යෙදුමෙන් කියවන්න

පඨමකථිනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

පඨමකථිනසික‍්ඛාපදවණ‍්ණනා

ප්‍රථමකඨිනශික්‍ෂාපද වර්ණනාව

තිංස නිස‍්සග‍්ගියා ධම‍්මා, යෙ වුත‍්තා සමිතාවිනා; තෙසං දානි කරිස‍්සාමි, අපුබ‍්බපදවණ‍්ණනං.

තිංසනිස්සග්ගියා ධම්මා - යෙ වුත්තා සමිතාවිනා තෙසන්‍දාති කරිස්සාම - අපුබ්බපදවණ්ණං

සමනය කළ පව් ඇති භාග්‍යවත් බුදුරජුන් විසින් යම් නිස්සග්ගිය පාචිත්තිය කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඔවුන්ගේ පෙර නොකියූ පදවර්‍ණනාව කරන්නෙමු.

තෙන සමයෙන බුද‍්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං තිචීවරං අනුඤ‍්ඤාතං හොතීති එත්‍ථ තිචීවරන‍්ති අන‍්තරවාසකො උත‍්තරාසඞ‍්ගො සඞ‍්ඝාටීති ඉදං චීවරත‍්තයං පරිභුඤ‍්ජිතුං අනුඤ‍්ඤාතං හොති. යත්‍ථ පනෙතං අනුඤ‍්ඤාතං, යදා ච අනුඤ‍්ඤාතං, යෙන ච කාරණෙන අනුඤ‍්ඤාතං, තං සබ‍්බං චීවරක‍්ඛන්‍ධකෙ ජීවකවත්‍ථුස‍්මිං (මහාව· 326 ආදයො) ආගතමෙව. අඤ‍්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන‍්තීති යෙන විහාරෙ අච‍්ඡන‍්ති න‍්හානඤ‍්ච ඔතරන‍්ති, තතො අඤ‍්ඤෙන, එවං දිවසෙ දිවසෙ නව චීවරානි ධාරෙන‍්ති.

“තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ වෙතියෙ තෙන ඛො පන සමයෙන භගවතා භික්‍ඛූනං තිචීවරං අනුඤ්ඤාතං හොති” එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ගොතමක නම් යක්‍ෂයාගේ චෛත්‍යස්ථානයෙහි කරන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි වනාහි භාග්‍යවත්හු විසින් භික්‍ෂූන්ට තුන් සිවුර අනුදන්නා ලද්දේ වේ. මෙහි “තිචීවරං” අන්තරවාසකය උත්තරාසඞ්ගය සඞ්ඝාටියයි. මේ තුන් සිවුර පරිභොග කරන්නට අනුදන්නා ලද්දේ වේ. යම් තැනෙක්හි වනාහි මේ තුන් සිවුරු පරිභොගය අනුදන්නා ලද්දේද, යම් කලෙක්හි අනුදන්නා ලද්දේද, යම් කරුණක් හේතුකොට අනුදන්නා ලද්දේද, ඒ සියල්ල චීවරක්‍ඛන්‍ධකයෙහි ජීවතවස්තුවෙහි ආයේම වේ. “අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති” යම් සිවුරකින් යුක්තව විහාරයෙහි හිඳිත්ද, නානතොටට බසිත්ද, එයින් අනිකෙකින්මය. මෙසේ දවස්පතා අලුත් සිවුරු දරත්,

උප‍්පන‍්නං හොතීති අනුපඤ‍්ඤත‍්තියා ද‍්වාරං දදමානං පටිලාභවසෙන උප‍්පන‍්නං හොති, නො නිප‍්ඵත‍්තිවසෙන.

“උප්පන්නං හොති” අනුප්‍රඥප්තියට දොර දෙමින් ප්‍රතිලාභ වශයෙන් උපන්නේ වේ. නිෂ්පත්ති වශයෙන් උපන්නේ නොවේ.

ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස දාතුකාමො හොතීති ආයස‍්මා කිර ආනන්‍දො භගවන‍්තං ඨපෙත්‍වා අඤ‍්ඤො එවරූපො ගුණවිසිට‍්ඨො පුග‍්ගලො නත්‍ථීති ගුණබහුමානෙන ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අතිමමායති. සො සදාපි මනාපං චීවරං ලභිත්‍වා රජිත්‍වා කප‍්පබින්‍දුං දත්‍වා ථෙරස‍්සෙව දෙති, පුරෙභත‍්තෙ පණීතං යාගුඛජ‍්ජකං වා පිණ‍්ඩපාතං වා ලභිත්‍වාපි ථෙරස‍්සෙව දෙති, පච‍්ඡාභත‍්තෙ මධුඵාණිතාදීනි ලභිත්‍වාපි ථෙරස‍්සෙව දෙති, උපට‍්ඨාකකුලෙහි දාරකෙ නික‍්ඛාමෙත්‍වා පබ‍්බාජෙත්‍වාපි ථෙරස‍්ස සන‍්තිකෙ උපජ‍්ඣං ගාහාපෙත්‍වා සයං අනුසාවනකම‍්මං කරොති. ආයස‍්මාපි සාරිපුත‍්තො “පිතු කත‍්තබ‍්බකිච‍්චං නාම ජෙට‍්ඨපුත‍්තස‍්ස භාරො, තං මයා භගවතො කත‍්තබ‍්බං කිච‍්චං ආනන්‍දො කරොති, අහං ආනන්‍දං නිස‍්සාය අප‍්පොස‍්සුක‍්කො විහරිතුං ලභාමී”ති ආයස‍්මන‍්තං ආනන්‍දං අතිවිය මමායති, සොපි මනාපං චීවරං ලභිත්‍වා ආනන්‍දත්‍ථෙරස‍්සෙව දෙතීති සබ‍්බං පුරිමසදිසමෙව . එවං ගුණබහුමානෙන මමායන‍්තො තදා උප‍්පන‍්නම‍්පි තං චීවරං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස දාතුකාමො හොතීති වෙදිතබ‍්බො.

“ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්වහන්සේ ‘භාග්‍යවතුන් වහන්සේ හැර ගුණයෙන් විශිෂ්ටවූ මෙබඳු අන්‍ය පුද්ගලයෙක් නැතැ’යි ගුණයට බුහුමන් කිරීමෙන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මමායනය කරත්. ඒ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ හැම කල්හිම මනවඩන සිවුරක් ලැබ රදන් ගන්වා කප්බිදු පිහිටුවා තෙරුන් වහන්සේටම දෙත්. උපස්ථායක කුලයන්ගෙන් දරුවන් ගෙන්වාගෙන පැවිදිකොට තෙරුන් වෙතම උපාද්ධ්‍යාය ග්‍රහණය කරවා තුමූ අනුශ්‍රාවණකර්‍මය කරත්, ආයුෂ්මත් කාරීපුත්‍රස්ථවිරයන් වහන්සේද, ‘පියා විසින් කටයුතු කිස නම් වැඩිමහල් පුතුට අයත්ය. මා විසින් භාග්‍යවතුන් වහන්සේට කටයුතු කිස ආනන්‍ද ස්ථවිර තෙමේ කරන්නේය. මම ආනන්‍ද තෙරුන් නිසා උත්සාහ රහිතව වසන්නට ඉඩලබමි’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මමායන කරත්. උන්වහන්සේද, ‘තමන්ට ලැබෙන මනවඩන සිවුරු ආනන්‍ද තෙරුන්ටම දෙතියි යන සියල්ල පළමු කියන ලද්ද සමානම වේ. මෙසේ ගුණයට බුහුමන් කිරීමෙන් මමායනය කරන්නේ එකල්හි උපන් ඒ සිවුර ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තේ වේයයි දතයුතුය.

නවමං වා භගවා දිවසං දසමං වාති එත්‍ථ පන සචෙ භවෙය්‍ය “කථං ථෙරො ජානාතී”ති? බහූහි කාරණෙහි ජානාති. සාරිපුත‍්තත්‍ථෙරො කිර ජනපදචාරිකං පක‍්කමන‍්තො ආනන්‍දත්‍ථෙරං ආපුච‍්ඡිත්‍වාව පක‍්කමති “අහං එත‍්තකෙන නාම කාලෙන ආගච‍්ඡිස‍්සාමි, එත්‍ථන‍්තරෙ භගවන‍්තං මා පමජ‍්ජී”ති. සචෙ සම‍්මුඛා න ආපුච‍්ඡති, භික‍්ඛූ පෙසෙත්‍වාපි ආපුච‍්ඡිත්‍වාව ගච‍්ඡති. සචෙ අඤ‍්ඤත්‍ථ වස‍්සං වසති, යෙ පඨමතරං භික‍්ඛූ ආගච‍්ඡන‍්ති, තෙ එවං පහිණති “මම වචනෙන භගවතො ච පාදෙ සිරසා වන්‍දථ, ආනන්‍දස‍්ස ච ආරොග්‍යං වත්‍වා මං ‘අසුකදිවසෙ නාම ආගමිස‍්සතී’ති වදථා”ති සදා ච යථාපරිච‍්ඡින‍්නදිවසෙයෙව එති. අපිචායස‍්මා ආනන්‍දො අනුමානෙනපි ජානාති “එත‍්තකෙ දිවසෙ භගවතා වියොගං සහන‍්තො අධිවාසෙන‍්තො ආයස‍්මා සාරිපුත‍්තො වසි, ඉතො දානි පට‍්ඨාය අසුකං නාම දිවසං න අතික‍්කමිස‍්සති අද‍්ධා ආගමිස‍්සතී”ති. යෙසං යෙසඤ‍්හි පඤ‍්ඤා මහතී තෙසං තෙසං භගවති පෙමඤ‍්ච ගාරවො ච මහා හොතීති ඉමිනා නයෙනාපි ජානාති. එවං බහූහි කාරණෙහි ජානාති. තෙනාහ – “නවමං වා භගවා දිවසං දසමං වා”ති. එවං වුත‍්තෙ යස‍්මා ඉදං සික‍්ඛාපදං පණ‍්ණත‍්තිවජ‍්ජං, න ලොකවජ‍්ජං; තස‍්මා ආයස‍්මතා ආනන්‍දෙන වුත‍්තසදිසමෙව පරිච‍්ඡෙදං කරොන‍්තො “අථ ඛො භගවා…පෙ… ධාරෙතු”න‍්ති. සචෙ පන ථෙරෙන අද‍්ධමාසො වා මාසො වා උද‍්දිට‍්ඨො අභවිස‍්ස, සොපි භගවතා අනුඤ‍්ඤාතො අස‍්ස.

“නවමං වා භගවා දිවසං දසමං වා” යන මෙහි වනාහි ස්ථවිරයන්වහන්සේ කෙසේ දනිත්දැයි ඉතින් කිසිවක්හට මෙබඳු සැකයෙක් වන්නේ නම් බොහෝ කරුණෙන් දනිතියි දතයුතුය. ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ ජනපද චාරිකාවෙහි හැසිරෙන සේක් මම මෙපමණකලකින් එන්නෙමි, මේ අතරෙහි භාග්‍යවතුන් කෙරෙහි ප්‍රමාද නොවවු’යි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට දන්වාම වඩින සේක. ඉදින් ඉදිරියෙහිදී නොකියත්නම්, භික්‍ෂූන් යවාද දන්වාම යන්නාහ. අන් තැනක වස් වසන්නාහු නම් යම් මහණ කෙනෙක් පළමුකොට එත්ද, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේද පාදයන් හිස තබා වඳිවු, ආනන්‍දගේ ද නීරොගභාවය විචාරා මා අසුවල් දිනයෙහි එන්නේය’යි කියා වඳිවු’යි ඒ භික්‍ෂූන් මෙසේ පිටත් කොට යවත්, හැම කල්හිම පිරිසිඳි දිනයෙහිම පැමිණෙති. තවද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, අනුමානයෙනුදු ‘මෙතෙක් දවස් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන්ව විසීම ඉවසමින් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසූ සේක, දැන් මෙතැන් පටන් අසුවල් දිනය නම් නොඉක්ම වන්නාහ, එකාන්තයෙන් එන්නාහයි. දනිත්. යම් යම් කෙනකුන්ගේ ප්‍රඥාව මහත් වන්නීද, උන් උන්ගේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද ගෞරවයද මහත්වේයයි මේ නයිනුදු දනිත්. මෙසේ බොහෝ කරුණෙන් දනිති. එහෙයින් ‘නවමං වා භගවා දිවසං දසමං වා’යි කීහ. මෙසේ කියූ කල්හි යම්හෙයකින් මේ ශික්‍ෂාපදය ප්‍රඥප්ති වද්‍යවේද, ලොකවද්‍ය නොවේද, එහෙයින් එය ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් කියූ දිනයමැයි පිරිසිඳීම කරමින් “අථ ඛො භගවා -පෙ- ධාරෙතුං” යනු කීහ. ඉදින් තෙරුන් විසින් අඩ මසක් හෝ මසක් හෝ උදෙසන ලද්දේ වන්නේද, එද භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නා ලද්දේ වන්නේය.

නිට‍්ඨිතචීවරස‍්මින‍්ති යෙන කෙනචි නිට‍්ඨානෙන නිට‍්ඨිතෙ චීවරස‍්මිං. යස‍්මා පන තං චීවරං කරණෙනපි නිට‍්ඨිතං හොති, නස‍්සනාදීහිපි තස‍්මාස‍්ස පදභාජනෙ අත්‍ථමත‍්තමෙව දස‍්සෙතුං භික‍්ඛුනො චීවරං කතං වා හොතීතිආදි වුත‍්තං. තත්‍ථ කතන‍්ති සූචිකම‍්මපරියොසානෙන කතං, සූචිකම‍්මපරියොසානං නාම යංකිඤ‍්චි සූචියා කත‍්තබ‍්බං පාසපට‍්ටගණ‍්ඨිකපට‍්ටපරියොසානං කත්‍වා සූචියා පටිසාමනං. නට‍්ඨන‍්ති චොරාදීහි හටං, එතම‍්පි හි කරණපලිබොධස‍්ස නිට‍්ඨිතත‍්තා නිට‍්ඨිතන‍්ති වුච‍්චති. විනට‍්ඨන‍්ති උපචිකාදීහි ඛායිතං. දඩ‍්ඪන‍්ති අග‍්ගිනා දඩ‍්ඪං. චීවරාසා වා උපච‍්ඡින‍්නාති “අසුකස‍්මිං නාම කුලෙ චීවරං ලභිස‍්සාමී”ති යා චීවරාසා උප‍්පන‍්නා හොති, සා වා උපච‍්ඡින‍්නා, එතෙසම‍්පි හි කරණපලිබොධස‍්සෙව නිට‍්ඨිතත‍්තා නිට‍්ඨිතභාවො වෙදිතබ‍්බො.

