අනියතකණ්ඩං අට්ඨකථා
අනියත කාණ්ඩය
පඨමඅනියතසික්ඛාපදවණ්ණනා
පළමු අනියතශික්ෂාපද වර්ණනාව
ආයුෂ්මත්නි’ මේ අනියතධර්‍මයෝ දෙදෙන උදෙසීමට එති.
තෙන සමයෙන බුද්ධො භගවාති පඨමඅනියතසික්ඛාපදං. තත්ථ කාලයුත්තං සමුල්ලපන්තොති කාලං සල්ලක්ඛෙත්වා යදා න අඤ්ඤො කොචි සමීපෙන ගච්ඡති වා ආගච්ඡති වා තදා තදනුරූපං “කච්චි න උක්කණ්ඨසි, න කිලමසි, න ඡාතාසී”තිආදිකං ගෙහස්සිතං කථං කථෙන්තො. කාලයුත්තං ධම්මං භණන්තොති කාලං සල්ලක්ඛෙත්වා යදා අඤ්ඤො කොචි සමීපෙන ගච්ඡති වා ආගච්ඡති වා තදා තදනුරූපං “උපොසථං කරෙය්යාසි, සලාකභත්තං දදෙය්යාසී”තිආදිකං ධම්මකථං කථෙන්තො.
“තෙන සමයෙන බුද්ධො භගවා” ප්‍රථම අනියත ශික්‍ෂාපදයයි. එහි “කාලයුත්තං සමුල්ලපන්තො” යනු කල් සලකා යම්කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් නොයන්නේ හෝ නොඑන්නේ හෝ, එකල්හි එයට අනුරූපව ‘කිම, නොකළකිරෙහිද, නොවෙහෙසෙහිද, බඩගිනි අතියෙහිද, යනාදීවු ගෘහනිශ්ශ්රිත කථා කියමින් “කාලයුත්තං ධම්මං භණන්කො” යනු කල් සලකා යම් කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් යන්නේ හෝ එන්නේ හෝ එකල්හි එයට අනුරූප පොහොය කරන්නෙහි, ලහබත් දෙන්නෙහි, යනාදීවූ ධර්මකථා කරමින්.
බහූ ධීතරො ච පුත්තා ච අස්සාති බහුපුත්තා. තස්සා කිර දස පුත්තා දස ධීතරො අහෙසුං, බහූ නත්තාරො අස්සාති බහුනත්තා. යථෙව හි තස්සා එවමස්සා පුත්තධීතානම්පි වීසති වීසති දාරකා අහෙසුං, ඉති සා වීසුත්තරචතුසතපුත්තනත්තපරිවාරා අහොසි. අභිමඞ්ගලසම්මතාති උත්තමමඞ්ගලසම්මතා. යඤ්ඤෙසූති දානප්පදානෙසු. ඡණෙසූති ආවාහවිවාහමඞ්ගලාදීසු අන්තරුස්සවෙසු. උස්සවෙසූති ආසාළ්හීපවාරණනක්ඛත්තාදීසු මහුස්සවෙසු. පඨමං භොජෙන්තීති “ඉමෙපි දාරකා තයා සමානායුකා නිරොගා හොන්තූ”ති ආයාචන්තා පඨමංයෙව භොජෙන්ති, යෙපි සද්ධා හොන්ති පසන්නා, තෙපි භික්ඛූ භොජෙත්වා තදනන්තරං සබ්බපඨමං තංයෙව භොජෙන්ති. නාදියීති තස්සා වචනං න ආදියි, න ගණ්හි, න වා ආදරමකාසීති අත්ථො.
