යෙදුමෙන් කියවන්න

දුතියකඨින සික‍්ඛාපදං

5. 1. 2.

5. 1. 2.

දුතියකඨින සික‍්ඛාපදං

ද්විතීයකඨිනශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ භික‍්ඛූනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමන‍්ති. තානි චීවරානි චිරං නික‍්ඛිත‍්තානි කණ‍්ණකිතානි හොන‍්ති. තානි භික‍්ඛූ ඔතාපෙන‍්ති. අද‍්දසා ඛො ආයස‍්මා ආනන්‍දො සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තො තෙ භික‍්ඛූ තානි චීවරානි ඔතාපෙන‍්තෙ. දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ එතදවොච: “කස‍්සිමානි ආවුසො චීවරානි කණ‍්ණකිතානී”ති. අථ ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො ආනන්‍දස‍්ස එතමත්‍ථං ආරොචෙසුං. ආයස‍්මා ආනන්‍දො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික‍්ඛූ භික‍්ඛූනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමිස‍්සන‍්තී”ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි, “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ භික‍්ඛූනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමන‍්තී”ති? “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා “කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා භික‍්ඛූනං හත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා සන‍්තරුත‍්තරෙන ජනපදචාරිකං පක‍්කමිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරන සේක. තවද එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් යුතු ව ජනපදචාරිකායේහි නික්මෙති. ඒ සිවුරු බොහෝ කල් තබන ලද්දාහු හටගත් කැලැල් ඇත්තාහු වෙති. භික්‍ෂූහු ඒ සිවුරු (අවුවෙහි) තවති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසන චාරිකායෙහි ඇවිදිනාහු ඒ සිවුරු තවන ඒ භික්‍ෂූන් දුටහ. දැක ඒ භික්‍ෂූන් කරා එළඹ ඒ භික්‍ෂූන්ට මෙසේ කීහ: ‘ඇවැත්නි, කැලැල් හටගත් මේ සිවුරු කවරක්හුගේ දැ’ යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන්ට එපවත් දැන්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපදචාරිකායේහි නික්මුණාහු දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මෙත් දැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ භික්‍ෂූන් අත සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මුණාහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:

“නිට‍්ඨිතචීවරස‍්මිං භික‍්ඛුනා උබ‍්භතස‍්මිං කඨිනෙ එකරත‍්තම‍්පි චෙ භික‍්ඛු තිචීවරෙන විප‍්පවසෙය්‍ය, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි ඉදින් මහණ තෙම එක් රැයකුදු තුන් සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ ය” යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.

[මූලපඤ‍්ඤත‍්ති.]

[මුල් පැණවීමයි]

2. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු කොසම‍්බියං ගිලානො හොති. ඤාතකා තස‍්ස භික‍්ඛුනො සන‍්තිකෙ දූතං පාහෙසුං: “ආගච‍්ඡතු භදන‍්තො මයං උපට‍්ඨහිස‍්සාමා”ති. භික‍්ඛූපි එවමාහංසු. “ගච‍්ඡාවුසො ඤාතකා තං උපට‍්ඨහිස‍්සන‍්තී”ති. සො එවමාහ: “භගවතාවුසො සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං න තිචීවරෙන විප‍්පවසිතබ‍්බ”න‍්ති. “අහඤ‍්චම‍්හි ගිලානො, න සක‍්කොමි තිචීවරං ආදාය පක‍්කමිතුං, නාහං ගමිස‍්සාමී”ති . භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

2. එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ඒ භික්‍ෂූහුගේ සමීපයෙහි දූතයකු එවූහ. ‘වහන්සේ (මෙහි) එත්වා අපි උවටැන් කරම්හ’යි. භික්‍ෂූහු ද මෙසේ කීහු: ‘යා ඇවැත්නි, නෑයෝ තොපට උවටැන් කරන්නාහ’ යි. හේ මෙසේ කී ය: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් ‘තුන් සිවුරින් නොවෙන් ව විසියයුතු ය’ යි සිකපද පණවන ලද: ‘මම ද ගිලන්මි. තුන්සිවුරු ගෙණ නික්ම යන්නට නො පොහොසත්මි. මම නො යෙමි’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ:

3. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස භික‍්ඛුනො තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං දාතුං. එවඤ‍්ච පන, භික‍්ඛවෙ, දාතබ‍්බා. තෙන ගිලානෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: ‘අහං භන‍්තෙ ගිලානො න සක‍්කොමි තිචීවරං ආදාය පක‍්කමිතුං, සොහං භන‍්තෙ සඞ‍්ඝං තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බා. තතියම‍්පි යාචිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, ගිලන් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය’ දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මම් ගිලන්මි. තුන් සිවුරු ගෙණ යන්නට නො පොහොසත්මි. වහන්ස, ඒ මම් සඞ්ඝයා තිචීවර අවිප්පවාස සම්මුතිය අයදිමි” යි දෙවනවට ද යැදිය යුත්තේ ය. තෙවනවට ද යැදිය යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙම දැන්විය යුත්තේ ය:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො න සක‍්කොති තිචීවරං ආදාය පක‍්කමිතුං. සො සඞ‍්ඝං තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං දෙති. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හෙතෙම සඞ්ඝයා තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය දෙන්නේ ය’ තෙල ඤත්ති’ යයි.

“සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ගිලානො. න සක‍්කොති තිචීවරං ආදාය පක‍්කමිතුං. සො සඞ‍්ඝං තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතිං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුතියා දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයා ‘තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාසසම්මුතිය’ දෙයි. මෙ නම් මහණහට තිචීවර අවිප්පවාසසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නොරිසි වේ නම් හේ කියන්නේ ය.

දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තිචීවරෙන අවිප‍්පවාසසම‍්මුති. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙනම් මහණහට තිචීවර අවිප්පවාසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝායට රුචි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ මේ තුෂ්ණිම්භාවය ධරමි” යි.

එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:

“නිට‍්ඨිතචීවරස‍්මිං භික‍්ඛුනා උබ‍්භතස‍්මිං කඨිනෙ එකරත‍්තම‍්පි චෙ භික‍්ඛු තිචීවරෙන විප‍්පවසෙය්‍ය අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා, නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති.

“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින්උදුළ කල්හි ඉදින් මහණ තෙම භික්‍ෂූසම්මුතිය නැති ව එක් රැයකුදු තුන්සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ” යයි.

[දුතියපඤ‍්ඤත‍්ති.]

[දෙවන පැණවීමයි.]

4. නිට‍්ඨිතචීවරස‍්මින‍්ති භික‍්ඛුනො චීවරං කතං වා හොති නට‍්ඨං වා, විනට‍්ඨං වා දඩ‍්ඪං වා චීවරාසා වා උපච‍්ඡින‍්නා.

4. නිට්ඨතචිවරස්මිං යනු භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි, නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනේ හෝ වෙයි.

උබ‍්භතස‍්මිං කඨිනෙති අට‍්ඨන‍්නං මාතිකානං අඤ‍්ඤතරාය මාතිකාය උබ‍්භතං හොති. සඞ‍්ඝෙන වා අන‍්තරා උබ‍්භතං හොති.

උබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතිකාවන් අතුරෙහි එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.

එකරත‍්තම‍්පි චෙ භික‍්ඛු තිචීවරෙන විප‍්පවසෙය්‍යාති සඞ‍්ඝාටියා වා උත‍්තරාසඞ‍්ගෙන වා අන‍්තරවාසකෙන වා.

ඒකරත්තම්පි චෙ භික්‍ඛු තිවීවරෙන විප්පවස්‍යෙය යනු: සඟළසිවුරින් හෝ උතුරුසඟසිවුරින් හෝ අතුරුවසාසිවුරින් හෝ.

අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියාති ඨපෙත්‍වා භික‍්ඛුසම‍්මුතිං.

අඤ්ඤත්‍ර භික්‍ඛුසම්මුතියා යනු: භික්‍ෂූසම්මතය තබා.

නිස‍්සග‍්ගියං හොතීති සහ අරුණුග‍්ගමනෙන නිස‍්සග‍්ගියං හොති. නිස‍්සජ‍්ජිතබ‍්බං සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා. එවඤ‍්ච පන භික‍්ඛවෙ නිස‍්සජ‍්ජිතබ‍්බං -පෙ- “ඉදම‍්මෙ භන‍්තෙ චීවරං රත‍්තිං විප‍්පවුත්‍ථං අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා නිස‍්සග‍්ගියං, ඉමාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමීති -පෙ- දදෙය්‍යාති -පෙ- දදෙය්‍යුන‍්ති -පෙ- ආයස‍්මතො දම‍්මී”ති.

