිතාමහ නම. මුත්තනුය. මුත්තනුගේ යුගය පිතාමහයුග නම. යුග නම් ආයුපමණයි. මේ වචනමාත්‍රයෙක්මය. අර්‍ත්‍ථ වශයෙන් වනාහි මුත්තාම පිතාමහයුග නම්වේ. ඉන්මතු සියලු පූර්‍වපුරුෂයෝ මුත්තා ගැණීමෙන්ම ගන්නා ලදහ. මෙසේ යම්තාක් සත්වන පුරුෂතෙමේ වේද ඒතාක් යම් ස්ත්‍රියක් තොමෝ මවුපසින් පියපසින් සම්බන්‍ධයක් නැත්තීද, ඕ තොමෝ ‘යාව සත්තමා පිතාමහයුගා අසම්බන්‍ධා’යි කියනු ලැබේ. මෙද, දෙශනා මුඛයෙක්ම වේ. “මාතිතො වා පිතිතො වා”යි කියූ බැවින් මුත්තාගේ ආයුපමණද, පියාගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, මවුගේ පියවූ මුත්තාගේ ආයුපමණද, මවුගේ මවු වූ මුත්තනියගේ ආයුපමණද, ඔහුගේ සහොදර සහොදරී බෑනා, දූපුත්, මුණුබුරු මුනුබුරී ආදීහුද යන සියලු දෙන මෙහි සඞ්ග්‍රහ කරන ලද්දාහුමයයි දතයුතුය.

තත්‍රායං විත්‍ථාරනයො – පිතා පිතුපිතා තස‍්ස පිතා තස‍්සාපි පිතාති එවං යාව සත‍්තමා යුගා, පිතා පිතුමාතා තස‍්සා පිතා ච මාතා ච භාතා ච භගිනී ච පුත‍්තා ච ධීතරො චාති එවම‍්පි උද‍්ධඤ‍්ච අධො ච යාව සත‍්තමා යුගා, පිතා පිතුභාතා පිතුභගිනී පිතුපුත‍්තා පිතුධීතරො තෙසම‍්පි පුත‍්තධීතුපරම‍්පරාති එවම‍්පි යාව සත‍්තමා යුගා, මාතා මාතුමාතා තස‍්සා මාතා තස‍්සාපි මාතාති එවම‍්පි යාව සත‍්තමා යුගා, මාතා මාතුපිතා තස‍්ස මාතා ච පිතා ච භාතා ච භගිනී ච පුත‍්තා ච ධීතරො චාති, එවම‍්පි උද‍්ධඤ‍්ච අධො ච යාව සත‍්තමා යුගා, මාතා මාතුභාතා මාතුභගිනී මාතුපුත‍්තා මාතුධීතරො තෙසම‍්පි පුත‍්තධීතුපරම‍්පරාති එවම‍්පි යාව සත‍්තමා යුගා, නෙව මාතුසම‍්බන්‍ධෙන න පිතුසම‍්බන්‍ධෙන සම‍්බද‍්ධා, අයං අඤ‍්ඤාතිකා නාම.

එහි මේ විස්තරනයය:- පියතෙමේ, පියාගේ පියතෙමේ, ඔහුගේ පියතෙමේ, ඔහුගේද පියතෙමේයි මෙසේ සත්වන යුගය දක්වා පියතෙමේ, පියාගේ මවුතොමෝ, ඇයගේ පියතෙමේ, මවුතොමෝ, සහෝදර තෙමේ, සහෝදරී තොමෝ, පුත්‍රයෝ තුමු දුහිතෘහු තුමූ දැයි මෙසේද උඩද යටද යන සත්වන යුගය දක්වා පිය තෙමේ, පියාගේ සහෝදර තෙමේ, පියාගේ සහෝදරී තොමෝ, පියාගේ පුත්‍රයෝ තුමූ, පියාගේ දුහිතෘහු තුමූද යන මොවුන් හා ඔවුන්ගේ පුත්‍ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මවුතොමෝ, මවුගේ සහෝදර තෙමේ, මවුගේ සහෝදරී තොමෝ, මවුගේ පුත්‍රයෝ තුමූ, මවුගේ දුහිතෘහු තුමූ, ඔවුන්ගේද පුත්‍ර දුහිතෘ පරම්පරාදැයි මෙසේද සත්වන යුගය දක්වා, මාතෘසම්බන්‍ධයෙන් සම්බන්‍ධයක් නැත්තාවූ පිතෘසම්බන්‍ධයෙන් සම්බන්‍ධයක් නැත්තාවූ මෝ තොමෝ අඤ්ඤාතිකා නම.

උභතො සඞ‍්ඝෙති භික‍්ඛුනිසඞ‍්ඝෙ ඤත‍්තිචතුත්‍ථෙන භික‍්ඛුසඞ‍්ඝෙ ඤත‍්තිචතුත්‍ථෙනාති අට‍්ඨවාචිකවිනයකම‍්මෙන උපසම‍්පන‍්නා.

“උභතො සඞ්ඝෙ” භික්‍ෂූණී සඞ්ඝයා සමීපයෙහි. ඤප්තිචතුර්‍ත්‍ථවූද භික්‍ෂුසඞ්ඝයා සමීපයෙහි ඥප්තිචතුර්‍ත්‍ථවූද අෂ්ටවාචික විනය කර්‍මයෙන් උපසපන් මෙහෙණ තොමෝය.

සකිං නිවත්‍ථම‍්පි සකිං පාරුතම‍්පීති රජිත්‍වා කප‍්පං කත්‍වා එකවාරම‍්පි නිවත්‍ථං වා පාරුතං වා. අන‍්තමසො පරිභොගසීසෙන අංසෙ වා මත්‍ථකෙ වා කත්‍වා මග‍්ගං ගතො හොති, උස‍්සීසකං වා කත්‍වා නිපන‍්නො හොති, එතම‍්පි පුරාණචීවරමෙව. සචෙ පන පච‍්චත්‍ථරණස‍්ස හෙට‍්ඨා කත්‍වා නිපජ‍්ජති, හත්‍ථෙහි වා උක‍්ඛිපිත්‍වා ආකාසෙ විතානං කත්‍වා සීසෙන අඵුසන‍්තො ගච‍්ඡති, අයං පරිභොගො නාම න හොතීති කුරුන්‍දියං වුත‍්තං.

“සකිං නිවත්‍ථම්පි සකිං පාරුතම්පි” පඬු පොවා කප් බින්දු කොට එක්වරක් නමුදු හඳින ලද්දක් හෝ පොරෝනා ලද්දක් හෝ යටත් පිරිසයින් පිරිබෝහිසින් දසරුවෙහි හෝ හිසමතුයෙහි හෝ කොට මග ගියේ වේද, හිස මතුයෙහි කොට හොත්තේවේද, මෙද පුරාණ චීවරයම වේ. පසතුරණට යට කොට හොවීද, අතින් හෝ ඔසොවා අහස්වියනක් කොට හිසින් නොපහසමින් යේද, මෙය පරිභොගයෙක් නම් නොවේයයි කුරුන්‍දියෙහි කියනලදි.

ධොතං නිස‍්සග‍්ගියන‍්ති එත්‍ථ එවං ආණත‍්තා භික‍්ඛුනී ධොවනත්‍ථාය උද‍්ධනං සජ‍්ජෙති, දාරූනි සංහරති, අග‍්ගිං කරොති, උදකං ආහරති යාව නං ධොවිත්‍වා උක‍්ඛිපති, තාව භික‍්ඛුනියා පයොගෙ පයොගෙ භික‍්ඛුස‍්ස දුක‍්කටං. ධොවිත්‍වා උක‍්ඛිත‍්තමත‍්තෙ නිස‍්සග‍්ගියං හොති. සචෙ දුද‍්ධොතන‍්ති මඤ‍්ඤමානා පුන සිඤ‍්චති වා ධොවති වා යාව නිට‍්ඨානං න ගච‍්ඡති තාව පයොගෙ පයොගෙ දුක‍්කටං. එස නයො රජනාකොටනෙසු. රජනදොණියඤ‍්හි රජනං ආකිරිත්‍වා යාව සකිං චීවරං රජති, තතො පුබ‍්බෙ යංකිඤ‍්චි රජනත්‍ථාය කරොති, පච‍්ඡා වා පටිරජති, සබ‍්බත්‍ථ පයොගෙ පයොගෙ භික‍්ඛුස‍්ස දුක‍්කටං. එවං ආකොටනෙපි පයොගො වෙදිතබ‍්බො.

“ධොතං නිස්සග්ගියං” මෙහි මෙසේ ඇණවූ මෙහෙණක් තොමෝ දෝනා පිණිස උදුන සදාද, දර එක් කෙරේද, ගිනි දල්වාද, දිය ගෙණ ඒද, යම්තාක් ඒ සිවුර ධොවනය කොට ඔසොවාද, ඒතාක් මෙහෙණගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. ධොවනය කොට එසවූ ඇසිල්ලෙහි නිසගි වේ. ඉදින් නොමනාකොට දෝනාලදැයි. හඟිමින් නැවත පිසයි හෝ සෝදයි හේ යම්තාක් නිමාවට යේද, ඒතාක් ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. රඳන් කිරීමෙහිද තැළීමෙහිද මේ නයවේ. රඳන් දෙණෙහි හෙවත් පඬුඔරුවෙහි පඬු වක් කර යම්තාක් සිවුර වරක් පඬු පොවාද එයට පෙර යම් කිසිවක් පඬු පෙවීම පිණිස කෙරේද, පසුව හෝ නැවත පඬු පොවාද, සියලු තැන්හි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට දුක්කටය වේ. තැලීමෙහිද ප්‍රයොගය තෙමේ මෙසේ දතයුතුය.

අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී පුරාණචීවරං ධොවාපෙතීති නො චෙපි “ඉමං ධොවා”ති වදති, අථ ඛො ධොවනත්‍ථාය කායවිකාරං කත්‍වා හත්‍ථෙන වා හත්‍ථෙ දෙති, පාදමූලෙ වා ඨපෙති, උපරි වා ඛිපති, සික‍්ඛමානාසාමණෙරීසාමණෙරඋපාසකතිත්‍ථියාදීනං වා හත්‍ථෙ පෙසෙති, නදීතිත්‍ථෙ ධොවන‍්තියා උපචාරෙ වා ඛිපති, අන‍්තොද‍්වාදසහත්‍ථෙ ඔකාසෙ ඨත්‍වා, ධොවාපිතංයෙව හොති. සචෙ පන උපචාරං මුඤ‍්චිත්‍වා ඔරතො ඨපෙති සා චෙ ධොවිත්‍වා ආනෙති, අනාපත‍්ති. සික‍්ඛමානාය වා සාමණෙරියා වා උපාසිකාය වා හත්‍ථෙ ධොවනත්‍ථාය දෙති, සා චෙ උපසම‍්පජ‍්ජිත්‍වා ධොවති, ආපත‍්තියෙව. උපාසකස‍්ස හත්‍ථෙ දෙති, සො චෙ ලිඞ‍්ගෙ පරිවත‍්තෙ භික‍්ඛුනීසු පබ‍්බජිත්‍වා උපසම‍්පජ‍්ජිත්‍වා ධොවති , ආපත‍්තියෙව. සාමණෙරස‍්ස වා භික‍්ඛුස‍්ස වා හත්‍ථෙ දින‍්නෙපි ලිඞ‍්ගපරිවත‍්තනෙ එසෙව නයො.

“අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී පුරාණචීවරං ධොවාපෙති” මේ සිවුර ධොවනය කරව’යි නොකියාද, එහෙත් දෝනා පිණිස කාය විකාරයක් කොට අතින් හෝ අතට දේද, පා මුල්හි හෝ තමාද මත්තෙහි දමාද, ශික්‍ෂමාණ සාමණේර සාමණේරී උපාසක නීර්‍ත්‍ථකාදීන්ගේ හෝ අත යවාද, ගංතොට ධොවනය කරන්නියගේ දොළොස්රියනක් තුළ උපචාරයෙහි හෝ දමාද, දොළොස් රියනක් තුළ අවකාශයෙහි හෝ සිට ධොවනය කරවන ලද්දේනම් ධොවනය කරවන ලද්දේම වේ. ඉදින් දොළොස්රියන් උපචාරය මුදා මෑතින් තබාද, ඕතොමෝද ධොවනය කොට ගෙන එන්නීද ඇවැත් නොවේ. ශික්‍ෂමාණවකගේ හෝ සාමණේරියකගේ හෝ උපාසිකාවකගේ හෝ අතට දෝනා පිණිස දේද, ඕ තොමෝ උපසපන් වී ධොවනය කෙරේනම් ඇවැත් වේමය. උපාසකයකුගේ අතට දේද, ඔහුද ලිඞ්ගපරිවර්‍තනය වූ කල්හි මෙහෙණන් අතුරෙහි පැවිදිව උපසපන්ව ධොවනය කෙරේනම් ඇවැත්මය. සාමණේරයකුගේ භික්‍ෂුනමක්හුගේ හෝ අතට දුන් කල්හිද ලිඞ්ගපරිවර්‍තනයෙහිදී මේ නයමවේ.

ධොවාපෙති රජාපෙතීතිආදීසු එකෙන වත්‍ථුනා නිස‍්සග‍්ගියං, දුතියෙන දුක‍්කටං. තීණිපි කාරාපෙන‍්තස‍්ස එකෙන නිස‍්සග‍්ගියං, සෙසෙහි ද‍්වෙ දුක‍්කටානි. යස‍්මා පනෙතානි ධොවනාදීනි පටිපාටියා වා උප‍්පටිපාටියා වා කාරෙන‍්තස‍්ස මොක‍්ඛො නත්‍ථි, තස‍්මා එත්‍ථ තීණි චතුක‍්කානි වුත‍්තානි. සචෙපි හි “ඉමං චීවරං රජිත්‍වා ධොවිත්‍වා ආනෙහී”ති වුත‍්තෙ සා භික‍්ඛුනී පඨමං ධොවිත්‍වා පච‍්ඡා රජති, නිස‍්සග‍්ගියෙන දුක‍්කටමෙව. එවං සබ‍්බෙසු විපරීතවචනෙසු නයො නෙතබ‍්බො. සචෙ පන “ධොවිත්‍වා ආනෙහී”ති වුත‍්තා ධොවති චෙව රජති ච, ධොවාපනපච‍්චයා එව ආපත‍්ති, රජනෙ අනාපත‍්ති. එවං සබ‍්බත්‍ථ වුත‍්තාධිකකරණෙ “අවුත‍්තා ධොවතී”ති ඉමිනා ලක‍්ඛණෙන අනාපත‍්ති වෙදිතබ‍්බා. “ඉමස‍්මිං චීවරෙ යං කාතබ‍්බං, සබ‍්බං තං තුය‍්හං භාරො”ති වදන‍්තො පන එකවාචාය සම‍්බහුලා ආපත‍්තියො ආපජ‍්ජතීති.

“ධොවාපෙති රජාපෙති” යනාදි තන්හි පළමුකොට නිමවූ එක් වස්තුවකින් නිසගිය වේ. දෙවන වස්තුවෙන් දුක්කටය වේ. තුනම කරවන මහනිසගිය වේ. සෙසු දෙකින් දුක්කට දෙකක් වේ. යම්හෙයකින් මේ ධොවනාදිය පිළිවෙළින් හෝ උපිළිවෙළින් හෝ කරවන්නහුට මිදීමක් නැත්තේද, එහෙයින් මෙහි ත්‍රිචතුෂ්කයෝ කියන ලදහ. ‘මේ සිවුර පඬු පොවා සෝදා ගෙණෙව’යි කීකල්හි ඒ මෙහෙණ තොමෝ පළමු කොට සෝදා පසුව පඬු පොවාද, නිසගිය හා දුක්කටයෙක්ම වේ. මෙසේ සියලු විපරීතවචනයන්හි නය දතයුතුය. ඉදින් ‘සොදා ගෙණෙව’යි කියන ලද්දී සෝදාද පඬු පොවාද සේදවීම නිමිති කොටම ඇවැත් වේ. පඬුපෙවීමෙහි ඇවැත් නොවේ. සියලු තැන්හි උක්තාධික කරණයෙහි මෙසේය. ‘නොකියන ලද්දී සෝදයි’ යන මේ ලක්‍ෂණයෙන් අනාපත්තිය දතයුත්තීය. මේ සිවුරෙහි යමක් කටයුත්තේද, ඒ සියල්ල තට භාරය’යි කියන්නේ එක් වචනයෙන් බොහෝ ඇවැතුන්ට පැමිණේ.

අඤ‍්ඤාතිකාය වෙමතිකො අඤ‍්ඤාතිකාය ඤාතිකසඤ‍්ඤීති ඉමානිපි පදානි වුත‍්තානංයෙව තිණ‍්ණං චතුක‍්කානං වසෙන විත්‍ථාරතො වෙදිතබ‍්බානි.

“අඤ්ඤාතිකාය වෙමතිකො අඤ්ඤාතිකාය ඤාතිකසඤ්ඤී” මේ පදයෝ ද කියූ ත්‍රිචතුෂ්කයන්ගේ වශයෙන්ම විස්තර විසින් දතයුත්තාහ.

එකතො උපසම‍්පන‍්නායාති භික‍්ඛුනීනං සන‍්තිකෙ උපසම‍්පන‍්නාය ධොවාපෙන‍්තස‍්ස දුක‍්කටං. භික‍්ඛූනං සන‍්තිකෙ උපසම‍්පන‍්නාය පන යථාවත්‍ථුකමෙව, භික‍්ඛූනං සන‍්තිකෙ උපසම‍්පන‍්නා නාම පඤ‍්චසතා සාකියානියො.

“එකතො උපසම්පන්නාය”යි මෙහෙණන් වෙත උපසපන් මෙහෙණන් ලවා ධොවනය කරවන්නහුට දුක්කටය වේ. මහණුන් වෙත උපසපන් මෙහෙණක් ලවා ධොවනය කරවන්නහුට (යථා වත්‍ථුක) නිසගියම වේ. මහණුන් වෙත උපසපන් වූවෝ නම් පන්සියයක් ශාක්‍ය භික්‍ෂුණීහුය.

අවුත‍්තා ධොවතීති උද‍්දෙසාය වා ඔවාදාය වා ආගතා කිලින‍්නං චීවරං දිස‍්වා ඨපිතට‍්ඨානතො ගහෙත්‍වා වා “දෙථ, අය්‍ය, ධොවිස‍්සාමී”ති ආහරාපෙත්‍වා වා ධොවති චෙව රජති ච ආකොටෙති ච, අයං අවුත‍්තා ධොවති නාම. යාපි “ඉමං චීවරං ධොවා”ති දහරං වා සාමණෙරං වා ආණාපෙන‍්තස‍්ස භික‍්ඛුනො සුත්‍වා “ආහරථය්‍ය අහං ධොවිස‍්සාමී”ති ධොවති, තාවකාලිකං වා ගහෙත්‍වා ධොවිත්‍වා රජිත්‍වා දෙති, අයම‍්පි අවුත‍්තා ධොවති නාම.

“අවුත්තා ධොවෙති” උද්දෙසය පිණිස හෝ අවවාදය පිණිස හෝ ආ මෙහෙණක් තොමෝ කිලිටි සිවුර දැක තැබූ තැනින් ගෙණ ‘ආර්‍ය්‍ය’ දෙනු මැනැව, සෝදන්නෙමි’යි ගෙන්වා සොදාද, පඬු පොවාද, තළාද, මෝතෝමෝ නොකියන ලදුව ධොවනය කරයි නම්වේ. ‘මේ සිවුර සෝදා ලව’යි ලදරු මහණක්හට හෝ හෙරණක්හට හෝ අණවන මහණක්හුගේ වචනය අසා, යම් මෙහෙණක් තොමෝ ‘ආර්‍ය්‍යය මම සෝදන්නෙමි’යි ගෙණ සෝදාද, තාවකාලිකව හෝ ගෙණ සෝදා පඬු පොවා දේද, මෝ තොමෝද, නොකියන ලදුව ධොවනය කරයි නම් වේ.

අඤ‍්ඤං පරික‍්ඛාරන‍්ති උපාහනත්‍ථවිකපත‍්තත්‍ථවිකඅංසබද‍්ධකකායබන්‍ධනමඤ‍්චපීඨභිසිතට‍්ටිකාදිං යංකිඤ‍්චි ධොවාපෙති, අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

“අඤ්ඤං පරික්‍ඛාරං” වහන් පසුම්බි පාත්‍රපසුම්බි අස්වැටි කාබාන් ඇදපුටු බිසි ආදීවූ යම් කිසිවක් සෝදවාද ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

සමුට‍්ඨානාදීසු පන ඉදං සික‍්ඛාපදං ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවෙද්‍යය. කාය කර්‍මය. වාක්කර්‍මය. ත්‍රිචිත්තය. ත්‍රිවෙදනය.

පුරාණචීවරසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

පුරාණ චීවර ධොවාපන ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

චීවරපටිග‍්ගහණසික‍්ඛාපදවණ‍්ණනා

චීවරප්‍රතිග්‍රහණශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති චීවරපටිග‍්ගහණසික‍්ඛාපදං. තත්‍ථ පිණ‍්ඩපාතපටික‍්කන‍්තාති පිණ‍්ඩපාතතො පටික‍්කන‍්තා. යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමීති අපඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමි. කතකම‍්මාති කතචොරිකකම‍්මා, සන්‍ධිච‍්ඡෙදනාදීහි පරභණ‍්ඩං හරිතාති වුත‍්තං හොති. චොරගාමණිකොති චොරජෙට‍්ඨකො. සො කිර පුබ‍්බෙ ථෙරිං ජානාති, තස‍්මා චොරානං පුරතො ගච‍්ඡන‍්තො දිස‍්වා “ඉතො මා ගච‍්ඡථ, සබ‍්බෙ ඉතො එථා”ති තෙ ගහෙත්‍වා අඤ‍්ඤෙන මග‍්ගෙන අගමාසි. සමාධිම‍්හා වුට‍්ඨහිත්‍වාති ථෙරී කිර පරිච‍්ඡින‍්නවෙලායංයෙව සමාධිම‍්හා වුට‍්ඨහි. සොපි තස‍්මිංයෙව ඛණෙ එවං අවච, තස‍්මා සා අස‍්සොසි, සුත්‍වා ච “නත්‍ථි දානි අඤ‍්ඤො එත්‍ථ සමණො වා බ්‍රාහ‍්මණො වා අඤ‍්ඤත්‍ර මයා”ති තං මංසං අග‍්ගහෙසි. තෙන වුත‍්තං – “අථ ඛො උප‍්පලවණ‍්ණා භික‍්ඛුනී”තිආදි.

“තෙන සමයෙන” චීවර ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයයි. එහි “පිණ්ඩපාත පටික්කන්තා” පිණ්ඩපාතයෙන් වැළකුනී. “යෙන අන්‍ධවනං තෙනුපසඞ්කමි” ගණඔහී යන ශික්‍ෂාපදය නොපැණවූ, කල්හි අන්‍ධවනය යම් තැනෙක්හිද උපුල්වන් මෙහෙණ එහි එළැඹියාය. “කතකම්මා” කළ සොරකම් ඇත්තාහු. ගේහන්දි බිදීම් ආදියෙන් මෙරමා සතු භාණ්ඩ පැහැර ගත්තාහු’යි කියන ලද්දේ වේ. “චොරගාමනිකො” සොරදෙටු තෙමේ. හෙතෙමේ, පෙර උපුල්වන් ස්ථවිරාව හඳුනන්නේය. එහෙයින් සොරුන්ගේ පෙරටුව යන්නේ ඒ ස්ථවිරාව දැක ‘මෙහෙන් නොයවු, සියල්ලෝ මෙහෙන් එවු’යි ඔවුන් ගෙන අන්මගකින් ගියේය. “සමාධිම්හා වුට්ඨහිත්‍වා” ස්ථවිර තොමෝ පිරිසිඳි වේලාවෙහිම සමාධියෙන් නැගී සිටියාය. ඒ සොරදෙටු තෙමේද එකෙණෙහිම මෙසේ කීයේය. එහෙයින් ඕ තොමෝ ඇසූය. අසාද ‘දැන් මෙහි මාහැර අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත්තේය’යි සොරදෙටු ගසක එල්ලා තැබූ ඒ පිසූ මස්මුළ ගත්තීය. එහෙයින් “අථ ඛො උප්පලවණ්ණ භික්‍ඛුණී” යනු කියන ලදි.

