පඨමසඞ්ඝභෙදසික්ඛාපදං
3. 10.
3. 10.
පඨමසඞ්ඝභෙදසික්ඛාපදං
ප්රථමසඞ්ඝභේදශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො දෙවදත්තො යෙන කොකාලිකො කටමොදකතිස්සක ඛණ්ඩදෙවියා පුත්තො සමුද්දදත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කොකාලිකං කටමොදකතිස්සකං ඛණ්ඩදෙවියා පුත්තං සමුද්දදත්තං එතදවොච: “එථ මයං ආවුසො සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති.” එවං වුත්තෙ කොකාලිකො දෙවදත්තං එතදවොච: “සමණො ඛො ආවුසො ගොතමො මහිද්ධිකො මහානුභාවො. කථං මයං සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදං කරිස්සාම චක්කභෙදන්ති.” එථ මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්ච වත්ථූනි යාචිස්සාම: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී”. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතාය පාසාදිකාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි දෙව්දත් තෙම කටමොරකතිස්සක නම් කෝකාලික යම් තැනෙක්හි ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්ත යම් තැනෙක්හි ද එතැන්හි එළඹ කටමොරකතිස්සක කෝකාලිකට ද ඛණ්ඩදේවියගේ පුත් සමුද්දදත්තට ද මෙසේ කී ය: “එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරම්හ. චක්‍රභේදය කරම්හ” යි. මෙසේ කී කල්හි කෝකාලික දෙව්දත්හට මේ කී ය: ඇවැත්නි, මහණ ගොයුම්හු මහත් ඍද්ධි ඇත්තාහ, මහත් අනුභාව ඇත්තාහ. කිසෙයින් අපි මහණ ගොයුම්හට සඞ්ඝභේදය කරමෝ ද චක්‍රභේද කරමෝ දැ?යි. එව ඇවැත්නි, අපි මහණ ගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් ඉල්ලා සිටුම්හ: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, නොයෙක් අයුරින් අල්පේච්ඡ බව, සන්තුෂ්ට බව, සල්ලේඛය, ධූතගුණය, ප්‍රසාද එළවන බව, අපචය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතගුණයට ප්‍රසාද එළවන බවට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
“ස්වාමීනි, භික්ෂූහු යාවජ්ජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට වදනේ නම් වරද ඔහු පහස්නේ ය.
යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
යාවජ්ජීවයෙන් පාශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගැහැවිසිවුරු ඉවසා නම් වරද ඔහු පහස්නේ ය.
යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය වජ්ජං නං ඵුසෙය්ය.
යාවජ්ජීවයෙන් වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය.
යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය වජ්ජං නං ඵුසෙය්යා”ති.
යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ යි.
ඉමානි සමණො ගොතමො නානුජානිස්සති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙස්සාමාති. සක්කා ඛො ආවුසො ඉමෙහි පඤ්චහි වත්ථූහි සමණස්ස ගොතමස්ස සඞ්ඝභෙදො කාතුං චක්කභෙදො. ලූඛප්පසන්නා හි ආවුසො මනුස්සා”ති.
මේ වස්තූන් ශ්‍රමණ ගෞතමයෝ නො අනුදන්නාහ. අපි මේ වස්තූන් කරණ කොටගෙන ජනයා දන්වාලම්හ”යි. ඇවැත්නි, මේ පඤ්චවස්තූන් කරණ කොටගෙන මහණ ගොයුම්හට සඞ්ඝභේද කරන්නට චක්‍රභේද කරන්නට හැකියැ. ඇවැත්නි, යම් හෙයකින් මනුෂ්‍යයෝ රූක්ෂප්රසන්නයෝ ද එහෙයිනැ”යි.
2. අථ ඛො දෙවදත්තො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දෙවදත්තො භගවන්තං එතදවොච: “භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණවාදී. ඉමානි භන්තෙ පඤ්ච වත්ථූනි අනෙකපරියායෙන අප්පිච්ඡතාය සන්තුට්ඨියා සල්ලෙඛාය ධුතාය පාසාදිකාය අපචයාය විරියාරම්භාය සංවත්තන්ති.