“නිට්ඨිතචීවරස්මිං” යම්කිසි නිමවීමකින් නිමවූ සිවුර ඇති කල්හි, යම්හෙයකින් ඒ සිවුර කිරීමෙන්ද නැසීම් ආදියෙන්ද හිටියේද එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි අර්‍ත්‍ථමාත්‍රයම දක්වනු පිණිස “භික්‍ඛුනො චීවරං කතං වා හොති” යනාදිය වදාරන ලදී. එහි “කතං” හිදිකම් කෙළවර කිරීමෙන් කරන ලදය. හිදිකම් කෙළවර කිරීම් නම්, හිදියෙන් පාසවැටි ගණ්ඨිකවැටි කෙළවර කොට යම්කිසිවක් කටයුතුද ඒ කොට හිද්ද හිදිකුළාවෙහිලා රැකීමය. “නට්ඨං” සොරු ආදීන් විසින් පැහැරගන්නා ලදය. මෙය කරණපළිබොධය නිමකළ බැවින් නිට්ඨිතයි කියනු ලැබේ. “විනයට්ඨං” වේ ආදීන් විසින් කනලදය. “දඩ්ඪං” ගින්නෙන් දනලදය. “චීවරාසා වා උපච්ඡින්නා” අසුවල් නම් කුලයෙහි සිවුරක් ලබන්නෙමියි යම් චීවරාශාවක් උපන්නීවේද, ඒ ආශා තොමෝ හෝ සිඳුනීය. විනෂ්ටාදීවූ මොවුන්ගේද කරණපළිබොධයම නිමවූ බැවින් නිට්ඨිතභාවයයි දතයුතුය.

උබ‍්භතස‍්මිං කථිනෙති කථිනෙ ච උබ‍්භතස‍්මිං. එතෙන දුතියස‍්ස පලිබොධස‍්ස අභාවං දස‍්සෙති. තං පන කථිනං යස‍්මා අට‍්ඨසු වා මාතිකාසු එකාය අන‍්තරුබ‍්භාරෙන වා උද‍්ධරීයති, තෙනස‍්ස නිද‍්දෙසෙ “අට‍්ඨන‍්නං මාතිකාන”න‍්තිආදි වුත‍්තං. තත්‍ථ “අට‍්ඨිමා, භික‍්ඛවෙ, මාතිකා කථිනස‍්ස උබ‍්භාරාය – පක‍්කමනන‍්තිකා, නිට‍්ඨානන‍්තිකා, සන‍්නිට‍්ඨානන‍්තිකා, නාසනන‍්තිකා, සවනන‍්තිකා, ආසාවච‍්ඡෙදිකා, සීමාතික‍්කන‍්තිකා, සහුබ‍්භාරා”ති එවං අට‍්ඨ මාතිකායො කථිනක‍්ඛන්‍ධකෙ ආගතා. අන‍්තරුබ‍්භාරොපි “සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො; යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො කථිනං උද‍්ධරෙය්‍ය, එසා ඤත‍්ති. සුණාතු මෙ, භන‍්තෙ, සඞ‍්ඝො; සඞ‍්ඝො කථිනං උද‍්ධරති, යස‍්සායස‍්මතො ඛමති, කථිනස‍්ස උබ‍්භාරො, සො තුණ‍්හස‍්ස; යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය. උබ‍්භතං සඞ‍්ඝෙන කථිනං, ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති (පාචි· 926) එවං භික‍්ඛුනීවිභඞ‍්ගෙ ආගතො. තත්‍ථ යං වත‍්තබ‍්බං තං ආගතට‍්ඨානෙයෙව වණ‍්ණයිස‍්සාම. ඉධ පන වුච‍්චමානෙ පාළි ආහරිතබ‍්බා හොති, අත්‍ථොපි වත‍්තබ‍්බො. වුත‍්තොපි ච න සුවිඤ‍්ඤෙය්‍යො හොති, අට‍්ඨානෙ වුත‍්තත‍්තාය.

“උබ්භතස්මිං කඨිනෙ” කඨිනය ඉදුරු කල්හි මෙයින් දෙවන ආවාස පළිබොධයාගේ අභාවය දක්වති. ඒ කඨිනය වනාහි යම්හෙයකින් අෂ්ටමාතෘකාවන් අතුරෙහි එකකින් හෝ දෙවැදෑරුම් කඨිනොද්ධරණයෙන් හෝ උදුරනු ලැබේද එහෙයින් මෙයට නිර්‍දෙශයෙහි “අට්ඨන්තං මාතිකානං” යනාදිය වදාරන ලදි. එහි ‘අට්ඨිමා භික්‍ඛවෙ මාතිකා කඨිනස්ස උබ්හාරාය. පක්කමණන්තිකා නිට්ඨානන්තිකා සන්නිට්ඨානන්තිකා නාසන්නතිකා සවණන්තිකා ආසාවච්ජෙදිකා සීමාතික්කන්තිකා සහුබ්හාරා’යි මෙසේ අෂ්ටමාතෘකාවෝ කඨිනක්‍ඛන්‍ධකයෙහි ආවාහුය. අන්නරුබ්හාරයද ‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො කඨිනං උද්ධරෙය්‍ය එසා ඤත්ති, සුණාතු මෙ භන්තෙ සඞ්ඝො කඨිනං උද්ධරති, යස්මායස්මතො ඛමති කඨිනස්ස උබ්හාරො, සො තුණ්භස්ස, යස්ස නක්‍ඛමති, සො භාසෙය්‍ය, උබ්භතං සඞ්ඝෙන කඨිනං, ඛමති ඝඞ්ඝස්ස, තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි’යි මෙසේ භික්‍ඛුනීවිභඞ්ගයෙහි ආයේය. එහි යමක් කියයුතුනම් එය ආ තන්හිම වර්‍ණනා කරන්නෙමු. මෙහි කියූ කල්හි පෙළද ගෙණහැර දැක්විය යුතුවේ. අර්‍ත්‍ථයද කියයුතුය. අස්ථානයෙහි කියූ බැවින් කියන ලද්ද මැනැවින් නොදත හැකිවේ.

දසාහපරමන‍්ති දස අහානි පරමො පරිච‍්ඡෙදො අස‍්සාති දසාහපරමො, තං දසාහපරමං කාලං ධාරෙතබ‍්බන‍්ති අත්‍ථො. පදභාජනෙ පන අත්‍ථමත‍්තමෙව දස‍්සෙතුං “දසාහපරමතා ධාරෙතබ‍්බ”න‍්ති වුත‍්තං. ඉදඤ‍්හි වුත‍්තං හොති “දසාහපරම”න‍්ති එත්‍ථ යා දසාහපරමතා දසාහපරමභාවො, අයං එත‍්තකො කාලො යාව නාතික‍්කමති තාව ධාරෙතබ‍්බන‍්ති.

“දසාහපරමං” දසදවසක් පිරිසිඳීම මේ සිවුර ඇත්තේනුයි දසාහපරම නම. ඒ දසදවසක්හුගේ පිරිසිඳීම් කාලයක් දැරිය යුතුය යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහි වනාහි අර්‍ත්‍ථය පමණක් දක්වනු පිණිස “දසාහපරමතා ධාරෙතබ්බා”යි වදාරන ලදි. මේ කියන ලද්දේ වේ. ‘දසාහපරමං’ යන මෙහි යම් දස දවසක්හුගේ පරමතාවයක් ඇත්තීද, දසදවසක්හුගේ පිරිසිදීමවේද, මෙපමණ කාලයක් තෙමේ යම්තාක් නොඉක්මේද, ඒතාක් දැරිය යුතුය යන මේ අර්‍ත්‍ථය දත යුතුය.

අධිට‍්ඨිතවිකප‍්පිතෙසු අපරියාපන‍්නත‍්තා අතිරෙකං චීවරන‍්ති අතිරෙකචීවරං. තෙනෙවස‍්ස පදභාජනෙ වුත‍්තං “අනධිට‍්ඨිතං අවිකප‍්පිත”න‍්ති.

ඉටු විකැපූ සිවුරු කෙරෙහි ඇතුළත් නොවන බැවින් අයිරිත් සිවුරුයි අතිරෙක චීවර නම. එහෙයින්ම මෙහි පදභාජනයෙහි “අනධිට්ඨිතං අවිකප්පිතං”යි වදාරන ලදි.

ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරන‍්ති ඛොමං, කප‍්පාසිකං, කොසෙය්‍යං, කම‍්බලං, සාණං, භඞ‍්ගන‍්ති ඉමෙසං ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං. එතෙන චීවරස‍්ස ජාතිං දස‍්සෙත්‍වා ඉදානි පමාණං දස‍්සෙතුං “විකප‍්පනුපගං පච‍්ඡිම”න‍්ති ආහ. තස‍්ස පමාණං දීඝතො ද‍්වෙ විදත්‍ථියො, තිරියං විදත්‍ථි. තත්‍රායං පාළි – “අනුජානාමි, භික‍්ඛවෙ, ආයාමෙන අට‍්ඨඞ‍්ගුලං සුගතඞ‍්ගුලෙන චතුරඞ‍්ගුලවිත්‍ථතං පච‍්ඡිමං චීවරං විකප‍්පෙතු”න‍්ති (මහාව· 358).

“ඡන්නං චීවරානං අඤ්ඤතරං” කොමුවැහරියෙන් කළ චීවරය, කපුහුයෙන් කළ චීවරය, පටහුයෙන් කළ චීවරය, එළුලොම් ආදියෙන් කළ චීවරය, හණ වැහරියෙන් කළ චීවරය, කොම්හූ ආදිය මුසුකොට කළ චීවරය යන මේ සවැදෑරුම් සිවුරු අතුරෙහි එක්තරා එකක් වේ. මෙයින් සිවුරු පිළිබඳ ජාතිය දක්වා දැන් ප්‍රමාණය දක්වනු පිණිස “විකප්පනූපග පච්ඡිමං” යනු වදාළ සේක. විකප්පනූපග පච්ඡිමයි කියූ ඒ විකපනයට පොහොනා පශ්චිම චීවරයෙහි ප්‍රමාණය දිගින් දෙවියතක් හෙවත් වඩුරියනක් වේ. පුළුලින් වියතක් වේ. ‘අනුජානාමි භික්‍ඛවෙ ආයාමෙන අට්ඨඞ්ගුලං සුගතඞ්ගුලෙන චතුරඞ්ගුලවිත්‍ථතං පච්ඡිමං චීවරං විකප්පෙතුං’ යනු එහි පාලියයි. ‘මහණෙනි’ දිගින් සුගත් අඟලෙන් අටඟලක් ඇති පුළිලින් සතරඅඟලක් ඇති පැසුළු සිවුර විකපනය කරන්නට අනුදනිමි, යනු අරුත්ය.

තං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති තං යථාවුත‍්තජාතිප‍්පමාණං චීවරං දසාහපරමං කාලං අතික‍්කාමයතො, එත්‍ථන‍්තරෙ යථා අතිරෙකචීවරං න හොති තථා අකුබ‍්බතො නිස‍්සග‍්ගියං පාචිත‍්තියං, තඤ‍්ච චීවරං නිස‍්සග‍්ගියං හොති, පාචිත‍්තියාපත‍්ති චස‍්ස හොතීති අත්‍ථො. අථ වා නිස‍්සජ‍්ජනං නිස‍්සග‍්ගියං, පුබ‍්බභාගෙ කත‍්තබ‍්බස‍්ස විනයකම‍්මස‍්සෙතං නාමං. නිස‍්සග‍්ගියමස‍්ස අත්‍ථීති නිස‍්සග‍්ගියමිච‍්චෙව. කින‍්තං? පාචිත‍්තියං. තං අතික‍්කාමයතො සනිස‍්සග‍්ගියවිනයකම‍්මං පාචිත‍්තියං හොතීති අයමෙත්‍ථ අත්‍ථො. පදභාජනෙ පන පඨමං තාව අත්‍ථවිකප‍්පං දස‍්සෙතුං “තං අතික‍්කාමයතො නිස‍්සග‍්ගියං හොතී”ති මාතිකං ඨපෙත්‍වා “එකාදසෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොති, නිස‍්සජ‍්ජිතබ‍්බ”න‍්ති වුත‍්තං. පුන යස‍්ස ච නිස‍්සජ‍්ජිතබ‍්බං, යථා ච නිස‍්සජ‍්ජිතබ‍්බං, තං දස‍්සෙතුං “සඞ‍්ඝස‍්ස වා”තිආදි වුත‍්තං. තත්‍ථ එකාදසෙ අරුණුග‍්ගමනෙති එත්‍ථ යං දිවසං චීවරං උප‍්පන‍්නං තස‍්ස යො අරුණො, සො උප‍්පන‍්නදිවසනිස‍්සිතො, තස‍්මා චීවරුප‍්පාදදිවසඑන සද‍්ධිං එකාදසෙ අරුණුග‍්ගමනෙ නිස‍්සග‍්ගියං හොතීති වෙදිතබ‍්බං. සචෙපි බහූනි එකජ‍්ඣං බන්‍ධිත්‍වා වා වෙඨෙත්‍වා වා ඨපිතානි එකාව ආපත‍්ති. අබද‍්ධාවෙඨිතෙසු වත්‍ථුගණනාය ආපත‍්තියො.

“තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං” කියූ ජාතිය හා පමණ ඇති ඒ සිවුර දසදහසක් පමණ කොට ඇති කාලය ඉක්මවන මේ අතර යම්සේ අතිරෙක චීවරයක් නොවේද, එසේ නොකරන මහණහුට නිස්සග්ගිය පාචිත්තිය වේ. ඒ සිවුරද නිස්සග්ගිය වේ. පාචිත්තියාපත්තියක්ද මොහුට වන්නීය යන අර්‍ත්‍ථය නොහොත්, බැහැර කිරීම නිස්සග්ගිය නම. පූර්‍වභාගයෙහි කටයුතුවූ විනයකර්‍මයට මේ නමෙකි. බැහැර කිරීම මොහුට ඇත්තේනුයි නිස්සග්ගියමය. ඒ කිමෙක්ද, යත්:- පාචිත්තියය. ඒ කාලය ඉක්මවන්නහුට නිස්සග්ගිය විනයකර්‍ම සහිත වූ පාචිත්තියක් වේය යනු මෙහි මේ අර්‍ත්‍ථයයි, පදභාජනයෙහි වනාහි පළමු කොට අර්‍ත්‍ථ විකල්පය දක්වනු පිණිස “තං අතික්කාමයතො නිස්සග්ගියං හොති”යි මාතෘකාව තබා “එකාදසමෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති නිස්සජිතබ්බං”යි වදාරන ලදි. නැවැත යමක්හට නිස දියයුතුද, යම්සේ නිස දියයුතුද, එය දක්වනු පිණිස “සඞ්ඝස්ස වා” යනාදිය වදාළ සේක. එහි “එකාදසෙ අරුණුග්ගමනෙ” යන මෙහි යම් දවසෙක සිවුර උපන්නේද, ඒ දවස පිළිබද යම් අරුණක් ඉක්ම ගියේද, ඒ ඉකුත් අරුණ උපන් දවස ඇසුරු කොට සිටියේද, එහෙයින් සිවුරු උපන් දවස සමග එකොළොස්වන අරුණ නැගීම නිමිතිකොට නිස්සග්ගිය වේයයි දතයුතුය. ඉදින් බොහෝ සිවුරු එක්කොට රැහැන් ආදියෙන් බැඳ හෝ, වස්ත්‍රාදියෙන් වෙළා හෝ, තබන තබන ලදද එක්ම ඇවැතක් වේ. නොබඳිනලද නොවෙළන ලද වස්ත්‍රයන්හි වස්ත්‍රසඞ්ඛ්‍යාත වස්ත්‍ර ගණනින් ඇවැත්හු වෙත්.