ඔහිය්‍යකොති අවහීයකො අවසෙසො, විහාරවාරං පත්‍වා එකොව විහාරෙ ඨිතොති අත්‍ථො. සචෙ මෙ ත්‍වං අන‍්තරවාසකං දදෙය්‍යාසීති කස‍්මා ආහ? සණ‍්හං ඝනමට‍්ඨං අන‍්තරවාසකං දිස‍්වා ලොභෙන, අපිච අප‍්පකො තස‍්සා අන‍්තරවාසකෙ ලොභො, ථෙරියා පන සිඛාප‍්පත‍්තා කොට‍්ඨාසසම‍්පත‍්ති තෙනස‍්සා සරීරපාරිපූරිං පස‍්සිස‍්සාමීති විසමලොභං උප‍්පාදෙත්‍වා එවමාහ. අන‍්තිමන‍්ති පඤ‍්චන‍්නං චීවරානං සබ‍්බපරියන‍්තං හුත්‍වා අන‍්තිමං, අන‍්තිමන‍්ති පච‍්ඡිමං. අඤ‍්ඤං ලෙසෙනාපි විකප‍්පෙත්‍වා වා පච‍්චුද‍්ධරිත්‍වා වා ඨපිතං චීවරං නත්‍ථීති එවං යථාඅනුඤ‍්ඤාතානං පඤ‍්චන‍්නං චීවරානං ධාරණවසෙනෙව ආහ, න ලොභෙන, න හි ඛීණාසවානං ලොභො අත්‍ථි. නිප‍්පීළියමානාති උපමං දස‍්සෙත්‍වා ගාළ‍්හං පීළයමානා.

“ඔහීය්‍යකො” එකලාවූයේ. ඉතිරිවූයේ. විහාරයෙහි පිළිදැගුම් වාරයට පැමිණ එකලාවමම විහාරයෙහි සිටියේය යන අර්‍ත්‍ථයි. “සචෙ මෙ ත්‍වං අන්තරවාසකං දදෙය්‍යාසි” යනු කුමක් හෙයින් කීයේද, යත්:- සියුම් වූ ඝනබද්ධ වූ අඳනය දැක ලොභයෙන් කීයේය. තවද, ස්ථවිරාවගේ අඳනයෙහි කළ ඔහුගේ ලොභය මදවේ. ස්ථවිරාවගේ කෙදි පස් කොටසෙහි කල්‍යාණතා තොමෝ කෙළ පැමිණියාය. එයින් ඒ ස්ථවිරාවගේ සිරුරෙහි පිරිපුන්බව බලන්නෙමි’යි විසමලොභය උපදවා මෙසේ කීයේය. “අන්තිමං” පස් වැදෑරුම් සිවුරු අතුරෙහි සියල්ලට කෙළවර වූයේ අන්තිමය. අන්තිම නම් පශ්චිමය. අන්‍යලෙශයකිනුදු විකපා හෝ පසුදුරා හෝ තැබූ සිවුරක් නැත්තේය’යි මෙසේ අනුදන්නාලද පරිදි පස්වැදෑරුම් සිවුරු දැරීම් වසයෙන්ම උදායි තෙරුන් අඳනය ඉල්ලූ කල්හි දෙන්නට නොපිළිවනැයි කිවූය. ලොභයෙන් නොකිවුය. රහතුන්ට ලොභයෙක් නැත්තේය. “නිප්පීළියමානා” උපමා හා කරුණු දක්වා වැඩිකොට පෙළනු ලබන්නී.

අන‍්තරවාසකං දත්‍වා උපස‍්සයං අගමාසීති සඞ‍්කච‍්චිකං නිවාසෙත්‍වා යථා තස‍්ස මනොරථො න පූරති, එවං හත්‍ථතලෙයෙව දස‍්සෙත්‍වා අගමාසි.

“අන්තරවාසකං දන්වා අගමාසි” තනවෙළුම හැඳ උදායි තෙරුන්ගේ මනදොළ යම්සේ නොපිරේද, එසේ අත්තල පමණක්ම දක්වා ගියාය.

කස‍්මා පාරිවත‍්තකචීවරං අප‍්පටිගණ‍්හන‍්තෙ උජ‍්ඣායිංසු? “සචෙ එත‍්තකොපි අම‍්හෙසු අය්‍යානං විස‍්සාසො නත්‍ථි, කථං මයං යාපෙස‍්සාමා”ති විහත්‍ථතාය සමභිතුන‍්නත‍්තා.

කුමක් හෙයින් පෙරළා දෙනු ලබන සිවුර නොපිළිගන්නා කල්හි අවමන් කළාහුද, යත්:- ඉදින් අප කෙරෙහි ආර්‍ය්‍යයන්ගේ මෙපමණවූද, විශ්වාසයක් නැත්තේ නම් අපි කෙසේ යැපෙන්නෙමුදැ’යි පිළිසරණ නැති බැවින් පෙළෙන බැවිනි.

අනුජානාමි භික‍්ඛවෙ ඉමෙසං පඤ‍්චන‍්නන‍්ති ඉමෙසං පඤ‍්චන‍්නං සහධම‍්මිකානං සමසද‍්ධානං සමසීලානං සමදිට‍්ඨීනං පාරිවත‍්තකං ගහෙතුං අනුජානාමීති අත්‍ථො.

“අනුජානාමි භික්‍ඛවෙ ඉමෙසං පඤ්චන්නං” සම සැදැහැති සම සිල් ඇති සමදිටු ඇති මේ පස්මහ දැහැමියන්ගේ පෙරළා දෙනු ලබන සිවුර ගන්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි.

පයොගෙ දුක‍්කටන‍්ති ගහණත්‍ථාය හත්‍ථප‍්පසාරණාදීසු දුක‍්කටං. පටිලාභෙනාති පටිග‍්ගහණෙන. තත්‍ථ ච හත්‍ථෙන වා හත්‍ථෙ දෙතු, පාදමූලෙ වා ඨපෙතු, උපරි වා ඛිපතු, සො චෙ සාදියති , ගහිතමෙව හොති. සචෙ පන සික‍්ඛමානාසාමණෙරසාමණෙරීඋපාසකඋපාසිකාදීනං හත්‍ථෙ පෙසිතං පටිග‍්ගණ‍්හාති, අනාපත‍්ති. ධම‍්මකථං කථෙන‍්තස‍්ස චතස‍්සොපි පරිසා චීවරානි ච නානාවිරාගවත්‍ථානි ච ආනෙත්‍වා පාදමූලෙ ඨපෙන‍්ති, උපචාරෙ වා ඨත්‍වා උපචාරං වා මුඤ‍්චිත්‍වා ඛිපන‍්ති, යං තත්‍ථ භික‍්ඛුනීනං සන‍්තකං, තං අඤ‍්ඤත්‍ර පාරිවත‍්තකා ගණ‍්හන‍්තස‍්ස ආපත‍්තියෙව. අථ පන රත‍්තිභාගෙ ඛිත‍්තානි හොන‍්ති, “ඉදං භික‍්ඛුනියා, ඉදං අඤ‍්ඤෙස”න‍්ති ඤාතුං න සක‍්කා, පාරිවත‍්තකකිච‍්චං නත්‍ථීති මහාපච‍්චරියං කුරුන්‍දියඤ‍්ච වුත‍්තං, තං අචිත‍්තකභාවෙන න සමෙති. සචෙ භික‍්ඛුනී වස‍්සාවාසිකං දෙති, පාරිවත‍්තකමෙව කාතබ‍්බං. සචෙ පන සඞ‍්කාරකූටාදීසු ඨපෙති, “පංසුකූලං ගණ‍්හිස‍්සන‍්තී”ති පංසුකූලං අධිට‍්ඨහිත්‍වා ගහෙතුං වට‍්ටති.

“පයොගෙ දුක්කටං” ගැනීම පිණිස අත්දිගු කිරීම් ආදිය නිමිති කොට දුක්කටය වේ. “පටිලාහෙන” පිළිගැණීමෙන් එහිද අතින් අතට හෝ දේවා, පාමුල්හි හෝ තබාවා, මත්තෙහි හෝ දමාවා, ඉදින් ඉවසා නම් ගන්නා ලද්දේම වේ. ශික්‍ෂමාණ සාමණෙරී උපාස්ථාදීන්ගේ අත යැවූ සිවුර පිළිගණී නම්, ඇවැත් නොවේ. සිවු පිරිස්හු සිවුරුද නොයෙක් පැහැති පිළීද ගෙණවුත් දහම් දෙසන්නහුගේ පාමුල්හි තබත්ද, දොළොස්රියන් තුළ උපචාරයෙහි හෝ සිට උපචාරය හෝ මුදා දමත්ද, එහි යමක් මෙහෙණක් සතුද, එය පිරුළක් නැතුව ගන්නහුට ඇවැත්ම වේ. තවද රාත්‍රිකාලයෙහි දමන ලද්දාහු වෙත්ද, ‘මේ සිවුර මෙහෙණගේය. මේ සිවුර අන්හුගේයයි දැන ගන්නට නොහැක්කේය. එහි පිරුළෙක් නැතැයි මහා පච්චරියෙහි හා කුරුන්‍දියෙහිද කියනලදී. එය අචිත්තකභාවය හා සමනොවේ. ඉදින් මෙහෙණක් තොමෝ වස්සාවාසිකයක් දේද, එය පිරුළුවක්ම කටයුතුය. පංසුකූල වසයෙන් ගන්නාහයි කසළගොඩ ආදියෙහි තබාද, පංසුකූලවසයෙන් ඉටා ගන්නට වටිය.

අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤීති තිකපාචිත‍්තියං. එකතො උපසම‍්පන‍්නායාති භික‍්ඛුනීනං සන‍්තිකෙ උපසම‍්පන‍්නාය හත්‍ථතො ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං, භික‍්ඛූනං සන‍්තිකෙ උපසම‍්පන‍්නාය පන පාචිත‍්තියමෙව.

“අඤ්ඤාතිකාය අඤ්ඤාතිකසඤ්ඤී” නොනෑ මෙහෙණ කෙරෙහි නොනෑ සන් ඇතියේද පාචිත්තිය තුනක් වේ. “එකතො උපසම්පන්නාය” මෙහෙණන් වෙත උපසපන් වූ මෙහෙණකගේ අතින් ගන්නහුට දුක්කටය වේ. මහණුන් වෙත උපසපන් වූ මෙහෙණකගේ අතින් ගන්නහුට පාචිත්තියම වේ.

පරිත‍්තෙන වා විපුලන‍්ති අප‍්පග‍්ඝචීවරෙන වා උපාහනත්‍ථවිකපත‍්තත්‍ථවිකඅංසබද‍්ධකකායබන්‍ධනාදිනා වා මහග‍්ඝං චෙතාපෙත්‍වා සචෙපි චීවරං පටිග‍්ගණ‍්හාති, අනාපත‍්ති. මහාපච‍්චරියං පන “අන‍්තමසො හරීතකීඛණ‍්ඩෙනාපී”ති වුත‍්තං. විපුලෙන වා පරිත‍්තන‍්ති ඉදං වුත‍්තවිපල‍්ලාසෙන වෙදිතබ‍්බං. අඤ‍්ඤං පරික‍්ඛාරන‍්ති පත‍්තත්‍ථවිකාදිං යං කිඤ‍්චි විකප‍්පනුපගපච‍්ඡිමචීවරප‍්පමාණං පන පටපරිස‍්සාවනම‍්පි න වට‍්ටති. යං නෙව අධිට‍්ඨානුපගං න විකප‍්පනුපගං තං සබ‍්බං වට‍්ටති. සචෙපි මඤ‍්චප‍්පමාණා භිසිච‍්ඡවි හොති, වට‍්ටතියෙව; කො පන වාදො පත‍්තත්‍ථවිකාදීසු. සෙසං උත‍්තානත්‍ථමෙව.

