යෙදුමෙන් කියවන්න

තතියකථිනසික‍්ඛාපදං

5. 1. 3.

5. 1. 3.

තතියකථිනසික‍්ඛාපදං

තෘතීයකඨිනශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො අකාලචීවරං උප‍්පන‍්නං හොති. තස‍්ස තං චීවරං කයිරමානං නප‍්පහොති. අථ ඛො සො භික‍්ඛු තං චීවරං උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජති. අද‍්දසා ඛො භගවා සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො තං භික‍්ඛුං තං චීවරං උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජන‍්තං. දිස‍්වාන යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං එතදවොච: “කිස‍්ස ත්‍වං භික‍්ඛු ඉමං චීවරං උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජසී”ති? “ඉදම‍්මෙ භන‍්තෙ අකාලචීවරං උප‍්පන‍්නං කයිරමානං නප‍්පහොති. තෙනාහං ඉමං චීවරං උස‍්සාපෙත්‍වා පුනප‍්පුනං විමජ‍්ජාමී”ති. “අත්‍ථි පන තෙ භික‍්ඛු චීවරපච‍්චාසා”ති? “අත්‍ථි භගවා”ති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:- “අනුජානාමි භික‍්ඛවෙ අකාලචීවරං පටිග‍්ගහෙත්‍වා චීවරපච‍්චාසා නික‍්ඛිපිතු”න‍්ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරණ සේක. තවද එසමයෙහි එක්තරා මහණක්හට අයල්සිවුරක් උපන්නේ වෙයි. ඔහුට ඒ සිවුර කරණු ලබන්නේ නො පොහෝනේ ය. ඉක්බිති ඒ මහණ තෙම ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ මහණ ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කරණුවහු දුටහ. දැක ඒ මහණ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියහ. එළඹ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ, තෝ කුමට මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙහි දැ’ යි. ‘වහන්ස, මේ මට උපන් අයල්සිවුර කරණු ලබන්නේ නොපොහොනේ වෙයි. එහෙයින් මම් මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙමි’ යි. ‘මහණ, තට සිවුරු ලැබීමේ ආශායෙක් ඇත් දැ?’ යි. ‘ඇත භාග්‍යවතුන් වහන්සැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, අයල්සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදනිමි’ යි.

2. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ භගවතා අනුඤ‍්ඤාතං අකාලචීවරං පටිග‍්ගහෙත්‍වා චීවරපච‍්චාසා නික‍්ඛිපිතුන‍්ති අකාලචීවරානි පටිග‍්ගහෙත්‍වා අතිරෙකමාසං නික‍්ඛිපන‍්ති තානි චීවරානි චීවරවංසෙ භණ‍්ඩිකාබද‍්ධානි තිට‍්ඨන‍්ති. අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො තානි චීවරානි චීවරවංසෙ භණ‍්ඩිකාබද‍්ධානි තිට‍්ඨන‍්තෙ. දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි: “කස‍්සිමානි ආවුසො චීවරානි චීවරවංසෙ භණ‍්ඩිකාබද‍්ධානි තිට‍්ඨන‍්තී”ති. අම‍්හාකං ආවුසො අකාලචීවරානි චීවරපච‍්චාසා නික‍්ඛිත‍්තානී”ති. “කීව චිරං පනාවුසො ඉමානි චීවරානි නික‍්ඛිත‍්තානී”ති. “අතිරෙකමාසං ආවුසො”ති. ආයස‍්මා ආනන්‍දො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික‍්ඛූ අකාලචීවරං පටිග‍්ගහෙත්‍වා අතිරෙකමාසං නික‍්ඛිපිස‍්සන‍්තී”ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි. -පෙ- “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ අකාලචීවරං පටිග‍්ගහෙත්‍වා අතිරෙකමාසං නික‍්ඛිපන‍්තී”ති? “සච‍්චං භගවා”. විගරහි බුද‍්ධො භගවා “කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා අකාලචීවරං පටිග‍්ගහෙත්‍වා අතිරෙකමාසං නික‍්ඛිපිස‍්සන‍්තී”ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. තවද එසමයෙහි භික්‍ෂුහු භාග්‍යවතුන් විසින් ‘අයල්සිවුරක් පිළිගෙණ සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදන්නා ලදැ’ යි අයල්සිවුරු පිළිගෙණ අතිරේක මාසයක් කල් තබති. ඒ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ චීවරයන් සිවුරුවසැ බදබැඬි වි සිටියන් දුටහ. දැක භික්‍ෂූන් ඇමතූහ: ‘ඇවැත්නි, කවරක්හුගේ මේ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිත් දැ’ යි. ‘ඇවැත්නි, අපගේ නොකල් සිවුරු චීවරපච්චාසායෙන් තබන ලද්දාහු ය’ යි. ඇවැත්නි, ‘කිපමණ කල් මේ සිවුරු තබන ලද්දාහු දැ’ යි. ‘ඇවැත්නි, අයිරා මසෙකැ’ යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවඥා කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් මහණහු අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූ දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් දැන්වූ හ. ... “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අයල්සිවුරු පිළිගෙන අයිරා මසක් තබත් දැ” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’

