පඨම-දුට්ඨදොසසික්ඛාපදං
3. 8.
3. 8.
පඨම-දුට්ඨදොසසික්ඛාපදං
පඨමදුට්ඨදෝසශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං හොති. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තෙන අනුප්පත්තං හොති, නත්ථි චස්ස කිඤ්චි උත්තරි කරණීයං, කතස්ස වා පතිචයො. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරි කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය’න්ති. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වාසය කරණ සේක. එසමයෙහි උපතින් සත්වැසි වූ මල්ලරාජපුත්‍ර දබ්බ තෙරුන් විසින් අර්හත්වය පසක් කරණ ලද වෙයි. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු (ත්‍රිවිද්‍යාදී) යම්කිසි ගුණජාතයෙක් වේ ද ඒ සියල්ල ඔවුන් විසින් ලබන ලද වෙයි. ඔවුන් විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. එකල්හි ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයන්ට රහසිගත ව විවෙක ව හුන්නවුන්ට මෙබඳු වූ චිත්තපරිවිතර්කයෙක් උපන. ‘උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු යම්කිසි ගුණජාතයෙක් වේ නම් ඒ සියල්ල මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුත්තෙක් හෝ කරණ ලද්දහුගේ වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම් සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ’යි. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයනට මේ සිත විය. ‘මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මැනැවැ’යි.
2. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුපත්තං, නත්ථි ච මෙ කිඤ්චි උත්තරි කරණීයං. කතස්ස වා පතිචයො, කිං නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. තස්ස මය්හං භන්තෙ එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං, භත්තානි ච උද්දිසෙය්යන්ති. “ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙතුං භත්තානි ච උද්දිසිතු”න්ති. “සාධු සාධු දබ්බ තෙන හි ත්වං දබ්බ, සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙහි, භත්තානි ච උද්දිසා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවතො පච්චස්සොසි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සවස් වේලෙහි පිළිසලනින් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව හුන්නාහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. “ස්වාමීනි, මෙහි රහෝගත ව විවේකී ව හුන් මට මෙබඳු වූ චිත්තපරිවිතර්කයෙක් උපන. උපතින් සත්හැවිරිදි වූ මා විසින් රහත් බව පසක් කරණ ලද. ශ්‍රාවකයක්හු විසින් ලැබියයුතු වූ සියලු ගුණජාතය මා විසින් ලබන ලද. මා විසින් මත්තෙහි කටයුතු කිසිවක් හෝ කරණ ලද්දහුගේ වටාලා වැඩීමෙක් හෝ නැත්තේ ද වෙයි. මම සඟනට කිනම් වතාවතක් කෙරෙම් දෝ හෝ”යි. ‘ස්වාමීනි, ඒ මට මේ සිත විය: මම් සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැ නු’යි. ස්වාමීනි, මම සඟනට සෙනසුනුදු පනවන්නට බතුදු උදෙසන්නට කැමැත්තෙමි”යි. “මැනැවැ, මැනැවැ, දබ්බයෙනි, එසේ වී නම් දබ්බයෙනි, තෙපි සඟනට සෙනසුනුදු පනවවු. බතුදු උදෙසවු ය”යි. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ සඞ්ඝො දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො: පඨමං දබ්බො මල්ලපුත්තො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො: –
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කරුණෙහි දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුත්රයා සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරේවා. තවද මහණෙනි, මෙසේත් සම්මත කළ යුත්තේ ය. පළමු කොට දබ්බමල්ලපුත්‍ර තෙමේ අයැදිය යුත්තේ ය. අයැද ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය”
4. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නෙය්ය, එසා ඤත්ති:
4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරන්නේ ය. තෙල ඤත්ති යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො, සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සෙනාසනපඤ්ඤාපකස්ස ච භත්තුද්දෙසකස්ස ච සම්මුති, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය:
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයන් සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කිරීම රුචි වේ නම් හෙතෙම තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හෙතෙම බණන්නේ ය.
සම්මතො සඞ්ඝෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සෙනාසනපඤ්ඤාපකො ච භත්තුද්දෙසකො ච. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී , එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ සෙනසුන් පනවන්නකු ද බත් උදෙසන්නකු ද කොට සම්මත කරණ ලද්දේ ය. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම්භාවය යි. මේ මෙසේ ධරමි”යි.
5. සම්මතො ච පනායස්මා දබ්බො මල්ලපුත්තො සභාගානං සභාගානං භික්ඛූනං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති. යෙ තෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සඞ්ගායිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ විනයධරා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං විනයං විනිච්ඡිනිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ධම්මකථිකා තෙසං එකජ්ඣා සෙනාසනං පඤ්ඤාපෙති. “තෙ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ඣායිනො තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “තෙ අඤ්ඤමඤ්ඤං න ව්යාබාධිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ තිරච්ඡානකථිකා කායදඩ්ඪිබහුලා විහරන්ති, තෙසම්පි එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති, “ඉමායපිමෙ ආයස්මන්තො රතියා අච්ඡිස්සන්තී”ති. යෙපි තෙ භික්ඛූ විකාලෙ ආගච්ඡන්ති තෙසම්පි තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙනෙව ආලොකෙන සෙනාසනං පඤ්ඤාපෙති. අපිස්සු භික්ඛූ සඤ්චිච්ච විකාලෙ ආගච්ඡන්ති “මයං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස ඉද්ධිපාටිහාරියං පස්සිස්සාමා”ති. තෙ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං උපසඞ්කමිත්වා එවං වදන්ති: අම්හාකං ආවුසො දබ්බ, සෙනාසනං පඤ්ඤාපෙහී”ති. තෙ ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං වදෙති: “කත්ථායස්මන්තා ඉච්ඡන්ති, කත්ථ පඤ්ඤාපෙමී”ති. තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්ති, “අම්හාකං ආවුසො, දබ්බ, ගිජ්ඣකූටෙ පබ්බතෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං, ආවුසො, චොරපපාතෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො ඉසිගිලිපස්සෙ කාළසිලායං සෙනාසනං පඤ්ඤපෙහි, අම්හාකං ආවුසො වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං, ආවුසො, ගොතමකකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තින්දුකකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තපොදකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො තපොදාරාමෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤාපෙහි, අම්හාකං ආවුසො මද්දකුච්ඡිස්මිං මිගදායෙ සෙනාසනං පඤ්ඤපෙහී”ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො තෙජොධාතුං සමාපජ්ජිත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡති. තෙපි තෙනෙව ආලොකෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙති: “අයං මඤ්චො, ඉදං පීඨං, අයං භිසි, ඉදං බිම්බොහනං, ඉදං වච්චට්ඨානං, ඉදං පස්සාවට්ඨානං, ඉදං පානීයං, ඉදං පරිභොජනීයං, අයං කත්තරදණ්ඩො, ඉදං සඞ්ඝස්ස කතිකසණ්ඨානං, ඉමං කාලං පවිසිතබ්බං, ඉමං කාලං නික්ඛමිතබ්බ”න්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡති.
