පඨමකඨිනසික්ඛාපදං
5. 1. 1.
5. 1. 1.
පඨමකඨිනසික්ඛාපදං
ප්රථමකඨිනශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති ගොතමකෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික්ඛූනං තිචීවරං අනුඤ්ඤාතං හොති. ඡබ්බග්ගියා භික්ඛූ භගවතා තිචීවරං අනුඤ්ඤාතන්ති අඤ්ඤෙනෙව තිචීවරෙන ගාමං පවිසන්ති, අඤ්ඤෙන තිචීවරෙන ආරාමෙ අච්ඡන්ති, අඤ්ඤෙන තිචීවරෙන නහානං ඔතරන්ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ අතිරෙකචීවරං ධාරෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ අතිරෙකචීවරං ධාරෙථා?”ති “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා අතිරෙකචීවරං ධාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුර ගෝතමක චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙති. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලද වෙයි. සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලදැ’යි අනිත් ම තුන් සිවුරකින් ගම් වදිති, අනිත් ම තුන් සිවුරකින් අරමෙහි හිඳිත්, අනිත් ම තුන් සිවුරකින් නහන තොටට බසිත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙත්: කිසෙයින් නම් සවග මහණහු අයිරා සිවුරු ධරත් දැ” යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට මේ පවත් සැළ කළහ ... “සැබෑද මහණෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ලැ? යි. භගවත්හු පුළුවුත්හ. සැබැව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගැරහූහ: කිසෙයින් නම් තුච්ඡ පුරුෂයෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ද? තුච්ඡ පුරුෂයෙනි, තෙල නො පහනුන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යො පන භික්ඛු අතිරෙකචීවරං ධාරෙය්ය නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් තෙම අයිරා සිවුරක් ධරා නම් නිසැඟිපචිති වේ”ය යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මෙසේත් මේ ශික්ෂාපදය පණවන ලද්දේ වේ.
[මූලපඤ්ඤත්ති.]
[මුල් පැණවීමයි.]
2. තෙන ඛො පන සමයෙන ආයස්මතො ආනන්දස්ස අතිරෙකචීවරං උප්පන්නං හොති. ආයස්මා ච ආනන්දො තං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො හොති. ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං න අතිරෙකචීවරං ධාරෙතබ්බ”න්ති. ඉදඤ්ච මෙ අතිරෙකචීවරං උප්පන්නං, අහඤ්චිමං චීවරං ආයස්මතො සාරිපුත්තස්ස දාතුකාමො, ආයස්මා ච සාරිපුත්තො සාකෙතෙ විහරති. කථන්නුඛො මයා පටිපජ්ජිතබ්බ”න්ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “කීව චිරං පනානන්ද සාරිපුත්තො ආගච්ඡිස්සතී?”ති “නවමං වා භගවා දිවසං දසමං වා”ති. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “අනුජානාමි භික්ඛවෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතුං එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අතිරේක චීවරයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේත් ඒ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තාහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහ්නසේත් සාකේතයෙහි වාසය කෙරෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරුනට මේ සිත විය. “භාග්‍යවතුන් විසින් අයිරිත් සිවුරක් නො දැරියයුතු ය යි සිකපද පනවන ලදි. මෙ ද මට උපන් අයිරිත් සිවුරෙක, මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේත් සාකේතයෙහි වාසය කෙරෙති. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “ආනන්දය, කිපමණ කලෙකින් ශාරිපුත්‍රයෝ එන්නාහු දැ?” යි පුළුවුත්හ. “භාග්‍යවතුන් වහන්ස, නව වැනි හෝ දස වැනි හෝ දවසැ” යි අනඳ තෙරණුවෝ කීහ. එකල්හි භාග්‍යවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූහ: “මහණෙනි, දස දවසක් පරම කොට අයිරිත් සිවුරක් දරන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසවු:
“නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං. තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තිය”න්ති.