“නිට‍්ඨිතචීවරස‍්මිං භික‍්ඛුනා උබ‍්භතස‍්මිං කඨිනෙ භික‍්ඛුනො පනෙව අකාලචීවරං උප‍්පජ‍්ජෙය්‍ය, ආකඞ‍්ඛමානෙන භික‍්ඛුනා පටිග‍්ගහෙතබ‍්බං. පටිග‍්ගහෙත්‍වා ඛිප‍්පමෙව කාරෙතබ‍්බං. නොචස‍්ස පාරිපූරි, මාසපරමං තෙන භික‍්ඛුනා තං චීවරං නික‍්ඛිපිතබ‍්බං ඌනස‍්ස පාරිපූරියා සතියා පච‍්චාසාය, තතො චෙ උත‍්තරිං නික‍්ඛිපෙය්‍ය සතියාපි පච‍්චාසාය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින් උදුළ කල්හි භික්‍ෂූනට මැ වැළිත් අයල්සිවුරෙක් උපදනේ නම් කැමැති වන්නා වූ භික්‍ෂූහු විසින් පිළිගත යුතු ය. පිළිගෙන වහාම කරවිය යුතු ය. ඉදින් පිරිපුන් බව නො වන්නේ නම් ඒ භික්‍ෂූහු විසින් ඌනපූරණය පිණිස සිවුරු ලැබීමේ ආශාවක් ඇති කල්හි ඒ සිවුර මසක් පරම කොට ඇති කලක් තැබිය යුතු ය. චීවරාසාවක් ඇති කල්හිදු එයින් මත්තෙහි තබා නම් නිසැඟි පචිති වේ” යි.

3. නිට‍්ඨිතචීවරස‍්මින‍්ති භික‍්ඛුනො චීවරං කතං වා හොති නට‍්ඨං වා විනට‍්ඨං වා දඩ‍්ඪං වා චීවරාසා වා උපච‍්ඡින‍්නා.

3. නිට්ඨතචීවරස්මිං යනු: භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි. නැසුනේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ චීවරාසාව සිඳුනේ හෝ වෙයි.

උබ‍්භතස‍්මිං කඨිනෙති අට‍්ඨන‍්නං මාතිකානං අඤ‍්ඤතරාය මාතිකාය උබ‍්භතං හොති, සඞ‍්ඝෙන වා අන‍්තරා උබ‍්භතං හොති.

උබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතෘකාවන් අතුරින් එක්තරා මාතෘකායෙකින් උදුරන ලද්දේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.

අකාලචීවරං නාම: අනත්‍ථතෙ කඨිනෙ එකාදසමාසෙ උප‍්පන‍්නං, අත්‍ථතෙ කඨිනෙ සත‍්තමාසෙ උප‍්පන‍්නං, කාලෙපි ආදිස‍්ස දින‍්නං, එතං අකාලචීවරං නාම.

අකාලචීවර නම්: කෙළින් නොඅතුළ කල්හි එකොළොස් මස්හි උපන්නේ ය. කෙළින් අතුළ කල්හි සත්මස් මුළුල්ලෙහි උපන්නේ ය. කල්හිදු නොකල්සිවුරු යි උදෙසා දෙන ලද්දේ ය. තෙල අයල් සිවුරු නම.

උප‍්පජ‍්ජෙය්‍යාති උප‍්පජ‍්ජෙය්‍ය සඞ‍්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත‍්තතො වා පංසුකූලං වා අත‍්තනො වා ධනෙන.

උප්පජ්ජෙය්‍ය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ උපදනේ ය.

ආකඞ‍්ඛමානෙනාති ඉච‍්ඡමානෙන පටිග‍්ගහෙතබ‍්බං.

ආකඞ්ඛමානෙන යනු: කැමැත්තහු විසින් පිළිගත යුතු ය.

පටිග‍්ගහෙත්‍වා ඛිප‍්පමෙව කාරෙතබ‍්බන‍්ති දසාහා කාරෙතබ‍්බං.

පටිග්ගහෙත්‍වා ඛීප්පමෙච කාරෙතබ්බං යනු: දස දවසෙකින් කරවිය යුතු ය.

