යෙදුමෙන් කියවන්න

නිගමනවණ‍්ණනා අට‍්ඨකථා

නිගමනවණ‍්ණනා

නිගමන වර්ණනාව

උද‍්දිට‍්ඨා ඛො…පෙ… එවමෙතං ධාරයාමීති එත්‍ථ පඨමං ආපත‍්ති එතෙසන‍්ති පඨමාපත‍්තිකා, පඨමං වීතික‍්කමක‍්ඛණෙයෙව ආපජ‍්ජිතබ‍්බාති අත්‍ථො. ඉතරෙ පන යථා තතියෙ චතුත්‍ථෙ ච දිවසෙ හොතීති ජරො “තතියකො චතුත්‍ථකො”ති ච වුච‍්චති; එවං යාවතතියෙ සමනුභාසනකම‍්මෙ හොන‍්තීති යාවතතියකාති වෙදිතබ‍්බා.

“උද්දිට්ඨා ඛො -පෙ- එවමෙතං ධාරයාමි” මෙහි පළමුකොට පැමිණයයුතු ඇවැත මොවුන්ටනුයි පඨමාපත්තිකා නම. පළමුකොට ව්‍යාතික්‍රමය කළ කෙණහිම පැමිණිය යුත්තීය යන අර්‍ත්‍ථයි. අන්‍යාපත්තීහු, යම්සේ තෙවන සිවුවන දවසෙහි වේයයි ජනතෙමේ තෘතීයකය, චතුර්‍ත්‍ථකයි කියනු ලැබේද, එසේ යාවතෘතීය සමනුභාෂණ කර්‍මයෙහිදී වෙත්යි යාවත්තියකහයි දතයුතුය.

යාවතීහං ජානං පටිච‍්ඡාදෙතීති යත‍්තකානි අහානි ජානන‍්තො පටිච‍්ඡාදෙති, “අහං ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො”ති සබ්‍රහ‍්මචාරීනං නාරොචෙති. තාවතීහන‍්ති තත‍්තකානි අහානි. අකාමා පරිවත්‍ථබ‍්බන‍්ති න කාමෙන, න වසෙන, අථ ඛො අකාමෙන අවසෙන පරිවාසං සමාදාය වත්‍ථබ‍්බං. උත‍්තරි ඡාරත‍්තන‍්ති පරිවාසතො උත‍්තරි ඡ රත‍්තියො. භික‍්ඛුමානත‍්තායාති භික‍්ඛූනං මානනභාවාය, ආරාධනත්‍ථායාති වුත‍්තං හොති. වීසතිසඞ‍්ඝො ගණො අස‍්සාති වීසතිගණො . තත්‍රාති යත්‍ර සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන වීසතිගණො භික‍්ඛුසඞ‍්ඝො අත්‍ථි තත්‍ර. අබ‍්භෙතබ‍්බොති අභිඑතබ‍්බො සම‍්පටිච‍්ඡිතබ‍්බො, අබ‍්භානකම‍්මවසෙන ඔසාරෙතබ‍්බොති වුත‍්තං හොති , අව‍්හාතබ‍්බොති වා අත්‍ථො. අනබ‍්භිතොති න අබ‍්භිතො, අසම‍්පටිච‍්ඡිතො, අකතබ‍්භානකම‍්මොති වුත‍්තං හොති, අනව‍්හාතොති වා අත්‍ථො. සාමීචීති අනුධම‍්මතා, ලොකුත‍්තරධම‍්මං අනුගතා ඔවාදානුසාසනී, සාමීචි ධම‍්මතාති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙවාති.

“යාවතිහං ජානං පටිච්ඡාදෙති” යම් පමණ දිනයන් දන්නේයි වසයිද, මම මෙනම් ඇවැතට පැමිණියෙමියි සබ්‍රහ්මචාරීන්ට නොකියාද. “තාවතිහං” එපමණ දවස්, “අකාමා පරිවත්‍ථබ්බං” කැමැත්තෙන් නොවේ. පිරිවෙසින් නොවේ. තවද නොකැමැත්තහු විසින්, පිරිවෙස් නැතියහු විසින් පිරිවෙස් ගෙන විසිය යුතුය. “උත්තරිං ඡාරත්තං” පිරිවෙසින් මතුවෙහි සරැයක් “භික්‍ඛු මානත්තාය” භික්‍ෂූන්ට බුහුමන් පිණිස, සතුටු කිරීම පිණිසැයි කියන ලද්දේ වේ. විංශතිසඞ්ඛ්‍යාගණය මොහුටැයි විසතිගණ නම ‘තත්‍ර’ යම් සීමාවෙක්හි සියලු අන්තිම පිරිසිඳීමෙන් විංශද්වර්ගික භික්‍ෂුසඞ්ඝතෙමේ ඇත්තේද ඒ සීමාවෙහි ‘අබ්හොතබ්බො’ කැඳවිය යුතුය. පිළිගත යුතුය. අබ්හානකර්‍ම වශයෙන් ඇතුළත් කටයුතුයයි කියන ලද්දේ වේ. කැදවිය යුත්තේයි හෝ අර්‍ත්‍ථය වේ. “අනබ්හිතො” නොකැඳවන ලදය. නොපිළිගන්නා ලදය. නොකළ අබ්හානකර්‍ම ඇත්තේයයි කියන ලද්දේ වේ. නොකැදවන ලද්දේයි හෝ අර්‍ත්‍ථය වේ. “සාමීචි” අනුධර්‍මතා තොමෝය. ලොකොත්තර ධර්‍මය අනුව ගිය අවවාදානුශාසනා තොමෝ සාමීචිධර්‍මතායි කියනු ලද්දේය. මෙහි සෙස්ස කියූ නය ඇත්තේමය.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය තෙරසකවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘත නම් වූ සිංහල සමන්තපාසාදිකාවෙහි තෙරසසඞ්ඝාදිසෙස වර්‍ණනාව නිමි.