5. ඉක්බිති සම්මත වූ ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍රයෝ සභාග සභාග වූ භික්ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් සෞත්‍රාන්තිකයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් සූත්‍රාන්තය සඞ්ගායනා කෙරෙති, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විනයධරයෝ වෙද්ද ඔහු ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධර්මකථිකයෝ වෙද්ද, ‘ඔහු ඔවුනොවුන් ධර්මය සාකච්ඡා කෙරෙතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් ධ්‍යායීහු වෙද් ද ‘ඔහු ඔවුනොවුන් නො වෙහෙසතී’ ඔවුනට එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් තිරච්ඡානකථා ඇත්තාහු සිරුරු තර කිරීම බහුල ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරිසන් කථා රතියෙන් වෙසෙති’. ඔවුනට ද එකට සෙනසුන් පනවති. යම් මහණ කෙනෙක් විකාලයෙහි එත් නම් තේජෝධාතුවට සමවැද එම ආලෝකයෙන් ඔවුනට ද සෙනසුන් පනවත්. තවද භික්ෂූහු ‘ඇපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ ඍද්ධිප්රාතිහාර්ය බලම්හ’ යි දැන දැන නො කල්හි පැමිණෙති. ඔහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් කරා එළඹ ‘ඇවැත්නි, දබ්බයෙනි අපට සෙනසුන් පනවාලව’යි කියති. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඒ භික්ෂූන්ට මෙසේ කියති. ආයුෂ්මත්හු කොහි කැමැති වෙද්ද කොහි සෙනසුන් පනවම් දැ? යි. ඔහු දැන දැන දුරු තැන් දක්වති. ඇවැත් දබ්බයෙනි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපතනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපව්පාත්හි කළුසලහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපව්පාත්හි සප්තපණ්ණිගුහායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ශීතවනයෙහි නාකෙමබෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම්කඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරිකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදකඳුරෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝදාරාමයෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹඋයන්හි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ඡි නම් මුවළැව්හි සෙනසුන් පනවාලව”යි කියන්නාහ. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ තේජෝධාතුවට සමවැද දිලියෙන ඇඟිලි ඇති ව ඔවුනට පෙරට ව පෙරට ව යෙති. උයිත් එම එළියෙන් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ගේ පස්පස්හි යෙති. ඔවුනට ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ මෙසෙයින් සෙනසුන් පනවත්. මේ ඇඳ ය, මේ පුටු ය, මේ බිසි ය, මේ බිම්බොහන ය, මේ වැසිකිළි ය, මේ කෙසකිළි ය, මේ පැන් ය, මේ පරිභෝග උදක ය, මේ සැරයටි ය, මේ සඟුන්ගේ කතිකාවත ය, මෙකල පිවිසියයුතු ය, මෙකල නික්මියයුතු ය’යි. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ ඔවුනට සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එන්නාහ.
6. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා භික්ඛූ නවකා චෙව හොන්ති අප්පපුඤ්ඤා ච, යානි සඞ්ඝස්ස ලාමකානි සෙනාසනානි, තානි තෙසං පාපුණන්ති ලාමකානි ච භත්තානි. තෙන ඛො පන සමයෙන රාජගහෙ මනුස්සා ඉච්ඡන්ති ථෙරානං භික්ඛූනං අභිසඞ්ඛාරිකං පිණ්ඩපාතං දාතුං සප්පිම්පි තෙලම්පි උත්තරිභඞ්ගම්පි. මෙත්තියභුම්මජකානං පන භික්ඛූනං පාකතිකං දෙන්ති යථාරන්ධං කණාජකං බිලඞ්ගදුතියං. තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා ථෙරෙ භික්ඛූ පුච්ඡන්ති: තුම්හාකං ආවුසො භත්තග්ගෙ කිං අහොසි, තුම්හාකං කිං අහොසී”ති. එකච්චෙ ථෙරා එවං වදන්ති: “අම්හාකං ආවුසො සප්පි අහොසි තෙලං අහොසි උත්තරිභඞ්ගං අහොසී”ති. මෙත්තියභුම්මජකා පන භික්ඛූ එවං වදෙන්ති: “අම්හාකං ආවුසො න කිඤ්චි අහොසි පාකතිකං යථාරන්ධං කණාජකං බිලඞ්ගදුතිය”න්ති.