බොහෝ දූවරුද පුත්‍රයෝද මෑහටනුයි බහුපුත්තා නම. ඇයට වනාහි පුත්‍රයෝ දසදෙනෙක්ද දුහිතෘහු දසදෙනෙක්ද වූහ. මෙසේ ඕ තොමෝ විස්සක් අධික කොට ඇති සාරසියයක් දූපුත් මුනුබුරු මිනිබිරියන් පිරිවරකොට ඇත්තීවූය. “අභිමඞ්ගලසම්මතා”යි උත්තම මඞ්ගල සම්මතය. “යඤ්ඤෙසු” කුඩා මහත් දානයන්හි. “ඡනෙසු” යනු ආවාහ විවාහ මඞ්ගලාදි උත්සවයක් අතරතුර පැවැති උත්සවයන්හි “උස්සවෙසු” ඇසළ මස පවුරුණු නැකත් ආදී මහත් උත්සවයන්හි. “පඨමං භොජෙන්ති” යනු මේ දරුවෝ තා හා සමාන ආයු ඇතිව නීරොග වෙත්වායි යාඥා කරමින් පළමුකොටම වළඳවත්. යම්කෙනෙක් සැදැහැ ඇත්තෝ පහන් වූවාහු වෙත්ද, ඔවුහු භික්ෂූන් වළඳවා එයට අනතුරුවම සියල්ලට පළමුව ඒ විසාඛාවම වළඳවත්. “න ආදියි” යනු ඇයගේ වචනය නොගත්තේය. එයට ආදරය නොකෙළේයයිද අර්‍ත්‍ථයි.
අලංකම්මනියෙති කම්මක්ඛමං කම්මයොග්ගන්ති කම්මනියං, අලං පරියත්තං කම්මනියභාවායාති අලංකම්මනියං, තස්මිං අලංකම්මනියෙ, යත්ථ අජ්ඣාචාරං කරොන්තා සක්කොන්ති, තං කම්මං කාතුං තාදිසෙති අත්ථො. තෙනෙවස්ස පදභාජනෙ වුත්තං – “සක්කා හොති මෙථුනං ධම්මං පටිසෙවිතු”න්ති, යත්ථ මෙථුනං ධම්මං සක්කා හොති පටිසෙවිතුන්ති වුත්තං හොති. නිසජ්ජං කප්පෙය්යාති නිසජ්ජං කරෙය්ය, නිසීදෙය්යාති අත්ථො. යස්මා පන නිසීදිත්වාව නිපජ්ජති, තෙනස්ස පදභාජනෙ උභයම්පි වුත්තං. තත්ථ උපනිසින්නොති උපගන්ත්වා නිසින්නො. එවං උපනිපන්නොපි වෙදිතබ්බො. භික්ඛු නිසින්නෙති භික්ඛුම්හි නිසින්නෙති අත්ථො. උභො වා නිසින්නාති ද්වෙපි අපච්ඡා අපුරිමං නිසින්නා. එත්ථ ච කිඤ්චාපි පාළියං “සොතස්ස රහො”ති ආගතං, චක්ඛුස්ස රහෙනෙව පන පරිච්ඡෙදො වෙදිතබ්බො. සචෙපි හි පිහිතකවාටස්ස ගබ්භස්ස ද්වාරෙ නිසින්නො විඤ්ඤූ පුරිසො හොති, නෙව අනාපත්තිං කරොති. අපිහිතකවාටස්ස පන ද්වාරෙ නිසින්නො අනාපත්තිං කරොති. න කෙවලඤ්ච ද්වාරෙ අන්තොද්වාදසහත්ථෙපි ඔකාසෙ නිසින්නො, සචෙ සචක්ඛුකො වික්ඛිත්තොපි නිද්දායන්තොපි අනාපත්තිං කරොති. සමීපෙ ඨිතොපි අන්ධො න කරොති, චක්ඛුමාපි නිපජ්ජිත්වා නිද්දායන්තො න කරොති. ඉත්ථීනං පන සතම්පි අනාපත්තිං න කරොතියෙව.
