උදොසිතසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
උදොසිතසික්ඛාපදවණ්ණනා
ද්විතීයකඨිනශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙන බුද්ධො භගවාති උදොසිතසික්ඛාපදං. තත්ථ සන්තරුත්තරෙනාති අන්තරන්ති අන්තරවාසකො වුච්චති, උත්තරන්ති උත්තරාසඞ්ගො, සහ අන්තරෙන උත්තරං සන්තරුත්තරං, තෙන සන්තරුත්තරෙන, සහ අන්තරවාසකෙන උත්තරාසඞ්ගෙනාති අත්ථො. කණ්ණකිතානීති සෙදෙන ඵුට්ඨොකාසෙසු සඤ්ජාතකාළසෙතමණ්ඩලානි. අද්දස ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආහිණ්ඩන්තොති ථෙරො කිර භගවති දිවා පටිසල්ලානත්ථාය ගන්ධකුටිං පවිට්ඨෙ තං ඔකාසං ලභිත්වා දුන්නික්ඛිත්තානි දාරුභණ්ඩමත්තිකාභණ්ඩානි පටිසාමෙන්තො අසම්මට්ඨට්ඨානං සම්මජ්ජන්තො ගිලානෙහි භික්ඛූහි සද්ධිං පටිසන්ථාරං කරොන්තො තෙසං භික්ඛූනං සෙනාසනට්ඨානං සම්පත්තො අද්දස. තෙන වුත්තං – “අද්දස ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො”ති.
“තෙන සමයෙන බුද්ධො භගවා” උද්දෙසිත ශික්‍ෂාපදයයි. එහි “සන්තරුත්තරෙන” යන්නෙහි “අන්තර” යනු අන්තරවාසකය කියනු ලැබේ. “උත්තරං” යනු උත්තරාසඞ්ගය කියනු ලැබේ. අන්තරවාසකය සමග උත්තරාසඞ්ගය සන්තරුත්තර නමි. ඒ සන්තරුත්තරයෙන්, අඳනයෙන් හා උතුරුසඟසිවුරෙන් යන අර්‍ත්‍ථයි. “කණ්ණකිතා” නීති යනු ඩහදියෙන් පැහැසූ අවකාශයන්හි හටගත් කලුසුදු මඬුලු “අද්දසා ඛො ආයස්මා ආනන්දො යෙනාසනචාරිකං ආභිණ්ඩන්තොති” ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දහවල් විවෙකය පිණිස ගඳකිළියට වැඩම කළ කල්හි ඒ අවකාශය ලැබ නොමනාව තැබූ දැවබඩු මැටිබඩු තැන්පත් කරමින්, නොහැමදිතැන් හමදිමින්, ගිලන් මහණුන් හා පිළිසඳර කරමින් ඒ භික්ෂූන්ගේ සෙනාසනස්ථානයට පැමිණියාහු දුටහ. ‘අද්දසා ඛො ආයස්මා ආනන්දො සෙනාසනචාරිකං ආභිණ්ඩන්තො’යි එහෙයින් කියනලදී.
අවිප්පවාසසම්මුතිං දාතුන්ති අවිප්පවාසෙ සම්මුති අවිප්පවාසසම්මුති, අවිප්පවාසාය වා සම්මුති අවිප්පවාසසම්මුති. කො පනෙත්ථ ආනිසංසො? යෙන චීවරෙන විප්පවසති, තං නිස්සග්ගියං න හොති, ආපත්තිඤ්ච නාපජ්ජති. කිත්තකං කාලං? මහාසුමත්ථෙරො තාව ආහ – “යාව රොගො න වූපසමති, වූපසන්තෙ පන රොගෙ සීඝං චීවරට්ඨානං ආගන්තබ්බ”න්ති . මහාපදුමත්ථෙරො ආහ – “සීඝං ආගච්ඡතො රොගො පටිකුප්පෙය්ය, තස්මා සණිකං ආගන්තබ්බං. යතො පට්ඨාය හි සත්ථං වා පරියෙසති, ‘ගච්ඡාමී’ති ආභොගං වා කරොති, තතො පට්ඨාය වට්ටති. ‘න දානි ගමිස්සාමී’ති එවං පන ධුරනික්ඛෙපං කරොන්තෙන පච්චුද්ධරිතබ්බං, අතිරෙකචීවරට්ඨානෙ ඨස්සතී”ති. සචෙ පනස්ස රොගො පටිකුප්පති, කිං කාතබ්බන්ති? ඵුස්සදෙවත්ථෙරො තාව ආහ – “සචෙ සොයෙව රොගො පටිකුප්පති, සා එව සම්මුති, පුන සම්මුතිදානකිච්චං නත්ථි. අථඤ්ඤො කුප්පති, පුන දාතබ්බා සම්මුතී”ති. උපතිස්සත්ථෙරො ආහ – “සො වා රොගො හොතු, අඤ්ඤො වා පුන සම්මුතිදානකිච්චං නත්ථී”ති.
“අවිප්පවාසසම්මුතිං දාතුං” අවිප්‍රවාසය නිමිතිකොට සිටි සම්මුති තොමෝ අවිප්පවාසසම්මුති නම. අවිප්‍රවාසය පිණිස හෝ කටයුතු සම්මුති තොමෝ අවිප්පවාසසම්මුති නම. මෙහි ආනිසංසය කවරේද, යත්:- යම් සිවුරකින් වෙන්ව වසාද, ඒ සිවුර නිසගි නොවේ. ඇවැතටද නොපැමිණේ. මේ ආනිසංසයයි. කොපමණ කල් වෙන්ව විසිය යුතු ද, යත්: මහාසුම්මස්ථවිරයන් වහන්සේ ‘යම්තාක් කල් රෝගය නොසන්සිදී පවතීද ඒ තාක්කල්ය. රෝගය සන්සිදී ගිය කල්හි නොලැසිව සිවුර තැබු තැනට ආයුතුය’යි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ ‘වහා යන්නහුගේ රෝගය නැවැත කිපෙන්නේය, එහෙයින් හිමින් ආයුතුය. යම් කලෙක පටන් ජන සමූහයක් හෝ සොයාද, ‘යමියි ආභොගය හෝ කෙරේද, එතැන් පටන් වටියි. ‘දැන් නොයන්නෙමි’යි මෙසේ ධුරනික්‍ෂෙපය කරන්නහු විසින් පච්චුද්ධරණය කටයුතුය. පච්චුද්ධරණය නොකෙරේම් අතිරේක චීවරස්ථනයෙහි සිටින්නේය’යි කීය. මොහුගේ රෝගය නැවැතත් කිපේ නම් කුමක් කටයුතුද, යත්:- එහිලා ඵුස්සදෙව ස්ථවිරයන්වහන්සේ ඒ රොගයම නැවත කිපේ නම්, ඒ සම්මුතියම වන්නීය. නැවත සම්මුතිදානයක් නැත්තේය, නැවත අනික් රොගයෙක් කිපේද, නැවත සම්මුතිය දියයුතුයයි කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ ‘ඒ රෝගය හෝ වේවා, අනික් රොගයෙක් හෝ වේවා, නැවැත සම්මුතිදානයෙක් නැත්තේය’යි කීහ.