2. ඉක්බිති දෙව්දත් තෙම පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හිඳගත. එකත්පස් ව හුන් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කී ය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අල්පේච්ඡ බව සන්තුෂ්ට බව සල්ලේඛය ධූතගුණය ප්‍රසාදික බව අපචය වීර්‍ය්‍යාරම්භය පිළිබඳ ගුණ කියන සුල්ලහ. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු නොයෙක් අයුරින් අල්පේච්ඡ බවට සන්තුෂ්ටියට සල්ලේඛයට ධූතයට ප්‍රසාදික ගුණයට අපචයට වීර්‍ය්‍යාරම්භයට වැටෙත්.
“සාධු භන්තෙ භික්ඛූ යාවජීවං ආරඤ්ඤිකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්ය, වජ්ජං නං ඵුසෙය්ය. යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං, යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා”ති. “අලං දෙවදත්ත, යො ඉච්ඡති ආරඤ්ඤිකො හොතු, යො ඉච්ඡති ගාමන්තෙ විහරතු, යො ඉච්ඡති පිණ්ඩපාතිකො හොතු, යො ඉච්ඡති නිමන්තනං සාදියතු, යො ඉච්ඡති පංසුකූලිකො හොතු, යො ඉච්ඡති ගහපතිචීවරං සාදියතු. අට්ඨමාසෙ ඛො මයා දෙවදත්ත, රුක්ඛමූලසෙනාසනං අනුඤ්ඤාතං, තිකොටිපරිසුද්ධං මච්ඡමංසං අදිට්ඨං අසුතං අපරිසඞ්කිතන්ති. අථ ඛො දෙවදත්තො න භගවා ඉමානි පඤ්ච වත්ථූනි අනුජානාතීති හට්ඨො උදග්ගො සපරිසො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
“ස්වාමීනි, භික්ෂූහු යාවජීවයෙන් ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට බස්නේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් පාංශුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපතිචීවර ඉවසා නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනට එළඹේ නම් වරද ඔහු පහස්නේ ය. යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නො වළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. “කම් නැත දේවදත්තය, යමෙක් රිසියේ නම් ආරණ්‍යක වේවා, යමෙක් රිසියේ නම් ග්‍රාමාන්තයෙහි වාසය කෙරේවා. යමෙක් රිසියේ නම් පිණ්ඩපාතික වේවා. යමෙක් රිසියේ නම් නිමන්ත්‍රණ ඉවසාවා. යමෙක් රිසියේ නම් පාංශුකූලික වේවා. යමෙක් රිසියේ නම් ගැහැවිසිවුරු ඉවසාවා. දේවදත්තය, මා විසින් අටමසෙක්හි ම රුක්මුල් සෙනස්න අනුදන්නා ලද (තමා පිණිස) මරණු නො දක්නා ලද නොඅසන ලද සැක නොකරණ ලද ත්රිකෝටිපරිශුද්ධ වූ මත්ස්යමාංශය අනුදන්නා ලදැ”යි. එකල්හි දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්චවස්තූන් නො අනුදන්නාහ’යි. සතුටු වූයේ ඔදවැඩියේ පිරිස් සහිත ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට පැදකුණු කොට නික්ම ගියේ ය.
