දුබ්බචසික්ඛාපදං
3. 12.
3. 12.
දුබ්බචසික්ඛාපදං
දුර්වචශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචරං ආචරති. භික්ඛූ එවමාහංසු: “මා ආවුසොඅ ඡන්න, එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. සො එවං වදෙති: “කින්නු ඛො නාම තුම්හෙ ආවුසො, මං වත්තබ්බං මඤ්ඤථ. අහං ඛො නාම තුම්හෙ වදෙය්යං. අම්හාකං බුද්ධො අම්හාකං ධම්මො අම්හාකං අය්යපුත්තෙන ධම්මො අභිසමිතො. සෙය්යථාපි නාම මහාවාතො වායන්තො තිණකට්ඨපණ්ණසටං එකතො උස්සාදෙය්ය, සෙය්යථාපි වා පන නදී පබ්බතෙය්යා සඞ්ඛසෙවාලපණකං එකතො උස්සාදෙය්ය, එවමෙව තුම්හෙ නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා එකතො උස්සාදිතා. කින්නු ඛො නාම තුම්හෙ ආවුසො, මං වත්තබ්බං මඤ්ඤථ. අහං ඛො නාම තුම්හෙ වදෙය්යං. අම්හාකං බුද්ධො අම්හාකං ධම්මො අම්හාකං අය්යපුත්තෙන ධම්මො අභිසමිතො”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං ඡන්න, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොසී”ති? “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරිස්සසි -පෙ- නෙතං, මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙන සේක. තවද එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙම අනාචාර කෙරෙයි. භික්ෂූහු මෙසේ කීහ: ‘ඇවැත, ඡන්නය, මෙබන්දක් නො කරව, මේ නො කැප ය’ යි. හෙතෙම මෙසේ කියයි: ‘කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්. අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්ය්යපුත්රයන් විසින් දහම අවබෝධ කරණ ලද ය. යම්සේ නම් මහසුළඟ හමන්නේ තණ වියලිදඬු පරණලා එක්රැස් කරන්නේ ද, තවද යම්සේ හෝ කන්දෙන් ගලාබස්නා නදිය සක් සෙවෙල් පිසඹුරු එක්රැස් කරන්නී ද, එසේ ම තෙපි නොයෙක් නම් ඇත්තහු නොයෙක් ගෝත්‍ර ඇත්තහු නොයෙක් ජාති ඇත්තහු නොයෙක් කුලයෙන් නික්ම පැවිදි වූවහු එක්රැස් වූවහු ය. කිමෙක් ද ඇවැත්නි, තෙපි නම් මා කියයුත්තකු කොට සිතවු ද, මම නම් තොපට කියන්නෙම්, අපගේ බුදුහු, අපගේ දහම, අපගේ ආර්ය්යපුත්රයන් විසින් දහම අවබෝධ කරණ ලදැ’ යි. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වූහු ද ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙම භික්ෂූන් විසින් කරණු සහිත ව කියනු ලබන්නේ තමා නොකියයුත්තකු කෙළේ දැ’ යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ... ‘සැබෑවෙක් ද ඡන්නය, තෝ භික්ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි දැ’ යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ: කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ භික්ෂූන් විසින් කරුණු සහිත ව කියනු ලබන්නෙහි තමා නො කියයුත්තකු කෙරෙහි ද ... තුච්ඡපුරුෂය, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේ මේ ශික්ෂාපදය උදෙසවු:
“භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති, උද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, ‘මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්‍යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙ න කිඤ්චි වක්ඛාමි කල්‍යාණං වා පාපකං වා, විරමථායස්මන්තො මම වචනායා’ති, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: ‘මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛූ වදෙතු සහධම්මෙන. භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා, යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා’ති. එවඤ්ච සො භික්ඛුං භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය. යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජෙය්ය, ඉච්චෙතං කුසලං නොචෙ පටිනිස්සජෙය්ය, සඞ්ඝාදිසෙසො”ති.
“මහණ තෙම දුර්වචස්කස්වභාව ඇත්තේ වේ ද, ප්රාතිමෝක්ෂෝද්දේශයෙහි ඇතුළත් වූ ශික්‍ෂාපදයෙහි ලා (ලජ්ජි) භික්ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ ‘ආයුෂ්මත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු. මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ කිසිවක් නො කියන්නෙමි. ආයුෂ්මත්නි, මට අවවාදයෙන් වෙන් වවු’යයි තමා නො කියයුත්තකු කෙරේ ද, ඒ මහණ තෙම භික්ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා. ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා. ආයුෂ්මත් තෙමේ ද භික්ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා. භික්ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවත්හුගේ පර්ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම’ යයි. මෙසේත් ඒ මහණ තෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ එසේ ම දැඩි කොට ගණී නම් ඒ මහණ තෙම භික්ෂූන් විසින් ඒ ලබ්ධිය දුරැලීම පිණිස තුන්වනවට දක්වා සමනුභාසනය කළයුත්තේ ය. ඉදින් තුන්වනවට දක්වා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ ලබ්ධිය හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් සඟවෙසෙස් වේ” ය යි.
2. භික්ඛූ පනෙව දුබ්බචජාතිකො හොතීති දුබ්බචො හොති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං.