නිට්ඨිතචීවරස්මිං භික්ඛුනාති ඉධ පන පුරිමසික්ඛාපදෙ විය අත්ථං අග්ගහෙත්වා නිට්ඨිතෙ චීවරස්මිං භික්ඛුනොති එවං සාමිවසෙන කරණවචනස්ස අත්ථො වෙදිතබ්බො. කරණවසෙන හි භික්ඛුනා ඉදං නාම කාතබ්බන්ති නත්ථි. සාමිවසෙන පන භික්ඛුනො චීවරස්මිං නිට්ඨිතෙ කථිනෙ ච උබ්භතෙ එවං ඡින්නපලිබොධො එකරත්තම්පි චෙ භික්ඛු තිචීවරෙන විප්පවසෙය්යාති එවං අත්ථො යුජ්ජති. තත්ථ තිචීවරෙනාති අධිට්ඨිතෙසු තීසු චීවරෙසු යෙන කෙනචි. එකෙන විප්පවුත්ථොපි හි තිචීවරෙන විප්පවුත්ථො හොති, පටිසිද්ධපරියාපන්නෙන විප්පවුත්ථත්තා. තෙනෙවස්ස පදභාජනෙ “සඞ්ඝාටියා වා”තිආදි වුත්තං. විප්පවසෙය්යාති විප්පයුත්තො වසෙය්ය.
“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා” මෙහි ප්‍රථම ශික්‍ෂාපදයෙහි මෙන් අර්ත්ථය නොගෙන ‘නිට්ඨිතෙ චීවරස්මිං භික්ඛුනො’යි මෙසේ සම්බන්ධයාගේ වසයෙන් කරණවචනයාගේ අර්ත්ථය දතයුතුය. කරණවසයෙන් මහණහු කරණ කොටගෙණ මෙය නම් කටයුතුය’යි අර්‍ත්‍ථයෙක් නැත්තේය. සම්බන්ධ වසයෙන් වනාහි මහණහුගේ සිවුර කොට නිමි කල්හිද කඨිනය උදුල කල්හිද මෙසේ සුන් පිළිබොධය ඇති මහණ තෙමේ එක් රැයකුදු තුන්සිවුරෙන් වෙන්ව වසන්නේ නම්යි මෙසේ අර්ත්ථය යෙදෙන්නේය. එහි “තිචීවරෙන” ඉටූ තුන් සිවුරු අතුරෙහි යම්කිසි එකෙකින් වෙන්ව විසූයේද, තුන් සිවුරෙන් වෙන්ව විසූයේම වේ. වෙන්ව විසීම වැළකු තුන් සිවුරට ඇතුළත්වූ එකෙකින් වෙන්ව විසූ බැවිනි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි “සඞ්ඝාටියා වා” යනාදිය වදාළසේක. “විප්පවසෙය්ය” වෙන්න වසන්නේය.
ගාමො එකූපචාරොතිආදි අවිප්පවාසලක්ඛණවවත්ථාපනත්ථං වුත්තං. තතො පරං යථාක්කමෙන තානෙව පන්නරස මාතිකාපදානි විත්ථාරෙන්තො “ගාමො එකූපචාරො නාමා”තිආදිමාහ. තත්ථ එකකුලස්ස ගාමොති එකස්ස රඤ්ඤො වා භොජකස්ස වා ගාමො. පරික්ඛිත්තොති යෙන කෙනචි පාකාරෙන වා වතියා වා පරික්ඛාය වා පරික්ඛිත්තො. එත්තාවතා එකකුලගාමස්ස එකූපචාරතා දස්සිතා. අන්තොගාමෙ වත්ථබ්බන්ති එවරූපෙ ගාමෙ චීවරං නික්ඛිපිත්වා ගාමබ්භන්තරෙ යථාරුචිතෙ ඨානෙ අරුණං උට්ඨාපෙතුං වට්ටති. අපරික්ඛිත්තොති ඉමිනා තස්සෙව ගාමස්ස නානූපචාරතා දස්සිතා. එවරූපෙ ගාමෙ යස්මිං ඝරෙ චීවරං නික්ඛිත්තං, තත්ථ වත්ථබ්බං. හත්ථපාසා වා න විජහිතබ්බන්ති අථ වා තං ඝරං සමන්තතො හත්ථපාසා න විජහිතබ්බං, අඩ්ඪතෙය්යරතනප්පමාණප්පදෙසා උද්ධං න විජහිතබ්බන්ති වුත්තං හොති. අඩ්ඪතෙය්යරතනබ්භන්තරෙ පන වත්ථුං වට්ටති. තං පමාණං අතික්කමිත්වා සචෙපි ඉද්ධිමා භික්ඛූ ආකාසෙ අරුණං උට්ඨාපෙති, නිස්සග්ගියමෙව හොති. එත්ථ ච යස්මිං ඝරෙති ඝරපරිච්ඡෙදො “එකකුලස්ස නිවෙසනං හොතී”තිආදිනා (පාරා· 480) ලක්ඛණෙන වෙදිතබ්බො.
