කුලදූසකසික්ඛාපදං
3. 13.
3. 13.
කුලදූසකසික්ඛාපදං
කුලදූසකශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා හොන්ති අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි. සිඤ්චන්තිපි සිඤ්චාපෙන්තිපි. ඔචිනන්තිපි ඔචිනාපෙන්තිපි. ගන්ථෙන්තිපි ගන්ථාපෙන්තිපි. එකතොවණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි. උභතොවණ්ටිකමාලං කරොන්තිපි කාරාපෙන්තිපි. මඤ්ජරිකං කරොන්තිපි කාරාපෙන්තිපි. විධූතිකං කරොන්තිපි කාරාපෙන්තිපි. වටංසකං කරොන්තිපි කාරාපෙන්තිපි. ආවෙලං කරොන්තිපි කාරාපෙන්තිපි. උරච්ඡදං කරොන්තිපි කාරාපෙන්තිපි. තෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතොවණ්ටිකමාලං හරන්තිපි හරාපෙන්තිපි. උභතොවණ්ටිකමාලං හරන්තිපි හරාපෙන්තිපි. මඤ්ජරිකං හරන්තිපි හරාපෙන්තිපි, විධූතිකං හරන්තිපි හරාපෙන්තිපි, වටංසකං හරන්තිපි හරාපෙන්තිපි. ආවෙලං හරන්තිපි හරාපෙන්තිපි. උරච්ඡදං හරන්තිපි හරාපෙන්තිපි. තෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි අස්සජී ය පුනබ්බසුක ය යන නම් ඇති අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරි දනව්වෙහි ආවාසික වෙති. ඔහු මෙබඳු අනාචාර කෙරෙති: මල්ගස් (තුමූද) රෝපණය කෙරෙති, (මෙරමා ලවා ද) රෝපණය කරවති. දිය ඉසිති, දිය ඉස්වති. නෙලති, නෙලවති. ගොතති, ගොතවති. එක්පසැ නටු ඇති මාලා කෙරෙති. කරවති. දෙපසැ නටු ඇති මාලා කෙරෙති, කරවති. මල්කලප් කෙරෙති, කරවති. හිදින් විද කළ මල්දම් කෙරෙති, කරවති. මල්සුඹුළු කෙරෙති, කරවති. මල් කැරලි කෙරෙති, කරවති. උරසැද කෙරෙති, කරවති. ඔහු කුලස්ත්රීන්ට, කුලදූන්ට, කුලකුමරියන්ට, කුලසුණිසාවන්ට, කුලදාසීන්ට එක්පස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. දෙපස නටු ඇති මාලා ගෙණ යෙති, යවති. මල් සුඹුළු ගෙණ යෙති, යවති. මල්කැරලි ගෙණ යෙති, යවති. උරසැද ගෙණ යෙති, යවති. ඔහු කුලස්ත්‍රීන් කුලදූන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි ද බුදිති -
එකථාලකෙපි පිවන්ති, එකාසනෙපි නිසීදන්ති, එකමඤ්චෙපි තුවට්ටෙන්ති, එකත්ථරණාපි තුවට්ටෙන්ති, එකපාපුරණාපි තුවට්ටෙන්ති, එකත්ථරණපපුරණාපි තුවට්ටෙන්ති, විකාලෙපි භුඤ්ජන්ති, මජ්ජම්පි පිවන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරෙන්ති, නච්චන්තිපි ගායන්තිපි වාදෙන්තිපි ලාසෙන්තිපි, නච්චන්තියාපි නච්චන්ති, නච්චන්තියාපි වාදෙන්ති, නච්චන්තියාපි ලාසෙන්ති, ගායන්තියාපි නච්චන්ති, ගායන්තියාපි ගායන්ති, ගායන්තියාපි වාදෙන්ති, ගායන්තියාපි ලාසෙන්ති, වාදෙන්තියාපි නච්චන්ති, වාදෙන්තියාපි ගායන්ති, වාදෙන්තියාපි වාදෙන්ති, වාදෙන්තියාපි ලාසෙන්ති, ලාසෙන්තියාපි නච්චන්ති, ලාසෙන්තියාපි ගායන්ති, ලාසෙන්තියාපි වාදෙන්ති, ලාසෙන්තියාපි ලාසෙන්ති. අට්ඨපදෙපි කීළන්ති, දසපදෙපි කීළන්ති, ආකාසෙපි කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති, සන්තිකායපි කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති, සලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙනපි කීළන්ති, පඞ්ගචීරෙනපි කීළන්ති, වඞ්කකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති, අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති. හත්ථිස්මිම්පි සික්ඛන්ති, අස්සස්මිම්පි සික්ඛන්ති, රථස්මිම්පි සික්ඛන්ති, ධනුස්මිම්පි සික්ඛන්ති, ථරුස්මිම්පි සික්ඛන්ති, හත්ථිස්සපි පුරතො ධාවන්ති, අස්සස්සපි පුරතො ධාවන්ති, රථස්සපි පුරතො ධාවන්ති, ධාවන්තිපි, අධාවන්තිපි, උස්සෙළෙන්තිපි අප්පොඨෙන්තිපි, නිබ්බුජ්ඣන්තිපි, මුට්ඨීහිපි යුජ්ඣන්ති, රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං එවං වදෙන්ති: ‘ඉධ භගිනි නච්චස්සූ’ති, නලාටිකම්පි දෙන්ති, විවිධම්පි අනාචාරං ආචරන්ති.
එක් තලියෙහි දු බොති. එක් අසුනෙහි දු හිඳිති. එක් ඇඳෙහි දු හොවිති. එක්තිලි ඇති ව හොවිති. එක් පොරෝණ ඇති ව ද හොවිති. එක්තිලිපොරෝණ ඇති ව ද හොවිති. නො කල්හි දු වළඳති. මත්පැන් ද බොති. මල්ගඳ විලවුනු දු දරති, නටති, ගයති, වයති. ලාස්‍ය නැටුම් නටති. නිළිය නටන කල්හි දු නටති. නටන කල්හි දු ගයති. නටන කල්හි දු වයති. නටන කල්හි දු ලාස්‍ය කෙරෙති. ගයන කල්හි දු නටති. ගයන කල්හි දු ගයති. ගයන කල්හි දු වයති. ගයන කල්හි දු ලාස්‍ය කෙරෙති. වයන කල්හි දු නටති. වයන කල්හි දු ගයති. වයන කල්හි දු වයති. වයන කල්හි දු ලාස්‍ය කෙරෙති. ලාස්‍ය කරණ කල්හි දු නටති. ලාස්‍ය කරණ කල්හි දු ලාස්‍ය කෙරෙති. අටපද දූපෝරුයෙහි දු කෙළිති. දශපද දූපෝරුයෙහි දු කෙළිති. දූපෝරුයෙහි සෙයින් අහස්හි දු කෙළිති. හිරිමඬලෙහි දු කෙළිති. නියෙන් කැට ඈත් මෑත් කොට ද කෙළිති. පසැටිනු දු කෙළිති. සිංකෙළියෙනු දු (කල්ලි) කෙළිති. ලහඅතිනු දු කෙළිති. ලාවටිනු දු කෙළිති. පත්නලිනු දු කෙළිති. කුඩානඟුලිනු දු කෙළිති. කරණම් පැනීමෙනු දු කෙළිති. කන්නන්ගුරුවා ඉදි කොට කෙළිති. පත්නැලියෙනු දු කෙළිති. කුඩා රියෙනු දු කෙළිති. කුඩා දුන්නෙනු ද කෙළිති. අකුරුකෙළියෙනු ද කෙළිති. මනෙසිකායෙනු (සිතූ දෙය කීමෙන්) දු කෙළිති. යථාවද්යායෙනු දු (සිරුර දොස් ඇති සැටි දක්වමින්) කෙළිති. හස්තිශිල්පයෙහි දු හික්මෙති. අශ්වශිල්පයෙහි දු හික්මෙති. රථශිල්පයෙහි දු හික්මෙති. ධනුශිල්පයෙහි දු හික්මෙති. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙති. ඇතු පෙරටුයෙහි ද දුවති. අසු පෙරටුයෙහි ද දුවති. රිය පෙරටුයෙහි ද දුවති. පසුපසට දුවති. පෙරට ද දුවති. ප්‍රීතිනාද ද කෙරෙති. අත්පොළසන් ද දෙති. මල්ලව පොර ද කෙරෙති. මිටු පොර ද කෙරෙති. රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි මෙහි නටව’යි මෙසේ කියති. නළලෙහි අත ද තබති. විවිධ අනාචාර ද කෙරෙත්.
