යෙදුමෙන් කියවන්න

දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදවණ‍්ණනා

ද්විතීයසඞ්ඝභේද ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදං. තත්‍ථ අනුවත‍්තකාති තස‍්ස දිට‍්ඨිඛන‍්තිරුචිග‍්ගහණෙන අනුපටිපජ‍්ජනකා. වග‍්ගං අසාමග‍්ගිපක‍්ඛියවචනං වදන‍්තීති වග‍්ගවාදකා. පදභාජනෙ පන “තස‍්ස වණ‍්ණාය පක‍්ඛාය ඨිතා හොන‍්තී”ති වුත‍්තං, තස‍්ස සඞ‍්ඝභෙදාය පරක‍්කමන‍්තස‍්ස වණ‍්ණත්‍ථාය ච පක‍්ඛවුඩ‍්ඪිඅත්‍ථාය ච ඨිතාති අත්‍ථො. යෙ හි වග‍්ගවාදකා, තෙ නියමෙන ඊදිසා හොන‍්ති, තස‍්මා එවං වුත‍්තං. යස‍්මා පන තිණ‍්ණං උද‍්ධං කම‍්මාරහා න හොන‍්ති, න හි සඞ‍්ඝො සඞ‍්ඝස‍්ස කම‍්මං කරොති, තස‍්මා එකො වා ද‍්වෙ වා තයො වාති වුත‍්තං.

“තෙන සමයෙන බුද්ධො භගවා” ද්විතීය සඞ්ඝභෙදශික්‍ෂාපදයයි. එහි “අනුවත්තකා” ඔහුගේ දෘෂ්ටිය ඉවසීම රුචිය යන මොවුන්ගේ ගැනීමෙන් එයට අනුව පිළිපදින්නාහු. ව්‍යග්‍ර වූ අසාමග්‍රියපාක්‍ෂික වචන කියන්නුයි වග්ගවාදක නම. පදභාජනයෙහි වනාහි ඒ පිළිබඳ වර්‍ණනාවෙහි පක්‍ෂයෙහි සිටියාහු වෙත්යි වදාරනලදි. සඞ්ඝභෙදය පිණිස උත්සාහ කරන්නාවූ ඔහුගේ ගුණකීම පිණිසද, පක්‍ෂවෘද්ධිය පිණිසද සිටියාහු යන අර්‍ත්‍ථයි. යම් කෙනෙක් ව්‍යාග්‍රවාදක වූවාහුද ඔවුහු නියමයෙන් මෙබන්දෝ වෙති. එහෙයින් මෙසේ වදාරන ලදි. යම්හෙයකින් යම්හෙයකින් තිදෙනකුට වැඩියක් කර්‍මයට සුදුස්සෝ නොවෙත්ද, සඞ්ඝතෙමේ සඞ්ඝයාට කර්‍ම නොකෙරේද, “එකො වා ද්වෙ වා තයො වා” එහෙයින් ‘එකෙක් හෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝයි වදාරනලදි.

ජානාති නොති අම‍්හාකං ඡන්‍දාදීනි ජානාති. භාසතීති “එවං කරොමා”ති අම‍්හෙහි සද‍්ධිං භාසති. අම‍්හාකම‍්පෙතං ඛමතීති යං සො කරොති, එතං අම‍්හාකම‍්පි රුච‍්චති.

“ජානානි නො” අපගේ ඡන්‍දාදිය දනියි. “භාසති” මෙසේ කරමුයි අප සමග කියයි. “අම්හාකම්පෙතං ඔමති” හෙතෙමේ යමක් කෙරේද, මේ කිරීම අපටද රුස්නේය.

සමෙතායස‍්මන‍්තානං සඞ‍්ඝෙනාති ආයස‍්මන‍්තානං චිත‍්තං සඞ‍්ඝෙන සද‍්ධිං සමෙතු සමාගච‍්ඡතු, එකීභාවං යාතූති වුත‍්තං හොති. සෙසමෙත්‍ථ පඨමසික‍්ඛාපදෙ වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථත‍්තා ච පාකටමෙව.

