පඨමසඞ්ඝභෙදසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
පඨමසඞ්ඝභෙදසික්ඛාපදවණ්ණනා
ප්රථමසඞ්ඝභේද ශික්ෂාපද වර්ණනාව
තෙන සමයෙන බුද්ධො භගවාති සඞ්ඝභෙදසික්ඛාපදං. තත්ථ අථ ඛො දෙවදත්තොතිආදීසු යො ච දෙවදත්තො, යථා ච පබ්බජිතො, යෙන ච කාරණෙන කොකාලිකාදයො උපසඞ්කමිත්වා “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙද”න්ති ආහ. තං සබ්බං සඞ්ඝභෙදක්ඛන්ධකෙ (චූළව· 343) ආගතමෙව. පඤ්චවත්ථුයාචනා පන කිඤ්චාපි තත්ථෙව ආගමිස්සති. අථ ඛො ඉධාපි ආගතත්තා යදෙත්ථ වත්තබ්බං, තං වත්වාව ගමිස්සාම.
“තෙන සමයෙන බුද්ධො භගවා” සඞ්ඝභෙදශික්ෂාපදයයි. එහි “අථ ඛො දෙවදත්තො” යනාදි තන්හි යම් දෙවදත්තයෙක් තෙමේ යම්සේ පැවිදි වූයේද, යම් කරුණකින් කොකාලිකාදීන් කරා එළඹ ‘ඇවැත්නි, එවු, අපි ශ්‍රමණ ගෞතම ස්වාමින්ගේ සඞ්ඝ භෙදය ආණභෙදය කරම්හයි කීයේද, ඒ සියල්ල සඞ්ඝභෙදක්ඛන්ධකයෙහි ආයේමය, පඤ්චවස්තු යාචනයද එහිම එන්නේය. එහෙත් මෙහිද ආබැවින් මෙහි යමක් කියයුතුද, එය කියාම යන්නෙමු.
සාධු භන්තෙති ආයාචනා. භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සූති ආරඤ්ඤිකධුතඞ්ගං සමාදාය සබ්බෙපි භික්ඛූ යාව ජීවන්ති තාව ආරඤ්ඤිකා හොන්තු , අරඤ්ඤෙයෙව වසන්තු. යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්යාති යො එකභික්ඛුපි අරඤ්ඤං පහාය නිවාසත්ථාය ගාමන්තං ඔසරෙය්ය, වජ්ජං තං ඵුසෙය්ය නං භික්ඛුං දොසො ඵුසතු, ආපත්තියා නං භගවා කාරෙතූ”ති අධිප්පායෙන වදති. එස නයො සෙසවත්ථූසුපි.
“සාධු භන්තෙ” ආයාචනාය. “සාධු භික්ඛු යාවජීවං ආරඤ්ඤිකා අස්සු” සියලු භික්ෂූහු යම්තාක් ජීවත්වෙත්ද, ඒතාක් ආරණ්‍යක ධුතාඞ්ගය සමාදන්ව ආරණ්‍යකයෝ වෙත්වා, ආරණ්‍යයෙහිම වසත්වා. “යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය” යම් එක් මහණෙක්ද ආරණ්‍යය හැර විසීම පිණිස ගමට වදනේද වරද ඒ මහණහු පහසන්නේය. දොෂය තෙමේ ඒ මහණහු පහසාවා භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහු ඇවැතින් කෙරෙත්වා, යන අදහසින් කියයි. සෙසු තන්හිද මේ නයයි.
ජනං සඤ්ඤාපෙස්සාමාති ජනං අම්හාකං අප්පිච්ඡතාදිභාවං ජානාපෙස්සාම, අථ වා පරිතොසෙස්සාම පසාදෙස්සාමාති වුත්තං හොති.
“ජනං සඤ්ඤපෙස්සාම” ජනයා ලවා අපගේ අල්පෙච්ඡතාදිභාවය දන්වන්නෙමු. නොහොත් සතුටු කරවන්නෙමු. පහදවන්නෙමුයි කියන ලද්දේ වේ.
ඉමානි පන පඤ්ච වත්ථූනි යාචතො දෙවදත්තස්ස වචනං සුත්වාව අඤ්ඤාසි භගවා “සඞ්ඝභෙදත්ථිකො හුත්වා අයං යාචතී”ති. යස්මා පන තානි අනුජානියමානානි බහූනං කුලපුත්තානං මග්ගන්තරායාය සංවත්තන්ති, තස්මා භගවා “අලං දෙවදත්තා”ති පටික්ඛිපිත්වා “යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතූ”තිආදිමාහ.
මේ පඤ්චවස්තූන් යාඥාකරන දෙව්දත්හුගේ වචනය අසාම භාග්‍යවතුන් වහන්සේ ‘මෙතෙමේ සඞ්ඝභෙදය කැමතිව යාඥා කෙරේයයි දැන වදාළ සේක. යම්හෙයකින් ඒ පඤ්චවස්තූහු අනුදනුලබන්නාහු බොහෝ කුලපුත්‍රයන්ට මාර්ගාන්තරාය පිණිස පවතිත්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කම් නැත දෙවදත්ත’යි ප්රතික්ෂෙපකොට, යමෙක් කැමතිවේද, හෙතෙමේ ආරණ්යකවේවා, යනාදිය වදාළ සේක.
එත්ථ පන භගවතො අධිප්පායං විදිත්වා කුලපුත්තෙන අත්තනො පතිරූපං වෙදිතබ්බං. අයඤ්හෙත්ථ භගවතො අධිප්පායො – “එකො භික්ඛු මහජ්ඣාසයො හොති මහුස්සාහො, සක්කොති ගාමන්තසෙනාසනං පටික්ඛිපිත්වා අරඤ්ඤෙ විහරන්තො දුක්ඛස්සන්තං කාතුං. එකො දුබ්බලො හොති අප්පථාමො අරඤ්ඤෙ න සක්කොති, ගාමන්තෙයෙව සක්කොති. එකො මහබ්බලො සමප්පවත්තධාතුකො අධිවාසනඛන්තිසම්පන්නො ඉට්ඨානිට්ඨෙසු සමචිත්තො අරඤ්ඤෙපි ගාමන්තෙපි සක්කොතියෙව. එකො නෙව ගාමන්තෙ න අරඤ්ඤෙ සක්කොති පදපරමො හොති.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන කුලපුත්‍රයා විසින් තමහට සුදුස්සක් දතයුතුය. මේ මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහසය: එක් මහණෙක් මහත් අදහස් ඇත්තේ මහත් උත්සාහ ඇත්තේ වේ. හෙතෙමේ ග්රාමාන්තසෙනාසනය අත්හැර ආරණ්‍යයෙහි වසන්නේ දුක් කෙළවර කරන්නට හැකිවේ. එක් මහණෙක් දුර්වලවූයේ මද ශක්ති ඇත්තේ ආරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකි වේ. ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේ. එක් මහණෙක් මහත්බල ඇත්තේ සමව පවත්නා ධාතු ඇත්තේ අධිවාසන ක්ෂාන්තියෙන් යුක්තවූයේ ඉෂ්ටානිෂ්ටවස්තූන්හි සමසිත් ඇත්තේ අරණ්‍යයෙහිද ග්රාමාන්තයෙහිද වසනුයේ දුක් කෙළවර කරන්නට හැක්කේමය. එක් මහණෙක් ව්යඤ්ජනපදයම පරමකොට ඇත්තේ ග්‍රාමාන්තයෙහි ද වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේ. අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේ.
තත්ර ය්වායං මහජ්ඣාසයො හොති මහුස්සාහො, සක්කොති ගාමන්තසෙනාසනං පටික්ඛිපිත්වා අරඤ්ඤෙ විහරන්තො දුක්ඛස්සන්තං කාතුං, සො අරඤ්ඤෙයෙව වසතු, ඉදමස්ස පතිරූපං. සද්ධිවිහාරිකාදයොපි චස්ස අනුසික්ඛමානා අරඤ්ඤෙ විහාතබ්බමෙව මඤ්ඤිස්සන්ති.
ඔවුනතුරෙහි යම් මේ මහණෙක්තෙමේ මහත් අදහස් ඇත්තේ මහත් උත්සාහ ඇත්තේ වේද, ග්‍රාමාන්ත සෙනාසනය හැරපියා අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, හෙතෙමේ අරණ්‍යයෙහිම වෙසේවා. මේ මහණහුට මේ සෙනසුන සුදුසු වේ. මේ මහණහුගේ සද්ධිවිහාරිකාදීහුද අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසියයුතුමැයි සිතන්නාහුය.