නො චස‍්ස පාරිපූරීති කයිරමානං නප‍්පහොති.

නො චස්ස පාරිපූරී යනු: කරණු ලබන්නේ නො පොහෝනේ ය.

මාසපරමං තෙන භික‍්ඛුනා තං චීවරං නික‍්ඛිපිතබ‍්බන‍්ති මාසපරමතා නික‍්ඛිපිතබ‍්බං.

මාසපරමං තෙන භික්ඛුනා තං චිවරං නික්ඛිපීතබ්බං යනු: මසක් කල් පරම කොට තැබිය යුතු ය.

ඌනස‍්ස පාරිපූරියාති ඌනස‍්ස පාරිපූරත්‍ථාය.

ඌනස්ස පාරිපූරියා යනු: උනු වූවහුගේ සම්පූර්‍ණ බව පිණිස ය.

සතියා පච‍්චාසායාති පච‍්චාසා හොති සඞ‍්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත‍්තතො වා පංසුකූලං වා අත‍්තනො වා ධනෙන.

සතියා පච්චාසාය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ සිවුරු ලැබීමේ ආශායෙක් වෙයි.

තතො චෙ උත‍්තරිං නික‍්ඛිපෙය්‍ය සතියාපි පච‍්චාසායාති තදහුප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, දසාහා කාරෙතබ‍්බං. ද‍්වීහුප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, දසාහා කාරෙතබ‍්බං. තීහුප‍්පන‍්නෙ -පෙ- චතූහුප‍්පන‍්නෙ -පෙ- පඤ‍්චාහුප‍්පන‍්නෙ -පෙ- ඡාහුප‍්පන‍්නෙ -පෙ- සත‍්තාහුප‍්පන‍්නෙ -පෙ- අට‍්ඨාහුප‍්පන‍්නෙ, -පෙ- නවාහුප‍්පන‍්නෙ -පෙ- දසාහුප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, දසාහා කාරෙතබ‍්බං. එකාදසෙ උප‍්පන‍්නෙ -පෙ- ද‍්වාදසෙ උප‍්පන‍්නෙ -පෙ- තෙරසෙ උප‍්පන‍්නෙ -පෙ- චුද‍්දසෙ උප‍්පන‍්නෙ -පෙ- පන‍්නරසෙ උප‍්පන‍්නෙ -පෙ- සොළසෙ උප‍්පන‍්නෙ -පෙ- සත‍්තරසෙ උප‍්පන‍්නෙ -පෙ- අට‍්ඨාරසෙ උප‍්පන‍්නෙ -පෙ- එකූනවීසෙ උප‍්පන‍්නෙ -පෙ- වීසෙ උප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, දසාහා කාරෙතබ‍්බං. එකවීසෙ උප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, නවාහා කාරෙතබ‍්බං. ද‍්වාවීසෙ උප‍්පන‍්නෙ -පෙ- තෙවීසෙ උප‍්පන‍්නෙ -පෙ- චතුවීසෙ උප‍්පන‍්නෙ -පෙ- පඤ‍්චවීසෙ උප‍්පන‍්නෙ -පෙ- ඡබ‍්බීසෙ උප‍්පන‍්නෙ -පෙ- සත‍්තවීසෙ උප‍්පන‍්නෙ -පෙ- අට‍්ඨවීසෙ උප‍්පන‍්නෙ -පෙ- එකූනතිංසෙ උප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, එකාහා කාරෙතබ‍්බං. තිංසෙ උප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති, තදහෙව අධිට‍්ඨාතබ‍්බං. විකප‍්පෙතබ‍්බං. විස‍්සජ‍්ජෙතබ‍්බං.

තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියා’පි පච්චාසාය යනු: එදවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. දෙවන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. තුන්වන දවස උපන් ... සතර වන දවස උපන් ... පස්වන දවස උපන් ... සවන දවස උපන් ... සත්වන දවස උපන් ... අට වන දවස උපන් ... නව වන දවස උපන් ... දස වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එකොළොස් වන දවස උපන් ... දොළොස් වන දවස උපන් ... තෙළෙස් වන දවස උපන් ... තුදුස් වන දවස උපන් ... පසළොස් වන දවස උපන් ... සොළොස් වන දවස උපන් ... සතළොස් වන දවස උපන් ... අටළොස් වන දවස උපන් ... එකුන්විසි වන දවස උපන් ... විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එක්විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් නව දවසින් කරවිය යුතු ය. දෙවිසි වන දවස උපන් ... තෙවිසි වන දවස උපන් ... සූවිසි වන දවස උපන් ... පස්විසි වන දවස උපන් ... සවිසි වන දවස උපන් ... සත්විසි වන දවස උපන් ... අටවිසි වන දවස උපන් ... එකුන්තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එක්දවසින් කරවිය යුතු. තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එදවස මැ ඉටිය යුතු ය. විකැපිය යුතු ය. විසැඳිය යුතු ය.