“පරිත්තෙන වා විපුලං” මද ඇගීම් ඇති සිවුරකින් හෝ වහන් පසුම්බි පාපසුම්බි අස්වැටි කාබාන් ආදියකින් හෝ මාහැඟි සිවුරක් පිළිගනී නම් ඇවැත් නොවේ. මහාපච්චරියෙහි වනාහි යටත් පිරිසෙයින් අරළු කඩකිනැයිද කියන ලද්දේ වේ. “විප්‍රලෙන වා පරිත්තං” මේ කීම කියන ලද්දට විපර්‍ය්‍යාස වශයෙන් දතයුතුය. “අඤ්ඤං පරික්‍ඛාරං” පා පසුම්බි ආදීවූ යම්කිසි විකපීමට පොහොනා පැසුළු සිවුර පමණවූ පටපෙරහණක්ද නොවටියි. යම් සිවුරක් ඉටීමට නොපොහොනේද, විකපීමට නොපොහොනේද, ඒ සියල්ල වටියි. ඇඳ පමණවූ ගුදිඋරයක් වේද, වටියි. පාපසුම්බි ආදියෙහි කවර වාදයෙක්ද, සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීසු ඉදං ඡසමුට‍්ඨානං, කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං , පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මංවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

චීවරපටිග‍්ගහණසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

චීවරප්‍රතිග්‍රහණශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදවණ‍්ණනා

අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං. තත්‍ථ උපනන්‍දො සක්‍යපුත‍්තොති අසීතිසහස‍්සමත‍්තානං සක්‍යකුලා පබ‍්බජිතානං භික‍්ඛූනං පතිකිට‍්ඨො ලොලජාතිකො. පට‍්ටොති ඡෙකො සමත්‍ථො පටිබලො සරසම‍්පන‍්නො කණ‍්ඨමාධුරියෙන සමන‍්නාගතො. කිස‍්මිං වියාති කිංසු විය කිලෙසො විය, හිරොත‍්තප‍්පවසෙන කම‍්පනං විය සඞ‍්කම‍්පනං විය හොතීති අත්‍ථො.

“තෙන සමයෙන” යනු අඥාතක විඥප්තිශික්‍ෂාපදයයි. එහි “උපනන්‍දො සක්‍ය පුත්තො”යි අසූදහසක් පමණ වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ මහණුන් අතුරෙහි ලාමකවූ ලොල් ස්වභාව ඇතියේය. “පට්ටො” දක්‍ෂයෙක. සමර්‍ත්‍ථයෙක. ප්‍රතිබලයෙක. ස්වරසම්පන්නයෙක. කණට මිහිරි වූ බසින් යුක්තයෙක. “කිස්මිං විය”. කිං විය, යන අර්‍ත්‍ථයි. දුකක් මෙනැයි යන අදහසයි. කෙලෙසීමක් වූවාක් මෙනි. හිරි ඔතප් වසයෙන් කම්පනයක් මෙන් තද කම්පනයක් මෙන් වේය යන අර්‍ත්‍ථයි.

අද‍්ධානමග‍්ගන‍්ති අද‍්ධානසඞ‍්ඛාතං දීඝමග‍්ගං, න නගරවීථිමග‍්ගන‍්ති අත්‍ථො. තෙ භික‍්ඛූ අච‍්ඡින්‍දිංසූති මුසිංසු, පත‍්තචීවරානි නෙසං හරිංසූති අත්‍ථො. අනුයුඤ‍්ජාහීති භික‍්ඛුභාවජානනත්‍ථාය පුච‍්ඡ. අනුයුඤ‍්ජියමානාති පබ‍්බජ‍්ජාඋපසම‍්පදාපත‍්තචීවරාධිට‍්ඨානාදීනි පුච‍්ඡියමානා. එතමත්‍ථං ආරොචෙසුන‍්ති භික‍්ඛුභාවං ජානාපෙත්‍වා යො “සාකෙතා සාවත්‍ථිං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නා”තිආදිනා නයෙන වුත‍්තො, එතමත්‍ථං ආරොචෙසුං.

“අද්ධානමග්ගං” අද්ධාන සඞ්ඛ්‍යාත වූ දිග්මගට නුවරවීථිමාර්‍ගයට යන අර්‍ත්‍ථයි. “තෙ භික්‍ඛු අච්ඡින්‍දිංසු” සොරකම් කළහ. ඒ භික්‍ෂූන්ගේ පා සිවුරු පැහැර ගත්හ යන අර්‍ත්‍ථයි. “අනුයුඤ්ජාහි” භික්‍ෂුභාවය දැනගනු පිණිස විචාරව. “අනුයුඤ්ජමානා” පැවිදිබව උපසපන්බව පාසිවුරු ඉටීම යන මේ ආදිය විචාරණු ලබන්නාහු. “එතමත්‍ථං ආරොචෙසු” භික්‍ෂුභාවය දන්වා යම් අර්‍ත්‍ථයෙක් තෙමේ “සාකෙතා සාවත්‍ථිං අද්ධානමග්ගං පටිපන්නා” යනාදිනයින් කියන ලද්දේද මේ කරුණ සැලකළහ.

අඤ‍්ඤාතකං ගහපතිං වාතිආදීසු යං පරතො “තිණෙන වා පණ‍්ණෙන වා පටිච‍්ඡාදෙත්‍වා”ති වුත‍්තං, තං ආදිං කත්‍වා එවං අනුපුබ‍්බකථා වෙදිතබ‍්බා. සචෙ චොරෙ පස‍්සිත්‍වා දහරා පත‍්තචීවරානි ගහෙත්‍වා පලාතා, චොරා ථෙරානං නිවාසනපාරුපනමත‍්තංයෙව හරිත්‍වා ගච‍්ඡන‍්ති, ථෙරෙහි නෙව තාව චීවරං විඤ‍්ඤාපෙතබ‍්බං, න සාඛාපලාසං භඤ‍්ජිතබ‍්බං. අථ දහරා සබ‍්බං භණ‍්ඩකං ඡඩ‍්ඩෙත්‍වා පලාතා, චොරා ථෙරානං නිවාසනපාරුපනං තඤ‍්ච භණ‍්ඩකං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, දහරෙහි ආගන‍්ත්‍වා අත‍්තනො නිවාසනපාරුපනානි න තාව ථෙරානං දාතබ‍්බානි, න හි අනච‍්ඡින‍්නචීවරා අත‍්තනො අත්‍ථාය සාඛාපලාසං භඤ‍්ජිතුං ලභන‍්ති, අච‍්ඡින‍්නචීවරානං පන අත්‍ථාය ලභන‍්ති, අච‍්ඡින‍්නචීවරාව අත‍්තනොපි පරෙසම‍්පි අත්‍ථාය ලභන‍්ති. තස‍්මා ථෙරෙහි වා සාඛාපලාසං භඤ‍්ජිත්‍වා වාකාදීහි ගන්‍ථෙත්‍වා දහරානං දාතබ‍්බං, දහරෙහි වා ථෙරානං අත්‍ථාය භඤ‍්ජිත්‍වා ගන්‍ථෙත්‍වා තෙසං හත්‍ථෙ දත්‍වා වා අදත්‍වා වා අත‍්තනා නිවාසෙත්‍වා අත‍්තනො නිවාසනපාරුපනානි ථෙරානං දාතබ‍්බානි, නෙව භූතගාමපාතබ්‍යතාය පාචිත‍්තියං හොති, න තෙසං ධාරණෙ දුක‍්කටං.

“අඤ්ඤාතකං ගහපතිං වා” යනාදි තැන්හි පසුභාගයෙහි තෘණයෙන් හෝ පර්‍ණයෙන් හෝ වසායයි යමක් වදාරන ලදද, ඒ ආදි කොට මෙසේ අනුපූර්‍වකථා තොමෝ දතයුත්තීය. ඉදින් ලදරු භික්‍ෂූහු සොරුන් දැක පාසිවුරුගෙණ පලාගියාහුද, සොරු තෙරුන්ගේ හඳනා පොරෝනා පමණක්ම ගෙණ යෙත්ද, තෙරුන් විසින් එපමණකින් සිවුර නොම විනවිය යුතුය. කොළ අතු නොබිඳිය යුතුය. එකල්හි ලදරු භික්‍ෂූහු සියලු බඩු හැරදමා පලා ගියාහුද, සොරු තෙරුන්ගේ හඳනා පොරෝනයද ඒ බඩුද පැහැර ගෙණයෙත්ද, ලදරු භික්‍ෂූන් අවුත් තමතමන්ගේ නිවාසන පාරුපණයෝ එපමණකින් තෙරුන්ට නොදිය යුත්තාහ. පැහැර නොගත් සිවුරු ඇත්තාහු තමතමන්ට ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳින්නට නොලබත්. පැහැර ගත් සිවුරු ඇත්තවුන්ගේ ප්‍රයොජනය පිණිස කොළ අතු බිඳින්නට ලබත්. පැහැර ගත් සිවුරු ඇත්තාහුම තමන්ටත් අන්හටත් ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳින්නට ලබත්. එහෙයින් තෙරුන් විසින් හෝ කොළ අතු බිඳ කෙඳිවලින් ගොතා ලදරු භික්‍ෂූන්ට දිය යුතුය. ලදරු භික්‍ෂූන් විසින් හෝ තෙරුන්ට ප්‍රයෝජනය පිණිස කොළ අතු බිඳ ගොතා ඔවුන්ගේ අතටදී හෝ නොදී හෝ තමන් හැඳ තමන්ගේ නිවාසන, පාරුපණාදීහු තෙරුන්ට දිය යුත්තාහ. බීජගාම භූතගාම, විකොපනය නිමිතිකොට පාචිත්තිය නොමවේ. ඔවුන්ට තීර්ථකධ්වජ දැරීම නිමිතිකොට දුක්කටය නොවේ.

සචෙ අන‍්තරාමග‍්ගෙ රජකත්‍ථරණං වා හොති, අඤ‍්ඤෙ වා තාදිසෙ මනුස‍්සෙ පස‍්සන‍්ති, චීවරං විඤ‍්ඤාපෙතබ‍්බං. යානි ච නෙසං තෙ වා විඤ‍්ඤත‍්තමනුස‍්සා අඤ‍්ඤෙ වා සාඛාපලාසනිවාසනෙ භික‍්ඛූ දිස‍්වා උස‍්සාහජාතා වත්‍ථානි දෙන‍්ති, තානි සදසානි වා හොන‍්තු අදසානි වා නීලාදිනානාවණ‍්ණානි වා කප‍්පියානිපි අකප‍්පියානිපි සබ‍්බානි අච‍්ඡින‍්නචීවරට‍්ඨානෙ ඨිතත‍්තා තෙසං නිවාසෙතුඤ‍්ච පාරුපිතුඤ‍්ච වට‍්ටන‍්ති. වුත‍්තම‍්පිහෙතං පරිවාරෙ –

අතරමග රඳාතොටක් හෝ වේද, එබඳු අන්‍යවූ මිනිසුන් හෝ දකිත්ද සිවුරක් විනවිය යුත්තේය. ඒ භික්‍ෂූන්ට ඉල්ලීම ලද මනුෂ්‍යයෝ හෝ අන් කෙනෙක් හෝ කොළ අතු හැඳගත් භික්‍ෂූන් දැක උපන් උත්සාහ ඇත්තාහු යම්බඳු වස්ත්‍ර දෙත්ද, ඒ වස්ත්‍රයෝ දාවලු සහිත හෝ වෙත්වා, දාවලු රහිත හෝ වෙත්වා, නිල් ඈ නොයෙක් පැහැ ඇත්තාහු හෝ වෙත්වා, කැපවූ අකැපවූත් සියල්ල අච්ඡින්නචීවරස්ථානයෙහි සිටි බැවින් ඒ භික්‍ෂූන්ට හඳින්නටද පොරොවන්නටද වටියි. මෙය පරිවාරයෙහි,

“අකප‍්පකතං නාපි රජනාය රත‍්තං; තෙන නිවත්‍ථො යෙන කාමං වජෙය්‍ය; න චස‍්ස හොති ආපත‍්ති; සො ච ධම‍්මො සුගතෙන දෙසිතො; පඤ‍්හා මෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 481);

“අකප්පකතං නපි රජනාය රත්තං තෙන නිවත්‍ථො යෙන කාමං වජෙය්‍ය න චස්ස හොති ආපත්ති සො ච ධම්මො සුගතෙන දෙසිතො පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”

කප්බින්දු නොකරනලද, රඳනින් නොරඳනාලද සිවුර ඒ මහණහු විසින් හඳින ලදුව යම් දිසාවකට කැමති සේ යන්නේනම් ඒ මහණහුට ඇවැතෙක් නොවේයයි ඒ ධර්‍මය තෙමේ සුගත්හු විසින් දෙසන ලද්දේය. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතිය යුතුය’යි කියන ලද්දේය.