යො පන දුබ්බලො හොති අප්පථාමො ගාමන්තෙයෙව සක්කොති දුක්ඛස්සන්තං කාතුං, න අරඤ්ඤෙ සො ගාමන්තෙයෙව වසතු, ය්වායං මහබ්බලො සමප්පවත්තධාතුකො අධිවාසනඛන්තිසම්පන්නො ඉට්ඨානිට්ඨෙසු සමචිත්තො අරඤ්ඤෙපි ගාමන්තෙපි සක්කොතියෙව, අයම්පි ගාමන්තසෙනාසනං පහාය අරඤ්ඤෙ විහරතු, ඉදමස්ස පතිරූපං සද්ධිවිහාරිකාපි හිස්ස අනුසික්ඛමානා අරඤ්ඤෙ විහාතබ්බං මඤ්ඤිස්සන්ති.
යම් මහණෙක් තෙමේ දුර්වලවූයේ මදශක්ති ඇත්තේ ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේද, හෙතෙමේ ග්‍රාමාන්තයෙහිම වෙසේවා. යම් මේ මහණෙක් තෙමේ මහත්බල ඇත්තේ සමව පවත්නා ධාතු ඇත්තේ අධිවාසන ක්ෂාන්තියෙන් යුක්ත වූයේ ඉෂ්ටානිෂ්ටවස්තූන්හි සමසිත් ඇත්තේ අරණ්‍යයෙහිද ග්‍රාමාන්තයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට හැක්කේමවේද, මෙතෙමේද, ග්රාමාන්තසේනාසනය හැරපියා අරණ්‍යයෙහි වෙසේවා. මේ මහණහුට මේ සෙනසුන සුදුසු වේ. මේ මහණහුගේ සද්ධිවිහාරිකයෝද, අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසිය යුතුයයි සිතන්නාහුය.
යො පනායං නෙව ගාමන්තෙ න අරඤ්ඤෙ සක්කොති පදපරමො හොති. අයම්පි අරඤ්ඤෙයෙව වසතු. අයං හිස්ස ධුතඞ්ගසෙවනා කම්මට්ඨානභාවනා ච ආයතිං මග්ගඵලානං උපනිස්සයො භවිස්සති. සද්ධිවිහාරිකාදයො චස්ස අනුසික්ඛමානා අරඤ්ඤෙ විහාතබ්බං මඤ්ඤිස්සන්තීති.
යම් මේ මහණෙක් ව්යඤ්ජනපදයම පරමකොට ඇත්තේ ග්‍රාමාන්තයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට නොහැකිවේද අරණ්‍යයෙහි වසනුයේද දුක් කෙළවර කරන්නට නොහැකිවේද, මෙතෙමේද, අරණ්‍යයෙහිම වෙසේවා. මේ වනාහි මේ පදපරමයාහට ධුතාඞ්ග වශයෙන්ද කර්මස්ථාන භාවනා වශයෙන්ද මත්තෙහි මාර්ගඵලයන්ට උපනිශ්ශ්‍රය වන්නේය. මොහුගේ සද්ධිවිහාරිකයෝද අනුව හික්මෙන්නෝ අරණ්‍යයෙහි විසිය යුතුයයි සිතන්නාහුය.
එවං ය්වායං දුබ්බලො හොති අප්පථාමො ගාමන්තෙයෙව විහරන්තො සක්කොති දුක්ඛස්සන්තං කාතුං න අරඤ්ඤෙ, ඉමං පුග්ගලං සන්ධාය භගවා “යො ඉච්ඡති ගාමන්තෙ විහරතූ”ති ආහ. ඉමිනා ච පුග්ගලෙන අඤ්ඤෙසම්පි ද්වාරං දින්නං.
මෙසේ යම් මේ මහණෙක් තෙමේ දුර්වලවූයේ මද ශක්ති ඇත්තේ ග්‍රාමාන්තයෙහිම වසනුයේ දුක් කෙළවර කරන්නට හැකිවේද, අරණ්‍යයෙහි වසනුයේ දුක් කෙළවර කරන්නට නොහැකිවේද, මේ පුද්ගලයා සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘යමෙක් කැමතිවේද, හෙතෙමේ ග්‍රාමාන්තයෙහි වෙසේවායි වදාළ සේක. මේ පුද්ගලයා විසින්ද අන්හටද ද්වාරය දෙන ලද්දේය.
යදි පන භගවා දෙවදත්තස්ස වාදං සම්පටිච්ඡෙය්ය, ය්වායං පුග්ගලො පකතියා දුබ්බලො හොති අප්පථාමො, යොපි දහරකාලෙ අරඤ්ඤවාසං අභිසම්භුණිත්වා ජිණ්ණකාලෙ වා වාතපිත්තාදීහි සමුප්පන්නධාතුක්ඛොභකාලෙ වා නාභිසම්භුණාති, ගාමන්තෙයෙව පන විහරන්තො සක්කොති දුක්ඛස්සන්තං කාතුං, තෙසං අරියමග්ගුපච්ඡෙදො භවෙය්ය, අරහත්තඵලාධිගමො න භවෙය්ය, උද්ධම්මං උබ්බිනයං විලොමං අනිය්යානිකං සත්ථු සාසනං භවෙය්ය, සත්ථා ච තෙසං අසබ්බඤ්ඤූ අස්ස “සකවාදං ඡඩ්ඩෙත්වා දෙවදත්තවාදෙ පතිට්ඨිතො”ති ගාරය්හො ච භවෙය්ය. තස්මා භගවා එවරූපෙ පුග්ගලෙ සඞ්ගණ්හන්තො දෙවදත්තස්ස වාදං පටික්ඛිපි. එතෙනෙවූපායෙන පිණ්ඩපාතිකවත්ථුස්මිම්පි පංසුකූලිකවත්ථුස්මිම්පි අට්ඨ මාසෙ රුක්ඛමූලිකවත්ථුස්මිම්පි විනිච්ඡයො වෙදිතබ්බො. චත්තාරො පන මාසෙ රුක්ඛමූලසෙනාසනං පටික්ඛිත්තමෙව.
ඉදින් වනාහි භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයාගේ වාදය පිළිගන්නා සේක් නම්, යම් මේ පුද්ගලයෙක් තෙමේ ප්‍රකෘතියෙන් දුර්වල වේද, මද ශක්ති ඇත්තේවේද, යමෙක් තරුණ කාලයෙහි අරණ්‍යයෙහි විසීම නිෂ්පාදනයකොට, මහලු කාලයෙහි හෝ වාපිත් ආදියෙන් හටගත් ධාතුක්‍ෂොභ කාලයෙහි හෝ ආරණ්‍යයෙහි විසීම නිපදවාද ග්‍රාමාන්තයෙහිම වසමින් දුක් කෙළවර කරන්නට වේද, ඔවුන්ට ආර්‍ය්‍ය මාර්ගයේ සිදීම වන්නේද, අර්හත්ඵලාධිගමය නොවන්නේද, ශාස්තෘශාසනය ධර්මයෙන් පහවූවෙක් විනයෙන් පහවූවෙක් විරුද්ධවූවෙක් නෛර්‍ය්‍යාණික නොවූවෙක් වන්නේද, ඔවුන්ගේ ශාස්තෘතෙමේද සියල්ල දන්නෙක් නොවන්නේද ‘ස්වකීයවාදය හැරපියා දෙවදත්තවාදයෙහි පිහිටියහයි ගැරහිය යුත්තාහු වන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙබඳු පුද්ගලයන්ට සඞ්ග්‍රහ කරනසේක් දෙවදත්තයාගේ වාදය ප්රතික්ෂෙපකළ සේක. මේ උපායෙන්ම පිණ්ඩපාතිකවස්තුවෙහිද පංසුකූලිකවස්තුවෙහිද අටමසෙක්හි වෘක්ෂමූලික වස්තුවෙහිද විනිශ්චය දතයුතුය. සිවුමසක් වෘක්ෂ මූලසේනාසනය ප්රතික්ෂෙප කරන ලද්දේමය.