“ගාමො එකූපචාරො” යනාදිය අවිප්රවාසලක්ෂණ ව්‍යවස්ථාව පිණිස වදාරන ලද්දේය. එයින් මත්තෙහි යථා ක්‍රමයෙන් එම පසළොස් මාතෘකාපදයන් විස්තර කරන්නේ “ගාමො එකූපචාරො නාම” යනාදිය වදාළාහුය. එහි “එකකුලස්ස ගාමො” එක රජකුගේ හෝ එක් ග්රාමභොජකයකුගේ හෝ ගමය. “පරික්ඛිත්තො” යම් කිසි පවුරකින් හෝ වැටකින් හෝ දිය අගලකින් හෝ වටකරන ලද්දේය. “පරික්ඛිත්තො” මෙපමණකින් එක් කුලයක් ඇති ගමෙහි එක් උපචාරයක් ඇතිබව දක්වන ලදී. “අන්තො ගාමෙ වත්ථබ්බං” මෙබඳු ගමෙහි සිවුර තබා ගම ඇතුළෙහි කැමැති තැනක අරුණ නංවන්නට වටියි. “අපරික්ඛිත්තො” මෙයින් ඒ ගමෙහිම නොයෙක් උපචාර ඇතිබව දක්වන ලදී. මෙබඳු ගමෙහි යම් ගෙයක සිවුර තබන ලද්දේද, එහිම විසිය යුතුය. “හත්ථපාසා වා න විජහිතබ්බා” නොහොත් අත්පසින් නොහැරිය යුතුය. දෙරියන් හමාරක් පමණ පෙදෙසින් මතුවෙහි නොහැරිය යුතුයයි කියන ලද්දේ වේ. දෙරියන් හමාරක් අභ්‍යන්තරයෙහි විසීම වටියි. ඒ ප්‍රමාණය ඉක්මවා සෘද්ධිමත් භික්ෂුතෙමේ අහසෙහි අරුණ නංවාද නිසගියම වේ. මෙහිද “යස්මිං ඝරෙ” ගෙයි පිරිසිඳීම ‘එක්කුලයක නිවෙසනය වේ’ය යන ආදිලක්ෂණයෙන් දතයුතුය.
නානාකුලස්ස ගාමොති නානාරාජූනං වා භොජකානං වා ගාමො, වෙසාලිකුසිනාරාදිසදිසො. පරික්ඛිත්තොති ඉමිනා නානාකුලගාමස්ස එකූපචාරතා දස්සිතා. සභායෙ වා ද්වාරමූලෙ වාති එත්ථ සභායන්ති ලිඞ්ගබ්යත්තයෙන සභා වුත්තා. ද්වාරමූලෙති නගරද්වාරස්ස සමීපෙ. ඉදං වුත්තං හොති – එවරූපෙ ගාමෙ යස්මිං ඝරෙ චීවරං නික්ඛිත්තං, තත්ථ වා වත්ථබ්බං. තත්ථ සද්දසඞ්ඝට්ටනෙන වා ජනසම්බාධෙන වා වසිතුං අසක්කොන්තෙන සභායෙ වා වත්ථබ්බං නගරද්වාරමූලෙ වා. තත්රපි වසිතුං අසක්කොන්තෙන යත්ථ කත්ථචි ඵාසුකට්ඨානෙ වසිත්වා අන්තොඅරුණෙ ආගම්ම තෙසංයෙව සභායද්වාරමූලානං හත්ථපාසා වා න විජහිතබ්බං. ඝරස්ස පන චීවරස්ස වා හත්ථපාසෙ වත්තබ්බමෙව නත්ථි.
“නානාකුලස්ස ගාමො” නොයෙක් රජුන්ගේ හෝ නොයෙක් ග්‍රාම භොජකයන්ගේ හෝ වේසාලි කුසිනාරාදිය සමාන වූ ගම. “පරික්ඛිත්තො” යන මෙයින් නොයෙක් කුල ඇති ගමෙහි එක් උපචාරයක් ඇති බව දක්වන ලදී. “සභායෙ වා ද්වාරමූලෙ වා” මෙහි “සභායං”යි කියයුත්තෙහි ලිඞ්ගවිපර්ය්යාසයෙන් සභාශබ්දය කියනලදය. “ද්වාරමූලෙ” නුවරදොර සමීපයෙහි, මේ කියන ලද්දේ වේ. මෙබඳු ගමක යම් ගෙයක සිවුර තබන ලද්දේ ද ඒ ගෙයි හෝ විසිය යුතුය. එහි ශබ්ද ගැටීමෙන් හෝ ජනසම්බාධයෙන් හෝ වසන්නට නොහැකියහු විසින් ශාලාවක හෝ නුවරදාර සමීපයෙහි හෝ විසිය යුතුය. එහිදු වසන්නට නොහැකියහු විසින් යම්කිසි පහසු තැනෙක්හි වාසය කොට අරුණතුළ අවුත් ඒ සභාද්වාරමූල යන මොවුන්ගේම අත්පසින් හෝ නොහැරිය යුතුය. සිවුර තැබූ ගෙයි හෝ සිවුරෙහි අත්පසෙහි විසීම ගැන කියයුත්තක්ම නැත්තේය.
සභායං ගච්ඡන්තෙන හත්ථපාසෙ චීවරං නික්ඛිපිත්වාති සචෙ ඝරෙ අට්ඨපෙත්වා සභායෙ ඨපෙස්සාමීති සභායං ගච්ඡති, තෙන සභායං ගච්ඡන්තෙන හත්ථපාසෙති හත්ථං පසාරෙත්වා “හන්දිමං චීවරං ඨපෙමී”ති එවං නික්ඛෙපසුඛෙ හත්ථපාසගතෙ කිස්මිඤ්චි ආපණෙ චීවරං නික්ඛිපිත්වා පුරිමනයෙනෙව සභායෙ වා වත්ථබ්බං ද්වාරමූලෙ වා, හත්ථපාසා වා න විජහිතබ්බං.
“සභායං ගච්ඡන්තෙන හත්ථපාසෙ චීවරං නික්ඛිපිත්වා” ගෙයි නොතබා ශාලාවෙහිම තබන්නෙමියි ශාලාවට යේද, ශාලාවට යන්නාවූ ඔහු විසින් “හත්ථපාසෙ” අත දිගුකොට මේ සිවුර තබව’යි මෙසේ තැබීමට පහසුවූ අත්පසට පැමිණි කිසි කඩයක සිවුර තබා පෙරනයින්ම ශාලාවක හෝ නුවරදොර සමීපයෙහි හෝ විසිය යුතුය. නොහොත් අත්පසින් නොහැරිය යුතුය.