2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරි. අථ ඛො සො භික්ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසි පාසාදිකෙන අභික්කන්තෙන පටික්කන්තෙන ආලොකිතෙන විලොකිතෙන සමිඤ්ජිතෙන පසාරිතෙන ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො. මනුස්සා තං භික්ඛුං පස්සිත්වා එවමාහංසු: “ක්වායං අබලබලො විය මන්දමන්දො විය භාකුටිකභාකුටිකො විය, කො ඉමස්ස උපගතස්ස පිණ්ඩකම්පි දස්සති. අම්හාකං පන අය්යා අස්සජිපුනබ්බසුකා සණ්හා සඛිලා සුඛසම්භාසා මිහිතපුබ්බඞ්ගමා එහිස්වාගතවාදිනො අබ්භාකුටිකා උත්තානමුඛා පුබ්බභාසිනො. තෙසං ඛො නාම පිණ්ඩො දාතබ්බො”ති. අද්දසා ඛො අඤ්ඤතරො උපාසකො තං භික්ඛුං කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං, දිස්වාන යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති “න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි භන්තෙ ඝරං ගමිස්සාමා”ති.
2. තවද එසමයෙහි එක්තරා මහණෙක් කාසිජනපදයෙහි වස් විසූයේ බුදුරදුන් දක්නා පිණිස සැවැත්නුවරට යන්නේ කීටාගිරිය යම් තැනෙක්හි ද එතැනට පැමිණියේ ය. ඉක්බිති ඒ මහණ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ප්‍රසාද එළවන ගමනින් නැවැත්මෙන් ඉදිරි බැල්මෙන් අවට බැල්මෙන් අත්පා හැකුළුමින් දිග හැරීමෙන් (යුතුව) යට හෙළූ ඇස් ඇත්තේ පිරිපුන් ඉරියව් ඇත්තේ කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය. මිනිස්සු ඒ මහණ දැක මෙසේ කීහ: ඉතා දුබලයකු මෙන් ඉතා සණ්හයකු මෙන් ඉතා හැකුළූ මුහුණු ඇත්තකු මෙන් මේ කවරෙක් ද? මොහු ගෙදොරට පැමිණියහුට කවරෙක් පිණ්ඩපාතයකු දු දෙයි ද? අපගේ ස්වාමීහු අස්සජීපුනබ්බසුකයෝ වැළිත් නිපුණයෝ ය. සඛිලයෝ ය, සුව එළවන කථා ඇත්තාහු ය, සිනහ පෙරටු කොට කථා කරන්නාහු ය, ‘එව සුවදැ’යි කියන්නාහු ය, නො හැකුළූ බැම ඇත්තාහු ය, නැඟූ මුව ඇත්තාහු ය, පළමු කථා කරන්නාහු ය. ඔවුනට නම් පිඬු දිය යුත්තේ දැ’යි. එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන ඒ මහණ දුටුයේ ය. දැක ඒ මහණහු කරා එළඹ ඒ මහණහු වැඳ මේ කී ය. ‘වහන්ස, පිඬු ලැබුණේ දැ? යි. ඇවැත්නි, පිඬු නො ලැබිණැ’යි. එව වහන්ස, ගෙට යම්හ’යි.
3. අථ ඛො සො උපාසකො තං භික්ඛුං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සතී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, එවඤ්ච වදෙහි:” දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො, අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති යෙපි තෙ භන්තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ. නිවසන්ති පාපභික්ඛූ. සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිණෙය්ය යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යා”ති.
3. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මහණ ගෙට පමුණුවා වළඳවා මෙපවත් කී ය: වහන්ස, ‘ස්වාමීහු කොහි යෙත් දැ’යි. ‘ඇවැත්නි, මම භාග්‍යවතුන් දක්නා පිණිස සැවැතට යෙමි’යි. එසේ වී නම් වහන්ස, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළු උතුමගින් වඳිනු මැනැවැ. මෙසේත් කියුව මැනැවැ: ‘වහන්ස, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. අස්සජි ය පුනබ්බසුක ය යන අලජ්ජී වූ පාපභික්‍ෂූහු කීටාගිරියෙහි ආවාසිකයෝ ය. ඔහු මෙබඳු අනාචාරයෙහි හැසිරෙත්: (තුමූ ද) මල්ගස් රෝපණය කෙරෙති. (මෙරමා ලවා ද) රෝපණය කරවති. ... විවිධ වූත් නො කටයුතු කෙරෙත්. වහන්ස, පෙර යම් මිනිස් කෙනෙකුත් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු ද ඔහුත් මෙකල ශ්‍රද්ධා නැත්තාහු අප්‍රසන්නයෝ ය. පෙර සඞ්ඝයාට යම් දන්වැට කෙනෙකුත් වූහු නම් ඔහුත් මෙකල සිඳුනාහු ය. පේශල භික්ෂූහු වෙන් ව යෙති. පාපභික්‍ෂූහු නිවසත්. වහන්ස, භාග්‍යවත්හු යම්සේ මේ කීටාගිරියෙහි ආවාසය මැනැවින් පිහිටා නම් එසෙයින් කීටාගිරියට වහන්දෑ කෙනකුන් යවන්නාහු නම් මැනැවැ’යි.
4. “එවමාවුසො”ති ඛො සො භික්ඛු තස්ස උපාසකස්ස පටිස්සුත්වා යෙන සාවත්ථි තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි ආචිණ්ණං ඛො පනෙතං බුද්ධානං භගවන්තානං ආගන්තුකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදිතුං. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කච්චි භික්ඛු ඛමනීයං, කච්චි යාපනීයං, කච්චිසි අප්පකිලමථෙන අද්ධානං ආගතො, කුතො ච ත්වං භික්ඛු ආගච්ඡසී”ති? “ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං භන්තෙ අද්ධානං ආගතො.