“අලං කම්මනියෙ” කර්මක්ෂමය කර්මයට යෝග්‍යයි කම්මනිය නම. කර්මණ්යභාවයට යෝග්‍යය. සෑහේයයි අලං කම්මනිය නම, ඒ කර්මයට යොග්යතන්හි, යම් තැනක අද්ධ්යාචාරය කරන්නාවු ඒ අද්ධ්යාචාරකර්ම කරන්නට හැකි වෙත්ද, එබඳු තන්හිය යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මෙයට පදභාජනයෙහි “සක්කා හොති මෙථුනං ධම්මං පතිසෙවිතුං”යි වදාළ සේක. යම් තැනක මෙවුන්දම් සෙවුමට හැකිවේයයි කියන ලද්දේ වේ. “නිසජ්ජං කප්පෙය්ය” හිඳීම කරන්නේය. හිඳින්නේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි හිඳම නොවීද, එහෙයින් මෙයට පදහාජනයෙහි දෙකම වදාරන ලදි. එහි “උපනිසින්නො” එළැඹැ හුන්නේය. මෙසේ “උපනිපන්නොපි” හොත්තේදැයි දතයුත්තේය. “භික්ඛු නිසින්නෙ” යනු මහණහු හුන්කල්හි යන අර්‍ත්‍ථයි. “උභො වා නිසින්නා” මහණහු හා මාගම යන දෙදෙනම පෙර පසු නොව හුන්නාහු. මෙහිද පෙළෙහි “සොතස්ස රහො” කණට රහස්වයි ආයේය. ඇසට රහස් වසයෙන්ම රහොනිසජ්ජාපත්තියගේ පිරිසිදීම දතයුතුය. වැසූ කවුළු ඇති ගැබක දොර ලඟ හුන් නුවණැති පුරුෂයෙක්වේද, එයින්ම අනාපත්තිය නොකරයි. නොවැසූ කවුළු ඇති ගැබක දොරලඟ හුන්නේ අනාපත්තිය කරයි. හුදෙක් දොරලඟ හුන්නේ අනාපත්තිය නොකරන්නේය. දොළොස්රියනක් තුළ අවකාශයෙහි හුන්නේද අනාපත්තිය කරන්නේය. ඉදින් ඇස් ඇත්තෙක් විසුරුනු සිත් ඇත්තේ වේද, නිදන්නේද, අනාපත්තිය කරන්නේය. සමීපයෙහි සිටි අන්ධතෙමේද, නොකරන්නේය. ඇස් ඇත්තේද හෙව නිදන්නේ නොකරන්නේය. ස්ත්‍රීන් සියයකුදු අනාපත්ති නොකෙරේමය.
සද්ධෙය්යවචසාති සද්ධාතබ්බවචනා. සා පන යස්මා අරියසාවිකාව හොති, තෙනස්ස පදභාජනෙ “ආගතඵලා”තිආදි වුත්තං. තත්ථ ආගතං ඵලං අස්සාති ආගතඵලා පටිලද්ධසොතාපත්තිඵලාති අත්ථො. අභිසමෙතාවිනීති පටිවිද්ධචතුසච්චා. විඤ්ඤාතං සික්ඛත්තයසාසනං එතායාති විඤ්ඤාතසාසනා. නිසජ්ජං භික්ඛු පටිජානමානොති කිඤ්චාපි එවරූපා උපාසිකා දිස්වා වදති, අථ ඛො භික්ඛු නිසජ්ජං පටිජානමානොයෙව තිණ්ණං ධම්මානං අඤ්ඤතරෙන කාරෙතබ්බො, න අප්පටිජානමානොති අත්ථො.
“සද්ධෙය්ය වචසා” ඇදහිය යුතු වචන ඇත්තීය. ඕ වනාහි යම් හෙයකින් ආර්‍ය්‍ය ශ්රාවිකාවක්මවේද, එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “ආගතඵලා” යනාදිය වදාරන ලදි. එහි පැමිණි ඵලය මැයටනුයි ආගතඵලා නම. පිළිලද සෝවවන්පල ඇත්තීය යන අර්‍ත්‍ථයි. “අභිසමෙතාවිනී” යනු පිළිවිදි සිවුසස් ඇත්තීය. මැය විසින් ශික්ෂාත්රය සංගෘහිතශාසනය ඇත්තී විඤ්ඤනසාසනා නම, “නිසජ්ජං භික්ඛු පටිජානමානො” යනු මෙවැනි උපාසිකාවන්තොමෝ දැක කියයි. එහෙත් මහණ තෙමේ හිඳීම පිළිණ කරන්නේම පාරාජිකයෙන් වේවයි, සඞ්ඝාදිසෙසයෙන් වේවයි, පාචිත්තියෙන් වේවයි යන තුන අතුරින් එක්තරා එකෙකින් කරවිය යුතුය. පිළිණ නොකරන්නේ නොකටයුතුය.