“සම්තොයස්මන්තානං සඞ්ඝෙන” ආයුෂ්මතුන්ගේ සිත සඞ්ඝයා සමග එක්වේවා. එකීභාවයට යේවායි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ නය ඇති බැවින්ද උත්තානාර්‍ත්‍ථ ඇති බැවින්ද ප්‍රකටමය.

සමුට‍්ඨානාදීනිපි පඨමසික‍්ඛාපදසදිසානෙවාති.

සමුත්‍ථානාදීහුද ප්‍රථම ශික්‍ෂාපදය සමාන වෙත්මය.

දුතියසඞ‍්ඝභෙදසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීයසඞ්ඝභෙද ශික්‍ෂාපද වර්‍ණනාව නිමි.

දුබ‍්බචසික‍්ඛාපදවණ‍්ණනා

දුර්‍වච ශික්‍ෂාපද වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවාති දුබ‍්බචසික‍්ඛාපදං. තත්‍ථ අනාචාරං ආචරතීති අනෙකප‍්පකාරං කායවචීද‍්වාරවීතික‍්කමං කරොති. කිං නු ඛො නාමාති වම‍්භනවචනමෙතං. අහං ඛො නාමාති උක‍්කංසවචනං. තුම‍්හෙ වදෙය්‍යන‍්ති “ඉදං කරොථ, ඉදං මා කරොථා”ති අහං තුම‍්හෙ වත‍්තුං අරහාමීති දස‍්සෙති. කස‍්මාති චෙ? යස‍්මා අම‍්හාකං බුද‍්ධො භගවා කණ‍්ටකං ආරුය‍්හ මයා සද‍්ධිං නික‍්ඛමිත්‍වා පබ‍්බජිතොතිඑවමාදිමත්‍ථං සන්‍ධායාහ. “අම‍්හාකං ධම‍්මො”ති වත්‍වා පන අත‍්තනො සන‍්තකභාවෙ යුත‍්තිං දස‍්සෙන‍්තො “අම‍්හාකං අය්‍යපුත‍්තෙන ධම‍්මො අභිසමිතො”ති ආහ. යස‍්මා අම‍්හාකං අය්‍යපුත‍්තෙන චතුසච‍්චධම‍්මො පටිවිද‍්ධො, තස‍්මා ධම‍්මොපි අම‍්හාකන‍්ති වුත‍්තං හොති. සඞ‍්ඝං පන අත‍්තනො වෙරිපක‍්ඛෙ ඨිතං මඤ‍්ඤමානො අම‍්හාකං සඞ‍්ඝොති න වදති. උපමං පන වත්‍වා සඞ‍්ඝං අපසාදෙතුකාමො “සෙය්‍යථාපි නාමා”තිආදිමාහ. තිණකට‍්ඨපණ‍්ණසටන‍්ති තත්‍ථ තත්‍ථ පතිතං තිණකට‍්ඨපණ‍්ණං. අථ වා තිණඤ‍්ච නිස‍්සාරකං ලහුකං කට‍්ඨඤ‍්ච තිණකට‍්ඨං. පණ‍්ණසටන‍්ති පුරාණපණ‍්ණං. උස‍්සාරෙය්‍යාති රාසිං කරෙය්‍ය.