තත්රායං විනිච්ඡයො – ඵුස්සදෙවත්ථෙරො තාව ආහ – “චීවරහත්ථපාසෙ වසිතබ්බං නත්ථි, යත්ථ කත්ථචි වීථිහත්ථපාසෙපි සභායහත්ථපාසෙපි ද්වාරහත්ථපාසෙපි වසිතුං වට්ටතී”ති. උපතිස්සත්ථෙරො පනාහ – “නගරස්ස බහූනිපි ද්වාරානි හොන්ති බහූනිපි සභායානි, තස්මා සබ්බත්ථ න වට්ටති. යස්සා පන වීථියා චීවරං ඨපිතං යං තස්සා සම්මුඛට්ඨානෙ සභායඤ්ච ද්වාරඤ්ච තස්ස සභායස්ස ච ද්වාරස්ස ච හත්ථපාසා න විජහිතබ්බං. එවඤ්හි සති සක්කා චීවරස්ස පවත්ති ජානිතු”න්ති. සභායං පන ගච්ඡන්තෙන යස්ස ආපණිකස්ස හත්ථෙ නික්ඛිත්තං, සචෙ සො තං චීවරං අතිහරිත්වා ඝරෙ නික්ඛිපති, වීථිහත්ථපාසො න රක්ඛති, ඝරස්ස හත්ථපාසෙ වත්ථබ්බං. සචෙ මහන්තං ඝරං හොති, ද්වෙ වීථියො ඵරිත්වා ඨිතං පුරතො වා පච්ඡතො වා හත්ථපාසෙයෙව අරුණං උට්ඨාපෙතබ්බං. සභායෙ නික්ඛිපිත්වා පන සභායෙ වා තස්ස සම්මුඛෙ නගරද්වාරමූලෙ වා තෙසංයෙව හත්ථපාසෙ වා අරුණං උට්ඨාපෙතබ්බං.
එහි මේ විනිශ්චයයි:- ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ වනාහි සිවුරෙහි අත්පසෙහි විසිය යුත්තෙක් නැත්තේය. යම්කිසි වීථිහත්ථ පාසයෙක්හි හෝ ද්වාරහත්ථපාසයෙක්හි හෝ විසීම වටීයයි කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි ‘නුවරෙහි බොහෝ ද්වාරයෝද ශාලාවෝද වෙත්, එහෙයින් ඒ සැම තැන විසීම නොවටියි. යම් වීථියක සිවුර තබන ලද්දේද, ඒ වීථියට හමු වූ තන්හි යම් ශාලාවක් ද්වාරයක් වේද, ඒ ශාලාවෙහිද ද්වාරයෙහිද අත්පසින් නොහැරිය යුතුය. මෙසේ ඇතිකල්හි සිවුරෙහි තොරතුරු දැන ගන්නට හැක්කේය’යි කීහ. ශාලාවට යන්නහු විසින් වෙළඳාම් මඩුවෙක යෙදී සිටියකුගේ අතෙහි තබන ලද්දේද හෙතෙමේ ඒ සිවුර වීථිය ඉක්මවා සිටි අන් ගෙයක තබාද, වීථිහත්ථපාසය තෙමේ ඇවැතින් නොරක්නේය. මේ පිළිබඳ අත්පසෙහිම අරුණ නැංවිය යුතුය. ශාලාවෙක තබා ශාලාවෙහි හෝ ඒ ගෙට ඉදිරියෙහි නුවරදොර සමීපයෙහි හෝ ඔවුන්ගේම අත්පසෙහි හෝ අරුණ නැංවිය යුතුය.
අපරික්ඛිත්තොතිඉමිනා තස්සෙව ගාමස්ස නානූපචාරතා දස්සිතා. එතෙනෙවුපායෙන සබ්බත්ථ එකූපචාරතා ච නානූපචාරතා ච වෙදිතබ්බා. පාළියං පන “ගාමො එකූපචාරො නාමා”ති එවං ආදිම්හි “අජ්ඣොකාසො එකූපචාරො නාමා”ති එවං අන්තෙ ච එකමෙව මාතිකාපදං උද්ධරිත්වා පදභාජනං විත්ථාරිතං. තස්මා තස්සෙව පදස්සානුසාරෙන සබ්බත්ථ පරික්ඛෙපාදිවසෙන එකූපචාරතා ච නානූපචාරතා ච වෙදිතබ්බා.
“අපරික්ඛිත්තො” මෙයින් එගමෙහිම නොයෙක් උපචාර ඇතිබව දක්වන ලදය. මේ උපායයෙන්ම හැමතන්හි එකූපචාරභාවය හා නානූපචාරභාවයද දතයුතුය. පෙළෙහි වනාහි ‘ගාමො එකුපචාරො නාම” යන මේ ආදියෙහි “අජ්ඣොකාසො එකූපචාරො නාම”යි මෙසේ අන්තයෙහිද එක්ම මාතෘකාපදයක් උදුරා පදභාජනය විස්තර කරන ලද්දේය. එහෙයින් එම පදයාගේ අනුසාරයෙන් සියලුතන්හි පරික්ෂෙපාදි වශයෙන් එකූපචාරභාවයද නානූපචාරභාවයද දතයුතුය.
නිවෙසනාදීසු ඔවරකාති ගබ්භානංයෙවෙතං පරියායවචනං. හත්ථපාසා වාති ගබ්භස්ස හත්ථපාසා. ද්වාරමූලෙ වාති සබ්බෙසං සාධාරණෙ ඝරද්වාරමූලෙ. හත්ථපාසා වාති ගබ්භස්ස වා ඝරද්වාරමූලස්ස වා හත්ථපාසා.
නිවෙසනාදීන් අතුරෙහි “ඔවරක” ගර්භයන්ගේ පර්ය්යාවචනයි. “හත්ථපාසා වා” ගර්භයෙහි අත්පසින් හෝ “ද්වාරමූලෙ වා” සියල්ලන්ට සාධාරණවූ ගෙදොර සමීපයෙහි. “හත්ථපාසා වා” ගැබෙහි හෝ ගෙදොර සමීපයෙහි හෝ අත්පසින්.
උදොසිතොති යානාදීනං භණ්ඩානං සාලා. ඉතො පට්ඨාය ච නිවෙසනෙ වුත්තනයෙනෙව විනිච්ඡයො වෙදිතබ්බො. අට්ටොති පටිරාජාදිපටිබාහනත්ථං ඉට්ඨකාහි කතො බහලභිත්තිකො චතුපඤ්චභූමිකො පතිස්සයවිසෙසො. මාළොති එකකූටසඞ්ගහිතො චතුරස්සපාසාදො. පාසාදොති දීඝපාසාදො. හම්මියන්ති මුණ්ඩච්ඡදනපාසාදො.