3. අථ ඛො දෙවදත්තො රාජගහං පවිසිත්වා පඤ්චහි වත්ථූහි ජනං සඤ්ඤාපෙසි: “මයං ආවුසො සමණං ගොතමං උපසඞ්කමිත්වා පඤ්චවත්ථූනි යාචිම්හ: භගවා භන්තෙ අනෙකපරියායෙන අප්පිච්ඡස්ස -පෙ- යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං; යො මච්ඡමංසං ඛාදෙය්ය, වජ්ජං නං ඵුසෙය්යා”ති. ඉමානි සමණො ගොතමො නානුජානාති. තෙ මයං ඉමෙහි පඤ්චහි වත්ථූහි සමාදාය වත්තාමා”ති. තත්ථ යෙ තෙ මනුස්සා අස්සද්ධා අප්පසන්නා දුබ්බුද්ධිනො, තෙ එවමාහංසු: “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධුතා සල්ලෙඛවුත්තිනො, සමණො පන ගොතමො බාහුලිකො බාහුල්ලාය චෙතෙති”ති. යෙ පන තෙ මනුස්සා සද්ධා පසන්නා පණ්ඩිතා බුද්ධිමන්තො තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො භගවතො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති.
3. ඉක්බිති දෙව්දත් තෙම රජගහනුවර වැද පඤ්චවස්තුයෙන් ජනයා හඟවාලී ය: “ඇවැත්නි, අපි මහණගොයුම්හු කරා එළඹ පඤ්චවස්තූන් අයැදිම්හ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අල්පේච්ඡ බව පිළිබඳ ... යාවජ්ජීවයෙන් මත්ස්‍යමාංශ නොවළඳන්නාහු නම් මැනව. යමෙක් මත්ස්‍යමාංශ වළඳා නම් වරද ඔහු පහස්නේ ය”යි. ශ්‍රමණගෞතමයෝ මේ වස්තූන් නො අනුදනිති. අපි මේ පඤ්චවස්තූන් සමාදන් ව වැටෙම්හ’යි. එහි යම් මිනිස් කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු නො පහන් වූවාහු දුර්බුද්ධි වූවාහු ද ඔහු මෙසේ කීහු: මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ ධූතගුණ ඇත්තාහ. කෙලෙස් තවන පැවැතුම් ඇත්තාහ. මහණ ගොයුම්හු වැළිත් බාහුලික පැවැතුම් ඇත්තාහු බහුලභාවයට සිතන්නාහ’යි. යම් මිනිස් කෙනෙක් සැදැහැ ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, පණ්ඩිත වූවාහු, බුද්ධිමත් වූවාහු වෙත් නම් ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. කිසෙයින් නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සඞ්ඝභේදයට චක්රභේදයට උත්සාහ කරන්නේ දැ’යි.
4. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සඞ්ඝභෙදාය පරක්කමිස්සති චක්කභෙදායා”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර ත්වං දෙවදත්ත සඞ්ඝභෙදාය පරක්කමසි චක්කභෙදායා”ති. “සච්චං භගවා” විගරහි බුද්ධො භගවා: “කථං හි නාම ත්වං මොඝපුරිස සඞ්ඝභෙදාය පරක්කමිස්සසි චක්කභෙදාය. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. භික්ෂූහු අවමන් කරණ, නුගුණ කියන, දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් භික්ෂූ කෙනෙක් වෙත් නම් ඔහු “කෙසේ නම් දෙව්දත් භාග්‍යවතුන් වහන්සේට සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස උත්සාය කරන්නේදැ”යි අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙති. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ... “සැබෑවෙක් ද දේවදත්තය, තෝ සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙරෙහි දැ”යි. “සැබෑව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්හා කළහ: කෙසේ නම් තෝ තුච්ඡපුරුෂය, සඞ්ඝභේදය පිණිස චක්‍රභේදය පිණිස වෑයම් කෙළෙහි ද? තුච්ඡපුරුෂය, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. …තවද මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමෙය්‍ය, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ තිට්ඨෙය්ය, සො භික්ඛු භික්ඛූහි එවමස්ස වචනීයො: ‘මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි. සමෙතායස්මා සඞ්ඝෙන. සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී’ති. එවඤ්ච සො භික්ඛු භික්ඛූහි වුච්චමානො තථෙව පග්ගණ්හෙය්ය, සො භික්ඛු භික්ඛූහි යාව තතියං සමනුභාසිතබ්බො තස්ස පටිනිස්සග්ගාය, යාව තතියඤ්චෙ සමනුභාසියමානො තං පටිනිස්සජ්ජෙය්ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය, සඞ්ඝාදිසෙසො”ති.
