යෙදුමෙන් කියවන්න

දුතිය දුට‍්ඨදොස සික‍්ඛාපදං

3. 9.

3. 9.

දුතිය දුට‍්ඨදොස සික‍්ඛාපදං

දුතියදුට්ඨදෝසශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ගිජ‍්ඣකූටා පබ‍්බතා ඔරොහන‍්තා අද‍්දසංසු ඡගලකං අජිකාය විප‍්පටිපජ‍්ජන‍්තං, දිස‍්වාන එවමාහංසු: “හන්‍ද මයං ආවුසො ඉමං ඡගලකං දබ‍්බං මල‍්ලපුත‍්තං නාම කරොම, ඉමං අජිකං මෙත‍්තියං නාම භික‍්ඛුනිං කරොම. එවං මයං වොහරිස‍්සාම. පුබ‍්බෙ මයං ආවුසො දබ‍්බං මල‍්ලපුත‍්තං සුතෙන අවොචුම‍්හ, ඉදානි පන අම‍්හෙහි සාමං දිට‍්ඨො මෙත‍්තියාය භික‍්ඛුනියා විප‍්පටිපජ‍්ජන‍්තො”ති. තෙ තං ඡගලකං දබ‍්බං මල‍්ලපුත‍්තං නාම අකංසු, තං අජිකං මෙත‍්තියං නාම භික‍්ඛුනිං අකංසු. තෙ භික‍්ඛූනං ආරොචෙසුං: ‘පුබ‍්බෙ මයං ආවුසො දබ‍්බං මල‍්ලපුත‍්තං සුතෙන අවොචුම‍්හ ඉදානි පන අම‍්හෙහි සාමං දිට‍්ඨො මෙත‍්තියාය භික‍්ඛුනියා විප‍්පටිපජ‍්ජන‍්තො’ති. භික‍්ඛූ එවමාහංසු: “මා ආවුසො එවං අවචුත්‍ථ, නායස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො එවං කරිස‍්සතී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාසය කෙරෙති. තවද එසමයෙහි මෙත්තියභුම්මජක නම් භික්‍ෂූහු ගිජුකුළුපව්වෙහි සිට බස්නාහු එළියක සමග මෙවුන්දම්හි හැසිරෙණ එළුවකු දැක මෙසේ කීහු. “ඇවැත්නි, අපි දැන් මේ එළුවා දබ්බමල්‍යපුත්‍ර යයි නම් කරම්හ. මේ එළිය මෙත්තියා නම් භික්‍ෂුණිය කරම්හ. අපි මෙසේ ව්‍යවහාර කරම්හ. ඇවැත්නි, පෙර අපි දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් චෝදනා කළම්හ. දැන් වැළිත් අප විසින් ‘මෙත්තියා මෙහෙණ සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේ ය’යි. ඔහු ඒ එළුවා ‘දබ්බමල්‍යපුත්‍ර’යි නම් කළහ. ඒ එළිය ‘මෙත්තියා’ නම් භික්‍ෂුණිය කළහ. ඔහු භික්‍ෂූන්ට ආරෝචනය කළහ. ‘ඇවැත්නි, අපි පෙර දබ්බමල්‍යපුත්‍රහට ශ්‍රැතයෙන් කීම්හ. දැන් වැළිත් අප විසින් මෙත්තියා භික්‍ෂුණිය සමග මෙවුන්දම්හි හැසිරෙණුයේ තමන් ම දක්නා ලද්දේය’යි. භික්‍ෂූහු මෙසේ කීහු, ‘ඇවැත්නි, නහමක් මෙසේ කියවු. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසේ නො කරන්නාහ’යි.

2. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං පටිපුච‍්ඡි: “සරසි ත්‍වං දබ‍්බ එවරූපං කත‍්තා, යථයිමෙ භික‍්ඛූ ආහංසූ”ති. “යථා මං භන‍්තෙ භගවා ජානාතී”ති. දුතියම‍්පි ඛො භගවා -පෙ- තතියම‍්පි ඛො භගවා ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං එතදවොච: “සරසි ත්‍වං දබ‍්බ එවරූපං කත‍්තා, යථයිමෙ භික‍්ඛූ ආහංසූ”ති. “යථා මං භන‍්තෙ භගවා ජානාතී”ති. “න ඛො දබ‍්බ දබ‍්බා එවං නිබ‍්බෙඨෙන‍්ති. සචෙ තයා කතං කතන‍්ති වදෙහි, සචෙ අකතං අකතන‍්ති වදෙහී”ති. “යතො අහං භන‍්තෙ ජාතො නාභිජානාමි සුපිනන‍්තෙනපි මෙථුනං ධම‍්මං පතිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “තෙන හි භික‍්ඛුවෙ ඉමෙ භික‍්ඛූ අනුයුඤ‍්ජථා”ති. ඉදං වත්‍වා භගවා උට‍්ඨායාසනා විහාරං පාවිසි.

2. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙකරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. ‘දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ?’යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේක් නම් (එසෙයින් දතයුතු වෙමි) යි, බුදුහු දෙවන වට ද ... බුදුහු තෙවන වට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. “දබ්බය, යම්සේ මේ භික්‍ෂූහු කීහු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ? යි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක් ද ‘එසෙයින් දතයුතු වෙමි’යි. දබ්බය, පණ්ඩිතයෝ මෙසේ (පර ප්‍රත්‍යයෙන්) නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. ඉදින් තා විසින් නො කරණ ලද නම් නො කරණ ලදැ යි කියව”යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදි වැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක. ‘එසේ වී නම් මහණෙනි, මේ භික්‍ෂූන් විමසව’යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.

3. අථ ඛො තෙ භික‍්ඛූ මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ අනුයුඤ‍්ජිංසු. “කිං පන තුම‍්හෙ ආවුසො ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙථා’ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා, තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙථා”ති. “සච‍්චං භගවා” විගරහි බුද‍්ධො භගවා: “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා දබ‍්බං මල‍්ලපුත‍්තං අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චි දෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙස‍්සථ නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

3. ඉක්බිති ඒ භික්‍ෂූහු මෙත්තියභුම්මජක භික්‍ෂූන් විමසූහ. කිමෙක් ද “ඇවැත්නි, තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?”යි. ‘එසේය ඇවැත්නි’යි. යම් අපිස් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කෙරෙත් දැ’යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑවෙක් ද මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු දැ?’යි. ‘සැබව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. ‘කෙසේ නම් සිස්පුරුෂයෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රහට අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙන පරිජිඇවැතින් චෝදනා කරවු ද, සිස් පුරුෂයෙනි, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.

“යො පන භික‍්ඛු භික‍්ඛුං දුට‍්ඨො දොසො අප‍්පතීතො අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්ස කිඤ‍්චිදෙසං ලෙසමත‍්තං උපාදාය පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙය්‍ය, අප‍්පෙවනාම නං ඉමම‍්හා බ්‍රහ‍්මචරියා චාවෙය්‍යන‍්ති. තතො අපරෙන සමයෙන සමනුග‍්ගාහීයමානො වා අසමනුග‍්ගාහියමානො වා අඤ‍්ඤභාගියං චෙව තං අධිකරණං හොති, කොචි දෙසො ලෙසමත‍්තො උපාදින‍්නො, භික‍්ඛු ච දොසං පතිට‍්ඨාති, සඞ‍්ඝාදිසෙසො”ති.

‘යම් මහණෙක් දූෂිත වූයේ නො සතුටුසිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි අන්‍යභාගීය අධිකරණයක්හුගේ ඒකදේශලේශමාත්‍රයක් ගෙණ මහණක්හට පරිජිඇවතින් චෝදනා කරන්නේ නම්, එයින් පසුකලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරණු ලබන්නේ හෝ ඒ අධිකරණය අන්‍යභාගියද වේ නම් ඒකදේශ වූ ලේශමාත්‍රයක් ගන්නා ලද්දේ නම් ‘චෝදක මහණ තෙමේත් දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේය’යි.

4. යො පනාති යො යාදිසො -පෙ-

4. යො පන යනු: යමෙක් යම්බඳුයෙක් ...

භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්ඛු යයි අදහස් කරණ ලද්දේ ය.

භික‍්ඛුන‍්ති අඤ‍්ඤං භික‍්ඛුං.

භික්ඛුං යනු: අන් මහණක්හට.

දුට‍්ඨො දොසොති කුපිතො අනත‍්තමනො අනභිරද‍්ධො ආහතචිත‍්තො ඛිලජාතො.

දුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටුසිත් ඇත්තේ නො පහන් වූයේ කොවින් මැඬුණු සිත් ඇත්තේ හටගත් (පිළිඝු) හුල් ඇත්තේ.

අප‍්පතිතොති තෙන ච කොපෙන තෙන ච දොසෙන තාය ච අනත‍්තමනතාය තාය ච අනභිරද‍්ධියා අප‍්පතීතො හොති.

අප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටුසිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටුසිත් ඇත්තේ වේ.

අඤ‍්ඤභාගියස‍්ස අධිකරණස‍්සාති ආපත‍්තඤ‍්ඤභාගියං වා හොති අධිකරණඤ‍්ඤභාගියං වා. කථං අධිකරණං අධිකරණස‍්ස අඤ‍්ඤභාගියං. විවාදාධිකරණං අනුවාදාධිකරණස‍්ස ආපත‍්තාධිකරණස‍්ස කිච‍්චාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං, අනුවාදාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස කිච‍්චාධිකරණස‍්ස විවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං, ආපත‍්තාධිකරණං කිච‍්චාධිකරණස‍්ස විවාදාධිකරණස‍්ස අනුවාදාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං, කිච‍්චාධිකරණං විවාදාධිකරණස‍්ස අනුවාදාධිකරණස‍්ස ආපත‍්තාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං. එවං අධිකරණං අධිකරණස‍්ස අඤ‍්ඤභාගියං.

අඤ්ඤභාගියස්ස අධිකරණස්ස යනු: ආපත්ති අන්‍යභාගිය හෝ අධිකරණ අන්‍යභාගිය හෝ වෙයි. කිසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාග වේ ද? යත්: විවාදාධිකරණය අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට අන්‍යභාගිය වෙයි. අනුවාදාධිකරණය ආපත්තාධිකරණයට කිච්චාධිකරණයට විවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. ආපත්තාධිකරණය කිච්චාධිකරණයට විවාදාධිකරණයට අනුවාදාධිකරණයට අන්‍යභාගිය වෙයි. කිච්චාධිකරණය විවාදාධිකරණයට අනුවාදාධිකරණයට ආපත්තාධිකරණයට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට අන්‍යභාගිය වේ.

කථං අධිකරණං අධිකරණස‍්ස තබ‍්භාගියං? විවාදාධිකරණං විවාදාධිකරණස‍්ස තබ‍්භාගියං. අනුවාදාධිකරණං අනුවාදාධිකරණස‍්ස තබ‍්භාගියං. ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස සියා තබ‍්භාගියං සියා අඤ‍්ඤභාගියං.

කිසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ ද? යත්: විවාදාධිකරණය විවාදාධිකරණයට තද්භාගිය වෙයි. අනුවාදාධිකරණය අනුවාදාධිකරණයට තද්භාගිය වෙයි. ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය ද වන්නේ ය. අන්‍යභාගිය ද වන්නේ යි.

කථං ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං? මෙථුනධම‍්මපාරාජිකාපත‍්ති අදින‍්නාදානපාරාජිකාපත‍්තියා මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්තියා උත‍්තරිමනුස‍්සධම‍්ම-පාරාජිකාපත‍්තියා අඤ‍්ඤභාගියා. අදින‍්නාදානපාරාජිකාපත‍්ති මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්තියා උත‍්තරිමනුස‍්සධම‍්මපාරාජිකාපත‍්තියා මෙථුනධම‍්මපාරාජිකාපත‍්තියා අඤ‍්ඤභාගියා. මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්ති උත‍්තරිමනුස‍්සධම‍්මපාරාජිකාපත‍්තියා මෙථුනධම‍්ම-පාරාජිකාපත‍්තියා අදින‍්නාදානපාරාජිකාපත‍්තියා අඤ‍්ඤභාගියා. උත‍්තරිමනුස‍්සධම‍්ම-පාරාජිකාපත‍්ති මෙථුනධම‍්මපාරාජිකාපත‍්තියා අදින‍්නාදානපාරාජිකාපත‍්තියා මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්තියා අඤ‍්ඤභාගියා. එවං ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස අඤ‍්ඤභාගියං.

කිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ ද? යත්: මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අදින්නාදානපරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මමපාරාජිකාපත්තිය අන්‍යභාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානදානපරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට අදත්තාදානපාරාජිකාපත්තියට මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට අන්‍යභාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට අන්‍යභාගිය වේ.

කථඤ‍්ච ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස තබ‍්භාගියං? මෙථුනධම‍්මපාරාජිකාපත‍්ති මෙථුනධම‍්මපාරාජිකාපත‍්තියා තබ‍්භාගියා. අදින‍්නාදානපාරාජිකාපත‍්ති අදින‍්නාදාන-පාරාජිකාපත‍්තියා තබ‍්භාගියා. මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්ති මනුස‍්සවිග‍්ගහපාරාජිකාපත‍්තියා තබ‍්භාගියා. උත‍්තරිමනුස‍්සධම‍්මපාරාජිකාපත‍්ති උත‍්තරිමනුස‍්සධම‍්මපාරාජිකා-පත‍්තියා තබ‍්භාගියා. එවං ආපත‍්තාධිකරණං ආපත‍්තාධිකරණස‍්ස තබ‍්භාගියං.

යළි කිසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ ද? යත්: මෛථුනධර්‍මපාරාජිකාපත්තිය මෛථුනධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. අදත්තාදානපාරාජිකාපත්තිය අදත්තාදානපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තිය මනුෂ්‍යවිග්‍රහපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තිය උත්තරිමනුෂ්‍යධර්‍මපාරාජිකාපත්තියට තද්භාගිය වෙයි. මෙසෙයින් ආපත්තාධිකරණය ආපත්තාධිකරණයට තද්භාගිය වේ.

කිච‍්චාධිකරණං කිච‍්චාධිකරණස‍්ස තබ‍්භාගියං. එවං අධිකරණං අධිකරණස‍්ස තබ‍්භාගියං.

කිච්චාධිකරණය කිච්චාධිකරණයට තද්භාගිය වෙයි. මෙසෙයින් අධිකරණය අධිකරණයට තද්භාගිය වේ.

කිඤ‍්චි දෙසං ලෙසමත‍්තං උපාදායාති ලෙසො නාම: දසලෙසා: ජාතිලෙසො, නාමලෙසො ගොත‍්තලෙසො ලිඞ‍්ගලෙසො ආපත‍්තිලෙසො පත‍්තලෙසො චීවරලෙසො උපජ‍්ඣායලෙසො ආචරියලෙසො සෙනාසනලෙසො.

කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය යනු: ලෙස නම් දශ ලේශ කෙනෙකි. ජාති ලේශ යැ නාමලේශ යැ ගෝත්‍රලේශ යැ ලිඞ්ගලෙශ යැ ආපත්ති ලේශ යැ පාත්‍ර ලේශ යැ චීවර ලේශ යැ උපාධ්‍යාය ලේශ යැ ආචාර්‍ය්‍ය ලේශ යැ ශයනාසන ලේශ යි.