“උද්දොසිතො” ශාලා සමුද්රතීරාදියෙහි නගනලද යානාදි භාණ්ඩ තබන ශාලාය. මෙතැන් පටන් නිවෙසනයෙහි කියූ නයින්ම විනිශ්චය දතයුතුය. “අට්ටො” සතුරු රජුන් වළකාලනු පිණිස ගඩොලින් කළ ඝනභිත්ති ඇති සතර පස් මහලින් යුත් ගෘහවිශේෂයෙකි. “මාලො” එක් කැණිමඬලින් සඞ්ග්‍රහ කළ සිවුරැස් පහයය. “පාසාදො” දිග්පහයය. “හම්මියං” ඉතා උස් නොවූ සඳලුතලයෙන් යුත් මුදුන් කැණිමඩුලු සාලාදියෙන් තොර වූ පහයය.
සත්තබ්භන්තරාතිඑත්ථ එකං අබ්භන්තරං අට්ඨවීසතිහත්ථං හොති. සචෙ සත්ථො ගච්ඡන්තො ගාමං වා නදිං වා පරියාදියිත්වා තිට්ඨති අන්තොපවිට්ඨෙන සද්ධිං එකාබද්ධො හුත්වා ඔරඤ්ච පාරඤ්ච ඵරිත්වා ඨිතො හොති, සත්ථපරිහාරොව ලබ්භති. අථ ගාමෙ වා නදියා වා පරියාපන්නො හොති අන්තොපවිට්ඨො , ගාමපරිහාරො චෙව නදීපරිහාරො ච ලබ්භති. සචෙ විහාරසීමං අතික්කමිත්වා තිට්ඨති, අන්තොසීමාය ච චීවරං හොති, විහාරං ගන්ත්වා වසිතබ්බං. සචෙ බහිසීමාය චීවරං හොති සත්ථසමීපෙයෙව වසිතබ්බං. සචෙ ගච්ඡන්තො සකටෙ වා භග්ගෙ ගොණෙ වා නට්ඨෙ අන්තරා ඡිජ්ජති, යස්මිං කොට්ඨාසෙ චීවරං තත්ථ වසිතබ්බං.
“සත්තබ්හන්තරා” මෙහි අභ්‍යන්තරය අටවිසිරියනෙක් වේ. ඉදින් ජනසමූහ තෙමේ යන්නේ ගමක් හෝ ගඟක් හෝ යටපත් කොට සිටීද, ගමතුළට හෝ ගඟ තුළට පැමිණියහු සමග එකට බැදී එතෙර මෙතෙර පැතිර සිටියේවේද, සමූහ යන පරිහාරයම ලැබේ. නොහොත් ගමෙහි හෝ නදියෙහි හෝ ඇතුළත් වූයේ වේද, ඇතුළත්හි පිවිසියේද, ග්රාමපරිහාරයද නදීපරිහාරයද ලැබේ. ඉදින් විහාරසීමාව ඉක්මවා සිටීද, සීමාව තුළ සිවුර වේද, විහාරයට ගොස් විසිය යුතුය. ඉදින් සීමාව පිටත සිවුර වේනම්, ජනසමූහය වෙතම විසිය යුතුය. ඉදින් යන්නේ ගැළ බිඳුනු කල්හි හෝ ගොන්නට කල්හි හෝ අතර සිදීයේ නම් යම් කොටසක සිවුර වේද ඒ කොටසෙහි විසිය යුතුය.
එකකුලස්ස ඛෙත්තෙ හත්ථපාසො නාම චීවරහත්ථපාසොයෙව, නානාකුලස්ස ඛෙත්තෙ හත්ථපාසො නාම ඛෙත්තද්වාරස්ස හත්ථපාසො. අපරික්ඛිත්තෙ චීවරස්සෙව හත්ථපාසො.
එක් කුලයක් පිළිබද කෙතෙහි අත් පසනම් කෙත්දොර පිළිබඳ අත්පසයි. යමකින් වටකිරීමක් නොලද කල්හි සිවුරෙහිම අත්පස වේ.
ධඤ්ඤකරණන්ති ඛලං වුච්චති. ආරාමොති පුප්ඵාරාමො වා ඵලාරාමො වා. ද්වීසුපි ඛෙත්තෙ වුත්තසදිසොව විනිච්ඡයො. විහාරො නිවෙසනසදිසො. රුක්ඛමූලෙ අන්තොඡායායන්ති ඡායාය ඵුට්ඨොකාසස්ස අන්තො එව. විරළසාඛස්ස පන රුක්ඛස්ස ආතපෙන ඵුට්ඨොකාසෙ ඨපිතං නිස්සග්ගියමෙව හොති, තස්මා තාදිසස්ස සාඛාච්ඡායාය වා ඛන්ධච්ඡායාය වා ඨපෙතබ්බං. සචෙ සාඛාය වා විටපෙ වා ඨපෙති, උපරි අඤ්ඤසාඛාච්ඡායාය ඵුට්ඨොකාසෙයෙව ඨපෙතබ්බං. ඛුජ්ජරුක්ඛස්ස ඡායා දූරං ගච්ඡති, ඡායාය ගතට්ඨානෙ ඨපෙතුං වට්ටතියෙව. ඉධාපි හත්ථපාසො චීවරහත්ථපාසොයෙව.
“ධඤ්ඤකරණං” මෙයින් කලවිට කියනු ලැබේ. “ආරාමො” පුෂ්පාරාමය හෝ ඵලාරාමය හෝය. පුෂ්පාරාම ඵලාරාම යන දෙතැන්හිම කෙතෙහි කියන ලද්ද සමානවූම විනිශ්චය දතයුතුය. විහාරයෙහි විනිශ්චය නිවෙසනයෙහි විනිශ්චය සමාන වේ. රුක්මුලෙහි “අන්තො ඡායායං” සෙවනින් පැහැසූ අවකාශය තුළම තුනීවූ අතු ඇති රුකක්හුගේ අව්වෙන් පැහැසූ අවකාශයෙහි තැබූයේ නිසගිම වේ. එහෙයින් එබඳුවූ ගස් අතු සෙවනෙහි හෝ කඳ සෙවනෙහි හෝ තැබිය යුතුය. ඉදින් අත්තක හෝ වෙළෙපෙක්හි හෝ තබා දම්, මත්තෙහි අන් අතු සෙවණකින් පහසලද අවකාශයෙහිම තැබිය යුතුය. කුදු රුකක ඡායාව දුර යන්නී නම්, ඡායාව ගිය තැන තැබීම වටීමය. මෙහිදු අත්පස සිවුරෙහි අත්පසමය.