නිස‍්සජ‍්ජිත්‍වා ආපත‍්ති දෙසෙතබ‍්බාති කථං දෙසෙතබ‍්බා? යථා ඛන්‍ධකෙ වුත‍්තං, කථඤ‍්ච තත්‍ථ වුත‍්තං? එවං වුත‍්තං – “තෙන, භික‍්ඛවෙ, භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො – ‘අහං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො, තං පටිදෙසෙමී’”ති (චූළව· 239). ඉධ පන සචෙ එකං චීවරං හොති “එකං නිස‍්සග‍්ගියං පාචිත‍්තිය”න‍්ති වත‍්තබ‍්බං. සචෙ ද‍්වෙ, “ද‍්වෙ”ති වත‍්තබ‍්බං. සචෙ බහූනි “සම‍්බහුලානී”ති වත‍්තබ‍්බං. නිස‍්සජ‍්ජනෙපි සචෙ එකං යථාපාළිමෙව “ඉදං මෙ, භන‍්තෙ, චීවර”න‍්ති වත‍්තබ‍්බං. සචෙ ද‍්වෙ වා බහූනි වා, “ඉමානි මෙ, භන‍්තෙ, චීවරානි දසාහාතික‍්කන‍්තානි නිස‍්සග‍්ගියානි, ඉමානාහං සඞ‍්ඝස‍්ස නිස‍්සජ‍්ජාමී”ති වත‍්තබ‍්බං. පාළිං වත‍්තුං අසක‍්කොන‍්තෙන අඤ‍්ඤථාපි වත‍්තබ‍්බං.

“නිස්සජිත්‍වා ආපත්ති දෙසෙතබ්බා” නිසදා ඇවැත් දෙසිය යුතුය. කෙසේ දෙසියයුතුද, යත්: ඛන්‍ධකයෙහි යම්සේ කියන ලදද, එසේ දෙසිය යුතුය. එහි මෙසේ කියන ලදද, යත්: ‘මහණෙනි’ නිසගි සිවුරු ඇති ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟසිවුර සකස්කොට පොරොවා වැඩිමහලු මහණුන්ගේ පා වැඳ, උක්කුටිකයෙන් හිඳ, ඇඳිලි බැඳ ‘ස්වාමීනි’ මම මේ ඇවැතට පැමිණියෙමි, එය දෙසමි’යි මෙසේ පාලියෙන් හෝ අන් කිසි බසකින් හෝ කියයුතු වන්නේය. මෙහි වනාහි ඉදින් එක් සිවුරක් වේද, එහිදී ‘එතං නිස්සග්ගියං පාචිත්තියං ආපන්නො’යි කියයුතුය. ඉදින් සිවුරු දෙකක් වේනම් ‘ද්වෙ නිස්සග්ගියානි පාචිත්තියානි ආපන්නො’යි කියයුතුය. ඉදින් බොහෝ සිවුරු වෙත්නම් ‘සම්බහුලා නිස්සග්ගියා පාචිත්තියාපත්තියො ආපන්නො’යි කියයුතුය. නිසදීමෙහිද ඉදින් එක් සිවුරක් වේනම්, පෙළවූ පරිදිම ‘ඉදං මෙ භන්නෙ චීවරං’යි කියයුතුය. ඉදින් දෙකක් හෝ බොහෝ සිවුරු වේ නම් ‘ඉමානි මෙ භන්තෙ චීවරානි දසාහාතික්කන්තානි නිස්සග්ගියානි, ඉමානාහං සඞ්ඝස්ස නිස්සජාමි’යි කියයුතුය. පාලිය කියන්නට නොහැකිවන්නහු විසින් අන් ආකාරයකිනුදු කියයුතුය.

බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බාති ඛන්‍ධකෙ වුත‍්තනයෙනෙව පටිග‍්ගහෙතබ‍්බා. එවඤ‍්හි තත්‍ථ වුත‍්තං – “බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො –

“ව්‍යත්තෙන භික්‍ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා”යි ඛන්‍ධකයෙහි කියූ නයින්ම පිළිගත යුතුය. එහි මෙසේ කියනලදී:- ප්‍රතිබල සම්පන්නවූ ව්‍යක්ත භික්‍ෂූහු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේය. කියේය, යත්:-

‘සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො, අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ආපත‍්තිං සරති විවරති උත‍්තානිං කරොති දෙසෙති, යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ආපත‍්තිං පටිග‍්ගණ‍්හෙය්‍ය’න‍්ති.

‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං ඉත්‍ථන්නාමො භික්‍ඛු ආපත්තිං සරති විවරති උත්තානී කරොති දෙසෙති, යදි සඞ්ඝස්ස පත්තතල්ලං අහං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො ආපත්තිං පතිගණ්හෙය්‍යං’යි

තෙන වත‍්තබ‍්බො ‘පස‍්සසී’ති? ‘ආම, පස‍්සාමී’ති. ආයතිං සංවරෙය්‍යාසී”ති (චූළව· 239). ද‍්වීසු පන සම‍්බහුලාසු වා පුරිමනයෙනෙව වචනභෙදො ඤාතබ‍්බො.

ඒ ඇවැත පිළිගත් මහණහු විසින් ‘පස්සසි’යි කියයුතුය. ‘ආම පස්සාමි’යි ඇවැත දෙසූවහු විසින් කියයුතුය. ‘ආයතිං සංවරෙය්‍යාසි’යි ඇවැත පිළිගත්තහු විසින් කියයුතුය. ‘සාධු සුවඨු සංවරිස්සාමි’යි ඇවැත දෙසූවහු විසින් කියයුතුය. ඇවැත් දෙකක් ඇතිකල්හිද බොහෝ ඇවැත් ඇති කල්හිද පෙර කියූ නයින්ම වචනභෙදය දත යුතුය.

චීවරදානෙපි “සඞ‍්ඝො ඉමං චීවරං ඉමානි චීවරානී”ති වත්‍ථුවසෙන වචනභෙදො වෙදිතබ‍්බො. ගණස‍්ස ච පුග‍්ගලස‍්ස ච නිස‍්සජ‍්ජනෙපි එසෙව නයො.

චීවරදානයෙහිද ‘සඞ්ඝො ඉමං චීවරං, ඉමානි චීවරානි’යි වස්තු සඞ්ඛ්‍යාත සිවුරු ගණනින් වචනභෙදය දතයුතුය. ගණයා හටද පුද්ගලයා හටද නිසදීමෙහිද මේ නයම වේ.

ආපත‍්තිදෙසනාපටිග‍්ගහණෙසු පනෙත්‍ථ අයං පාළි – “තෙන, භික‍්ඛවෙ, භික‍්ඛුනා සම‍්බහුලෙ භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කත්‍වා වුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්සු වචනීයා – ‘අහං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො තං පටිදෙසෙමී’ති. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන තෙ භික‍්ඛූ ඤාපෙතබ‍්බා –

මෙහි ඇවැත් දෙසීම් පිළිගැණුම්හි වනාහි මේ පෙලයි:- ‘තෙන භික්‍ඛවෙ භික්‍ඛුනා සම්බහුලෙ භික්‍ඛූ උපසඞ්කමිත්‍වා එකංසං උත්තරාසඞ්ගං කරිත්‍වා බුඩ්ඪානං භික්‍ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක්කුටිකං නිසීදිත්‍වා අඤ්ජලිං පග්ගහෙත්‍වා එවමස්සු වචනීයා:- අහං භන්තෙ ඉත්‍ථන්නාමං ආපත්තිං ආපන්නො තං පටිදෙසෙමි’යි. එකල්හි ප්‍රතිබල සම්පන්නවූ ව්‍යක්ත භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂූහු මෙසේ දැන්විය යුත්තාහ:-

‘සුණන‍්තු මෙ ආයස‍්මන‍්තා, අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු ආපත‍්තිං සරති විවරති උත‍්තානිං කරොති දෙසෙති. යදායස‍්මන‍්තානං පත‍්තකල‍්ලං, අහං ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො ආපත‍්තිං පටිග‍්ගණ‍්හෙය්‍ය’න‍්ති.

‘සුණන්තු මෙ ආයස්මන්තො අයං ඉත්‍ථන්නාමො භික්‍ඛු ආපත්ති, සරති විවරති උත්තානී කරොති, දෙසෙති, සදායස්මන්නානං පත්තකල්ලං අහං ඉත්‍ථන්නාමස්ස භික්‍ඛුනො ආපත්තිං පතිගණෙය්‍යං’යි

තෙන වත‍්තබ‍්බො ‘පස‍්සසී’ති? ‘ආම, පස‍්සාමී’ති. ‘ආයතිං සංවරෙය්‍යාසී’ති.

ඒ ඇවැත පිළිගන්නහු විසින් ‘පස්සසි’යි කියයුතුය. ඇවැත දෙසූවහු විසින් ‘ආම පස්සාමි’යි කියයුතුය. ඇවැත පිළිගත්තහු විසින් ‘ආයතිං සංවරෙය්‍යාසි’ කියයුතුය.

තෙන භික‍්ඛුනා එකං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො – ‘අහං, ආවුසො, ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො තං පටිදෙසෙමී’ති. තෙන වත‍්තබ‍්බො ‘පස‍්සසී’ති, ආම පස‍්සාමීති ආයතිං සංවරෙය්‍යාසී”ති (චූළව· 239). තත්‍ථ පුරිමනයෙනෙව ආපත‍්තියා නාමග‍්ගහණං වචනභෙදො ච වෙදිතබ‍්බො.

ඇවැතට පැමිණි මහණහු විසින් එක් මහණහු වෙත එළැඹ උතුරු සඟ සිවුර සකස් කොට උක්කුටික හිඳ ඇඳිලි බැඳ ‘අහං ආවුසො ඉත්‍ථන්නාමං ආපත්තිං ආපන්නො තං පටිදෙසෙමි, මෙසේ කිය යුතු වන්නේය. ඇවැත පිළිගත්තහු විසින් ‘පස්සසි’යි කියයුතුය. ඇවැත දෙසූවහු විසින් ‘ආම පස්සාමි’යි කියයුතුය. ඇවැත දෙසූවහු විසින් ‘ආම පස්සාමි’යි කියයුතුය. ඇවැත පිළිගන්නහු විසින් ‘ආයතිං සංවරෙය්‍යාසි’ කියයුතුය. එහි පෙර කියූ නයින්ම ආපත්තියෙහි නාමග්‍රහණයද වචනභෙදයද දතයුතුය.

යථා ච ගණස‍්ස නිස‍්සජ‍්ජනෙ එවං ද‍්වින‍්නං නිස‍්සජ‍්ජනෙපි පාළි වෙදිතබ‍්බා. යදි හි විසෙසො භවෙය්‍ය, යථෙව “අනුජානාමි, භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං පාරිසුද‍්ධිඋපොසථං කාතුං, එවඤ‍්ච පන, භික‍්ඛවෙ, කාතබ‍්බො. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන තෙ භික‍්ඛූ ඤාපෙතබ‍්බා”තිආදිනා නයෙන “තිණ‍්ණන‍්නං පාරිසුද‍්ධිඋපොසථං කාතු”න‍්ති වත්‍වා පුන “අනුජානාමි, භික‍්ඛවෙ, ද‍්වින‍්නං පාරිසුද‍්ධිඋපොසථං කාතුං, එවඤ‍්ච පන, භික‍්ඛවෙ, කාතබ‍්බො. ථෙරෙන භික‍්ඛුනා එකංසං උත‍්තරාසඞ‍්ග”න‍්තිආදිනා (මහාව· 168) නයෙන විසුංයෙව ද‍්වින‍්නං පාරිසුද‍්ධිඋපොසථො වුත‍්තො, එවමිධාපි විසුං පාළිං වදෙය්‍ය, යස‍්මා පන නත්‍ථි, තස‍්මා අවත්‍වා ගතොති, ගණස‍්ස වුත‍්තා පාළියෙවෙත්‍ථ පාළි.

ගණයාහට නිසදීමෙහි යම්සේද, දෙදෙනකුහට නිසදීමෙහිද පෙළ දතයුතුය. ඉදින් විශේෂයෙන් වන්නේ නම්, ‘අනුජානාමි භික්‍ඛවෙ තිණ්ණන්නං පාරිසුද්ධිඋපොසථං කාතුං, එවඤ්ච පන භික්‍ඛවෙ කාතබ්බො:- ව්‍යාත්තෙන භික්‍ඛුනා පටිබලෙන තෙ භික්‍ඛු ඤාපෙතබ්බා’ යනාදි නයින් තුන් දෙනකුහට පාරිශුද්ධි උපොසථය වදාරා, නැවැත ‘අනුජානාමි භික්‍ඛවෙ ද්වින්නං පාරිසුද්ධි උපොසථං කාතුං, එවඤ්ච පන භික්‍ඛවෙ කාතබ්බො:- ථෙරෙන භික්‍ඛුනා උත්තරාසඞ්ගං, යනාදි නයින් වෙන්වම දෙදෙනකුට පාරිසුද්ධිඋපොසථය වදාරන ලද්දේ ද මෙසේ මෙහිද වෙන්ව පාළිය කියන්නේ යම්හෙයකින් නැත්තේද එහෙයින් නොකියා ගියේයයි ගණයාහට වදාළ පාළියම මෙහි පාළිය වේ.

ආපත‍්තිපටිග‍්ගහණෙ පන අයං විසෙසො, යථා ගණස‍්ස නිස‍්සජ‍්ජිත්‍වා ආපත‍්තියා දෙසියමානාය ආපත‍්තිපටිග‍්ගාහකො භික‍්ඛු ඤත‍්තිං ඨපෙති, එවං අට‍්ඨපෙත්‍වා ද‍්වීසු අඤ‍්ඤතරෙන යථා එකපුග‍්ගලො පටිග‍්ගණ‍්හාති, එවං ආපත‍්ති පටිග‍්ගහෙතබ‍්බා. ද‍්වින‍්නඤ‍්හි ඤත‍්තිට‍්ඨපනා නාම නත්‍ථි, යදි සියා ද‍්වින‍්නං පාරිසුද‍්ධිඋපොසථං විසුං න වදෙය්‍ය.

ඇවැත් පිළිගැණීමෙහි වනාහි මේ වෙනසයි. යම්සේ ගණයාහට නිස දී ඇවැත දෙසනු ලබන කල්හි ඇවැත පිළිගන්නා මහණතෙමේ ඤත්තිය තබාද, එසේ නොතබා දෙදෙනා අතුරෙහි එක්තරා එකකු විසින් එක් පුද්ගලයෙක් යම්සේ පිළිගනු ලැබේද, එසේ ඇවැත පිළිගත යුත්තීය. දෙදෙනකුන් පිළිබඳව ඤත්තිය තැබීමක් නැත්තේය. ඉදින් වන්නී නම් දෙදෙනකු පිළිබඳව පාරිසුද්ධි උපොසථය වෙන්ව නොවදාරන්නේය.

