යෙදුමෙන් කියවන්න

විහාරකාරසික‍්ඛාපදං

3. 7.

3. 7.

විහාරකාරසික‍්ඛාපදං

විහාරකාරශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මතො ඡන‍්නස‍්ස උපට‍්ඨාකො ගහපති ආයස‍්මන‍්තං ඡන‍්නං එතදවොච: ‘විහාරවත්‍ථුං භන‍්තෙ ජානාහි, අය්‍යස‍්ස විහාරං කාරාපෙස‍්සාමී’ති. අථ ඛො ආයස‍්මා ඡන‍්නො විහාරවත්‍ථුං සොධෙන‍්තො අඤ‍්ඤතරං චෙතියරුක‍්ඛං ඡෙදාපෙසි ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට‍්ඨපූජිතං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: ‘කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා චෙතියරුක‍්ඛං ඡෙදාපෙස‍්සන‍්ති ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට‍්ඨපූජිතං, එකින්‍ද්‍රියං සමණා සක්‍යපුත‍්තියා ජීවං විහෙට‍්ඨෙන‍්තී’ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං, යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා ඡන‍්නො චෙතියරුක‍්ඛං ඡෙදාපෙස‍්සති, ගාමපූජිතං -පෙ- රට‍්ඨපූජිත”න‍්ති

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ උපස්ථායක වූ ගෘහපති තෙම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට මෙපවත් කීය: ‘වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට විහාරයක් කරවන්නෙමි. විහාරයට ගෙබිමක් දනුව’යි. ඉක්බිති ආයුෂ්මත් ඡන්නයෝ විහාරවාස්තුව ශුද්ධ කරන්නාහු ගැමියන් විසින් පුදන ලද නියම්ගම් වැස්සන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැසියන් විසින් පුදන ලද එක්තරා සෑරුකක් සිඳැ වූහ. මනුෂ්‍යයෝ ‘කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැස්සන් විසින් පුදන ලද රටවැස්සන් විසින් පුදන ලද සෑරුක සිඳැ වූහු ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ ඒකින්‍ද්‍රියජීවය කලකුරුවති’යි මනුෂ්‍යයෝ අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙති. භික්‍ෂූහු අවමන් කරන අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. අල්පේච්ඡ වූ යම් මහණ කෙනෙක් වෙත් නම් ඔහු අවමන් කෙරෙති. අයුණු කියති දොස් පහළ කෙරෙති. ‘කෙසේ නම් ආයුෂ්මත් ඡන්න තෙමේ ගැමියන් විසින් පුදන ලද … රටවැසියන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවී ද?’යි.

2. අථ ඛො තෙ භික‍්ඛූ ආයස‍්මන‍්තං ඡන‍්නං අනෙකපරියායෙන විගරහිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “සච‍්චං කිර ත්‍වං ඡන‍්න, චෙතියරුක‍්ඛං ඡෙදාපෙසි ගාමපූජිතං -පෙ- රට‍්ඨපූජිත”න‍්ති “සච‍්චං භගවා”ති. විගරහි බුද‍්ධො භගවා -පෙ- “කථං හි නාම ත්‍වං මොඝපුරිස, චෙතියරුක‍්ඛං ඡෙදාපෙස‍්සසි ගාමපූජිතං නිගමපූජිතං නගරපූජිතං ජනපදපූජිතං රට‍්ඨපූජිතං. ජීවසඤ‍්ඤිනො හි මොඝපුරිස, මනුස‍්සා රුක‍්ඛස‍්මිං, නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන, භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:”

2. ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නොයෙක් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ ... “සැබෑවෙක් ද ඡන්නය, තෝ ගැමියන් විසින් පුදන ලද … රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහිදැ?”යි. ‘සැබෑව භාග්‍යවතුන් වහන්සැ’යි. භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගර්‍හා කළහ. හිස් පුරුෂය, කෙසේ නම් තෝ ගැමියන් විසින් පුදන ලද නිගමුන් විසින් පුදන ලද නුවරුන් විසින් පුදන ලද දනව්වැසියන් විසින් පුදන ලද රටුන් විසින් පුදන ලද සෑරුකක් සිඳැවූයෙහි ද? හිස් පුරුෂය, මනුෂ්‍යයෝ වෘකෂයෙහි ජීවසංඥා ඇත්තාහු ම ය. හිස් පුරුෂය, තෙල නො පහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:

“මහල‍්ලකං පන භික‍්ඛුනා විහාරං කාරයමානෙන සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං, භික‍්ඛූ අභිනෙතබ‍්බා වත්‍ථුදෙසනාය. තෙහි භික‍්ඛූහි වත්‍ථුං දෙසෙතබ‍්බං අනාරම‍්භං සපරික‍්කමනං, සාරම‍්භෙ චෙ භික‍්ඛු වත්‍ථුස‍්මිං අපරික‍්කමනෙ මහල‍්ලකං විහාරං කාරෙය්‍ය භික‍්ඛූ වා අනභිනෙය්‍ය වත්‍ථුදෙසනාය, සඞ‍්ඝාදිසෙසො”ති.

“කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලක විහාරයක් කරවන මහණහු විසින් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූහු පැමිණවිය යුත්තාහ. ඒ භික්‍ෂූන් විසින් නිරුපද්‍රව වූ උපචාර සහිත වූ ගෙබිම දෙසියයුතු ය. ඉදින් මහණ තෙම උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ ගෙබිම්හි මහල්ලක විහාරයක් කරවා නම් වාස්තුදේශනාව පිණිස භික්‍ෂූන් නො පමුණුවා නම් සඟවෙසෙස් වේ ය”යි.

මහල‍්ලකො නාම: විහාරො සස‍්සාමිකො වුච‍්චති.

මහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.

විහාරො නාම: උල‍්ලිත‍්තො වා හොති අවලිත‍්තො වා උල‍්ලිත‍්තාවලිත‍්තො වා.

විහාර නම්: ඇතුළත පිරියම් කරණ ලදුයේ හෝ පිටත පිරියම් කරණ ලදුයේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලදුයේ හෝ වේ.

කාරයමානෙනාති: කරොන‍්තො වා කාරාපෙන‍්තො වා.

කාරයමානෙන යනු: කරණුයේ හෝ කරවනුයේ හෝ ය.

සස‍්සාමිකන‍්ති: අඤ‍්ඤො කොචි සාමිකො හොති ඉත්‍ථි වා පුරිසො වා ගහට‍්ඨො වා පබ‍්බජිතො වා.

සස්සාමිකං යනු: ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ අන් කිසි හිමියෙක් වේ.

අත‍්තුද‍්දෙසන‍්ති අත‍්තනො අත්‍ථාය.

අත්තුදෙදසං යනු: තමා සඳහා.

භික‍්ඛූ අභිනෙතබ‍්බා වත්‍ථුදෙසනායාති තෙන විහාරකාරකෙන භික‍්ඛුනා විහාරවත්‍ථුං සොධෙත්‍වා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං. සොහං භන‍්තෙ සඞ‍්ඝං විහාරවත්‍ථුඔලොකනං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො, තතියම‍්පි යාචිතබ‍්බා. සචෙ සබ‍්බො සඞ‍්ඝො උස‍්සහති විහාරවත්‍ථුං ඔලොකෙතුං, සබ‍්බෙන සඞ‍්ඝෙන ඔලොකෙතබ‍්බං. නො චෙ සබ‍්බො සඞ‍්ඝො උස‍්සහති විහාරවත්‍ථුං ඔලොකෙතුං, යෙ තත්‍ථ හොන‍්ති භික‍්ඛූ ව්‍යත‍්තා පටිබලා සාරම‍්භං අනාරම‍්භං සපරික‍්කමනං අපරික‍්කමනං ජානිතුං, තෙ යාචිත්‍වා සම‍්මන‍්නිතබ‍්බා. එවඤ‍්ච පන භික‍්ඛවෙ සම‍්මන‍්නිතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

භික්ඛු අභිනෙතබ්බා වත්‍ථුදේසනාය යනු: ඒ විහාරකාරක භික්‍ෂූහු විසින් විහාරවාස්තුව ශුද්ධ කොට සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම කරවා දෙන හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු අවලෝකනයට සඞ්ඝයා අයැදිමි’යි. දෙවන වට ද යැදිය යුතු ය. තෙවන වට ද යැදිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම ඉවසා නම් හැම සඞ්ඝයා විසින් බැලිය යුතු ය. ඉදින් හැම සඞ්ඝ තෙමේ විහාරවාස්තුව බැලීම නො ඉවසා නම් සෝපද්‍රව අනුපද්‍රව බව සෝපචාර අනුපචාර බව දැනගන්නට ව්‍යක්ත වූ ප්‍රතිබල වූ යම් භික්‍ෂු කෙනෙක් එහි වෙත් නම් ඒ භික්‍ෂූහු අයැද සම්මත කළ යුත්තාහ. තවද මහණෙනි, මෙසෙයින් සම්මත කළ යුත්තාය: ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං. සො සඞ‍්ඝං විහාරවත්‍ථුඔලොකනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමඤ‍්ච ඉත්‍ථන‍්නාමඤ‍්ච භික‍්ඛු සම‍්මන‍්නෙය්‍ය, ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං. එසා ඤත‍්ති.

‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හේ විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැදී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කරන්නේ ය. මේ ඤත්තිය යි’

“සුණාතු මෙ, භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං. සො සඞ‍්ඝං විහාරවත්‍ථුඔලොකනං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමඤ‍්ච ඉත්‍ථන‍්නාමඤ‍්ච භික‍්ඛූ සම‍්මන‍්නති, ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස ච ඉත්‍ථන‍්නාමස‍්ස ච භික‍්ඛූනං සම‍්මති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙමේ හිමියන් ඇති තමා උදෙසා වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තුව බැලීමට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කෙරෙයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාර වාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද භික්‍ෂූන් සම්මත කිරීම රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.

සම‍්මතා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො ච භික‍්ඛූ ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං ඔලොකෙතුං. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව බලන්නට මෙනම් වූ ද මෙනම් වූ ද මහණහු සම්මත කරණ ලද්දාහ. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙ යි. තෙල මෙසේ ධරමි’යි.

තෙහි සම‍්මතෙහි භික‍්ඛූහි තත්‍ථ ගන‍්ත්‍වා විහාරවත්‍ථු ඔලොකෙතබ‍්බං. සාරම‍්භං අනාරම‍්භං සපරික‍්කමනං අපරික‍්කමනං ජානිතබ‍්බං. සචෙ සාරම‍්භං හොති අපරික‍්කමනං, මායිධ කරීති වත‍්තබ‍්බො. සචෙ අනාරම‍්භං හොති සපරික‍්කමනං, සඞ‍්ඝස‍්ස ආරොචෙතබ‍්බං අනාරම‍්භං සපරික‍්කමනන‍්ති . තෙන විහාරකාරකෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා බුඩ‍්ඪානං භික‍්ඛූනං පාදෙ වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං සො’හං භන‍්තෙ සඞ‍්ඝං විහාරවත්‍ථුදෙසනං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො, තතියම‍්පි යාචිතබ‍්බො. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

ඒ සම්මත වූ භික්‍ෂූන් විසින් එහි ගොස් විහාරවාස්තුව බැලියයුතු ය. සොපද්‍රව බව නිරුපද්‍රව බව සෝපචාර බව අනුපචාර බව දතයුතු යි. ඉදින් සාරම්භ අපරික්කමන වේ නම් ‘මෙහි නහමක් කරා’යි කියයුත්තේ ය. ඉදින් අනාරම්භ සපරික්කමන වේ නම්, අනාරම්භය ය සපරික්කමන ය’යි සඞ්ඝයාට ආරොචන කළයුතු ය. ඒ විහාරකාරක මහණහු විසින් සඟුන් වෙත එළැඹ උතුරුසඟ එකස් කොට මහලුතෙරුන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. ‘වහන්ස, මම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තෙමි. වහන්ස, ඒ මම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයදිමි’යි. දෙවන වට ද යැදියයුතු ය. තෙවන වට ද යැදියයුතු ය. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං. සො සඞ‍්ඝං විහාරවත්‍ථුදෙසනං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං දෙසෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍යය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන්නේ ය. තෙල ඤත්තිය”යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු මහල‍්ලකං විහාරං කත‍්තුකාමො සස‍්සාමිකං අත‍්තුද‍්දෙසං. සො සඞ‍්ඝං විහාරවත්‍ථුදෙසනං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුං දෙසෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථුස‍්ස දෙසනා, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම සස්වාමික වූ ආත්මෝද්දේශ්‍ය වූ මහල්ලකවිහාරයක් කරණු කැමැත්තේ ය. හෙතෙම විහාරවාස්තු දේශනාවට සඞ්ඝයා අයැද සිටී. සඞ්ඝ තෙමේ මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසයි. යම් ආයුෂ්මතක්හට මෙනම් මහණහුගේ විහාරවාස්තුව දේශනාව රුචි වේ නම් හේ තූෂ්ණීම්භූත වන්නේ ය. යමක්හට නො රුස්නේ නම් හේ බණන්නේ ය.