4. ‘එසේ ය ඇවැත්නි’යි ඒ මහණ තෙම ඒ උවසුහට පිළිවදන් දී සැවැතට නික්ම ගියේ ය. අනුක්රමයෙන් සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම යම් තැනෙක්හි ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. ආගන්තුක භික්ෂූන් සමග සතුටු සාමීචිකථා කිරීම යන මෙය භාග්‍යවත් බුදුවරුන් විසින් පුරුදු කරණ ලද්දේ ම ය. ඉක්බිති භාග්‍යවත්හු ඒ මහණහට මෙය වදාළ සේක. “කිමෙක් ද මහණ ඉවසිය හැකි ද? යැපිය හැකි ද? නො වෙහෙසින් මඟ ආයෙහි ද? මහණ තෝ කොහි සිට ආයෙහි දැ”යි. භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැක්ක. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැක්ක. ස්වාමීනි, මම් නො වෙහෙසින් මඟ ආයෙමි.
5. ඉදාහං භන්තෙ කාසීසු වස්සං වුත්ථො සාවත්ථිං ආගච්ඡන්තො භගවන්තං දස්සනාය යෙන කීටාගිරි තදවසරිං, අථ ඛ්වාහං භන්තෙ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කීටාගිරිං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ අඤ්ඤතරො උපාසකො කීටාගිරිස්මිං පිණ්ඩාය චරන්තං, දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එතදවොච: “අපි භන්තෙ පිණ්ඩො ලබ්භතී”ති. “න ඛො ආවුසො පිණ්ඩො ලබ්භතී”ති. “එහි භන්තෙ ඝරං ගමිස්සාමා”ති. අථ ඛො භන්තෙ සො උපාසකො මං ඝරං නෙත්වා භොජෙත්වා එතදවොච: “කහං භන්තෙ අය්යො ගමිස්සසී”ති. “සාවත්ථිං ඛො අහං ආවුසො ගමිස්සාමි භගවන්තං දස්සනායා”ති. “තෙන හි භන්තෙ මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, එවඤ්ච වදෙහි: ‘දුට්ඨො භන්තෙ කීටාගිරිස්මිං ආවාසො අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ. තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති. යෙපි තෙ භන්තෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි, රිඤ්චන්ති පෙසලා භික්ඛූ නිවසන්ති පාපභික්ඛූ’ති. සාධු භන්තෙ භගවා කීටාගිරිං භික්ඛූ පහිණෙය්ය යථායං කීටාගිරිස්මිං ආවාසො සණ්ඨහෙය්යා”ති. “තතො අහං භගවා ආගච්ඡාමී”ති.
5. ස්වාමීනි, මම් මෙහි කසීජනපදයෙහි වැස නිමවූ වස් ඇත්තෙම් භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැත්නුවරට එන්නෙම් කීටාගිරිය යම් තැනෙක්හි ද එහි පිවිසියෙමි. ස්වාමීනි, එකල්හි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ කීටාගිරියට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීනි, එක්තරා උපාසකයෙක් කීටාගිරියෙහි පිඬු පිණිස හැසිරෙන මා දුටුයේ ය. දැක මා වෙත එළඹ වැඳ මෙපවත් කී ය: ‘වහන්ස, පිණ්ඩපාතය ලැබුණේ දැ’යි. ‘ඇවැත්නි, පිඬු නො ලැබිනැ’යි. ‘එව වහන්ස, ගෙය යම්හ’යි. ස්වාමීනි, ඉක්බිති ඒ උපාසක තෙම මා ගෙට පමුණුවා වළඳවා මෙය කී ය: ‘වහන්ස, ස්වාමීහු කොහි යන්නහු දැ’යි. ‘ඇවැත්නි, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා සැවැත්නුවරට යන්නෙමි’යි. වහන්ස, එසේ වී නම් මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළුවන් උතුමගින් වඳිනු මැනව, මෙසේත් කියනු මැනව. ‘ස්වාමීනි, කීටාගිරියෙහි ආවාසය දූෂිත ය. කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජිහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ වූ අනාචාරයෙහි ද හැසිරෙත්. ස්වාමීනි, යම් මනුෂ්‍ය කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ප්‍රසන්නයෝ වූහු නම් ඔහු දු මෙකල්හි ශ්‍රද්ධා රහිතයෝ ය. අප්‍රසන්නයෝ ය. පෙර සඟනට යම් දන්වැට කෙනෙක් වූවාහු නම් ඔහු දු මෙකල්හි සිඳුනාහු ය. සුපේශල භික්ෂූහු නික්ම යෙති. පාපභික්‍ෂූහු වාසය කෙරෙති ය’යි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ කීටාගිරියෙහි මේ ආවාසය පවත්නේ ද එපරිද්දෙන් කීටාගිරියට භික්ෂූන් එවනසේක් නම් මැනැවැ”යි. ‘භාග්‍යවතුන් වහන්ස, මම් එහි සිට එමි’යි.
6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි: “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා නාම කීටාගිරිස්මිං ආවාසිකා අලජ්ජිනො පාපභික්ඛූ, තෙ එවරූපං අනාචාරං ආචරන්ති: මාලාවච්ඡං රොපෙන්තිපි රොපාපෙන්තිපි -පෙ- විවිධම්පි අනාචාරං ආචරන්ති, යෙපි තෙ භික්ඛවෙ මනුස්සා පුබ්බෙ සද්ධා අහෙසුං පසන්නා, තෙපි එතරහි අස්සද්ධා අප්පසන්නා. යානිපි තානි සඞ්ඝස්ස පුබ්බෙ දානපථානි, තානිපි එතරහි උපච්ඡින්නානි. රිඤ්චන්ති පෙසලා භික්ඛූ. නිවසන්ති පාපභික්ඛූ”ති? “සච්චං භගවා”. විගරහි බුද්ධො භගවා:
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා භික්ෂූසඞ්ඝයා රැස් කරවා භික්ෂූන් විචාළ සේක. සැබෑවෙක් ද මහණෙනි, කීටාගිරියෙහි අස්සජි - පුනබ්බසුක නම් වූ ආවාසිකයෝ අලජ්ජීහු ය, පාපභික්‍ෂූහු ය. ඔහු මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙති. මල්ගස් රෝපණය ද කෙරෙති, රෝපණය ද කරවති ... විවිධ අනාචාරයෙහි දු හැසිරෙති. පෙර සැදැහැති පහන් වූ යම් මිනිස් කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සැදැහැ නැත්තාහු ය, නො පහන් වූවාහු ය. සඟනට පෙර යම් දන්වැට කෙනෙක් වූහු නම් ඔහු දු දැන් සිඳුනාහු ය. පේශල භික්ෂූහු නික්ම යෙති පාපභික්‍ෂූහු වාසය කෙරෙත් ය’යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්ස’. භාග්‍යවත් බුදුහු ගැරහූ සේක:
7. “කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා එවරූපං අනාචාරං ආචරිස්සන්ති: මාලාවච්ඡං රොපෙස්සන්තිපි රොපාපෙස්සන්තිපි, සිඤ්චිස්සන්තිපි සිඤ්චාපෙස්සන්තිපි, ඔචිනිස්සන්තිපි ඔචිනාපෙස්සන්තිපි, ගන්ථිස්සන්තිපි ගන්ථාපෙස්සන්තිපි, එකතො වණ්ටිකමාලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, උභතොවණ්ටිකමාලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, මඤ්ජරිකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, විධූතිකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, වටංසකං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, ආවෙලං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, උරච්ඡදං කරිස්සන්තිපි කාරාපෙස්සන්තිපි, තෙ කුලිත්ථීනං කුලධීතානං කුලකුමාරීනං කුලසුණ්හානං කුලදාසීනං එකතො වණ්ටිකමාලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, උභතො වණ්ටිකමාලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, මඤ්ජරිකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, විධූතිකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, වටංසකං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, ආවෙලං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි, උරච්ඡදං හරිස්සන්තිපි හාරාපෙස්සන්තිපි. තෙ කුලිත්ථීහි කුලධීතාහි කුලකුමාරීහි කුලසුණ්හාහි කුලදාසීහි සද්ධිං එකභාජනෙපි භුඤ්ජිස්සන්ති, එකථාලකෙපි පිවිස්සන්ති, එකාසනෙපි නිසීදිස්සන්ති, එකමඤ්චෙපි තුවට්ටිස්සන්ති, එකත්ථාරණාපි තුවට්ටිස්සන්ති, එකපාපුරණාපි තුවට්ටිස්සන්ති, එකත්ථරණපාවුරණාපි තුවට්ටිස්සන්ති, විකාලෙපි භුඤ්ජිස්සන්ති, මජ්ජම්පි පිවිස්සන්ති, මාලාගන්ධවිලෙපනම්පි ධාරිස්සන්ති, නච්චිස්සන්තිපි, ගායිස්සන්තිපි, වාදිස්සන්තිපි ලාසෙස්සන්තිපි, නච්චන්තියාපි නච්චිස්සන්ති, නච්චන්තියාපි ගායිස්සන්ති, නච්චන්තියාපි වාදිස්සන්ති, නච්චන්තියාපි ලාසෙස්සන්ති, ගායන්තියාපි නච්චිස්සන්ති, ගායන්තියාපි ගායිස්සන්ති, ගායන්තියාපි වාදිස්සන්ති, ගායන්තියාපි ලාසෙස්සන්ති, වාදෙන්තියාපි නච්චිස්සන්ති, වාදෙන්තියාපි ගායිස්සන්ති, වාදෙන්තියාපි වාදිස්සන්ති, වාදෙන්තියාපි ලාසෙස්සන්ති, ලාසෙන්තියාපි නච්චිස්සන්ති, ලාසෙන්තියාපි ගායිස්සන්ති ලාසෙන්තියාපි වාදිස්සන්ති, ලාසෙන්තියාපි ලාසෙස්සන්ති, අට්ඨපදෙපි කීළිස්සන්ති, දසපදෙපි කීළිස්සන්ති, අකාසෙපි කීළිස්සන්ති, පරිහාරපථෙපි කීළිස්සන්ති, සන්තිකායපි කීළිස්සන්ති, ඛලිකායපි කීළිස්සන්ති, ඝටිකායපි කීළිස්සන්ති, සලාකහත්ථෙනපි කීළිස්සන්ති, අක්ඛෙනපි කීළිස්සන්ති, පඞ්ගචීරෙනපි කීළිස්සන්ති, වඞ්කකෙනපි කීළිස්සන්ති, මොක්ඛචිකායපි කීළිස්සන්ති, චිඞ්ගුලකෙනපි කීළිස්සන්ති, පත්තාළ්හකෙනපි කීළිස්සන්ති, රථකෙනපි කීළිස්සන්ති, ධනුකෙනපි කීළිස්සන්ති, අක්ඛරිකායපි කීළිස්සන්ති, මනෙසිකායපි කීළිස්සන්ති, යථාවජ්ජෙනපි කීළිස්සන්ති, හත්ථිස්මිම්පි සික්ඛිස්සන්ති, අස්සස්මිම්පි සික්ඛිස්සන්ති, රථස්මිම්පි සික්ඛිස්සන්ති, ධනුස්මිම්පි සික්ඛිස්සන්ති, ථරුස්මිම්පි සික්ඛිස්සන්ති, හත්ථිස්සපි පුරතො ධාවිස්සන්ති, අස්සස්සපි පුරතො ධාවිස්සන්ති, රථස්සපි පුරතො ධාවිස්සන්ති, ධාවිස්සන්තිපි අධාවිස්සන්තිපි, උස්සෙළිස්සන්තිපි, අප්පොඨෙස්සන්තිපි, නිබ්බුජ්ඣිස්සන්තිපි, මුට්ඨීහිපි යුජ්ඣිස්සන්ති, රඞ්ගමජ්ඣෙපි සඞ්ඝාටිං පත්ථරිත්වා නච්චන්තිං එවං වක්ඛන්ති “ඉධ භගිනි නච්චස්සූ”ති නලාටිකම්පි දස්සන්ති, විවිධම්පි අනාචාරං ආචරිස්සන්ති.
7. මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ කෙසේ නම් මෙබඳු වූ අනාචාරයෙහි හැසිරෙත් ද, මල්ගස් රෝපණය කෙරෙත් ද, රෝපණය කරවත් ද, දිය ඉසිත් ද ඉස්වත් ද, නෙලත් ද නෙලවත් ද, ගොතත් ද ගොතවත් ද, එක්පසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, දෙපසැ නටු ඇති මාලා කෙරෙත් ද කරවත් ද, මල්කලප් කෙරෙත් ද කරවත් ද, හිදින් විද කළ මල්දම් කෙරෙත් ද කරවත් ද, මල්සුඹුළු කෙරෙත් ද කරවත් ද, මල්කැරලි කෙරෙත් ද කරවත් ද, උරසැද කෙරෙත් ද කරවත් ද, ඔහු කුලස්ත්රීන්ට කුලධීතෘන්ට කුලකුමරියන්ට කුලසුණිසාවන්ට කුලදාසීන්ට එක්පසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, දෙපසැ නටු ඇති මාලා ගෙණ යෙත් ද යවත් ද, මල්කලප් ගෙණ යෙත් ද යවත් ද, හිදින් විද කළ මල්දම් ගෙණ යෙත් ද යවත් ද, මල්සුඹුළු ගෙණ යෙත් ද යවත් ද, මල්කරැලි ගෙණ යෙත් ද යවත් ද, උරසැද ගෙණ යෙත් ද යවත් ද, ඔහු කුලස්ත්‍රීන් කුලධීතෘන් කුලකුමාරීන් කුලසුණිසාවන් කුලදාසීන් සමග එක් බඳුනෙහි වළඳත් ද, එක් තලියෙහි බොත් ද, එක් අසුනෙහි හිඳිත් ද, එක් ඇඳෙහි හොවිත් ද, එක් අතුරුණු ඇති ව හොවිත් ද, එක් පොරෝණ ඇති ව හොවිත් ද, එක් අතුරුණු පොරෝණ ඇති ව හොවිත් ද, නො කල්හි වළඳත් ද, මත්පැනු දු බොත් ද, මල්ගඳවිලෙවුනු දු දරත් ද, නටත් ද, ගයත් ද, වයත් ද, ලාස්‍ය නැටුම් කෙරෙත් ද, (නිළිය) නටන කල්හි නටත් ද, නටන කල්හි ගයත් ද, නටන කල්හි වයත් ද, නටන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ගයන කල්හි දු නටත් ද, ගයන කල්හි ගයත් ද, ගයන කල්හි වයත් ද, ගයන කල්හි දු ලාස්‍ය කෙරෙත් ද, වයන කල්හි දු නටත් ද වයන කල්හි දු ගයත් ද වයන කල්හි වයත් ද, වයන කල්හි ලාස්‍ය කෙරෙත් ද, ලාස්‍ය කරණ කල්හි දු නටත් ද, ලාස්‍ය කරණ කල්හි දු ගයත් ද, ලාස්‍ය කරණ කල්හි වයත් ද, ලාස්‍ය කරණ කල්හි ලාස්‍ය කෙරෙත් ද, අටපද පෝරුයෙහි කෙළිත් ද, දසපද පෝරුයෙහි කෙළිත් ද, පෝරුයෙහි සෙයින් අහස් හි කෙළිත් ද, පාරිමඬලෙහි කෙළිත් ද, නියෙන් කැට ඈත් මෑත් කොට කෙළිත් ද, පසැටිනුදු කෙළිත් ද, සිංකෙළි කෙළිත් ද, ලහ අතිනු දු කෙළිත් ද, ලාවටිනු දු කෙළිත් ද, පත්නලිනු දු කෙළිත් ද, කුඩා නඟුලිනු දු කෙළිත් ද, කරණම් පැනීමෙනු දු කෙළිත් ද, කන්නන්ගුරුවා ඉදිකොට කෙළිත් ද, පත්නැලියෙනු දු කෙළිත් ද, කුඩාරියෙනු දු කෙළිත් ද, කුඩාදුන්නෙනු දු කෙළිත් ද, අකුරුකෙළියෙනු දු කෙළිත් ද, මනෙසිකායෙනු දු කෙළිත් ද, යථාවද්යයෙනු දු කෙළිත් ද, හස්තිශිල්පයෙහි දු හික්මෙත් ද, අශ්වශිල්පයෙහි දු හික්මෙත් ද, රථශිල්පයෙහි දු හික්මෙත් ද, ධනුශ්ශිල්පයෙහි දු හික්මෙත් ද, ඛඞ්ගශිල්පයෙහි දු හික්මෙත් ද, ඇතු පෙරටුයෙහි දු දිවෙත් ද, අසුපෙරටුයෙහි දු දිවෙත් ද, රියපෙරටුයෙහි දු දිවෙත් ද, පසුපසට ද දිවෙත් ද, පෙරටද දිවෙත් ද, ප්‍රීතිනාද කෙරෙත් ද, අපොළත් ද, මල්ලවපොර දු කෙරෙත් ද, මිටුපොර දු කෙරෙත් ද, රඟමඬල මැද සඟළ අතුරා නිළියට ‘නැගනියනි, මෙහි නටව’යි මෙසේ කියත් ද, නළලෙහි ඇඟිලි තබත් ද, විවිධ අනාචාරයෙහි හැසිරෙත් ද?”
8. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- “විගරහිත්වා ධම්මිං කථං කත්වා සාරිපුත්තමොග්ගල්ලානෙ ආමන්තෙසි: “ගච්ඡථ තුම්හෙ සාරිපුත්තා කීටාගිරිං, ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොථ, තුම්හාකං එතෙ සද්ධිවිහාරිකා”ති. “කථං මයං භන්තෙ අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොම. චණ්ඩා තෙ භික්ඛූ ඵරුසා”ති. “තෙන හි තුම්හෙ සාරිපුත්තා බහුකෙහි භික්ඛූහි සද්ධිං ගච්ඡථා”ති. “එවං භන්තෙ”ති ඛො සාරිපුත්තමොග්ගල්ලානා භගවතො පච්චස්සොසුං.
8. මහණෙනි, තෙල නො පහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි. ... ගරහා දැහැමි කථා වදාරා සැරියුත් මුගලන් තෙරුන් ඇමතූ සේක. ‘ශාරීපුත්‍රයෙනි, තෙපි කීටාගිරියට යවු. ගොස් අස්සජීපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් (නෙරනු සඳහා) පබ්බාජනීයකර්‍මය කරවු. තුලුහු තොපගේ සද්ධිවිහාරිකයෝ ය’යි. ස්වාමීනි, අපි අස්සජීපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනිය කර්මය කෙසේ කරමෝ ද ඒ භික්ෂූහු චණ්ඩයෝ ය පරුෂයෝ ය යි. ‘එසේ වී නම් ශාරීපුත්‍රයෙනි, තෙපි බොහෝ භික්ෂූන් සමග යව’යි. ‘එසේ ය ස්වාමීනි’යි, සැරියුත්මුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
9. එවඤ්ච පන භික්ඛවෙ කාතබ්බං: පඨමං අස්සජිපුනබ්බසුකා භික්ඛූ චොදෙතබ්බා. චොදෙත්වා සාරෙතබ්බා. සාරෙත්වා ආපත්ති රොපෙතබ්බා, ආපත්තිං රොපෙත්වා බ්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
9. තවද මහණෙනි, මෙසේ කළයුතු ය: පළමු කොට අස්සජිපුනබ්බසුක භික්ෂූහු චෝදනා කටයුත්තාහු ය. චෝදනා කොට සාරණය කටයුත්තාහු ය. සාරණය කොට ඇවැත් රෝපණය කළ යුත්තාහු ය. ඇවැත් රෝපණය කොට ප්‍රතිබල වූ ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළයුත්තේ ය.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා. ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච. කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරෙය්ය, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බ”න්ති. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජීපුනබ්බසුක භික්ෂූහු කුලදූෂකයෝ ය පාපසමාචාර ඇත්තාහු ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත් අසනු ද ලැබෙත්. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ අස්සජීපුනබ්බසුක භික්ෂූන්ට ‘අස්සජීපුනබ්බසුක භික්ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි කීටාගිරියෙන් පබ්බාජනියකර්මය කරන්නේ ය. තෙල ‘ඤත්ති’ ය.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. ඉමෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ කුලදූසකා පාපසමාචාරා, ඉමෙසං පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි ච ඉමෙහි දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සඞ්ඝො අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං කරොති, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති. යස්සායස්මතො ඛමති අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මස්ස කරණං; න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති. සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ අස්සජිපුනබ්බසුක භික්ෂූහු කුලදූෂකයෝ ය. පාපසමාචාරයෝ ය. මොවුන්ගේ ලාමක වූ සමාචාරයෝ දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. මොවුන් විසින් දූෂිත වූ කුලයෝත් දක්නට ද ලැබෙත්. අසනු ද ලැබෙත්. සඞ්ඝ තෙමේ ‘අස්සජිපුනබ්බසුක භික්ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතුය’යි අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්මය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ‘අස්සජිපුනබ්බසුක භික්ෂූන් විසින් කීටාගිරියෙහි නො විසිය යුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්මය කිරීම රිසි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රිසි වේ නම් හේ බණන්නේ ය:
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- කතං සඞ්ඝෙන අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මා පබ්බාජනීයකම්මං, න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බන්ති, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති. –
දෙවනවට ද මෙකරුණ කියමි ... තෙවනවට ද මෙකරුණ කියමි ... සඞ්ඝයා විසින් අස්සජිපුනබ්බසුක භික්ෂූන් විසින් කීටාගිරියෙහි නො විසියයුතු ය’ යි අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්මය කරණ ලද. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. තෙල තූෂ්ණීම්භාවය මෙසේ ධරමි” යි.