යෙන වා සා සද්ධෙය්යවචසා උපාසිකා වදෙය්ය තෙන සො භික්ඛු කාරෙතබ්බොති නිසජ්ජාදීසු ආකාරෙසු යෙන වා ආකාරෙන සද්ධිං මෙථුනධම්මාදීනි ආරොපෙත්වා සා උපාසිකා වදෙය්ය, පටිජානමානොව තෙන සො භික්ඛු කාරෙතබ්බො. එවරූපායපි උපාසිකාය වචනමත්තෙන න කාරෙතබ්බොති අත්ථො. කස්මා? යස්මා දිට්ඨං නාම තථාපි හොති, අඤ්ඤථාපි හොති.
“යෙන වා සා සද්ධෙය්ය වචසා උපාසිකා වදෙය්ය තෙන සො භික්ඛු කාරෙතබ්බො”යි නිෂද්යාදි ආකාරයන් අතුරෙහි යම් ආකාරයක් සමග මෙවුන්දම් ආදිය ආරොපණය කොට ඒ උපාසිකා තොමෝ කියන්නී නම් එයින් පිළිණ කරන්නාවූම ඒ මහණ තෙමේ කරවිය යුතුය. මෙවැනි උපාසිකාවකගේද වදන් පමණින් නොකරවිය යුතුය යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින, යත් යම්හෙයකින් දක්නා ලද්ද එසේද වේ. අන්ලෙසකින්ද වේ. එහෙයිනි. ඒ කරුණ දක්වනු පිණිස මේ වස්තුව ගෙණහැර දක්වත්.
තදත්ථජොතනත්ථඤ්ච ඉදං වත්ථුං උදාහරන්ති – මල්ලාරාමවිහාරෙ කිර එකො ඛීණාසවත්ථෙරො එකදිවසං උපට්ඨාකකුලං ගන්ත්වා අන්තොගෙහෙ නිසීදි, උපාසිකාපි සයනපල්ලඞ්කං නිස්සාය ඨිතා හොති. අථෙකො පිණ්ඩචාරිකො ද්වාරෙ ඨිතො දිස්වා “ථෙරො උපාසිකාය සද්ධිං එකාසනෙ නිසින්නො”ති සඤ්ඤං පටිලභිත්වා පුනප්පුනං ඔලොකෙසි. ථෙරොපි “අයං මයි අසුද්ධලද්ධිකො ජාතො”ති සල්ලක්ඛෙත්වා කතභත්තකිච්චො විහාරං ගන්ත්වා අත්තනො වසනට්ඨානං පවිසිත්වා අන්තොව නිසීදි. සොපි භික්ඛු “ථෙරං චොදෙස්සාමී”ති ආගන්ත්වා උක්කාසිත්වා ද්වාරං විවරි. ථෙරො තස්ස චිත්තං ඤත්වා ආකාසෙ උප්පතිත්වා කූටාගාරකණ්ණිකං නිස්සාය පල්ලඞ්කෙන නිසීදි. සොපි භික්ඛු අන්තො පවිසිත්වා මඤ්චඤ්ච හෙට්ඨාමඤ්චඤ්ච ඔලොකෙත්වා ථෙරං අපස්සන්තො උද්ධං උල්ලොකෙසි, අථ ආකාසෙ නිසින්නං ථෙරං දිස්වා “භන්තෙ, එවං මහිද්ධිකා නාම තුම්හෙ මාතුගාමෙන සද්ධිං එකාසනෙ නිසින්නභාවං වදාපෙථ එවා”ති ආහ. ථෙරො “අන්තරඝරස්සෙවෙසො ආවුසො දොසො, අහං පන තං සද්ධාපෙතුං අසක්කොන්තො එවමකාසිං, රක්ඛෙය්යාසි ම”න්ති වත්වා ඔතරීති.