“තෙන සමයෙන බුද්ධො භගවා” දුබ්බච ශික්‍ෂාපදයයි. එහි “ආනාචාරං ආචරති” අනෙකප්‍රකාරවූ කායවාක්ද්වාර ව්‍යතික්‍රමය කරයි. “කින්නු ඛො නාම” මෙය ගර්‍හාවචනයි. “අහං ඛො නාම” මෙය උත්කර්‍ෂ වචනයි. “තුම්හෙ වදෙය්‍යං” මෙය කරවු, මෙය නොකරවු’යි තොපට කියන්නට මම සුදුසු වෙමියි දක්වයි. කුමක් හෙයින්ද යත්, ‘අපගේ බුදුරජාණන් වහන්සේ යම්හෙයකින් කන්‍ථක අසු පිට නැග මා සමග නික්ම පැවිදිවූහයි මේ ආදි අර්‍ත්‍ථය සඳහා කීය. අපගේ ධර්‍මයයි කියා තමන් සතු බැව්හි යුක්තිය දක්වමින් “අම්හාකං අය්‍යපුත්තෙන ධම්මො අභිසමිතො” යනු කීහ. යම්හෙයකින් අපගේ ආර්‍ය්‍යපුත්‍රයා විසින් චතුස්සත්‍ය ධර්‍මය අවබෝධ කරන ලද්දේද, එහෙයින් ධර්‍මයද අපගේයයි කියන ලද්දේ වේ. සඞ්ඝයා තම වෛරීපක්‍ෂයෙහි සිටියහුයි සිතමින් අපගේ සඞ්ඝතෙමේයි නොකියැයි උපමාවක් කියා සඞ්ඝයා පහකරනු කැමතිව “සෙය්‍යථාපි” නාම යනාදිය කීයේය. “තිණකට්ඨපණ්ණසටං” ඒ ඒ තැන වැටුණු තණ වියලි දඬු පරලා නොහොත් තෘණද, හර නැති සැහැල්ලු වියලිදඬුද තිණකට්ඨ නම. ‘පණ්ණසටං’ පුරාණපත්‍ර “උස්සාදෙය්‍ය” රැස් කරන්නේය.

පබ‍්බතෙය්‍යාති පබ‍්බතප‍්පභවා, සා හි සීඝසොතා හොති, තස‍්මා තමෙව ගණ‍්හාති. සඞ‍්ඛසෙවාලපණකන‍්ති එත්‍ථ සඞ‍්ඛොති දීඝමූලකො පණ‍්ණසෙවාලො වුච‍්චති. සෙවාලොති නීලසෙවාලො, අවසෙසො උදකපප‍්පටකතිලබීජකාදි සබ‍්බොපි පණකොති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. එකතො උස‍්සාරිතාති එකට‍්ඨානෙ කෙනාපි සම‍්පිණ‍්ඩිතා රාසීකතාති දස‍්සෙති.

“පබ්බතෙය්‍යා” පර්‍වතයෙන් උපන් ඕ වනාහි වේගවත් දියපහර ඇත්තීය. එහෙයින් ඒ වේගවත් දියපහරම ගනියි. “සඞ්ඛසෙවාලපණකං” යන මෙහි ‘සඞ්ඛො’ යනු දිග්මුල් ඇති කොළසෙවෙල් කියනු ලැබේ. ‘සෙවාලො’ නිල්සෙවෙල් සෙසු රොන්මඩ වියලි පැළුණු කබල් තලබිජු ආදීවූ සියල්ලම පණකයි. ගිනීමට යෙයි. “එකතො උස්සාදිතා” කිසිවෙකු විසින් එක් තැනක පිඬු කරන ලදය. රැස්කරන ලදයයි දක්වයි.

දුබ‍්බචජාතිකොති දුබ‍්බචසභාවො වත‍්තුං අසක‍්කුණෙය්‍යොති අත්‍ථො. පදභාජනෙපිස‍්ස දුබ‍්බචොති දුක‍්ඛෙන කිච‍්ඡෙන වදිතබ‍්බො, න සක‍්කා සුඛෙන වත‍්තුන‍්ති අත්‍ථො. දොවචස‍්සකරණෙහීති දුබ‍්බචභාවකරණීයෙහි, යෙ ධම‍්මා දුබ‍්බචං පුග‍්ගලං කරොන‍්ති, තෙහි සමන‍්නාගතොති අත්‍ථො. තෙ පන “කතමෙ ච, ආවුසො, දොවචස‍්සකරණා ධම‍්මා? ඉධාවුසො, භික‍්ඛු පාපිච‍්ඡො හොතී”තිආදිනා නයෙන පටිපාටියා අනුමානසුත‍්තෙ (ම· නි· 1.181) ආගතා පාපිච‍්ඡතා, අත‍්තුක‍්කංසකපරවම‍්භකතා, කොධනතා, කොධහෙතු උපනාහිතා, කොධහෙතුඅභිසඞ‍්ගිතා, කොධහෙතුකොධසාමන‍්තවාචානිච‍්ඡාරණතා, චොදකං පටිප‍්ඵරණතා, චොදකං අපසාදනතා, චොදකස‍්ස පච‍්චාරොපනතා, අඤ‍්ඤෙන අඤ‍්ඤංපටිචරණතා , අපදානෙන න සම‍්පායනතා, මක‍්ඛිපළාසිතා, ඉස‍්සුකීමච‍්ඡරිතා, සඨමායාවිතා, ථද‍්ධාතිමානිතා, සන්‍දිට‍්ඨිපරාමාසිආධානග‍්ගහිදුප‍්පටිනිස‍්සග‍්ගිතාති එකූනවීසති ධම‍්මා වෙදිතබ‍්බා.