නො චෙ අධිට‍්ඨෙය්‍ය වා විකප‍්පෙය්‍ය වා විස‍්සජ‍්ජෙය්‍ය වා එකතිංසෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොති, නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- “ඉදම‍්මෙ භන‍්තෙ අකාලචීවරං මාසාතික‍්කන‍්තං නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති -පෙ- දදෙය්‍යාති” -පෙ- දදෙය්‍යු”න‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

ඉදින් නො ඉටා නම් හෝ නො විකපා නම් හෝ නො විසඳා නම් හෝ එක්තිස් වන අරුණ නැගෙන ලක්හි නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුල්හට හෝ නිසැදිය යුතු ය. තවද මහණෙනි, මෙසේත් නිසැදිය යුතු ය ... “වහන්ස, මේ මාගේ අයල්සිවුර මසක් ඉක්මගියේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසඳමි” යි ... දෙන්නේ ය. ... දෙන්නාහු ය. ... ආයුෂ්මත්හට දෙමි” යි.

4. විසභාගෙ උප‍්පන‍්නෙ මූලචීවරෙ පච‍්චාසාචීවරං උප‍්පජ‍්ජති රත‍්තියො ච සෙසා හොන‍්ති, න අකාමා කාරෙතබ‍්බං.

4. විසභාග වූ මූලචීවරය උපන් කල්හි පච්චාසාචීවරය උපදී නම් රාත්‍රීහු ද ශේෂ වෙත් නම් නො කැමැත්තෙන් නො කරවිය යුතු ය.

5. මාසාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. මාසාතික‍්කන‍්තෙ වෙමතිකො -පෙ- මාසාතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී -පෙ- අනධිට‍්ඨිතෙ අධිට‍්ඨිතසඤ‍්ඤී -පෙ- අවිකප‍්පිතෙ විකප‍්පිතසඤ‍්ඤී -පෙ- අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤී -පෙ- අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤී -පෙ- අවිනට‍්ඨෙ විනට‍්ඨසඤ‍්ඤී -පෙ- අදඩ‍්ඪෙ දඩ‍්ඪසඤ‍්ඤී -පෙ- අවිලුත‍්තෙ විලුත‍්තසඤ‍්ඤී නිස‍්සග‍්ගියං පාචිත‍්තියං.

5. මසක් ඉක්ම ගිය සිවුරෙහි “ඉක්ම ගියේ ය” යන සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. මසක් ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ ... මසක් ඉක්මගිය සිවුරෙහි, නො ඉක්මිනැ’යි සංඥා ඇත්තේ ... නො ඉටූයෙහි ‘ඉටන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විකැපූයෙහි ‘විකපන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො විසජන ලදුයෙහි ‘විසජන ලදැ’ යි සංඥා ඇත්තේ ... නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නො වැනැසුනු සිවුරෙහි ‘වැනැසිනැ’ යි සංඥා ඇත්තේ ... නො දැවුනෙහි ‘දැවිනැ’යි සංඥා ඇත්තේ ... අසිඳැ ගන්නා ලද්දෙහි ‘නො අසිඳැ ගන්නා ලදැ’ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වේ.

6. නිස‍්සග‍්ගියං චීවරං අනිස‍්සජිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස. මාසානතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. මාසානතික‍්කන‍්තෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. මාසානතික‍්කන‍්තෙ අනතික‍්කන‍්තසඤ‍්ඤී, අනාපත‍්ති.

6. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි ‘ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. මසක් නො ඉක්මගිය සිවුරෙහි විමති ඇතියේ දුකුළාඇවැත් වෙයි. මසක් නොඉක්මගිය සිවුරෙහි ‘නො ඉක්මිනැ’ යි සංඥා ඇත්තේ ඇවැත් නැති.

7. අනාපත‍්ති අන‍්තොමාසෙ අධිට‍්ඨෙති, විකප‍්පෙති, විස‍්සජ‍්ජෙති, නස‍්සති , විනස‍්සති, ඩය‍්හති, අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හන‍්ති, විස‍්සාසං ගණ‍්හන‍්ති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

7. ඇතුළු මාසයෙහි ඉටා නම්, විකපා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උමතුහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

තතියකඨිනසික‍්ඛාපදං නිට‍්ඨිතං.

තෘතීය කඨින ශික්‍ෂාපදය නිමි.