2. භික්ඛු පනෙව දුබ්බචජාතිකො හොති යනු: දුර්වචස්ක වූයේ දුර්වච කරණ ධර්මයන්ගෙන් සමන්විත වූයේ (අවවාදය) නො ඉවසන්නේ අනුශාසනය පැදකුණින් (අදර ඇති වැ) නො ගන්නේ වෙයි.
උද්දෙසපරියාපන්නෙසු සික්ඛාපදෙසූති පාතිමොක්ඛපරියාපන්නෙසු සික්ඛාපදෙසු.
උද්දේසපරියාපන්තේසු ශික්ඛාපදෙසු යනු: ප්රාතිමෝක්ෂයෙහි ඇතුළත් වූ ශික්ෂාපදයන්හි.
භික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි.
භික්ඛූහි යනු: අන්‍ය භික්ෂූන් විසින්.
සහධම්මිකං නාම: යං භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං, එතං සහධම්මිකං නාම. තෙන වුච්චමානො අත්තානං අවචනීයං කරොති, “මා මං ආයස්මන්තො කිඤ්චි අවචුත්ථ කල්‍යාණං වා පාපකං වා, අහම්පායස්මන්තෙ න කිඤ්චි වක්ඛාමි කල්‍යාණං වා පාපකං වා. විරමථායස්මන්තො මම වචනායා”ති.
සහධම්මික නම්: භාග්‍යවතුන් විසින් පනවන ලද යම් ශික්‍ෂාපදයෙක් වේ ද තෙල සහධම්මික නමි. එයින් කියනු ලබන්නේ ‘ඇවැත්නි, මට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියවු, මම ද ආයුෂ්මත්නට කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ කිසිවක් නො කියන්නෙමි. ඇවැත්නි, මට අවවාද වචනයෙන් වෙන් වවු’ යයි.
සො භික්ඛූති යො සො දුබ්බචජාතිකො භික්ඛු.
සො භික්ඛු යනු: ඒ දුර්වච ස්වභාව ඇති මහණ තෙම.
භික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි. යෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො: “මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛූ වදෙතු සහධම්මෙන, භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො: “මා ආයස්මා අත්තානං අවචනීයං අකාසි. වචනීයමෙවායස්මා අත්තානං කරොතු. ආයස්මාපි භික්ඛු වදෙතු සහධම්මෙන. භික්ඛූපි ආයස්මන්තං වක්ඛන්ති සහධම්මෙන. එවං සංවද්ධා හි තස්ස භගවතො පරිසා යදිදං අඤ්ඤමඤ්ඤවචනෙන අඤ්ඤමඤ්ඤවුට්ඨාපනෙනා”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො: ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
භික්ඛූහි යනු: අන් මහණුන් විසින්, යම් කෙනෙක් දකිත් ද යම් කෙනෙක් අසත් ද ඔවුන් විසින් ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී මැ ය’යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සඟමැදට ද ඇද ‘ආයුෂ්මත් තෙම නහමක් තමා නො කියයුත්තකු කෙරේවා, ආයුෂ්මත් තෙම තමා කියයුත්තකු ම කෙරේවා, ආයුෂ්මත් තෙමේ ද භික්ෂූන්ට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියාවා, භික්ෂූහු ද ආයුෂ්මත්හට ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියන්නාහ. මෙසේ ඒ භාග්‍යවතුන්ගේ පර්ෂද් මේ ඔවුනොවුන්ට හිත වචනයෙන් ඔවුනොවුන් ඇවැතින් නඟාලීමෙන් වැඩුනී ම ය’ යි කියයුත්තේ ය. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ තෙම සමනුභාසනය කළ යුත්තේ ය. තවද මහණෙනි, මෙසේත් සමනුභාසනය කළයුත්තේ ය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති. සො තං වත්ථුං න පටිනිස්සජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කරන්නේ ය. තෙල ‘ඤත්ති’ය.
“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො අත්තානං අවචනීයං කරොති, සො තං වත්ථුං න පටිනිස්සජති, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස, යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙම මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම භික්ෂූන් විසින් ප්‍රඥාප්තිශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේ තමා නො කියයුත්තකු කෙරෙයි. හෙතෙම ඒ වස්තුව නො හරියි. සඞ්ඝ තෙම ඒ වස්තුව හැරපියනු පිණිස මෙනම් මහණහට සමනුභාසන කම් කෙරෙයි, යම් ආයුෂ්මතක්හට ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නුරුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි සමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
දෙවනවට ද මෙපවත් කියමි ... තෙවනවට ද මෙපවත් කියමි. ... සඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසනය කරණ ලද්දේ ය. සඞ්ඝයාට රිසි වෙයි. එහෙයින් මේ තූෂ්ණීම්භාව යි. තෙල මෙසේ ධරමි’ යි.
ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දෙතුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනුවහට ඤත්තියෙන් වූ දුකුළා ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
සඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි.
3. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී -පෙ- ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො -පෙ- ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී -පෙ- ආපත්ති දුක්කටස්ස.
3. ධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇත්තේ (ලබ්ධිය) නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හරී නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ … දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ ... දුකුළාඇවැත් වේ.
4. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
4. සමනුභාසන කම් නො කරණුවහට, හැරපියනුවහට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දුබ්බචසික්ඛාපදං නිට්ඨිතං.
දුර්වචශික්ෂාපදය නිමි.