දෙසිතං සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො විහාරවත්‍ථු. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙනම් මහණහුගේ විහාරවාස්තුව දෙසන ලදී. සඞ්ඝයාට රුචි වෙයි. එහෙයින් තූෂ්ණීම් වෙයි. තෙල මෙසේ ධරමි”යි.

සාරම‍්භං නාම: කිපිල‍්ලිකානං වා ආසයො හොති -පෙ- සංසරණනිස‍්සිතං වා හොති, එතං සාරම‍්භං නාම.

සාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද හෝ වේ. තෙල සාරම්භ නම.

අපරික‍්කමනං නාම: න සක‍්කා හොති යථායුත‍්තෙන සකටෙන අනුපරිගන‍්තුං, සමන‍්තා නිස‍්සෙනියා අනුපරිගන‍්තුං. එතං අපරික‍්කමනං නාම.

අපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට නො හැකි වෙයි. තෙල අපරික්කමන නම.

අනාරම‍්භං නාම: න කිපිල‍්ලිකානං වා ආසයො හොති -පෙ- න සංසරණනිස‍්සිතං වා හොති. එතං අනාරම‍්භං නාම.

අනාරම්භ නම්: කුහුඹුවන්ගේ හෝ බිලයෙක් නො වෙයි. ... යන එන මග ඇසිරි කරණ ලද්දේ හෝ නො වේ. තෙල අනාරම්භ නම.

සපරික‍්කමනං නාම: සක‍්කා හොති යථායුත‍්තෙන සකටෙන අනුපරිගන‍්තුං, සමන‍්තා නිස‍්සෙණියා අනුපරිගන‍්තුං. එතං සපරික‍්කමනං නාම.

සපරික්කමන නම්: ගොනුන් යෙදූ ගැලකින් සිසාරා යන්නට, හාත්පස හිණකින් සිසාරා යන්නට හැකි වේ. තෙල සපරික්කමන නම.

මහල‍්ලකො නාම: විහාරො සස‍්සාමිකො වුච‍්චති.

මහල්ලක නම්: සස්වාමික වූ විහාරය කියනු ලැබේ.

විහාරො නාම: උල‍්ලිත‍්තො වා හොති අවලිත‍්තො වා උල‍්ලිත‍්තාවලිත‍්තො වා.

විහාර නම්: ඇතුළත පිරියම් කරණ ලද්දේ හෝ පිටත පිරියම් කරණ ලද්දේ හෝ ඇතුළත පිටත පිරියම් කරණ ලද්දේ හෝ වේ.

කාරෙය්‍යාති කරොති වා කාරාපෙති වා.

කාරෙය්‍ය යනු: කෙරෙයි හෝ කරවා හෝ යි.

භික‍්ඛූ වා අනභිනෙය්‍ය වත්‍ථුදෙසනායාති ඤත‍්තිදුතියෙන කම‍්මෙන විහාරවත්‍ථුං න දෙසාපෙත්‍වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක‍්කටං. එකං පිණ‍්ඩං අනාගතෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තස‍්මිං පිණ‍්ඩෙ ආගතෙ, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

භික්ඛු වා අනභිනෙය්‍ය වත්‍ථුදේසනාය යනු: ඤත්තිදුතිය කර්‍මවදනින් විහාරවාස්තුව නොදෙසවා කෙරෙයි හෝ කරවා හෝ පියොව්හි පියොව්හි දුකුළා වෙයි. පැසුළු මැටිපිඬ නො පත් කල්හි ථුලැසිඇවැත් වෙයි. ඒ පිඬ පැමිණි කල්හි සඟවෙසෙස්ඇවැත් වේ.

සඞ‍්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො යනු ... එයිනු දු සඞ්ඝාදිසේස ය යි කියනු ලැබේ.

3. භික‍්ඛු විහාරං කරොති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන ද‍්වින‍්නං දුක‍්කටානං.

3. මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි.

භික‍්ඛු විහාරං කරොති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස.

මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති උපද්‍රව සහිත වූ උපචාර සහිත වූ විහාරයක් කරවා නම් සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි.