ජාතිලෙසො නාම: ඛත‍්තියො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ඛත‍්තියං පස‍්සිත්‍වා චොදෙති: “ඛත‍්තියො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වාති, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස. බ්‍රාහ‍්මණො දිට‍්ඨො හොති -පෙ- වෙස‍්සො දිට‍්ඨො හොති -පෙ- සුද‍්දො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං සුද‍්දං පස‍්සිත්‍වා චොදෙති: සුද‍්දො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

ජාතිලෙස නම්: චෝදකයා විසින් පරිජිඇවැත් අවදනා ක්‍ෂත්‍රියයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යක්‍ෂත්‍රිය මහණක්හු දැක මා විසින් (පරිජිඇවැත් අවදනා) ක්‍ෂිත්‍රියයෙක් දක්නා ලද්දේ ය. (ක්‍ෂත්‍රිය වූ තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ. බමුණෙක් දක්නා ලද්දේ වෙයි. ... වෛශ්‍යයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ශුද්‍රයෙක් දක්නා ලද්දේ වෙයි. (හෙතෙම) අන්‍යශුද්‍ර පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ශුද්‍රයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

නාමලෙසො නාම: බුද‍්ධරක‍්ඛිතො දිට‍්ඨො හොති -පෙ- ධම‍්මරක‍්ඛිතො දිට‍්ඨො හොති -පෙ- සඞ‍්ඝරක‍්ඛිතො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො . අඤ‍්ඤං සඞ‍්ඝරක‍්ඛිතං පස‍්සිත්‍වා චොදෙති: සඞ‍්ඝරක‍්ඛිතො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

නාමලෙස නම්: (චෝදක මහණහු විසින්) බුද්ධරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... ධම්මරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සඞ්ඝරක්ඛිත නමැත්තෙක් දක්නා ලද්දේ වෙයි. හේ සඞ්ඝරක්ඛිත නම් අනෙකක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) සඞ්ඝරක්ඛිත දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

ගොත‍්තලෙසො නාම: ගොතමො දිට‍්ඨො හොති -පෙ- මොග‍්ගල‍්ලානො දිට‍්ඨො හොති -පෙ- කච‍්චායනො දිට‍්ඨො හොති -පෙ- වාසිට‍්ඨො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං වාසිට‍්ඨං පස‍්සිත්‍වා චොදෙති: වාසිට‍්ඨො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

ගොත්තලෙස නම්: (චෝදක මහණහු විසින්) ගොතම ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... මොග්ගල්ලාන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... කච්චායන ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා වාසිට්ඨ ගෝත්‍ර ඇතියෙක් දක්නා ලද්දේ වෙයි. හේ වාසිට්ඨ ගෝත්‍ර ඇති අන් පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) වාශිෂ්ඨයෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

ලිඞ‍්ගලෙසො නාම: දීඝො දිට‍්ඨො හොති -පෙ- රස‍්සො දිට‍්ඨො හොති -පෙ- කණ‍්හො දිට‍්ඨො හොති -පෙ- ඔදාතො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ඔදාතං පස‍්සිත්‍වා චොදෙති: ඔදාතො මයා දිට‍්ඨො, පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

ලිඞ්ගලෙස නම්: දිගුල්ලෙක් දක්නා ලද්දේ වෙයි. ... ලුහුඬුයෙක් දක්නා ලද්දේ වෙයි. ... කළුලුයෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා හෙළලුයෙක් දක්නා ලද්දේ වෙයි. හේ අන් හෙළලු පැවිද්දකු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) හෙළලුයෙක් දක්නා ලද්දේ ය. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

ආපත‍්තිලෙසො නාම: ලහුකං ආපත‍්තිං ආපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, තඤ‍්චෙ පාරාජිකෙන චොදෙති: “අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

ආපත්ති ලෙස නම්: ලුහුඇවැත් අවදනා පැවිද්දෙක් දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

පත‍්තලෙසො නාම ලොහපත‍්තධරො දිට‍්ඨො හොති -පෙ- සාටකපත‍්තධරො දිට‍්ඨො හොති -පෙ- සුම‍්භකපත‍්තධරො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං සුම‍්භකපත‍්තධරං පස‍්සිත්‍වා චොදෙති: සුම‍්භකපත‍්තධරො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

පත්ත ලෙස නම්: ලොහොමුවා පා දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... සාටකපාත්‍ර (ඔප්නැගූ මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා සුම්භකපාත්‍ර (පියවි මැටිපා) දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ පියවි මැටිපා දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) පියවි මැටිපා දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