“යම් මහණෙක් සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරේ නම් භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ සිටී නම් ඒ මහණ තෙම (සෙසු ලජ්ජී මහණුන් විසින් මෙසේ කියයුතු වන්නේ ය: “ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දැඩි ව ගෙණ නහමක් සිටුව, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා සමග එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ ඔවුනොවුන් හා සතුටු වූයේ විරුද්ධවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. මෙසේත් ඒ මහණ තෙම භික්ෂූන් කියනු ලබන්නේ එසේ ම් දැඩිව ගෙන සිටී නම් ඒ මහණ තෙම භික්ෂූන් විසින් ඒ අධිකරණයාගේ දුරලීම පිණිස තෙවනවට දක්වා සමනුභාසන කම් කළ යුත්තේ ය, ඉදින් තෙවනවට දක්නා සමනුභාසන කම් කරණු ලබන්නේ ඒ අධිකරණය දුරලා නම් මේ දුරලීම මැනැවි. ඉදින් නොදුරලා නම් සඟවෙසෙස් වේ”ය යි.
5. යො පනාති යො යාදිසො -පෙ-
5. යො පන යනු: යමෙක් යම්බඳු වූයෙක් ...
භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’යි අදහස් කරණ ලදී.
සමග්ගො නාම සඞ්ඝො: සමානසංවාසකො සමානසීමායං ඨිතො.
සමග්ග සඞ්ඝ නම්: සමාන සංවාසක වූයේ සමාන සීමායෙහි සිටියේ යි.
භෙදාය පරක්කමෙය්යාති ‘කථං ඉමෙ නානා අස්සු විනා අස්සු, වග්ගා අස්සූ’ති පක්ඛං පරියෙසති, ගණං බන්ධති.
භේදාය පරක්කමෙය්‍ය යනු: කෙසේ නම් මොහු විවිධ වන්නාහු ද වෙන් වන්නාහු ද වර්ග වන්නාහු දැ යි පක්ෂයක් සොයයි ගණයා බඳියි.
භෙදනසංවත්තනිකං වා අධිකරණන්ති අට්ඨාරසභෙදකරවත්ථූනි.
භේදනසංවත්තනිකං වා අධිකරණං යනු: අටළොස් භේදකරවස්තූහු යි.
සමාදායාති ආදාය.
සමාදාය යනු: ගෙණ.
පග්ගය්හාති දීපෙය්ය.
පග්ගය්හ යනු: දක්වන්නේ ය.
තිට්ඨෙය්යාති න පටිනිස්සජ්ජෙය්ය.
තිට්ඨෙය්ය යනු: නො දුර ලන්නේ ය.
සො භික්ඛූති යො සො සඞ්ඝභෙදකො භික්ඛු.
සො භික්ඛු යනු: යමෙක් සඞ්ඝභේදක වේ නම් ඒ මහණ.
භික්ඛූහීති අඤ්ඤෙහි භික්ඛූහි.
භික්ඛුහි යනු: අන්යභික්ෂූන් විසින්.
යෙ පස්සන්ති යෙ සුණන්ති තෙහි වත්තබ්බො: “මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි, සමෙතායස්මා සඞ්ඝෙන, සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බො. තතියම්පි වත්තබ්බො සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති, ආපත්ති දුක්කටස්ස.
යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කියයුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකර වස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වූයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. දෙවනවට ද කියයුත්තේ ය. තෙවනවට ද කියයුත්තේ ය. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළාඇවැත් වෙයි.