10. අථ ඛො සාරිපුත්තමොග්ගල්ලානප්පමුඛො භික්ඛුසඞ්ඝො කීටාගිරිං ගන්ත්වා අස්සජිපුනබ්බසුකානං භික්ඛූනං කීටාගිරිස්මිං පබ්බාජනීයකම්මං අකාසි: “න අස්සජිපුනබ්බසුකෙහි භික්ඛූහි කීටාගිරිස්මිං වත්ථබ්බ”න්ති. තෙ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තන්ති, න ලොමං පාතෙන්ති, න නෙත්ථාරං වත්තන්ති, න භික්ඛූ ඛමාපෙන්ති, අක්කොසන්ති, පරිභාසන්ති ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙන්ති. පක්කමන්තිපි. විබ්භමන්තිපි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තිස්සන්ති න ලොමං පාතෙස්සන්ති, න නෙත්ථාරං වත්තිස්සන්ති, භික්ඛූ න ඛමාපෙස්සන්ති, අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙස්සන්ති, පක්කමිස්සන්තිපි විබ්භමිස්සන්තිපී”ති.
10. ඉක්බිති ශාරීපුත්‍ර මෞද්ගල්‍යායන ප්රමුඛ භික්ෂූසඞ්ඝ තෙමේ කීටාගිරියට ගොස් ‘අස්සජිපුනබ්බසුක භික්ෂූන් කීටාගිරියෙහි නො විසියයුතු ය’යි අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට කීටාගිරියෙන් පබ්බාජනියකර්මය කෙළේ ය. ඔහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්මය කරණ ලද්දාහු මනාකොට නොපවතිති. (භික්ෂූන්ට) යටත් ව නො පවතිති. නිස්තරණවතෙහි නො පවතිති. භික්ෂූන් කමා නොකරවති. ආක්‍රෝශ කෙරෙති. පරිභව බෙණෙති: ඡන්දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවති. පලායෙති ගිහි දු වෙත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් අස්සජිපුනබ්බසුක භික්ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් නො වෙත් ද, නිස්තරණවතෙහි නො පවතිත් ද, භික්ෂූන් ක්ෂමා නො කරවත් ද, ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව බෙණෙත් ද, ඡන්දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි.
11. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “සච්චං කිර භික්ඛවෙ අස්සජිපුනබ්බසුකා භික්ඛූ සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තන්ති -පෙ- විබ්භමන්තිපී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා සඞ්ඝෙන පබ්බාජනියකම්මකතා න සම්මා වත්තිස්සන්ති, න ලොමං පාතෙස්සන්ති, න නෙත්ථාරං වත්තිස්සන්ති භික්ඛූ න ඛමාපෙස්සන්ති. අක්කොසිස්සන්ති, පරිභාසිස්සන්ති, ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙස්සන්ති, පක්කමිස්සන්තිපි විබ්භමිස්සන්ති’පි. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
11. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... සැබවෙක් ද මහණෙනි, අස්සජිපුනබ්බසුක භික්ෂූහු සඞ්ඝයා විසින් පබ්බාජනියකර්මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද ... ගිහි වෙත් දැ”යි. “සැබව, භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්හා කළහ. ... කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡපුරුෂයෝ සඞ්ඝයා විසින් පබ්බාජනියකර්මය කරණ ලද්දාහු මනා කොට නො පවතිත් ද යටත් ව නො පවතිත් ද නිස්තරණ වතෙහි නො පිහිටත් ද භික්ෂූන් ක්ෂමා නො කරවත් ද ආක්‍රෝශ කෙරෙත් ද පරිභව බෙණෙත් ද ඡන්දගාමී බවට දෝසගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවත් ද පලායෙත් ද ගිහි වෙත් දැ’යි. මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසවු:
“භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති කුලදූසකො පාපසමාචාරො. තස්ස ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි ච තෙන දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච. සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: “ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලන්තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තෙ භික්ඛූ එවං වදෙය්ය: “ඡන්දගාමිනො ච භික්ඛූ දොසගාමිනො ච භික්ඛූ මොහගාමිනො ච භික්ඛූ භයගාමිනො ච භික්ඛූ, තාදිසිකාය ආපත්තියා එකච්චං පබ්බාජෙන්ති: එකච්චං න පබ්බාජෙන්තී”ති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො, ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච’ කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය සඞ්ඝාදිසෙසො”ති.
“මහණ තෙම කුලදූෂණය කරන්නේ ලාමක සමාචාර ඇත්තේ එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වෙසේ නම්, ඔහුගේ ලාමක සමාචාරයෝ දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම්, ඔහු දූෂිත කුලයෝ ද දක්නා ලැබෙත් නම් අසනු ලැබෙත් නම් ඒ මහණ තෙම භික්ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මත් තෙම කුලදූෂකයෙහි ලාමක සමාචාර ඇත්තෙහි ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි මෙසේත් ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්ෂූන්ට මෙසේ කියන්නේ නම්: භික්ෂූහු ඡන්දගාමීහු ද වෙති. භික්ෂූහු දෝසගාමීහු ද වෙති. භික්ෂූහු මෝහගාමීහු ද වෙති. භික්ෂූහු භයගාමීහු ද වෙත්. එබඳු ඇවැතින් ඇතැමකු නෙරති, ඇතැමකු නො නෙරති’යි. ඒ මහණ තෙම භික්ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ඇවැත්නි, නහමක් මෙසේ කියව. භික්ෂූහු නො ද ඡන්දගාමීහු ය, භික්ෂූහු නො ද දෝසගාමීහු ය, භික්ෂූහු නො ද මෝහගාමීහු ය, භික්ෂූහු නො ද භයගාමීහු ය, ආයුෂ්මත් තෙම වැළිත් කුලදූෂක ය, ලාමක සමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක සමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිතකුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ අවසින් නික්ම යේවා තාගේ මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ භික්ෂූන් විසින් ඒ වස්තුහුගේ දුරැලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය. ඉදින් තෙවනවට දක්වා සමනුභාසනය කරනු ලබන්නේ ඒ වස්තුව හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවැ. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ ය” යි.
12. භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වාති ගාමොපි නිගමොපි නගරම්පි ගාමො චෙව නිගමො ච.
12. භික්ඛු පනෙව අඤ්ඤතරං ගාමං වා නිගමං වා යනු: ගමුදු නිගමුදු නුවරුදු ගාම ද නිගම ද වෙයි.
උපනිස්සාය විහරතීති තත්ථ පටිබද්ධා හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා.
උපනිස්සාය විහරති යනු: චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයෝ ඇත් ද එහි පිළිබඳ වූවාහු වෙත්.