අයඤ‍්හි පඤ‍්හො අච‍්ඡින‍්නචීවරකං භික‍්ඛුං සන්‍ධාය වුත‍්තො. අථ පන තිත්‍ථියෙහි සහගච‍්ඡන‍්ති, තෙ ච නෙසං කුසචීරවාකචීරඵලකචීරානි දෙන‍්ති, තානිපි ලද‍්ධිං අග‍්ගහෙත්‍වා නිවාසෙතුං වට‍්ටන‍්ති, නිවාසෙත්‍වාපි ලද‍්ධි න ගහෙතබ‍්බා.

මේ ප්‍රශ්නය පැහැරගත් සිවුරු ඇති මහණහු සඳහා කියනලදි. තවද තීර්ථකයන් සමග එක්වෙත්ද, ඒ තීර්ථකයෝද, ඒ මහණුන්ට කුසවැහැරිමුවාසිවුරු රුක්පතුරුමුවාසිවුරු ඵලකවැහැරිමුවාසිවුරු දෙත්ද ඒ සිවුරු ඔවුන්ගේ ලබ්ධිය නොගෙණ හැඳීම වටියි. හැඳද ලබ්ධිය නොගතයුතුය.

ඉදානි “යං ආවාසං පඨමං උපගච‍්ඡති, සචෙ තත්‍ථ හොති සඞ‍්ඝස‍්ස විහාරචීවරං වා”තිආදීසු විහාරචීවරං නාම මනුස‍්සා ආවාසං කාරෙත්‍වා “චත‍්තාරොපි පච‍්චයා අම‍්හාකංයෙව සන‍්තකා පරිභොගං ගච‍්ඡන‍්තූ”ති තිචීවරං සජ‍්ජෙත්‍වා අත‍්තනා කාරාපිතෙ ආවාසෙ ඨපෙන‍්ති, එතං විහාරචීවරං නාම. උත‍්තරත්‍ථරණන‍්ති මඤ‍්චකස‍්ස උපරි අත්‍ථරණකං වුච‍්චති. භුමත්‍ථරණන‍්ති පරිකම‍්මකතාය භූමියා රක‍්ඛණත්‍ථං චිමිලිකාහි කතඅත්‍ථරණං තස‍්ස උපරි තට‍්ටිකං පත්‍ථරිත්‍වා චඞ‍්කමන‍්ති. භිසිච‍්ඡවීති මඤ‍්චභිසියා වා පීඨභිසියා වා ඡවි, සචෙ පූරිතා හොති විධුනිත්‍වාපි ගහෙතුං වට‍්ටති. එවමෙතෙසු විහාරචීවරාදීසු යං තත්‍ථ ආවාසෙ හොති, තං අනාපුච‍්ඡාපි ගහෙත්‍වා නිවාසෙතුං වා පාරුපිතුං වා අච‍්ඡින‍්නචීවරකානං භික‍්ඛූනං ලබ‍්භතීති වෙදිතබ‍්බං. තඤ‍්ච ඛො ලභිත්‍වා ඔදහිස‍්සාමි පුන ඨපෙස‍්සාමීති අධිප‍්පායෙන න මූලච‍්ඡෙජ‍්ජාය. ලභිත්‍වා ච පන ඤාතිතො වා උපට‍්ඨාකතො වා අඤ‍්ඤතො වා කුතොචි පාකතිකමෙව කාතබ‍්බං. විදෙසගතෙන එකස‍්මිං සඞ‍්ඝිකෙ ආවාසෙ සඞ‍්ඝිකපරිභොගෙන පරිභුඤ‍්ජනත්‍ථාය ඨපෙතබ‍්බං. සචස‍්ස පරිභොගෙනෙව තං ජීරති වා නස‍්සති වා ගීවා න හොති. සචෙ පන එතෙසං වුත‍්තප‍්පකාරානං ගිහිවත්‍ථාදීනං භිසිච‍්ඡවිපරියන‍්තානං කිඤ‍්චි න ලබ‍්භති, තෙන තිණෙන වා පණ‍්ණෙන වා පටිච‍්ඡාදෙත්‍වා ආගන‍්තබ‍්බන‍්ති.

දැන් “යං ආවාසං පඨමං උපගච්ඡති සචෙ තත්‍ථ හොති සඞ්ඝස්ස විහාරචීවරං වා” යනාදි තැන්හි විහාරචීවරය නම් මිනිස්සු ආවාසයක් කරවා සිවු පසයද අප සතුය. පරිභොගයට යෙත්වායි තුන් සිවුරු පිළියෙලකොට තමන් විසින් කරවන ලද ආවාසයෙහි තබත්. මෙය විහාරචීවරය නම. “උත්තරත්‍ථරණං” ඇඳ මතුවෙහි අතුරන පසතුරුණ කියනු ලැබේ. “භුම්මත්‍ථරණං” පිරියම් කළ බිම පැහැය රකිනු පිණිස පටපිළියෙන් කරනලද අතුරන වස්ත්‍රයයි. ඒ මතුවෙහි තල්පතින් හෝ වැහැරියෙන් මැඩිලි යොදා වියූ තටුවක් එළා සක්මන් කෙරෙත්. “භිසිචච්ඡි” ඇද ගුදිරියෙහි හෝ පුටුගුදිරියෙහි හෝ උරිය යමකින් පුරවන ලද්දීද, ගසාදමා ගන්නට වටියි. මෙසේ මේ විහාරචීවරාදීන් අතුරෙහි යමක් ඒ ආවාසයෙහි වේද, එය නොවිචාරාද ගෙණ පැහැර ගත් සිවුරු ඇති මහණුන්ට හඳින්නට හෝ පොරොවන්නට ලැබේය’යි දතයුතුය. හෙද ලැබ පොරොවන්නෙමි, නැවැත තබන්නෙමි යන අදහසිනි. මූලච්ඡෙද්‍ය වශයෙන් නොවේ. ලැබද වනාහි නෑයන් කෙරෙන් හෝ උපස්ථායකයන් කෙරෙන් හෝ අන් තැනකින් හෝ යන කොතැනකින් හෝ පියවි ඇතියක්ම කටයුතුය. නොරට ගියහු විසින් එක් සඞ්ඝික ආවාසයෙක්හි සඞ්ඝිකපරිභොගයෙන් පරිභොග කරනු පිණිස තැබිය යුතුය. ඉදින් ඔහුගේ පරිභොගයෙන්ම ඒ සිවුර දිරයි හෝ නසියි හෝ නම් ග්‍රීවා නොවේ. කියූ ආකාර ඇති ගිහිවස්ත්‍ර ආදිකොට ඇති ගුදිරිඋර කෙළවර කොට සිටි මොවුන්ගෙන් කිසිවක් නොලබාද, ඒ මහණහු විසින් තෘණියෙන් හෝ පර්‍ණයෙන් හෝ වසාගෙන ආයුතුය.

යෙහි කෙහිචි වා අච‍්ඡින‍්නන‍්ති එත්‍ථ යම‍්පි අච‍්ඡින‍්නචීවරා ආචරියුපජ‍්ඣායා අඤ‍්ඤෙ “ආහරථ, ආවුසො, චීවර”න‍්ති යාචිත්‍වා වා විස‍්සාසෙන වා ගණ‍්හන‍්ති, තම‍්පි සඞ‍්ගහං ගච‍්ඡතීති වත‍්තුං යුජ‍්ජති.

“කෙහිචි වා අච්ඡින්නං” මෙහි පැහැරගත් සිවුරු ඇති ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයෝ අන්හු අතින් ‘ඇවැත්නි සිවුරක් ගෙණ එව’යි ඉල්ලා හෝ විශ්වාසයෙන් හෝ යමක් ගණිත්ද එද සඞ්ග්‍රහවට යේයයි කියයුතුය.

පරිභොගජිණ‍්ණං වාති එත්‍ථ ච අච‍්ඡින‍්නචීවරානං ආචරියුපජ‍්ඣායාදීනං අත‍්තනා තිණපණ‍්ණෙහි පටිච‍්ඡාදෙත්‍වා දින‍්නචීවරම‍්පි සඞ‍්ගහං ගච‍්ඡතීති වත‍්තුං යුජ‍්ජති. එවඤ‍්හි තෙ අච‍්ඡින‍්නචීවරට‍්ඨානෙ නට‍්ඨචීවරට‍්ඨානෙ ච ඨිතා භවිස‍්සන‍්ති, තෙන නෙසං විඤ‍්ඤත‍්තියං අකප‍්පියචීවරපරිභොගෙ ච අනාපත‍්ති අනුරූපා භවිස‍්සති.

“පරිභොගජිණ්ණං වා” මෙහිද පැහැරගත් සිවුරු ඇති ආචාර්‍ය්‍යපාද්ධ්‍යයාදීන්ට තමන් විසින් තෘණපර්‍ණයෙන් වසා දුන් සිවුරුද සඞ්ග්‍රහවට යේයයි කියයුතුය. මෙසේ ඔවුහු අච්ඡින්නචීවරස්ථානයෙහි හා නෂ්ටචීවරස්ථානයෙහි සිටියාහු වන්නාහ. එයින් ඔවුන්ට පිනවීම නිමිති කොටද අකැපසිවුරු පරිභොගය නිමිතිකොටද ඇවැත් නොවේ. ඒ අනාපත්ති තොමෝ සුදුසුවූවා වන්නීය.

ඤාතකානං පවාරිතානන‍්ති එත්‍ථ “එතෙසං සන‍්තකං දෙථා”ති විඤ‍්ඤාපෙන‍්තස‍්ස යාචන‍්තස‍්ස අනාපත‍්තීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. න හි ඤාතකපවාරිතානං ආපත‍්ති වා අනාපත‍්ති වා හොති. අත‍්තනො ධනෙනාති එත්‍ථාපි අත‍්තනො කප‍්පියභණ‍්ඩෙන කප‍්පියවොහාරෙනෙව චීවරං විඤ‍්ඤාපෙන‍්තස‍්ස චෙතාපෙන‍්තස‍්ස පරිවත‍්තාපෙන‍්තස‍්ස අනාපත‍්තීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. පවාරිතානන‍්ති එත්‍ථ ච සඞ‍්ඝවසෙන පවාරිතෙසු පමාණමෙව වට‍්ටති. පුග‍්ගලිකපවාරණාය යං යං පවාරෙති, තං තංයෙව විඤ‍්ඤාපෙතබ‍්බං. යො චතූහි පච‍්චයෙහි පවාරෙත්‍වා සයමෙව සල‍්ලක‍්ඛෙත්‍වා කාලානුකාලං චීවරානි දිවසෙ දිවසෙ යාගුභත‍්තාදීනීති එවං යෙන යෙනත්‍ථො තං තං දෙති, තස‍්ස විඤ‍්ඤාපනකිච‍්චං නත්‍ථි. යො පන පවාරෙත්‍වා බාලතාය වා සතිසම‍්මොසෙන වා න දෙති, සො විඤ‍්ඤාපෙතබ‍්බො. යො “මය‍්හං ගෙහං පවාරෙමී”ති වදති, තස‍්ස ගෙහං ගන‍්ත්‍වා යථාසුඛං නිසීදිතබ‍්බං නිපජ‍්ජිතබ‍්බං, න කිඤ‍්චි ගහෙතබ‍්බං. යො පන “යං මය‍්හං ගෙහෙ අත්‍ථි, තං පවාරෙමී”ති වදති. යං තත්‍ථ කප‍්පියං, තං විඤ‍්ඤාපෙතබ‍්බං, ගෙහෙ පන නිසීදිතුං වා නිපජ‍්ජිතුං වා න ලබ‍්භතීති කුරුන්‍දියං වුත‍්තං.