චීවරලෙසො නාම: පංසුකූලිකො දිට‍්ඨො හොති -පෙ- ගහපතිචීවරධරො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ගහපතිචීවරධරං පස‍්සිත්‍වා චොදෙති: “ගහපතිචීවරධරො මයා දිට‍්ඨො, පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

චීවර ලෙස නම්: පසුල් සිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. ... පරිජිඇවැත් අවදනා ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද්දේ වෙයි. හේ ගැහැවිසිවුරු දරණ අන් මහණක්හු දැක ‘මා විසින් (පරිජිඇවැත් අවදනා) ගැහැවිසිවුරු දරන්නෙක් දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

උපජ‍්ඣායලෙසො නාම: ඉත්‍ථන‍්නාමස‍්ස සද‍්ධිවිහාරිකො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ඉත්‍ථන‍්නාමස‍්ස සද‍්ධිවිහාරිකං පස‍්සිත්‍වා චොදෙති: පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

උපජ්ඣාය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා සද්ධිවිහාරිකයෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ අන් සද්ධිවිහාරික පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් මහණහුගේ (පරිජිඇවැත් අවදනා) සද්ධිවිහාරික තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

ආචරියලෙසො නාම: ඉත්‍ථන‍්නාමස‍්ස අන‍්තෙවාසිකො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ඉත්‍ථන‍්නාමස‍්ස අන‍්තෙවාසිකං පස‍්සිත්‍වා චොදෙති: ඉත්‍ථන‍්නාමස‍්ස අන‍්තෙවාසිකො මයා දිට‍්ඨො, පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නොසි, අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, -පෙ- ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

ආචරිය ලෙස නම්: මෙනම් ඇත්තහුගේ පරිජිඇවැත් අවදනා අතැවැසියෙක් දක්නා ලද්දේ වෙයි. හේ මෙනම් ඇත්තහුගේ අන් අතැවැසි පැවිද්දකු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ (පරිජිඇවැත් අවදනා) අතැවැසි තෙම දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

සෙනාසනලෙසො නාම: ඉත්‍ථන‍්නාමස‍්ස සෙනාසනවාසිකො දිට‍්ඨො හොති පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපජ‍්ජන‍්තො, අඤ‍්ඤං ඉත්‍ථන‍්නාමස‍්ස සෙනාසනවාසිකං පස‍්සිත්‍වා චොදෙති: “ඉත්‍ථන‍්නාමස‍්ස සෙනාසනවාසිකො මයා දිට‍්ඨො පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නො’සි, අස‍්සමණො’සි, අසක්‍යපුත‍්තියො’සි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වා’ති, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

සේනාසන ලෙස නම්: මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි වූ පරිජිඇවැත් අවදනා මහණෙක් දක්නා ලද වෙයි. මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි අන් මහණක්හු දැක ‘මා විසින් මෙනම් ඇත්තහුගේ සෙනසුන් වැසි (පරිජිඇවැත් අවදනා) මහණ දක්නා ලද. (තෝ) පරිජිඇවැත් අවන්නෙහි, අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

පාරාජිකෙන ධම‍්මෙනාති චතුන‍්නං අඤ‍්ඤතරෙන.

පාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් එක්තරයෙකින්.

අනුද‍්ධංසෙය්‍යාති චොදෙති වා චොදාපෙති වා.

අනුද්ධංසෙය්‍ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ

අප‍්පෙවනාම නං ඉමම‍්හා බ්‍රහ‍්මචරියා චාවෙය්‍යන‍්ති භික‍්ඛුභාවා චාවෙය්‍යං සමණධම‍්මා චාවෙය්‍යං, සීලක‍්ඛන්‍ධා චාවෙය්‍යං, තපොගුණා චාවෙය්‍යං.

අප්පෙවනාම නං ඉමම්හා බ්‍රහ්මචරියා චාවෙය්‍ය යනු: භික්‍ෂු භාවයෙන් ගළවන්නෙම් නම්, ශ්‍රමණධර්‍මයෙන් ගළවන්නෙම් නම් ශීලස්කන්‍ධයෙන් ගළවන්නෙම් නම්.