නිස‍්සට‍්ඨචීවරදානෙපි යථා “ඉමං චීවරං ආයස‍්මතො දම‍්මී”ති එකො වදති, එවං “ඉමං මයං චීවරං ආයස‍්මතො දෙමා”ති වත‍්තුං වට‍්ටති. ඉතො ගරුකතරානි හි ඤත‍්තිදුතියකම‍්මානිපි “අපලොකෙත්‍වා කාතබ‍්බානී”ති වුත‍්තානි අත්‍ථි, තෙසං එතං අනුලොමං නිස‍්සට‍්ඨචීවරං පන දාතබ‍්බමෙව අදාතුං න ලබ‍්භති, විනයකම‍්මමත‍්තඤ‍්හෙතං. න තං තෙන සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා පුග‍්ගලස‍්ස වා දින‍්නමෙව හොතීති.

නිසදන ලද සිවුරු දීමෙහිද යම්සේ ‘ඉමං චීවරං ආයස්මතො දම්මි’යි එකෙක් කියාද, එසේ ‘ඉමං මයං චීවරං ආයස්මතො දෙම’යි කීම වටියි මෙයට වඩා අතිශය ගරුවූ ඤත්තිදුතියකර්‍මද අපලොකනය කොට කටයුතු යයි වදාළ සේක. ඔවුන්ට අනුලොම්වූ නිසදනලද සිවුර දියයුත්තේමය. නොදෙනු නොලැබේ. මේ විනය කර්‍මාත්‍රයෙක්මය. සිවුරු නිසදන්නහු විසින් ඒ සිවුර සඞ්ඝයාහට හෝ ගණයාහට හෝ පුද්ගලයෙක්හට හෝ මුල් සිදීම් වසයෙන් නොදුන්නේම වේයයි දතයුතුය.

දසාහාතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤීති දසාහං අතික‍්කන‍්තෙ චීවරෙ “අතික‍්කන‍්තං ඉද”න‍්ති එවංසඤ‍්ඤී, දසාහෙ වා අතික‍්කන‍්තෙ “අතික‍්කන‍්තො දසාහො”ති එවංසඤ‍්ඤී. නිස‍්සග‍්ගියං පාචිත‍්තියන‍්ති න ඉධ සඤ‍්ඤා රක‍්ඛති. යොපි එවංසඤ‍්ඤී, තස‍්සපි තං චීවරං නිස‍්සග‍්ගියං පාචිත‍්තියාපත‍්ති ච. සනිස‍්සග‍්ගියවිනයකම‍්මං වා පාචිත‍්තියන‍්ති උභොපි අත්‍ථවිකප‍්පා යුජ‍්ජන‍්ති. එස නයො සබ‍්බත්‍ථ.

“දසාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී” දස දවස ඉකුත් වූ සිවුරෙහි මෙය අතික්‍රාන්තයයි මෙසේ හැඟීම් ඇත්තේද, නොහොත් දස දවස ඉක්ම ගිය කල්හි දස දවස ඉක්ම ගියේයයි මෙසේ හැඟීම් ඇත්තේද, “නිස්සග්ගියං පාචිත්තියං” යනු මෙහි විමති ඇත්තාවූද දස දවස නොඉක්මුනේය යන මෙසේදවූ සංඥාතොමෝ තොර කියා. මෙසේ සංඥා ඇත්තාවූ යමෙක්වේද, ඔහුගේද සිවුර නිසගි වේ. පාචිත්තියාපත්තියද වන්නීය. නොහොත් නිසදිය යුතු විනය කර්‍මය සහිත වූ පාචිත්තියයි. ද්විධවූ අර්‍ත්‍ථවිකල්පයෝ යෙදෙත්, සියලු තන්හි මේ නය වේ.

අවිස‍්සජ‍්ජිතෙ විස‍්සජ‍්ජිතසඤ‍්ඤීති කස‍්සචි අදින‍්නෙ අපරිච‍්චත‍්තෙ “පරිච‍්චත‍්තං මයා”ති එවංසඤ‍්ඤී.

“අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී”යි කිසිවක්හට නොදුන්කල්හි පරිත්‍යාග නොකළ කල්හි මා විසින් පරිත්‍යාග කරන ලද්දේයයි මෙසේ සංඥා ඇත්තේ,

අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤීති අත‍්තනො චීවරෙන සද‍්ධිං බහූනි අඤ‍්ඤෙසං චීවරානි එකතො ඨපිතානි චොරා හරන‍්ති. තත්‍රෙස අත‍්තනො චීවරෙ අනට‍්ඨෙ නට‍්ඨසඤ‍්ඤී හොති. එස නයො අවිනට‍්ඨාදීසුපි.

“අනට්ඨෙ නට්ඨසඤ්ඤී” තමන්ගේ සිවුර සමග අනුන්ගේ බොහෝ සිවුරු එකට තබන ලද්දවුන් සොරුගෙන යෙත්. එහි මෙතෙමේ තමන්ගේ සිවුර නොනට කල්හිද, නෂ්ටසංඥා ඇත්තේ වේ. අවිනෂ්ටාදීන් අතුරෙහිද මේ නයවේ.

අවිලුත‍්තෙති එත්‍ථ පන ගබ‍්භං භින්‍දිත්‍වා පසය‍්හාවහාරවසෙන අවිලුත‍්තෙති වෙදිතබ‍්බං.

“අවිලුත්තෙ” මෙහි වනාහි ගබඩාව බිඳ පසය්වහාර වසයෙන් පැහැර නොගත් කල්හියයි දතයුතුය.

අනිස‍්සජ‍්ජිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්සාති සකිං නිවත්‍ථං වා සකිං පාරුතං වා කායතො අමොචෙත්‍වා දිවසම‍්පි විචරති, එකාව ආපත‍්ති. මොචෙත්‍වා මොචෙත්‍වා නිවාසෙති වා පාරුපති වා පයොගෙ පයොගෙ දුක‍්කටං. දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා සණ‍්ඨපෙන‍්තස‍්ස අනාපත‍්ති. අඤ‍්ඤස‍්ස තං පරිභුඤ‍්ජතොපි අනාපත‍්ති, “අනාපත‍්ති අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජතී”ති (පාරා· 570) ආදිවචනඤ‍්චෙත්‍ථ සාධකං. අනතික‍්කන‍්තෙ අතික‍්කන‍්තසඤ‍්ඤිනො වෙමතිකස‍්ස ච දුක‍්කටං පරිභොගං සන්‍ධාය වුත‍්තං.

“අනිස්සජිත්‍වා පරිභුඤ්ජති දුක්කටස්ස” වරක් හඳින ලද සිවුර හෝ වරක් පෙර වූ සිවුර හෝ සිරුරෙන් නොමුදා දවසක් මුළුල්ලෙහි නමුත් හැසිරේද, එක්ම ඇවැතක් වේ. සිරුරෙන් මුදා අඳියි හෝ පොරොවා හෝ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. හැඳීමට නොහැකි සිවුරක් හෝ පොරෝනට නොහැකි සිවුරක් හෝ මනාකොට තබාගන්නහුට ඇවැත් නොවේ. අනිකක්හුගේ ඒ නිසගි සිවුර පරිභොග කරන්නහුටද ඇවැත් නොවේ. ‘අනාපත්ති අඤ්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ්ජති’ යනාදී වචනයද මෙහි සාධක වේ. දස දවස නොඉක්මුනු කල්හිද, ඉකුත්ය යන සංඥා ඇත්තහුටද විමති ඇත්තහුටද දුක්කටය වේය යන මෙය පරිභොගය සඳහා

“අනාපත‍්ති අන‍්තොදසාහං අධිට‍්ඨෙති, විකප‍්පෙතී”ති එත්‍ථ පන අධිට‍්ඨානුපගං විකප‍්පනුපගඤ‍්ච වෙදිතබ‍්බං. තත්‍රායං පාළි – අථ ඛො භික‍්ඛූනං එතදහොසි – “යානි තානි භගවතා අනුඤ‍්ඤාතානි ‘තිචීවර’න‍්ති වා ‘වස‍්සිකසාටිකා’ති වා ‘නිසීදන’න‍්ති වා ‘පච‍්චත්‍ථරණ’න‍්ති වා ‘කණ‍්ඩුප‍්පටිච‍්ඡාදී’ති වා මුඛපුඤ‍්ඡනචොළකන‍්ති වා පරික‍්ඛාරචොළන‍්ති වා සබ‍්බානි තානි අධිට‍්ඨාතබ‍්බානීති නු ඛො උදාහු විකප‍්පෙතබ‍්බානී”ති, භගවතො එතමත්‍ථං ආරොචෙසුං –

අනාපත්ති අන්තොදසානං අධිට්ඨෙති විකප්පෙති, යනු වදාරන ලදී. මෙහි වනාහි ඉටීමට යොග්‍යයද විකපනයට යොග්‍යයද දත යුතුය. එහි මේ පෙළයි, එකල්හි භික්‍ෂූන්ට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරයි හෝ වැසිසළුවයි හෝ නිසීදනයි හෝ පසතුරුණයි හෝ කුෂ්ට පිළිසනයි හෝ මුවපිස්නා සේළයි හෝ පිරිකරසේළයි හෝ යම් ඒ සිවුරු අනුදන්නා ලද්දාහුද, ඒ සියල්ල ඉටිය යුතුද, නොහොත් විකපිය යුතුදැයි මෙබදු සිතෙක් වූයේය. එකල්හි ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ.

“අනුජානාමි, භික‍්ඛවෙ, තිචීවරං අධිට‍්ඨාතුං න විකප‍්පෙතුං; වස‍්සිකසාටිකං වස‍්සානං චාතුමාසං අධිට‍්ඨාතුං තතො පරං විකප‍්පෙතුං; නිසීදනං අධිට‍්ඨාතුං න විකප‍්පෙතුං; පච‍්චත්‍ථරණං අධිට‍්ඨාතුං න විකප‍්පෙතුං; කණ‍්ඩුප‍්පටිච‍්ඡාදිං යාවආබාධා අධිට‍්ඨාතුං තතො පරං විකප‍්පෙතුං; මුඛපුඤ‍්ඡනචොළං අධිට‍්ඨාතුං න විකප‍්පෙතුං; පරික‍්ඛාරචොළං අධිට‍්ඨාතුං න විකප‍්පෙතු”න‍්ති (මහාව· 358).

‘මහණෙනි’ තුන් සිවුර ඉටන්නට, නොවිකපන්නට, වැසිසළුව වැසිසාරමය ඉටන්නට එයින් පසු විකපන්නට, නිසීදනය ඉටන්නට නොවිකපන්නට, පසතුරුණ ඉටන්නට නොවිකපන්නට කුෂ්ට පිළිසන ආබාධය තෙක් ඉටන්නට එයින් පසු විකපන්නට, මුව පිස්නාසේළය ඉටන්නට නොවිකපන්නට පිරිකරසේළය ඉටන්නට නොවිකපන්නට අනුදනිමි’යි උන්වහන්සේ වදාළ සේක.

“තත්‍ථ තිචීවරං” අධිට‍්ඨහන‍්තෙන රජිත්‍වා කප‍්පබින්‍දුං දත්‍වා පමාණයුත‍්තමෙව අධිට‍්ඨාතබ‍්බං. තස‍්ස පමාණං උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන සුගතචීවරතො ඌනකං වට‍්ටති, ලාමකපරිච‍්ඡෙදෙන සඞ‍්ඝාටියා උත‍්තරාසඞ‍්ගස‍්ස ච දීඝතො මුට‍්ඨිපඤ‍්චකං තිරියං මුට‍්ඨිත‍්තිකං පමාණං වට‍්ටති. අන‍්තරවාසකො දීඝතො මුට‍්ඨිපඤ‍්චකො තිරියං ද‍්විහත්‍ථොපි වට‍්ටති. පාරුපණෙනපි හි සක‍්කා නාභිං පටිච‍්ඡාදෙතුන‍්ති. වුත‍්තප‍්පමාණතො පන අතිරෙකං ඌනකඤ‍්ච පරික‍්ඛාරචොළන‍්ති අධිට‍්ඨාතබ‍්බං.

එහි තුන් සිවුර ඉටන්නහු විසින් රඳන් ගන්වා කප්බින්දු දී පමණින් යුක්තවූම සිවුර ඉටිය යුතුය. ඒ සිවුරෙහි ප්‍රමාණය උසස් පිරිසිදීමෙන් සුගත් සිවුරෙන් අඩුවූවක් වියයුතුය. පහන් පිරිසිඳීමෙන් සඞ්ඝාටියෙහි හා උතුරු සඟ සිවුරෙහි පමණ, සිවුරියනක් හා එක් මිටිරියනක්ද පුළුලින් දෙරියනක් හා එක් මිටිරියනක්ද වියයුතුය. අන්තර වාසකය තෙමේ දිගින සිවුරියනක් හා එක් මිටිරියනක්ද පුළුලින් දෙරියනක්ද ඇත්තේ වටනේය. පොරෝනයෙන්ද නාභිය වසන්නට හැක්කේය. කියූ පමණින් වැඩි වූයේද අඩුවූයේද පරික්‍ඛාරචොළයි ඉටිය යුතුය.

තත්‍ථ යස‍්මා “ද‍්වෙ චීවරස‍්ස අධිට‍්ඨානා – කායෙන වා අධිට‍්ඨෙති, වාචාය වා අධිට‍්ඨෙතී”ති (පරි· 322) වුත‍්තං, තස‍්මා පුරාණසඞ‍්ඝාටිං “ඉමං සඞ‍්ඝාටිං පච‍්චුද‍්ධරාමී”ති පච‍්චුද‍්ධරිත්‍වා නවං සඞ‍්ඝාටිං හත්‍ථෙන ගහෙත්‍වා “ඉමං සඞ‍්ඝාටිං අධිට‍්ඨාමී”ති චිත‍්තෙන ආභොගං කත්‍වා කායවිකාරං කරොන‍්තෙන කායෙන අධිට‍්ඨාතබ‍්බා. ඉදං කායෙන අධිට‍්ඨානං, තං යෙන කෙනචි සරීරාවයවෙන අඵුසන‍්තස‍්ස න වට‍්ටති. වාචාය අධිට‍්ඨානෙ පන වචීභෙදං කත්‍වා වාචාය අධිට‍්ඨාතබ‍්බා. තත්‍ර දුවිධං අධිට‍්ඨානං – සචෙ හත්‍ථපාසෙ හොති “ඉමං සඞ‍්ඝාටිං අධිට‍්ඨාමී”ති වාචා භින්‍දිතබ‍්බා. අථ අන‍්තොගබ‍්භෙ වා උපරිපාසාදෙ වා සාමන‍්තවිහාරෙ වා හොති ඨපිතට‍්ඨානං සල‍්ලක‍්ඛෙත්‍වා “එතං සඞ‍්ඝාටිං අධිට‍්ඨාමී”ති වාචා භින්‍දිතබ‍්බා. එස නයො උත‍්තරාසඞ‍්ගෙ අන‍්තරවාසකෙ ච. නාමමත‍්තමෙව හි විසෙසො. තස‍්මා සබ‍්බානි සඞ‍්ඝාටිං උත‍්තරාසඞ‍්ගං අන‍්තරවාසකන‍්ති එවං අත‍්තනො නාමෙනෙව අධිට‍්ඨාතබ‍්බානි. සචෙ අධිට‍්ඨහිත්‍වා ඨපිතවත්‍ථෙහි සඞ‍්ඝාටිආදීනි කරොති, නිට‍්ඨිතෙ රජනෙ ච කප‍්පෙ ච ඉමං “පච‍්චුද‍්ධරාමී”ති පච‍්චුද‍්ධරිත්‍වා පුන අධිට‍්ඨාතබ‍්බානි. අධිට‍්ඨිතෙන පන සද‍්ධිං මහන‍්තතරමෙව දුතියපට‍්ටං වා ඛණ‍්ඩං වා සංසිබ‍්බන‍්තෙන පුන අධිට‍්ඨාතබ‍්බමෙව. සමෙ වා ඛුද‍්දකෙ වා අධිට‍්ඨානකිච‍්චං නත්‍ථි.