“ඤාතකානං පවාරිතානං” මෙහි මොවුන් සන්තකය දෙවුයි වින වන්නහුට ඉල්ලන්නහුට අනාපත්තියි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. නෑයන්ගෙන්ද පැවරුවන්ගෙන්ද ඉල්ලන්නහුට ආපත්තියක්ද අනාපත්තියක්ද නොවේමය. “අත්තනො ධනෙන” මෙහිද තමන්ගේ කප්පිය භාණ්ඩයෙන් කැපවහරින් සිවුරක් විනවන්නහුට විකුණවා ගන්නහුට පෙරළවන්නහුට අනාපත්තියි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. “පවාරිතානං” මෙහිද සඞ්ඝයාගේ වසයෙන් පවරන ලද්දවුන් විෂයෙහි හඳින්නට පොරවන්නහුට සෑහෙන පමණක්ම වටියි. පුද්ගලයන් පිළිබඳ පවාරණයෙන් යමක් යමක් පවරාද ඒ ඒ දෙයම විනවිය යුතුය. යමෙක් සිවුපසයෙන් පවරා තෙමේම සලකාබලා කලින්කල සිවුරු දවස් පතා කැඳබත් ආදියදැයි මෙසේ යමකින් යමකින් ප්‍රයෝජනයෙක් වේද, ඒ ඒ දෙය දේද, ඔහුට විනවන කිසක් නැත්තේය. යමෙක් වනාහි පවරා බාලභාවයෙන් හෝ සිහිමුළාවෙන් හෝ නොදේද, ඔහු පිනවිය යුතුය. යමෙක් ‘මාගේ ගෙය පවරාදෙමි’යි කියාද ඔහුගේ ගෙට ගොස් සුවසේ හිඳිය යුතුය. සැතපිය යුතුය. කිසිවක් නොගතයුතුය. යමෙක් වනාහි ‘මාගේ ගෙයි යමක් ඇත්තේද, එය පවරාදෙමි’යි කියාද, එහි යමක් කැපවේද, එය පිනවිය යුතුය. ගෙයි හිඳින්නට හෝ නිදන්නට හෝ නොලබායයි කුරුන්‍දියෙහි කියන ලද්දේය.

අඤ‍්ඤස‍්සත්‍ථායාති එත්‍ථ අත‍්තනො ඤාතකපවාරිතෙ න කෙවලං අත‍්තනො අත්‍ථාය, අථ ඛො අඤ‍්ඤස‍්සත්‍ථාය විඤ‍්ඤාපෙන‍්තස‍්ස අනාපත‍්තීති අයමෙකො අත්‍ථො. අයං පන දුතියො අඤ‍්ඤස‍්සාති යෙ අඤ‍්ඤස‍්ස ඤාතකපවාරිතා, තෙ තස‍්සෙව “අඤ‍්ඤස‍්සා”ති ලද‍්ධවොහාරස‍්ස බුද‍්ධරක‍්ඛිතස‍්ස වා ධම‍්මරක‍්ඛිතස‍්ස වා අත්‍ථාය විඤ‍්ඤාපෙන‍්තස‍්ස අනාපත‍්තීති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“අඤ්ඤස්සත්‍ථාය”යි මෙහි තමන්ගේ නෑ පැවරුවන් අතින් හුදෙක් තමන් පිණිස ඉල්ලන්නහුට පමණක් ඇවැත් නොවන්නේ නොවේ. අනිකක්හු පිණිස විනවන්නහුටත් අනාපත්තියි යනු මේ එක් අර්‍ත්‍ථයෙක් වේ. මේ වනාහි දෙවන අර්‍ත්‍ථයයි. “අඤ්ඤස්ස” යම් කෙනෙක් අනිකක්හුගේ ඥාතකපාවාරිතයෝ වෙත්ද ඔවුහු ඔහුටම ‘අඤ්ඤස්ස’යි ලැබූ ව්‍යවහාරය ඇති බුද්ධරක්‍ඛිතයා පිණිස හෝ ධර්‍මරක්‍ඛිතයා පිණිස හෝ විනවන්නහුට අනාපත්තිය වේය යනුයි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීසු ඉදම‍්පි ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදයද ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

අඤ‍්ඤාතකවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

අඤ්ඤාතක විඤ්ඤත්ති ශික්‍ෂාපදවර්‍ණනාව නිමි.

තතුත‍්තරිසික‍්ඛාපදවණ‍්ණනා

තතුත්තරිශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති තතුත‍්තරිසික‍්ඛාපදං. තත්‍ථ අභිහට‍්ඨුන‍්ති අභීති උපසග‍්ගො, හරිතුන‍්ති අත්‍ථො, ගණ‍්හිතුන‍්ති වුත‍්තං හොති. පවාරෙය්‍යාති ඉච‍්ඡාපෙය්‍ය, ඉච‍්ඡං රුචිං උප‍්පාදෙය්‍ය, වදෙය්‍ය නිමන‍්තෙය්‍යාති අත්‍ථො. අභිහට‍්ඨුං පවාරෙන‍්තෙන පන යථා වත‍්තබ‍්බං, තං ආකාරං දස‍්සෙතුං “යාවතකං ඉච‍්ඡසි තාවතකං ගණ‍්හාහී”ති එවමස‍්ස පදභාජනං වුත‍්තං. අථ වා යථා “නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො”ති (සු· නි· 426, 1104; චූළනි· ජතුකණ‍්ණිමාණවපුච‍්ඡානිද‍්දෙස 67) එත්‍ථ දිස‍්වාති අත්‍ථො, එවමිධාපි “අභිඅට‍්ඨුං පවාරෙය්‍යා”ති අභිහරිත්‍වා පවාරෙය්‍යාති අත්‍ථො. තත්‍ථ කායාභිහාරො වාචාභිහාරොති දුවිධො අභිහාරො, කායෙන වා හි වත්‍ථානි අභිහරිත්‍වා පාදමූලෙ ඨපෙත්‍වා “යත‍්තකං ඉච‍්ඡසි තත‍්තකං ගණ‍්හාහී”ති වදන‍්තො පවාරෙය්‍ය, වාචාය වා “අම‍්හාකං දුස‍්සකොට‍්ඨාගාරං පරිපුණ‍්ණං, යත‍්තකං ඉච‍්ඡසි තත‍්තකං ගණ‍්හාහී”ති වදන‍්තො පවාරෙය්‍ය, තදුභයම‍්පි එකජ‍්ඣං කත්‍වා “අභිහට‍්ඨුං පවාරෙය්‍යා”ති වුත‍්තං.

“තෙන සමයෙන” තතුත්තරි ශික්‍ෂාපදයයි. එහි “අභිභට්ඨුං” අභි යනු උපසර්‍ගයි. හැරගැනීමට යන අර්‍ත්‍ථයි. ගන්නටැයි කියන ලද්දේ වේ. “පවාරෙය්‍ය” යනු කැමැති කරවන්නේය. ඊප්සාව රුචිය උපදවන්නේය. කියන්නේය. නිමන්ත්‍රණය කරන්නේය, යන අර්‍ත්‍ථයි. එළවා පවරන්නහු විසින් යම්සේ කියයුතුද, ඒ ආකාරය දක්වනු පිණිස “යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහි”යි මෙසේ මේ පදභාජනය තෙමේ වදාරන ලද්දේය. නොහොත් ‘යථා නෙක්‍ඛම්මං දට්ඨුං ඛෙමතො’ යන මෙහි දැක යන අර්‍ත්‍ථය වේද, එසේ මෙහිදු ‘අභිහට්ඨුං පවාරෙය්‍ය’ එළවා පවරන්නේය යන අර්‍ත්‍ථය වේ. එහි කයින් එළවීමය. වචනයෙන් එළවීමයයි එළවීම දෙවැදෑරුම් වේ. කයින් හෝ වස්ත්‍ර එළවා පාමුල්හි තබා ‘යම්පමණ කැමැත්තෙහිද, එපමණ ගණුවයි කියමින් පවරන්නේය. වචනයෙන් හෝ අපගේ වස්ත්‍ර කොෂ්ඨාගාරය පිරීසිටියේය. යම්පමණ කැමැත්තෙහිද, එපමණ ගණුව’යි කියමින් පවරන්නේය. එදෙකම එක් කොට ‘අභිහට්ඨුං පවාරෙය්‍ය’යි වදාරන ලදය.

සන‍්තරුත‍්තරපරමන‍්ති සඅන‍්තරං උත‍්තරං පරමං අස‍්ස චීවරස‍්සාති සන‍්තරුත‍්තරපරමං, නිවාසනෙන සද‍්ධිං පාරුපනං උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො අස‍්සාති වුත‍්තං හොති. තතො චීවරං සාදිතබ‍්බන‍්ති තතො අභිහටචීවරතො එත‍්තකං චීවරං ගහෙතබ‍්බං, න ඉතො පරන‍්ති අත්‍ථො. යස‍්මා පන අච‍්ඡින‍්නසබ‍්බචීවරෙන තිචීවරිකෙනෙව භික‍්ඛුනා එවං පටිපජ‍්ජිතබ‍්බං, අඤ‍්ඤෙන අඤ‍්ඤථාපි, තස‍්මා තං විභාගං දස‍්සෙතුං “සචෙ තීණි නට‍්ඨානි හොන‍්තී”තිආදිනා නයෙනස‍්ස පදභාජනං වුත‍්තං.

“සන්තරුත්තරපරමං” අඳනය සහිතවූ උතුරුසඟ සිවුර පරමවූයේ ඉවසිය යුතු මේ සිවුරමැයි සන්තරුත්තරපරම නම. අඳනය සමග පොරෝනය උත්කර්‍ෂ පරිච්ඡෙදයක් වූයේ මේ සිවුරමැයි කියන ලද්දේ වේ. “තතො චීවරං සාදිතබ්බං” එළවූ සිවුරෙන් මෙපමණ සිවුරක් ගතයුතුය. මෙයින් වැඩියක් නොගත යුතුය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් අසිඳගත් සියලු සිවුරු ඇති තෙචීවරිකවූම භික්‍ෂූහු විසින් මෙසේ පිළිපැදිය යුතුය. තුන්සිවුරු අතුරෙන් එකක් හෝ දෙකක් අසිඳගත් සිවුරු ඇති අන්‍යයා විසින් ‘සන්තරුත්තරපරමං’ යනාදි වසයෙන් කියන ලද විධියෙන් අන් අයුරකින්ද පිළිපැදිය යුතුය. එහෙයින් ඒ විභාගය දක්වනු පිණිස “සචෙ තීනි නට්ඨානි හොන්ති” යනාදිනයින් මේ ශික්‍ෂාපදයෙහි පදභාජනය වදාරන ලද්දේය.

තත්‍රායං විනිච‍්ඡයො – යස‍්ස තීණි නට‍්ඨානි, තෙන ද‍්වෙ සාදිතබ‍්බානි, එකං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා අඤ‍්ඤං සභාගට‍්ඨානතො පරියෙසිස‍්සති. යස‍්ස ද‍්වෙ නට‍්ඨානි, තෙන එකං සාදිතබ‍්බං. සචෙ පකතියාව සන‍්තරුත‍්තරෙන චරති, ද‍්වෙ සාදිතබ‍්බානි. එවං එකං සාදියන‍්තෙනෙව සමො භවිස‍්සති. යස‍්ස තීසු එකං නට‍්ඨං, න සාදිතබ‍්බං. යස‍්ස පන ද‍්වීසු එකං නට‍්ඨං, එකං සාදිතබ‍්බං. යස‍්ස එකංයෙව හොති, තඤ‍්ච නට‍්ඨං, ද‍්වෙ සාදිතබ‍්බානි. භික‍්ඛුනියා පන පඤ‍්චසුපි නට‍්ඨෙසු ද‍්වෙ සාදිතබ‍්බානි. චතූසු නට‍්ඨෙසු එකං සාදිතබ‍්බං, තීසු නට‍්ඨෙසු කිඤ‍්චි න සාදිතබ‍්බං, කො පන වාදො ද‍්වීසු වා එකස‍්මිං වා. යෙන කෙනචි හි සන‍්තරුත‍්තරපරමතාය ඨාතබ‍්බං, තතො උත‍්තරි න ලබ‍්භතීති ඉදමෙත්‍ථ ලක‍්ඛණං.