“භික්ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි දස දවසක් පරම කොට අයිරිත් සිවුර ධැරිය යුතු ය. ඒ දසාහ පරම කාලය ඉක්මවන්නාහට නිසැඟිපචිති වේ.”
[දුතියපඤ්ඤත්ති.]
[දෙවනපැණවීමයි.]
3. නිට්ඨිතචීවරස්මින්ති භික්ඛුනො චීවරං කතං වා හොති නට්ඨං වා විනට්ඨං වා දඩ්ඪං වා චීවරාසා වා උපච්ඡින්නා.
3. නිට්ඨිත චිවරස්මිං යනු භික්ෂූහුගේ චීවරය කරණ ලද හෝ වෙයි නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනී හෝ වෙයි.
උබ්භතස්මිං කඨිනෙති අට්ඨන්නං මාතිකානං අඤ්ඤතරාය මාතිකාය උබ්භතං හොති, සඞ්ඝෙන වා අන්තරා උබ්භතං හොති.
උබ්හතස්මිං කඨිනෙ යනු අට වැදෑරුම් මාතිකාවන් අතුරෙන් එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරණ ලද වෙයි.
දසාහපරමන්ති දසාහපරමතා ධාරෙතබ්බං.
දසාහපරමං යනු දස දවසක් පරම කොට ඇති කාලය ධැරිය යුත්තේ ය.
අතිරෙකචීවරං නාම: අනධිට්ඨිතං අවිකප්පිතං.
අතිරේක චීවර නම්: නො ඉටන ලද නො විකපන ලද ය.
චීවරං නාම: ඡන්නං චීවරානං අඤ්ඤතරං චීවරං විකප්පනුපගංපච්ඡිමං.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසිම් සිවුරෙක.
තං අතික්කාමයතො නිස්සග්ගියං හොතීති එකාදසෙ අරුණුග්ගමනෙ නිස්සග්ගියං හොති නිස්සජ්ජිතබ්බං සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා. එවඤ්ච පන භික්ඛවෙ නිස්සජ්ජිතබ්බං: තෙන භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉදං මෙ භන්තෙ චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං සඞ්ඝස්ස නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං.
තං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු එකොළොස් වැනි අරුණ නැගෙන සඳ නිසැගි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේ නිසැජිය යුතු ය: “ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. වහන්ස, මේ මාගේ සිවුර දස දවසක් ඉක්මෙන ලද නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි” යි නිසජා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර දිය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉදං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියං සඞ්ඝස්ස නිස්සට්ඨං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉමං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යා”ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් මහණහුගේ මේ සිවුර නිසැඟි විය. සඟනට නිසදන ලද. ඉදින් සඟනට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මේ සිවුර මෙනම් මහණහට දෙන්නේ ය” යි.
4. තෙන භික්ඛුනා සම්බහුලෙ භික්ඛූ උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්සු වචනීයා: “ඉදම්මෙ භන්තෙ චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මන්තානං නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං.
4. ඒ මහණහු විසින් බොහෝ භික්ෂූන් කරා එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නාහු ය. “වහන්ස, මාගේ මේ සිවුර දස දවස් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර ඔහුට දිය යුතු:
“සුණන්තු මෙ ආයස්මන්තා. ඉදං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො නිස්සග්ගියං. ආයස්මන්තානං නිස්සට්ඨං. යදායස්මන්තානං පත්තකල්ලං, ආයස්මන්තා ඉමං චීවරං ඉත්ථන්නාමස්ස භික්ඛුනො දදෙය්යු”න්ති.
“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා. මෙනම් භික්ෂූහුගේ මේ සිවුර නිසැඟි විය. ආයුෂ්මත්නට නිසජන ලද. ඉදින් ආයුෂ්මත්නට පැමිණි කල් ඇත් නම් ආයුෂ්මත්හු මේ සිවුර මෙ නම් මහණහට දෙන්නාහු ය” යි.