මච්ඡමංසවත්ථුස්මිං තිකොටිපරිසුද්ධන්ති තීහි කොටීහි පරිසුද්ධං, දිට්ඨාදීහි අපරිසුද්ධීහි විරහිතන්ති අත්ථො. තෙනෙවාහ – “අදිට්ඨං, අසුතං, අපරිසඞ්කිත”න්ති. තත්ථ “අදිට්ඨං” නාම භික්ඛූනං අත්ථාය මිගමච්ඡෙ වධිත්වා ගය්හමානං අදිට්ඨං. “අසුතං” නාම භික්ඛූනං අත්ථාය මිගමච්ඡෙ වධිත්වා ගහිතන්ති අසුතං. “අපරිසඞ්කිතං” පන දිට්ඨපරිසඞ්කිතං සුතපරිසඞ්කිතං තදුභයවිමුත්තපරිසඞ්කිතඤ්ච ඤත්වා තබ්බිපක්ඛතො ජානිතබ්බං. කථං? ඉධ භික්ඛූ පස්සන්ති මනුස්සෙ ජාලවාගුරාදිහත්ථෙ ගාමතො ව නික්ඛමන්තෙ අරඤ්ඤෙ වා විචරන්තෙ, දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ්ඩාය පවිට්ඨානං සමච්ඡමංසං පිණ්ඩපාතං අභිහරන්ති. තෙ තෙන දිට්ඨෙන පරිසඞ්කන්ති “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං දිට්ඨපරිසඞ්කිතං, නාම එතං ගහෙතුං න වට්ටති. යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා භන්තෙ න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං භන්තෙ භික්ඛූනං අත්ථාය කතං, අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කත”න්ති වදන්ති කප්පති.
මච්ඡමංස වස්තුවෙහි “තිකොටිපරිසුද්ධං” මරනු නොදක්නාලද, නොඅසනලද, සැක නොකරනලද යන කරුණු තුනින් පිරිසිදුවූ දක්නාලද ආදීවූ අපරිසුද්ධීන්ගෙන් තොරවූ යන අර්‍ත්‍ථයි. එහෙයින්ම “අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං” යනු වදාළ සේක. එහි අදිට්ඨ නම් භික්ෂූන් සඳහා මෘගමත්ස්ය මරාගනු ලබන්නේ නොදක්නා ලද්දේය. අසුත නම් භික්ෂූන් සඳහා මෘගමත්ස්යයන් මරා ගන්නා ලදැයි නොඅසන ලද්දේය. අපරිසඞ්කිත නම් දිට්ඨපරිසඞ්කිතය සුතපරිසඞ්කිතය, එදෙකින් විමුත්තපරිසඞ්කිතයද දැන එයට විපක්ෂ වශයෙන් දතයුතුයි. කෙසේදයත්, මෙහි මහණෝ මත්ස්යබන්ධන මෘගබන්ධනාදිය ගත් අත් ඇතිව ගමින් නික්මෙන මිනිසුන් හෝ වෙනෙහි හැසිරෙන මිනිසුන් හෝ දකිත්ද, දෙවනදාද, ඒ ගමට පිඬු පිණිස පිවිසි ඒ මහණුන්ට මත්ස්‍ය සහිතවූ පිණ්ඩපාතය එළවත්ද, ඒ මහණෝ ඒ දැකීමෙන් ‘මහණුන් සඳහා කරන ලදැ’යි සැක කෙරෙත්ද, මෙය දිට්ඨපරිසඞ්කිත නම් වේ. මෙය ගන්නට නොවටියි. මෙසේ යම් මත්ස්‍ය මාංසයක් ගැන මෙසේ සැක නොකරන ලද්දේ ද එය වටියි. ඉදින් වනාහි ඒ මිනිස්සු ‘ස්වාමීනි’ කුමක් හෙයින් නොපිළිගනිහුදැයි විචාරා, එබව අසා, ‘ස්වාමීනි’ මෙය භික්ෂූන් සඳහා නොකරන ලදය, අප විසින් මෙය අප සඳහා හෝ රාජානුවතිකාදීන් සඳහා හෝ කරන ලදැ’යි කියත්නම් කැපවේ.
නහෙව ඛො භික්ඛූ පස්සන්ති; අපිච සුණන්ති, මනුස්සා කිර ජාලවාගුරාදිහත්ථා ගාමතො වා නික්ඛමන්ති, අරඤ්ඤෙ වා විචරන්තී”ති. දුතියදිවසෙ ච නෙසං තං ගාමං පිණ්ඩාය පවිට්ඨානං “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං “සුතපරිසඞ්කිතං” නාම. එතං ගහෙතුං න වට්ටති, යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා, භන්තෙ, න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං, භන්තෙ, භික්ඛූනං අත්ථාය කතං, අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කත”න්ති වදන්ති කප්පති.
මහණෝ නොම දකිත්, නොම අසත්. එහෙත් ගමට පිඬු පිණිස පිවිසි ඒ මහණුගේ පාත්‍රය ගෙන [missing trans] මෙසේ සැක නොකරන ලද්දේ ද, එය වටියි. ඉදින්වනාහි ඒ මිනිස්සු ස්වාමීනි කුමක් හෙයින් නොපිළිගනිහුදැයි විචාරා එබව අසා, ‘ස්වාමීනි’ මෙය භික්ෂූන් සඳහා නොකරලදයි, අප විසින් මෙය අප සඳහා හෝ රාජානුවතිකාදීන් සඳහා හෝ කරන ලදැයි කියත්නම් කැපවේ.
නහෙව ඛො පන භික්ඛූ පස්සන්ති, න සුණන්ති; අපිච ඛො තෙසං ගාමං පිණ්ඩාය පවිට්ඨානං පත්තං ගහෙත්වා සමච්ඡමංසං පිණ්ඩපාතං අභිසඞ්ඛරිත්වා අභිහරන්ති, තෙ පරිසඞ්කන්ති “භික්ඛූනං නුඛො අත්ථාය කත”න්ති ඉදං “තදුභයවිමුත්තපරිසඞ්කිතං” නාම. එතං ගහෙතුං න වට්ටති. යං එවං අපරිසඞ්කිතං තං වට්ටති. සචෙ පන තෙ මනුස්සා “කස්මා, භන්තෙ, න ගණ්හථා”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා “නයිදං, භන්තෙ, භික්ඛූනං අත්ථාය කතං අම්හෙහි අත්තනො අත්ථාය වා රාජයුත්තාදීනං අත්ථාය වා කතං පවත්තමංසං වා කප්පියමෙව ලභිත්වා භික්ඛූනං අත්ථාය සම්පාදිත”න්ති වදන්ති කප්පති. මතානං පෙතකිච්චත්ථාය මඞ්ගලාදීනං වා අත්ථාය කතෙපි එසෙව නයො. යං යඤ්හි භික්ඛූනංයෙව අත්ථාය අකතං, යත්ථ ච නිබ්බෙමතිකො හොති, තං සබ්බං කප්පති.
මහණෝ නොම දකිත්. නොම අසත්. එහෙත් ගමට පිඬු පිණිස පිවිසි ඒ මහණුන්ගේ පාත්‍රය ගෙන මත්ස්‍ය මාංස සහිතවූ පිණ්ඩපාතය පිළියෙලකොට එළවත්. ඒ මහණෝ ‘මහණුන් සඳහා පිළියෙල කරන ලදදැයි සැක කරත්ද, ඒ මෙය දිට්ඨසුත දෙකින් මිදුණු පරිසඞ්කිත නම්වේ. මෙද ගන්නට නොවටියි. යම් මත්ස්‍ය මාංසයක් මෙසේ සැක නොකරන ලද්දේ නම් එය වටියි. ඉදින්වනාහි ඒ මිනිස්සු ‘ස්වාමීනි’ කුමක් හෙයින් නොපිළිගනීහුදැයි විචාරා එබව අසා ‘ස්වාමීනි’ මෙය භික්ෂූන් සඳහා නොකරන ලදය, අප විසින් තමන් සඳහා හෝ රාජානුවතිකාදීන් සඳහා හෝ කරන ලදය, මිලදීගත් මාංසය හෝ කැපයක්ම ලැබ භික්ෂූන් සඳහා සපයන ලදැයි කියත්ද, කැපවේ. මළවුන් පිළිබඳ ප්රෙතකෘත්යය පිණිස හෝ මගුල් ආදිය පිණිස හෝ කරන ලද්දෙහිද මෙම නයවේ. යමක් යමක් භික්ෂූන් සඳහාම නොකරන ලදද, යමක විමති නැත්තේවේද, ඒ සියල්ල කැපවේ.