තතො අපරෙන සමයෙනාති යස‍්මිං ඛණෙ අනුද‍්ධංසිතො හොති තං ඛණං තං ලයං තං මුහුත‍්තං වීතිවත‍්තෙ.

තතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක්හි චෝදනා කරණ ලද වේ ද ඒ ඇසිල්ල, ඒ ලය, මොහොත, ඉක්මැගිය කල්හි.

සමනුග‍්ගාහියමානොති යෙන වත්‍ථුනා අනුද‍්ධංසිතො හොති, තස‍්මිං වත්‍ථුස‍්මිං සමනුග‍්ගාහීයමානො.

සමනුග්ගාහියමානෝ යනු: යම් පාරාජික වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි විචාරනු ලබන්නේ.

අසමනුග‍්ගාහියමානොති න කෙනචි වුච‍්චමානො.

අසමනුග්ගාහියමානෝ යනු: කිසි වස්තුයෙකින් නො කියනු ලබන්නේ

අධිකරණං නාම චත‍්තාරි අධිකරණානි විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණං.

අධිකරණ නම්: අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි.

කොචි දෙසො ලෙසමත‍්තො උපාදින‍්නොති තෙසං ලෙසානං අඤ‍්ඤතරො ලෙසො උපාදින‍්නො හොති.

කොවි දෙසො ලෙසමත්තො උපාදින්තො යනු: ඒ ලේශයන් අතුරෙන් එක්තරා ලේශයෙක් ගන්නා ලද්දේ වේ.

භික‍්ඛු ච දොසං පතිට‍්ඨාතීති තුච‍්ඡකං මයා භණිතං, මුසා මයා භණිතං, අභූතං මයා භණිතං, අජානන‍්තෙන මයා භණිතං.

භික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: සිස්බසෙක් මා විසින් කියන ලද යැ, මුසවායෙක් මා විසින් කියන ලද යැ, අභූතයෙක් මා විසින් කියන ලද යැ, මා නො දන්නහු විසින් කියන ලදී.

සඞ‍්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො යනු: ... එයිනුදු කියනු ලැබෙයි ‘සඞ්ඝාදිසේසො’යි

5. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨි හොති. තඤ‍්චෙ පාරාජිකෙන චොදෙති: “අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වාති, එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

5. (චෝදක මහණ විසින්) සඟවෙසෙස් අවදනා මහණ තෙම දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැත් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.

6. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, සඞ‍්ඝාදිසෙසෙ ථුල‍්ලච‍්චයදිට‍්ඨි හොති -පෙ- පාචිත‍්තියදිට‍්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට‍්ඨි හොති -පෙ- දුක‍්කටදිට‍්ඨි හොති -පෙ- දුබ‍්භාසිතදිට‍්ඨි හොති තඤ‍්චෙ පාරාජිකෙන චොදෙති: අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

6. සඟවෙසෙස් අවදනා මහණෙක් දක්නා ලද්දේ වෙයි. සඟවෙසෙස් තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස් ඇවැත් වේ.

7. භික‍්ඛු ථුල‍්ලච‍්චයං -පෙ- පාචිත‍්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක‍්කටං -පෙ- දුබ‍්භාසිතං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, දුබ‍්භාසිතෙ දුබ‍්භාසිතදිට‍්ඨි හොති, තඤ‍්චෙ පාරාජිකෙන චොදෙති: අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ- එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

7. මහණ තෙම තුලැසි ... පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, …’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

8. භික‍්ඛු දුබ‍්භාසිතං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, දුබ‍්භාසිතෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨි හොති -පෙ- දුබ‍්භාසිතෙ ථුල‍්ලච‍්චයපාචිත‍්තියපාටිදෙසනීයදුක‍්කට දිට‍්ඨි හොති. තඤ‍්චෙ පාරාජිකෙන චොදෙති: අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වාති, එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

8. මහණ තෙම දුබැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … දුබැසියෙහි තුලැසි පචිති පිළිදෙස්නී දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කෙරේ නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

එකෙකං මූලං කාතුන චක‍්කං බන්‍ධිතබ‍්බං

එකක් එකක් මුල් කොටගෙන චක්‍රය බැන්ද යුතු.

9. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, සඞ‍්ඝාදිසෙසෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨි හොති. තඤ‍්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වා”ති. එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

9. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

10. භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, සඞ‍්ඝාදිසෙසෙ ථුල‍්ලච‍්චයදිට‍්ඨි හොති -පෙ- පාචිත‍්තියදිට‍්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට‍්ඨි හොති -පෙ- දුක‍්කටදිට‍්ඨි හොති -පෙ- දුබ‍්භාසිතදිට‍්ඨි හොති -පෙ- තඤ‍්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි -පෙ-” එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

10. මහණ තෙම සඟවෙසෙස්ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. සඟවෙසෙස්හි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... පිළිදෙස්නි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ...’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම් මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි. ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

11. භික‍්ඛු ථුල‍්ලච‍්චයං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති, ථුල‍්ලච‍්චයෙ ථුල‍්ලච‍්චයදිට‍්ඨි හොති -පෙ- ථුල‍්ලච‍්චයෙ පාචිත‍්තියදිට‍්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට‍්ඨි හොති -පෙ- දුක‍්කටදිට‍්ඨි හොති -පෙ- දුබ‍්භාසිතදිට‍්ඨි හොති, සඞ‍්ඝාදිසෙසදිට‍්ඨි හොති. තඤ‍්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස‍්සමණොසි, අසක්‍යපුත‍්තියොසි” -පෙ- එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති, ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

11. මහණ තෙම ථුලැසිඇවැත් අවදනේ දක්නා ලද වෙයි. තුලැසියෙහි තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි … තුලැසියෙහි පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි …’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි. තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

12. භික‍්ඛු පාචිත‍්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක‍්කටං -පෙ- දුබ‍්භාසිතං අජ‍්ඣාපජ‍්ජන‍්තො දිට‍්ඨො හොති දුබ‍්භාසිතෙ දුබ‍්භාසිතදිට‍්ඨි හොති -පෙ- දුබ‍්භාසිතෙ සඞ‍්ඝාදිසෙසදිට‍්ඨි හොති -පෙ- ථුල‍්ලච‍්චයදිට‍්ඨිහොති -පෙ- පාචිත‍්තියදිට‍්ඨි හොති -පෙ- පාටිදෙසනීයදිට‍්ඨි හොති -පෙ- දුක‍්කටදිට‍්ඨි හොති, තඤ‍්චෙ පාරාජිකෙන චොදාපෙති: “අස‍්සමණො’සි, අසක්‍යපුත‍්තියො’සි, නත්‍ථි තයා සද‍්ධිං උපොසථො වා පවාරණා වා සඞ‍්ඝකම‍්මං වා’ති, එවම‍්පි ආපත‍්තඤ‍්ඤභාගියං හොති ලෙසො ච උපාදින‍්නො, ආපත‍්ති වාචාය වාචාය සඞ‍්ඝාදිසෙසස‍්ස.

12. මහණ තෙම පචිති ... පිළිදෙස්නී ... දුකුළා ... දුබැසි ඇවැත් අවදනේ දක්නා ලද වෙයි. දුබැසියෙහි දුබැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුබැසියෙහි සඟවෙසෙස් ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... තුලැසි ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පචිති ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... පිළිදෙස්නී ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි ... දුකුළා ය යන දෘෂ්ටි ඇත්තේ වෙයි. ඉදින් ඔහුට ‘අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි පරිජිඇවැතින් චෝදනා කරවා නම්, මෙසේත් ආපත්ති - අන්‍යභාගිය ද වෙයි, ලේශයෙක් ද ගන්නා ලද්දේ වෙයි, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.

13. අනාපත‍්ති තථාසඤ‍්ඤී චොදෙති වා චොදාපෙති වා උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

13. එබඳු සංඥා ඇත්තේ චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවයි හෝ ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.

දුතියදුට‍්ඨදොසසික‍්ඛාපදං නිට‍්ඨිතං.

දුතියදුට්ඨදෝස ශික්‍ෂාපදය නිමි.