අගාමකෙ අරඤ්ඤෙති අගාමකං නාම අරඤ්ඤං විඤ්ඣාටවීආදීසු වා සමුද්දමජ්ඣෙ වා මච්ඡබන්ධානං අගමනපථෙ දීපකෙසු ලබ්භති. සමන්තා සත්තබ්භන්තරාති මජ්ඣෙ ඨිතස්ස සමත්තා සබ්බදිසාසු සත්තබ්භන්තරා, විනිබ්බෙධෙන චුද්දස හොන්ති. මජ්ඣෙ නිසින්නො පුරත්ථිමාය වා පච්ඡිමාය වා දිසාය පරියන්තෙ ඨපිතචීවරං රක්ඛති. සචෙ පන අරුණුග්ගමනසමයෙ කෙසග්ගමත්තම්පි පුරත්ථිමං දිසං ගච්ඡති, පච්ඡිමාය දිසාය චීවරං නිස්සග්ගියං හොති. එස නයො ඉතරස්මිං. උපොසථකාලෙ පන පරිසපරියන්තෙ නිසින්නභික්ඛුතො පට්ඨාය සත්තබ්භන්තරසීමා සොධෙතබ්බා. යත්තකං භික්ඛුසඞ්ඝො වඩ්ඪති, සීමාපි තත්තකං වඩ්ඪති.
“අගාමකෙ අරඤ්ඤෙ” යනු යමක් නැති අරණ්‍ය නම් වින්ධ්යපවනාදි මහාවනයන්හි හෝ මුහුද මැද හෝ කෙවුළන්ට එදවස ගොස් එදවසම එන්නට නොහැකි මං ඇති දිවයින්හි ලැබේ. “සමන්තා සත්තබ්හන්තරා” මැද සිටියහුට සියලු දිසාවන්හි සත් අබතුර විනිවිද යෑමෙන් තුදුසක් වේ. මැද හුන්නේ පෙරදිග හෝ පැසුළුදිග හෝ කෙළවර තුබූ සිවුර ඇවැතින් රකින්නේය. ඉදින් අරුණ නගින කාලයෙහි කෙසගක් පමණ නමුදු පෙරදිගටයේද, පැසුළුදිග තුබූ සිවුර නිසගි වේ. පෙරදිග තුබූ සිවුරෙහිද මේ නයවේ. උපොසථ කාලයෙහි පිරිස් කෙළවර හුන් මහණහු පටන් සන්තබ්හන්තර සීමා තොමෝ ශුද්ධකට යුත්තීය. භික්ෂු සඞ්ඝ තෙමේ යම් පමණ වැඩේද සීමා තොමෝද එපමණ වැඩෙන්නීය.
අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්සාති එත්ථ සචෙ පධානිකො භික්ඛු සබ්බරත්තිං පධානමනුයුඤ්ජිත්වා පච්චුසසමයෙ “න්හායිස්සාමී”ති තීණිපි චීවරානි තීරෙ ඨපෙත්වා නදිං ඔතරති, න්හායන්තස්සෙව චස්ස අරුණං උට්ඨහති, කිං කාතබ්බං. සො හි යදි උත්තරිත්වා චීවරං නිවාසෙති, නිස්සග්ගියචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජනපච්චයා දුක්කටං ආපජ්ජති. අථ නග්ගො ගච්ඡති, එවම්පි දුක්කටං ආපජ්ජතීති? න ආපජ්ජති. සො හි යාව අඤ්ඤං භික්ඛුං දිස්වා විනයකම්මං න කරොති, තාව තෙසං චීවරානං අපරිභොගාරහත්තා නට්ඨචීවරට්ඨානෙ ඨිතො හොති. නට්ඨචීවරස්ස ච අකප්පියං නාම නත්ථි. තස්මා එකං නිවාසෙත්වා ද්වෙ හත්ථෙන ගහෙත්වා විහාරං ගන්ත්වා විනයකම්මං කාතබ්බං. සචෙ දූරෙ විහාරො හොති, අන්තරාමග්ගෙ මනුස්සා සඤ්චරන්ති. එකං නිවාසෙත්වා එකං පාරුපිත්වා එකං අංසකූටෙ ඨපෙත්වා ගන්තබ්බං. සචෙ විහාරෙ සභාගභික්ඛූ න පස්සති, භික්ඛාචාරං ගතා හොන්ති, සඞ්ඝාටිං බහිගාමෙ ඨපෙත්වා සන්තරුත්තරෙන ආසනසාලං ගන්ත්වා විනයකම්මං කාතබ්බං. සචෙ බහිගාමෙ චොරභයං හොති, පාරුපිත්වා ගන්තබ්බං. සචෙ ආසනසාලා සම්බාධා හොති ජනාකිණ්ණා, න සක්කා එකමන්තෙ චීවරං අපනෙත්වා විනයකම්මං කාතුං, එකං භික්ඛුං ආදාය බහිගාමං ගන්ත්වා විනයකම්මං කත්වා චීවරානි පරිභුඤ්ජිතබ්බානි.