6. තවද එසමයෙහි මෙත්තියභුම්මජක භික්ෂූහු නවකයෝ ද මඳ පිනැත්තාහු ද වෙති. ඔවුනට සඞ්ඝයා පිළිබඳ වූ යම් ලාමක සෙනසුන් කෙනෙක් වෙත් ද ලාමක වූ බතකුත් වේ ද ඒ ලාමක සෙනසුන් හා බත් ම ලැබෙත්. එසමයෙහි රජගහනුවර මනුෂ්‍යයෝ සකස් කළ පිණ්ඩපාතය ද ගිතෙල් ද තලතෙල් ද මස්අවුළු ද ස්ථවිර භික්ෂූන්ට දෙන්නට කැමැති වෙත්. එතෙකුදුවත් මෙත්තියභුම්මජක භික්ෂූන්ට කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති පියවි බත පිසූ සැටියෙන් දෙති. ඔහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු “ස්ථවිරභික්‍ෂූන් පුළුවුස්ති ‘ඇවැත්නි, තොපට බොජුන්හල්හි කෙබඳු බතෙක් වී ද? තොපට කෙබඳු බතෙක් වී දැ?’යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට ගිතෙල් විය. තලතෙල් විය. මස්අවුළු වී ය’යි. මෙත්තියභුම්මජක භික්ෂූහු වැළිත් මෙසේ කියති. ‘ඇවැත්නි, අපට කිසිවක් නො වී ය. කුඩු සහිත වූ කාඩි දෙවැනි කොට ඇති. පිසූ සැටියෙන් පියවි බත වී ය’යි.
7. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකො ගහපති සඞ්ඝස්ස චතුක්කභත්තං දෙති නිච්චභත්තං. සො භත්තග්ගෙ සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසති, අඤ්ඤෙ ඔදනෙන පුච්ඡන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡන්ති. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං ස්වාතනාය මෙත්තියභුම්මජකානං භික්ඛූනං උද්දිට්ඨං හොති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. සො යෙනායස්මා දබ්බො මල්ලපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කල්යාණභත්තිකං ගහපතිං ආයස්මා දබ්බො මල්ලපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “කස්ස භන්තෙ අම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨ”න්ති.
7. තවද එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපති තෙම නිතිබත් කොට සතර බතක් දෙයි. හෙතෙම දන්හල්හි අඹුදරුවන් සහිත වූයේ සමීපයෙහි සිට වළඳවයි. කෙනෙක් බතින් පුළුවුස්ති. කෙනෙක් සූපයෙන් පුළුවුස්ති. කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත්. එසමයෙහි කල්‍යාණභක්තික ගෘහපතියාගේ බත සෙට දවසට මෙත්තියභුම්මජක භික්ෂූන්ට උදෙසන ලද වෙයි. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති තෙම කිසි කරුණෙකින් ආරාමයට ගියේ ය. හෙතෙම ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් සමීපයට එළැඹ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් කල්‍යාණභක්තික ගෘහපතිහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයෝ දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. තෙද ගැන්වූහ. සතුටු කළහ. ඉක්බිති කල්‍යාණභක්තික ගෘහපති ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරණ ලද්දේ ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට මෙය කී ය. “වහන්ස, අපගේ ගෙහි සෙටදවසට කවරක්හට බත් උදෙසන ලද දැ?”යි. ගෘහපතිය, මෙත්තියභුම්මජක භික්ෂූන්ට තොපගේ ගෙහි සෙට දවසට බත් උදෙසන ලදැ යි කීහ.
8. අථ ඛො කල්යාණභත්තිකො ගහපති අනත්තමනො අහොසි “කථං හි නාම පාපභික්ඛූ අම්හාකං ඝරෙ භුඤ්ජිස්සන්තී”ති. ඝරං ගන්ත්වා දාසිං ආණාපෙසි: “යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා”ති. “එවං අය්යා”ති ඛො සා දාසී කල්යාණභත්තිකස්ස ගහපතිනො පච්චස්සොසි.
8. එකල්හි කල්‍යාණභක්තික ගෘහපති නො සතුටුසිත් ඇති වී ය. ‘කෙසේ නම් පාප භික්ෂූහු අපගේ ගෙහි සෙට බත් වළඳන්නාහු දැ’යි ගෙට ගොස් ‘කොල, සෙට බත් වළඳන යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු සහලේ බතින් වළඳව”යි දාසියට ඇණවීය. ‘එසේය ස්වාමීනි’යි ඒ දාසිය කල්‍යාණභක්තික ගෘහපතිහට පිළිවදන් දින.
9. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො අම්හාකං කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං උද්දිට්ඨං, ස්වෙ අම්හෙ කල්යාණභත්තිකො ගහපති සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසිස්සති. අඤ්ඤෙ ඔදනෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡිස්සන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡිස්සන්තී”ති. තෙ තෙනෙව සොමනස්සෙන න චිත්තරූපං රත්තියා සුපිංසු.
9. ඉක්බිති මෙත්තියභුම්මජක භික්ෂූහු ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභක්තික ගෘහපතිහුගේ බත උදෙසන ලද. සෙට කල්‍යාණභක්තික ගෘහපති තෙම අප සමීපයට එළඹ වළඳවන්නේය. කෙනෙක් ඕදනයෙන් පුළුවුස්ති, කෙනෙක් සූපයෙන් පුළුවුස්ති, කෙනෙක් තෙලින් පුළුවුස්ති. කෙනෙක් මසවුළෙන් පුළුවුසිත් ය”යි. ඔහු එ ම සොම්නසින් සිත් වූ පරිදි රාත්‍රියෙහි නිදි නො ගත්හ.
10. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සා දාසී මෙත්තියභුම්මජකෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ, දිස්වාන කොට්ඨකෙ ආසනං පඤ්ඤපෙත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “නිසීදථ භන්තෙ”ති. අථ ඛො මෙත්තියභුම්මජකානං භික්ඛූනං එතදහොසි: “නිස්සංසයං ඛො න තාව භත්තං සිද්ධං භවිස්සති. යාව මයං කොට්ඨකෙ නිසීදාපියෙය්යමා”ති. අථ ඛො සා දාසී කණාජකෙන බිලඞ්ගදුතියෙන උපගච්ඡි: “භුඤ්ජථ භන්තෙ”ති “මයං ඛො භගිනි නිච්චභත්තිකා”ති. “ජානාමය්යා නිච්චභත්තිකත්ථ, අපිචාහං හිය්යොව ආණත්තා: ‘යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා’ති. භුඤ්ජථ භන්තෙ”ති.
10. ඉක්බිති මෙත්තියභුම්මජක භික්ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන කල්‍යාණභක්තික ගෘහපතිහුගේ නිවෙස්න කරා එළඹියහ. ඒ දාසිය දුරින් ම එන මෙත්තියභුම්මජක භික්ෂූන් දුටුවා ය. දැක කොටුයෙහි අසුන් පනවා මෙත්තියභුම්මජක භික්ෂූන්ට ‘වහන්ස, හුන මැනැවැ’යි කිව. එකල්හි මෙත්තියභුම්මජක භික්ෂූන්ට මේ සිත විය. එකැතින් ම තව බත් නො නිමියේ වන. ඒ තාක් ඇපි කොටුයෙහි හිඳුවනු ලබම්හ”යි. ඉක්බිති ඒ දාසිය කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් යුක්ත ව එළඹියා ය. ‘වහන්ස, වළඳව’යි කිව. ‘නැගනියනි, ඇපි නිතිබත් ඇතියම්හ’යි. ස්වාමීනි, නිතිබත් ඇතියවුහු දනිමි. එතෙකුදුවත් මම ඊයේ ම අණ ලත්මු. කොල, සෙට බත් ලද යම් කෙනෙක් එත් නම් ඔහු කොටුයෙහි අසුන් පනවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩුසාලේ බතින් වළඳව’යි. වහන්ස, වැළඳුව මැනැවැ’යි.
11. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි, දබ්බස්ස මල්ලපුත්තස්ස සන්තිකෙ. නිස්සංසයං ඛො මයං දබ්බෙන මල්ලපුත්තෙන ගහපතිනො පරිභින්නා”ති. තෙ තෙනෙව දොමනස්සෙන න චිත්තරූපං භුඤ්ජිංසු. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තා ආරාමං ගන්ත්වා පත්තචීවරං පටිසාමෙත්වා බහාරාමකොට්ඨකෙ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදිංසු තුණ්හීභූතා මඞ්කුභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා.
11. ඉක්බිති මෙත්තියභුම්මජක භික්ෂූහු ‘ඇවැත්නි, ඊයේ කල්‍යාණභක්තික ගෘහපති තෙම අරමට ගියේ ය. දබ්බමල්‍යපුත්‍රයන් හමුයෙහි වී ය. එකැතින් ම ඇපි දබ්බමල්‍යපුත්‍රයන් විසින් ගෘහපතිහු කෙරෙහි බිඳුනා ලදුම්හ’යි ඔහු එම දොම්නසින් සිත් සේ නො වැළඳූහ. ඉක්බිති මෙත්තියභුම්මජක භික්ෂූහු පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු අරමට ගොස් පාසිවුරු සඟවා තබා බිහිඅරම්කොටුයෙහි නිහඬ ව මකු ව නැමූ කඳට ඇතිව (කෝපයෙන්) දුමමින් වැටහීම් රහිත ව සඟළින් අකවටු අවුළුවා හුන්හ.
12. අථ ඛො මෙත්තියා භික්ඛුනී යෙන මෙත්තියභුම්මජකා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “වන්දාමි, අය්යා”ති. එවං වුත්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: “වන්දාමි අය්යා”ති. තතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. “ක්යාහං අය්යානං අපරජ්ඣාමි, කිස්ස මං අය්යා නාලපන්තී”ති. තථා හි පන ත්වං භගිනි, අම්හෙ දබ්බෙන මල්ලපුත්තෙන විහෙඨියමානෙ අජ්ඣුපෙක්ඛසී’ති. ‘ක්යාහං අය්යා කරොමී’ති ‘සචෙ ඛො ත්වං භගිනි ඉච්ඡෙය්යාසි අජ්ජෙව භගවා දබ්බං මල්ලපුත්තං නාසාපෙය්යා’ති. ක්යාහං අය්යා කරොමි. කිං මයා සක්කා කාතුන්ති. එහි ත්වං භගිනි, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා භගවන්තං එවං වදෙහි: ‘ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා, යතො නිවාතං තතො පවාතං, උදකං මඤ්ඤෙ ආදිත්තං, අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා’ති. එවං අය්යාති ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකානං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතා ඛො මෙත්තියා භික්ඛුනී භගවන්තං එතදවොච: ‘ඉදං භන්තෙ නච්ඡන්නං නප්පතිරූපං, යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා, යතො නිවාතං තතො පවාතං, උදකං මඤ්ඤෙ ආදිත්තං, අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා’ති.