“දුබ්බචජාතිකො” දුර්‍වචසක ස්වභාව ඇත්තේය, කියන්නට නොහැක්කේය යන අර්‍ත්‍ථයි. මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහිද “දුබ්බචො” යන මෙයින් දුකින් අවවාද කටයුත්තේය. සැපසේ කියන්නට නොහැකිය යන අර්‍ත්‍ථය වදාරන ලද්දේය. “දොවචස්සකරණෙහි” දුර්‍වචභාවය කරන්නා වූ යම් ධර්‍මයක් පුද්ගලයා දුර්‍වච කෙරෙත්ද, ඒ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේය යන අර්‍ත්‍ථයි. ඔවුහු වනාහි ඇවැත්නි, දුර්‍වචභාවය කරන ධර්‍මයෝ කවරහුදැ’යි ඇවැත්නි මේ ශාසනයෙහි මහණතෙමේ ලාමක ආසා ඇත්තේවේය, යනාදි නයින් පිළිවෙළින් අනුමාන සූත්‍රයෙහි ආවා වූ ලාමක ආසා ඇතිබව, තමා උසස් තැන තබා අන්හු පහත් තැන තැබීම, ක්‍රොධකරනසුලු බව, ක්‍රෝධය හේතුකොට බද්ධවෛර ඇතිබව, ක්‍රෝධය හේතුකොට ගැටෙනබව, ක්‍රෝධය හේතුකොට ක්‍රෝධයට අසලවූ විහිදෙනබව, චොදකයාහට පටහැනිබව, චොදකයාට ගැරහීම, චොදකයාහට වටාලා චෝදනා කිරීම, අනෙකෙකින් අනික වසනබව, චරිතය සපයා කියන්නට නොහැකිවීම, ගුණමකුව යුගග්‍රාහ ඇතිබව, පරසම්පත්ති නොඉවසීම හා මසුරුබව, නැතිගුණ පහළ කිරීම හා මායා ඇතිබව, තදබව හා අධික මානය ඇතිබව, තමදෘෂ්ටිය පහසු සැහැසිබව ඉක්මවා පසුභාගයෙන් පැහැසීම ඇතිබව, දැඩිව ගැනීම ඇතිබව, යුතුකරුණ දැකද හරින්නට නොහැකි ලබ්ධිය ඇතිබව යන එකුන් විසින් ධර්‍මයෝයයි දතයුතුයි.

ඔවාදං නක‍්ඛමති න සහතීති අක‍්ඛමො. යථානුසිට‍්ඨං අප‍්පටිපජ‍්ජනතො පදක‍්ඛිණෙන අනුසාසනිං න ගණ‍්හාතීති අප‍්පදක‍්ඛිණග‍්ගාහී අනුසාසනිං.

අවවාදය නොඉවසයි, නොඋසුලානුයි අක්‍ඛම නම. අනුශාසනා ලෙසින්, නොපිළිපැදීමෙන්, ගෞරවයෙන් අනුශාසනාව නොගනිනුයි අප්පදක්‍ඛිණග්ගාහී අනුසාසනිං නම

උද‍්දෙසපරියාපන‍්නෙසූති උද‍්දෙසෙ පරියාපන‍්නෙසු අන‍්තොගධෙසු. “යස‍්ස සියා ආපත‍්ති, සො ආවිකරෙය්‍යා”ති එවං සඞ‍්ගහිතත‍්තා අන‍්තො පාතිමොක‍්ඛස‍්ස වත‍්තමානෙසූති අත්‍ථො. සහධම‍්මිකං වුච‍්චමානොති සහධම‍්මිකෙන වුච‍්චමානො කරණත්‍ථෙ උපයොගවචනං, පඤ‍්චහි සහධම‍්මිකෙහි සික‍්ඛිතබ‍්බත‍්තා තෙසං වා සන‍්තකත‍්තා සහධම‍්මිකන‍්ති ලද‍්ධනාමෙන බුද‍්ධපඤ‍්ඤත‍්තෙන සික‍්ඛාපදෙන වුච‍්චමානොති අත්‍ථො.