නිස්සග්ගීයං හොති යනු: අරුණු නැඟීම සමඟ නිසැඟි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. ... “වහන්ස, මාගේ මේ සිවුර භික්‍ඛුසම්මුති නැති ව රැයක් වෙන් ව වසන ලද. නිසැඟි වූයේ ය. මම් මෙය සඞ්ඝයාට නිසජමි’යි දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි.

5. ගාමො එකූපචාරො නානූපචාරො, නිවෙසනං එකූපචාරං නානූපචාරං, උද‍්දොසිතො එකූපචාරො නානූපචාරො, අට‍්ටො එකූපචාරො නානූපචාරො, මාලො එකූපචාරො නානූපචාරො, පාසාදො එකූපචාරො නානූපචාරො, හම‍්මියං එකූපචාරං නානූපචාරං, නාවා එකූපචාරා නානූපචාරා, සත්‍ථො එකූපචාරො නානූපචාරො, ඛෙත‍්තං එකූපචාරං නානූපචාරං, ධඤ‍්ඤකරණං එකූපචාරං නානූපචාරං, ආරාමො එකූපචාරො නානූපචාරො, විහාරො එකූපචාරො නානූපචාරො, රුක‍්ඛමූලං එකූපචාරං නානූපචාරං, අජ‍්ඣොකාසො එකූපචාරො නානූපචාරො.

5. ගම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නිවෙස්න ඒකූපචාර ද නානූපචාර ද වෙයි. බඩුහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අටල්ල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. මහල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. පහය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. සඳලුගෙය ඒකූපචාර ද නානූපචාර ද වෙයි. නැව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, ගැල් සාත්තුව ඒකූපචාර ද නානූපචාර ද වෙයි, කෙත ඒකූපචාර ද නානූපචාර ද වෙයි. කලවිට ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අරම ඒකූපචාර ද නානූපචාර ද වෙයි. වෙහෙර ඒකූපචාර ද නානූපචාර ද වෙයි. රුක්මුල ඒකූපචාර ද නානූපචාර ද වෙයි. අබවස ඒකූපචාර ද නානූපචාර ද වේ.

6. ගාමො එකූපචාරො නාම: එකකුලස‍්ස ගාමො හොති පරික‍්ඛිත‍්තො ච, අන‍්තොගාමෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොගාමෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං ඝරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ඝරෙ වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

6. ඒකූපචාර ගම නම්: එක් කුලයකට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේ ද වේ නම් ඇතුළුගම සිවුර තබා ඇතුළුගම විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් නොහළ යුතු ය.

7. නානාකුලස‍්ස ගාමො හොති පරික‍්ඛිත‍්තො ච, යස‍්මිං ඝරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ඝරෙ වත්‍ථබ‍්බං සභායෙ වා ද‍්වාරමූලෙ වා හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. සභායං ගච‍්ඡන‍්තෙන හත්‍ථපාසෙ චීවරං නික‍්ඛිපිත්‍වා සභායෙ වා වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. සභායෙ චීවරං නික‍්ඛිපිත්‍වා සභායෙ වා වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං ඝරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ඝරෙ වත්‍ථබ‍්බං. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

7. නානා කුලයනට අයත් ගම පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් යම් ගෙයක සිවුර තබන ලද වේ ද ඒ ගෙහි සභායෙහි හෝ ද්වාරසමීපයෙහි හෝ විසිය යුතු ය. අත්පසින් නො හළ යුතු ය. සබයට යන්නහු විසින් අත්පසැ සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. සෙබෙහි සිවුර තබා සෙබෙහි හෝ දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. පිරිකෙව් නො කරණ ලද්දේ වේ නම් යම් ගෙයක සිවුර තබන ලද්දේ ද ඒ ගෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.