12. එකල්හි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්ෂූන් කරා එළඹියාය. එළැඹ මෙත්තියභුම්මජක භික්ෂූන්ට ‘වඳිමි හිමියනි’යි කිව. මෙසේ කී කල් ද මෙත්තියභුම්මජක භික්ෂූහු නො බැණ හුන්හ. දෙවනවට ද ... තෙවනවටහි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්ෂූන්ට ‘වඳිමි, හිමියනි’යි කිව. තෙවනවට ද මෙත්තියභුම්මජක භික්ෂූහු නො බැණ හුන්හ. මම ආර්‍ය්‍යයන්ට කවර අපරාධයන් කෙළෙම් ද? කුමක් හෙයින් ආර්‍ය්‍යයෝ මා හා නො බෙණෙත් දැ?යි. එසේ ම ය නැගනියනි, තෝ දබ්බමල්‍යපුත්‍රයන් විසින් අප වෙහෙසනු ලබනුවන් උපේක්ෂා කෙරෙහි ය”යි. ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරෙම් දැ?යි ඉදින් නැගනියනි, තෝ රිසියවු නම් අද ම භාග්‍යවත්හු දබ්බමල්යපුත්රයා නසවන්නා හ යි, ආර්‍ය්‍යයෙනි, මම් කුම් කෙරෙම් ද? මා විසින් කුමක් කරන්නට හැකි දැ?යි. එව නැගනියනි, තෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙව. එළැඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව. ‘ස්වාමීනි, මේ නො රුස්නෙක නුසුදුස්සෙක, ස්වාමීනි, යම් දිශාවක් නිර්භය ද නිදුක් ද අනුපද්‍රව ද ඒ දිශාව භය සහිත ය. දුක් සහිත ය. උපද්‍රව සහිත ය. යම් තැනෙක්හි නීවාත ද එහි මහසුළං නැඟිණ. දිය ඇවිලගත් කලක් මෙන් ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේය ආර්‍ය්‍යයෙනි’යි මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක භික්ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් ව සිටියා ය. එකත්පස් ව සිටි මෙත්තියා මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් කිව. ‘ස්වාමීනි, මෙය නො රුස්නෙක. නුසුදුස්සෙක. ස්වාමීනි, යම් දිශාවක් අභය ද අනීතික ද අනුපද්‍රව ද, ඒ දිශාව භය සහිතය. දුක් සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක්හි නිවාත ද එතැන්හි මහසුළං නැඟිණි. දිය ආදීප්ත කලක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්‍යපුත්‍රයන් විසින් දූෂිතයමු’යි කිව.
13. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: ‘සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා,ති “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. ‘න ඛො දබ්බ දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං කතන්ති වදෙහි, සචෙ අකතං අකතන්ති වදෙහී’ති. “යතො අහං භන්තෙ ජාතො නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පතිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙනහි භික්ඛවෙ මෙත්තියං භික්ඛුනිං නාසෙථ, ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථා”ති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් පුළුවුත් සේක. “දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නාසේක් ද (එසෙයින් දතයුතු වෙමි”)යි. බුදුහු දෙවනවට ද ... බුදුහු තෙවනවට ද ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන්ට මෙය වදාළහ. ‘දබ්බය, යම්සේ මේ මෙහෙණ කිවු ද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ’යි. දබ්බය පණ්ඩිතයෝ මෙසේ පරප්‍රත්‍යයෙන් නිරවුල් නො කෙරෙති. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව. නො කරණ ලද නම් නො කරණ ලදැයි කියව’යි. ‘ස්වාමීනි, මම යම් කලෙක උපන්නෙම් ද එතැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවියෙම් නො දන්මි. නිදිවැරුයෙම් කැලමැ’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමැතූ සේක. එසේ වී නම් මහණෙනි, “මෙත්තියා මෙහෙණ (ලිඞ්ගනාසනායෙන්) නසවු. මේ (මෙහෙයූ) භික්ෂූන් ද විමසව”යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
14. අථ ඛො තෙ භික්ඛූ මෙත්තියං භික්ඛුනිං නාසෙසුං. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: “මා ආවුසො මෙත්තියං භික්ඛුනිං නාසෙථ, න සා කිඤ්චි අපරජ්ඣති, අම්හෙහි සා උස්සාහිතා කුපිතෙහි අනත්තමනෙහි චාවනාධිප්පායෙහී”ති. “කිං පන තුම්හෙ ආවුසො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා”ති. එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙථා”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා දබ්බං මල්ලපුත්තං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
14. ඉක්බිති ඒ භික්ෂූහු මෙත්තියා මෙහෙණ ලිඞ්ගනාසනායෙන් නසාපූහ. එකල්හි මෙත්තියභුම්මජක භික්ෂූන්ට මෙසේ කීහ. ‘ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි වරදක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති සස්නෙන් නෙරනු කැමැති වූ අප විසින් ඕ තොමෝ මෙහෙයන ලදු ය’යි. කිමෙක් ද ඇවැත්නි, “තෙපි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයන් අමුලු පරිජිඇවතින් චෝදනා කරවු දැ”යි. එසේය ඇවැත්නි, යි. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ද ඔහු අවමන් කෙරෙති. නුගුණ කියති. දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් මෙත්තියභුම්මජක භික්ෂූහු ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළාහු දැ’යි. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ දැන් වූහ. සැබෑද? මහණෙනි, තෙපි දබ්බමල්‍යපුත්‍රයනට අමුලු පරිජිඇවතින් චෝදනා කරවුදැ?යි. සැබව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්හා කළහ ... කෙසේ නම් සිස් පුරුෂයෙනි, තෙපි දබ්බමල්ය පුත්‍රයනට අමුලු පරිජිඇවැතින් චෝදනා කළහු ද? සිස් පුරුෂයෙන්, තෙල නො පහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්ෂා පදය මෙසේ උදෙසවු.
“යො පන භික්ඛු භික්ඛුං දුට්ඨො දොසො අප්පතීතො අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්ය අප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති. තතො අපරෙන සමයෙන සමනුග්ගාතියමානො වා අසමනුග්ගාතියමානො වා අමූලකඤ්චෙව තං අධිකරණං හොති භික්ඛු ච දොසං පතිට්ඨාති, සඞ්ඝාදිසෙසො”ති.