5. තෙන භික්ඛුනා එකං භික්ඛුං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉදං මෙ ආවුසො චීවරං දසාහාතික්කන්තං නිස්සග්ගියං. ඉමාහං ආයස්මතො නිස්සජ්ජාමී”ති. නිස්සජ්ජිත්වා ආපත්ති දෙසෙතබ්බා. තෙන භික්ඛුනා ආපත්ති පටිග්ගහෙතබ්බා. නිස්සට්ඨචීවරං දාතබ්බං: “ඉමං චීවරං ආයස්මතො දම්මී”ති.
5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. “ඇවැත්නි, මාගේ මේ සිවුර දස දවසක් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර “මේ සිවුර ආයුෂ්මත්හට දෙමි” යි දිය යුතු.
6. දසාහාතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ වෙමතිකො, නිස්සග්ගියං පාචිත්තියං. දසාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනධිට්ඨිතෙ අධිට්ඨිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිකප්පිතෙ විකප්පිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිස්සජ්ජිතෙ විස්සජ්ජිතසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අනට්ඨෙ නට්ඨසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිනට්ඨෙ විනට්ඨසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අදඩ්ඪෙ දඩ්ඪසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. අවිලුත්තෙ විලුත්තසඤ්ඤී, නිස්සග්ගියං පාචිත්තියං. නිස්සග්ගියං චීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අතික්කන්තසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. දසාහානතික්කන්තෙ අනතික්කන්තසඤ්ඤී, අනාපත්ති.
6. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්මගිය කල්හි විමති ඇත්තේ, නිසැඟි පචිති වෙයි. දස දවසක් ඉක්ම ගිය කල්හි ‘ඉක්ම නො ගියේ ය’ යන සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො ඉටන ලද්දෙහි ඉටන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විකපන ලද්දෙහි විකපන ලදැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො විසජන ලද්දෙහි විසජන ලදැයි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො නටුයෙහි නටැ යි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නො වැනැසුනෙහි වැනැසිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො දැවුනෙහි දැවිනැ යි සංඥා ඇත්තේ, නිසැඟි පචිති වෙයි. නො පැහැර ගත්තෙහි පැහැර ගන්නා ලදැයි සංඥා ඇත්තේ නිසැඟි පචිති වෙයි. නිසැඟි සිවුර නො නිසදා පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි ඉක්මිනැ යි සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි විමති ඇත්තේ, දුකුළා ඇවැත් වෙයි. දස දවස් නො ඉක්මුනෙහි නො ඉක්මිනැ යි සංඥා ඇත්තේ, ඇවැත් නැති.
7. අනාපත්ති අන්තොදසාහං අධිට්ඨෙති විකප්පෙති විස්සජ්ජෙති නස්සති විනස්සති ඩය්හති අච්ඡින්දිත්වා ගණ්හන්ති, විස්සාසං ගණ්හන්ති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
7. ඇතුළු දස දවස්හි ඉටා නම් විකපා නම් විසඳා නම් නැසේ නම් වැනැසේ නම් දැවේ නම් අසිඳැ ගණිත් නම් විස්වැසි ව ගණිත් නම් ඇවැත් නැති. උම්මත්තකයනට ආදිකම්මිකයහට, ඇවැත් නැතැ’ යි.
8. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ නිස්සට්ඨචීවරං න දෙන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “න භික්ඛවෙ නිස්සට්ඨචීවරං න දාතබ්බං. යො න දදෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති.
8. තවද එසමයෙහි ෂඩ්වර්ගගීය භික්ෂූහු නිසැදු සිවුර නො දෙති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “මහණෙනි, නිසැදු සිවුර නො දිය යුතු නො වෙයි. යමෙක් නො දේ නම් දුකුළාඇවැත් වේ” යයි.
පඨමකඨිනසික්ඛාපදං නිට්ඨිතං.
ප්‍රථම කඨින ශික්ෂාපදය නිමි.