8. එකකුලස‍්ස නිවෙසනං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච නානාගබ‍්භා නානාඔවරකා, අන‍්තොනිවෙසනෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොනිවෙසනෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

8. එක් කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු නිවෙස්නෙහි සිවුර තබා ඇතුළු නිවෙස්නෙහි විසිය යුතු. පිරිකෙව් නොකරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

9. නානාකුලස‍්ස නිවෙසනං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච නානාගබ‍්භා නානාඔවරකා. යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

9. නානා කුලයකට අයත් නිවෙස්න පිරිකෙව් කරණ ලද්දේත් වේ නම් නානාගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

10. එකකුලස‍්ස උදොසිතො හොති පරික‍්ඛිත‍්තො ච නානාගබ‍්භා නානාඔවරකා, අන‍්තොඋදොසිතෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොඋදොසිතෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

10. එක් කුලයකට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ඇතුළු බඩුහලෙහි සිවුර තබා ඇතුළු බඩුහලෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.

11. නානාකුලස‍්ස උදොසිතො හොති පරික‍්ඛිත‍්තො ච, නානාගබ‍්භා නානාඔවරකා. යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

11. නානා කුලයනට අයත් පිරිකෙව් කරණ ලද බඩුහලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.

12. එකකුලස‍්ස අට‍්ටො හොති, අන‍්තොඅට‍්ටෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොඅට‍්ටෙ වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස අට‍්ටො හොති, නානාගබ‍්භා නානාඔවරකා, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

12. එක් කුලයකට අයත් අටල්ලෙක් වේ නම් ඇතුළු අටල්ලෙහි සිවුර තබා ඇතුළු අටල්ලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් අටල්ලෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

13. එකකුලස‍්ස මාලො හොති, අන‍්තොමාලෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොමාලෙ වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස මාලො හොති නානාගබ‍්භා නානාඔවරකා, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

13. එක් කුලයකට අයත් මහලෙක් වේ නම් ඇතුළු මහලෙහි සිවුර තබා ඇතුළු මහලෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් මහලෙක් වේ ද නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

14. එකකුලස‍්ස පාසාදො හොති, අන‍්තොපාසාදෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොපාසාදෙ වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස පාසාදො හොති නානාගබ‍්භා නානාඔවරකා, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

14. එක් කුලයකට අයත් පහයෙක් වේ නම් ඇතුළු පහයෙහි සිවුරු තබා ඇතුළු පහයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් පහයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

15. එකකුලස‍්ස හම‍්මියං හොති, අන‍්තොහම‍්මියෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොහම‍්මියෙ වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස හම‍්මියං හොති, නානාගබ‍්භා නානාඔවරකා, යස‍්මිං ගබ‍්භෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ගබ‍්භෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා. හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

15. එක් කුලයකට අයත් සඳලුගෙයක් වේ නම් ඇතුළු හර්‍ම්‍යයෙහි සිවුර තබා ඇතුළු හර්‍ම්‍යයෙහි විසිය යුතු. නානා කුලයනට අයත් හර්‍ම්‍යයෙක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ගැබෙක සිවුර තබන ලද ද ඒ ගැබෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නොහළ යුතු.

16. එකකුලස‍්ස නාවා හොති අන‍්තොනාවාය චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොනාවාය වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස නාවා හොති නානාගබ‍්භා නානාඔවරකා, යස‍්මිං ඔවරකෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං ඔවරකෙ වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

16. එක් කුලයකට අයත් නැවක් වේ නම් ඇතුළු නැවෙහි සිවුර තබා ඇතුළු නැවෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් නැවක් වේ නම් නානා ගර්‍භයෝ නානා ඔවරකයෝ වෙත් නම් යම් ඔවරකයෙක්හි සිවුර තබන ලද ද ඒ ඔවරකයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.

17. එකකුලස‍්ස සත්‍ථො හොති, සත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා පුරතො වා පච‍්ඡතො වා සත‍්තබ‍්භන‍්තරා න විජහිතබ‍්බා, පස‍්සතො අබ‍්භන‍්තරං න විජහිතබ‍්බං. නානාකුලස‍්ස සත්‍ථො හොති, සත්‍ථෙ චීවරං නික‍්ඛිපිත්‍වා හත්‍ථපාසා න විජහිතබ‍්බං.

17. එක් කුලයකට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා පෙරටුයෙන් හෝ පිටු පසින් හෝ සත් අබතුරු කෙනෙක් නො හළ යුත්තාහු ය. ඇළයෙන් අබතුරෙක් නොහළ යුතු ය. නානා කුලයනට අයත් ගැල්සාත්තුයෙක් වේ නම් ගැල්සාත්තුයෙහි සිවුර තබා අත්පසින් නො හළ යුතු.