“යම් මහණෙක් ද්විෂ්ට වූයේ, මෙරමා දූෂණය කරණුයේ, නො සතුටු සිත් ඇත්තේ ‘මොහු මෙසස්නෙන් නෙරනෙම් නම් යෙහෙකැ’යි මහණක්හට අමුලු පරිජිඇවතින් චෝදනා කෙරේ නම්, එයින් පසු කලෙක විචාරනු ලබන්නේ හෝ නො විචාරහු ලබන්නේ හෝ ඒ අධිකරණය මුල් රහිත වේ නම්, (චෝදක) මහණ තෙමේ ද දෝෂයෙහි පිහිටා නම් සඟවෙසෙස් වේ” ය යි.
15. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
15. යෝපන යනු: යමෙක් යමුබදුයෙක් ... භික්ඛු යනු … මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි භික්ෂු යයි අදහස් කරණ ලදී.
භික්ඛුන්ති අඤ්ඤං භික්ඛුං.
භික්ඛුං යනු: අන් මහණක්හු.
දුට්ඨො දොසොති කුපිතො අනත්තමනො අනභිරද්ධො ආහතචිත්තො ඛිලජාතො.
දුට්ඨො දෝසෝ යනු: කිපියේ නො සතුටු සිත් ඇත්තේ නො පහන් වූයේ කෝපයෙන් මැඩුණු සිත් ඇත්තේ (පිළිඝු) හුල් ඇත්තේ යි.
අප්පතීතොති තෙන ච කොපෙන තෙන ච දොසෙන තාය ච අනත්තමනතාය තාය ච අනභිරද්ධියා අප්පතීතො හොති.
අප්පතීතො යනු: ඒ කෝපයෙන් ද ඒ දෝෂයෙන් ද ඒ නො සතුටු සිත් ඇති බැවින් ද ඒ නො පහන් බැවින් ද නො සතුටු සිත් ඇත්තේ වේ.
අමූලකං නාම අදිට්ඨං අසුතං අපරිසඞ්කිතං.
අමූලක නම්: නො දක්නා ලදුයේ නො අසන ලදුයේ නො සැක කරණ ලදුයේ යි.
පාරාජිකෙන ධම්මෙනාති චතුන්නං අඤ්ඤතරෙන.
පාරාජිකෙන ධම්මෙන යනු: සතර පරිජි අතුරෙන් අන්‍යතරයෙකින්.
අනුද්ධංසෙය්යාති චොදෙති වා චොදාපෙති වා.
අනුද්ධංසෙය්ය යනු: චෝදනා කෙරෙයි හෝ චෝදනා කරවා හෝ.
අප්පෙවනාම නං ඉමම්හා බ්රහ්මචරියා චාවෙය්යන්ති භික්ඛුභාවා චාවෙය්යං, සමණධම්මා චාවෙය්යං සීලක්ඛන්ධා චාවෙය්යං තපොගුණා චාවෙය්යං.
අප්පෙවනාම නං ඉම්මහා බ්රහ්මචරියා චාවෙය්යං යනු: භික්ෂු භාවයෙන් නෙරනෙම් නම් මහණදමින් නෙරනෙම් නම් ශීලස්කන්ධයෙන් නෙරනෙම් නම් තපෝගුණයෙන් නෙරනෙම් නම්.
තතො අපරෙන සමයෙනාති යස්මිං ඛණෙ අනුද්ධංසිතො හොති තං ඛණං තං ලයං තං මුහුත්තං වීතිවත්තෙ.
තතො අපරෙන සමයෙන යනු: යම් ඇසිල්ලෙක චෝදනා කරණ ලද්දේ වේ ද ඒ ඇසිල්ල ඒ ලය ඒ මොහොත ඉක්මගිය කල්හි.
සමනුග්ගාහියමානොති යෙන වත්ථුනා අනුද්ධංසිතො හොති තස්මිං වත්ථුස්මිං සමනුග්ගාහීයමානො.
සමනුග්ගාහියමානෝ යනු: යම් වස්තුයෙකින් චෝදනා කරණ ලද්දේ වේ ද ඒ වස්තුයෙහි ලා විචාරනු ලබන්නේ.
අසමනුග්ගාහියමානොති න කෙනචි වුච්චමානො.
අසමනුග්ගාහියමානෝ යනු: කිසිවක්හු විසින් නො කියනු ලබන්නේ.
අධිකරණං නාම: චත්තාරි අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
අධිකරණ නම්: සතර අධිකරණ කෙනෙකි: විවාදාධිකරණ ය අනුවාදාධිකරණ ය ආපත්තාධිකරණ ය කිච්චාධිකරණ යි.
භික්ඛු ච දොසං පතිට්ඨාතීති තුච්ඡකං මයා භණිතං, මුසා මයා භණිතං, අභූතං මයා භණිතං, අජානන්තෙන මයා භණිතං.
භික්ඛු ච දෝසං පතිට්ඨාති යනු: මා විසින් සිස් බස් කියන ලද, මා විසින් මුසවා කියන ලද, මා විසින් අභූතයක් කියන ලද, මා නො දන්නහු විසින් කියන ලද.
සඞ්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො යනු: එයිනුදු සඞ්ඝාදිසේස යි කියනු ලැබේ ය යි.
16. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
16. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙන් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
17. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: “සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
17. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වේ ද, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, ආශාක්යපුත්රීය වෙහි, තා සමග පොහෝ කිරීමෙක් හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
18. අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: ‘පරිසඞ්කිතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
18. චෝදක වූ ඔහු විසින් සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරණ ලද්දෙහි ය. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
19. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ, චොදෙති: “දිට්ඨො මයා සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
19. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි, ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි, තා සමග පොහොය හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’යි චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
20. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
20. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි. අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
21. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: “දිට්ඨො මයා සුතො ච පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
21. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද සැක කරණ ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
22. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති “සුතො මයා පරිසඞ්කිතො ච -පෙ- සුතො මයා දිට්ඨො ච -පෙ- සුතො මයා පරිසඞ්කිතො ච දිට්ඨො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි” -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
22. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ද දක්නා ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
23. අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: පරිසඞ්කිතො මයා දිට්ඨො ච -පෙ- පරිසඞ්කිතො මයා සුතො ච -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
23. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසන ලද්දෙහි ද වෙහි ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
24. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදෙති: සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
24. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
25. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදෙති: පරිසඞ්කිතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති -පෙ- තඤ්චෙ චොදෙති: සුතො මයා පරිසඞ්කිතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
25. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි යයි මා විසින් සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි පරිසඞ්කිත ද වෙහි ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
26. සුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදෙති: “පරිසඞ්කිතො මයා -පෙ- දිට්ඨො මයා -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
26. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කෙරේ නම් ‘මා විසින් සැක කරණ ලද්දෙහි … මා විසින් දක්නා ලද්දෙහි ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් සැක කරන ලද්දෙහි ද ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
27. පරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තං චෙ චොදෙති: දිට්ඨො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- සුතො මයා පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- දිට්ඨො මයා සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
27. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවන්නේ යයි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් අසන ලද්දෙහි ය ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ද වෙහි, ... චෝදනා කෙරේ නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
28. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. දිට්ඨෙ වෙමතිකො දිට්ඨං නො කප්පෙති, දිට්ඨං නස්සරති, දිට්ඨං පමුට්ඨො හොති, -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප්පෙති, සුතං නස්සරති, සුතං පමුට්ඨො හොති, -පෙ- පරිසඞ්කිතෙ වෙමතිකො පරිසඞ්කිතං නො කප්පෙති: පරිසඞ්කිතං නස්සරති, පරිසඞ්කිතං පමුට්ඨො හොති, තඤ්චෙ චොදෙති, පරිසඞ්කිතො මයා දිට්ඨො ච -පෙ- පරිසඞ්කිතො මයා සුතො ච -පෙ- පරිසඞ්කිතො මයා දිට්ඨො ච සුතො ච පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
28. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දෙහි විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... ශ්‍රැතයෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි ... සැක කරණ ලද්දෙහි විමති ඇත්තේ සැක කරණ ලද්ද නො හදහයි, සැක කරණ ලද්ද නොසිහි කෙරෙයි, සැක කරණ ලද්ද නැසුනේ වෙයි. ඉදින් ඔහුට මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද ... මා විසින් පරිසඞ්කිතයෙහි අසන ලද්දෙහි ද ... (තෝ) පරිජිඇවැත් අවන්නෙහි මා විසින් පරිසඞ්කිතයෙහි දක්නා ලද්දෙහි ද අසනලද්දෙහි ද වෙහි අශ්‍රමණයෙහි, අශාක්‍යපුත්‍රීයයෙහි. තා සමග පොහෝ කිරීම හෝ පවුරුණු හෝ සඞ්ඝකර්‍ම හෝ නැතැ’ යි චෝදනා කෙරේ නම්, තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
29. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදාපෙති: “දිට්ඨොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වා”ති, ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
29. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘පරිජිඇවැත් අවන්නෙහි දක්නා ලද්දෙහි ය. අශ්‍රමණයෙහි අශාක්‍යපුත්‍රීයයෙහි තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’ යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
30. අසුතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: “පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
30. චෝදක වූ ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි නො අසන ලද්දේ වෙයි. ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’ යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට ‘තෝ පරිජිඇවැත් අවන්නෙහි. පරිසඞ්කිතයෙහි ය. අශ්‍රමණයෙහි ... චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
31. අදිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි සුතොසි -පෙ- දිට්ඨොසි පරිසඞ්කිතොසි -පෙ- දිට්ඨොසි සුතොසි පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, -පෙ- අසුතස්ස හොති, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: –සුතොසි පරිසඞ්කිතොසි -පෙ- සුතොසි දිට්ඨොසි -පෙ- සුතොසි පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- අපරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති; පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- පරිසඞ්කිතොසි සුතොසි -පෙ- පරිසඞ්කිතොසි දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
31. චෝදක වූ ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ නො දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් දක්නා ලද්දෙහි අසන ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි නො අසන ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි ය ... දක්නා ලද්දෙහි සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක නො කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය. ... සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය. ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
32. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො. තඤ්චෙ චොදාපෙති: සුතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: පරිසඞ්කිතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: සුතොසි පරිසඞ්කිතොසි, පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය, වාචාය සඞ්ඝාදිසෙසස්ස.
32. ඔහු විසින් පරිජිඇවැත් අවදිනුයේ දක්නා ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් අසන ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි ය ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි සැක කරණ ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි’ ... තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
33. සුතස්ස හොති ‘පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො’ති -පෙ- පරිසඞ්කිතස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොති, තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: සුතොසි -පෙ- තඤ්චෙ චොදාපෙති: දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි -පෙ- ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
33. ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි අසන ලද්දේ වෙයි ... ඔහු විසින් ‘පරිජිඇවැත් අවන්නේ ය’යි සැක කරණ ලද්දේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි ය. … ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘අසන ලද්දෙහි ය. ... ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි අශ්‍රමණයෙහි ය.’ … තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
34. දිට්ඨස්ස හොති පාරාජිකං ධම්මං අජ්ඣාපජ්ජන්තො, දිට්ඨෙ වෙමතිකො දිට්ඨං නො කප්පෙති, දිට්ඨං නස්සරති, දිට්ඨං පමුට්ඨො හොති -පෙ- සුතෙ වෙමතිකො සුතං නො කප්පෙති සුතං නස්සරති සුතං පමුට්ඨො හොති -පෙ- පරිසඞ්කිතෙ වෙමතිකො පරිසඞ්කිතං නො කප්පෙති, පරිසඞ්කිතං නස්සරති, පරිසඞ්කිතං පමුට්ඨො හොති, තඤ්චෙ චොදාපෙති: පරිසඞ්කිතොසි දිට්ඨොසි -පෙ- පරිසඞ්කිතොසි සුතොසි -පෙ- පරිසඞ්කිතොසි දිට්ඨොසි සුතොසි පාරාජිකං ධම්මං අජ්ඣාපන්නොසි, අස්සමණොසි, අසක්යපුත්තියොසි, නත්ථි තයා සද්ධිං උපොසථො වා පවාරණා වා සඞ්ඝකම්මං වාති ආපත්ති වාචාය වාචාය සඞ්ඝාදිසෙසස්ස.