සො භික්ඛු සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බො: “මා ආයස්මා සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමි, භෙදනසංවත්තනිකං වා අධිකරණං සමාදාය පග්ගය්හ අට්ඨාසි. සමෙතායස්මා සඞ්ඝෙන. සමග්ගො හි සඞ්ඝො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරතී”ති. දුතියම්පි වත්තබ්බො තතියම්පි වත්තබ්බො. සචෙ පටිනිස්සජති, ඉච්චෙතං කුසලං. නො චෙ පටිනිස්සජති, ආපත්ති දුක්කටස්ස. සො භික්ඛු භික්ඛූහි සමනුභාසිතබ්බො. එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බො, ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
ඒ මහණ තෙම සඟමැදට ද ඇදැ කිය යුත්තේ ය: ආයුෂ්මත්නි, සමග සඞ්ඝයාගේ භේදය පිණිස නහමක් යතන කර, භේදය පිණිස පවත්නා භේදකරවස්තුවක් හෝ ගෙණ දක්වාගෙණ නහමක් සිට, ආයුෂ්මත් තෙම සඞ්ඝයා හා එක් වේවා, යම් හෙයකින් සඞ්ඝ තෙමේ සමග වූයේ සතුටු වනුයේ විවාද රහිත වූයේ සමාන උද්දේශ ඇත්තේ සුවසේ වෙසේ ද එහෙයිනි. ඉදින් හැරපියා නම් මෙසේ මේ හැරපීම මැනවි. ඉදින් නො හැරපියා නම් දුකුළාඇවැත් වෙයි. ඒ මහණ සෙසු භික්ෂූන් විසින් සමනුභාසන කම් කළයුත්තේ ය. තවද මහණෙනි, මෙසේ සමනුභාසන කම් කළ යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ ඥාපනය කළ යුත්තේ ය:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ බිඳීම පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැර පියයි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු ඒ වස්තුහුගේ දුරලීම පිණිස සමනුභාසනය කරන්නේ ය. මේ ‘ඤත්ති’ යැ.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසනය කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ-
දෙවනවට ද මෙ කරුණ කියමි ...
තතියම්පි එතමත්ථං වදාමි: සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමො භික්ඛු සමග්ගස්ස සඞ්ඝස්ස භෙදාය පරක්කමති. සො තං වත්ථුං න පටිනිස්සජති. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
තෙවනවට ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සමග සඞ්ඝයාගේ භේදය පිණිස යතන කෙරෙයි. හෙතෙම ඒ භේදකරවස්තුව නො හැරපියයි. සඞ්ඝ තෙමේ ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහු සමනුභාසන කෙරෙයි. ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණහට සමනුභාසනය යම් ආයුෂ්මතක්හට රුස්නේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.
සමනුභට්ඨො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් ඒ වස්තුහුගේ හැරපීම පිණිස මෙනම් මහණ තෙම සමනුභාසන කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුස්නේ වෙයි. එහෙයින් තූෂ්ණීම්භූත ය. මෙසේ තෙල තූෂ්ණීම්භාවය ධරමි”යි.
ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. සඞ්ඝාදිසෙසං අජ්ඣාපජ්ජන්තස්ස ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා පටිප්පස්සම්භන්ති.
ඤත්තියෙන් දුකුළා වෙයි. දෙ කම්වදනකින් දෙ තුලැසියෙක් වෙයි. කම්වදන් අවසන්හි සඟවෙසෙස්ඇවැත් වේ. සඟවෙසෙස් අවදනාහට ඤත්තියෙන් වූ දුකුළාව ද දෙ කම්වදනින් වූ දෙ තුලැසි ද නවතිත්.
සඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු ‘සඞ්ඝාදිසේස’යි කියනු ලැබේ.
6. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ වෙමතිකො න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී න පටිනිස්සජති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස.
6. ධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි වෙමතික වූයේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ නො හැරපියා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්මකර්ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තේ දුකුළාඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම ය යන සංඥා ඇත්තේ දුකුළාඇවැත් වේ.
7. අනාපත්ති අසමනුභාසන්තස්ස, පටිනිස්සජන්තස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
7. සමනුභාසන නො කරන්නහුට, හැරපියන්නහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත.
පඨමසඞ්ඝභෙදසික්ඛාපදං නිට්ඨිතං.
ප්‍රථම සඞ්ඝභේද ශික්ෂාපදය නිමි.