18. එකකුලස‍්ස ඛෙත‍්තං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච. අන‍්තොඛෙත‍්තෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොඛෙත‍්තෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං. නානාකුලස‍්ස ඛෙත‍්තං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච, අන‍්තොඛෙත‍්තෙ චීවරං නික‍්ඛිපිත්‍වා ද‍්වාරමූලෙ වා වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං.

18. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා ඇතුළු කෙතෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කෙතක් වේ නම් ඇතුළු කෙතෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු. නොපිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු.

19. එකකුලස‍්ස ධඤ‍්ඤකරණං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච, අන‍්තොධඤ‍්ඤකරණෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොධඤ‍්ඤකරණෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං. නානාකුලස‍්ස ධඤ‍්ඤකරණං හොති පරික‍්ඛිත‍්තඤ‍්ච. අන‍්තොධඤ‍්ඤකරණෙ චීවරං නික‍්ඛිපිත්‍වා ද‍්වාරමූලෙ වා වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තං හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං.

19. එක් කුලයකට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා ඇතුළු කලවිටෙහි විසිය යුතු ය. පිරිකෙව් නොකරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ කලවිටෙක් වේ නම් ඇතුළු කලවිටෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. පිරිකෙව් නො කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු ය.

20. එකකුලස‍්ස ආරාමො හොති පරික‍්ඛිත‍්තො ච, අන‍්තොආරාමෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොආරාමෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං. නානාකුලස‍්ස ආරාමො හොති පරික‍්ඛිත‍්තො ච, අන‍්තොආරාමෙ චීවරං නික‍්ඛිපිත්‍වා ද‍්වාරමූලෙ වා වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං.

20. එක් කුලයකට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා ඇතුළු අරමෙහි විසිය යුතු ය. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නොහළ යුතු. නානා කුලයනට අයත් පිරිකෙව් කළ අරමෙක් වේ නම් ඇතුළු අරමෙහි සිවුර තබා දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළයුතු. නො පිරිකෙව් කරණ ලද වේ නම් අත්පසින් නො හළ යුතු.

21. එකකුලස‍්ස විහාරො හොති පරික‍්ඛිත‍්තො ච, අන‍්තොවිහාරෙ චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොවිහාරෙ වත්‍ථබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං විහාරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං විහාරෙ වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. නානාකුලස‍්ස විහාරො හොති පරික‍්ඛිත‍්තො ච, යස‍්මිං විහාරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති, තස‍්මිං විහාරෙ වත්‍ථබ‍්බං ද‍්වාරමූලෙ වා, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං. අපරික‍්ඛිත‍්තො හොති, යස‍්මිං විහාරෙ චීවරං නික‍්ඛිත‍්තං හොති තස‍්මිං විහාරෙ වත්‍ථබ‍්බං, හත්‍ථපාසා වා න විජහිතබ‍්බං.

21. එක් කුලයකට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් ඇතුළු විහාරයෙහි සිවුර තබා ඇතුළු විහාරයෙහි විසිය යුතු ය. නොපිරිකෙව් කරන ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නානා කුලයනට අයත් පිරිකෙව් කළ විහාරයෙක් වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි දොර වෙත හෝ විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු ය. නොපිරිකෙව් කරණ ලද වේ නම් යම් විහාරයෙක සිවුර තබන ලද ද ඒ විහාරයෙහි විසිය යුතු ය. අත්පසින් හෝ නො හළ යුතු.

22. එකකුලස‍්ස රුක‍්ඛමූලං හොති, යං මජ‍්ඣන‍්හිකෙ කාලෙ සමන‍්තා ඡායා ඵරති, අන‍්තොඡායාය චීවරං නික‍්ඛිපිත්‍වා අන‍්තොඡායාය වත්‍ථබ‍්බං. නානාකුලස‍්ස රුක‍්ඛමූලං හොති, හත්‍ථපාසා න විජහිතබ‍්බං.

22. එක් කුලයකට අයත් රුක්මුලෙක් වේ නම් යම් තැනෙක හිරිමුදුන් කලැ හාත්පසැ සෙවනලු පැතිරේ නම් ඇතුළු සෙවනලුයෙහි සිවුර තබා ඇතුළු සෙවනලුයෙහි විසිය යුතු ය. නානා කුලයනට අයත් රුක්මුලෙක් වේ නම් අත්පසින් නො හළ යුතු ය.