කුලං නාම: චත්තාරි කුලානි: ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
කුල නම්: ක්‍ෂත්‍රියකුල ය, බ්‍රාහ්මණකුල ය, වෛශ්‍යකුල ය ශුද්‍රකුල ය යි කුල සතරෙකි.
කුලදූසකොති කුලානි දූසෙති පුප්ඵෙන වා ඵලෙන වා චුණ්ණෙන වා මත්තිකාය වා දන්තකට්ඨෙන වා වෙළුනා වා වෙජ්ජිකාය වා ජඞ්ඝපෙසනිකෙන වා.
කුලදූසකො යනු: මලින් හෝ පෙලෙන් හෝ සුණුයෙන් හෝ මැටියෙන් හෝ දැහැටිදඬුයෙන් හෝ හුණදඬුයෙන් හෝ වෙදකමින් හෝ හසුන්පත් ගෙණ යෑමෙන් හෝ කුලයන් දූෂණය කෙරෙයි.
පාපසමාචාරොති මාලාවච්ඡං රොපෙතිපි රොපාපෙතිපි, සිඤ්චතිපි සිඤ්චාපෙතිපි, ඔචිනාතිපි ඔචිනාපෙතිපි, ගන්ථෙතිපි ගන්ථාපෙතිපි. -පෙ-
පාපසමාචාරො යනු: මල්ගස් රෝපණය කෙරේ ද, රෝපණය කරවා ද, දිය ඉසී ද ඉස්වා ද, මල් නෙලා ද නෙළවා ද, මල් ගොතා ද ගොතවා ද -පෙ-
දිස්සන්ති චෙව සුය්යන්ති චාති යෙ සංමුඛා තෙ පස්සන්ති, යෙ තිරොක්ඛා තෙ සුණන්ති.
දිස්සන්ති චෙව සුය්යන්ති ච යනු: යම් කෙනෙක් හමූ වූවා හු නම් ඔහු දකිත්. යම් කෙනෙකු මුවහ වූවාහු නම් ඔහු අසත්.
කුලානි ච තෙන දුට්ඨානීති පුබ්බෙ සද්ධා හුත්වා තං ආගම්ම අස්සද්ධා හොන්ති, පසන්නා හුත්වා අප්පසන්නා හොන්ති.
කුලානි ච තෙන දුට්ඨානි යනු: පෙර සැදැහැති ව සිට ඔහු කරා පැමිණ සැදැහැ නැත්තාහු වෙති. පහන් ව සිට නො පහන් වූවාහු වෙත්.
දිස්සන්ති චෙව සුය්යන්ති චාති යෙ සංමුඛා තෙ පස්සන්ති, යෙ තිරොක්ඛා තෙ සුණන්ති.
දිස්සන්ති චෙව සුය්යන්ති ච යනු: යම් කෙනෙක් හමු වූවාහු නම් ඔහු දකිත්. යම් කෙනෙක් මුවහ වූවාහු නම් ඔහු අසත්.
සො භික්ඛූති යො සො කුලදූසකො භික්ඛු.
සො භික්ඛු යනු: යම් කුලදූෂක මහණෙක් වේ ද හෙතෙමේ යි.
භික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති යෙ සුණන්ති. තෙහි වත්තබ්බො: “ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තෙ භික්ඛූ එවං වදෙය්ය: “ඡන්දගාමිනො ච භික්ඛූ දොසගාමිනො ච භික්ඛු මොහගාමිනො ච භික්ඛූ භයගාමිනො ච භික්ඛූ. තාදිසිකාය ආපත්තියා එකච්චං පබ්බාජෙන්ති එකච්චං න පබ්බාජෙන්තී”ති.
භික්ඛූහි යනු: අන්යභික්ෂූන් විසින් ය. යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම කුලදූෂක ය පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ ලාමකසමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත් ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා තා මෙහි විසීමෙන් කම් නැතැ’යි. මෙසේත් ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ ඒ භික්ෂූන්ට මෙසේ කියා නම් “භික්ෂූහු ඡන්දගාමීහු ද වෙති. භික්ෂූහු ද්වේෂගාමීහු ද වෙති. භික්ෂූහු මෝහගාමීහු ද වෙති. භික්ෂූහු භයගාමීහු ද වෙති. එබඳු ඇවැතින් ඇතැමෙකු නෙරපති, ඇතැමකු නො නෙරපත්”යයි.
සො භික්ඛූති යො සො කම්මකතො භික්ඛු.
සො භික්ඛු යනු: යම් කර්මකෘත වූ මහණෙක් වේ ද (හෙතෙමේයි).
භික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති, සුණන්ති, තෙහි වත්තබ්බො: “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො, න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො; ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා අලං තෙ ඉධ වාසෙනා”ති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො සචෙ පටිනිස්සජ්ජති, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො:– “මා ආයස්මා එවං අවච, න ච භික්ඛූ ඡන්දගාමිනො න ච භික්ඛූ දොසගාමිනො න ච භික්ඛූ මොහගාමිනො න ච භික්ඛූ භයගාමිනො, ආයස්මා ඛො කුලදූසකො පාපසමාචාරො, ආයස්මතො ඛො පාපකා සමාචාරා දිස්සන්ති චෙව සුය්යන්ති ච, කුලානි චායස්මතා දුට්ඨානි දිස්සන්ති චෙව සුය්යන්ති ච, පක්කමතායස්මා ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති.
භික්ඛූහි යනු: අන්යභික්ෂූන් විසින්, යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය. ‘ආයුෂ්මත් තෙම මෙසේ නහමක් කියාවා. භික්ෂූහු නො ද ඡන්දගාමීහු ය. භික්ෂූහු නො ද ද්වේෂගාමීහු ය, භික්ෂූහු නො ද මෝහගාමීහු ය, භික්ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය, පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් ලාමක වූ සමාචාරයෝ දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති. අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ”යි. දෙවනුව ද කියයුත්තේ ය, තෙවනුව ද කියයුත්තේ යි. ඉදින් දුරලයි නම් මේ දුරැලීම මැනැවි. ඉදින් නො දුරලයි නම් දුකුළාඇවැත් වේ. අසා නො කියත් නම් දුකුළාඇවැත් වේ. එ මහණතෙම සඟමැදට ද ඇද කියයුත්තේ ය. ආයුෂ්මත් තෙම නහමක් මෙසේ කියාවා. භික්ෂූහු නො ද ඡන්දගාමීහු ය. භික්ෂූහු නො ද ද්වේෂගාමීහු ය. භික්ෂූහු නො ද මෝහගාමීහු ය. භික්ෂූහු නො ද භයගාමීහු ය. ආයුෂ්මත් තෙම වනාහි කුලදූෂක ය. පාපසමාචාර ඇත්තේ ය. ආයුෂ්මත්හුගේ වැළිත් පාපසමාචාරයෝ දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත්හු විසින් දූෂිත වූ කුලයෝ ද දක්නා ද ලැබෙති, අසනු ද ලැබෙත්. ආයුෂ්මත් තෙම මේ ආවාසයෙන් නික්ම යේවා. තා මෙහි විසීමෙන් කම් නැතැ’යි.
දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් දුරලා නම් මේ දුරැලීම මැනවි. ඉදින් නො දුරලා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙම සමනුභාසන කම් කළයුත්තේ යි. මෙසේත් මහණෙනි, සමනුභාසන කම් කළයුත්තේ යි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති, සො තං වත්ථුං න පටිනිස්සජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, එසා ඤත්ති:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්මය කරනලදුයේ භික්ෂූන් ඡන්දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් මහණහට සමනුභාසන කර්ම කරන්නේ ය. තෙල ඤත්ති යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, අයං ඉත්ථන්නාමො භික්ඛු සඞ්ඝෙන පබ්බාජනීයකම්මකතො භික්ඛූ ඡන්දගාමිතා දොසගාමිතා මොහගාමිතා භයගාමිතා පාපෙති, සො තං වත්ථුං න පටිනිස්සජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා, තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සඞ්ඝයා විසින් පබ්බාජනීය කර්මය කරණලදුයේ භික්ෂූන් ඡන්දගාමී බවට ද්වේෂගාමී බවට මෝහගාමී බවට භයගාමී බවට පමුණුවයි. හෙතෙම ඒ වස්තුව නො දුරලයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාසන කර්ම කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහට ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රැස්නේ නම් හෙතෙම බණන්නේ යි.
“දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
දෙවනවට ද මෙපවත් කියමි. ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් මෙනම් මහණ තෙම ඒ වස්තුහුගේ දුරැලීම පිණිස සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ ය. එහෙයින් මේ තූෂ්ණීම්භාවය යි. මෙය මෙසේ ධරමි”යි.
14. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
14. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් තුලැසි දෙකෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙකම්වදනින් වූ දෙතුලැසිය ද නවතිත් (සන්සිඳෙත්).
සඞ්ඝාදිසෙසොති සඞ්ඝොව තස්සා ආපත්තියා පරිවාසං දෙති මූලාය පටිකස්සති, මානත්තං දෙති අබ්භෙති, න සම්බහුලා, න එකපුග්ගලො. තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති. තස්සෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං. තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො යනු: සඞ්ඝ තෙමේ ම ඒ ඇවැතට පිරිවෙස් දෙයි. මුලට අදියි මානත දෙයි. ආහවානය කෙරෙයි. භික්ෂූහු තිදෙනෙක් නො දෙත්. එක්පුඟුලෙක් නො දේ. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි. එ ම ඇවැත් මුළුවට නාමකර්ම යි අධිවචන යි. එයිනුදු කියනු ලැබෙයි. ‘සඞ්ඝාදිසේසො’යි.
15. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජ්ජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස.
15. ධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්මකර්මෙයහි විමති ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ නම් දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇතියේ නම් දුකුළාඇවැත් වේ.
16. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
16. සමනුභාසනකර්ම නො කරන්නාහට ද, හැරැපියන්නාහට ද, උන්මත්තකයාහට ද, ආදිකම්මිකයාහට ද ඇවැත් නැති.
කුලදූසකසික්ඛාපදං නිට්ඨිතං.
කුලදූසක ශික්ෂාපදය නිමියේ යි.
17. උද්දිට්ඨා ඛො ආයස්මන්තො තෙරස සඞ්ඝාදිසෙසා ධම්මා, නව පඨමාපත්තිකා, චත්තාරො යාවතතියකා, යෙසං භික්ඛු අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජිත්වා යාවතීහං ජානං පටිච්ඡාදෙති තාවතීහං තෙන භික්ඛුනා අකාමා පරිවත්ථබ්බං. පරිවුත්ථපරිවාසෙන භික්ඛුනා උත්තරි ඡාරත්තං භික්ඛුමානත්තාය පටිපජ්ජිතබ්බං. චිණ්ණමානත්තො භික්ඛු යත්ථ සියා වීසතිගණො භික්ඛුසඞ්ඝො, තත්ථ සො භික්ඛු අබ්භෙතබ්බො. එකෙනපි චෙ ඌනො වීසතිගණො භික්ඛුසඞ්ඝො තං භික්ඛුං අබ්භෙය්ය, සො ච භික්ඛු අනබ්භිතො. තෙ ච භික්ඛූ ගාරය්හා. අයං තත්ථ සාමීචි. තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථායස්මන්තො. තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
17. ආයුෂ්මත්වරුනි, තෙළෙස් සඟවෙසෙස් ඇවැත්හු උදෙසන ලදහු ම ය. ප්රථමාපත්තික නව දෙනෙක, යාවතතියක සතර දෙනෙකි. මහණ තෙම යම් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරා ඇවැතකට හෝ පැමිණ යම්තාක් දින දැන දැන සඟවා ද, ඒතාක් දින ඒ මහණහු විසින් නො කැමැත්තෙන් නමුදු පිරිවෙස් විසිය යුතුයි. වැස නිමවූ පිරිවෙස් ඇති මහණහු විසින් මත්තෙහි සරැයක් භික්ෂූන්ට බුහුමන් පිණිස පිළිපැදිය යුතුයි. පිරූ මානත් ඇති මහණතෙම විංශද්වර්ගික භික්ෂූසඞ්ඝතෙමේ යම් සීමාවෙක්හි වන්නේ නම් එහි අබ්භානකර්මය කළයුත්තේ යි. එක්නමකිනුදු උනු වූ විංශද්වර්ගික භික්ෂූසඞ්ඝතෙමේ එමහණහු ඉදින් අබ්හානකර්මයෙන් කරන්නේ නම් ඒ මහණතෙමේත් අනබහිත වූයේ වෙයි. ඒ භික්ෂූහුත් ගැරහිය යුත්තාහු වෙති. මේ එහි සාමීචිධර්මය යි. එහිලා ආයුෂ්මතුන් විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? දෙවනවට ද විචාරමි. කිම, පිරිසුදුවූවහු ද? තෙවනවට ද විචාරමි. කිම, පිරිසුදු වූවහු ද? මෙහිලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වෙති, තෙල නිහඬබව මෙසේ ධරමි.
තෙරසකං නිට්ඨිතං
තේරසකය නිමියේ යි.
තස්සුද්දානං:
උද්දානය:
විස්සට්ඨ කායසංසග්ගො දුට්ඨුල්ලං අත්තකාමතං, සඤ්චරිත්තං කුටී චෙව විහාරො ච අමූලකං.
සුක්විසැටි ය, කාසසඟරා ය, දුටුල්වසු ය, අත්තකාමපාරිචරිය ය, සසුරුතු ය, කුටිකාර ය, විහාරකාර ය, අමුලු ය,
කිඤ්චි දෙසඤ්ච භෙදො ච තස්සෙව අනුවත්තකා, දුබ්බචං කුලදූසඤ්ච සඞ්ඝාදිසෙසා තෙරසාති.
අඤ්ඤභාගිය ය, සඞ්ඝභේද ය, අනුවත්තක ය, දුබ්බච ය, කුලදූසක ය යි තෙළෙස් සඟවෙසෙස්හු වෙත්.
සඞ්ඝාදිසෙසකණ්ඩො නිට්ඨිතො
සඞ්ඝාදිසේස කාණ්ඩය නිමියේ ය.