මල්ලාරාම විහාරයෙහි එක් රහත්තෙරනමක් එක් දිනෙක උපස්ථායක කුලයකට ගොස් ගෙය තුළ හුන්නේය. උපාසිකා තොමෝද නිදන අසුන ඇසුරු කොට සිටියාය. එකල එක් පිඩුසිඟා යන මහණෙක් දුරලඟ සිටියේ දැක, ස්ථවිර තෙමේ උවැසිය හා එක් අසුනෙහි හුන්නේයයි සංඥා ලැබ සිතා නැවැත නැවැත බැලූයේය. ස්ථවිර තෙමේද, මෙතෙමේ මා කෙරෙහි අශුද්ධිලබ්ධි ඇත්තේ වීය’යි සලකා කළ බත්කිස ඇත්තේ විහාරයට ගොස් තමන් වසන තැනට වැද ඇතුළතම හුන්නේය. ඒ මහණතෙමේද තෙරුන්ට චෝදනා කරන්නෙමියි අවුත් කාරා දොර හැරියේය. ස්ථවිරතෙමේ ඔහුගේ සිත දැන අහසට පැන නැගී කුළුගෙයි කැණිමඩල ඇසුරුකොට අරමිණිය ගොතා හුන්නේය. ඒ මහණතෙමේද ඇතුළට වැද ඇඳද ඇඳයටද බලා තෙරුන් නොදක්නේ උඩබැලීය. එකල අහස හුන්තෙරුන් දැක ‘ස්වාමීනි මෙසේ මහත් සෘද්ධි ඇති ඔබවහන්සේලා මාගම හා එක් අසුනෙහි හුන්බව කියවවුමදැ’යි කීයේය. ස්ථවිර තෙමේ ‘ඇවැත’ ඇතුළුගෙය පිළිබඳවම මේ දොසය වේ. මම, වනාහි එය අදහවන්නට නොහැකිවන්නේ මෙසේ කෙළෙමි, මා රකුවයි කියා බැසසිටියේය.
ඉතො පරං සා චෙ එවං වදෙය්යාතිආදි සබ්බං පටිඤ්ඤාය කාරණාකාරදස්සනත්ථං වුත්තං, තත්ථ මාතුගාමස්ස මෙථුනං ධම්මං පටිසෙවන්තොති මාතුගාමස්ස මග්ගෙ මෙථුනං ධම්මං පටිසෙවන්තොති අත්ථො. නිසජ්ජාය කාරෙතබ්බොති නිසජ්ජං පටිජානිත්වා මෙථුනධම්මපටිසෙවනං අප්පටිජානන්තො මෙථුනධම්මපාරාජිකාපත්තියා අකාරෙත්වා නිසජ්ජාමත්තෙන යං ආපත්තිං ආපජ්ජති තාය කාරෙතබ්බො, පාචිත්තියාපත්තියා කාරෙතබ්බොති අත්ථො. එතෙන නයෙන සබ්බචතුක්කෙසු විනිච්ඡයො වෙදිතබ්බො.
මෙයින් මතු “සා චෙ එවං වදෙය්ය” යනාදි සියල්ල පිළිණ ගැණීමෙහි ආකාරය දක්වනු පිණිස වදාරන ලදී. එහි “මාතුගාමස්ස මෙථුනං ධම්මං පතිසෙවන්තො” යනු මාගමකගේ මගෙහි මෙවුන්දම් සේවනය කරන්නේය යන අර්‍ත්‍ථයි. “නිසජ්ජාය කාරෙතබ්බො”යි හිඳීම පිළිනකොට මෙවුන්දම් පිළිසෙවුම නොපිළිදන්නේ මෛථුන ධර්මපාරාජිකාපත්තියෙන් නොකරවා හිඳීම පමණින් යම් ඇවැතකට පැමිණේද ඒ ඇවැතින් කරවිය යුත්තේය. පාචිත්තියාපත්තියෙන් කරවිය යුත්තේය යන අර්‍ත්‍ථයි. මේ නයින් සියලු චතුෂ්කයන්හි විනිශ්චය දතයුත්තේය.