23. අජ‍්ඣොකාසො එකූපචාරො නාම: අගාමකෙ අරඤ‍්ඤෙ සමන‍්තා සත‍්තබ‍්භන‍්තරා එකූපචාරො, තතො පරං නානූපචාරො.

23. අභ්‍යවකාශ ඒකූපචාර නම්: නො ගම්හි වූ අරණ්‍යයෙහි හාත්පසැ සත් අබතුරෙක් ඒකූපචාර ය. එයින් එපිට නානූපචාර යි.

24. විප‍්පවුත්‍ථෙ විප‍්පවුත්‍ථසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. විප‍්පවුත්‍ථෙ වෙමතිකො, අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. විප‍්පවුත්‍ථෙ අවිප‍්පවුත්‍ථසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා, නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. අපච‍්චුද‍්ධටෙ පච‍්චුද‍්ධටසඤ‍්ඤී -පෙ- අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤී -පෙ- අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤී -පෙ- අවිනට‍්ඨෙ විනට‍්ඨසඤ‍්ඤී -පෙ- අදඩ‍්ඪෙ දඩ‍්ඪසඤ‍්ඤී -පෙ- අවිලුත‍්තෙ විලුත‍්තසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර භික‍්ඛුසම‍්මුතියා නිස‍්සග‍්ගියං පාචිත‍්තියං. නිස‍්සග‍්ගියං චීවරං අනිස‍්සජ‍්ජිත්‍වා පරිභුඤ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අවිප‍්පවුත්‍ථෙ විප‍්පවුත්‍ථසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අවිප‍්පවුත්‍ථෙ වෙමතිකො, ආපත‍්ති දුක‍්කටස‍්ස. අවිප‍්පවුත්‍ථෙ අවිප‍්පවුත්‍ථසඤ‍්ඤී, අනාපත‍්ති.

24. භික්‍ෂූසම්මති නැති ව විප්‍රයුක්තයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මතී නැති ව විප්‍රයුක්ත වූයෙහි විමති ඇතියේ නිසැඟිපචිති වෙයි. භික්‍ෂූසම්මති නැති වැ විප්‍රයුක්ත වූයෙහි අප්‍රවියුක්ත ය යන සංඥා ඇත්තේ නිසැඟිපචිති වෙයි. නොපසුදුරණ ලද්දෙහි පසුදුරණ ලදැ යි සංඥා ඇත්තේ ... නොවිසජන ලදුයෙහි විසජන ලදැ යි සංඥා ඇත්තේ ... නොනටුයෙහි නටැ යි සංඥා ඇත්තේ ... නොවැනැසුනෙහි වැනැසුනැ යි සංඥා ඇත්තේ ... නොදැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ ... භික්‍ෂූසම්මති නැති ව නො පැහැරගන්නා ලදුයෙහි පැහැරගන්නා ලදැ යි සංඥා ඇත්තේ නිසැඟිපචිති වේ. නිසැඟි වූ සිවුර නො නිසජා පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වෙයි. විප්‍රයුක්ත නො වූයෙහි විප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්තයෙහි වෙමතික වූයේ දුකුළාඇවැත් වෙයි. අවිප්‍රයුක්ත වූයෙහි අවිප්‍රයුක්ත ය යන සංඥා ඇත්තේ ඇවැත් නැති.

25. අනාපත‍්ති අන‍්තො අරුණෙ පච‍්චුද‍්ධරති, විස‍්සජ‍්ජෙති, නස‍්සති, විනස‍්සති, ඩය‍්හති, අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හන‍්ති, විස‍්සාසං ගණ‍්හන‍්ති, භික‍්ඛුසම‍්මුතියා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

25. ඇතුළු අරුණෙහි පසුදුරා නම්, විසජා නම්, නැසේ නම්, වැනැසේ නම්, දැවේ නම්, අසිඳැ ගණිත් නම්, විස්වැසි ව ගණිත් නම්, භික්‍ෂූසම්මතියෙන්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

දුතියකඨිනසික‍්ඛාපදං නිට‍්ඨිතං.

ද්විතීය කඨින ශික්‍ෂාපදය නිමි.