34. චෝදනා කරවන ඔහු විසින් පරිජිඇවැත් අවදනා වූ හෙතෙම දක්නා ලද්දේ වෙයි. දක්නා ලද්දේ විමති ඇත්තේ දක්නා ලද්ද නො හදහයි. දක්නා ලද්ද නො සිහි කෙරෙයි. දක්නා ලද්ද නැසුනේ වෙයි. ... අසන ලද්දෙහි විමති ඇත්තේ අසන ලද්ද නො හදහයි, අසන ලද්ද නො සිහි කෙරෙයි, අසන ලද්ද නැසුනේ වෙයි. ... පරිසඞ්කිතයෙහි විමති ඇත්තේ පරිසඞ්කිතය නො හදහයි, පරිසඞ්කිතය නො සිහි කෙරෙයි, පරිසඞ්කිතය නැසුනේ වෙයි. ඉදින් ඔහුට චෝදනා කරවා නම් ‘සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි ය … සැක කරණ ලද්දෙහි අසන ලද්දෙහි ය ... සැක කරණ ලද්දෙහි දක්නා ලද්දෙහි අසන ලද්දෙහි පරිජිඇවැත් අවන්නෙහි ය. අශ්‍රමණයෙහි ය, අශාක්‍යපුත්‍රීයයෙහි ය තා සමග උපෝසථයෙක් හෝ පවාරණයෙක් හෝ සඞ්ඝකර්‍මයෙක් හෝ නැතැ’යි චෝදනා කරවා නම් තෙපුලෙහි තෙපුලෙහි සඟවෙසෙස්ඇවැත් වේ.
35. අසුද්ධෙ සුද්ධදිට්ඨි, සුද්ධෙ අසුද්ධදිට්ඨි, අසුද්ධෙ අසුද්ධදිට්ඨි, සුද්ධෙ සුද්ධදිට්ඨි.
35. අශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. අශුද්ධයා කෙරෙහි අශුද්ධදෘෂ්ටි ඇත්තේ යැ. ශුද්ධයා කෙරෙහි ශුද්ධදෘෂ්ටි ඇත්තේ යි.
36. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස.
36. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට පැමිණියේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා සස්නෙන් නෙරනු කැමැත්තේ කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ.
37. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො. තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
37. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇතියේ සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ.
38. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස.
38. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇත්තේ අවකාශ නො කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
39. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
39. පුද්ගල තෙම අශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට අවන්නේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව අවකාශ කරවා ආක්‍රෝශ කරණ රිසි ඇති ව කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
40. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති දුක්කටස්ස.
40. පුද්ගල තෙම ශුද්ධ වූයේ එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වේ.
41. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, අනාපත්ති.
41. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරනු කැමැත්තේ අවකාශ කරවා කියා නම් ඇවැත් නැති.
42. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස.
42. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇත්තේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ.
43. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
43. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචිතිඇවැත් වේ.
44. අසුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නො, තඤ්චෙ අසුද්ධදිට්ඨිසමානො අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති දුක්කටස්ස. -පෙ- ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, අනාපත්ති -පෙ- අනෙකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
44. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට පැමිණියේ අශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට අශුද්ධ ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් දුකුළාඇවැත් වෙයි. ... සස්නෙන් නෙරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඇවැත් නැති ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇති ව අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
45. සුද්ධො හොති පුග්ගලො අඤ්ඤතරං පාරාජිකං ධම්මං අනජ්ඣාපන්නො, තඤ්චෙ සුද්ධදිට්ඨිසමානො අනෙකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ- අනෙකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදෙන දුක්කටස්ස -පෙ- ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
45. පුද්ගල තෙම එක්තරා පරිජිඇවැතකට නො පැමිණියේ ශුද්ධ වූයේ වෙයි. ඉදින් ඔහුට ශුද්ධය ය යන දෘෂ්ටි ඇති ව සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වේ. … සස්නෙන් නෙරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් සඟවෙසෙස්ඇවැත් වේ. ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ නො කරවා කියා නම් ඔමසවාදයෙහි පචිති සමග දුකුළාඇවැත් වේ ... ආක්‍රෝශ කරණ රිසි ඇතියේ අවකාශ කරවා කියා නම් ඔමසවාදයෙහි පචීතිඇවැත් වේ.
46. අනාපත්ති: සුද්ධෙ අසුද්ධදිට්ඨිස්ස, අසුද්ධෙ අසුද්ධදිට්ඨිස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
46. ශුද්ධයා කෙරෙහි අශුද්ධය යන දෘෂ්ටි ඇතියහුට, අශුද්ධයා කෙරෙහි අශුද්ධ ය යන දෘෂ්ටි ඇතියහුට, උන්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැත්තේ යි.
පඨම දුට්ඨදොස සික්ඛාපදං නිට්ඨිතං.
ප්‍රථම දුට්ඨදෝස ශික්ෂාපදය නිමි.