සචෙ පන එකස්මිං විහාරෙ භික්ඛූ උද්දිස්ස කතං හොති, තෙ ච අත්තනො අත්ථාය කතභාවං න ජානන්ති, අඤ්ඤෙ ජානන්ති. යෙ ජානන්ති, තෙසං න වට්ටති , ඉතරෙසං වට්ටති. අඤ්ඤෙ න ජානන්ති, තෙයෙව ජානන්ති, තෙසංයෙව න වට්ටති, අඤ්ඤෙසං වට්ටති. තෙපි අම්හාකං අත්ථාය කතන්ති ජානන්ති, අඤ්ඤෙපි එතෙසං අත්ථාය කතන්ති ජානන්ති, සබ්බෙසම්පි න වට්ටති, සබ්බෙ න ජානන්ති, සබ්බෙසම්පි වට්ටති. පඤ්චසු හි සහධම්මිකෙසු යස්ස වා තස්ස වා අත්ථාය උද්දිස්ස කතං, සබ්බෙසං න කප්පති.
ඉදින් එක් වෙහෙරක භික්ෂූන් උදෙසා කරන ලද්දක්වේද, ඔවුහුද තමන් පිණිස කළබව නොදනිත්ද, අන්හු දනිත්ද, යම් කෙනෙක් දනිත්ද, ඔවුන්ටම නොවටියි. අන්හට වටියි. ඒ භික්ෂූන්හුද අප සඳහා කරන ලදැයි දනිත්ද, අන්‍යයෝත් මොවුන් සඳහා කරන ලදැයි දනිත්ද සියල්ලන්ටම නොවටියි සියල්ලෙන් නොදකිත්ද සියල්ලන්ට වටියි. පස්මහදැහැමියන් අතුරෙහි යම් ඒ එකෙකු පිණිස උදෙසා කරන ලදද, සියල්ලන්ට කැප නොවේ.
සචෙ පන කොචි එකං භික්ඛුං උද්දිස්ස පාණං වධිත්වා තස්ස පත්තං පූරෙත්වා දෙති, සො ච අත්තනො අත්ථාය කතභාවං ජානංයෙව ගහෙත්වා අඤ්ඤස්ස භික්ඛුනො දෙති, සො තස්ස සද්ධාය පරිභුඤ්ජති, කස්ස ආපත්තීති? ද්වින්නම්පි අනාපත්ති. යඤ්හි උද්දිස්ස කතං තස්ස අභුත්තතාය අනාපත්ති, ඉතරස්ස අජානනතාය. කප්පියමංසස්ස හි පටිග්ගහණෙ ආපත්ති නත්ථි. උද්දිස්ස කතඤ්ච අජානිත්වා භුත්තස්ස පච්ඡා ඤත්වා ආපත්තිදෙසනාකිච්චං නාම නත්ථි, අකප්පියමංසං පන අජානිත්වා භුත්තෙන පච්ඡා ඤත්වාපි ආපත්ති දෙසෙතබ්බා, උද්දිස්ස කතඤ්හි ඤත්වා භුඤ්ජතොව ආපත්ති. අකප්පියමංසං අජානිත්වා භුඤ්ජන්තස්සාපි ආපත්තියෙව. තස්මා ආපත්තිභීරුකෙන රූපං සල්ලක්ඛෙන්තෙනපි පුච්ඡිත්වාව මංසං පටිග්ගහෙතබ්බං. පරිභොගකාලෙ පුච්ඡිත්වා පරිභුඤ්ජිස්සාමීති වා ගහෙත්වා පුච්ඡිත්වාව පරිභුඤ්ජිතබ්බං. කස්මා? දුවිඤ්ඤෙය්යත්තා. අච්ඡමංසං හි සූකරමංසසදිසං හොති, දීපිමංසාදීනිපි මිගමංසාදිසදිසානි, තස්මා පුච්ඡිත්වා ගහණමෙව වත්තන්ති වදන්ති.
ඉදින් කිසිවෙක් එක් මහණෙකු උදෙසා ප්‍රාණයක් නිසා ඒ මහණහුට පාත්‍රය පුරවා දේද, හෙතෙමේ තමන් පිණිස කළබව දන්නේම ගෙන අන් මහණක්හට දේද, ඒ මහණතෙමේ ඔහු ඇදහීමෙන් වළඳාද, එකල්හි කවරක්හට ඇවැත්වේද යත්: දෙදෙනාහටම ඇවැත් නොවේ. යමෙකු උදෙසා කරන ලදද, නොවැළඳු බැවින් ඔහුට ඇවැත් නොවේ. අනිකාහට නොදත්බැවින් කැපමය පිළිගැනීමෙහි ඇවැතක් නැත්තේය. යමෙකු උදෙසා කරන ලදද නොදැන වැළඳුවහුට පසුව දැන ඇවැත් දෙසීම් කියත් නම් නැත්තේය. අකැප මසක් වනාහි නොදැන වැළදූවහු විසින් පසුව දැනද ඇවැත දෙසිය යුතුය. උදෙසා කරන ලද්ද දැන වළඳන්නහුටම ඇවැත් වේ. අකැපමය. නොදැන වළඳන්නහුටද ඇවැත්වේමය. එහෙයින් ආපත්තිභිරුකවූ රූපය සලකන්නහු විසිනුදු විචාරාම මස පිළිගත යුතුය. ‘පරිභොග කාලයෙහි විචාරා වළඳන්නෙමියි ගෙන විචාරා වැළඳිය යුතුය. කුමක් හෙයින්දයත්: දැනගත නොහැකි බැවිනි. වලස්මසද ඌරුමස වැනිය. දිවිමස් ආදියද මුවමස් ආදිය වැනිය. එහෙයින් විචාරා ගැණීමම වටනේයයි කියත්.
හට්ඨො උදග්ගොති තුට්ඨො චෙව උන්නතකායචිත්තො ච හුත්වා. සො කිර “න භගවා ඉමානි පඤ්ච වත්ථූනි අනුජානාති, ඉදානි සක්ඛිස්සාමි සඞ්ඝභෙදං කාතු”න්ති කොකාලිකස්ස ඉඞ්ගිතාකාරං දස්සෙත්වා යථා විසං වා ඛාදිත්වා රජ්ජුයා වා උබ්බන්ධිත්වා සත්ථං වා ආහරිත්වා මරිතුකාමො පුරිසො විසාදීසු අඤ්ඤතරං ලභිත්වා තප්පච්චයා ආසන්නම්පි මරණදුක්ඛං අජානන්තො හට්ඨො උදග්ගො හොති; එවමෙව සඞ්ඝභෙදපච්චයා ආසන්නම්පි අවීචිම්හි නිබ්බත්තිත්වා පටිසංවෙදනීයං දුක්ඛං අජානන්තො “ලද්ධො දානි මෙ සඞ්ඝභෙදස්ස උපායො”ති හට්ඨො උදග්ගො සපරිසො උට්ඨායාසනා තෙනෙව හට්ඨභාවෙන භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
‘භට්ඨො උදග්ගො’ තුටුවූයේද, ඔදවැඩි කාය චිත්ත ඇතියෙක්ද වී ඒ දෙව්දත්තෙමේ ‘භාග්‍යවත්තෙමේ මේ පඤ්ච වස්තූන් නොඅනුදනියි. දැන් සඞ්ඝභෙදය කරන්නට හැකිවන්නෙමියි කොකාලිකහට : අදහස් කළ ආකාරය දක්වා විස කෑමෙන් හෝ රැහණෙන් ගෙල බැද එල්බීමෙන් හෝ ආවුධයක් ගැනීමෙන් හෝ මැරෙනු කැමති පුරුෂයෙක්තෙමේ ඒ විස ආදීන් අතුරෙහි එක්තරා එකක් ලැබ ඒ හේතුවෙන් ලංව සිටි මරණ දුක්ද නොදන්නේ යම්සේ සතුටුවේද, ඔදවැඩි සිත් ඇත්තේ වේද, එසේම සඞ්ඝභෙද හෙතුවෙන් අවීචියෙහි ඉපිද විඳියයුතුවූ ලංව සිටි දුක නොදන්නේ ‘දැන් මා විසින් සඞ්ඝභෙදයට උපාය ලදැ’යි සතුටු වූයේ ඔදවැඩි සිතැත්තේ පිරිස් සහිතව හුනස්නෙන් නැගිට ඒ සන්තොෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.
තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාමාති එත්ථ පන “ඉමානි පඤ්ච වත්ථූනී”ති වත්තබ්බෙපි තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාමාති අභිණ්හං පරිවිතක්කවසෙන විභත්තිවිපල්ලාසං අසල්ලක්ඛෙත්වා අභිණ්හං පරිවිතක්කානුරූපමෙව “තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහී”ති ආහ, යථා තං වික්ඛිත්තචිත්තො.
“තෙ මයං ඉමෙහි පඤ්චෙහි වත්ථූහි සමාදාය වත්තාම” යන මෙහි වනාහි “ඉමානි පඤ්චවත්ථූනි” කිය යුත්තෙහිම තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාම’යි නිත්යපරිවිතර්ක වශයෙන් විභක්ති විපර්‍ය්‍යාසය නොසලකා නිත්යපරිවිතර්කයට අනුරූපවම “තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහු” යනු කීයේය. විසිරීගිය සිතැත්තෙක් යම්සේද එසේය.
ධුතා සල්ලෙඛවුත්තිනොති යා පටිපදා කිලෙසෙ ධුනාති, තාය සමන්නාගතත්තා ධුතා. යා ච කිලෙසෙ සල්ලිඛති, සා එතෙසං වුත්තීති සල්ලෙඛවුත්තිනො.
“ධුතා සල්ලෙඛවුත්තිනො” යම් ප්‍රතිපදාවක් කෙලෙසුන් සලාද, ඒ ප්‍රතිපදාවෙන් යුක්තබැවින් ධුත නම් වෙයි. යම් ප්‍රතිපදාවක් කෙලෙසුන් කපා හරීද, ඒ ප්‍රතිපදාව මොවුන්ගේ පැවැත්මැයි සල්ලෙඛවුත්තී නම් වෙයි.
බාහුලිකොති චීවරාදීනං පච්චයානං බහුලභාවො බාහුල්ලං, තං බාහුල්ලමස්ස අත්ථි, තස්මිං වා බාහුල්ලෙ නියුත්තො ඨිතොති බාහුලිකො. බාහුල්ලාය චෙතෙතීති බාහුලත්තාය චෙතෙති කප්පෙති පකප්පෙති. කථඤ්හි නාම මය්හඤ්ච සාවකානඤ්ච චීවරාදීනං පච්චයානං බහුලභාවො භවෙය්‍යාති එවං උස්සුක්කමාපන්නොති අධිප්පායො. චක්කභෙදායාති ආණාභෙදාය.
“බාහුලිකො” චීවරාදි ප්‍රත්‍යයන්ගේ බහුලභාවය බාහුල්ල නම. ඒ බහුලබව මොහුට ඇත්තේය. ඒ බහුලභාවයෙහි නියුක්ත වූයේ හෝ සිටියේයයි බාහුලික නම. “බාහුල්ලාය චෙතෙති” බහුලබව පිණිස සිතයි. කල්පනා කරයි. තදින් කල්පනා කරයි. ‘කෙසේ නම් මමද ශ්රාවකයන්ටද චීවරාදීන්ගේ බහුලබව වේදැ’යි මෙසේ උත්සාහයට පැමිණියේය යන අදහසය. “චක්කභෙදාය” ආණාභෙදය පිණිස
ධම්මිං කථං කත්වාති ඛන්ධකෙ වුත්තනයෙන “අලං, දෙවදත්ත, මා තෙ රුච්චි සඞ්ඝභෙදො. ගරුකො ඛො, දෙවදත්ත, සඞ්ඝභෙදො. යො ඛො, දෙවදත්ත, සමග්ගං සඞ්ඝං භින්දති, කප්පට්ඨිකං කිබ්බිසං පසවති, කප්පං නිරයම්හි පච්චති, යො ච ඛො, දෙවදත්ත, භින්නං සඞ්ඝං සමග්ගං කරොති, බ්රහ්මං පුඤ්ඤං පසවති, කප්පං සග්ගම්හි මොදතී”ති (චූළව· 343) එවමාදිකං අනෙකප්පකාරං දෙවදත්තස්ස ච භික්ඛූනඤ්ච තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා.
“ධම්මිං කථං කත්වා” ඛන්ධකයෙහි කියූ නයින් ‘දෙවදත්ත’ කම් නැත. සඞ්ඝභෙදය රුචි නොවේවා, දෙවදත්ත, සඞ්ඝභෙදය බරය, දෙවදත්ත, යමෙක් සමගි සඞ්ඝයා බිදහරීද, හෙතෙමේ කල්පයක් සිටුනා පව් රැස් කරයි. කපක් නිරයෙහි පැසෙයි. දෙවදත්ත, බිදීගිය සඞ්ඝයා සමගිකරයිද, හෙතෙමේ ශ්‍රේෂ්ඨ පුණ්‍යයක් රැස්කරයි. කපක් ස්වර්ගයෙහි සතුටුවේයයි දෙව්දත්හටද භික්ෂූන්ටද මේ ආදීවූ නන්වැදෑරුම් වූ එයට සුදුසුවූ එයට අනුලොම් වූ දැහැමිකතාකොට.
සමග්ගස්සාති සහිතස්ස චිත්තෙන ච සරීරෙන ච අවියුත්තස්සාති අත්ථො. පදභාජනෙපි හි අයමෙව අත්ථො දස්සිතො. සමානසංවාසකොති හි වදතා චිත්තෙන අවියොගො දස්සිතො හොති. සමානසීමායං ඨිතොති වදතා සරීරෙන. කථං? සමානසංවාසකො හි ලද්ධිනානාසංවාසකෙන වා කම්මනානාසංවාසකෙන වා විරහිතො සමචිත්තතාය චිත්තෙන අවියුත්තො හොති. සමානසීමායං ඨිතො කායසාමග්ගිදානතො සරීරෙන අවියුත්තො.
“සමග්ගස්ස” එක්වූ සිතින්ද සිරුරෙන්ද නොවෙන්වූ යන අර්‍ත්‍ථයි. පදභාජනයෙහිද මේ අර්ත්ථයම දක්වන ලද්දේය ‘සමානසංවාසකයි කියන්නහු විසින් සිතින් නොවෙන්වීම දක්වන ලද්දේ වේ. සමාන සීමාවෙහි සිටියේයයි කියන්නහු විසින් සිරුරෙන් නොවෙන්වීම දක්වන ලද්දේ වේ. සමානසංවාසකතෙමේ වනාහි උත්ක්‍ෂිප්තානුවර්‍තක භාවයෙන් යුක්ත ලබ්ධි නානාසංවාසකයා කෙරෙන්ද, උත්ක්‍ෂෙපණීය කර්මය කරන ලද කර්ම නානාසංවාසකයා කෙරෙන්ද වෙන්වූයේ සමසිත් ඇති බැවින් සිතින් නොවෙන්වූයේ වේ. සමාන සීමාවෙහි සිටියේ කායසාමග්රිදානයෙන් සිරුරෙන් නොවෙන්වූයේ වේ. සමාන සීමාවෙහි සිටියේ කායසාමග්රිදානයෙන් සිරුරෙන් නොවෙන්වූයේය.
භෙදනසංවත්තනිකං වා අධිකරණන්ති භෙදනස්ස සඞ්ඝභෙදස්ස අත්ථාය සංවත්තනිකං කාරණං. ඉමස්මිඤ්හි ඔකාසෙ “කාමහෙතු කාමනිදානං කාමාධිකරණ”න්තිආදීසු (ම· නි· 1.168) විය කාරණං අධිකරණන්ති අධිප්පෙතං. තඤ්ච යස්මා අට්ඨාරසවිධං හොති, තස්මා පදභාජනෙ “අට්ඨාරස භෙදකරවත්ථූනී”ති වුත්තං. තානි පන “ඉධූපාලි, භික්ඛු අධම්මං ධම්මොති දීපෙතී”තිආදිනා (චූළව· 352) නයෙන ඛන්ධකෙ ආගතානි, තස්මා තත්රෙව නෙසං අත්ථං වණ්ණයිස්සාම. යොපි චායං ඉමානි වත්ථූනි නිස්සාය අපරෙහිපි කම්මෙන, උද්දෙසෙන, වොහාරෙන, අනුසාවනාය, සලාකග්ගාහෙනාති පඤ්චහි කාරණෙහි සඞ්ඝභෙදො හොති, තම්පි ආගතට්ඨානෙයෙව පකාසයිස්සාම. සඞ්ඛෙපතො පන භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදායාති එත්ථ සඞ්ඝභෙදස්ස අත්ථාය සංවත්තනිකං සඞ්ඝභෙදනිප්ඵත්තිසමත්ථං කාරණං ගහෙත්වාති එවමත්ථො වෙදිතබ්බො. පග්ගය්හාති පග්ගහිතං අබ්භුස්සිතං පාකටං කත්වා. තිට්ඨෙය්යාති යථාසමාදින්නං යථාපග්ගහිතමෙව ච කත්වා අච්ඡෙය්ය . යස්මා පන එවං පග්ගණ්හතා තිට්ඨතා ච තං දීපිතඤ්චෙව අප්පටිනිස්සට්ඨඤ්ච හොති, තස්මා පදභාජනෙ “දීපෙය්යා”ති ච “නප්පටිනිස්සජ්ජෙය්යා”ති ච වුත්තං.