එහි යම්හෙයකින් කයින් හෝ ඉටයි වචන හෝ ඉටායි සිවුර පිළිබඳ අධිෂ්ඨාන දෙකක් වදාරන ලද්දේද, එහෙයින් පැරණි සඟළ සිවුර ‘ඉමං සඞ්ඝාටිං පච්චුද්ධරාමි’ මේ සඟළ සිවුරෙහි ඉටීම ඔසවමි’යි පච්චුද්ධරණයකොට අලුත් සඟළ සිවුර අතින් ගෙන ‘ඉමං සඞ්ඝාටිං අධිට්ඨාමි’යි මේ සඟළ සිවුර ඉටමි’යි සිතින් ආභොග කොට අතින් සිවුර පිරිමදින්නහු විසින් කයින් ඉටිය යුතුය. මේ කයින් ඉටීමය. ඒ කයින් ඉටීම යම් කිසි සිරුරු අවයවයකින් නොපහසන්නහුට නොවටියි. වචනයෙන් ඉටීමෙහිදී වාග්භෙදකොට වචනයෙන් ඉටියයුතුය. එහි අධිෂ්ඨානය සම්මුඛ අසම්මුඛභෙදයෙන් දෙවැදෑරුම් වේ. ඉදින් අත්පසෙහි වේ නම් අතින්ද පහසා ‘ඉමං සඞ්ඝාටිං අධිට්ඨාමි’යි වාග්භෙදය කටයුතුය. නැවැත ගැබතුළ හෝ පහය මතුයෙහි හෝ එදවස ගොස් එන්නට හැකි ලඟ වෙහෙරක හෝ වේද, තැබූ තැන සලකා ‘එතං සඞ්ඝාමි අධිට්ඨාමි’යි වාග්භෙදය කටයුතුය. උත්තරාසඞ්ගයෙහිද අන්තරවාසකයෙහිද මේ නයවේ. මෙහි නාමමාත්‍රයම වෙනස් වේ. එහෙයින් සඞ්ඝාටිං, උත්තරාසඞ්ගං, අන්තරවාසකංයි තම තමන්ගේ නමින්ම සියල්ල ඉටිය යුතුය. ඉදින් පරිෂ්කාරචොල නාමයෙන් ඉටා තැබූ වස්ත්‍රයන්ගෙන් සඞ්ඝාටි ආදිය කෙරේද, රඳන් ගැන්වීම හා කප් බින්දු තැබීමද නිමකල්හි මෙය ‘පච්චුද්ධාරාමි’යි කියා පච්චුද්ධරණයකොට නැවත ඉටිය යුතුය. ඉටූ සිවුර සමග ඉතා මහත්වූම දෙවන පටක් හෝ රෙදිකඩක් හෝ මහන්නහු විසින් (සඞ්ඝාටි ආදි තුන් සිවුරු නාමයෙන් ඉටා පරිභොග කරනු කැමැත්තහු විසින්) නැවැත ඉටිය යුතුය. සමවූවෙක හෝ කුඩා වූවෙක හෝ අධිෂ්ඨාන කෘත්‍යයක් නැත්තේය.

තිචීවරං පන පරික‍්ඛාරචොළං අධිට‍්ඨාතුං වට‍්ටති න වට‍්ටතීති? මහාපදුමත්‍ථෙරො කිරාහ – “තිචීවරං තිචීවරමෙව අධිට‍්ඨාතබ‍්බං. සචෙ පරික‍්ඛාරචොළාධිට‍්ඨානං ලභෙය්‍ය උදොසිතසික‍්ඛාපදෙ පරිහාරො නිරත්‍ථකො භවෙය්‍යා”ති. එවං වුත‍්තෙ කිර අවසෙසා භික‍්ඛූ ආහංසු – “පරික‍්ඛාරචොළම‍්පි භගවතාව අධිට‍්ඨාතබ‍්බන‍්ති වුත‍්තං, තස‍්මා වට‍්ටතී”ති. මහාපච‍්චරියම‍්පි වුත‍්තං “පරික‍්ඛාරචොළං නාම පාටෙක‍්කං නිධානමුඛමෙතන‍්ති තිචීවරං පරික‍්ඛාරචොළන‍්ති අධිට‍්ඨහිත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. උදොසිතසික‍්ඛාපදෙ පන තිචීවරං අධිට‍්ඨහිත්‍වා පරිහරන‍්තස‍්ස පරිහාරො වුත‍්තො”ති. උභතොවිභඞ‍්ගභාණකො පුණ‍්ණවාලිකවාසී මහාතිස‍්සත්‍ථෙරොපි කිර ආහ – “මයං පුබ‍්බෙ මහාථෙරානං අස‍්සුම‍්හ, අරඤ‍්ඤවාසිනො භික‍්ඛූ රුක‍්ඛසුසිරාදීසු චීවරං ඨපෙත්‍වා පධානං පදහනත්‍ථාය ගච‍්ඡන‍්ති. සාමන‍්තවිහාරෙ ධම‍්මසවනත්‍ථාය ගතානඤ‍්ච නෙසං සූරියෙ උට‍්ඨිතෙ සාමණෙරා වා දහරභික‍්ඛූ වා පත‍්තචීවරං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, තස‍්මා සුඛපරිභොගත්‍ථං තිචීවරං පරික‍්ඛාරචොළන‍්ති අධිට‍්ඨාතුං වට‍්ටතී”ති. මහාපච‍්චරියම‍්පි වුත‍්තං පුබ‍්බෙ ආරඤ‍්ඤිකා භික‍්ඛූ අබද‍්ධසීමායං දුප‍්පරිහාරන‍්ති තිචීවරං පරික‍්ඛාරචොළමෙව අධිට‍්ඨහිත්‍වා පරිභුඤ‍්ජිංසූ”ති.

මුෂ්ටිපඤ්චකාදි ප්‍රමාණයෙන් යුත් තුන් සිවුර පරිෂ්කාර චොලයක් කොට ඉටීම වටීද, නොවටීද යන මෙහිලා මහාපදුමස්ථවිරයන් වහන්සේ වනාහි තුන් සිවුර, තුන් සිවුරම කොට ඉටිය යුතුය, පරිෂ්කාරචොලාධිෂ්ඨානය ලබන්නේ උද්දෙසිතශික්‍ෂාපදයෙහි චීවර පරිහාරය නිරර්‍ත්‍ථක වන්නේයයි කීහ. මෙසේ කියූ කල්හි සෙසු භික්‍ෂූහු ‘පරිෂ්කාරචොලයද භාග්‍යවත්හු විසින්ම ඉටිය යුතුයයි වදාරන ලද්දේද, එහෙයින් වටීයයිද මහාපච්චරියෙහිද මෙය පරිෂ්කාරචොල නම් වෙන්වූ නිදානමුඛයෙක, තුන් සිවුර පරිෂ්කාරචොලයි ඉටා පරිභොග කිරීම වටියි කියනලදී. උද්දෙසික ශික්‍ෂාපදයෙහි තුන් සිවුර ඉටා පරිහරණය කරන මහණහට පරිහාරය කියන ලදැයි කීහ. උභතොවිභඞ්ගභාණක පූර්‍ණවාලිකවාසී මහාතිෂ්‍යස්ථවිරයන් වහන්සේ ‘අරණ්‍යවාසී වූ භික්‍ෂූහු රුක්සිදුරු ආදියෙහි සිවුර තබා වීර්‍ය්‍ය කරනු පිණිස යන්නාහ, අසල වෙහෙරෙහි ධර්‍මශ්‍රවණය පිණිස ගියාවූද ඔවුන්ගේ පාසිවුරු හිරු නැගි කල්හි හෙරණහු හෝ ලදරු මහණහු හෝ ගෙණ යෙත්, එහෙයින් සුඛපරිභොගය පිණිස තුන් සිවුරු පරිෂ්කාරචොලයයි කියා හෝ ඉටීම වටීයයි පෙර අපි මහතෙරුන්ගෙන් ඇසූම්හ. මහාපච්චරියෙහිද ‘පෙර ආරණ්‍යක භික්‍ෂූහු අබද්ධසීමාවෙහි තුන් සිවුරු පරිහරණය කළ නොහැක්කේයයි පරිෂ්කාරචොලයම ඉටා පරිභොග කළහ’යි කියන ලදැයිද කීහ.

“වස‍්සිකසාටිකා” අනතිරිත‍්තප‍්පමාණා නාමං ගහෙත්‍වා වුත‍්තනයෙනෙව චත‍්තාරො වස‍්සිකෙ මාසෙ අධිට‍්ඨාතබ‍්බා, තතො පරං පච‍්චුද‍්ධරිත්‍වා විකප‍්පෙතබ‍්බා. වණ‍්ණභෙදමත‍්තරත‍්තාපි චෙසා වට‍්ටති. ද‍්වෙ පන න වට‍්ටන‍්ති. “නිසීදනං” වුත‍්තනයෙන අධිට‍්ඨාතබ‍්බමෙව, තඤ‍්ච ඛො පමාණයුත‍්තං එකමෙව, ද‍්වෙ න වට‍්ටන‍්ති. “පච‍්චත්‍ථරණ”ම‍්පි අධිට‍්ඨාතබ‍්බමෙව, තං පන මහන‍්තම‍්පි වට‍්ටති, එකම‍්පි වට‍්ටති, බහූනිපි වට‍්ටන‍්ති. නීලම‍්පි පීතකම‍්පි සදසම‍්පි පුප‍්ඵදසම‍්පීති සබ‍්බප‍්පකාරං වට‍්ටති. සකිං අධිට‍්ඨිතං අධිට‍්ඨිතමෙව හොති. “කණ‍්ඩුප‍්පටිච‍්ඡාදි” යාව ආබාධො අත්‍ථි, තාව පමාණිකා අධිට‍්ඨාතබ‍්බා. ආබාධෙ වූපසන‍්තෙ පච‍්චුද‍්ධරිත්‍වා විකප‍්පෙතබ‍්බා, එකාව වට‍්ටති . “මුඛපුඤ‍්ඡනචොළං” අධිට‍්ඨාතබ‍්බමෙව, යාව එකං ධොවියති, තාව අඤ‍්ඤං පරිභොගත්‍ථාය ඉච‍්ඡිතබ‍්බන‍්ති ද‍්වෙ වට‍්ටන‍්ති. අපරෙ පන ථෙරා “නිධානමුඛමෙතං බහූනිපි වට‍්ටන‍්තී”ති වදන‍්ති. පරික‍්ඛාරචොළෙ ගණනා නත්‍ථි, යත‍්තකං ඉච‍්ඡති තත‍්තකං අධිට‍්ඨාතබ‍්බමෙව. ථවිකාපි පරිස‍්සාවනම‍්පි විකප‍්පනුපගං පච‍්ඡිමචීවරප‍්පමාණං “පරික‍්ඛාරචොළක”න‍්ති අධිට‍්ඨාතබ‍්බමෙව. බහූනි එකතො කත්‍වා “ඉමානි චීවරානි පරික‍්ඛාරචොළානි අධිට‍්ඨාමී”ති අධිට‍්ඨාතුම‍්පි වට‍්ටතියෙව. භෙසජ‍්ජනවකම‍්මමාතාපිතුආදීනං අත්‍ථාය ඨපෙන‍්තෙනපි අධිට‍්ඨාතබ‍්බමෙව. මහාපච‍්චරියං පන “අනාපත‍්තී”ති වුත‍්තං. මඤ‍්චභිසි පීඨකභිසි බිම‍්බොහනං පාවාරො කොජවොති එතෙසු පන සෙනාසනපරික‍්ඛාරත්‍ථාය දින‍්නපච‍්චත්‍ථරණෙ ච අධිට‍්ඨානකිච‍්චං නත්‍ථියෙව.

වැසිසළුව වනාහි නොඉක්මවිය යුතු පමණ ඇත්තී නාමය ගෙණ කියූ නයින්ම වැසි සාරමය ඉටිය යුත්තීය. ඒ වැසිසාරමසින් පසු, පසුදුරා විකප්පනය කටයුත්තීය. වර්‍ණභෙද මාත්‍රයෙන් රඳන් කළ මොතොමෝ නෑම පිණිස අනුදත් බැවින් ගතයුතුය. දෙකක් නොවටියි. නිසීදනය කියූ නයින් ඉටිය යුතුමය. එද පමණින් යුක්ත වූ එකම වටියි. දෙකක් නොගතයුතුය. පසතුරුණද ඉටිය යුතුමය. එය මහත්වූයේද වරද නැත. එකක් ගැණීමද වටියි. බොහෝ ගණනක් ගැණීමද වටියි. එය නිල්වූයේද රන්වන් වූයේද දාවලු සහිත වූයේද, මල්දාවලු සහිතවූයේද මෙකියූ සියලු ආකාර ඇතියේ ද සුදුසුය. වරක් ඉටුයේ ඉටුයේම වේ. කුෂ්ට පිළිසන ආබාධ ඇත්තේ යම්තාක් ද, ඒ තාක් පමණින් යුක්ත වූවක්ම ඉටාගත යුතුය. ආබාධ සන්සිඳුනු කල්හි පසුදුරා විකපනය කටයුතුය. එකක්ම ගැනීම වටියි. මුවපිස්නාසේලය ඉටිය යුතුමය. එකක් සෝදා ගන්නාතුරු අනිකක් පරිභොගය පිණිස කැමැති වියයුතුයයි දෙකක් නමුදු ගත හැකිය. අන් තෙරහු වනාහි මේ නිදාන මුඛ මාත්‍රයකැ’යි කියා බොහෝ ගණනක් ගැණීම වටීයයි කියත්. පරිෂ්කාරචොලයෙහි ගණනක් නැත්තේය. යම් පමණක් කැමැති වේනම් එපමණක් ඉටිය යුතුමය. පසුම්බිය ද පෙරහනද විකපනයට සුදුසු වූ පැසුළු සිවුර පමණ වූයේ පරිෂ්කාරචොලැයි ඉටිය යුතුමය. බොහෝ ගණනක් එක්කොට ‘ඉමානි චීවරානි පරික්‍ඛාරචොළානි අධිට්ඨාමි’යි ඉටීම වටීමය. බෙහෙත් නවකම් මවුපිය ආදීන් පිණිස තබන්නහු විසින්ද ඉටිය යුතුමය. තමන් සතු රෙදිපිළි සඳහා මහා පච්චරියෙහි අනාපත්ති’යි කියනලදි. ඇඳබිසි, පුටුබිසි, කොට්ට, උතුරුසළු, කොඳුපලස යන මොවුන් අතුරෙහි සෙනසුන් පිරිකර පිණිස දුන් පසතුරුණෙහිද අධිෂ්ඨාන කෘත්‍යයෙක් නැත්තේමය.