“අනිස්සජිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස” මෙහි ඉදින් ප්රදහනවීර්ය්යයෙහි යෙදුනු මහණ තෙමේ මුළුරැය ප්රදහනවීර්ය්යයෙහි යෙදී සිට අළුයම් කාලයෙහි නාන්නෙමියි තුන් සිවුරු ඉවුරෙහි තබා අත්පස මුදා ගඟට බසීද, මොහු නානකල්හිම අරුණ නැගේ නම් කුමක් කටයුතුද, යත්:- ඒ මහණතෙමේ ගොඩ නැගී සිවුර හඳීද, නිසගි සිවුර නොනිසදා පරිභොග කිරීම නිමිතිකොට දුක්කටයට පැමිණේ. නැවත නග්න වූයේද මෙසේ ඇති කල්හි දුක්කටයට පැමිණේද, යත්:- නොපැමිණේ. හෙතෙමේ අන් මහණකු දැක යම්තාක් විනයකර්ම නොකෙරේද, ඒතාක් ඒ චීවරපරිභොගය. නොසුදුසු බැවින් නට සිවුරුතන්හි සිටියේ වේ. නට සිවුරු ඇතියහුටද අකැපයෙක් නම් නැත්තේය. එහෙයින් එකක් හැඳ දෙකක් අතින් ගෙන විහාරයට ගොස් පළමු කොට සඟළ සිවුර හා උතුරුසඟසිවුරද නිස දෙසා නැවැත උතුරුසඟසිවුර පොරොවා පසුව අඳනය දැයි මෙසේ නිසදෙසීම් වසයෙන් විනයකර්ම කටයුතුය. විහාරය දූරයෙහි වේනම්, අතරමග මිනිස්සු හැසිරෙත්ද, එකක් හැඳ එකක් පොරොවා එකක් උරහිස තබා යායුතුය. විහාරයෙහි සභාග මහණකු නොදකීද, භික්ෂාචාරයට ගියෝ වෙත්ද, සඟළසිවුර පිටතගමෙහි තබා අඳනය හා උතුරුසඟසිවුරෙන් යුක්තව ආසනසාලාවකට ගොස් විනයකර්ම කටයුතුය. පිටත ගමෙහි සොරබිය වේනම්, පොරොවා ගෙන යායුතුය. ආසනසාලාවෙහි සම්බාධ වේනම්, ජනයාගෙන් ගැවසී ගත්තීනම්, එකත් පසෙක සිවුර බැහැර කොට විනයකර්ම කරන්නට නොහැක්කේද, එක් මහණකු ගෙන පිටතගමකට ගොස් විනයකර්ම කොට සිවුරු පරිභොග කටයුතුය.
සචෙ භික්ඛූ දහරානං හත්ථෙ පත්තචීවරං දත්වා මග්ගං ගච්ඡන්තා පච්ඡිමෙ යාමෙ සයිතුකාමා හොන්ති, අත්තනො අත්තනො චීවරං හත්ථපාසෙ කත්වාව සයිතබ්බං. සචෙ ගච්ඡන්තානංයෙව අසම්පත්තෙසු දහරෙසු අරුණං උග්ගච්ඡති, චීවරං නිස්සග්ගියං හොති, නිස්සයො පන න පටිප්පස්සම්භති, දහරානම්පි පුරතො ගච්ඡන්තානං ථෙරෙසු අසම්පත්තෙසු එසෙව නයො. මග්ගං විරජ්ඣිත්වා අරඤ්ඤෙ අඤ්ඤමඤ්ඤං අපස්සන්තෙසුපි එසෙව නයො. සචෙ පන දහරා “මයං, භන්තෙ, මුහුත්තං සයිත්‍වා අසුකස්මිං නාම ඔකාසෙ තුම්හෙ සම්පාපුණිස්සාමා”ති වත්වා යාව අරුණුග්ගමනා සයන්ති, චීවරඤ්ච නිස්සග්ගියං හොති, නිස්සයො ච පටිප්පස්සම්භති, දහරෙ උය්යොජෙත්වා ථෙරෙසු සයන්තෙසුපි එසෙව නයො. ද්වෙධාපථං දිස්වා ථෙරා “අයං මග්ගො” දහරා “අයං මග්ගො”ති වත්වා අඤ්ඤමඤ්ඤස්ස වචනං අග්ගහෙත්වා ගතා, සහ අරුණුග්ගමනා චීවරානි ච නිස්සග්ගියානි හොන්ති , නිස්සයො ච පටිප්පස්සම්භති. සචෙ දහරා මග්ගතො ඔක්කම්ම “අන්තොඅරුණෙයෙව නිවත්තිස්සාමා”ති භෙසජ්ජත්ථාය ගාමං පවිසිත්වා ආගච්ඡන්ති. අසම්පත්තානංයෙව ච තෙසං අරුණො උග්ගච්ඡති, චීවරානි නිස්සග්ගියානි හොන්ති, නිස්සයො පන න පටිප්පස්සම්භති. සචෙ පන ධෙනුභයෙන වා සුනඛභයෙන වා “මුහුත්තං ඨත්වා ගමිස්සාමා”ති ඨත්වා වා නිසීදිත්වා වා ගච්ඡන්ති, අන්තරා අරුණෙ උග්ගතෙ චීවරානි නිස්සග්ගියානි හොන්ති, නිස්සයො ච පටිප්පස්සම්භති. සචෙ “අන්තොඅරුණෙයෙව ආගමිස්සාමා”ති අන්තොසීමායං ගාමං පවිට්ඨානං අන්තරා අරුණො උග්ගච්ඡති, නෙව චීවරානි නිස්සග්ගියානි හොන්ති, න නිස්සයො පටිප්පස්සම්භති. සචෙ පන “විභායතු තාවා”ති නිසීදන්ති, අරුණෙ උග්ගතෙපි න චීවරානි නිස්සග්ගියානි හොන්ති, නිස්සයො පන පටිප්පස්සම්භති. යෙපි “අන්තොඅරුණෙයෙව ආගමිස්සාමා”ති සාමන්තවිහාරං ධම්මසවනත්ථාය සඋස්සාහා ගච්ඡන්ති, අන්තරාමග්ගෙයෙව ච නෙසං අරුණො උග්ගච්ඡති, චීවරානි නිස්සග්ගියානි හොන්ති, නිස්සයො පන න පටිප්පස්සම්භති. සචෙ ධම්මගාරවෙන “යාව පරියොසානං සුත්වාව ගමිස්සාමා”ති නිසීදන්ති, සහ අරුණස්සුග්ගමනා චීවරානිපි නිස්සග්ගියානි හොන්ති, නිස්සයොපි පටිප්පස්සම්භති. ථෙරෙන දහරං චීවරධොවනත්ථාය ගාමකං පෙසෙන්තෙන අත්තනො චීවරං පච්චුද්ධරිත්වාව දාතබ්බං. දහරස්සාපි චීවරං පච්චුද්ධරාපෙත්වා ඨපෙතබ්බං. සචෙ අස්සතියා ගච්ඡති, අත්තනො චීවරං පච්චුද්ධරිත්වා දහරස්ස චීවරං විස්සාසෙන ගහෙත්වා ඨපෙතබ්බං. සචෙ ථෙරො නස්සරති, දහරො එව සරති, දහරෙන අත්තනො චීවරං පච්චුද්ධරිත්වා ථෙරස්ස චීවරං විස්සාසෙන ගහෙත්වා ගන්ත්වා වත්තබ්බො “භන්තෙ, තුම්හාකං චීවරං අධිට්ඨහිත්වා පරිභුඤ්ජථා”ති අත්තනොපි චීවරං අධිට්ඨාතබ්බං. එවං එකස්ස සතියාපි ආපත්තිමොක්ඛො හොතීති. සෙසං උත්තානත්ථමෙව.