“භෙදනසංවත්තනිකං අධිකරණං” බිඳීම පිණිස සඞ්ඝභෙදය පිණිස පවත්නා කරුණක්. මේ අවකාශයෙහි ‘කාමහෙතු කාමනිදානං කාමාධිකරණං’ යනාදි තන්හි මෙන් කාරණය අධිකරණැයි අදහස් කරන ලද්දේය. එද යම්හෙයකින් අටළොස් වැදෑරුම්වේද, එහෙයින් පදභාජනයෙහි “අට්ඨාරසභෙදකර වත්ථූනි” යනු කියනලදී. “ඉධූපාලි භික්ඛු අධම්මං ධම්මොති දීපෙති” යනාදි නයින් ඔවුහු ඛන්ධකයෙහි ආවාහුද එහෙයින් එහිදීම ඔවුන්ගේ අර්ත්ථය වර්ණනා කරන්නෙමු. මේ අටළොස් වැදෑරුම් වූ භෙදකර වස්තූන් නිසා අන්‍යවූද අපලොකතාදි චතුර්විධ කර්ම අතුරෙන් එක්තරා එකකින්, පඤ්චවිධ ප්රාතිමොක්ෂාද්දෙශ අතුරෙන් එක්තරා එකකින්, අටළොස්භෙදකර වස්තූන් දැක්වීම නම්වූ ව්‍යවහාරයෙන්, තමන්ගේ ලබ්ධිය ගන්වනු පිණිස නැවත නැවත කණමුල ඇස්වීමෙන්, තමන්ගේ පක්ෂය ගත්බව දක්වනු පිණිස සලාක ගැන්වීමෙන් යන කරුණු පසින් යම් මේ සඞ්ඝභෙදයක්වේද, එද ආතන්හිම ප්‍රකාශ කරන්නෙමු. සැකෙවින් වනාහි “භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය” මෙහි සඞ්ඝභෙදය පිණිස පවත්නා සඞ්ඝභෙදයෙහි සිද්ධියට සමත්වූ කරුණක් ගැනැයි මෙසේ අර්ත්ථය දතයුතුය. “පග්ගය්හ” දැඩිව ගන්නා ලද්දක් තදින් එසුවුණක් ප්රකටවූවක්කොට. “තිට්ඨෙය්ය” සමාදන් වූ ලෙසට දැඩිව ගන්නාලද පරිදිමකොට සිටින්නේය. යම්හෙයකින් මෙසේ ගන්නහු විසින්ද සිටින්නහු විසින්ද ඒ දක්වන ලද්දම නොහරන ලද්දේත්වේද, එහෙයින් පදභාජනයෙහි “දීපෙය්ය” යනුත් “නප්පටිනිස්සජ්ජෙය්ය” යනුත් වදාරන ලදී.
භික්ඛූහි එවමස්ස වචනීයොති අඤ්ඤෙහි ලජ්ජීහි භික්ඛූහි එවං වත්තබ්බො භවෙය්ය. පදභාජනෙ චස්ස යෙ පස්සන්තීති යෙ සම්මුඛා පග්ගය්හ තිට්ඨන්තං පස්සන්ති. යෙ සුණන්තීති යෙපි “අසුකස්මිං නාම විහාරෙ භික්ඛූ භෙදනසංවත්තනිකං අධිකරණං සමාදාය පග්ගය්හ තිට්ඨන්තී”ති සුණන්ති.
“භික්ඛූහි එවමස්ස වචනීයො” අන්‍යවූ ලජ්ජී භික්ෂූන් විසින් මෙසේ කියයුතු වන්නේය. මේ පිළිබඳ පදභාජනයෙහිද “යෙ පස්සන්ති” යම්කෙනෙක් හමුවෙහි ගෙන සිටින්නහු දකිත්ද, “යෙ සුණන්ති” යම්කෙනෙක් අසුවල් විහාරයෙහි භික්ෂූහු බිඳීම පිණිස පවත්නා වූ කරුණක් සමාදන්ව දැඩිවගෙන සිටිත්යයි අසත්ද, එකල්හි
සමෙතායස්මා සඞ්ඝෙනාති ආයස්මා සඞ්ඝෙන සද්ධිං සමෙතු සමාගච්ඡතු එකලද්ධිකො හොතූති අත්ථො. කිං කාරණා? සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතීති.
“සම්තොයස්මා සඞ්ඝෙන” ආයුෂ්මත් තෙමේ සඞ්ඝයා සමග එක්වේවා, සමබවට යේවා, එක් ලබ්ධි ඇත්තේවේවා, යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින්දයත් “සමග්ගොහි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරති”යි වදාළ බැවිනි.
තත්ථ සම්මොදමානොති අඤ්ඤමඤ්ඤං සම්පත්තියා සට්ඨු මොදමානො. අවිවදමානොති “අයං ධම්මො, නායං ධම්මො”ති එවං න විවදමානො. එකො උද්දෙසො අස්සාති එකුද්දෙසො, එකතො පවත්තපාතිමොක්ඛුද්දෙසො, න විසුන්ති අත්ථො. ඵාසු විහරතීති සුඛං විහරති.
එහි “සම්මොදමානො” ඔවුනොවුන් ශීලාදිසම්පත්තියෙන් මොනවට සතුටු වෙමින්, “අවිවදමානො” මේ ධර්මය, ධර්මය නොවේයයි මෙසේ විවාද නොකරමින් එක් උද්දෙසයක් මොහුටනුයි එකුද්දෙස නම. එක්ව පැවති ප්රාතිමොක්ෂාද්දෙශය ඇත්තේය. නොවෙන්ව යන අර්‍ත්‍ථයි. “ඵාසු විහරති” සුවසේ වෙසෙයි.
ඉච්චෙතං කුසලන්ති එතං පටිනිස්සජ්ජනං කුසලං ඛෙමං සොත්ථිභාවො තස්ස භික්ඛුනො. නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්සාති තික්ඛත්තුං වුත්තස්ස අප්පටිනිස්සජ්ජතො දුක්කටං. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්සාති යෙ සුත්වා න වදන්ති, තෙසම්පි දුක්කටං. කීවදූරෙ සුත්වා අවදන්තානං දුක්කටං? එකවිහාරෙ තාව වත්තබ්බං නත්ථි. අට්ඨකථායං පන වුත්තං “සමන්තා අද්ධයොජනෙ භික්ඛූනං භාරො. දූතං වා පණ්ණං වා පෙසෙත්වා වදතොපි ආපත්තිමොක්ඛො නත්ථි. සයමෙව ගන්ත්වා ‘ගරුකො ඛො, ආවුසො, සඞ්ඝභෙදො , මා සඞ්ඝභෙදාය, පරක්කමී’ති නිවාරෙතබ්බො”ති. පහොන්තෙන පන දූරම්පි ගන්තබ්බං අගිලානානඤ්හි දූරෙපි භාරොයෙව.