සික්ඛාපදපරියොසානෙ පන ආපත්තානාපත්තිපරිච්ඡෙදදස්සනත්ථං වුත්තෙසු ගමනං පටිජානාතීතිආදීසු ගමනං පටිජානාතීති “රහොනිසජ්ජස්සාදත්ථං ගතොම්හී”ති එවං ගමනං පටිජානාති, නිසජ්ජන්ති නිසජ්ජස්සාදෙනෙව නිසජ්ජං පටිජානාති. ආපත්තින්ති තීසු අඤ්ඤතරං ආපත්තිං. ආපත්තියා කාරෙතබ්බොති තීසු යං පටිජානාති, තාය කාරෙතබ්බො. සෙසමෙත්ථ චතුක්කෙ උත්තානාධිප්පායමෙව. දුතියචතුක්කෙ පන ගමනං න පටිජානාතීති රහො නිසජ්ජස්සාදවසෙන න පටිජානාති , “සලාකභත්තාදිනා අත්තනො කම්මෙන ගතොම්හි, සා පන මය්හං නිසින්නට්ඨානං ආගතා”ති වදති. සෙසමෙත්ථාපි උත්තානාධිප්පායමෙව.
ශික්ෂාපදයන්ගේ අවසානයෙහි ආපත්ති අනාපත්තීන්ගේ පිරිසිදීම දක්වනු පිණිස කියන ලද “ගමනං පටිජානාති” යනාදිතන්හි “ගමනං පටිජානාති” රහස්හි හිඳීමෙහි ආස්වාදය පිණිස ගියේ වෙමි’යි මෙසේ ගමන පිළින කරයි. “නිසජ්ජං” හිඳීමෙහි ආස්වාදයෙන්ම හිඳීම පිළින කරයි. “ආපත්තිං” තුන් ඇවැතුන් අතුරෙහි එක්තරා ඇවැතකි. “ආපත්තියා කාරෙතබ්බො” තුන් ඇවැතුන් අතුරෙහි යමක් පිළින කෙරේද, එයින් කරවිය යුතුය. මෙහි සෙස්ස චතුෂ්කයෙහි ප්‍රකට වූ අභිප්රායම වේ. දෙවන චතුෂ්කයෙහි වනාහි “ගමනං න පටිජානාති” රහස්හි හිඳීමෙහි ආස්වාද වශයෙන් නොපිළිදනියි. ලහබත් ආදීවූ තමන්ගේ කටයුත්තක් නිසා ගියේ වෙමි’යි කියයි. ඕ තොමෝ මා හුන්තැනට ආවායයි කියයි. මෙහිද සෙස්ස කියන ලද්දවුන්ගේ අභිප්රායම වේ.
අයං පන සබ්බත්ථ විනිච්ඡයො – රහො නිසජ්ජස්සාදොති මෙථුනධම්මසන්නිස්සිතකිලෙසො වුච්චති. යො භික්ඛු තෙනස්සාදෙන මාතුගාමස්ස සන්තිකං ගන්තුකාමො අක්ඛිං අඤ්ජෙති, දුක්කටං. නිවාසනං නිවාසෙති, කායබන්ධනං බන්ධති, චීවරං පාරුපති, සබ්බත්ථ පයොගෙ පයොගෙ දුක්කටං. ගච්ඡති, පදවාරෙ පදවාරෙ දුක්කටං. ගන්ත්වා නිසීදති, දුක්කටමෙව. මාතුගාමෙ ආගන්ත්වා නිසින්නමත්තෙ පාචිත්තියං. සචෙ සා ඉත්ථී කෙනචි කරණීයෙන උට්ඨායුට්ඨාය පුනප්පුනං නිසීදති, නිසජ්ජාය නිසජ්ජාය පාචිත්තියං. යං සන්ධාය ගතො, සා න දිට්ඨා, අඤ්ඤා ආගන්ත්වා නිසීදති, අස්සාදෙ උප්පන්නෙ පාචිත්තියං. මහාපච්චරියං පන “ගමනකාලතො පට්ඨාය අසුද්ධචිත්තත්තා ආපත්තියෙවා”ති වුත්තං. සචෙ සම්බහුලා ආගච්ඡන්ති, මාතුගාමගණනාය පාචිත්තියානි. සචෙ උට්ඨායුට්ඨාය පුනප්පුනං නිසීදන්ති, නිසජ්ජාගණනාය පාචිත්තියානි. අනියමෙත්වා දිට්ඨදිට්ඨාය සද්ධිං රහස්සාදං කප්පෙස්සාමීති ගන්ත්වා නිසින්නස්සාපි ආගතාගතානං වසෙන පුනප්පුනං නිසජ්ජාවසෙන ච වුත්තනයෙනෙව ආපත්තියො වෙදිතබ්බා. සචෙ සුද්ධචිත්තෙන ගන්ත්වා නිසින්නස්ස සන්තිකං ආගන්ත්වා නිසින්නාය ඉත්ථියා රහස්සාදො උප්පජ්ජති අනාපත්ති.