“උද්දෙසපරියාපන්නෙසු” ප්‍රාතිමොක්‍ෂාද්දෙශයෙහි යෙදුණු ඇතුළත් වූ “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්‍ය”යි මෙසේ සඞ්ග්‍රහ කළ බැවින් ප්‍රාතිමොක්‍ෂය තුළ පවතින්නාවූ යන අර්‍ත්‍ථයි. “සහධම්මිකං වුච්චමානො” ප්‍රඥප්ත ශික්‍ෂා පදයෙන් කියනු ලබන්නේ. කරණාර්‍ත්‍ථයෙහි ද්විතීයාවචනයි. පස්මහ දැහැමියන් විසින් හික්මිය යුතු බැවින්, නොහොත් ඔවුන් සතු බැවින් සහධම්මිකයි ලැබූ නම් ඇති බුදුරජුන් විසින් පැණවූ ශික්‍ෂාපදයෙන් කියනු ලබන්නේය යන අර්‍ත්‍ථයි.

විරමථායස‍්මන‍්තො මම වචනායාති යෙන වචනෙන මං වදථ, තතො මම වචනතො විරමථ. මා මං තං වචනං වදථාති වුත‍්තං හොති.

“විරමථායස්මන්තො මම වචනාය” යම් වචනයකින් මට කියවුද, ඒ මට කියූ වචනයෙන් වෙන්වවු, මට ඒ වචනය නොකියයි කියන ලද්දේ වේ.

වදතු සහධම‍්මෙනාති සහධම‍්මිකෙන සික‍්ඛාපදෙන සහධම‍්මෙන වා අඤ‍්ඤෙනපි පාසාදිකභාවසංවත‍්තනිකෙන වචනෙන වදතු. යදිදන‍්ති වුඩ‍්ඪිකාරණනිදස‍්සනත්‍ථෙ නිපාතො. තෙන “යං ඉදං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හිතවචනං ආපත‍්තිතො වුට‍්ඨාපනඤ‍්ච තෙන අඤ‍්ඤමඤ‍්ඤවචනෙන අඤ‍්ඤමඤ‍්ඤවුට‍්ඨාපනෙන ච සංවඩ‍්ඪා පරිසා”ති එවං පරිසාය වුඩ‍්ඪිකාරණං දස‍්සිතං හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව.

“වදෙතු සහධම්මෙන” සහධාර්මික ශික්‍ෂාපදයෙන් හෝ සහධාර්මිකවූ අනිකුදු ප්‍රාසාදිකභාවය පිණිස පවත්නා වචනයෙන් හෝ කියාවා, “යදිදං” වෘද්ධිකාරණය නිදර්‍ශනාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. එයින් ඔවුනොවුන්ට යම් මේ හිතවචනයක්වේද, ඇවැතින් නගාසිටුවීමක් හෝ වේද ඒ ඔවුනොවුන්ට කියූ වචනයෙන්ද ඔවුනොවුන් නගාසිටුවීමෙන්ද පිරිස් වැඩෙන්නීයයි මෙසේ පිරිසෙහි වෘද්ධිකාරණය දක්වන ලද්දේ වේ. සෙසු සියලු තන්හි ප්‍රකටමය.

සමුට‍්ඨානාදීනි පඨමසඞ‍්ඝභෙදසදිසානෙවාති.

සමුත්‍ථානාදීහු ප්‍රථම සඞ්ඝභෙදශික්‍ෂාපදය සමානවූවාහුම වෙති.

දුබ‍්බචසික‍්ඛාපදවණ‍්ණනා නිට‍්ඨිතා.

දුර්‍වචශික්‍ෂාපද වර්‍ණනාව නිමි.