අධිට‍්ඨිතචීවරං පන පරිභුඤ‍්ජතො කථං අධිට‍්ඨානං විජහතීති? අඤ‍්ඤස‍්ස දානෙන, අච‍්ඡින්‍දිත්‍වා ගහණෙන, විස‍්සාසග‍්ගාහෙන, හීනායාවත‍්තනෙන, සික‍්ඛාපච‍්චක‍්ඛානෙන , කාලංකිරියාය, ලිඞ‍්ගපරිවත‍්තනෙන, පච‍්චුද‍්ධරණෙන, ඡිද‍්දභාවෙනාති ඉමෙහි නවහි කාරණෙහි විජහති. තත්‍ථ පුරිමෙහි අට‍්ඨහි සබ‍්බචීවරානි අධිට‍්ඨානං විජහන‍්ති, ඡිද‍්දභාවෙන පන තිචීවරස‍්සෙව සබ‍්බඅට‍්ඨකථාසු අධිට‍්ඨානවිජහනං වුත‍්තං, තඤ‍්ච නඛපිට‍්ඨිප‍්පමාණෙන ඡිද‍්දෙන. තත්‍ථ නඛපිට‍්ඨිප‍්පමාණං කනිට‍්ඨඞ‍්ගුලිනඛවසෙන වෙදිතබ‍්බං, ඡිද‍්දඤ‍්ච විනිබ‍්බිද‍්ධඡිද‍්දමෙව. ඡිද‍්දස‍්ස හි අබ‍්භන‍්තරෙ එකතන‍්තු චෙපි අච‍්ඡින‍්නො හොති, රක‍්ඛති. තත්‍ථ සඞ‍්ඝාටියා ච උත‍්තරාසඞ‍්ගස‍්ස ච දීඝන‍්තතො විදත්‍ථිප‍්පමාණස‍්ස තිරියන‍්තතො අට‍්ඨඞ‍්ගුලප‍්පමාණස‍්ස පදෙසස‍්ස ඔරතො ඡිද‍්දං අධිට‍්ඨානං භින්‍දති, පරතො න භින්‍දති. අන‍්තරවාසකස‍්ස පන දීඝන‍්තතො විදත්‍ථිප‍්පමාණස‍්සෙව තිරියන‍්තතො චතුරඞ‍්ගුලප‍්පමාණස‍්ස පදෙසස‍්ස ඔරතො ඡිද‍්දං අධිට‍්ඨානං භින්‍දති, පරතො න භින්‍දති. තස‍්මා ජාතෙ ඡිද‍්දෙ තං චීවරං අතිරෙකචීවරට‍්ඨානෙ තිට‍්ඨති, සූචිකම‍්මං කත්‍වා පුන අධිට‍්ඨාතබ‍්බං. මහාසුමත්‍ථෙරො පනාහ – “පමාණචීවරස‍්ස යත්‍ථ කත්‍ථචි ඡිද‍්දං අධිට‍්ඨානං භින්‍දති, මහන‍්තස‍්ස පන පමාණතො බහි ඡිද‍්දං අධිට‍්ඨානං න භින්‍දති, අන‍්තොජාතං භින්‍දතී”ති. කරවීකතිස‍්සත්‍ථෙරො ආහ – “ඛුද‍්දකං මහන‍්තං න පමාණං, ද‍්වෙ චීවරානි පාරුපන‍්තස‍්ස වාමහත්‍ථෙ සඞ‍්ඝරිත්‍වා ඨපිතට‍්ඨානෙ ඡිද‍්දං අධිට‍්ඨානං න භින්‍දති, ඔරභාගෙ භින්‍දති. අන‍්තරවාසකස‍්සපි ඔවට‍්ටිකං කරොන‍්තෙන සඞ‍්ඝරිතට‍්ඨානෙ ඡිද‍්දං න භින්‍දති, තතො ඔරං භින්‍දතී”ති. අන්‍ධකට‍්ඨකථායං පන තිචීවරෙ මහාසුමත්‍ථෙරවාදං පමාණං කත්‍වා උත‍්තරිම‍්පි ඉදං වුත‍්තං “පච‍්ඡිමප‍්පමාණං අධිට‍්ඨානං රක‍්ඛතී”ති. පරික‍්ඛාරචොළෙ දීඝසො අට‍්ඨඞ‍්ගුලෙ සුගතඞ‍්ගුලෙන තිරියං චතුරඞ‍්ගුලෙ යත්‍ථ කත්‍ථචි ඡිද‍්දං අධිට‍්ඨානං විජහති. මහන‍්තෙ චොළෙ තතො පරෙන ඡිද‍්දං අධිට‍්ඨානං න විජහති. එස නයො සබ‍්බෙසු අධිට‍්ඨාතබ‍්බකෙසු චීවරෙසූ”ති.

ඉටු සිවුර පරිභොග කරන්නහුගේ අධිෂ්ඨානය කෙසේ හරීද, යත්: අන්හට දීමෙන්, අසිඳ ගැනීමෙන්, විශ්වාස ග්‍රහණයෙන්, ගිහි බවට පැමිණීමෙන්, ශිෂ්‍යා ප්‍රත්‍යාක්‍ඛයෙන්, කාල ක්‍රියාවෙන්, ලිඞ්ගපරිවර්‍තනයෙන්, පච්චුද්ධරණයෙන්, සිදුරුවීමෙන් යන මේ කරුණු නවයෙන් අධිෂ්ඨානය හරියි. එහි පළමු අටින් සියලු සිවුරු අධිෂ්ඨානය හැරලත්. සියලු අර්‍ත්‍ථකථාවන්හි තුන් සිවුරෙහිම අධිෂ්ඨානවිජහනය සිදුරු වීමෙන් වේයයි කියන ලදී. ඒ අධිෂ්ඨානවිජහනය ද නියපිටු පමණ සිදුරෙන් වන්නේය. එහි සිදුර නියපිටු පමණ සිදුරු, කණිටු ඇඟිලි නිය වසයෙන් දතයුතුය. සිදුරද විනිවිදගිය සිදුරම වේ. සිදුර තුළ එක් හුයක් නමුත් නොසිඳුනේ වේද, රකියි. එහි සඟළසිවුරෙහි හා උතුරුසඟසිවුරෙහි දිග් අතින් පියවිවියතින් වියතක් පමණවූද සරස් අතින් පියවිඅඟලෙන් අටඟල් පමණ වූද පෙදෙසෙහි මෑතින් වූ සිදුරු අධිෂ්ඨානය බිද හරියි. අඳනයෙහි වනාහි දිග් අතින් පියවි වියතක් පමණවූම සරස් අතින් පියවි සිවු අඟල් පමණ වූ පෙදෙසෙහි මෑතින් වූ සිදුර අධිෂ්ඨානය බිඳියි. ඈතින් වූ සිදුර අධිෂ්ඨානය නොබිඳියි. එහෙයින් සිදුරක් වූ කල්හි ඒ සිවුර අතිරෙක චීවරස්ථානයෙහි සිටියි. එහි හිදිකම් කොට නැවැත ඉටිය යුතුය. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ වනාහි ‘පැසුළුපමණින් යුත් සිවුරෙහි යම් කිසි තැනක වූ සිදුර අධිෂ්ඨානය බිඳියි. මහත් සිවුරෙහි පමණින් පිටත්හිවූ සිදුර අධිෂ්ඨානය නොබිඳියි, ඇතුළත වූ සිදුර අධිෂ්ඨානය බිදීය’යි කීහ. කරවීකතිෂ්‍ය ස්ථවිරයන් වහන්සේ ‘කුඩා මහත්බව පමණ නොවේ, ඇතුළුගම් වදින පිණිස සුප්‍රතිච්ඡන්න ශික්‍ෂාපදයෙහි කියූ නයින් සඟළසිවුර හා උතුරුසඟසිවුර එක්කොට සිවුරු දෙක පොරවන්නහුගේ වම් අත අකුලා තැබූ තැනවූ සිදුර අධිෂ්ඨානය නොබිඳියි, මෑත කොට සෙහිවූ සිදුර අධිෂ්ඨානය බිදියි, අඳනයෙහිද හිණැගන්වා සිසාර වන්නහු විසින් දෙකෙළවර ගැටූ තන්හි සිදුර අධිෂ්ඨානය නොබිඳියි. ඉන් මෙපිටවූ සිදුර අධිෂ්ඨානය බිදීයයි කීහ. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි තුන් සිවුරෙහි මහාසුම්මස්ථවිරවාදය ප්‍රමාණය කොට මත්තෙහිද පශ්චිම ප්‍රමාණය අධිෂ්ඨනය රකීය’යි මෙය කියනලදී. පරිෂ්කාර චොලයෙහි දිගින් සුගත් අඟලෙන් අටඟලෙක්හි සරස සිවුඅඟුලෙක්හි යන යම් කිසි තැනක වූ සිදුර අධිෂ්ඨාන හරින්නේය. මහත්සේලයෙහි ඉන් පසුව වූ සිදුර අධිෂ්ඨානය නොහරින්නේය. ඉටිය යුතු සියලු චීවරයන්හි මේ නයවේ.

තත්‍ථ යස‍්මා සබ‍්බෙසම‍්පි අධිට‍්ඨාතබ‍්බකචීවරානං විකප‍්පනුපගපච‍්ඡිමප‍්පමාණතො අඤ‍්ඤං පච‍්ඡිමප‍්පමාණං නාම නත්‍ථි, යඤ‍්හි නිසීදන-කණ‍්ඩුප‍්පටිච‍්ඡාදි-වස‍්සිකසාටිකානං පමාණං වුත‍්තං, තං උක‍්කට‍්ඨං, තතො උත‍්තරි පටිසිද‍්ධත‍්තා න පච‍්ඡිමං තතො හෙට‍්ඨා අප‍්පටිසිද‍්ධත‍්තා. තිචීවරස‍්සාපි සුගතචීවරප‍්පමාණතො ඌනකත‍්තං උක‍්කට‍්ඨප‍්පමාණමෙව. පච‍්ඡිමං පන විසුං සුත‍්තෙ වුත‍්තං නත්‍ථි. මුඛපුඤ‍්ඡනපච‍්චත්‍ථරණපරික‍්ඛාරචොළානං උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො නත්‍ථියෙව. විකප‍්පනුපගපච‍්ඡිමෙන පන පච‍්ඡිමපරිච‍්ඡෙදො වුත‍්තො. තස‍්මා යං තාව අන්‍ධකට‍්ඨකථායං “පච‍්ඡිමප‍්පමාණං අධිට‍්ඨානං රක‍්ඛතී”ති වත්‍වා තත්‍ථ පරික‍්ඛාරචොළස‍්සෙව සුගතඞ‍්ගුලෙන අට‍්ඨඞ‍්ගුලචතුරඞ‍්ගුලපච‍්ඡිමප‍්පමාණං දස‍්සෙත්‍වා ඉතරෙසං තිචීවරාදීනං මුට‍්ඨිපඤ‍්චකාදිපභෙදං පච‍්ඡිමප‍්පමාණං සන්‍ධාය “එස නයො සබ‍්බෙසු අධිට‍්ඨාතබ‍්බකෙසුචීවරෙසූ”ති වුත‍්තං, තං න සමෙති.

එහි යම් හෙයකින් සියලුම ඉටියයුතු සිවුරු අතුරෙන් විකපනයට පොහොනා පශ්චිම ප්‍රමාණයට වඩා සූත්‍රයෙහි ආ අන්‍යපශ්චිම ප්‍රමාණයෙක් නම් නැත්තේය. නිසීදන කණ්ඩුපටිච්ඡාදි වස්සිකසාටිකයන්ගේ යම් ප්‍රමාණයෙන් කියන ලද්දේද, එයින් මත්තෙහි වළකාලූ බැවින් එම උත්කර්‍ෂප්‍රමාණය නම්. එයින් යට නොවැළකූ බැවින් පශ්චිම ප්‍රමාණය නොවේ. තුන් සිවුරෙහිද සුගත් සිවුරෙහි පමණට වඩා අඩු බව උත්කෘෂ්ට ප්‍රමාණයම වේ. සූත්‍රයෙහි වෙන්ව කියනලද පශ්චිම ප්‍රමාණයක් නැත්තේය. මුඛපුඤ්ජනය, පච්චත්‍ථරණය, පරික්‍ඛාරචොළය යන මොවුන්ගේ උත්කෘෂ්ටපරිච්ඡෙදයක් නැත්තේම වේ. විකපනයට පොහොනා පශ්චිම චීවරය කරණකොට පශ්චිම පරිච්ඡෙදය කියන ලද්දේය. එහෙයින් අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි ‘පශ්චිම ප්‍රමාණය අධිෂ්ඨානය රකීය’යි කියා එහි පරිෂ්කාරචොලයාගේම සුගත් අඟලෙන් අටඟුල් සිවුඟුල් වූ පශ්චිම ප්‍රමාණය සඳහා ඉටිය යුතු සියලු චීවරයන්හි මේ නය වේයයි යමක් කියන ලද්දේද, එය සම නොවේ.

කරවීකතිස‍්සත්‍ථෙරවාදෙපි දීඝන‍්තතොයෙව ඡිද‍්දං දස‍්සිතං, තිරියන‍්තතො න දස‍්සිතං, තස‍්මා සො අපරිච‍්ඡින‍්නො. මහාසුමත්‍ථෙරවාදෙ “පමාණචීවරස‍්ස යත්‍ථ කත්‍ථචි ඡිද‍්දං අධිට‍්ඨානං භින්‍දති, මහන‍්තස‍්ස පන පමාණතො බහි ඡිද‍්දං අධිට‍්ඨානං න භින්‍දතී”ති වුත‍්තං. ඉදං පන න වුත‍්තං – “ඉදං නාම පමාණචීවරං ඉතො උත‍්තරි මහන‍්තං චීවර”න‍්ති. අපිචෙත්‍ථ තිචීවරාදීනං මුට‍්ඨිපඤ‍්චකාදිභෙදං පච‍්ඡිමප‍්පමාණන‍්ති අධිප‍්පෙතං. තත්‍ථ යදි පච‍්ඡිමප‍්පමාණතො බහි ඡිද‍්දං අධිට‍්ඨානං න භින්‍දෙය්‍ය, උක‍්කට‍්ඨපත‍්තස‍්සාපි මජ‍්ඣිමපත‍්තස‍්ස වා ඔමකප‍්පමාණතො බහි ඡිද‍්දං අධිට‍්ඨානං න භින්‍දෙය්‍ය, න ච න භින්‍දති. තස‍්මා අයම‍්පි වාදො අපරිච‍්ඡින‍්නො.