මේ වනාහි හැම තන්හි විනිශ්චයයි:- රහොනිෂද්යාස්වාදයි. මෛථුන ධර්ම නිශ්ශ්රිතක්ලෙශය කියනු ලැබේ. යම් මහණෙක් ඒ ආස්වාදයෙන් මාගමක වෙත යනු කැමැතිව ඇස අඳුන් ගාද, දුක්කටයට පැමිණේ. අඳනය ඇඳීද, පටිය බඳීද, සිවුර පොරොවාද හැම තැන ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටයට පැමිණේ. මාගම අවුත් හුන් ඇසිල්ලෙහි පාචිත්තියට පැමිණේ. ඒ ස්ත්‍රිය කිසි කටයුත්තක් නිසා නැගිට නැගිට නැවත නැවත හිඳීද, නිෂද්‍ය ගණනින් පාචිත්තියට පැමිණේ. යම් මාගමක සඳහා ගියේ, ඕතොමෝ නොදක්නා ලදද, අන් ස්ත්‍රියක් අවුත් හිඳීද, ආස්වාදය ඉපදීම නිමිතිකොට පාචිත්තිය වේ. මහාපච්චරියෙහි වනාහි යන කල පටන් අපරිසිදු සිත් ඇති බැවින් ඇවැත්මැයි කියනලදි. බොහෝ ස්ත්‍රීහු එත්ද, මාගමුන්ගේ ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. ඉදින් නැගිට නැගිට නැවැත නැවැත හිඳිත්ද නිෂද්‍ය ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්, නියම නොකොට දුටුදුටුවක හා රහස්හි ආස්වාදය කරන්නෙමියි ගොස් හුන්නහුටද ආ ආ ස්ත්රීන්ගේ වසයෙන් නැවැත නැවැත නිෂද්යවශයෙන්ද කියූ නයින් ආපත්තීහු දතයුත්තාහ. ඉදින් පිරිසිදු සිතින් ගොස් හුන් මහණහු වෙතට අවුත් ස්ත්‍රිය කෙරෙහි රහස් ආස්වාදය උපදීද, චිත්තොත්පාදමාත්රයකින් ඇවැත් නොවේ.
සමුට්ඨානාදීනි පඨමපාරාජිකසදිසානෙවාති.
සමුත්‍ථානාදීහු ප්‍රථම පාරාජික ශික්ෂාපදය සමාන වෙත්මය.
පඨමඅනියතසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම අනියතවර්ණනාව නිමි.
දුතියඅනියතසික්ඛාපදවණ්ණනා
දෙවැනි අනියතශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙන බුද්ධො භගවාති දුතියඅනියතසික්ඛාපදං. තත්ථ භගවතා පටික්ඛිත්තන්තිආදිම්හි “යං එකො එකාය රහො පටිච්ඡන්නෙ ආසනෙ අලංකම්මනියෙ නිසජ්ජං කප්පෙය්ය, තං නිසජ්ජං කප්පෙතුං පටික්ඛිත්ත”න්ති එවං සම්බන්ධො වෙදිතබ්බො. ඉතරථා හි “එකස්ස එකායා”ති වත්තබ්බං සියා, කස්මා? “පටික්ඛිත්ත”න්ති වුත්තත්තා. සාමිඅත්ථෙ වා එතං පච්චත්තවචනං වෙදිතබ්බං.