භික‍්ඛු විහාරං කරොති අදෙසිතවත්‍ථුකං අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස.

මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර රහිත වූ විහාරයක් කෙරේ හෝ කරවා නම් සඟවෙසෙස් සමඟ දුකුළාඇවැත් වෙයි.

භික‍්ඛු විහාරං කරොති අදෙසිතවත්‍ථුකං අනාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

මහණ තෙම නො දෙසූ ගෙබිම් ඇති අනුපද්‍රව වූ උපචාර සහිත වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.

භික‍්ඛු විහාරං කරොති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං.

මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි.

භික‍්ඛු විහාරං කරොති දෙසිතවත්‍ථුකං සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස.

මහණ තෙම දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.

භික‍්ඛු විහාරං කරොති දෙසිතවත්‍ථුකං අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස.

මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් දුකුළාඇවැත් වෙයි.

භික‍්ඛු විහාරං කරොති දෙසිතවත්‍ථුකං අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

මහණ තෙම දෙසූ ගෙබිම් ඇති අනාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙයි හෝ කරවා නම් ඇවැත් නැති.

භික‍්ඛු සමාදිසති ‘විහාරං මෙ කරොථා’ති. තස‍්ස විහාරං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.

4. භික‍්ඛු සමාදිසති ‘විහාරං මෙ කරොථා’ති. තස‍්ස විහාරං කරොන‍්ති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

4. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.

5. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. න ච සමාදිසති – ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. තස‍්ස විහාරං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

5. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළැඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වෙයි. අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.

6. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. න ච සමාදිසති – දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චාති. තස‍්ස විහාරං කරොන‍්ති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

6. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි නො ද අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.

7. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච – ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. තස‍්ස විහාරං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං. සො සුණාති: ‘විහාරො කිර මෙ කයිරති අදෙසිතවත්‍ථුකො සාරම‍්භො අපරික‍්කමනො’ති. තෙන භික‍්ඛුනා සාමං වා ගන‍්තබ‍්බං දූතො වා පාහෙතබ‍්බො, ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. නො චෙ සාමං වා ගච‍්ඡෙය්‍ය දූතං වා පහිණෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො චාති -පෙ- දෙසිතවත්‍ථුකො ච හොතු සපරික‍්කමනො චාති -පෙ- දෙසිතවත්‍ථුකො හොතූ’ති. නො චෙ සාමං වා ගච‍්ඡෙය්‍ය දූතං වා පහිණෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස.

7. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවන්නේත් වෙයි. ඔහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම මට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කෙරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා ම හෝ යායුතු ය. ‘දෙසූ ගෙබිම් ඇත්තේ ද අනාරම්භ ද සපරික්කමන ද වේව’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වෙයි. ... දේසිතවත්‍ථුක ද අනාරම්භ ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක ද සපරික්කමන ද වේවා’යි (දූතයකු හෝ නො යවා නම්) ... දේසිතවත්‍ථුක වේවා’යි ඉදින් තෙමේ හෝ නො යේ නම් දූතයකු හෝ නො යවා නම් දුකුළාඇවැත් වේ.

8. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච – ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. තස‍්ස විහාරං කරොන‍්ති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං. සො සුණාති: “විහාරො කිර මෙ කයිරති දෙසිතවත්‍ථුකො සාරම‍්භො අපරික‍්කමනො”ති. තෙන භික‍්ඛුනා සාමං වා ගන‍්තබ‍්බං දූතො වා පාහෙතබ‍්බො, අනාරම‍්භො ච හොතු සපරික‍්කමනො චා’ති -පෙ- අනාරම‍්භො හොතූ”ති -පෙ- සපරික‍්කමනො හොතූ”ති, -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

8. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඔහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. හෙතෙම ‘මට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයෙක් කැරේ ල’යි අසා නම් ඒ මහණහු විසින් තමා හෝ යායුතු ය. ‘අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි දූතයෙක් හෝ යැවිය යුත්තේ ය. ... අනාරම්භ වේවා’යි ... සපරික්කමන වේවා’යි ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.

9. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. තස‍්ස විහාරං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති කාරකානං තිණ‍්ණං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති කාරකානං ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති කාරකානං ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති කාරකානං දුක‍්කටස‍්ස.

9. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට අදේසිතවත්‍ථුක වූ සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට තුන් දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වේ.

10. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. සමාදිසති ච ‘දෙසිතවත්‍ථුකො ච හොතු අනාරම‍්භො ච සපරික‍්කමනො චා’ති. තස‍්ස විහාරං කරොන‍්ති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති කාරකානං ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති කාරකානං දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති කාරකානං දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

10. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. යළි ‘දේසිතවත්‍ථුක ද අනාරම්භ ද සපරික්කමන ද වේවා’යි අණවයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙත් නම් කරණුවනට දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) කරණුවනට දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.

11. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. තස‍්ස විහාරං කරොන‍්ති අදෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං. සො චෙ විප‍්පකතෙ ආගච‍්ඡති. තෙන භික‍්ඛුනා සො විහාරො අඤ‍්ඤස‍්ස වා දාතබ‍්බො, භින්‍දිත්‍වා වා පුන කාතබ‍්බො. නො චෙ අඤ‍්ඤස‍්ස වා දදෙය්‍ය භින්‍දිත්‍වා වා පුන කාරෙය්‍ය, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසෙන දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

11. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට නො දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් ඒ මහණ විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ වෙහෙර අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් සඟවෙසෙස් සමග දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස් සමග දුකුළාඇවැත් වෙයි. … අනාරම්භ වු සපරික්කමන වු (විහාරයක් කෙරෙත් නම්) සඟවෙසෙස්ඇවැත් වේ.

12. භික‍්ඛු සමාදිසිත්‍වා පක‍්කමති ‘විහාරං මෙ කරොථා’ති. තස‍්ස විහාරං කරොන‍්ති දෙසිතවත්‍ථුකං සාරම‍්භං අපරික‍්කමනං, සො චෙ විප‍්පකතෙ ආගච‍්ඡති. තෙන භික‍්ඛුනා සො විහාරො අඤ‍්ඤස‍්ස වා දාතබ‍්බො භින්‍දිත්‍වා වා පුන කාතබ‍්බො. නො චෙ අඤ‍්ඤස‍්ස වා දදෙය්‍ය භින්‍දිත්‍වා වා පුන කාරෙය්‍ය, ආපත‍්ති ද‍්වින‍්නං දුක‍්කටානං -පෙ- සාරම‍්භං සපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං අපරික‍්කමනං, ආපත‍්ති දුක‍්කටස‍්ස -පෙ- අනාරම‍්භං සපරික‍්කමනං, අනාපත‍්ති.

12. මහණ තෙම ‘මට විහාරයක් කරව’යි අණවා නික්ම යෙයි. ඕහට දෙසූ ගෙබිම් ඇති සාරම්භ වූ අපරික්කමන වූ විහාරයක් කෙරෙති. ඉදින් හෙතෙම විහාරය කොට අඩාළ කල්හි පැමිණේ නම් ඒ මහණහු විසින් ඒ විහාරය අනෙකක්හට හෝ දියයුත්තේ ය. බිඳපියා හෝ වටාලා කළයුත්තේ ය. ඉදින් අනෙකක්හට හෝ නො දේ නම් බිඳපියා හෝ වටාලා නො කරවා නම් දෙ දුකුළාඇවැතෙක් වෙයි. ... සාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ අපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) දුකුළාඇවැත් වෙයි. ... අනාරම්භ වූ සපරික්කමන වූ (විහාරයක් කෙරෙත් නම්) ඇවැත් නැති.

13. අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

13. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් කොට නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. තමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද තමා විසින් නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වෙයි. මෙරමා විසින් කොට අඩාළ කරණ ලද්ද මෙරමා ලවා නිමවා නම් සඟවෙසෙස්ඇවැත් වේ.

14. අනාපත‍්ති ලෙනෙ ගුහාය තිණකුටිකාය අඤ‍්ඤස‍්සත්‍ථාය, වාසාගාරං ඨපෙත්‍වා සබ‍්බත්‍ථ, අනාපත‍්ති උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

14. ලෙනෙහි, ගුහායෙහි, තණකිළියෙහි, අනෙකක්හට කරවා නම්, වාසාගාර තබා හැම තන්හි දැ යි ඇවැත් නැති. උන්මත්තකය හට, ආදිකාර්මිකයා හට ඇවැත් නැති.

විහාරකාරසික‍්ඛාපදං නිට‍්ඨිතං.

විහාරකාර ශික්‍ෂාපදය නිමි.