කරවීකතිෂ්‍යස්ථවිරවාදයෙහිද දිග් අතින්ම සිදුර දක්වන ලද්දේද පුළුල් අතින් නොදක්වන ලද්දේය. එහෙයින් නොපිරිසිඳුනේය. මහාසුම්මස්ථවිරවාදයෙහි ප්‍රමාණ කළ සිවුරෙහි යම් කිසි තැනකවූ සිදුර අධිෂ්ඨානය නොබිඳීය’යි කියන ලද්දේය. මේ වනාහි ප්‍රමාණ කළ සිවුරෙහි ප්‍රමාණයෙන් පිටත්හිවූ සිදුර අධිෂ්ඨානය නොබිඳිය’යි කියන ලද්දේය. මේ වනාහි පමණකළ සිවුරය. මෙයින් මතුවෙහි මහත් සිවුරැ’යි මෙය නොකියන ලද්දේය. එහෙත් මෙහි තුන් සිවුරු ආදීන් පිළිබඳ මුෂ්ටි පංචකාදි ප්‍රභෙදය තෙමේ පශ්චිම ප්‍රමාණයයි අදහස් කරන ලදි. එහි ඉදින් පශ්චිම ප්‍රමාණයෙන් පිටත වූ සිදුර අධිෂ්ඨානය නොබිදින්නේ නම් උත්කර්‍ෂපාත්‍රය පිළිබඳවූද මද්ධ්‍යම පාත්‍රය පිළිබඳවූ ද පශ්චිම ප්‍රමාණයෙන් පිටත්හි වූ සිදුර අධිෂ්ඨානය නොබිදින්නේද, යත්: නොබිඳින්නේ නොවේ. එහෙයින් මේ වාදයද නොපරිසිදුනේය.

යො පනායං සබ‍්බපඨමො අට‍්ඨකථාවාදො, අයමෙවෙත්‍ථ පමාණං. කස‍්මා? පරිච‍්ඡෙදසබ‍්භාවතො. තිචීවරස‍්ස හි පච‍්ඡිමප‍්පමාණඤ‍්ච ඡිද‍්දප‍්පමාණඤ‍්ච ඡිද‍්දුප‍්පත‍්තිදෙසප‍්පමාණඤ‍්ච සබ‍්බඅට‍්ඨකථාසුයෙව පරිච‍්ඡින්‍දිත්‍වා වුත‍්තං, තස‍්මා ස‍්වෙව වාදො පමාණං. අද‍්ධා හි සො භගවතො අධිප‍්පායං අනුගන‍්ත්‍වා වුත‍්තො. ඉතරෙසු පන නෙව පරිච‍්ඡෙදො අත්‍ථි, න පුබ‍්බාපරං සමෙතීති.

යම් මේ සියල්ලට ප්‍රථම වූ අර්‍ත්‍ථකථාවාදයෙක් වේද, මේම මෙහි ප්‍රමාණ වේ. කුමක් හෙයින්දයත්:- පිරිසිඳීම ඇති බැවිනි. තුන් සිවුරෙහි පශ්චිම ප්‍රමාණයද ජිද්‍රප්‍රමාණයද ජිද්‍රොත්පත්ති ප්‍රදෙශප්‍රමාණයද යන සියල්ල අර්‍ත්‍ථකථාවන්හිම පිරිසිද කියන ලද්දේද, එහෙයින් එම වාදය තෙමේ ප්‍රමාණ වේ. එකාන්තයෙන් ඒ වාදය තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස අනුවගොස් කියන ලද්දේය. අන් වාදයන්හි වනාහි පිරිසිඳීමෙක් නො ඇත්තේය. පූර්‍වය හා අපරයද, අපරය හා පූර්‍වයද සම නොවේ.

යො පන දුබ‍්බලට‍්ඨානෙ පඨමං අග‍්ගළං දත්‍වා පච‍්ඡා දුබ‍්බලට‍්ඨානං ඡින්‍දිත්‍වා අපනෙති, අධිට‍්ඨානං න භිජ‍්ජති. මණ‍්ඩලපරිවත‍්තනෙපි එසෙව නයො. දුපට‍්ටස‍්ස එකස‍්මිං පටලෙ ඡිද‍්දෙ වා ජාතෙ ගළිතෙ වා අධිට‍්ඨානං න භිජ‍්ජති, ඛුද‍්දකං චීවරං මහන‍්තං කරොති, මහන‍්තං වා ඛුද‍්දකං කරොති, අධිට‍්ඨානං න භිජ‍්ජති. උභො කොටියො මජ‍්ඣෙ කරොන‍්තො සචෙ පඨමං ඡින්‍දිත්‍වා පච‍්ඡා ඝටෙති, අධිට‍්ඨානං භිජ‍්ජති. අථ ඝටෙත්‍වා ඡින්‍දති, න භිජ‍්ජති, රජකෙහි ධොවාපෙත්‍වා සෙතං කාරාපෙන‍්තස‍්සාපි අධිට‍්ඨානං අධිට‍්ඨානමෙවාති . අයං තාව “අන‍්තොදසාහං අධිට‍්ඨෙති විකප‍්පෙතී”ති එත්‍ථ අධිට‍්ඨානෙ විනිච‍්ඡයො.

යමෙක් වනාහි දුබල තැන පළමුකොට රෙදිකඩක් තබා මසා, පසුව දුබල තැන සිද පහ කෙරේද, අධිෂ්ඨානය නොබිදේ. මැඩිලි පෙරළීමෙහිද මේ නයම වේ. දෙපට සිවුරෙහි එක් පටලයෙක්හි සිදුරක් වූ කල්හි හෝ එක් පටක් ගිලිහුනු කල්හි හෝ අධිෂ්ඨානය නොබිදේ. කුඩා සිවුරක් මහත් කෙරේද, මහත්වූ සිවුරක් කුඩා කෙරේද, අධිෂ්ඨානය නොබිදේ. දෙකෙළවර ගෙණ මැද කරන්නේ පළමුකොට සිඳ පසුව ගටාද අධිෂ්ඨානය බිදෙන්නේය. දෙකෙළවර එක්කොට මසා නැවත සිඳීද, අධිෂ්ඨානය නොබිඳේ. රදවුන් ලවා සෝදවා සුදුපැහැ කරවන්නහුගේද අධිෂ්ඨානය අධිෂ්ඨානයම යයි දත යුතුය. මේ වනාහි “අන්තොදසාහං අධිට්ඨෙති විකප්පෙති” යන මෙහි අධිෂ්ඨානයෙහි විනිශ්චයයි.

විකප‍්පනෙ පන ද‍්වෙ විකප‍්පනා – සම‍්මුඛාවිකප‍්පනා ච පරම‍්මුඛාවිකප‍්පනා ච. කථං සම‍්මුඛාවිකප‍්පනා හොතීති? චීවරානං එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා “‘ඉමං චීවර’න‍්ති වා ‘ඉමානි චීවරානී’ති වා ‘එතං චීවර’න‍්ති වා ‘එතානි චීවරානී’”ති වා “තුය‍්හං විකප‍්පෙමී”ති වත‍්තබ‍්බං, අයමෙකා සම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවතා නිධෙතුං වට‍්ටති, පරිභුඤ‍්ජිතුං පන විස‍්සජ‍්ජෙතුං වා අධිට‍්ඨාතුං වා න වට‍්ටති. “මය‍්හං සන‍්තකං, මය‍්හං සන‍්තකානි පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති එවං පන වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති. තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

විකප්පනයෙහි වනාහි සම්මුඛාවිකප්පනා පරම්මූඛාවිකප්පනායි විකප්පනා දෙකකි. සම්මුඛාවිකප්පනා තොමෝ කෙසේ වේද, යත්: සිවුරු එකක්බව හෝ බොහෝ බවද ආසන්නදූරභාවයද දැන හමුවූ එක් සිවුරක් වුවහොත් ‘ඉමං චීවරං’යි කියාද හමුවූ බොහෝ සිවුරු වුවහොත් “ඉමානි චීවරානි” කියාද, අත්පසින් ඈත්හි නොහමුවූ එක් සිවුරක් වුවහොත් “එතං චීවරං” කියාද, අත්පසින් ඈත්හි නොහමුවූ බොහෝ සිවුරු වුවහොත් “එතානි චීවරානි” කියාද, “තුය්හං විකප්පෙමි”යි කිය යුතුය. මෙසේ එක බහුභාවය හා දූරාසන්නභාවය සලකා වාක්‍යය යෙදිය යුතුය. මේ එක් සම්මුඛාවිකප්පනාවකි. මෙපමණකින් තබන්නට වටියි. පරිභොග කරන්නටද බැහැරලන්නටද ඉටන්නටද නොවටියි. ‘මා සතු සිවුර, මා සතු සිවුරු පරිභොග කරවයි හෝ බැහැරලවයි හෝ ප්‍රත්‍යය පරිදි කරව’යි හෝ මෙසේ කියූ කල්හි පච්චුද්ධාර නම්වේ. හෙවත් බැහැරලීම කෙළේ නම්වේ. විකපීම කළ සිවුර ලත් මහණහු විසින් එක් සිවුරක් වුවහොත් “මය්හං සන්තකං පරිභුඤ්ජ” කියා හෝ “මය්හං සන්තකං විස්සජ්ජෙහි” කියා හෝ “මය්හං සන්තකං යථාප්පච්චයං කරොහි” කියා හෝ මේ වාක්‍යයෙන් සිවුර හිමි මහණහුට දියයුතුය. බොහෝ සිවුරු වුවහොත් “මය්හං සන්තකානි” කියා යෙදිය යුතුය. එතැන් පටන් පරිභොගාදීහුද වටිත්.

අපරොපි නයො – තථෙව චීවරානං එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා තස‍්සෙව භික‍්ඛුනො සන‍්තිකෙ “‘ඉමං චීවර’න‍්ති වා ‘ඉමානි චීවරානී’ති වා ‘එතං චීවර’න‍්ති වා ‘එතානි චීවරානී’”ති වා වත්‍වා පඤ‍්චසු සහධම‍්මිකෙසු අඤ‍්ඤතරස‍්ස අත‍්තනා අභිරුචිතස‍්ස යස‍්ස කස‍්සචි නාමං ගහෙත්‍වා “‘තිස‍්සස‍්ස භික‍්ඛුනො විකප‍්පෙමී’ති වා ‘තිස‍්සාය භික‍්ඛුනියා, සික‍්ඛමානාය, තිස‍්සස‍්ස සාමණෙරස‍්ස, තිස‍්සාය සාමණෙරියා විකප‍්පෙමී’”ති වා වත‍්තබ‍්බං, අයං අපරාපි සම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවතා නිධෙතුං වට‍්ටති, පරිභොගාදීසු පන එකම‍්පි න වට‍්ටති. තෙන පන භික‍්ඛුනා “තිස‍්සස‍්ස භික‍්ඛුනො සන‍්තකං…පෙ… තිස‍්සාය සාමණෙරියා සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති. තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

මෙහි අන් ක්‍රමයෙක්ද වේ. එසේම සිවුරු එකක්බව හා බොහෝ බවද ආසන්නදූරභාවයද දැන එම මහණහුගේ සමීපයෙහි අත්පසෙහි එක් සිවුරක් වුවහොත් “ඉමං චීවරං” කියාද, අත්පසෙහි බොහෝ සිවුරු වුවහොත් “ඉමානි චීවරානි” කියාද අත්පසින් ඈත්හි එක් සිවුරක් වුවහොත් “එතං චීවරං” කියාද, අත්පසින් ඈත්හි බොහෝ සිවුරු වුවහොත් “එතානි” චීවරානි’ කියාද පස් මහදැහැමියන් අතුරෙහි තමාට රුචිවූ යම්කිසි එක්තරා එකක්හුගේ නාමය ගෙණ, ‘තිස්ස නම් මහණහුට විකපීම කරමි’යි හෝ ‘තිස්සා නම් මෙහෙණට, ශික්‍ෂමාණාවට, තිස්ස නම් තෙරණහුට, තිස්සා නම් හෙරණියට විකපීම කරමි’යි හෝ කියයුතුය. මේ අන්‍යවූද හමුවෙහි වූ විකපීමය. මෙපමණකින් තබන්නට වටියි. පරිභොගාදීන් අතුරෙහි වනාහි එතෙකුදු නොවටියි. ඒ සිවුර ලත් මහණහු විසින් ‘තිස්සස්ස භික්‍ඛුනො සන්තකං -පෙ- තිස්සාය සාමණෙරියා සන්තකං පරිභුඤ්ජ, කියා හෝ ‘විස්සජ්ජෙහි’ කියා හෝ ‘යථාප්පච්චයං කරොහි’ කියා හෝ කියූ කල්හි බැහැර කෙළේ නම්වේ. එතැන් පටන් පරිභොගාදීහුද වටිත්.

කථං පරම‍්මුඛාවිකප‍්පනා හොතීති? චීවරානං තථෙව එකබහුභාවං සන‍්නිහිතාසන‍්නිහිතභාවඤ‍්ච ඤත්‍වා “‘ඉමං චීවර’න‍්ති වා ‘ඉමානි චීවරානී’ති වා ‘එතං චීවර’න‍්ති වා ‘එතානි චීවරානී’”ති වා වත්‍වා “තුය‍්හං විකප‍්පනත්‍ථාය දම‍්මී”ති වත‍්තබ‍්බං. තෙන වත‍්තබ‍්බො – “කො තෙ මිත‍්තො වා සන්‍දිට‍්ඨො වා”ති? තතො ඉතරෙන පුරිමනයෙනෙව “තිස‍්සො භික‍්ඛූති වා…පෙ… තිස‍්සා සාමණෙරී”ති වා වත‍්තබ‍්බං. පුන තෙන භික‍්ඛුනා “අහං තිස‍්සස‍්ස භික‍්ඛුනො දම‍්මීති වා…පෙ… තිස‍්සාය සාමණෙරියා දම‍්මී”ති වා වත‍්තබ‍්බං, අයං පරම‍්මුඛාවිකප‍්පනා. එත‍්තාවතා නිධෙතුං වට‍්ටති, පරිභොගාදීසු පන එකම‍්පි න වට‍්ටති. තෙන පන භික‍්ඛුනා දුතියසම‍්මුඛාවිකප‍්පනායං වුත‍්තනයෙනෙව “ඉත්‍ථන‍්නාමස‍්ස සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති වුත‍්තෙ පච‍්චුද‍්ධාරො නාම හොති. තතොපභුති පරිභොගාදයොපි වට‍්ටන‍්ති.