“ඉච්චෙතං කුසලං” මේ ලබ්ධිය අත්හැරීම මැනවි නිරුපද්රය. ඒ මහණහුගේ සවස්තිභාවය වේ. “නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස” තුන්වරක් කියන ලදුව නොහරින්නට දුක්කටය වේ. “සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස” යම්කෙනෙක් අසා නොකියත්ද, ඔවුන්ටද, දුක්කටය වේ. කොපමණ දුරසිට අසා නොකියන්නවුන්ට දුක්කටය වේදයත් එක් වෙහෙරෙහි සිට අසන්නවුන් පිළිබඳව කිය යුත්තක් නැත්තේය. අර්‍ත්‍ථකථාවෙහි වනාහි හාත්පස අඩයොදුනක් තැන සිටි භික්ෂූන්ට භාරය වේ. දුතයෙකු හෝ හසුනක් හෝ යවා කියන්නහුටද ඇවැතින් මිදීමක් නැත්තේය. තෙමේම ගොස් ‘ඇවැත, සඞ්ඝභෙදය බරය, සඞ්ඝභෙදය පිණිස උත්සාහ නොකරවයි වැළක්විය යුතුයයි කියන ලදී. යන්නට සමත් නොගිලන්හු විසින් දුරටද යායුතුය. නොගිලනුන්ට දුරපවා භාරමය.
ඉදානි “එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො”තිආදීසු අත්ථමත්තමෙව දස්සෙතුං “සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො”තිආදිමාහ. තත්ථ සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වාති සචෙ පුරිමනයෙන වුච්චමානො න පටිනිස්සජ්ජති හත්ථෙසු ච පාදෙසු ච ගහෙත්වාපි සඞ්ඝමජ්ඣං ආකඩ්ඪිත්වා පුනපි “මා ආයස්මා”තිආදිනා නයෙන තික්ඛත්තුං වත්තබ්බො.
දැන් “එවඤ්ච සො භික්ඛු භික්ඛුහි වුච්චමානො” යනාදි තන්හි අර්ත්ථය පමණක්ම දක්වනු පිණිස “සො භික්ඛු සඞ්ඝමජ්න්ධම්පි ආකඩ්ඪිත්වා” ඉදින් පෙර කියූ නයින් කියනු ලබන්නේ නොහරීද, අත් හා පාද ගෙනද සඟමැදට ඇද නැවැතත් “මා ආයස්මා” යනාදි නයින් තෙවරක් කියයුතුය.
යාවතතියං සමනුභාසිතබ්බොති යාව තතියං සමනුභාසනං තාව සමනුභාසිතබ්බො. තීහි සමනුභාසනකම්මවාචාහි කම්මං කාතබ්බන්ති වුත්තං හොති. පදභාජනෙ පනස්ස අත්ථමෙව ගහෙත්වා සමනුභාසනවිධිං දස්සෙතුං “සො භික්ඛු සමනුභාසිතබ්බො. එවඤ්ච පන, භික්ඛවෙ, සමනුභාසිතබ්බො”තිආදි වුත්තං.
“යාව තතියං සමනුභාසිතබ්බො” තෙවන සමනුභාෂණය යම්තාක්ද ඒතාක් සමනුභාෂණය කටයුතුය. ත්‍රිවිධ සමනුභාසනකර්මවාක්යයෙන් කර්මය කටයුතුයයි කියන ලද්දේ වේ. පදභාජනයෙහි දෙවරක් මේ ශික්‍ෂාපදයෙහි අර්ත්ථයම ගෙන සමනුභාසන විධිය දක්වනු පිණිස “සො භික්ඛු භික්ඛුහි සමනුභාසිතබ්බො, එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො” යනාදිය වදාරන ලද්දේය.
තත්ථ ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්තීති යඤ්ච ඤත්තිපරියොසානෙ දුක්කටං ආපන්නො, යෙ ච ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයෙ, තා තිස්සොපි ආපත්තියො “යස්ස නක්ඛමති සො භාසෙය්‍යා”ති එවං ය්ය-කාරප්පත්තමත්තාය තතියකම්මවාචාය පටිප්පස්සම්භන්ති සඞ්ඝාදිසෙසොයෙව තිට්ඨති. කිං පන ආපන්නාපත්තියො පටිප්පස්සම්භන්ති අනාපන්නාති? මහාසුමත්ථෙරො තාව වදති “යො අවසානෙ පටිනිස්සජ්ජිස්සති, සො තා ආපත්තියො න ආපජ්ජති, තස්මා අනාපන්නා පටිප්පස්සම්භන්තී”ති. මහාපදුමත්ථෙරො පන ලිඞ්ගපරිවත්තෙන අසාධාරණාපත්තියො විය ආපන්නා පටිප්පස්සම්භන්ති, අනාපන්නානං කිං පටිප්පස්සද්ධියා”ති ආහ.
එහි ඤත්තියෙන් දුක්කටය වේ. කර්මවාක්ය දෙකින් ථුල්ලච්චය දෙකක් වේ. “පටිප්පස්සම්හන්ති” ඤත්තියෙහි කෙළවර යම් දුක්කටයකට පැමිණියේද, කර්මවාක්ය දෙකින් යම් ථුල්ලච්චය දෙකකට පැමිණියේද, ඒ තුන් ඇවැත්හු “යස්ස නක්ඛමති සො භාසෙය්ය” යන මෙහි මෙසේ තෙවන කර්මවාක්යය ය්යකාරයට පැමිණි මාත්‍රයෙහි සංසිඳෙත් සඞ්ඝාදිසෙසයෙහිම සිටිය කිම, පැමිණ ඇවැත්හු සාසිදෙත්ද, නොපැමිණි ඇවැත්හු සංසිදෙත්, යත් මහාසුම්ම ස්ථවිරතෙමේ වනාහි ‘යමෙක් කර්මවාක්යයෙහි කෙළවර අත්හරීද, හෙතෙමේ ඒ ඇවැතුන්ට නොපැමිණේ. එහෙයින් නොපැමිණි ඇවැත්හු සංසිදෙත්යි කියයි. මහපදුමස්ථවිර තෙමේ ලිඞ්ගපරිවර්තනයෙන් අසාධාරණ ඇවැතුන් මෙන් පැමිණ ඇවැත්හු සංසිඳෙන්නාහ. නොපැමිණියවුන්ගේ සංසිඳීමෙන් කිමැ’යි කීයේය.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤීති තඤ්චෙ සමනුභාසනකම්මං ධම්මකම්මං හොති, තස්මිං ධම්මකම්මසඤ්ඤීති අත්ථො. එස නයො සබ්බත්ථ. ඉධ සඤ්ඤා න රක්ඛති, කම්මස්ස ධම්මිකත්තා එව අප්පටිනිස්සජ්ජන්තො ආපජ්ජති.
“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” ඒ සමනුභාෂනකර්මය ධර්මකර්මවේනම් එහි ධර්‍මකර්‍මය යන හැඟීම් ඇත්තේය යන අර්‍ත්‍ථයි. හැමතන්හි මේනයයි. මෙහි සංඥා නොරකියි. කර්මය තමා ධාර්මික බැවින්ම නොහරින්නේ පැමිණේ.
අසමනුභාසන්තස්සාති අසමනුභාසියමානස්ස අප්පටිනිස්සජ්ජන්තස්සාපි සඞ්ඝාදිසෙසෙන අනාපත්ති.
“අසමනුභාසන්තස්ස” සමනුභාෂකර්මය නොකරනු ලබන ඒ ලබ්ධිය නොහරින්නහුට ද සඞ්ඝාදිසෙසයෙන් ඇවැත් නොවේ.
පටිනිස්සජ්ජන්තස්සාති ඤත්තිතො පුබ්බෙ වා ඤත්තික්ඛණෙ වා ඤත්තිපරියොසානෙ වා පඨමාය වා අනුසාවනාය දුතියාය වා තතියාය වා යාව ය්ය-කාරං න සම්පාපුණාති, තාව පටිනිස්සජ්ජන්තස්ස සඞ්ඝාදිසෙසෙන අනාපත්ති.
“පටිනිස්සජ්ජන්තස්ස” ඤත්තියෙන් පෙර හෝ ඤත්ති කෙරෙහි හෝ ඤත්ති කෙළවර හෝ පළමුවන හෝ දෙවන හෝ තෙවන හෝ අනුශ්‍රාවණයෙන් යම්තාක් ය්ය කාරයට නොපැමිණේද, ඒතාක් අත්හරින්නහුට සඞ්ඝාදිසෙසයෙන් ඇවැත් නොවේ.