එහි මේ විනිශ්චයයි: යම් මහණක්හුගේ තුන් සිවුරු නැසුනාහුද, ඔහු විසින් දෙකක් ඉවසිය යුතුය. එකක් හැඳ එකක් පොරොවා අනික සභාගස්ථානයකින් සොයන්නේය. යම් මහණක්හුගේ දෙකත් සිවුරු නැසුනාහුද, ඔහු විසින් එකක් ඉවසිය යුතුය. ඉදින් ස්වභාවයෙන්ම අඳනය හා උතුරුසඟ සිවුරෙන් හැසිරේද, දෙකක් ඉවසිය යුතුය. මෙසේ ඇති කල්හි තුන් සිවුරෙන් දෙකක් නැසුනු කල්හි එකක් ඉවසන්නහු හාම සම වන්නේය. යමක්හුගේ තුන්සිවුරෙන් එකක් නැසුනේද, එකකුත් නොඉවසිය යුතුය. යම් මහණක්හට එක්ම සිවුරක්වේද, එද නැසුනේද දෙකක් ඉවසිය යුතුය. මෙහෙණක විසින් වනාහි සිවුරු පසම නැසුනු කල්හි දෙකක් ඉවසිය යුතුය. සතරක් ඇසුනු කල්හි එකක් ඉවසිය යුතුය. තුනක් නැසුන් කල්හි කිසිවක් නොඉවසිය යුතුය. දෙකක් හෝ එකක් නැසුනු කල්හි කියනු කවරේද, යම් කිසිවකු විසින් හඳනය හා පොරෝනය පරම කොට ඇති බැවින් සිටිය යුතුය. එයින් මතුවෙහි නොලැබේය යනු මෙහි මේ ලක්‍ෂණය වේ.

සෙසකං ආහරිස‍්සාමීති ද‍්වෙ චීවරානි කත්‍වා සෙසං පුන ආහරිස‍්සාමීති අත්‍ථො. න අච‍්ඡින‍්නකාරණාති බාහුසච‍්චාදිගුණවසෙන දෙන‍්ති. ඤාතකානන‍්තිආදීසු ඤාතකානං දෙන‍්තානං සාදියන‍්තස‍්ස පවාරිතානං දෙන‍්තානං සාදියන‍්තස‍්ස අත‍්තනො ධනෙන සාදියන‍්තස‍්ස අනාපත‍්තීති අත්‍ථො. අට‍්ඨකථාසු පන “ඤාතකපවාරිතට‍්ඨානෙ පකතියා බහුම‍්පි වට‍්ටති, අච‍්ඡින‍්නකාරණා පමාණමෙව වට‍්ටතී”ති වුත‍්තං. තං පාළියා න සමෙති. යස‍්මා පනිදං සික‍්ඛාපදං අඤ‍්ඤස‍්සත්‍ථාය විඤ‍්ඤාපනවත්‍ථුස‍්මිංයෙව පඤ‍්ඤත‍්තං, තස‍්මා ඉධ “අඤ‍්ඤස‍්සත්‍ථායා”ති න වුත‍්තං. සෙසං උත‍්තානත්‍ථමෙව.

“සෙසකං ආහරිස්සාමි” සිවුරු දෙකක් කොට සෙස්ස නැවැත ගෙන එන්නෙමි යන අර්‍ත්‍ථයි. “න අච්ඡින්නකාරණා” අසිඳගැණීම කරුණු කොට නොවේය යනු බහුශ්‍රැතතත්‍වාදි ගුණ වශයෙන් දෙත්. “ඤාතකානං” යනාදිතන්හි නෑයන් දෙනකල්හි ඉවසන්නහුටද පැවරුවන් දෙන කල්හි ඉවසන්නහුටද, තමාගේ ධනයෙන් ඉවසන්නහුටද අනාපත්තිය යනු අර්‍ත්‍ථයි. අර්‍ත්‍ථකථාවන්හි වනාහි නෑ පැවැරූ තන්හි ස්වභාවයෙන්ම බොහෝද වටියි, අසිඳ ගැනීම කරුණුකොට පමණම වටීයයි කියන ලදී. එය පෙළ හා සම නොවේ. යම්හෙයකින් මේ ශික්‍ෂාපදය අනිකක්හු පිණිස විඤ්ඤාපන වස්තුවෙහිම පණවන ලද්දේද එහෙයින් මෙහි ‘අඤ්ඤස්ස අත්‍ථාය’යි නොකියන ලදී. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීසු ඉදම‍්පි ඡසමුට‍්ඨානං, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මවචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය ෂඩ්සමුත්‍ථානිකය ක්‍රියායි. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

තතුත‍්තරිසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

තතුත්තරි ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

පඨමඋපක‍්ඛටසික‍්ඛාපදවණ‍්ණනා

ප්‍රථමඋපක්ඛටශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙනාති උපක‍්ඛටසික‍්ඛාපදං. තත්‍ථ අත්‍ථාවුසො මං සො උපට‍්ඨාකොති ආවුසො, යං ත්‍වං භණසි, අත්‍ථි එවරූපො සො මම උපට‍්ඨාකොති අයමෙත්‍ථ අත්‍ථො. අපි මෙය්‍ය එවං හොතීති අපි මෙ අය්‍ය එවං හොති, අපි මය්‍යා එවන‍්තිපි පාඨො.

“තෙන සමයෙන” උපක්‍ඛට ශික්‍ෂාපදයයි. එහි “අත්‍ථාවුසො මං සො උපට්ඨාකො” ඇවැත ‘තෝ යමක් කියහිද, මාගේ මෙබඳුවූ උපස්ථායකයෙක් ඇත්තේය’යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “අපි මය්‍ය එවං හොති” ‘හිමියෙනි’ මට මෙසේ සිතෙක් වූයේය. ‘අපි මය්හ එවං’යි කියාද පාඨය වේ.

භික‍්ඛුං පනෙව උද‍්දිස‍්සාති එත්‍ථ උද‍්දිස‍්සාති අපදිස‍්ස ආරබ‍්භ. යස‍්මා පන යං උද‍්දිස‍්ස උපක‍්ඛටං හොති, තං තස‍්සත්‍ථාය උපක‍්ඛටං නාම හොති. තස‍්මාස‍්ස පදභාජනෙ “භික‍්ඛුස‍්සත්‍ථායා”ති වුත‍්තං.

“භික්‍ඛුං පනෙව උද්දිස්ස” මෙහි ‘උද්දස්ස” යනු උදෙසා ඇරැබැ යම්හෙයකින් යමකු උදෙසා යම් සිවුරු මිලයක් රැස්කරන ලද්දේවේද, ඒ සිවුරු මිලය ඔහුට ප්‍රයෝජනය පිණිස රැස්කරන ලද්දේ නම්වේද, එහෙයින් මේ පදයාගේ පදභාජනයෙහි ‘භික්‍ඛුස්සත්‍ථාය’යි වදාරන ලද්දේය.

භික‍්ඛුං ආරම‍්මණං කරිත්‍වාති භික‍්ඛුං පච‍්චයං කත්‍වා, යඤ‍්හි භික‍්ඛුං උද‍්දිස‍්ස උපක‍්ඛටං, තං නියමෙනෙව භික‍්ඛුං පච‍්චයං කත්‍වා උපක‍්ඛටං හොති, තෙන වුත‍්තං – “භික‍්ඛුං ආරම‍්මණං කරිත්‍වා”ති. පච‍්චයොපි හි “ලභති මාරො ආරම‍්මණ”න‍්තිආදීසු (සං· නි· 4.243) ආරම‍්මණන‍්ති ආගතො. ඉදානි “උද‍්දිස‍්සා”ති එත්‍ථ යො කත‍්තා, තස‍්ස ආකාරදස‍්සනත්‍ථං “භික‍්ඛුං අච‍්ඡාදෙතුකාමො”ති වුත‍්තං. භික‍්ඛුං අච‍්ඡාදෙතුකාමෙන හි තෙන තං උද‍්දිස‍්ස උපක‍්ඛටං, න අඤ‍්ඤෙන කාරණෙන. ඉති සො අච‍්ඡාදෙතුකාමො හොති. තෙන වුත‍්තං – “භික‍්ඛුං අච‍්ඡාදෙතුකාමො”ති.

“භික්‍ඛුං ආරම්මණං කරිත්‍වා” මහණකු කරුණුකොට මහණකු උදෙසා යමක් රැස් කරන ලද්දේද, ඒ සිවුරු මිලය නියමයෙන්ම මහණකු කරුණු කොට රැස්කරන ලද්දේවේද, ‘භික්‍ඛුං ආරම්මණං කරිත්‍වා’යි එහෙයින් වදාරන ලදී. ප්‍රත්‍යය තෙමේද ‘ලභති මාරො ආරම්මණං’ යනාදි තන්හි ආරම්මණැයි ආයේය. දැන් ‘උද්දිස්ස’ යන මෙහි යමෙක් කර්‍තෘවේද, ඔහුගේ ආකාරය දක්වනු පිණිස “භික්‍ඛුං අච්ඡාදෙතුකාමො” යනු වදාළ සේක. මහණහු අන්දවනු කැමැත්තාවූ ඔහු විසින් ඒ උපනන්‍ද තෙරහු උදෙසා රැස්කරන ලද්දේය. අනික් කරුණකින් නොවේයයි මෙසේ හෙතෙමේ අන්දවනු කැමැත්තේ වේ. “භික්‍ඛුං අච්ඡාදෙතුකාමො” යනු එහෙයින් වදාරන ලදය.

අඤ‍්ඤාතකස‍්ස ගහපතිස‍්ස වාති අඤ‍්ඤාතකෙන ගහපතිනා වාති අත්‍ථො. කරණත්‍ථෙ හි ඉදං සාමිවචනං. පදභාජනෙ පන බ්‍යඤ‍්ජනං අවිචාරෙත්‍වා අත්‍ථමත‍්තමෙව දස‍්සෙතුං “අඤ‍්ඤාතකො නාම…පෙ… ගහපති නාමා”තිආදි වුත‍්තං.

“අඤ්ඤාතකස්ස ගහපතිස්ස වා” නොනෑ ගැහැවියකු කරණකොටගෙන, යන අර්‍ත්‍ථයි. මෙය කරණාර්‍ත්‍ථයෙහි සාමිවචනයි. පදභාජනයෙහි ව්‍යඤ්ජනය නොවිමසා අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස ‘අඤ්ඤාතකො ගහපති නාම’ යනාදිය වදාරන ලදී.

චීවරචෙතාපන‍්නන‍්ති චීවරමූලං, තං පන යස‍්මා හිරඤ‍්ඤාදීසු අඤ‍්ඤතරං හොති, තස‍්මා පදභාජනෙ “හිරඤ‍්ඤං වා”තිආදි වුත‍්තං. උපක‍්ඛටං හොතීති සජ‍්ජිතං හොති, සංහරිත්‍වා ඨපිතං, යස‍්මා පන “හිරඤ‍්ඤං වා”තිආදිනා වචනෙනස‍්ස උපක‍්ඛටභාවො දස‍්සිතො හොති, තස‍්මා “උපක‍්ඛටං නාමා”ති පදං උද‍්ධරිත්‍වා විසුං පදභාජනං න වුත‍්තං. ඉමිනාති උපක‍්ඛටං සන්‍ධායාහ, තෙනෙවස‍්ස පදභාජනෙ “පච‍්චුපට‍්ඨිතෙනා”ති වුත‍්තං. යඤ‍්හි උපක‍්ඛටං සංහරිත්‍වා ඨපිතං, තං පච‍්චුපට‍්ඨිතං හොතීති. අච‍්ඡාදෙස‍්සාමීති වොහාරවචනමෙතං “ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො දස‍්සාමී”ති අයං පනෙත්‍ථ අත්‍ථො. තෙනෙවස‍්ස පදභාජනෙපි “දස‍්සාමී”ති වුත‍්තං.