ඉදින් භික්ෂූහු, ලදරු භික්ෂූන්ගේ අතට පාසිවුරු දී මග බැස යන්නාහු පැසුළුයම සැතපෙනු කැමැත්තාහුද තමතමන්ගේ සිවුරු අත්පසෙහි කොටම විසිය යුතුය. ඉදින් යන කල්හිම ලදරු භික්ෂූන් නොපැමිණිවිට අරුණ නැගේද, සිවුරු නිසගි වේ. ලදරු භික්ෂූන්ගේ ගමනෙහි උත්සාහ සහිත බැවින් නිසා නොසන්සිදෙන්නේය. පෙරටුව යන ලදරු භික්ෂූන්ටද තෙරුන් නොපැමිණි කල්හි මෙම නයවේ. මග වැරද වනයෙහිදී ඔවුනොවුන් නොදක්නා කල්හිද මෙම නයවේ. ඉදින් ලදරු භික්ෂූහු ‘ස්වාමීනි’ අපි මොහොතක් නිදා හිඳ අසුවල් අවකාශයෙහිදී ඔබවහන්සේලා කරා පැමිණෙන්නෙමුයි කියා අරුණ නැගීම දක්වා සයනය කෙරෙත්ද, එකල්හි සිවුරද නිසගි වේ. උත්සාහය ඇතිකල්හි ගමන නොසිදුවූ බැවින් නිසද සන්සිඳුනේ නොවේ. ලදරු භික්ෂූන් යවා තෙරුන් නිදන කල්හිදු මෙම නයවේ. දෙමංහන්දියක් දැක තෙරහු ‘මේ මගය, ලදරු භික්ෂූහු මේ මගය’යි කියා ඔවුනොවුන්ගේ වචන නොපිළිගෙණ ගියාහුද, අරුණ නැගීම සමග සිවුරුද නිසගි වේ. නිසද සන්සිදෙන්නේය. ලදරු භික්ෂූහු මගින් ඉවත්ව අරුණය තුළම නවතින්නෙමුයි බෙහෙත් පිණිස ගමට වැද එත්ද, ඔවුන් නොපැමිණි කල්හිම අරුණ නගීද, සිවුරු වනාහි නිසගි වේ. නිස වනාහි නොසන්සිදෙන්නේය. ඉදින් ධෙනුභය කරණකොට ගෙණ හෝ සුනඛභය කරණකොට ගෙණ හෝ මොහොතක් සිට යන්නෙමුයි සිට හෝ හිඳ හෝ යෙත්ද, අතරමගදී අරුණ නැගි කල්හි සිවුරුද නිසගි වේ. නිසද සන්සිදෙන්නේය. අරුණ තුළදීම එන්නෙමුයි ගමත් ගාමූපචාරයත් හැර සම්මත කළ අවිප්පවාසසීමාව තුළ ගමකට පිවිසියවුන්ට අතරමගදී අරුණ නගීද, සිවුරු නොමනිසගි වේ. නිසද නොසන්සිඳෙන්නේය. අරුණ නගීවා හෝ නොනගීවා හෝ ඒතාක් හිඳිත්ද, අරුණ නැගි කල්හිද සිවුරු නිසගි නොවේ. නිස වනාහි සන්සිඳෙන්නේය. යම්කෙනෙක් අරුණ තුළම එන්නෙමු’යි සමීපවිහාරයකට ධර්ම ශ්‍රවණය පිණිස උත්සාහ සහිතව යෙත්ද, අතරමගදීම ඔවුන්ට අරුණ නගීද සිවුරු නිසගි වේ. නිස වනාහි උත්සාහවත් බැවින් නොසන්සිඳෙන්නේය. ධර්මගෞරවය කරණකොට කෙළවර දක්වා අසාම යන්නෙමු’යි හිඳිත්ද, අරුණ නැගීම සමග සිවුරුද නිසගි වේ. උත්සාහ රහිත බැවින් නිසද සන්සිඳෙන්නේය. සිවුරු දෝනා පිණිස ලදරු මහණකු ගමකට යවන්නා වූ තෙරහු විසින් තමාගේ සිවුර පසුදුරා හෝ දිය යුතුය. ලදරු මහණහුගේ සිවුර පසුදුරවා හෝ තැබිය යුතුය. ඉදින් නොසිහියෙන් යේද, තමාගේ සිවුර පසුදුරා ලදරු මහණහුගේ සිවුර විශ්වාසයෙන් ගෙන තැබිය යුතුය. ස්ථවිර තෙමේ සිහි නොකෙරේනම්, ලදරු මහණතෙමේම සිහි කෙරේනම් ළදරු මහණහු විසින් තමාගේ සිවුර පසුදුරා තෙරුන්ගේ සිවුර විශ්වාසයෙන් ගෙන ගොස් ‘ස්වාමීනි’ ඔබවහන්සේගේ සිවුර ඉටා පරිභොග කළ මැනැවැ’යි කියයුතුය. තමාගේ සිවුරද ඉටිය යුතුය. මෙසේ එකක්හුගේ සිහියෙන්ද ආපත්ති මොක්ෂය වේ. සෙස්ස ප්‍රකටමය.
සමුට්ඨානාදීසු පඨමකථිනසික්ඛාපදෙ අනධිට්ඨානං අවිකප්පනඤ්ච අකිරියං, ඉධ අපච්චුද්ධරණං අයමෙව විසෙසො. සෙසං සබ්බත්ථ වුත්තනයමෙවාති.
සමුත්‍ථානාදීන් අතුරෙහි ප්‍රථම කඨින ශික්‍ෂාපදයෙහි නොඉටීමද නොවිකපීමද අක්රියාය. මේ ශික්‍ෂාපදයෙහි පච්චුද්ධරණය අක්රියාය. මෙපමණක්ම වෙනස වේ. සෙස්ස හැම තන්හි කියනලද නයමය.
උදොසිතසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
උද්දොසිත ශික්ෂාපද වර්ණනාව නිමි.