ආදිකම්මිකස්සාති. එත්ථ පන “දෙවදත්තො සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, තස්මිං වත්ථුස්මි”න්ති පරිවාරෙ (පරි· 17) ආගතත්තා දෙවදත්තො ආදිකම්මිකො. සො ච ඛො සඞ්ඝභෙදාය පරක්කමනස්සෙව, න අප්පටිනිස්සජ්ජනස්ස. න හි තස්ස තං කම්මං කතං. කථමිදං ජානිතබ්බන්ති චෙ? සුත්තතො. යථා හි “අරිට්ඨො භික්ඛු ගද්ධබාධිපුබ්බො යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජි, තස්මිං වත්ථුස්මි”න්ති පරිවාරෙ (පරි· 121) ආගතත්තා අරිට්ඨස්ස කම්මං කතන්ති පඤ්ඤායති, න තථා දෙවදත්තස්ස. අථාපිස්ස කතෙන භවිතබ්බන්ති කොචි අත්තනො රුචිමත්තෙන වදෙය්ය, තථාපි අප්පටිනිස්සජ්ජනෙ ආදිකම්මිකස්ස අනාපත්ති නාම නත්ථි. න හි පඤ්ඤත්තං සික්ඛාපදං වීතික්කමන්තස්ස අඤ්ඤත්ර උද්දිස්ස අනුඤ්ඤාතතො අනාපත්ති නාම දිස්සති. යම්පි අරිට්ඨසික්ඛාපදස්ස අනාපත්තියං “ආදිකම්මිකස්සා”ති පොත්ථකෙසු ලිඛිතං, තං පමාදලිඛිතං. පමාදලිඛිතභාවො චස්ස “පඨමං අරිට්ඨො භික්ඛු චොදෙතබ්බො, චොදෙත්වා සාරෙතබ්බො, සාරෙත්වා ආපත්තිං රොපෙතබ්බො”ති (චූළව· 65) එවං කම්මක්ඛන්ධකෙ ආපත්තිරොපනවචනතො වෙදිතබ්බො.
“ආදිකම්මිකස්ස” යන මෙහි ‘දෙවදත්ත තෙමේ සමගිසඞ්ඝයාගේ බිඳීම පිණිස උත්සාහ කළේය. ඒ වස්තුවෙහියි. පරිවාරයෙහි ආ බැවින් දෙවදත්තතෙමේ ආදිකර්මික වේ. හෙතෙමේද සඞ්ඝභෙදය පිණිස උත්සාහ කරන්නහුගේ වසයෙන් ආදිකර්මික වේ. අත්නොහරින්නහු පිළිබඳව නොවේ. ඔහුට ඒ කර්මය නොකරන ලද්දේය. මෙය කෙසේ දතයුතුද යත්: සූත්‍රයෙන් දතයුතුය. ‘පෙර ගිජුලිහිණියන් නැසූ තැනැත්තෙක්ව සිටි අරිට්ඨභික්ෂුතෙමේ තෙවනවර දක්වා කළ සමනුභාෂණයෙන් ඒ උත්සාහය අත්නොහළේය. ඒ වස්තුවෙහියි පරිවාරයෙහි ආබැවින් අරිට්ඨ භික්ෂුහට කර්මය කරන ලදැයි යම්සේ ප්‍රකට වේද, දෙවදත්තහට එසේ නොවේ. එහෙත් මේ දෙවදත්තහට කළ කර්මයකින් වියයුතුයයි කිසිවෙක් තමාට රිසි පමණින් කියන්නේද, එහෙත් උත්සාහය අත්නොහැරීමෙහි ආදිකර්මිකයාහට අනාපත්තියක් නම් නැත. “අනුජානාමි භික්ඛවෙ රොමත්ථකස්ස රොමන්ථං”යි ආදි විසින් උදෙසා අනුඥාතශික්ෂාපදය හැර ප්රඥප්තිශික්ෂාපදයක් ඉක්මවන්නට අනාපත්තියක් නම් නොපෙනේ. අරිට්ඨශික්ෂාපදය පිළිබඳව ආදිකර්මිකයාහට අනාපත්තියි පොත්වල යමක් ලියූද එය ප්‍රමාද ලිඛිතයක් වේ. මේ පිළිබඳ ප්රමාදලිඛිතභාවයද පළමුකොට අරිට්ඨ භික්ෂුතෙමේ චෝදනා කටයුත්තේය. චෝදනාකොට සිහිකරවිය යුත්තේය. සිහිකරවා ආපත්තිය ආරොපණය කටයුත්තීයයි මෙසේ කර්මස්කන්ධකයෙහි ආ ආපත්ති ආරොපණවචනයෙන් දතයුත්තේය.
ඉති භෙදාය පරක්කමනෙ ආදිකම්මිකස්ස දෙවදත්තස්ස යස්මා තං කම්මං න කතං, තස්මාස්ස ආපත්තියෙව න ජාතා. සික්ඛාපදං පන තං ආරබ්භ පඤ්ඤත්තන්ති කත්වා “ආදිකම්මිකො”ති වුත්තො. ඉති ආපත්තියා අභාවතොයෙවස්ස අනාපත්ති වුත්තා. සා පනෙසා කිඤ්චාපි අසමනුභාසන්තස්සාති ඉමිනාව සිද්ධා, යස්මා පන අසමනුභාසන්තො නාම යස්ස කෙවලං සමනුභාසනං න කරොන්ති, සො වුච්චති, න ආදිකම්මිකො. අයඤ්ච දෙවදත්තො ආදිකම්මිකොයෙව, තස්මා “ආදිකම්මිකස්සා”ති වුත්තං. එතෙනුපායෙන ඨපෙත්වා අරිට්ඨසික්ඛාපදං සබ්බසමනුභාසනාසු විනිච්ඡයො වෙදිතබ්බො. සෙසං සබ්බත්ථ උත්තානමෙව.
මෙසේ භෙදය පිණිස උත්සාහ කිරීමෙහි ආදිකර්මික දෙවදත්තහට යම්හෙයකින් ඒ කර්මය නොකරන ලද්දේ ද, එහෙයින් මේ දෙවදත්තයාහට ඇවැත නොවූයේමය. ශික්ෂාපදය වනාහි ඔහු අරබයා පණවන ලදැයිකොට ආදිකර්මිකයෙකැයි කියන ලද්දේය. මෙසේ ඇවැත නොවනබැවින්ම මේ දේවදත්තයාහට අනාපත්තිය කියන ලදි. ඒ මේ අනාපත්තිය “අසමනුභාසන්තස්ස” යන මෙයින්ම සිද්ධය. යම්හෙයකින් සමනුභාෂණය නොකරනුයේ නම් යමක්හට හුදෙක් සමනුභාෂණය නොකෙරෙත්ද, හෙතෙමේ ආදිකර්මික නොවේයයි කියනු ලැබේ. මෙතෙමේද ආදිකර්මිකම වේ. එහෙයින් ආදිකම්මිකස්සයි වදාරන ලදි. මේ උපායෙන් අරිට්ඨශික්ෂාපදය හැර සියලු සමනුභාෂණයන්හි විනිශ්චය දතයුතුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
සමුට්ඨානාදීසු තිවඞ්ගිකං එකසමුට්ඨානං, සමනුභාසනසමුට්ඨානං නාමමෙතං, කායවාචාචිත්තතො සමුට්ඨාති. පටිනිස්සජ්ජාමීති කායවිකාරං වා වචීභෙදං වා අකරොන්තස්සෙව පන ආපජ්ජනතො අකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
සමුත්‍ථානාදීන් අතුරෙහි කායවාචාචිත්ත වසයෙන් අඞ්ගත්රයක් ඇත්තේය. කායවාචා චිත්තසඞ්ඛ්‍යාත එක් සමුත්ථානයක් ඇත්තේය. මේ සමනුභාෂණ සමුට්ඨානය නම් කායවාචාචිත්තයෙන් නගින්නේය. ඒ උත්සාහය හරිමියි කායවිකාරයක් හෝ වාග්භෙදයක් හෝ නොකරන්නහුටම පැමිණියයුතු බැවින් අකි්රයාසමුත්ථානයි. නොහරිමියි යන සංඥාවගේ අභාවයෙන් සංඥාවිමොක්ෂයයි. නොහරිමියි දන්නා සිත ඇති බැවින් සචිත්තකය. ලොකයා විසින් නියමිත බැවින් ලොකවද්‍යය. හස්තසංඥාවෙන් කයින් කළයුතු බැහැර කිරීම නොකළ බැවින් කායකර්‍මයි. වචනයෙන් කළයුත්ත නොකළබැවින් වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දොම්නස් වසයෙන් දු:ඛවෙදනායි.
පඨමසඞ්ඝභෙදසික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සඞ්ඝභෙදශික්ෂාපද වර්ණානාව නිමි.