පරම්බුඛා විකප්පනා තොමෝ කෙසේ වේද, යත්: එසේම සිවුරු පිළිබඳ එක බහුභාවය හා දූරාසන්නභාවයද දැන “ඉමං චීවරං”යි හෝ “ඉමානි චීවරානි”යි හෝ “එතං චීවරං”යි හෝ “එතානි චීවරානි”යි හෝ කියා, “තුය්හං විකප්පනත්‍ථාය දම්මි”යි කියයුතුය. ඒ මහණහු විසින් ‘තම දැඩි මිතුරුවූයේ හෝ දුටු මිතුරු වූයේ හෝ කවරෙක්දැ’යි විචාළයුතුය. ඉන්පසු අනිකා විසින් පෙර නයින්ම ‘තිස්සො භික්‍ඛු’යි හෝ -පෙ- ‘තිස්සා සාමණෙරී’යි හෝ කියයුතුය. නැවැත ඒ මහණහු විසින් ‘මම තිස්ස මහණහුට දෙමි’යි හෝ -පෙ- තිස්සා හෙරණයටට දෙමි’යි හෝ කියයුතුය. මේ පරම්මුඛා විකප්පනාය. මෙපමණකින් තබන්නට වටියි. පරිභොගාදීන් අතුරෙහි වනාහි එතෙකුදු නොවටියි. ඒ මහණහු විසින් දෙවන සම්මුඛාවිකප්පනාවෙහි කියූ නයින්ම ‘මේ නම්හුගේ සන්තකය පරිභොග කරව’යි හෝ ප්‍රත්‍යය පරිදි කරව’යි හෝ කියූ කල්හි පච්චුද්ධාරය නම්වේ. එතැන් පටන් පරිභොගාදීහුද වටිත්.

ද‍්වින‍්නං විකප‍්පනානං කිං නානාකරණං? සම‍්මුඛාවිකප‍්පනායං සයං විකප‍්පෙත්‍වා පරෙන පච‍්චුද‍්ධරාපෙති . පරම‍්මුඛාවිකප‍්පනාය පරෙනෙව විකප‍්පාපෙත්‍වා පරෙනෙව පච‍්චුද‍්ධරාපෙති, ඉදමෙත්‍ථ නානාකරණං. සචෙ පන යස‍්ස විකප‍්පෙති, සො පඤ‍්ඤත‍්තිකොවිදො න හොති, න ජානාති පච‍්චුද‍්ධරිතුං, තං චීවරං ගහෙත්‍වා අඤ‍්ඤස‍්ස බ්‍යත‍්තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුන විකප‍්පෙත්‍වා පච‍්චුද‍්ධරාපෙතබ‍්බං. විකප‍්පිතවිකප‍්පනා නාමෙසා වට‍්ටති. අයං “විකප‍්පෙතී”ති ඉමස‍්මිං පදෙ විනිච‍්ඡයො.

මෙහි ද්විධ විකප්පනාවන්ගේ කිනම් වෙනස්බවෙක් වේද, යත්:- සම්මුඛාවිකප්පනාවෙහි තමන් විකපා අන්හුලවා පච්චුද්ධරණය කරවයි. පරම්මුඛා විකප්පනාවෙහි අන්හුලවාම විකපීම කරවා අන්හුලවාම පච්චුද්ධරණය කරවයි. මේ මෙහි වෙනස්බවය. ඉදින් යමක්හට විකපාද, හෙතෙමේ, මෙසේ විකපූ කල්හි අනතුරුවම මෙසේ පච්චුද්ධරණය කටයුතුය’යි විනයප්‍රඥප්තියෙහි දක්‍ෂනොවේද, පච්චුද්ධරණය කරන්නට නොදනීද, ඒ සිවුර ගෙණ අන්‍යව්‍යක්තකයකු වෙතට ගොස් නැවත විකපා පච්චුද්ධරණය කරවිය යුතුය. මේ විකැපු විකිපීම නම් වටියි. “විකප්පෙති” යන මේ පදයෙහි මේ විනිශ්චයයි.

“අනුජානාමි, භික‍්ඛවෙ, තිචීවරං අධිට‍්ඨාතුං න විකප‍්පෙතු”න‍්තිආදිවචනතො ච ඉදං “විකප‍්පෙතී”ති අවිසෙසෙන වුත‍්තවචනං විරුද‍්ධං විය දිස‍්සති, න ච විරුද‍්ධං තථාගතා භාසන‍්ති. තස‍්මා එවමස‍්ස අත්‍ථො වෙදිතබ‍්බො, තිචීවරං තිචීවරසඞ‍්ඛෙපෙනෙව පරිහරතො අධිට‍්ඨාතුමෙව අනුජානාමි, න විකප‍්පෙතුං. වස‍්සිකසාටිකං පන චාතුමාසතො පරං විකප‍්පෙතුමෙව න අධිට‍්ඨාතුං. එවඤ‍්ච සති යො තිචීවරෙ එකෙන චීවරෙන විප‍්පවසිතුකාමො හොති, තස‍්ස තිචීවරාධිට‍්ඨානං පච‍්චුද‍්ධරිත්‍වා විප‍්පවාසසුඛත්‍ථං විකප‍්පනාය ඔකාසො දින‍්නො හොති. දසාහාතික‍්කමෙ ච අනාපත‍්තීති එතෙනුපායෙන සබ‍්බත්‍ථ විකප‍්පනාය අප‍්පටිසිද‍්ධභාවො වෙදිතබ‍්බො.

‘අනුජානාමි භික්‍ඛවෙ තිචීවරං අධිට්ඨාතුං න විකප්පෙතුං’ යනාදි වචනයෙන්ද ‘ඉදං විකප්පෙති’ තිචීවරාදීන්ටද සාධාරණව අවිශේෂයෙන් වදාළ වචනය විරුද්ධ වූවක් මෙන් පෙනේ. විරුද්ධ වූවක් තථාගතවරයෝ නොමවදාරත්. එහෙයින් මේ පදයෙහි අර්‍ත්‍ථය මෙසේ දතයුතුය. තුන් සිවුර සඞ්ඝාටි ආදීවූ අධිෂ්ඨාන වශයෙන් පරිහරණය කරන්නහුට ඉටන්නටම අනුදනිමි, විකපීමට නොඅනුදනිමි. වැසි සළුව වනාහි වැසිසාරමසින් මත්තෙහි විකපීමටම අනුදනිමි. ඉටන්නට නොඅනුදනිමි. මෙසේ ඇති කල්හි යම් මහණෙක් තෙමේ තුන් සිවුරෙහි එක් සිවුරකින් වෙන්ව වසනු කැමැත්තේ වේද, ඔහුගේ චීවරාධිෂ්ඨානය පච්චුද්ධරණය කොට වෙන්ව විසීමෙහි සැපය පිණිස විකපීමට අවකාශය දුන්නේ වේ, දස දවසක් ඉක්මීමෙහිදීද අනාපත්තියයි දතයුතුය. මේ උපායයෙන් හැම තන්හි විකපීම පිළිබඳ අප්‍රනිෂෙධභාවය දතයුත්තේය.

විස‍්සජ‍්ජෙතීති අඤ‍්ඤස‍්ස දෙති. කථං පන දින‍්නං හොති, කථං ගහිතං? “ඉමං තුය‍්හං දෙමි දදාමි දජ‍්ජාමි ඔණොජෙමි පරිච‍්චජාමි නිස‍්සජ‍්ජාමි විස‍්සජ‍්ජාමීති වා “ඉත්‍ථන‍්නාමස‍්ස දෙමි…පෙ… නිස‍්සජ‍්ජාමී”ති වා වදති, සම‍්මුඛාපි පරම‍්මුඛාපි දින‍්නංයෙව හොති. “තුය‍්හං ගණ‍්හාහී”ති වුත‍්තෙ “මය‍්හං ගණ‍්හාමී”ති වදති, සුදින‍්නං සුග‍්ගහිතඤ‍්ච. “තව සන‍්තකං කරොහි, තව සන‍්තකං හොතු, තව සන‍්තකං කරිස‍්සසී”ති වුත‍්තෙ “මම සන‍්තකං කරොමි, මම සන‍්තකං හොතු, මම සන‍්තකං කරිස‍්සාමී”ති වදති, දුද‍්දින‍්නං දුග‍්ගහිතඤ‍්ච. නෙව දාතා දාතුං ජානාති, න ඉතරො ගහෙතුං. සචෙ පන “තව සන‍්තකං කරොහී”ති වුත‍්තෙ “සාධු, භන‍්තෙ, මය‍්හං ගණ‍්හාමී”ති ගණ‍්හාති, සුග‍්ගහිතං. සචෙ පන “එකො ගණ‍්හාහී”ති වදති, ඉතරො “න ගණ‍්හාමී”ති පුන සො “දින‍්නං මයා තුය‍්හං, ගණ‍්හාහී”ති වදති, ඉතරොපි “න මය‍්හං ඉමිනා අත්‍ථො”ති වදති. තතො පුරිමොපි “මයා දින‍්න”න‍්ති දසාහං අතික‍්කාමෙති, පච‍්ඡිමොපි “මයා පටික‍්ඛිත‍්ත”න‍්ති. කස‍්ස ආපත‍්තීති? න කස‍්සචි ආපත‍්ති. යස‍්ස පන රුච‍්චති, තෙන අධිට‍්ඨහිත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං.

“විස්සජ්ජෙති” අනිකක්හට දෙයි. කෙසේ වනාහි දෙනලද්දේ වේද, කෙසේ ගන්නා ලද්දේ වේද, යත්: ‘ඉදං තුය්හං දෙමි’යි හෝ ‘දදාමි’යි හෝ ‘දජ්ජාමි’යි හෝ ඔණොජෙමි’යි හෝ ‘ඉන්‍ථන්නාමස්ස දෙමි. -පෙ- නිස්සජාමි’යි හෝ කියාද, හමුවෙහිද නොහමුවෙහිද දෙන ලද්දේම වේ. ‘තට ගණුව’යි කියූ කල්හි ‘මම ගණිමි’යි කියාද, මනාකොට දෙන ලද්දේත් මනාකොට ගන්නා ලද්දේත් වේ. ‘තාසතු කරව, තා සතුවේවා, මාසතු කරන්නෙමි’යි කියාද, වරදවා දෙන ලද්දේත් වැරදි ලෙසින් ගන්නා ලද්දේ වේ. දෙන තැනැත්තේ දෙන්නට නොම දනියි. අන්‍යයා ගන්නට නොදනියි. ඉදින් ‘තාසතු කරව’යි කියූ කල්හි ‘ස්වාමීනි යහපති, මම ගනිමි’යි ගනීද මනාකොට ගන්නා ලද්දේය. ඉදින් එකෙක් ‘ගණුවැයි කියාද අන්‍යයා ‘නොගණිමි’යි කියාද, නැවැත හෙතෙමේ ‘මා විසින් දෙන ලද්දේය, තට ගණුව’යි කියාද, අන්‍යයාත් ‘මට මෙයින් වැඩෙක් නැතැ’යි කියාද ඉන්පසු පළමු තෙමේද ‘මා විසින් දෙන ලදැ’යි දස දවස ඉක්මවාද, පශ්චිම තෙමේත් ‘මා විසින් ප්‍රතික්‍ෂෙප කරන ලද්දේයයි දසදවස ඉක්මවාද එකල්හි කවරක්හට ඇවැත් වේද, යත්: කවරක්හටත් ඇවැත් නොවේ. යමක්හට රුස්නේද, ඔහු විසින් ඉටා පරිභොග කටයුතුය.

යො පන අධිට‍්ඨානෙ වෙමතිකො, තෙන කිං කාතබ‍්බං? වෙමතිකභාවං ආරොචෙත්‍වා සචෙ අනධිට‍්ඨිතං භවිස‍්සති, එවං මෙ කප‍්පියං හොතීති වත්‍වා වුත‍්තනයෙනෙව නිස‍්සජ‍්ජිතබ‍්බං. න හි එවං ජානාපෙත්‍වා විනයකම‍්මං කරොන‍්තස‍්ස මුසාවාදො හොති. කෙචි පන “එකෙන භික‍්ඛුනා විස‍්සාසං ගහෙත්‍වා පුන දින‍්නං වට‍්ටතී”ති වදන‍්ති, තං න යුජ‍්ජති. න හි තස‍්සෙතං විනයකම‍්මං, නාපි තං එත‍්තකෙන අඤ‍්ඤං වත්‍ථුං හොති.

යමෙක් අධිෂ්ඨානයෙහි විමති ඇතියේවේද, ඔහු විසින් කුමක් කටයුතුද, යත්: විමති ඇතිබව සැලකොට ඉදින් නොඉටන ලද්දේ වන්නේනම් ‘මෙසේ මට කැප වේය’යි කියා කියූ නයින්ම නිසදිය යුතුය. මෙසේ දන්වා විනයකර්‍ම කරන්නහුට මුසාවාදය නොවේ. කිසිකෙනෙක් වනාහි එක් මහණක්හු විසින් විශ්වාසයෙන් ගෙණ නැවැත දෙන ලද්දේ වටීයයි කියත්. එය නොයෙදේ. ඔහුගේ මෙය විනයකර්‍මයෙක් නොවේ. මෙපමණකින් එය අනික් වස්තුවක්ද නොවේ.

නස‍්සතීතිආදි උත‍්තානත්‍ථමෙව. යො න දදෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සාති එත්‍ථ “මය‍්හං දින‍්නං ඉමිනා”ති ඉමාය සඤ‍්ඤාය න දෙන‍්තස‍්ස දුක‍්කටං. තස‍්ස සන‍්තකභාවං පන ඤත්‍වා ලෙසෙන අච‍්ඡින්‍දන‍්තො භණ‍්ඩං අග‍්ඝාපෙත්‍වා කාරෙතබ‍්බොති.

“නස්සති” යනාදිය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. “යො න දදෙය්‍ය ආපත්ති දුක්කටස්ස” මෙහි මොහු විසින් මට දෙන ලද්දේය, යන මේ සංඥාව කරණකොට නොදෙන්නහුට දුක්කටය වේ. ඔහු සතුබව දැන ලෙසයෙන් අසිඳ ගන්නේ භාණ්ඩය අගය කරවා කරවිය යුත්තේය.

සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං කථිනසමුට‍්ඨානං නාම කායවාචාතො ච කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, අනධිට‍්ඨානෙන ච අවිකප‍්පනෙන ච ආපජ‍්ජනතො අකිරියං, සඤ‍්ඤාය අභාවෙපි න මුච‍්චති, අජානන‍්තොපි ආපජ‍්ජතීති නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්‍ෂාපදය කඨිනසමුත්‍ථාන නමි. කායවාචායෙන් හෝ කාය වාචාචිත්තයෙන් හෝ සමුත්‍ථානය වේ. නොඉටීමෙන්ද නොවිකපීමෙන්ද ඇවැතට පැමිණීම වන බැවින් අක්‍රියාය. ව්‍යතික්‍රම සංඥාවගේ අභාවයෙන්ද නොමිදේ. නොදන්නේද පැමිණේයයි සංඥාවිමොක්‍ෂය නැත්තේය. අචිත්තකසමුත්‍ථානයි. ප්‍රඥාප්තිවද්‍යයයි. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පඨමකථිනසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රථමකඨින ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.