“චීවරචෙතාපන්නං” සිවුරුමිල. එය වනාහි යම්හෙයකින් හිරණ්‍යාදීන් අතුරෙහි එක්තරා එකක් වේද, එහෙයින් පදභාජනයෙහි ‘හිරඤ්ඤං වා’ යනාදිය වදාරන ලදී. “උපක්‍ඛටං හොති” පිළියෙල කරන ලද්දේ වේ. එකතුකොට තබන ලද්දේය. යම්හෙයකින් ‘හිරඤ්ඤං වා’ යනාදි වචනයෙන් මේ සිවුරු මිල රැස්කළබව දක්වන ලද්දේවේද, එහෙයින් ‘උපක්‍ඛටං නාම’ යන පදය උදුරා වෙන්ව පදභාජනය නොවදාළ සේක. “ඉමිනා” යනු රැස් කරන ලද්ද සඳහා කීහ. එහෙයින්ම මේ පදය පිළිබඳ පදභාජනයෙහි ‘පච්චුපට්ඨිතෙන’යි වදාරන ලදය. යමක් වනාහි රැස්කරන ලද්දේද එකතු කොට තබන ලද්දේද, එය එළවා තබන ලද්දේ වේ. “අච්ඡාදෙස්සාමි” යන මෙය ව්‍යවහාර වචන මාත්‍රයෙකි. ‘මෙනම් ඇති මහණහුට දෙන්නෙමි, යන මෙහි මේ අර්‍ත්‍ථය වේ. එහෙයින්ම මේ පදයාගේ පදභාජනයෙහිද ‘දස්සාමි’යි වදාරන ලදය.

තත්‍ර චෙ සො භික‍්ඛූති යත්‍ර සො ගහපති වා ගහපතානී වා තත්‍ර සො භික‍්ඛු පුබ‍්බෙ අප‍්පවාරිතො උපසඞ‍්කමිත්‍වා චීවරෙ විකප‍්පං ආපජ‍්ජෙය්‍ය චෙති අයමෙත්‍ථ පදසම‍්බන්‍ධො. තත්‍ථ උපසඞ‍්කමිත්‍වාති ඉමස‍්ස ගන‍්ත්‍වාති ඉමිනාව අත්‍ථෙ සිද‍්ධෙ පචුරවොහාරවසෙන “ඝර”න‍්ති වුත‍්තං. යත්‍ර පන සො දායකො තත්‍ර ගන‍්ත්‍වාති අයමෙවෙත්‍ථ අත්‍ථො, තස‍්මා පුනපි වුත‍්තං “යත්‍ථ කත්‍ථචි උපසඞ‍්කමිත්‍වා”ති. විකප‍්පං ආපජ‍්ජෙය්‍යාති විසිට‍්ඨකප‍්පං අධිකවිධානං ආපජ‍්ජෙය්‍ය, පදභාජනෙ පන යෙනාකාරෙන විකප‍්පං ආපන‍්නො හොති තමෙව දස‍්සෙතුං “ආයතං වා”තිආදි වුත‍්තං. සාධූති ආයාචනෙ නිපාතො. වතාති පරිවිතක‍්කෙ. මන‍්ති අත‍්තානං නිද‍්දිසති. ආයස‍්මාති පරං ආලපති ආමන‍්තෙති. යස‍්මා පනිදං සබ‍්බං බ්‍යඤ‍්ජනමත‍්තමෙව, උත‍්තානත්‍ථමෙව, තස‍්මාස‍්ස පදභාජනෙ අත්‍ථො න වුත‍්තො. කල්‍යාණකම්‍යතං උපාදායාති සුන්‍දරකාමතං විසිට‍්ඨකාමතං චිත‍්තෙන ගහෙත්‍වා, තස‍්ස “ආපජ‍්ජෙය්‍ය චෙ”ති ඉමිනා සම‍්බන්‍ධො. යස‍්මා පන යො කල්‍යාණකම්‍යතං උපාදාය ආපජ‍්ජති, සො සාධත්‍ථිකො මහග‍්ඝත්‍ථිකො හොති, තස‍්මාස‍්ස පදභාජනෙ බ්‍යඤ‍්ජනං පහාය අධිප‍්පෙතත්‍ථමෙව දස‍්සෙතුං තදෙව වචනං වුත‍්තං. යස‍්මා පන න ඉමස‍්ස ආපජ‍්ජනමත‍්තෙනෙව ආපත‍්ති සීසං එති, තස‍්මා “තස‍්ස වචනෙනා”තිආදි වුත‍්තං.

“තත්‍ර චෙසො භික්‍ඛු” යම් තැනෙක්හි ඒ ගෘහපති තෙමේ හෝ ගෘහපතිනී තොමෝ හෝ වේද, එහි ඒ මහණතෙමේ පෙර නොපවරන ලද්දේ එළැඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ නම්යි. මෙහි මේ පදසම්බන්‍ධය වේ. එහි “උපසඞ්කමිත්‍වා” යන මෙයට ‘ගනත්‍වා’ යන මෙයින්ම අර්‍ත්‍ථය සිද්ධ කල්හි බහුල ව්‍යවහාර වශයෙන් ගෘහයි කියන ලද්දේය. යම්තැනක ඒ දායක තෙමේ වේද එහි ගොස්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. එහෙයින් නැවැතද ‘යත්‍ථ කත්‍ථිචි උපසඞ්කමිත්‍වා’යි කියන ලද්දේය. “ආපජ්ජෙය්‍ය” විසිට්ඨකප්පං යූසේයි. අධික විධානයට පැමිණෙන්නේය. පදභාජනයෙහි වනාහි යම් අයුරකින් අධික විධානය පැමිණියේ වේද, එම දක්වනු පිණිස ‘ආයතං වා’ යනාදිය වදාරන ලදි. “සාධු” යනු අභිමුඛයාඥාවෙහි නිපාතයෙකි. “වතං” යනු පරිවිතර්‍කයෙහි නිපාතයෙකි: “මං”යි තමන් දක්වයි. “ආයස්මා”යි අභිමුඛ කෙරෙයි. ආමන්ත්‍රණය කෙරෙයි. යම්හෙයකින් මේ සියල්ල ව්‍යඤ්ජනමාත්‍රයෙක්ම වූයේ ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේම වේද එහෙයින් මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි අර්‍ත්‍ථය තෙමේ නොකියන ලද්දේය. “කල්‍යාණකමතං උපාදාය” යනු යහපතක් කැමැතිබව විශිෂ්ටයක් කැමැතිබව සිතින් ගෙණය. එයට පැමිණෙන්නේ නම්යි යන මේ හා සම්බන්‍ධ වේ. යම්හෙයකින් යමෙක් යහපතක් කැමැතිබව කරණුකොට පැමිණේද හෙතෙමේ සොඳුරු බව කැමැතියෙක් වේ. මාහැඟි බව කැමැත්තේ වේ. එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි ව්‍යඤ්ජනය හැරදමා අභිමතාර්‍ත්‍ථයම දක්වනු පිණිස එම වචනය වදාරන ලද්දේය. යම්හෙයකින් වනාහි මෙයට පැමිණීම් මාත්‍රයකින්ම ආපත්ති තොමෝ කෙළවරට නොපැමිණේද, එහෙයින් “තස්ස වචනෙන” යනාදිය වදාළ සේක.

අනාපත‍්ති ඤාතකානන‍්තිආදීසු ඤාතකානං චීවරෙ විකප‍්පං ආපජ‍්ජන‍්තස‍්ස අනාපත‍්තීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. මහග‍්ඝං චෙතාපෙතුකාමස‍්ස අප‍්පග‍්ඝං චෙතාපෙතීති ගහපතිස‍්ස වීසතිඅග‍්ඝනකං චීවරං චෙතාපෙතුකාමස‍්ස “අලං මය‍්හං එතෙන, දසග‍්ඝනකං වා අට‍්ඨග‍්ඝනකං වා දෙහී”ති වදති අනාපත‍්ති. අප‍්පග‍්ඝන‍්ති ඉදඤ‍්ච අතිරෙකනිවාරණත්‍ථමෙව වුත‍්තං, සමකෙපි පන අනාපත‍්ති , තඤ‍්ච ඛො අග‍්ඝවසෙනෙව න පමාණවසෙන, අග‍්ඝවඩ‍්ඪනකඤ‍්හි ඉදං සික‍්ඛාපදං. තස‍්මා යො වීසතිඅග‍්ඝනකං අන‍්තරවාසකං චෙතාපෙතුකාමො , “තං එත‍්තකමෙව මෙ අග‍්ඝනකං චීවරං දෙහී”ති වත‍්තුම‍්පි වට‍්ටති. සෙසං උත‍්තානත්‍ථමෙව.

“අනාපත්ති ඤාතකානං” යනාදි තන්හි “ඤාතකානං” නෑයන්ගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නහුට අනාපත්තියි මෙසේ අර්‍ත්‍ථය දතයුතුය. “මහග්ඝං චෙතාපෙතුකාමස්ස අප්පග්ඝං චෙතාපෙති” යනු විස්සක් අගනා සිවුරක් මිලකරනු කැමැති ගැහැවියට ‘මට මෙයින් කම් නැත්තේයි, දසයක් අගනා වූ හෝ අටක් අගනා වූ හෝ සිවුරක් දෙව’යි කියාද, ඇවැත් නොවේ. “අප්පග්ඝං” යන මෙද අධිකය වැළකීම පිණිසම වදාරන ලද්දේය. සමවූ විධානය නිමිතිකොටද ඇවැත් නොවේ. හෙද ඇගීම් වසයෙනි. පමණ විසින්ම නොවේ. මේ ශික්‍ෂාපදය අගය වැඩීම පමණකොට ඇත්තේමය. එහෙයින් යමෙක් විස්සක් අගනා අඳනයක් මිලදී ගනු කැමැත්තේ වේද, ඔහුට මෙපමණක් අගනා සිවුරක් මට දෙව’යි කියනු වටියි. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමුට‍්ඨානාදීනිපි තතුත‍්තරිසික‍්ඛාපදසදිසානෙවාති.

සමුත්‍ථානාදීහු ද තතුත්තරිශික්‍ෂාපදය සමානම වෙත්.

පඨමඋපක‍්ඛටසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථම උපක්‍ඛටශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

දුතියඋපක‍්ඛටසික‍්ඛාපදවණ‍්ණනා

ද්විතීයඋපක්ඛටශික්‍ෂාපද වර්ණනාව

දුතියඋපක‍්ඛටෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. තඤ‍්හි ඉමස‍්ස අනුපඤ‍්ඤත‍්තිසදිසං. කෙවලං පඨමසික‍්ඛාපදෙ එකස‍්ස පීළා කතා, දුතියෙ ද‍්වින‍්නං, අයමෙවෙත්‍ථ විසෙසො. සෙසං සබ‍්බං පඨමසදිසමෙව. යථා ච ද‍්වින‍්නං, එවං බහූනං පීළං කත්‍වා ගණ‍්හතොපි ආපත‍්ති වෙදිතබ‍්බාති.

දුතිය උපක්‍ඛට ශික්‍ෂාපදයෙහිද මේ නයින්ම අර්‍ත්‍ථය දතයුතුය. ඒ වනාහි මේ ශික්‍ෂාපදයෙහි අනුප්‍රඥප්තිය සමානවේ. හුදෙක් ප්‍රථම ශික්‍ෂාපදයෙහි එකක්හට පීඩා කරන ලදී. ද්විතීය ශික්‍ෂාපදයෙහි දෙදෙනකුට පීඩා කරන ලදි. මෙපමණෙක්ම මෙහි වෙනස වේ. සියල්ල ප්‍රථම ශික්‍ෂාපදය සමානම වේ. දෙදෙනකුට යම්සේද, බොහෝ දෙනාට පීඩාකොට ගන්නහුටද ඇවැත් දතයුතුය.

දුතියඋපක‍්ඛටසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය උපක්‍ඛටශික්‍ෂාපද වර්‍ණනාව නිමි.