“තෙන සමයෙන බුද්ධො භගවා” ද්විතීයානියත ශික්‍ෂාපදයයි. එහි “භගවතා පටික්ඛිත්තං” යනාදියෙහි එකලා මහණෙක් තෙමේ එකලා මාගමක හා රහස්හි කර්මයට යොග්‍යවූ පිළිසන් අසුනෙක යම් හිඳීමක් කරන්නේ නම් ඒ හිඳීම කිරීම ප්රතික්ෂෙප කරන ලදැ’යි මෙසේ සම්බන්ධය දතයුතුය. අන්යුරකින් වනාහි එකලා මහණක්හුගේ එකලා එකියක සමග කියයුතු වන්නේය. කුමක් හෙයිනයත්: ප්රතික්ෂෙප කරන ලදැයි වදාළ බැවිනි. සම්බන්ධාර්ත්ථයෙහි ‘එකො’ යන මේ ප්රථමාවචනය දතයුතුය.
න හෙව ඛො පන පටිච්ඡන්නන්ති එත්ථ පන යම්පි බහි පරික්ඛිත්තං අන්තො විවටං පරිවෙණඞ්ගණාදි, තම්පි අන්තොගධන්ති වෙදිතබ්බං. එවරූපඤ්හි ඨානං අප්පටිච්ඡන්නෙයෙව ගහිතන්ති මහාපච්චරියං වුත්තං. සෙසං පඨමසික්ඛාපදනයෙනෙව වෙදිතබ්බං. කෙවලඤ්හි ඉධ ඉත්ථීපි පුරිසොපි යො කොචි විඤ්ඤූ අනන්ධො අබධිරො අන්තොද්වාදසහත්ථෙ ඔකාසෙ ඨිතො වා නිසින්නො වා වික්ඛිත්තොපි නිද්දායන්තොපි අනාපත්තිං කරොති. බධිරො පන චක්ඛුමාපි අන්ධො වා අබධිරොපි න කරොති. පාරාජිකාපත්තිඤ්ච පරිහාපෙත්වා දුට්ඨුල්ලවාචාපත්ති වුත්තාති අයං විසෙසො. සෙසං පුරිමසදිසමෙව. උභයත්ථාපි උම්මත්තකආදිකම්මිකානං අනාපත්ති.
“නහෙව ඛො පන පටිච්ඡන්නං” යන මෙහි වනාහි පිටත පවුරු ආදියෙන් වටකළ ඇතුළත අරිනලද යම් පිරිවෙන් මළු ආදියක් වේද, එද ඇතුළතයි දතයුතුය. මෙබඳු තැන් නොපිළිසන් තැනෙහිම ගන්නා ලදැයි මහාපච්චරියෙහි කියනලදි. සෙස්ස ප්‍රථම ශික්ෂාපදනයින්ම දතයුත්තේය. හුදෙක් මෙහි නුවණැති අන්ධ නොවූ බිහිරි වූ යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දොළොස්රියන් තුළ අවකාශයෙහි සිටියේ හෝ හුන්නේ හෝ විසුරුනු සිතැත්තේද, නොවිසුරුනු සිතැත්තේද, නිදන්නේද, අනාපත්ති කරයි. බිහිරිවූයේ වනාහි ඇස් ඇත්තේද අන්ධ වූයේ බිහිරි නොවූයේද, අනාපත්ති නොකරයි. පාරාජිකාපත්තියද පිරිහෙලා දුට්ඨුල්ලාපත්තිය කියන ලදැයි මේ වෙනස වේ. සෙස්ස ප්‍රථමය සමානම වේ. මේ අනියත දෙක්හිම උම්මත්ත, ආදිකර්මිකයන්ට ඇවැත් නොවේ.
සමුට්ඨානාදීසු ඉදංසික්ඛාපදං තිසමුට්ඨානං – කායචිත්තතො, වාචාචිත්තතො, කායවාචාචිත්තතො ච සමුට්ඨාති. කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, සුඛමජ්ඣත්තවෙදනාහි ද්විවෙදනං. සෙසං උත්තානත්ථමෙවාති.
සමුත්‍ථානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ත්රිසමුත්ථාන වේ. කායචිත්තයෙන් හෝ වාචාචිත්තයෙන් හෝ කායවාචා චිත්තයෙන් හෝ උපදී. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්ථානයි. ව්යතික්රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂයි. සචිත්තකයි. ලොකවද්යයි. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. සුඛමද්ධ්යස්ථ වෙදනා වශයෙන් ද්විවෙදනයි. සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
දුතියඅනියතසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය අනියතවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි අනියතවර්ණනාව නිමි.